අවුන් සාන් සූකී උදාර බොදු රැජිණක්ද?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මේ දිනවල අන්තර්ජාලයේ වැඩියෙන්ම කථා වෙන මාතෘකාවන් අතර මියන්මාර අවුන් සාන් සූ කී යන්නද එකකි. 2017 වර්ෂයේ පටන් මියන්මාර මුස්ලීම් ජනතාව සමූල ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇයට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය පරීක්ෂණයක් ආරම්භ කිරීම එයට මූලික හේතුවයි.

ජාත්‍යන්තර මාධ්‍යයන් හි එලෙස ඇය සම්බන්ධයෙන් කථාබහ ආරම්භ වීමත් සමඟ අප රටේ මුස්ලීම් විරෝධී ගෝත්‍රවාදීන් ද විවිධ සටන් පාට තම සමාජ ජාලවල ඉදිරිපත් කරමින් ඇයට සහය පලකරන්න පටන්ගෙන ඇත. (එවැනි එක් සටන් පාඨයක් වන ඇය ‘උදාර බොදු රැජින’ යන්න මෙහි ලිපියේ මාතෘකාවට පදනම් කරගෙන ඇත.) මියන්මාරයේ ඇත්තට සිදුවන්නේ කුමක්ද?. එහි මුස්ලීම්වරුන්ගේ ඉරණම තීන්දු වූයේ කෙසේද?. යන්න කිසිවක් නොසොයා එසේත් නැත්නම් ඒ සියල්ල නොසලකා හැර ඇය බෞද්ධ කාන්තාවක් වීමත්, ඇය විසින් ඝාතනය වූ පිරිස මුස්ලීම්වීමත් පමණක් පදනම් කරගෙන මේ ආකාරයට පෝස්ට් දමන්නේ ජාතියක් කෙරෙහි තිබෙන වෛරය නිසා සහ ගෝත්‍රවාදී මානසිකත්වය නිසාම මිස මෙය බෞද්ධ ඉගෙන්වීමක් නිසා නොවන බව නම් මාහට පැහැදිලිව මෙහි පැවසිය හැක.

ඔවුනට බෞද්ධ ඉගෙන්වීම පිලිබදව දැනීමකුත් නැත. ඒ පිලිබදව තැකීමකුත් නැත. මන්ද ඔවුන්ගේ සිත් වෛරයෙන් කිලිටිවෙලාය. මුස්ලීම්වරුන්ගේ විනාශය දැක සතුටින් උද්දාමයට පත්වන තරමට ඔවුන්ගේ බුද්ධිය විකෘතිවෙලාය. මෙවැනි පිරිසගේ ක්‍රියාකලාපයන් හමුවේ මුස්ලීම්වරුන් කලබලවිය යුතුද නැත. මන්ද මුස්ලීම් විරෝධීන්ගේ හැසිරීම ඔය ආකාරය ගන්නා බව මීට වසර 1400 කට පෙර අපට පහත ආකාරයට අල්ලාහ් (දෙවි) ශුද්ධ වූ කුර්ආනය තුලින් පවසා ඇත. එනම්,

“විශ්වාසවන්තයණි! (මුස්ලීම්වරුනි) නුඹලාට කුමක් හෝ යහපතක් පැමිණියේ නම් ප්‍රතික්ෂේප කරන්නන් (ඉස්ලාම් විරෝධීන්) හට එය දුකක් ගෙනදෙන්නේය. නුඹලාට අයහපතක් සිදුවන්නේ නම් එය ප්‍රතික්ෂේප කරන්නන් හට සතුට ගෙනදෙන්නේය. නුඹලා (ඔවුන් සම්බන්ධයෙන්) ඉවසීමෙන් හා දෙවියන්ට අවනතව කටයුතු කලේනම් ඔවුන්ගේ කුමණ්ත්‍රන මඟින් නුඹලාට කිසිදු අයහපතක් සිදුකිරීමට ඔවුන් හට නොහැකි වනු ඇත. (ශුද්ධ වූ කුර්ආනය 3-120)

බුදුන් නොවදාල ක්‍රියා පිලිවෙතක් අනුගමනය කරමින් මනුෂ්‍යයන් සමූල ඝාතනයට අනුබල දෙන කාන්තාවක් ‘උදාර බොදු රුජිනක්’ වන්නේ කෙසේද? යන්න බුද්ධිමත් බෞද්ධ සමාජය විමසා බැලිය යුතුය. එම උදාර බොදු රැජින මියන්මාරය තුල සිදුකලේ කුමක්ද?. යන්න පිලිගතහැකි නිවැරදි කරුණු කිහිපයක් ඔබේ බුද්ධිමත් විමසුමට මෙතැන් සිට පහතින් පෙලගසන්න අදහස් කරමි. (මෙහි පහතින් ඉදිරිපත් කොට ඇත්තේ 2017 දෙසැම්බර් මාස දක්වා මියන්මාරය තුල සිදුවූ ක්‍රියාවලියේ සංඛ්‍යාලේඛන පමණි)

මෙම මියන්මාර ඛේදවාචකය ගෙන විස්තර වාර්ථා කරන ලොව ප්‍රකට ABC මාධ්‍ය වෙබ් අඩවිය ‘Rohingya death toll likely above 10,000, MSF says amid exodus’ යන ලිපියෙන් පහත කරුණු උපුටාගන්නා ලදී. එනම්,

  • අපගේ වඩාත්ම නිවැරදි තක්සේරුව වන්නේ මිනිසුන් 9,000 ත් 13,700 ත් අතර සංඛ්‍යාවක් මිය ගිය බවයි, ”MSF හි ඕස්ට්‍රේලියානු විධායක අධ්‍යක්ෂ පෝල් මැක්ෆුන් ABC මාධ්‍යට පැවසීය.
  • (තවදුරටත් ඔහු පවසයි) එයින් 71% ක් පමණ ප්‍රචණ්ඩකාරී ලෙස මිය ගිය බවයි. එනම්, ‘ඔවුන්ට වෙඩි තබා, පුළුස්සා මරා දමන ලද අතර, පැහැදිලිවම මෙය එම කාලය තුළ හමුදා මෙහෙයුමේ ප්‍රතිපලයකි’.
  • (ඔහු තවදුරටත් පැවසීමේ දී) ඉතිරි (ඝාතනය නොවී බේරුණු) අය සාගින්නෙන් හෝ වෙනත් හේතූන් නිසා පලා ගිය බව MSF පැවසීය.
  • තුවාල ලැබූවන් අතර අවම වශයෙන් වයස අවුරුදු පහට අඩු ළමුන් 1,000 ක් පමණ සිටින බව එම MSF සංවිධානය තවදුරටත් පැවසීය.
  • (මෙම විනාශකාරී මෙහෙයුම) එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එක්සත් ජනපදය මියන්මාරයේ ජනවාර්ගික පිරිසිදු කිරීමක් ලෙස විස්තර කර ඇති අතර එක්සත් ජාතීන්ගේ ඉහළ මානව හිමිකම් නිලධාරියා කියා සිටියේ හමුදාවේ ක්‍රියා ජන සංහාරයක් විය හැකි බවයි.
  • ‘අපි රෝහින්ග්‍යා වැසියන් සම්බන්ධයෙන් ඉතා කනස්සල්ලට පත්ව සිටිමු …’ යැයි මැක්ෆුන් මහතා පැවසීය.
  • ‘මිනිසුන් හුදෙක් තම ගම් අතහැර යාමට, ඔවුන්ගේ කෙත්වලට පිවිසීමට, වෙළඳපොළට යාමට පවා බිය වෙති. එහා මෙහා යන කිසිවෙකු නැති තරම්ය. (එහි මිනිසුන්ගේ) ජීවිත නතර වී ඇති බව ඔබට සැබවින්ම දැක ගත හැකිය.’
  • ජිනීවාහි ICRC මෙහෙයුම් අධ්‍යක්ෂ ඩොමිනික් ස්ටිල්හාර්ට් පැවසුවේ ‘එහි ජීවිත මං මාවත්වල නතර වී ඇති’ යනුවෙනි.

එසේම මියන්මාර ඛේදවාචකය ගෙන විස්තර වාර්ථා කරන තවත් වෙබ් අඩවියක් වන Independent වෙබ් අඩවිය ‘Rohingya crisis: Death toll of Muslims killed by Burmese army ‘may be extremely high’, says UN’ යන ලිපියෙන් පහත කරුණු උපුටාගන්නා ලදී. එනම්,

  • අසල්වැසි බංග්ලාදේශය තුළ ස්ථාපිත කර ඇති රෝහින්ග්‍යා වැසියන් සඳහා සරණාගත කඳවුරුවලට ගොස් 500,000 කට අධික පිරිසකට නිවාස ලබා දී ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නිලධාරීන් පැවසුවේ බුරුමයේ බටහිර රාඛයින් ප්‍රාන්තයේ මිලිටරි මෙහෙයුම ‘මානව හිමිකම් උල්ලංගනය කිරීම්වල ප්‍රතිපලයක් බවයි.’
  • කලාපයේ භූමිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විමර්ශකයින්ගේ ප්‍රකාශය නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ නිලධාරීන් ප්‍රකාශ කිරීමේදී බුරුමයේ නායක අවුන් සාන් සූ කී ගේ ස්ථාවරය නිසා ඔවුන් ‘අවුල් සහගත තත්වයකට පත්ව ඇතැයි’ ප්‍රකාශ කළහ. රාජ්‍ය උපදේශක තනතුර දරන නොබෙල් ත්‍යාගලාභියා ප්‍රචණ්ඩත්වය දැඩි ලෙස හෙළා දැකීමට හෝ එය නැවැත්වීමට ක්‍රියා නොකිරීම එහි විවේචනයට ලක්විය.

එසේම මියන්මාර ඛේදවාචකය ගෙන විස්තර වාර්ථා කරන තවත් වෙබ් අඩවියක් වන The Guardian වෙබ් අඩවිය ‘6,700 Rohingya Muslims killed in one month in Myanmar, MSF says’ යන ලිපියෙන් පහත කරුණු උපුටාගන්නා ලදී. එනම්,

  • (2017) අගෝස්තු මාසයේ මියන්මාරයේ උතුරු රාඛයින් ප්‍රාන්තයේ ආරම්භ වූ මර්දනයක පළමු මාසයේ දී අවම වශයෙන් වයස අවුරුදු 5 ට අඩු ළමුන් 730 ක් ද ඇතුළුව රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් 6,700 කට වැඩි පිරිසක් ඝාතනය වූ බව මැඩෙසින්ස් සැන්ස් ෆ්‍රොන්ටියර්ස් පවසයි.
  • (තවදුරටත් ඔහු පැවසීමේ දී) ‘ඝාතනයට ලක්වූවන්ගෙන් බහුතරයක් (69%) වෙඩි තබා ඝාතනය කොට ඇති අතර අනෙක් අය පුළුස්සා මරා දමා ඇත. (ඒ අතුරින්) ‘මුළු පවුලම නිවෙස්වලට කොටු වී මියගිය පසු ඔවුන් මියගිය බවට වාර්තා ද අපට අසන්නට ලැබුණි.’
  • අගෝස්තු මාසයේ සිට රෝහින්ග්‍යා වැසියන් 640,000 කට වැඩි පිරිසක් රාඛයින් වෙතින් පලා ගොස් ඇත. සොල්දාදුවන්, පොලීසිය සහ ප්‍රාදේශීය මිලීෂියාවන් විසින් රොහින්ග්‍යා ගම්මාන සිය ගණනක් ගිනිබත් කරන ලද බව වාර්තා වේ.
  • ඒ අතුරින් කාන්තාවන් සහ ළමයින් සමූහ දූෂණය කිරීම මෙන්ම සිවිල් වැසියන් අවිචාරවත් ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.
  • මෙම සංඛ්‍යාලේඛන ජාත්‍යන්තර ප්‍රජාවේ හෘද සාක්ෂිය කම්පනය කළ යුතු අතර වගකිවයුත්තන් වගකිව යුතු අතර මෙම හිංසාවන් පිටුපස සිටින අයට සම්බාධක පැනවිය යුතුය.

ඉහතින් ඉදිරිපත් කොට ඇත්තේ 2017 දෙසැම්බර් දක්වා මියන්මාරය තුල මුස්ලීම් ප්‍රජාවට අත්වූ ඉරණමයි. (මේ පිලිබදව මීට ඉහත දීර්ඝ ලෙස මෙම අඩවිය තුල කරුණු සාකච්චා කොට ඇත.) මෙම ඉහත කරුණ හුදෙක් සමාජ ජාලවල ඉදිරිපත් කරන්නා සේ පදනම් විරහිත මඩ ප්‍රචාරයන් නොවේ. වගකීමක් ඇතුව වාර්ථාකරණයේ නියලෙන ප්‍රධාන මාධ්‍යයන් හි වෙබ් අඩවිවලින් උපුටාගත් තොරතුරුය. (වැඩි විස්තර සදහා වෙබ් ලින්ක් (Link) ද ඉහතින් දී ඇත.)

දැන් ඔබේ හදවතට අත තියා පවසන්න ඉහත ක්‍රියාදාමය මනුෂ්‍යයෙකු ලෙස ඔබ අනුමත කරනවාද?. එම ක්‍රියාදාමයට නායකත්වය දෙන අවුන් සාන් සූ කීව ඔබ උදාර බොදු රැජිනක් ලෙස දකිනවාද? නොඑසේ නම් යක්ෂණියක් ලෙස දකිනවාද?. එය ඔබේ මානසින් විමසා ඔබම විසදාගතයුතු පැනයකි. එම තීන්දුව ඔබට ම භාරකරමින් මෙම ලිපියට විරාමය තබමි.

සාරාංශය ලෙස,

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/4

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම