අස්ථිර සුසුමට ස්ථීර අරුතක් එක් කරමු

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ඔබේ ජීවිත කාලයේ ඔබ ගොඩනඟන සිහින හා බලාපොරොත්තු සියල්ල සුනුවිසුනු කරමින් ඔබව නිසල කරන කවදා හෝ සත්‍ය වන ‘මරණය’ පිලිබදව කොතරම් දුරකට ඔබ සිතා තිබේද?. ‘ජීවිතං අනියතං මරණං නියතං’ (බුදුදහම), ‘සියළු ආත්මාවන් මරණය භුක්ති විදින්නෝමය’ (ඉස්ලාම්)… යනාදී ලෙස ලොව සෑම දහමක් දර්ශනයක්ම අවවාද කරන මේ මරණය සදහා අපෙන් කීයෙන් කීදෙනෙකු සූදානම්ද?. කුමණ දහම ඇදහූවත්, කුමණ ප්‍රතිපත්තියක ජීවත් වූවත් මරණය හා එය ළඟාවන මොහොත කිසිවකුටත් මඟහැරිය නොහැක. ඒ ලෝක සත්‍යයට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මුහුණදිය යුතුමය.

මෙය අල්කුර්ආනයේ එක්තරා ස්ථානයක අල්ලාහ් (දෙවි) මෙසේ පවසයි.

   …සෑම ජන සමාජයකටම නියමිත කාලසීමාවක් ඇත. ඔවුන්ගේ කාලසීමාව පැමිණියහොත් ඔවුනට එක් පැයකින්වත් පමා වීමට හෝ ඉක්මන් වීමට නොහැකිය…

අල්කුර්ආනය 7-34

එවන් වූ එම මරණය අපිව ඩැහැගන්නා මොහොත දක්වා එයට සූදානම් වීමේ අවස්ථාව අප ජීවිතයට හිමිය. එම ජීවිතය අරුථවත් ලෙස ජීවත් වී මරණින් මතුවට උත්තරීතර සදාතනික ජීවිතයක් හිමි කරගන්නවාද? නොඑසේ නම්, තවදුරටත් අර්ථ විරහිත අරමුණක් නැති ජීවිතයක් ලෙසම ඉතුරු ආයුකාලයත් ගෙවා දමනවාද? යන්න සෑම කෙනෙකුම බුද්ධිමත්ව විමසා බැලිය යුතුම කාරණයකි.

මෙතැනදී විශේෂයෙන් කිවයුතු කාරණයක් ඇත. එනම්, ඉහත ආකාරයට සටහනක් අද මෙහි ලියන්නටත්, ඔබෙන් ඉහත සදහන් ආකාරයේ පැනයන් විමසන්නටත්, මා පෙළඹ වූ විශේෂ හේතුවක් ඇත. ඒ පසුගිය දිනක අන්තර්ජාලය තුල මා නෙත ගැටුණු පිංතූරයකි.

එම පිංතූරය මෙසේය…

ඉහත පිංතූරයෙන් දැක්වෙන්නේ සොහොන් බිමක සොහොනක් මත සවිකොට තිබෙන පලකයකි. එය සාමාන්‍ය පලකයක් ලෙස පෙනුනත් එහි සටහන් දින පිලිබදව බුද්ධිමත් අවදානය යොමු කලේනම්, ඒ තුල ගැබ්ව ඔබ තේරුම් ගතයුතු වටිනා පණිවුඩයක් ඇත.

1926/12/23 දින උපත ලබන Winifred Adele නම් ඇය අවුරුදු 96 ක කාලයක් ජීවත් වී 2021/09/21 දින මිය යයි. මෙහි විශේෂ කාරණය එය නොවේ. ඇයගේ ජීවිත කාලයේ අවුරුදු 96 ක් පුරාවට ඇය විසින් පිලිපදින ලද දහම හෝ දර්ශනය ප්‍රතික්ෂේප කොට අවසාන දින කිහිපය තුල එනම්, මියයාමට දින 21 කට පෙර (2021/08/30 දින) ඇය ඉස්ලාම් දහම වැලඳ ගැනීමයි. අල්ලාහ් (දෙවි) ඇයට ස්වර්ගයේ උතුම් ස්ථානයක් ලබා දෙත්වා!,

මේ තුලින් පැහැදිලි වන්නේ අප මෙතෙක් කවර ආකාරයට ජීවත් වූවත්, කොතෙක් කල් ජීවත් වී තිබුණත්, තවමත් අපේ හුස්ම වැටේ නම්, යහපත් තීන්දුවකට අප තවම ප්‍රමාද නොවන බවයි. ඉහත පලකයේ සදහන් අල්කුර්ආන් වාක්‍යය මඟින් අල්ලාහ් (දෙවි) මිනිස් සමාජයට අවවාද කරන්නේත් එයයි.

   සැනසුම් ලත් ආත්මයණි !, නුඹ, නුඹගේ දෙවි (අල්ලාහ්) කෙරෙහි තෘප්තියට පත්වු තත්වවයෙන්ද, (අල්ලාහ් (දෙවි) වන) ඔහු නුඹ කෙරෙහි තෘප්තියට පත්වූ තත්ත්වයෙන්ද ඔබ ඔබගේ රක්ෂිතයා වෙත හැරී එන්න. මාගේ ගැත්තන් හා ඔබත් එක්වන්න. තවද නුඹ මාගේ ස්වර්ගයටද ඇතුල් වන්න (යයි දෙවි පවසයි).
   O soul that art at rest!, “Return to your Lord, well-pleased (with him), well-pleasing (Him),”. “So enter among My servants,” And enter into My garden.

අල්කුර්ආන් 89-27 to 30

දෙවියන්ගේ තෘප්තිය දිනාගත්, දෙවියන් කෙරෙහි තෘප්තියෙන් ජීවත් වී මියයාමට නම්, දෙවියන්ගේ ආශිර්වාදය අපට අත්‍යඅවශ්‍යය. එම ආශිර්වාදය දෙවියන් අපට ලබාදෙත්වා!, යයි ප්‍රාර්ථනනාව කරන ගමන් අවසාන වශයෙන් කිවයුතු කාරණයක් ඇත. එනම්, ‘බලන්න මේ මොහොතේ ඔබේ නාඩි වැටෙනවාද? කියා, තවමත් එසේ නාඩි වැටේ නම් ඉක්මණින් ඉන්න තැන හා යන මාර්ගය හරිද? යන්න නැවත පරීක්ෂා කර නිවැරදි කරගන්න. මොකද මරණය ඔබ ආසන්නයේම විය හැක’ යන්නයි. එම පණිවුඩය ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් මෙම ලිපිය අවසන් කරන්නේ විශාරද නන්දා මාලනී මහත්මිය පවසනවා සේ අස්ථිර සුසුමක් නැවත නොගන්නට සුළඟට දන් දීම මරණයයි. ඒ හිස් සුසුමට අරුතක් එක්කර මරණය උත්තම පූජාවක් කරනවාද? නැද්ද යන්න තීරණය කිරීම ඔබටම බාරයි.


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/28

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම