අහස හා පොළොව – අල්කුර්ආනීය විමසුමක්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


මෙම අඩවියේ තේමාව ‘ඇදහීමට හෝ පිලිගැනීමට නොව බුද්ධිමත් විමසුමට…’ යන්න ‘යහමග‘ පාඨක ඔබ දැන් හොදින් දන්නා කාරණයකි. ‘ආගමක්’ ගැන හෝ එහි ඉගෙන්වීමන් පිලිබදව කථා කරන විට මනුෂ්‍ය බුද්ධියට 100% ගෝචර වන ආකාරයට කිසිදු ආගමකට කිසිවිටෙක කථා කල නොහැක. ඉස්ලාම් දහමට ද එම කාරණය පොදුය. නිදසුනක් ලෙස ඉස්ලාම් දහමේ ‘මූලික විශ්වාසයන්’ සදහන් කලහැක. නමුත් යම් යම් සීමවාන්ට යටත්ව වූවත් මනුෂ්‍ය බුද්ධියට ගෝචර බොහෝ දෑ ඉස්ලාම් දහම තුල කථා කලහැකිව ඇත. එවැනි බොහෝ මාතෘකාවන් විටින් විට සාකච්චා කර ඇති ආකාරය ද මෙම අඩවිය හොදින් අධ්‍යනය කරන ඕනෑම කෙනෙකුට දැකගත ද හැක. ඒ අනුව එහි තවත් පියවරක් ලෙස ශුද්ධ වූ කුර්ආනයේ ඉගෙන්වීම පදනම් කරගෙන යහමඟ ට කාලීන විශයක් වී තිබෙන ‘අහස හා පොළොව’ යන මාතෘකාව ඔස්සේ ඔබේ බුද්ධිමත් විමසුමට කරුණු කිහිපයක් මෙහි පහතින් පෙලගසන්නට අදහස් කරමි.

ශුද්ධ වූ කුර්ආනය ඔබේ බුද්ධිමයට කරන ආයාචනය…

අහස්වල හා මහපොළොවේනිර්මාණයෙහිද දිවාරාත්‍රි මාරුවීමෙහිද මනුෂ්‍ය වර්ගයාගේ යහපත සඳහා (බඩුබාහිරාදිය පුරවා ගත්) සමුද්‍ර තරණයෙහි යෙදෙන යාත්‍රාවලද අල්ලාහ් (විසින්)අහසින් පහළ කරන ජලයෙහිද (මහපොළොව වියළි) මළ පසු එමගින් (වැසි ජලයෙන්) යළිපණ ගැන්වීමෙන් ද තවද, එහි විසුරුවා හැර ඇති සියලූම සතුන් කෙරෙහිද සුළඟ ඔබමොබ යැවීමෙහිදීද අහස හා මහපොළොව අතර (අල්ලාහ්ගේ ආඥාවට යටත්ව ක්‍රියාකාරීවීමට) සූදානම් කරන ලද මේඝයන්හිද නියත වශයෙන්ම බුද්ධිමත් අයට සංඥාවන් ඇත.

ශුද්ධ වු කුර්ආනය 2-164

අහස් සහ මහපොළොව මැවීමෙහිත් දිවා රාත්‍රි පරස්පරානුගමනයෙහිත් මනා සිහි බුද්ධියෙන් පසුවන අයට නියත වශයෙන්ම සංඥාවන් (බොහෝ) ඇත.

ශුද්ධ වු කුර්ආනය 3-190

නියතවශයෙන්ම දිවාරාත්‍රිය මාරුවීමෙහිද අහස්වල සහ මහපොළොවෙහි අල්ලාහ් නිර්මාණය කළ දෑවලද (සත්ය‍යෙන් බැහැර වීමෙන් වැළකී සිටින) බියබැතිමත් ජනයාව (ආයාත්) සංඥා ඇත.

ශුද්ධ වු කුර්ආනය 10-6

එසේම, අහස්හි සහ මහපොළොවෙහි ඇති සංඥා බොහෝය. ඔවුහු ඒවා ගැන කිසිම තැකීමක් නැතිවඒවා පසුකර යති.

ශුද්ධ වු කුර්ආනය 12-105

නුඹලාට එය පෙනෙන පරිදිකුළුණු නොමැතිව අහස් එසෙව්වේ අල්ලාහ්ය. ඉන් පසුව ඔහු (අර්ෂ්) රාජාසනයෙහිඅසුන්ගත්තේය. තවද ඔහු ඉරත් සඳත් (තම පාලනයට) යටත් කළේය. (විශ්වයේ පවතින) සෑමදෙයක්ම (තම කටයුතු පවත්වාගෙන යන්නේ) නියමිත කාලයකටය. ඔහු පාලනය විධානයකරන්නේය. නුඹලා නුඹලාගේ රබ්(පරමාධිපති පරලොවදී) සම්මුඛ වීම ගැන ස්ථීරලෙසින් දැනගනු පිණිස ඔහු(ඔහුගේ) ආයාත්(වදන්-සංඥා) පැහැදිළි කරන්නේය.

ශුද්ධ වු කුර්ආනය 13-2

මහපොළොව දිග හැර ඒ තුළ නොසැලෙන කඳුද (ඒ මත) ගංගාද (ගලා යෑමට) සැලස්වූයේඔහුය. තවද සියලු පළතුරු(ගෙඩි) ජෝඩු දෙක බැගින් සැලස්වූයේය. ඔහු දහවලරාත්‍රියෙන් වසන්නේය. නියත වශයෙන්ම වටහා ගන්නා පිරිසට මේවායෙහි (වැදගත්)සංඥා තිබේ.

ශුද්ධ වු කුර්ආනය 13-3

මිහිපිට එකිනෙකට ළංව වෙනස් වෙනස් කලාප තිබේ. තවද මිදිවලින් පිරි වතුදකෙත්වතුද තනි කඳ ඇති සහ තනි කඳ නැති රට ඉඳි(රුක්ගොමු) තිබේ. මේ සියල්ල එකමජලයෙන් පෝෂණය කරනු ලබයි. නමුත් අපි එයින් ඇතැම් ඒවා අනිකුත් ඒවාට වඩාඅනුභවයෙන් විශිෂ්ඨ බවට පත් කරමු. නුවණැති ජනතාවට මෙහි සංඥා තිබේ.

ශුද්ධ වු කුර්ආනය 13-3

මිහිපිට ඇති දෑනියතවශයෙන් අල්ලාහ් නුඹලාට වසඟ කරදී ඇති බවද, ඔහුගේ අණට යටත්ව මුහුදේ නැවයාත්‍රා කරන බවද නුඹ නුදුටුවෙහිද? ඔහුගේ අවසරයෙන් මිස එය මහපොළොව මතනොවැටෙන සේ ඔහු අහස රදවා ගන්නේය. නියතවශයෙන් අල්ලාහ් මිනිසුන්ටසානුකම්පිතය. අසමසම කරුණාන්විතය.

ශුද්ධ වු කුර්ආනය 22-65

අහස්ද භූමියද උත්පාදනයකර තිබීමද, ඔබගේ භාෂාවන්ද, වර්ණයන්ද වෙනස් වී තිබීමද, ඔහුගේ සාධකයන්ගෙන්ඇති දැයයි. මෙහිද බුද්ධිමත් අයට නියත වශයෙන්ම (බොහොමයක්) සාධකයන් ඇත්තේය.

ශුද්ධ වු කුර්ආනය 30-22

අහස්ද, භූමියද උත්පාදනයකර තිබීමද, ඒවායෙහි සතුන් (ආදී බොහොමයක් ජීවීන්)ද (ඒ මේ අත) විසිරුවා හැරතැබීමද, ඔහුගේ ප්‍රාතිහාර්යයන්ගෙන් වූ දැයයි. එබැවින් ඔහු කැමතිඅවස්ථාවන්හිදී (ඒවා මරණයට පත් වූ පසුද) ඒවා ඒකරාශී කිරීමට බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය.

ශුද්ධ වු කුර්ආනය 42-29

විශ්වාසවන්තයින්ට අහස්හි හා භූමියෙහි නියත වශයෙන්ම (බොහෝ) සාධකයන් ඇත්තේය.

ශුද්ධ වු කුර්ආනය 45-3

තවද (ඒ අන්දමටම)අහස්හිද, භූමියෙහිද ඇති සියල්ලම ඔහු තමන්ගේ දයාවෙන් ඔබට (ඔබගේ යහපත සඳහාහරි හම්බ කරන මෙන්) පාලනය කර තබා ඇත්තේය. සිතා පරිශීලණය කරන ජනතාවට නියතවශයෙන්ම මෙහි (බොහෝ) පාඩම් ඇත්තේය.

ශුද්ධ වු කුර්ආනය 45-13

අහස් සහ මහපොළොවදනිර්මාණය කළේ අල්ලාහ් යැයිද එය නිර්මාණයෙහි ආයාශ නොවූ ඔහු මළවුන්ට ජීවයදෙන්නට ශක්තිය ඇත්තෙකු යැයිද ඔවුහු නොදක්නෝද? නියතවශයෙන් ඔහු සියලු දෑකෙරෙහි බලසම්පන්නයැ.

ශුද්ධ වු කුර්ආනය 46-33

අවංක විශ්වාසීකයින්ට මහපොළොවෙහි සංඥාවන් ඇත.

ශුද්ධ වු කුර්ආනය 51-20

ඔහුම අහස් හතම එක පිටඑකක් වශයෙන් නිර්මාණය කර ඇත්තේය. (මිනිසාණෙනි!) රහ්මාන්ගේ උත්පාදනයන්හි ඔබකිසියම් අඩුපාඩුකමක් නොදකින්නෙහිය. නැවතත් (එය අවධානය කර) බලනු. (එහි)කිසියම් භේදයක් ඔබ දකින්නෙහිද?

ශුද්ධ වු කුර්ආනය 67-3

අහස් හතද, තට්ටු මත තට්ටුව වශයෙන් කෙසේ නම් අල්ලාහ් උත්පාදනය කර ඇත්තේද, යන්න ඔබ අවධානය කළේ නැද්ද?

ශුද්ධ වු කුර්ආනය 71-15

යහමග අඩවිය තුල බොහෝ විට ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් හා ශුද්ධ වූ හදීසයන් පදනම් කරගෙන කිසියම් මාතෘකාවක් ඔස්සේ දීර්ඝ ලිපි ඉදිරිපත් කරනවා යන්න ඔබ හොදින් දන්නා කරුණකි. නමුත් එම සම්ප්‍රදාය බිඳමින් ඒ වෙනුවට කිසියම් මාතෘකාවක් පදනම් කරගෙන ඒ පිලිබදව ශුද්ධ වූ කුර්ආනය තුල සදහන් වන්නේ කුමක්ද? යන්න ඔබේ බුද්ධිමත් විමසුමට ඉහත ආකාරයට ඉදිරිපත් කරමි. මෙලෙස ඉදිරිපත් කරන වාක්‍යයන් සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යනයන් කිරීමට ඔබ අදහස් කරන්නේ නම්, ඒ සදහා ‘ශ්‍රී- කුර්ආන්’ අඩවියට පිවිසෙන ලෙස ආරාධනා කරමින් මෙම ලිපියට විරාමය තබමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/26

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම