ආගම්වලට එරෙහිව මාධ්‍ය හසුරුවීම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


පසුගිය දින කිහිපයක ස්වර්ණවාහිණි Live@8 පුවත් විකාශය තුලින් විකාශනය වූ ප්‍රවෘත්ති කිහිපයක් ඔබගේ බුද්ධිමත් අවධානයට යොමු කිරීමට කැමැත්තෙමි. ඒ මෙසේය……..

ඉහත විඩියෝ දර්ශනය කිහිපය නැරඹු ඔබ පහත කරුණු වෙතද බුද්ධිමත් අවධානය යොමු කරන්නේ නම් මැනවි,

වර්ථමානයේ ශ්‍රී ලාංකීය සමාජයේ බහුතරය වන බෞද්ධ ප්‍රජාව අතුරින් සමහරක් පිරිස් තම බෞද්ධකම එසේත් නැත්නම් තමාගේ තිබෙන බෞද්ධ ලැදි බව පෙන්වීම‍ට යොදාගන්නා නූතන උපක්‍රමය තමා අනිකුත් දහමන් කවර ආකාරයකට හෝ විවේචනය කිරීම. බහු ආගමිකයන් ලෙස දීර්ඝ කාලයක් මුළුල්ලේ මේ දෙරණ මත එකම ශ්‍රී ලාංකීකයන් ලෙස ජීවත් වූ අප මෑතකාලීනව බිහිවූ ජාතිවාදී හා ආගම්වාදී සංවිධාන හා දේශපාලන පක්ෂ ක්‍රියාකාරීත්ව හේතුවෙන් අද වනවිට සමාජය තුල විවිධ බෙදීම් නිර්මාණය වෙමින් පවතී. මෙය රටක් ලෙස ගත්තද ජාතියක් ලෙස ගත්තද අවාසනාවන්ත තත්වයකි. මෙවැනි පිරිස් හා සංවිධාන පිලිබදව බුද්ධිමත් ජනතාව අවබෝධයෙන් කටයුතු කලයුතුය. මෙහි භයානකම තත්වය වන්නේ මෙවැනි කටයුතුවල ආගමික පූජකවරැන් සෘජුවම සම්බන්ධ වී සිටීම හා එවැනි පිරිස් සදහා පුළුල් ප්‍රචාරයක් හා සහයෝගයක් මාධ්‍යයන් තුලින් ලබාදීමයි. එවැනි එක් මාතෘකාවක් තමා ‘සත්ව ඝාතනය‘ මාංශ අනුභවය හා සත්ව ඝාතනය යනු මෑතකාලීනව ශ්‍රී ලංකාව තුල සොයාගත් නව සොයාගැනීමක් නොවේ. මෙය අතීතයේ සිට ලාංකීය සමාජය තුල පැවතී කටයුත්තකි. නමුත් වර්ථමානයේ එය මහා වරදක් ලෙසත්, මෙය සිදුකරන්නන් බෞද්ධ විරෝධීන් ලෙසත්, ඔවුන් බුදුදහමට අපහස කරන බවත් සමාජයට හේතු ගැන්වීමට ඉහත පිරිස උත්සාහ කරයි. එයට සමහරක් මාධ්‍යයන් පවා සෘජු දායකත්වය ලබාදෙයි.

අතීතයේ පටන් මාංශ අවශ්‍යතාවයන් සදහා මෙන්ම ආගමික අවශ්‍යතාවයන් සදහා ද ශ්‍රී ලාංකීය සමාජය තුල සතුන් ඝාතනය වුවා යන්න කිසිවකුටත් ප්‍රතික්ෂේප කල නොහැක. එසේ තිබිය දී අද එවැනි ක්‍රියාදාමයන්ට බාධා සිදුකිරීම අන්තවාදී ක්‍රියාවකි. තමන් අකමැති නම් එවැනි ක්‍රියාදාමයන්ගෙන් වැලකීසිටීම තමා කලයුතු වන්නේ එසේ නොමැතිව තවත් කෙනෙකුගේ අයිතීන් උදුරාගැනීම නොවේ. මෙවැනි බාධා කිරීමේ ක්‍රියාවන් කිසිදු දහමක් අනුමත නොකරයි. උදාහර්ණයක් ලෙස පසුගිය දිනක ‘මුන්නේෂ්වරම්‘ කොවිලේ සිදුවූ සත්ව ඝාතනයට තමන් එකඟ ‍නැත්නම් කලයුතු වන්නේ ඉන් වැලකී සිටීමයි. එසේ නොමැතිව තම (අනුගාමිකයන් ඉදිරියේ පමණක් සිදුකල ඔවුන්ගේ එම ක්‍රියාවන්) රූප ගතකොට එය මාධ්‍යයන් තුලින් විකාශනය කරමින් මෙවැනි ක්‍රියාවන් ප්‍රසිද්ධියේ සිදුකිරීම හෙලාදකින බව මාධ්‍ය ප්‍රකාශන නිකුත්කිරීම හාස්‍ය ජනක මෙන්ම අසාධාරණ ක්‍රියාවකි.

මෙවැනි ක්‍රියාවන් අද සමාජයේ කොතරම් සාමාන්‍ය කාරණයන් බවට පත්වෙලාද යයි පවසනවා සමාජ අපරාධවල නිරතවන්නන් පවා මෙවැනි හෙලාදැකීම් සිදුකරමින් බණ කියන තත්වයට පත්ව ඇත. වර්ථමාන ලාංකීය බෞද්ධ සමාජය සැලකූවිට ඔවුනට ඇති එකම ප්‍රශ්නය මේ “සත්ව ඝාතනය හා මාංශ අනුභවය” නොවේ. මාංශ අනුභවය පිලිබදව ස්වාමිණ්වහන්සේලා අතර පවා ඇත්තේ තවම නොවිසදුනු පැනයකි. නමුත් ඊට අමතරව දිනෙන් දින සමාජය ගිලගන්නා මනුස්සකම නොහදුනන බෞද්ධ විරෝධි ක්‍රියාවන් ඕනෑ තරම් අප සමාජයේ දක්න‍ට ඇත. උදාහර්ණයක් ලෙස ‘දුප්පත් පවුල්වල දහඩිය මහන්සිය පමණක් නොව ඔවුන්ගේ ලේ උරාබොන ගිනිපොලී ව්‍යාපාර‘ (උකස් ව්‍යාපාර) මේවා රාජ්‍ය අනුග්‍රහය ඇතුව මෙන්ම නැතුවද රටතුල විවිධ නම්වලින් ජයටම සිදුවේ. මේවා පිලිබදව කිසිවකුටත් කිසිදු තැකීමක් නැත. විශේෂයෙන් සතුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනීසිටින, මනුස්සකම ඉහවහා ගිය මේ මාධ්‍යයන්ට මේ අසරණ මිනිසුන්ගේ අසරණකම අවස්ථාවක් කරගෙන ඔවුන්ව සූරාකන උකස් ව්‍යාපාරයන් වැනි ආගම් විරෝධි ව්‍යාපාර අවබෝධ නොවන්නේ ඇයිද? රටම වෙලාගෙන සූරාකන මෙවැනි සමාජ අසාධාරණ නොපෙනෙනවා නොවේ. ඒ පිරිසගේ අරමුණ මුදල් හම්බ කිරීම පමණි. ඒ සදහා අවශ්‍ය වූ විටෙක ආගම දහමත් අලෙවි කරනවා පමණි. මෙය පොදු ජනතාව පැහැදිලි ලෙස වටහාගත යුතුය.

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ මේ සියල්ල තුලින් පැහැදිලි වන එකම කාරණය ඉහත පිරිසගේ අරමුණ සත්ව කරුණාව නොව කෙසේ හෝ අබෞද්ධයන්ගේ ඇදහිලි හා වතාවත්වලට එරෙහිව නැඟීසිට රටේ බහුතර කැමැත්ත දිනාගැනීම පමණි. මා පවසන එම සත්‍යය අවබෝධ කරගන්න මහත් පරියේෂණ සමීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය නොවේ. සත්ව ඝාතනය වෙනුවෙන් හඬ නගන ඔබගේ ඊයේ දවසේ බත් පිඟානේ තිබූ මාළු කෑල්ල හෝ මස් කෑල්ල ඊට හොදම සාක්ෂි වනු ඇත.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/17

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම