ආගමික ඉගෙන්වීමන්ගෙන් බැහැරව ක්‍රියා කිරීම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


“මුස්ලීම් ජන සමුහයක් අල්ලාහ් දෙවියන්ටත් ඔහුගේ වක්තෘවරයා (මුහම්මද් (සල්) තුමාණන්)ටත් කීකරුව එම මාර්ගය (ඉස්ලාම් පෙන්වා දෙන මාර්ගය) අනුගමනය නොකරන්නේ ද එවැනි ජන සමුහයක් හට හතුරන් ‘කාෆිර්වරුන්ගෙන්’ (ඉස්ලාම් විරෝධින්) ඇති කරනු ලබයි. ඔවුන් මොවුන් සතු සියල්ල (වස්තුව, බලය, දේපල, පාලනය…) උදුරාගනු ඇත.”

දන්වන්නේ :- අබ්දුල්ලාහ් ඉබුනු අම්ර් (රලි), ග‍්‍රන්ථය :- ඉබුනුමාජා 4019

ඉහත මෙම කාරණය ද මුස්ලීම්වරුන්ට පමණක් සුවිශේෂ වු අනාවැකියකි. වර්ථමානයේ ලොව බොහෝ ආගම් හා දර්ශන මුහුණදෙන ප්‍රධාන ඛේදවාචකයක් තමා පිවිතුරැ දහමින් ජනතාව දුරස් වී විවිධ පුද්ගල මත ඔස්සේ ජනතාව පෙලගැසීම. මෙම අවාසනාවන්ත ඉරණමට ඉස්ලාම් දහමත් ගොදුරැ වී ඇත. ඉස්ලාම් භක්තිකයන් යයි පවසාගන්නා බොහෝ සත්‍ය දහමින් බැහැරව විවිධ මිත්‍යාවන් හි ජීවත්වෙමි සිටී. ඔවුන් හට අල්ලාහ් (දෙවියන්) පහල කල ශුද්ධ වූ කුර්ආනය පිලිබදව අවබෝධයක් නැත. අවසාන වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශයන් (හදීසය) පිලිබදව අවබෝධයක් නැත. ඔවුන් දහම නමින් විවිධ පුද්ගල මතයන් හා ස්වමතයන් ක්‍රියාත්මක කරමින් සිටී. ඉස්ලාම් දහමට මෙවැනි ඉරණමක් අත්වන බව අවබෝධ කරගත් මුහම්මද් (සල්) තුමාණන් මීට වසර 1400 කට පෙර ම මෙලෙස අවවාදයක් කරන ලදී.

“…ඉදිරි කාලයේ දී මෙම මුසලීම් සමාජය කොටස් 73 කට බෙදී යනු ඇත. ඉන් එක කොටසක් පමණයි ස්වර්ගයට යන්නේ අනිකුත් සියළු පිරිස් නිරයට යනු ඇත.” යයි පවසන ලදී. එය අසාසිටී සහාභිවරයෙක් (අනුගාමිකයෙක්) “නබිතුමණි! ඒ ස්වර්ගයට යන පිරිස කව්රැන්ද?” යයි විමසන ලදී. එයට නබිතුමාණන් “මා ගෙන ආ මේ ශුද්ධ වූ කුර්ආනය හා මාගේ ආදර්ශය (හදීසය) අනුගමනය කල පිරස වේ”.

ඉහත හදීසය හෙවත් නබිතුමාණන්ගේ වදන ද අවධාරනය කරන්නේ ශුද්ධ වූ දහම තුල ජීවත්වීමේ අවශ්‍යතාවයයි. එනම් අල්ලාහ් දෙවියන්ගෙන් පහල වූ හා එම දේවවාක්‍යයන්ට මුහම්මද් (සල්) තුමාණන් ලබාදුන් අර්ථ විවරණයන් හෙවත් ආදර්ශයන් යන මේ දෙකම පිලගෙන පිලිපැදීම අත්‍යඅවශ්‍ය වේ. මෙලෙස ක්‍රියා නොකරන පිරිසට මරණින් මතු ජීවිතයේ ඛේදණිය ඉරණමයන්ට මුහුණදීමට සිදුවන බව පවසන ඉස්ලාම් ඔවුනට මෙලොව ජීවිතයේ දී ද නොයෙක් අවාසනාවන්ත ඉරණමයන්ට ගොදුරැවීමට සිදුවන බව ඉහත නබිවදනේ 04 වන කොටසින් මනාව පිළිඹිබු වේ. එනම්,

“අල්ලාහ් දෙවියන්ටත් ඔහුගේ වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ටත් අවනතව” තම ජීවිතය සකසා නොගන්නේ නම් ඉහත අනාවැකියේ පවසන ආකාරයට “එවැනි ජන සමුහයක් හට හතුරන් “කාෆිර්වරුන්ගෙන්” (ඉස්ලාම් විරෝධින්) ඇති කරනු ලබයි. ඔවුන් මොවුන් සතු සියල්ල (වස්තුව, බලය, දේපල, පාලනය…) උදුරාගනු ඇත.” යන ඉරණමට ගොදුරැවීමට සිදුවනු ඇත.” මෙම තත්වය අද ලොව තුල උදාවෙමින් පවතින ආකාරය හොදින් අධ්‍යනය කරන විට පැහැදිලිවම පෙනේ. මෙයට උද්‍රහර්ණ බොහෝමයක් ගෙනහැර දැක්විය හැක. කිහිපයක් පවසන්නේ නම් ඉරාක ආක‍්‍රමණය, අෆ්ගනිස්ථාන පහරදීම, පලස්තීනය ආක‍්‍රමණය, බයිතුල් මුකද්ධස් සිද්ධස්ථානය උදුරාගැනීම, ඉන්දියාවේ බාබර් සිද්ධස්ථානය කඩා දැමීම…යනාදී වශයෙන් පෙළගැසිය හැක. ඉහත ආකාරයට ජාත්‍යන්තර තලයේ මුස්ලීම් ප්‍රජාව දරැණු ඛේදවාචකයන්ට ගොදුරැ වන විට ලාංකීය සමාජය ද ඊට දෙවැනි වී නැත. යාපනයෙන් මුස්ලීම්වරුන් පලවාහැරීම, මුතූර්වලින් මුස්ලීමවරුන් පලවා හැරීම, මුස්ලීවරුන් සමුහ ඝාතනය කිරීම, මුස්ලීම්වරුන් පැහැරගෙන කප්පම් ගැනීම, ඝාතනය කිරීම, ඉස්ලාමයට හා මුස්ලීම්වරැන්ට එරෙහිව විවිධ සංවිධාන ක්‍රියාත්මක වීම, විවිධ තර්ජනයන් අපහසයන් සිදුකිරීම… යනදී වශයෙන් ‍එය ද පෙලගැසිය හැක. මේ ආකාරයට ලාංකීය සමාජයේ මෙන්ම ජාත්‍යන්තර තලයේ ද මුස්ලීම් ප්‍රජාවට මෙවැනි ඉරණමක් උදාවීමට මූලික හේතුව ඉහතින් සදහන් කලා සේ මුස්ලීම්වරුන් සම්ප්‍රදායක හා පාරම්පරික මුස්ලීම්වරැන් ලෙස ජීවත් වූවා මිස සත්‍ය දහම අවබෝධ කරගෙන එහි ආදර්ශයන් තම ජීවිතයේ ගෙන සැබෑ මුස්ලීම්වරුන් ලෙස ජීවත් නොවීම මිස අන් කිසිවක් නිසා නොවේ.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/11

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම