ආගම, සංස්කෘතිය නාඳුනනා මුස්ලීම් සමාජය අවදි කරන්නට

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජයේ සමහරක්ගේ ක්‍රියා කලාපයන් දෙස බලන විට මොවුන් මේවා කරන්නේ සිහියෙන්ද? අවසිහියෙන්ද? යන සැකය මතුවේ.

මුස්ලීම් සමාජයේ පිරිසක් එක් පසකින් ආගමික හා සංස්කෘතික අයිතීන් දිනාගන්න වෙහෙසෙද්දී සහ අරඟල කරද්දී තවත් පසෙකින් ඒවා තුට්ටුවකටත් මායිම් නොකොට තම ආගමික සංස්කෘතික අයිතීන් පාවා දෙමින් මිල-මුදල්, ජනප්‍රියත්වය, තාන්න-මාන්න... ආදී ලෞකික ලාභ ප්‍රයෝජන පමණක් එකම අරමුණු කොට ස්වමත ඔස්සේ ජීවත් වෙති. මෙවැනි පිරිස් සහ ක්‍රියාවන් මුස්ලීම් සමාජයට අනාවර්ණය කිරීමත්, එම ආගම් විරෝධී ක්‍රියාව පිලිබදව සමාජය දැනුවත් කිරීමත්, එවැනි දෑ නැවත සිදුනොවන ලෙස එය සාකච්චාවට බඳුන් කිරීමත් මෙම යහමග අඩවිය පිටුවේ අරමුණයි...


මුස්ලීම් ජනතාව සමඟ අත්වැල් බැඳ ඉෆ්තාර් සංවිධානය

ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජය දරුණු ඛේදවාචකයන්ට හා ජාතිවාදී ප්‍රහාරයන්ට වැඩිපුර ගොදුරු වූ වකවානුවක් වේ නම් එය රාජපක්ෂ පාලන සමයයි. ආණ්ඩුවේ සම්පූර්ණ සහය ඇතුව එම ව්‍යාපාරයන් ක්‍රියාත්මක වූවා යයි ප්‍රසිද්ධ රහසක්. මේ නිසාම ශ්‍රී ලාංකීය සමස්ථ මුස්ලීම් ප්‍රජාව ඔවුන් දේශපාලනයෙන් නෙරපා හැරීමට පසුගිය කාල ෙය් ජනාධිපතිවර්ණෙය් කටයුතු කරන ලදී. නමුත් ඒ් රාජපක්ෂලා අද මුස්ලීම් ජනතාව සමඟ අත්වැල් බැඳ ඉෆ්තාර් සංවිධානය කරමින් නැවත ඡන්දය ලබාගැනීම සදහා පිඹුරුපත් සකසමින් සිටී.

ඒ් කුමණ්ත්‍රණයට අ ෙප් සමහරක් පිරිස් ද හසුව සිටීම ජාතිෙය්ම අවාසනාවකි. (පිංතූර පහතින් Click කරන්න)

මුස්ලීම් කාන්තාව හා ඉස්ලාම් දහම

මුස්ලීම් කාන්තාවට ඉස්ලාම් දහම තුල හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. ඇය ස්පර්ෂ කිරීමේ අයිතිය පිලිබදව ඉස්ලාම් දැඩි නීති පනවා ඇත. එසේ තිබියදී මුස්ලීම් කාන්තාවන් පිරිසක් පිරිමීන් ට අතින් අත දෙමින් මේ කරන ක්‍රියාව ඉස්ලාම් විරෝධි මහා පාපක්‍රියාවක් බව මේ පිරිසට නොතේරීම ඛේදජනකය (පිංතූර පහත Click කර නරඹන්න)

සංස්කෘතිය පයින් පාගාදමා

ශ්‍රී ලාංකීය මුස්ලීම් දේශපාලඥයින් ආගම දහම හා සංස්කෘතිය පයින් පාගාදමා තමන්ගේ පැවැත්ම උදෙසා තම නායකයන් හමුවේ වැඳ වැටෙන ආකාරය මෙහි දැකබලාගත හැක. (පිංතූර පහත Click කරන්න)

මුස්ලීම් ජනතාව සමඟ අත්වැල් බැඳ ඉෆ්තාර් සංවිධානය කරමින්

බේරුවල මුස්ලිම් ජනපිරිසක් සතුටින් ගෝඨාභය රාජපක්ෂ සමඟ

බේරුවල මුස්ලිම් ජනපිරිසක් සතුටින් ගෝඨාභය රාජපක්ෂ සමඟ ජායාරූපයකට පෙනී සිටීම මගින්ද පෙන්නුම් කැරෙන්නේ පෙරහැරේ යාමට ලක ලැහැස්තිවන අන්දමයි.

ගෝඨාභය පෙරහැර ලිපිය කියවන්න

නියම සංහිඳියාව බලාගන්න...

ගීත ඉල්ලීමක්

Fathima Ramzina Sing Mohideen Beg Song Swade Mata Seethala Sulanga Pawa as requested by Mohomed Saki,

පිරිත් නූල් බැදීම සැබැවක් නම්

මේ පිංතූරය පිලිබදව කිසිවක් මා නොදනිමි. මෙම පිරිත් නූල් බැදීම සැබැවක් නම්, ඒ සම්බන්ධයෙන් මුස්ලීම් සමාජය ට බොහෝ දෑ සිතීමට ඉතිරි කොට ඇත. මෙය Editing එකක් නම්, ඒ සම්බන්ධයෙන් ද බොහෝ දෑ සිතීමට ඇති බව යන්න පමණක් මෙහි සටහන් කරමි.

muslim actress

In this Youtube video, we are going to see famous muslim actress in Tamil cinema industry. It covers Kollywood actress like Nadhiya, Sadha, Poorna ( Shamna Kasim ), Sana Althaf, Sana Khan, Nazriya Nazim, Jasmin, Tabu and Shaalin Zoya.

Hindus always work together with Muslim friends in unity in all the business. In the same way, in Tamil Kollywood cinema, there are some famous Muslim actors entertaining us. This YouTube video shows you those Muslim actors working in Tamil cinema industry.

ඉස්ලාමීය සංස්කෘතියෙන් ඈත්වෙන

කෙමෙන් කෙමෙන් ඉස්ලාමීය සංස්කෘතියෙන් ඈත්වෙන ඉස්ලාමීය සීමාවන් බිඳලමින් යන මෙවැනි පිරිස් පිලිබදව සමාජයේ වගකිවයුතු සංවිධාන හා පාර්ශවයන් දැඩි අවදානයක් යොමු කලයුතුව ඇත. ඔවුන් නැවත යහමග ගැන්වීමට ක්‍රියාකලයුතුව ඇත. එසේ නොවන්නේ නම්, අනිකුත් ජාතීන් මෙන්ම මුස්ලීම් සමාජය ද ආගම දහම නොහදුනන හිප්පි සමාජයක් වීම නොවැලැක්විය හැක.

පාස්කු ප්‍රහාර අද සමස්ථ ශ්‍රී ලාංකීය සමාජයට ම උරුම කොට ඇත්තේ අවාසනාවන්ත තත්වයකි

පසුගිය අ‍ප්‍රේල් 21 දින ශ්‍රී ලාංකාව තුල විවිධ ප්‍රදේශයන් හි මරාගෙන මැරුණූ IS සංවිධානයේ සාමාජිකයන් යැයි පැවැසෙන පාස්කු ප්‍රහාර අද සමස්ථ ශ්‍රී ලාංකීය සමාජයට ම උරුම කොට ඇත්තේ අවාසනාවන්ත තත්වයකි. ඉස්ලාමීය මුහුණූවරක් ලබාදෙමින් ලෝකය ඉදිරියේ ක්‍රියාත්මක වන මොවුන්ගේ ක්‍රියාකලාපයන් දෙස බලනවිට මොවුනට හා ඉස්ලාම් දහම ට කිසිදු සම්බන්ධයක් නොමැති බව පැහැදිලිව පෙනෙන්නට ඇත.

ඔවුන්ට ලබාදුන් වැරදි මඟපෙන්වීමත් ඔවුන් පිවිතුරු දහමේ ඉගෙන්වීම නිසිලෙස අවබෝධ කර නොගැනීමේ විපාකයත් අද සමස්ථ ශ්‍රීලාංකීය සමාජයම අත්විඳිමින් සිටී.

ජඩ මාධ්‍ය භාවිතය

ඊයේ දිනයේ ‘ලංකාදීප’ වෙබ් අඩවියේ ‘දනෝ සිටිති මඟ නිරතුරු ඩෙල්ටා පොකුරු පැමිණෙන තුරු’ යන මාතෘකාව යටතේ මැද කොළඹ ජනතාව Lockdown නීතිරීති උල්ලංඝනය කරමින් මාර්ගවල කටයුතු කරන ආකාරය රූපරාමු සහිතව ඉදිරිපත් කොට තිබුණි. (එම ලිපියෙන් උපුටාගත් රූපරාමු කිහිපයක් මෙහි පහතින් ඉදිරිපත් කොට ඇත) මෙය ඉතා අවාසනාවන්ත අනුවණක්කාර තත්වයක් යන්නෙහි විවාදයක් නැත. ඔවුනට නීතිය තදින්නම ක්‍රියාත්මක වියයුතුයි යන්න යහමග අදහසයි. රටේ වසංගත රෝගයක් පාලනය කිරීමට රජය ක්‍රියාත්මක වෙද්දී මෙලෙස අනුවණක්කාර ලෙස කටයුතු කිරීම සමස්ථ මුස්ලීම් ජාතියටම නින්දාවක්. (මෙම තත්වය මුස්ලීම් ජනතාව තුල පමණක් නොව සමස්ථ රටේම සියළු ජාතීන් තුල අඩුවැඩි වශයෙන් දක්නට තිබෙන තත්වයක්. එම කාරණය මෙම ලිපිකරු සමබරව ඉදිරිපත් නොකිරීමත් ඛේදවාචකයක්. කෙසේ වෙතත් මුස්ලීම් ජනතාව මෙලෙස කටයුතු කිරීම පහත් ක්‍රියාවක් යන්න යහමග ස්ථාවරයයි.

මෝල්ගසකින් ගසා ඝාතනය

මාලිගාවත්ත ප්‍රදේශයේ ‘පාතුමා මුම්තාස්’ නැමැත්තිය මෝල්ගසකින් ගසා ඝාතනය කළැයි සපුගස්කන්ද පොලිසිය අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහර මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (10) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නො. 47/ඒ,/එම්/44, සමිට්පුර, මට්ටක්කුලිය පදිංචි මෙහොමඩ් නියාස් මොහොමඩ් නවුෂාඩ් (34) නමැත්තාය.

උපුටා ගැනීම - ලංකාදීප වෙබ් අඩවිය

දේවස්ථානයකට පෙට්‍රල් බෝම්බයක් ගැසී යැයි අයෙක් රිමාන්ඩ්

බම්බලපිටිය බෝරා මුස්ලිම් දේවස්ථානයට පෙට්‍රල් බෝම්බයක් ගසා මනුෂ්‍ය ඝාතනයකට තැත් කළැයි බම්බලපිටිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන 23 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිරාණි පෙරේරා මහත්මිය අද (10) නියෝග කළාය .

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ බම්බලපිටිය අදිමලේ වීදියේ පදිංචි හුසේමා අබ්බාස් කැන්බෝයි නැමැත්තෙකි.

මෙම සැකකරු ඊයෙ (09) පෙරවරුවේ සිය නිවසේ සිට පෙට්‍රල් බෝම්බයක් ගෙනැවිත් බම්බලපිටිය බෝරා මුස්ලිම් දේවස්ථානයට දමා ගසා ඇති බවත් එය පිපිරි නොයාම හේතුවෙන් නැවතත් නිවසට ගොස් තවත් බෝම්බයක් ගෙනැවිත් දමා ගසා ඇතැයි බම්බලපිටිය පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

කෙසේ වෙතත් සැකකරු දමා ගැසූ බෝම්බ පිපිරී ගොස් නැති ඇති අතර මේ සම්බන්ධයෙන් සැකකරු කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන බව ද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.


Link - https://www.lankadeepa.lk/news/%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7-%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%93-%E0%B6%BA%E0%B7%90%E0%B6%BA%E0%B7%92-%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A/101-602707

ඥානසාර හිමියන්ට කාන්තන්කුඩියේදී උණුසුම් පිළිගැනීමක්

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු 'අල්ලාහ්' යැයි පැවසූ ඥානසාර හිමියන් කාන්තන්කුඩිය බද්රිය්යහ් ජුම්මා පල්ලියේදී ඊයේ (4) පැවැති විශේෂ වැඩසටහනේදී මුස්ලිම් ජනතාව ඉතා උණුසුම් ලෙස පිළිගත් බව ලංකාදීප වෙබ් අඩවියේ රුපරාමු සහිතව වාර්ථාකොට තිබුණි.

Link - https://www.lankadeepa.lk/news/%E0%B6%A5%E0%B7%8F%E0%B6%B1%E0%B7%83%E0%B7%8F%E0%B6%BB-%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93-%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A-%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A/101-604264

පෙම්වතියගේ හොර අල්ලන්න අබාය ඇන්ද තරුණයා මාට්ටු

මුස්ලිම් කාන්තාවන් අඳින අබායා ඇඳුමකින් සැරසි බුර්කාවක්ද පැළඳ පැමිණ සිටි මුස්ලිම් තරුණයෙකු ගාල්ල දුම්රිය ස්ථානයේ ආරක්ෂක නිලධාරින් විසින් ඔවුන්ගේ බාරයට ගෙන ගාල්ල පොලිසිය වෙත අද (19) උදැසන බාරදී තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල මකුළුව පදිංචි 27 හැවිරිදි මුස්ලිම් තරුණයෙකි.

ඔහු අද උදෑසන දුම්රිය ස්ථානයට පැමිණ කොළඹට ප්‍රවේශ පත්‍රයක් මිලදි ගෙන ඇති අතර ඔහුගේ කටහඬ ගැන සැක සිතු ආරක්ෂක නිලධාරින් ඔහුව පරික්ෂා කර ඇත.

එහිදි දුම්රිය ආරක්ෂක නිලධාරින් දැක ඇත්තේ මුස්ලිම් කාන්තා ඇඳුමකින් සැරසි සිටියත් ඔහු පිරිමියෙකු බවය.

පසුව දුම්රිය ආරක්ෂක නිලධාරින් ඔහු පොලිසියට බාර දිමට කටයුතු කර ඇති අතර පොලිසිය විසින් කරන ලද ප්‍රශ්ණ කිරිමේදි ඔහු පවසා ඇත්තේ තමාගේ පෙම්වතිය වෙනත් තරුණයෙක් සමග සම්බන්ධයක් පවත්වන බවටත් ඔවුන් ගාල්ල දුම්රිය ස්ථානයට පැමිණෙන බවටත් ලැබුන තොරතුරක් අනුව මෙසේ කාන්තා ඇඳුමකින් සැරසි පැමිණි බවය.

මෙම ඇඳුම ඔහුගේ මවගේ ඇඳුමක් බවටත් අනාවරණයවි තිබේ.

ගාල්ල දුම්රිය ස්ථානයේ ආරක්ෂක අංශයේ ස්ථානාධිපති සි.අයි.කොඩිතුවක්කු මහතාගේ උපදෙස් පරිදි සැරයන්වරුන්වන එම්.ඩි.එස්.ටි.අබේරත්න,එස් .ජේ .අයි .කළංසුරිය ඩබ්ලිව්.එච්.ආරියරත්න යන මහත්වරුන් විසින් සැකකරු අල්ලා ගෙන පොලිසියට බාරදි ඇත.

Link - https://www.lankadeepa.lk/news/%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A-%E0%B7%84%E0%B7%9C%E0%B6%BB-%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%85%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA-%E0%B6%87%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%8F-%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94/101-618385

පල්ලියේ මත බේදයට පන්සලේදී විසැඳුම්

ගිංතොට ප්‍රදේශයේදී මුස්ලිම් පල්ලියක දායක සභාවේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සංසිඳවීමට ගිංතොට තුන්මහල් විහාරාධිපති හිමියෝ කටයතු කළහ.

2021 වසර දක්වා එකට සිටි දායක සභාව දෙපිලකට බෙදි පල්ලියේ බාරකාරත්වය ලබා ගැනිමට උත්සාහ කිරිම නිසා එම ආරවුලට මුල බව පැවසේ.

එක් පාර්ශවයක් පල්ලියේ සාම්‍ප්‍රදායික දායක සභාව වන අතර අනෙක් පාරශවය මෑතකදි එහි දායක සභාවට පත්වු තරුණ පිරිසකි.

පල්ලියේ දායක සභාව තමන් බවත් පලිල්යේ භාරකාරත්වය තමන් සතු බවත් පවසා දෙපාර්ශවයම ඒ වනවිට ගාල්ල පොලිසියට පැමිණිලි කර ඇත. එහෙත් විසඳුමක් ලැබි නැත. මෙහි ඇති තත්වය තේරුම්ගත් විහාරාධිපති හිමියෝ සෙනසුරාදා පෙරවරුවේ දෙපාර්ශවයම විහාරස්ථානයට කැඳවනු ලැබුහ.

මෙහි විශේෂත්වය වුයේ පල්ලියට නොයන මුස්ලිම් කාන්තාවෝද විහාරස්ථානයට පැමිණ සිටිමය.මෙහිදි දෙපාර්ශවයම තම තමන්ට පල්ලියේ දායක සභාවේ භාරකාරත්වය සම්බන්ධයෙන් කරුණු දක්වා ඇත.

දෙපාර්ශවයේම කරුණු වලට සවන්දුන් විහාරාධිපති හිමියන් මේ රටේ නැවත යුද වාතාවරණයක් හෝ බෙදුම් වාදයක් ඇතිවිමට ඉඩ නොදී සියලු දෙනා එකට එක්ව සාමයෙන් සිටිය යුතු බව ප්‍රකාශ කළහ.

හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාට වකුගඩුවක් දුන්නේද බෞද්ධ භික්ෂුන්වහන්සේ නමක් බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.

මෙවැනි අනවශ්‍ය සුලු දේවල් අවසානයේ මහා ගැටුම් බවට පත්වි ජිවිත දේපලපවා විනාශවන නිසා සියලු දෙනාම කරුණු අවබෝධ කරගෙන ගැටුම් ඇතිකර නොගෙන දෙපාර්ශවයම එකට එක්වි පල්ලියේ ආගමික කටයුතු පවත්වා ගෙන යන ලෙස ඉල්ලා සිටියහ.

මුස්ලිම් භක්තිකයන් ලෙස ශුද්ධවු අල් කුරාණය ඉදිරියේ සියලු දෙනා ගැටුම් ඇතිකර නොගන්නා ලෙසට පොරොන්දු වන ලෙසද උන්වහන්සේ ඉල්ලා සිටියහ. පසුව සියලු දෙනාම විහාරාධිපති හිමියන්ට තම කෘතඥතාවය පල කරමින් විසිර ගියහ.

මෙය මුස්ලිම් දෙපාරශවයක් අතර ඇතිවිමට ගිය ගැටුමක් නතර කිරිමේ පියවරක්වු අතර . මෙම ‍ඓතිහාසික අවස්ථාව ගිංතොට තුන් මහල් විහාරස්ථාන ඉතිහාස කතාවේ රන් අකුරෙන් ලියවෙනු ඇත.

link - https://www.lankadeepa.lk/news/%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B8%E0%B6%AD-%E0%B6%B6%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7-%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93-%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A/101-621204

බිම්බරය අවභාවිතා කරන උලමාවරුන් ගැන අවදියෙන් සිටිමු

‘උලමා’ නොහොත් ‘මව්ලවි’ නම් ගෞරව නාමයක් හිමි නම්, ඔහුට ඔළුවෙහි ජටාවක් ඔතාගන්න පුළුවන් නම්, සිකුරාදා ‘බිම්බරය’ හෙවත් දේශන වේදිකාවකුත් හිමි නම්, තමන්ට හිතෙන ඕනෑම දෙයක්, තමන් දරණ ඕනෑම මතයක් ඉස්ලාම් යැයි පැවසිය හැකි බව ඔවුන් සිතති. මෙහි භයානකම ඛේදවාචකය එය නොවේ. ඛේදවාචකය වන්නේ දේශනය කරන්නා ‘මව්ලවි’ යන ගෞරව නාමය හිමි කෙනෙකු නම්, ජටාවක් බැඳ බිම්බරයක් උඩ හිඳ කුමක් හෝ ඉස්ලාම් යයි පවසයි නම්, ඒ සියල්ල හිස් මුඳුනින් තබා ඉස්ලාම් යැයි පිලිගන්න බහුතර මුස්ලීම් සමාජය සූදානම්ව සිටීමයි.

මෙම විෂය පිලිබදව යහමග සාකච්චා කල ලිපිය මෙහි Click කොට කියවන්න