ආපදාවන් හමුවේ අපේ යුතුකම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


අප රටේ උග්‍ර ආර්ථික අර්බුදයක් පවතින මේ මොහොතේ අධික වර්ෂාවත් සමඟ ආපදා තත්වයක්ද නිර්මාණ වී ඇත. මහ වැසි, තද සුළං සහ අකුණු අනතුරු හේතුවෙන් දිස්ත්‍රික්ක 11 ක පවුල් 5,212කට අයත්, 21,888 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද පවසා ඇත. ආපදා තත්වය හේතුවෙන් මරණ 4 ක්ද වාර්තා වී ඇත. 

මෙම අපදා තත්වය හමුවේ අවතැන් වූ හා අසරණ වූ ජනයාට උදව් උපකාර කිරීමේ වගකීම රජයට මෙන්ම පොදු ජනයාට ද පැවරී ඇත. ආර්ථිකමය වශයෙන් දැඩි පීඩාවකට ලක්ව සිටින මේ රටේ ජනතාවට මෙවැනි ආපදා තත්වයන්ට ද මුහුණදීමට සිදුවීම ඉතා අවාසනාවන්ත තත්වයකි. එවන් අවාසනාවන්ත මොහොතක ජාති, ආගම්, කුල… යනාදී සියළු වාද මෙහි තවදුරටත් වලංගු නොවන අතර ඔබේ සහෝදරත්වයේ දෑත් දිගු විම පමණයි ඔවුනට මෙහි අත්‍ය අවශ්‍ය වන්නේ.

මේ රටේ කවදත් මෙවැනි තීරණාත්මක අවස්ථාවන් හිදී, මේ රටේ අනිකුත් ජාතීන් හා කරට කර හිඳ සැලකිය යුතු මෙහෙවරක් මුස්ලීම් සමාජය ද ඉටු කරනවා යන්න ඉතිහාසය පුරාවට ඔප්පු කොට පෙන්වා ඇත. ඒ මෙහෙවර මේ මොහොතේදීත් රටට අත්‍ය අවශ්‍ය වී ඇත. දෙවියන් නැමදුම සේම අසරණ, පීඩිත පොදු ජනයාට උපකාර කිරීම ද ඉස්ලාමයේ ප්‍රධාන අංගයක් බව පවසන ඉස්ලාම් දහම එය ඉතා අලංකාරවත්ව මුස්ලීම් සමාජයට උනන්දු කරන ඉගෙන්වීමක් ‘හදීස් කුදිසි’ නම් හදීසය තුල අපට දකින්නට ලැබේ.

එම හදීසය මුස්ලීම් සමාජයේ දානපතීන්ගේ සහ මෙවැනි දායකත්වයක් ලබාදීමට ශක්ති සම්පන්න පිරිසගේ උනන්දු හා උද්යෝගය ඉහල නැංවීම පිණිස මෙහි පහතින් ඉදිරිපත් කරමි.

අල්ලාහ් (දෙවි) පැවසූ බවට මුහම්මද් (සල්) තුමාණන් වරක් මෙසේ පවසන ලදී.

   (මරණින් මතු උදාවන) විනිශ්චය දිනයේ සමහර මිනිසුන්ගෙන් අල්ලාහ් මෙසේ ප‍්‍රශ්න කරයි.
   ‘එම්බල ආදම්ගේ දරුවනි!, මා රෝගිව සිටී සමයේ ඇයි නුඹ මාගේ සුවදුක් විමසන්න නොපැමිණියේ?’
   එයට එම මිනිසා විශ්මයට පත්ව
   ‘දෙවියනේ නුඹ රෝගිවන්නේ කෙසේද?’
   යයි විමසනු ඇත. එවිට දෙවියන් ඔහුගේ අසල්වාසී රෝගී කෙනෙකු සිහි කොට ඒ අයගේ සුවදුක් බලන්න නොපැමිණිම දෙවියන් වන මාව බලන්නට නොපැමිණියාසේ දෙවියන් සලකන බව පවසයි.
    ඒ ආකාරයටම තවත් කෙනෙකු කැදවා,
   ‘එම්බල ආදම්ගේ දරුවනි!, මා කුසගින්නෙන් නුඹ වෙත පැමිණී මොහොතේ ඇයි නුඹ මට ආහාර ලබා නොදුන්නේ?’
   යයි විමසයි. එයට එම මිනිසා (නැවතත්) විශ්මයට පත්ව
   ‘දෙවියනේ නුඹට කුසගින්නක් කෙසේ ඇතිවන්නද? නුඹ කවදා ද මා හමුවට ආවේ?’
   යයි විමසනු ඇත. එවිට දෙවියන් එම මිනිසා ජීවතව සිටිය දී ඔහු හමුවට ආහාරයට යමක් ඉල්ලා පැමිණි පිරිස සිහි කොට
   ‘නුඹ එම පිරිසට ආහාර නොදීම නුඹ මා හට ආහාර නොදී ප‍්‍රතික්ෂේප කලාසේයෙ’ යනුවෙන් (දෙවි) පවසයි.”

මූලාශ්‍රය – හදීස් කුදිසි

ඉස්ලාම් දහමේ ඉගෙන්වීමක් වන ඉහත හදීසය තුලින් පැහැදිලි වන්නේ, අසරණ අයට උපකාර කිරීම එය දෙවියන්ට කරන උපකාරයක් ලෙසත්, එය ප්‍රතික්ෂේප කිරීම දෙවියන්ට ම උපකාර කිරීම ප්‍රතික්ෂේප කිරීමක් ලෙසත් දෙවියන් සලකන බවයි. මෙවැනි ඉගෙන්වීම් ගණනාවකින්ම සමාජ පොදු යහපත සදහා මුස්ලීම් සමාජය උනන්දු කරන ඉස්ලාම් දහම එවන් සත්ක්‍රියාවන් සදහා ම වූ නීති-රීති ද පනවා ඇත. විශේෂයෙන් ඉස්ලාම් යෝජනා කරන සදකා හා සzකාත් ක්‍රමය මෙයට කදිම නිදසුනකි.

එසේනම් වත්මන් රටේ තත්වය හොදින් තේරුම් ගෙන ජාති, කුල, ආගම් භේද පසෙකලා සාමූහිකව කටයුතු කොට මේ අර්බුදයෙන් පීඩිත පොදු ජනයා මුදවා ගැනීමට අපට ශක්තිය දෛර්‍යය හා යහපත් සිතුවිලි පහල වේවා! යන ප්‍රාර්ථනයෙන් මෙම සටහන අවසන් කරන්නේ මෙම විෂයට අදාලව යහමග අඩවිය තුල මීට ඉහත ඉදිරිපත් කල වර්ථමාන ආපදා තත්වයන් හා ලෝක විනාශය යන ලිපිය ද ඔබේ බුද්ධිමත් විමසුමට තබමිනි.


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/10/9

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම