ඇත්ත නැත්ත – අළුත්ගම ගිහින් ම දැනගන්න…

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


අළුත්ගම හා ඒ අවට ප්‍රදේශවලට සිංහල ජාතිවාදීන් විසින් 2014/06/15 දින ඉතා සැලසුම් සහගතව එල්ල කල ප්‍රහාරයන් පිලිබදව සත්‍ය තොරතුරු දැනගැනීමේ අරමුණින් 2014/06/22 දින එම ප්‍රදේශවල සංචාරය කලෙමි. අළුත්ගම හා ඒ අවට පිහිටි කුඩා ගම්මානයන් වන චීනවත්ත, වැලිපිටිය, මිල්ටරිවත්ත හා අධිකාරිගොඩ යන ගම්වල සිදුවී ඇති විනාශයන් එහිදී සියයැසින්ම දැකගැනීමට හැකිවූ අතර එම සිදුවීමට මැදිවූ පවුල්වල තොරතුරු ද විමසා දැනගැනීමට හැකිවිය. ලිපිය ආරම්භයේ සදහන් කලාසේ ඉතා සූක්ෂම අයුරින් සැලසුම් කොට මුස්ලීම් සමාජය තුල යමක් ගොඩනඟාගත් නොඑසේනම් ගොඩනඟා ගනිමින් සිටින ව්‍යාපාරික ප්‍රජාව හා පවුල් ඉලක්ක කොට දියත්කල මෙම ප්‍රහාරය හදිසි හෝ ක්ෂණික තත්වයන් නොවන බව නම් එහි තිබෙන බොහෝ සාධකවලින් ඉතා පැහැදිලිය. එය මෙම අඩවිය තුල මීට ඉහත ඉදිරිපත් කල ‘අළුත්ගම හා බේරුවල සිදුවූයේ කුමක්ද?‘ යන ලිපිය තුලින් ද තරමක් දුරකට තහවුරු කොට ඇත. කෙසේ වෙතත් ඒ මිලෙච්ඡ ජාතිවාදී ප්‍රහාරයට ගොදුරු වූ එම ජනතාවට වහා පිහිට වියයුතුව ඇත. මීට ඉහත යහමඟ අඩවිය ‘සහෝදරත්වයේ දෑත් දිගු කරන්න‘ යන ලිපිය තුලින් ද එම ආරාධනාව මුස්ලීම් සහෝදර සහෝදරියන්ට කල අතර එම ප්‍රදේශයේ මා කල සංචාරයෙන් අනතුරුව අපගේ සහෝදර සහෝදරියන්ට අත්ව ඇති ඉරණම සම්බන්ධයෙන් තවත් බොහෝ කරුණු කාරණා ඔබ සමඟ බෙදා ගතයුතුව ඇත. නමුත් යම් යම් සීමාවන්ට යටත්ව මෙහි ලිවීමට සිදුව ඇති නිසා ඉතා කෙටියෙන් ඔබේ අවදානයට කාරණා කිහිපයක් ගෙන එන්නට අදහස් කරමි.

ආයාචනයක්…

මෙහි ලිපිය ආරම්භයේ ම සදහන් කලයුතු විශේෂ කාරණයක් හා ආයාචනයක් ඇත. එනම්, එම ප්‍රදේශවල සිදුව ඇති දෑ සහා මාධ්‍යයන් විශේෂයෙන් දේශිය මාධ්‍යයන් වන ගුවන්විදුලි, රූපවාහිනි, පුවත්පත්, අන්තර්ජාල… යනාදිය තුල ඉදිරිපත් වන කරුණු කළු-සුදු නොඑසේ නම් අහස-පොළොව තරම් පරස්පර හා සත්‍ය විකෘති කිරීමක් යන්න පැහැදිලිව වටහා ගතයුතුව ඇත. එසේම බොහෝ දේශපාලඥයින්ගේ ප්‍රකාශ මුළුමනින්ම සත්‍ය විකෘති කිරීමක් යන්නත් වටහා ගතයුතුව ඇත. මේ නිසා යහමඟ කරන ආයාචනය ඒ ප්‍රදේශවල සිංහල ජාතිවාදීන්ගේ හා මංකොල්ලකරුවන්ගේ ගොදුරට හසු වී අද අසරණව සිටින අපේ සහෝදර සහෝදරියන්ගේ ඉරණම සියැසින් දැකගන්න සත්‍ය ඔවුන්ගෙන්ම දැනගන්න ඔබ (පවුලේ සියළුදෙනා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව) එම ප්‍රදේශවලට යන්න. ඔබට යමක්දීමට නැතත් වදනකින් හෝ ඔවුන්ගේ මනසට සහනයක් ලබාදෙන්න. විශේෂයෙන් කාන්තාවන් හා දරුවන් එම ප්‍රදේශවලට යන්න තවමත් කම්පනයට පත්ව සිටින එම පවුල්වල දරුවන් හා කාන්තාවන් යථා තත්වයට පත්වීමට අවශ්‍ය වදන් ඔවුන් හා කථා කරන්න. ඔවුන්ගේ හිත පාරවන කථාවලින් සම්පූර්ණයෙන් වලකින්න. විශේෂයෙන් මෙම සිදුවීමෙන් කම්පනයට පත්ව සිටින දරුවන් සම්බන්ධයෙන් ඔබ සියළුදෙනාගේ විශේෂ අවදානය යොමු කරන්න.

විශ්මයක්…

ඒ ප්‍රදේශවල මා කල සංචාරය අතර තුර දුටූ විශ්මිත කාරණා ගණනාවක් ඇත. එවැනි කිහිපයක් පෙලගසන්නේ නම්,

  •  මුස්ලීම් ජනතාව වෙසෙන සෑම ‍නිවසකටම එකදු ගල්පහරක් හෝ එල්ල වී ඇතත. ඒ අවට හා ආසන්නයේ පිහිටි එකදු නිවසකට හෝ එවැනි කිසිදු හානියක් දක්නට නැත.
  •  සිංහල ජාතිවාදීන් පෙලපාලියකින් පැමිණි ගිනිබත් කල සෑම නිවසක් තුලම වාගේ දැවීගිය ටයර් කම්බි තවම ඉතිරිව ඇත.
  •  දෙදෙනෙකු ඝාතනය වු ස්ථානයේ වෙඩි ප්‍රහාරය එල්ල කල දිශාව හා එල්ල වූ දිශාව එම ප්‍රදේශයේ ඇති තාප්ප, බිත්ති විශ්මිතව කියාපායි.
  •  සමහරක් නිවාස දැවීගිය ආකාරය බලන විට එය ටයර් සෑයක් දමාවත් කිසිවිටෙක කල නොහැක්කක් බව ඕනෑම කෙනෙකුට පහසුවෙන් අවබෝධ කරගත හැක.
  •  මේ සියල්ලට වඩා ගිනි තැබීමට, ප්‍රහාරයට, මංකොල්ලකෑමට හා ඝාතනයට ලක්වූ මුස්ලීම් ජනතාව වෙසෙන ප්‍රදේශ තුල යුද්ධයක භාවිතා කරන යුද හමුදා වාහන අවිආයුද අතැතිව ඔබමොඹ ගමන් කිරීම අසරණ වී සිටින ජනතාව තවදුරටත් බියට හා විශ්මයට පත් කරවන්නකි.

(මෙම ඡායාරූපය 2014/06/22 දින වැලිපිටිය මුස්ලීම් දේවස්ථාන ඉදිරිපිට ගන්නා ලදී)

පුහු වීරකම් එපා…

තවත් විශේෂ කාරණයක් සදහන් කලයුතුව ඇත. ඔබ එම ප්‍රදේශවල සංචාරය කරන්නේ විනෝදය සදහා නොවන බව හොදින් මතකයේ තබාගන්න. එපමණක් නොව එහි පුහුවීරයන් වීමට හෝ වීරවදන් පැවසීමට හෝ කිසිවකු උත්සාහ නොකරන්න. විශේෂයෙන් ගිනිබත් වූ නිවාස නැරඹීමේ දී ඒ තුල හෝ ඉන් පිටත අනවශ්‍ය පාඨයන් ලිවීමෙන් වලකින්න. මන්ද සෑම නිවසක ම වාගේ එවැනි වදන් ලියා ඇති ආකාරය දැකගත හැකි විය. අපගේ ආවේගය දුක පිටකරන්න තිබෙන එකම ආකාරය මෙය නොවේ. ඉවසන්න මේ සියල්ල අල්ලාහ් (දෙවි) අපට වඩා හොදින් නිරීක්ෂණය කරන බව අමතක නොකරන්න.

ප්‍රාර්ථනාව…

මේ මොහොතේ සැබෑ මුස්ලීම්වරයෙකු ලෙස අප කලයුතු වන්නේ සිංහල ජාතිවාදීන්ගේ මිලෙච්ඡ ප්‍රහාරයට ගොදුරුව එහි අසරණව සිටින ජනතාවට අපට හැකි පමණින් පිහිට වීම හෝ එම ජනතාව වෙනුවෙන් වූ ඔබේ ප්‍රාර්ථනාව අල්ලාහ් (දෙවි) හමුවේ තැබීමයි. මේ මොහොතේ අසාධාර්ණයට ලක්වූ මේ අසරණ ජනතාව හා අල්ලාහ් (දෙවි) අතර කිසිදු තිරයක් නොමැති බව මුස්ලීම් ඔබ අමතක නොකලයුතුයි. මේ හේතුව නිසා අපගේ දුක, ආවේගය අල්ලාහ් (දෙවි) හමුවේ ප්‍රාර්ථනාවක් ලෙස තබන්න අප සියළුදෙනා උත්සාහ කරනවා මිස ඒ ජාතිවාදී පිරිසගේ තත්වයට අප පත්විය යුතුව නැත.

යෝජනාවක්…

එම ප්‍රදේශවල සංචාරය කිරීමේ දී අවබෝධ වූ ප්‍රධාන දුර්වලතාවයක් ද මෙහි සදහන් කලයුතුව ඇත. එනම්, භාහිරින් සහෝදර ජනතාවගේ ආධාර කොතරම් මේ ප්‍රදේශවලට ගලා ආවත් එය විදිමත්ව බෙදාදීම හා සැලසුම් සහගත ලෙස යෙදවීම පිලිබදව ලොකු දුර්වලතාවයක් එහි දක්නට ඇත. මෙයට ප්‍රධාන හේතුව එම ප්‍රදේශවල සිදුව ඇති විනාශය, අලාභය පුද්ගල හා පවුල් මට්ටමින් නිසි පරිධි තවම ගණනය කොට නොමැති වීමයි. මෙයට එම ප්‍රදේශයේ ජනතාවට දොස් පැවරිය නොහැක. මන්ද මේ සිද්ධිය තුල දැඩි කම්පනයට ලක්ව සිටින එම ප්‍රදේශවල ජනතාවට එය පහසු කටයුත්තක් නොවන බැවිණි. මෙවැනි ගණනය කිරීමක අවශ්‍යතාවය සෑම පල්ලියකටම (දේවස්ථානයකටම) ඇති බව ඔවුන් සමඟ කථා කිරීමේ දී ද මාහට පැහැදිලි විය. මේ අනුව මෙම ලිපිය බලන ස්වෙච්ඡා තරුණ කණ්ඩායමකට යහමඟ යොජනා කරන්නේ එම ප්‍රදේශවල සිදුව ඇති අලාභහානිය හා අනිකුත් තොරතුරු රුස්කිරීමට මැදිහත් වන ලෙසයි. (මෙහිදී දැනට රජය විසින් යම් යම් කොන්දේසිවලට යටත්ව සකස් කරමින් යන තොරතුරු ලේඛනයට වඩා ඔබ්බට ගිය තොරතුරු ලේඛනයක් සකස් කලයුතුව ඇත.) මෙය මේ මොහොතේ එම ජනතාවට කරන ඉමහත් උපකාරයක් යන්න මාගේ දැඩි විශ්වාසයයි.

අවසාන වශයෙන්…

මා අළුත්ගම ප්‍රදේශයේ කල සංචාරයේ දී විශේෂ අවදානය යොමු කලේ මේ ඛේදවාචකයට ගොදුරු වූ පවුල්වල දරුවන් සම්බන්ධයෙනි. එහිද පාසැල් යන දරුවන් සම්බන්ධයෙන් විශේෂ අවදානයක් යොමු කරන ලදී. මන්ද මේ රටේ සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබෙන ජාතිවාදී පරිසරයත් සමඟ බුද්ධිමත් තරුණ මුස්ලීම් පරම්පරාවකගේ අවශ්‍යතාවය දැඩිව මතු වෙමින් ඇත. එපමණක් නොව ජාතිවාදීන් කොතරම් සැලසුම් සහගතව හා සූක්ෂමව මුස්ලීම් ව්‍යාපාරිකයන් විනාශ කරන්න හා නැති කරන්න මේ රටේ පිඹූරුපත් සැකසුව ද ඔවුන්ට එලෙස විනාශ කල නොහැකි දෙයක් ඇත. ඒ අධ්‍යාපනයයි, එය මේ සමාජයට හොදින් ලබාදිය යුතුව ඇත. ඒ සදහා ම විශේෂිත එසේම දීර්ඝ කාලීන වූ සැලසුම් සකස් වියයුතුව ඇත.

යමක් කලයුතුව ඇත…

මා සංචාරය කල ප්‍රදේශවල ඝාතනයට ලක්වූ පවුල්වල හා ගිනිබත්කල නිවාස, එම නිවසේ ජීවත් වූ පවුල්වල පාසැල් යන වයසේ දරුවන් පිලිබදව තොරතුරු පහතින් පෙලගසා ඇත. ඒ එම පවුල් තොරතුරු සමඟ ඔවුන් සම්බන්ධ වියහැකි දුරකථන අංකය ද සහිතවය. ඔබ ඔවුන්ගේ අවශ්‍යතාවය නිසිලෙස හදුනාගෙන ඔවුන් වෙනුවෙන් සාධාර්ණ මැදිහත්වීමක් කලයුතුව ඇත.

එම තොරතුරු මෙසේය…

මෙහි පහතින් ඉදිරිපත් කොට ඇත්තේ අවාසනාවන්ත ලෙස වෙඩි පහරට ගොදුරුව ඝාතනය වූ සහෝදරයන් දෙදෙනෙකුගේ පවුල් විස්තරයයි. එම පවුල්වලට ඔබගේ සහයෝගය, මැදිහත්වීම අත්‍යඅවශ්‍ය වී ඇත. විශේෂයෙන් එම පවුල්වල දරුවන් වෙනුවෙන් විශේෂ වැඩ පිලිවෙලක් සකස් වියයුතුව ඇත.

අනු අංක / සම්බන්ධීකරණ නම /දුරකථන අංක / විශේෂ විස්තර

වැලිපිටිය ගම

01 එම් රිමාස් (මස්සිනා) 0770735261 කුලී නිවසක ජීවත් වන (වයස අවුරුදු 6 සහා 2.5 වන දියණියන්ගේ) දෙදරු පියකු වන එම් ශිරාස් වෙඩි පහරින් මියගිය අතර ඔහුගේ පවුලේ ආදයම් මාර්ගය වී තිබී ඇත්තේ මියගිය පුද්ගලයාගේ දෛනික කුලී වැඩයි.

02 මොහොමඩි මුසාදික් (මස්සිනා) 0716465753 සුළු වෙළදසැලැක් පවත්වාගෙන ගිය (වයස අවුරුදු 12, 4 හා 2 වන දියණියන්) තිදෙනෙකුගේ පියකු වන එම් ජායිරාශ් වෙඩි පහරින් මියයන ලදී.

මෙහි පහතින් ඉදිරිපත් කොට ඇත්තේ අළුත්ගම චීනවත්ත, වැලිපිටිය, මිල්ටරිවත්ත හා අධිකාරිගොඩ යන ගම් 04 හි ජාතිවාදීන් විසින් සම්පූර්ණයෙන් ගිනිබත් කරන ලද නිවස හිමිකරුවන්ගේ විස්තරයන්ය. ඔවුන් සදහා පිහිට වීමට ඔබ අදහස් කරන්නේ නම්, මෙහි පහතින් ඇති එම නිවැස් හිමිකරුවන්ට කථා කොට ඔවුනට සහය වන්න.

චීනවත්ත ගම

01 එෆ් අස්මියා 0779744539 මෙම නිව‍සේ කළා අංශයන් උසස් පෙල හදාරන දියණියක් ද සිටී.

02 එම් ෆරීස් 0773193773 මෙම නිව‍සේ පාසැල් යන වයසේ දරුවන් 03 ක් සිටින අතර එක් දියණියක් උසස් පෙල හදාරයි.

03 එෆ් ශියානා 0766680064 මෙම නිව‍සේ පාසැල් යන වයසේ දරුවන් 02 ක් සිටින අතර එක් දියණියක් උසස් පෙල හදාරයි.

04 සිත්ති නිලාෆා 0772431516 මෙම නිව‍සේ පාසැල් යන වයසේ දරුවන් 02 ක් සිටි.

05 එම් රිම්සාන් 0714867890 මෙම නිව‍සේ පාසැල් යන වයසේ දරුවන් 04 සිටි.

06 එම් රමීස් 0779845918 මෙම නිව‍සේ පාසැල් යන වයසේ දරුවන් 04 ක් සිටි

07 මොහමඩ් අජ්මල් 0767775984 මෙම නිව‍සේ උසස් පෙල හදාරන දියණියක් සිටී.


වැලිවිටිය ගම

08 එම ෆයිරූස් 0712102910 මෙම නිව‍සේ පාසැල් යන වයසේ දරුවන් 04 ක් සිටි

09 එම් ෆයිරූස් 0712102910 ෆයිරූස්ගේ සහෝදරියකගේ නිවසක් වන මේ නිවසේ ද පාසැල් යන වයසේ දරුවන් 02ක් සිටින අතර එයින් එක් දරුවකු උසස් පෙල හදාරයි.

10 අබ්දුල් මලීක් 0774467966 මෙම නිව‍සේ පාසැල් යන වයසේ දරුවන් 02 ක් සිටී.


මිල්ටරිවත්ත ගම

11 එම් එච් එම් ෆාරූක් 0777900095 මොහු වාහන අලෙවිකරුවකු වන අතර ඔහු ලඟ ඒ මොහොතේ තිබූ සියළු වාහන ගිනිබත්කොට ඇත.

12 එම් ජිෆ්රි 0777186865 මෙම නිව‍සේ පාසැල් යන වයසේ දරුවන් 02 ක් සිටි


අධිකාරීගොඩ ගම

13 එම් නිසාම් 0775395772 මෙම නිව‍සේ පාසැල් යන වයසේ දරුවන් 04 ක් සිටි

14 ඒ එච් මොහොමඩ් 0774095718 මෙම නිව‍සේ පාසැල් යන වයසේ දරුවන් 01 ක් සිටි

15 එෆ් සිල්මියා 0777356188

16 එම් ශිෆාන් 0724872388

17 එම් ටී එම් රම්සාන් 0777221948 මෙම නිව‍සේ පාසැල් යන වයසේ දරුවන් 09 ක් (පවුල් දෙකක්) සිටි.

18 එෆ් ශාකිරා 0771270806 මෙම නිව‍සේ පාසැල් යන වයසේ දරුවන් 03 ක් සිටි

19 එම් මුනිකාෆ් 0773656369 මෙම නිව‍සේ පාසැල් යන වයසේ දරුවන් 03 ක් සිටි

20 ඒ එම් එෆ් නසීරා 0779529000 මෙම නිව‍සේ පාසැල් යන වයසේ දරුවන් 01 ක් සිටි

21 එම් ජෙස්මින් 0718962445 මෙම නිව‍සේ පාසැල් යන වයසේ දරුවන් 03 ක් සිටි

22 බිශ්රුල් ලාෆිර් 0757870532 මෙම නිව‍සේ පාසැල් යන වයසේ දරුවන් 02 ක් සිටි

23 ෆලුල් රහ්මාන් 0779882519 දරුවන් 02 පියෙකු වන මොහු කුලී නිවසක ජීවත් සිටින අතර එම නිවස ගිනිබත් කොට ඇත. නිවස හිමිකරු වන්නේ අබ්දුල් කාදර් (0344922027) නැමැත්තාය.

24 පී එම් සූරියා 0779316973 මෙම නිව‍සේ පාසැල් යන වයසේ දරුවන් 01 ක් සිටි.

25 එම් එච් එම් රම්සාන් 0773696116 මෙම නිව‍සේ පාසැල් යන වයසේ දරුවන් 03 ක් සිටි.


අළුත්ගම ඇතුළු ජාතිවාදීන්ගේ මිලෙච්ච ප්‍රහාරයට හා මංකොල්ලකෑමට ලක්වූ ප්‍රදේශයන් හි සංචාරය කරන පිරිසගේ අවදානයට එහි මා දුටු තවත් සුවිශේෂ තත්වයක් මෙහි සදහන් කරන්නට කැමැත්තෙමි. එනම්, සිංහල ජාතිවාදීන්ගේ දැඩි ප්‍රහාරයට ගොදුරු වූ නිවාස හා එම නිවැසියන් එම ප්‍රදේශවල සංචාරය කරන පිරිසගේ අවදානයට ලක් වූවත් මෙම අවාසනාවන්ත සිදුවීමට මැදිව රෝහලේ දැඩි සත්කාරයේ හා නේවාසිකව ප්‍රතිකාර ලබන පිරිස හා පොලිස් අත්අඩංගුවට පත්ව සිටින පිරිසගේ පවුල් සම්බන්ධයෙන් නිසි අවදානයක් යොමු නොවේ. එම ප්‍රදේශවල සංචාරය කරන පිරිස් එම සහෝදරයන්ගේ පවුල් කෙරෙහි ද අවදානය යොමු කලයුතු යන්න යහමඟ අවදාරණය කර සිටිමි.

එක්කිරීම… වැලිපිටිය ජුම්මා දේවස්ථානය මඟින් එම ප්‍රදේශයේ තොරතුරු එක්තරා දුරකට ඒකරාශි කොට තිබූ අතර එය යහමඟ ට ලබාදෙන ලදී. ඒ අනුව එම තොරතුරු ද ඔබේ දැනගැනීම පිණිස පහතින් ඉදිරිපත් කරමි. (මේ පිලිබදව වැඩි විස්තර සදහා – රිෆාද් 0714699258, 0773800648 විමසන්න)

DETAILS OF AFFECTED WELIPITIYA JUMMA MASJIDH – DHARGA TOWN

01) Number of houses – 796

02) Number of families (Approximately) – 1590

03) Population – 4500

04) Damaged houses – 03

05) Damaged shops – 01

06) Totally affected families – 06

07) Number of death by shooting – 02

08) Hospitalised by shooting – 07

09) Minor injuries – 15

10) Displaced families – 110


CASUALTIES IN DETAILS WELIPITIYA, DHARGA TOWN. DEATHS(SHUHADHAS)

1. M.R.M. Jairash(Alias Sahran) – 36 year Wife – Mrs.FathimaNawasiya(30) Children – M.J.FathimaNashfa(12) M.J.FathimaHafsa (4) M.J.FathimaHajara (2 months)

2. M.N.MohamedShiras(Alias Thuwaan) – 33 years Wife – A.FahimaRihana(34) Children – M.S.FathimaRaihana(6) M.S.FathimaSara(21/2 ) The family was living in a rent house. HOSPITALISED FOR BULLET WOUNDS

1.M.J.Mohamed Imran (36) He is currently getting treatment in Intensive Care Unit(ICU) at Kalutara Hospital.(Kalutara General Hospital).

2. M.H.MohamedAfker(20) – He is currently getting treatment in Intensive Care Unit(ICU) He is studying in IQRA technical college. (Colombo General Hospital).

3. Mohamed Fashan (20) (Kalutara General Hospital).

4. Mohamed Fowzan(25) (Kalutara General Hospital).

5. Mohamed Mirfath(19) (Colombo General Hospital).

6. Mohamed Naslan(28)

7. Mohamed Asjath(18) A leg is removed in ICU. (Colombo General Hospital)

8. Mohamed Namas(17) (Kalutara General Hospital).

DETAILS OF FULLY DAMAGED HOUSES Welipitiya, Dharga Town

(01) M.T.M.Naseer(60) – House owner S.Fayisa(45) – Wife M.Lareef(32) – Son Irfan Moulavi(30) – Son M.Imran(28) – Son Farsana(20) – Daughter Farsan(17) – Son Fasmina(16) – Daughter Nifla(22) – Daughter Nihla(21/2) – Daughter

(02) M.N.M.Fairoos(34) – House owner Nasmiya(31) – Wife Farha(13) – Daughter Farhan(11) – Son Nusra(9) – Daughter Safiya(6) – Daughter Hasna(6 months) – Daughter

(03) F.Mafahira(52) – House owner M.N.M.Imran(31) – Son M.N.M.Iliyas(28) – Son F.Safna – Daughter in law Yoosuf(11/2) – Grand son

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/26

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම