ඇයි ජාතිවාදී ආගම්වාදී මුහුණුවරයන් දෙන්නට හදන්නේ?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


කවදත් ශ්‍රී ලාංකීය සමාජයට වැදගත් මාතෘකාවන් කථා කරන යහමග අඩවිය අද දින ද කාලීන මාතෘකාවක් වෙත ඔබගේ අවධානය යොමු කිරීමට අදහස් කරමි. මා මෙහිදී කාලීන මාතෘකාවක් ලෙස සදහන් කලද සැබැවින්ම අද මෙහි කථා කරන මාතෘකාව ශ්‍රී ලාංකීය සමාජය තුල කාලයක් මුළුල්ලේ පවතින මාතෘකාවකි. ඒ ශ්‍රී ලාංකීය සමාජය මුස්ලීම්වරුන් අතින් කිසියම් ආකාරයක (හොරකම්ක්, වංචාවක්, කෝලාහලයක්, ඝාතනයක්, දූෂණයක්… යනාදී) අකටයුත්තක් සිදුවන අවස්ථාවල දී එය සමාජගත කරන ආකාරය හා එයට ලබාදෙන අසීමිත ප්‍රචාරය පිලිබදවයි. බහු ජාතීන් හා ආගමික ප්‍රජාවක් ජීවත් වන අප රට තුල මුස්ලීම් ප්‍රජාවට මෙවැනි අවාසනාවන්ත ඉරණමක් උදාකර තිබීම. සමස්ථ ජාතීයේ බුද්ධිමත් අවධානයට යොමු වියයුතු කරුණක් යන්න මාගේ විශ්වාසයයි. විශේෂයෙන් මුස්ලීම් සමාජයේ කිසියම් පුද්ගලයෙකු හෝ කිහිපදෙනෙකු සිදුකරන අකටයුතුකම්වලට ඉස්ලාම් ආගමික මුහුණුවරක් ලබාදී ඉස්ලාම් දහම ඉතා නින්දිත ආකාරයට විවේචනය කිරීම හා අපහස කිරීම නිරන්තරයෙන් දකින සුලභ කාරණයකි. (මේ පිලිබදව මීට පෙර ද යහමග අඩවිය තුල සාකච්චා කොට ඇත)

උදාහරණයකට මුස්ලීම් ජාතිකයන් පිරිසක් කිසියම් කෝලාහලයකට සම්බන්ධ වූයේ නම් එය මාධ්‍යය හරහා ප්‍රකාශ වන්නේ “ඉස්ලාමීය ත්‍රස්ථ” එසේත් නැත්නම් “ජිහාද්” කණ්ඩායමක් ලෙසය. කිසියම් සමාජ විරෝධි (මත්කුඩු වැනි) ව්‍යාපාරයකට මුස්ලීම් ජාතිකයෙකු සම්බන්ධ වූ අවස්ථාවල එය මාධ්‍ය තුල ප්‍රචාරය කිරීමේ දී එහි සුවිශේෂි කාරණයක් ලෙස “…මොහු මුස්ලීම් ජාතිකයෙකි…” යනුවෙන් ඔහුගේ ජාතිය මතු කොට පෙන්වයි. ඒ මොහොතේම මෙවැනි අපරාධකාරී ක්‍රියාවන්ට වෙනත් ජාතිකයෙකු සම්බන්ධ වන අවස්ථාවල ඔහුගේ ජාතිය එලෙස ප්‍රකාශ නොවේ. මෙම තත්වය හොදින් විෂ්ලේශණය කරන විට එය අතපසුවීමකින් හෝ වැරදීමකින් සිදුවන දෙයක් නොව ඉතා සැලසුම් සහගත ලෙස සිදුවන බවක් පෙනීයයි.

දීර්ඝ කාලයක් මුළුල්ලේ ඉස්ලාම් දහමට හා මුස්ලිම් සමාජයට එරෙහිව මෙලෙස දිගින් දිගටම අන්‍ය සමාජය ක්‍රියාකිරීම තුල එහි අවසාන ප්‍රථිපලය වන්නේ ඔවුනට එරෙහිව “මුස්ලීම් ජනතාව සමාජ විරෝධි ජන කොට්ඨාශයක්” යන ආකල්පයක්, සමාජ පිලිකුලක් නිර්මාණය වීමයි. කාලයක් මුළුල්ලේ මුස්ලීම් සමාජයට එරෙහිව මෙම තත්වය අප රට තුල ක්‍රියාත්මකව තිබෙන අතර එහි ප්‍රථිපලයන් ද අද මුස්ලීම් සමාජය අත්විදිමින් සිටී. අතීතයේ සාමූහිකව, සහයෝගයෙන් හා සමඟියෙන් කටයුතු කල ජාතීන් ඉහත තත්වයන් හේතුකොට ගෙන අද එකින් එකා කෙරෙහි වෛරයෙන් හා ජාතී වියරුවෙන් ක්‍රියා කරන තැනට තල්ලු වී සිටී. මා මේ පවසන කාරණය සමස්ථ ශ්‍රී ලාංකීය ජාතියටම පොදු කාරණයක් නොවේ. එසේ නොවීම රටේ සුළු ජාතියක්ව ජීවත් වන අපගේ වාසනාවකි. නමුත් මා ඉහතින් පවසන තත්වයට රටේ සැලකිය යුතු පිරිසක් පත්ව සිටීම ප්‍රතික්ෂේප කල නොහැකි සත්‍යයකි. මෙවන් අවාසනාවන්ත ඉරණමක් ශ්‍රී ලාංකීය ජනතාවට උරුමකරදීමට ප්‍රබල දායකත්වයක් සැපයූ ජාතිවාදී, ආගම්වාදී සංවිධාන මෙතැනදී සදහන් කලයුතුමය. ජාතිවාදය හා ආගම්වාදය දේශපාලන තුරුම්පුවක් කරගෙන ජනතාව අතර වෛරය වපුරමින් ඒ තුලින් දේශපාලන වාසි ලබන සමහරක් දේශපාලඥයින් අවසානයේ “අප එකම ජාතියක් ලෙස සියළු ජාතීන් සමඟියෙන් කටයුතු කරනවා නොවේද?” යයි වේදිකාවල හඩතැලීම ඔවුන් විසින්ම ඇති කල තුවාලය සුවකිරීමට ප්‍රමාණවත් නොවේ.

මා මේ පවසන ජාතිවාදී එසේත් නැත්නම් ආගම්වාදී විරසකය හොදින් පිළිඹිබු වන අවස්ථාවක් හා ස්ථානයක් ලෙස අන්තර්ජාලය සදහන් කලහැක. ඉතා විවෘතව එසේම නිවරැදි පුද්ගල හදුන්වාදීමකින් තොරව හා කිසිදු බාධාවකින් තොරව තම අදහස් comments හා blogs මඟින් ප්‍රකාශ කලහැකි නිසා මෙම තත්වය වඩාත් හොදින් එහි දක්නට ඇත. එයට ඕනෑතරම් නිදසුන් අන්තර්ජාලයෙන් ගෙනහැර දැක්වීමට හැක. අන්තර්ජාලයේ සැරිසරන විශේෂයෙන් ආගමික හා ජාතිවාදී “බ්ලොග්ස්” අතර සැරිසරන ඔබට ඒවටා ඒකරාශී වී සිටින පාඨක පිරිස් සංඛ්‍යාව, එහි සාකච්චාවට ගැනෙන මාතෘකාවන් හා එම ලිපිවලට ඉදිරිපත් වන comments එය මනාව පිළිඹිබු කරයි. මා මේ පවසන කාරණය වඩාත් හොදින් ඔබට තහවුරු කිරීම පිණිස මෙහි මා ඉදිරිපත් කරන සරල නිදසුන් කිහිපය බුද්ධිමත් ලෙස හොදින් විමසා බලන්න. එනම්,

මීට දින කිහිපයකට පෙර අන්තර්ජාලයේ පලකර තිබූ පහත පිංතූර කිහිපයක්

මෙහි දැක්වෙන්නේ ඉස්ලාම් දහමට අනුව මුස්ලීම්වරුන්ගේ ශුද්ධ වූ නගරය වන මක්කාවට අයිතිවාසිකම් කියමින් සමහරක් බෞද්ධ වෙබ් අඩවි තුල පලකොට තිබූ පිංතූර කිහිපයකි.

මක්කම

සිංහලය සුරකීමේ සංවිධානය පල කල නිවේදනය

මෙහි දැක්වෙන්නේ ශ්‍රී ලාංකිය මුස්ලිම් ව්‍යාපාරිකයන් හට ඉතා සැලසුම් සහතගව හා සංවිධානාත්මකව කරන ජාතිවාදී කුමණ්ත්‍රණයකි.

ඉහතින් මා ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලාංකීය සමාජය තුල මෑත කාලීනව පලකල ආගම්වාදි හා ජාතිවාදී ප්‍රචාරන නිදසුන් දෙකක් පමණි. මෙවැනි කුමණ්ත්‍රනකාරී ප්‍රචාරන දිනපතා අඛණ්ඩව සමාජගත වෙමින් පවතී. ඒවා පිලිබදව අපක්ෂපාතීව, විවෘත මනසින් යුතුව හා බුද්ධිමත් ලෙස විමසා බැලීම සමස්ථ ශ්‍රී ලාංකීය සමාජයේම කාලීන වගකීමක් යන්න මාගේ විශ්වාසයයි.

මීළඟට මා ඉහතින් සදහන් කල දෙවන කාරණය එනම්, “බ්ලොග්” වට ඒකරාශිව හිද ජාතීවාදයේ අන්තවාදීව ලියන comments ගැන සදහන් කරන්නේ ඒ සදහා ද නිදසුන් අන්තර්ජාලය තුලින් ඕනෑ තරම් උපුටා දැක්විය හැක. නිදසුනක් ලෙස මුස්ලීම් සමාජය තුල සිදුවූ සමීපතම සිදුවීමක් පදනම් කරගෙන අන්තර්ජාලය තුල පලවූ ලිපියක් හා එයට පාඨකයින් ලබාදුන් ප්‍රතිචාර (comments) කිහිපයක් පහතින් ඉදිරිපත් කිරීමට මා අදහස් කලේ එම ලිපිය හා එම සිදුවීම සම්බන්ධයෙන් කිසියම් හැදින්වීමක් විශේෂයෙන් ඉස්ලාමීය විග්‍රහය ද ශ්‍රී ලාංකීය සමාජයට ලබාදීමේ වගකීම මාහටත් පැවරී ඇති නිසාය. මීට දින කිහිපයකට පෙර අපේ රටේ “කට්ටන්කුඩි” නම් ගමේ සිදුවූ එක්තරා සිදුවීමක් පදනම් කරගෙන සිංහල භාෂාවෙන් ක්‍රියාත්මක “ඕපදූප” අඩවියක “අපහාසයට ලක් කල සිසුන් දෙදෙනා පල්ලියෙන් නිදොස් කරයි” යනුවෙන් ලිපියක් පලකොට තිබුණි. මෙම ලිපියට පාධක වූ සිදුවීම එම ලිපියේ මෙසේ සදහන් වී තිබුණි.

“අපහාසයට ලක් කල සිසුන් දෙදෙනා පල්ලියෙන් නිදොස් කරයි.”
නැගෙනහිර පළාතේ කට්ටන්කුඩි ප්‍රදේශයේ සිදු වූ සිදුවීමක් දෙස් විදෙස් අවධානය දිනාගැනීමට සමත්ව ඇත. සිද්ධිය සිදුව ඇත්තේ මෙසේය. 17 හැවිරිදි සිසුවියන් දෙදෙනෙක් කට්ටන්කුඩි නගරයේ ඉන්ටර්නෙට් කැෆේ එකකට ගොස් ඉන් පිටතට පැමිණෙද්දී ඉන් එක සිසුවියකගේ පියා විසින් එම සිසුවියන් දෙදෙනා අසභ්‍ය චිත්‍රපට නැරඹු බව චෝදනා කොට තිබේ. නමුත් එම සිසුවියන් දෙදෙනා එය ප්‍රතික්ෂේපකොට ඇත. ඉන් පසු ටික වෙලාවකින් අදාළ සිසුවියන් දෙදෙනා අසභ්‍යය චිත්‍රපට නැරඹු බවට නගරය පුරා ඇති පල්ලි නවයක ශබ්ද විකාශන යන්ත්‍ර වලින් ප්‍රචාරය කර ඇත. මුළු නගරයටම ඇසුණු ඒ පණිවිඩයෙන් නගරයේ මුස්ලිම් ජනයා අආල සිසුවියන් දෙදෙනා වටා රොක් වී ඔවුන් දෙදෙනාට චෝදනා කිරීමටත් පහරදීමටත් පටන්ගෙන ඇත. ඉන්පසු තරුණයන් පිරිසක් එම පියාගෙන් සිය දියණිය හා ඇගේ යෙහෙළිය උදුරාගෙන අසල නිවසකට ගෙන ගොස් පහර දී ඇත. පසුව පොලිසිය මැදිහත් වී අදාළ සිසුවියන් දෙදෙනා රෝහලට ඇතුලත් කොට ඇත. පසුව කල පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ සිසුවියන් දෙදෙනා අන්තර්ජාලයට ගොස් අසභ්‍යය චිත්‍රපට නරඹා නොමැති බවයි.
ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා නගරයම ආවරණය වන පරිද්දෙන් පල්ලි නවයක ශබ්ද විකාශන යන්තර වලින් එම සිසුවියන් දෙදෙනා නිදොස් බව ප්‍රකාශ කොට ඇත

මේ ඉහත ලිපිය කියවන ඔබට දැන් ගැටළුවක් පැනනැගෙනු ඇත. ඒ මෙම ලිපිය හා මා ඉහතින් පවසාගෙන ආ කාරණය අතර ඇති සම්බන්ධය කුමක්ද? යන්නයි. එම කාරණය පැහැදිලි කිරීමට මත්තෙන් මා ඉහතින් සදහන් කලාසේ මෙම සිදුවීම සම්බන්ධයෙන් සදහන් කලයුතු කාරණා කිහිපයක් ඇත. එනම්,

  • අන්තර්ජාලය පිලිබදව ශ්‍රී ලාංකීය සමාජ ආකල්පය

Internet Cafe පිලිබදව අප සමාජයේ වැඩිහිටියන් දරණ ආකල්පය හා තරුණ සමාජය එය අවබෝධ කරගෙන සිටින ආකාරය පිලිබදව බරපතල ගැටළුවක් ඇත. සංනිවේදන තාක්ෂණ දියුණුව හා එහි මිනිසාට ඇති යහපත පිලිබදව නිසි අවබෝධයක් නොමැති බහුතරයක් වැඩිහිටි පරම්පරාව මෙම Internet Cafe අවබෝධ කරගෙන සිටින්නේ අසභ්‍ය ජවනිසා නිදහසේ හා රිසිසේ නැරඹීමට සකස්කර ඇති ගුබ්බෑයම් ලෙසයි. එසේම බහුතරයක් තරුණ ළමුන් විශේෂයෙන් අවුරුදු 12 සිට 20 දක්වා වූ ළමුන් ලිංගිකත්වය , නිරුවත කෙරෙහි දක්වන උනන්දුවත් එය කෙරෙහි පවතින කුතුහලයත් නිසා ඉහත වැඩිහිටියන් සිතන ආකාරයට Internet Cafe වෙත ඇදී යන්නේ තමන්ගේ එම පහත් සිතුවිලි හා හැඟීම් තුනී කරගන්නටය. මේ දෙපාර්ශවයේම දුර්වලතාවය හදුනාගෙන සිටින Internet Cafeකරුවන් ද තම ව්‍යාපාරයේ සාර්ථකත්වය උදෙසා මෙහි ඇති සෑම පරිඝනකයක්ම හැකිතාක් අවරණය කොට කුඩා කුටීරයන් නිර්මාණය කර තිබීම මා ඉහත සදහන් වැඩිහිටියන්ගේ සැකය වඩාත් තහවුරු කරන අතර පහත් වින්දනයන් ලබන්න අපේක්ෂා කරන තරුණ පිරිසට මෙවැනි ස්ථාන තෝතැන්නක් වී ඇත. අද අන්තර්ජාලය තරම් මනුෂ්‍යාගේ දැනුම වර්ධනය කරගත හැකි ඒ සදහා පහසුකම් සලසා ගතහැකි වෙන කිසිවක් නැති තරම්ය. සමස්ථ විශ්වයම ඇඟිලි තුඩඟට ගෙනද්දෙන අන්තර්ජාලය මනුෂ්‍යාගේ කාර්යයන් පහසු කරන්නටත්, කාර්යක්ෂම කරන්නටත්, අදහස් හා පණිවුඩ හුවමාරු කිරීම තුලින් ඉටුකරන්නේ අනගි සේවාවකි. මෙම යහමඟ වෙබ් අඩවියට පවා මෙවන් වූ මෙහෙවරක් සිදුකිරීමට හැකි වී තිබෙන්නේ එම අන්තර්ජාලය තුලින් ලබාදෙන සේවාවේ ඇති පහසුකම නිසාම පමණි.

දැන් ඉහත එම ලිපිය වෙත නැවත අවධානය යොමු කලේනම්, එම සිසුවියන් දෙදෙනෙකු Internet Cafe තුලින් බැහැරට එනු දුටු (මා ඉහතින් සදහන් කල ආකාරයට (Internet Cafe පිලිබදව) වැරදි ආකල්පයේ සිටී) පියෙකු එම දරුවන් හට චෝදනාවක් සිදුකිරීමෙන් නතර නොවී දඬුවම් ද ලබාදී ඇත. මේ පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවරය විමසා බැලුවේ නම්,

  • ඉස්ලාම් දහමට අනුව “කාන්තාව සම්බන්ධයෙන්” චෝදනාවන් ඉදිරිපත් වීමේ දී පිරිමින්ට සාපේක්ෂව වඩාත් සැලකිලීමත් වේ. එවැනි චෝදනාවල පැහැදිලි සාක්ෂි පැවතීම අනිවර්ය අවශ්‍යතාවයක් වේ. ඒ අනුව ඉහත ක්‍රියාව ඉස්ලාම් විරෝධි බරපතල වරදකි.
  • දරුවන් සම්බන්ධයෙන් දඬුවම් කිරීමේ අයිතිය යම් යම් සීමාවන්ට යටත්ව දෙමාපියන්ට ඉස්ලාම් ලබාදී තිබුණ ද ප්‍රදේශයේ තරුණයන් හට එවැනි අවසරයක් නැතුවා පමණක් නොව එයත් ඉස්ලාම් දහමට අනුව බරපතල වරදකි.
  • ශ්‍රී ලාංකාව ඉස්ලාමීය නීතිය ක්‍රියාත්මක නොවන රටක් ලෙස (ඉස්ලාම් දහමට එරෙහි වූ නීතිරීති නොපනවන අවස්ථාවල) රටේ පවතින නීතියට අවනතවීම අත්‍යඅවශ්‍ය යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. එම ඉගෙන්වීමට අවනත නොවී නීතිය අතට ගෙන ක්‍රියා කිරීම ඉස්ලාම් ආගමට අනුව තවත් වරදකි.
  • මේ සියල්ලට වඩා තහවුරු කර නොගත් වරදක් පල්ලියක් මඟින් ප්‍රසිද්ධ කිරීම “කාන්තාවකට නිගාකිරීමේ” ඝනයට අයත් බරපතල වරදකි.
  • සමාජ වගකිවයුත්තන් පක්ෂපාතීව ක්‍රියාකල ආකාරය ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව බරපතල වරදකි.
  • දඬුවම් කිරීමට හෝ සැක කිරීමට මත්තෙන් එම ගැහැණු දරුවන් නිසි ආරක්ෂකයෙකු (වැඩිහිටියෙකු) නොමැතිව එවැනි තැනකට යන්නට අවස්ථාව ලබාදීම භාරකරුවන් කල වරදකි.

ඉස්ලාමීය ආදර්ශයෙන් ඔබ්බට ගොස් මෙවැනි වැරදි රාශියක් සිදුකරමින් ඉහත සිදුවීමේ දී ක්‍රියාකල සියළුදෙනාගේ අවධානයට එක් හදීසයක් ගෙන එන්නට කැමැත්තෙමි.

මුහම්මද් (සල්) තුමාණන්ගේ කාලයේ එක් (විවාහක) කාන්තාවක් “zසිනා” කර (අනියම් සම්බන්ධතාවයක් පවත්වා ඉන්පසු තම වරද අවබෝධ කරගෙන) නබිතුමාණන් වෙත පැමිණ “නබිතුමණි !, මම ‘සිනා’ කලා මට දඩුවම් (ඝාතනය) කරන්න?” යනුවෙන් ඉල්ලීම් කරන ලදී. එයට නබිතුමාණන් ‘ඔබ යන්න’ යනුවෙන් පවසන ලදී. එයට ඇය නැවත නැවතත් තමන්ට දඬුවම් කරන ලෙස නබිතුමාණන්ගෙන් ඉල්ලීම් කරන්නට විය. මෙලෙස ඇය දිගින් දිගටම තමන්ට දඩුවම ඉටුකරන ලෙස බලකල නිසා නබිතුමාණන් ‘ඔබ කුසේ ඇති දරුවා බිහිකලාට පසුව එන්න’ යනුවෙන් පවසා හරවා යවන ලදී. කලකට පසු තමා බිහිකල දරුවා ද රුගෙන පැමිණි ‘නබිතුමණි !, මගේ දරුවා මම බිහිකලා දැන් මට දඬුවම ඉටුකරන්න’ යනුවෙන් පවසන ලදී. එයට නබිතුමාණන් ‘ඔබේ දරුවාට මව් කිරිදීමේ වගකීමට ඔබට ඇත. එමනිසා ඔබේ දරුවාට ඝන ආහාර ගතහැකි කාලයක් පැමිණෙන තුරු පෝෂණය කොට ඊට පසුව පැමිණෙන්න’ යනුවෙන් පවා නැවතත් ඇය පිටත්කර හරින ලදී. තවත් කාලයක් ගෙවීගිය පසු ඇය තම දරුවා රැගෙන නබිතුමාණන් හමුවට පැමිණ දරුවාගේ අතේ රොටී කැබැල්ලක් දී තම දරුවා එය ආහාරයට ගන්නා බව ඔප්පුකොට පෙන්වා ඉන්පසුව නැවතත් ‘නබිතුමණි! දැන් මට දඬුවම ලබාදෙන්න’ යනුවෙන් ඉල්ලීමෙන් අනතුරුව ඇයට ඉස්ලාමීය නීතිය අනුව මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලදී…” (මෙය දීර්ඝ හදීසයක් වන අතර කෙටියෙන් සදහන් කොට ඇත)

ඉහත හදීසය හොදින් විශ්ලේෂණය කලේනම් ඉස්ලාමීය පාලනයක් යටතේ දඬුවම් ක්‍රියාත්මක කිරීමේ දී පවා කොතරම් ඉවසීමෙන් හා දුරදක්නා නුවණින් ක්‍රියාකර තිබෙනවාද? යන්න අවබෝධ කරගැනීම අපහසු නොවේ. එපමණක් නොව ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව වියරුවෙන් කෝපයෙන් දඬුවම් ක්‍රියාත්මක කිරීමට කිසිදු අවසරයක් නැත. මේ සියල්ල තුලින් අදර්ශ ලබා ක්‍රියා කලයුතු මුස්ලීම් සමාජයේ ඉහත පිරිස් වනචාරීන් මෙන් ක්‍රියාකර තිබීම ඉස්ලාම් දහමේ වරදක් නොව ඉස්ලාමීය ආදර්ශය තම ජීවිතයට ගලපා නොගැනීමේ වරදක් යන්න සමස්ථ ශ්‍රී ලාංකීය සමාජයම පැහැදිලිව වටහා ගතයුතුය. ඒ අනුව ඉහත සිදුවීම මා ඉහතින් සදහන් කල ආකාරයට අනවබෝධය නිසා මුස්ලීම් ජනතාව අතර සිදුවූ එක් සිදුවීමක් මිස මෙය ඉස්ලාම් පෙන්වාදෙන ආදර්ශයක් හෝ නිතියක් නොවන බව පැහැදිලි ලෙස අවබෝධ කරගතයුතුය.

දැන් මෙම ඉහත ලිපියට (comments) ප්‍රතිචාර දැක් වූ ආකාරය හා එය මෙම ලිපියේ අවධාරනය කරන ජාතිවාදය, ආගම්වාදය කොතරම් හොදින් පිළිඹිබු කරනවාද? යන්න විමසා බලමු. මෙය ශ්‍රී ලාංකීය සමාජයේ සිදුවූ තවත් එක් සිදුවීමකි. මෙවැනි සිදුවීම් අප සමාජය තුල වෙනත් ආගමිකයන් අතරත් සිදුනොවෙනවා යයි කිසිවකුට පැවසිය හැකිද?. මීට වඩා අවාසනාවන්ත සිදුවීමන් අප සමාජය තුල සිදුවෙමින් එය මෙලෙස පුවත් මැවීමන්ට භාජනය නොවී පවතිනවා නොවේද?. සතිඅන්ත පුවත්පතක් ගත්විට මෙවැනි සිදුවීම් වෙනුවෙන්ම විශේෂ පිටු වෙන්කර තිබීම අපට නොරහසක් නොවේද?. එවන් සිදුවීමන් මෙලෙස ආගමික හා ජාතිවාදී මුහුණුවරින් සමාජගත වෙනවාද? “තැලෙන යකඩේ උඩපැන පැන තලන” මේ සියළුදෙනා මේ කාරණය බුද්ධිමත් ලෙස විමසා බැලිය යුතු නොවේද? කිසියම් ප්‍රදේශයක කිසියම් පුද්ගලයෙකු (දැරියකගේ පියෙක්) කල අනුවනකාරී ක්‍රියාවක් පදනම් කරගෙන අන්තර්ජාලයේ පුවත් මැවූ කිසිදු වැදගත්කමක් නැති එම ලිපිය සදහා ඉදිරිපත් කරන ලද විශාල ප්‍රමාණයක් වූ comments අතුරින් කිහිපයක් පහතින් ඉදිරිපත් කරමි. එහි මතු කරන්න උත්සාහ කරන්නේ කුමක්ද? යන්න බුද්ධිමත් ලෙස විමසා බලන්න.

වනාන්තර හිම වලහා – තම්බි මරක්කලා රෙන්නේ ගලක් උඩා… රෙන රෙන තෑන ලකුනු ලකුනු… රෙන් රෙන් තෑන
රණමඬලේ වීරයෝ… – මුං මහා කාළකන්නි ජාතියක් බං…මුං අපේ රට වනසන්න යටි කුට්ටු වැඩ කරගෙන යනවා…හලාල් කියන්නෙත් එක ප්‍රෝඩාවක් මේකත් හම්බයන්ගෙන් පිරි ලංකිස්ථානයක් කරන්න හදන්නේ…නිදා ඉන්න එවුන් අහරියල්ල.මැලේසියාවට වෙච්ච දේ, බංගලදේශයට වෙච්චදේ ඇෆ්ගනිස්ථානයට වෙච්ච දේ මෙහෙ වෙන්න දෙන්න එපා…හැමෝටම දකින්න උඩින්ම කලේ reply එකයි…
amda – aniwaa aniwaa hamba haththa walikannea lankawa thawath eka balukisthanayak karanna
Sri Lanka – මේ ගෑනු ළමයි දෙන්නා වෑරද්දක් කලත් මිනිස්සුන්ට එයාලට දඩුවම් කරන්න තියෙන අයිතිය මොකක්ද?

ඒක උසාවියෙන් බලාගනියි. මුන් හිතන් ඉන්නේ මේක ශරියා නීතිය තියෙන රටක් කියලද? ජනාධිපතිතුමනි,ඔබ මේ රට ත්‍රස්තවාදින්ගෙන් බේරා ගත්තා සෙ දෑන් මේ මුස්ලිම් අන්තවාදින්ගෙනුත් බේරා ගෙන දෙන්න. මොකද හමුදා සෙබලු දිවි පුදලා නෑගෙනහිර බේර ගත්තේ කොනකපාලලාට ලියලා දෙන්න නෙවෙයි

Rasika Chaminda – nice comment… very good…
රණමඬලේ වීරයෝ… – නියමයි සහෝදරයා…
bitter truth – muslim anthwadin,lokaye cancer eka mulim,
anoni – agree
Lion – moda harak!!! Yako me rate neethiyak ndadda? How come different ethnic groups take the law into their hands like this ? This is not FUCKING MIDDLE EAST !!
facebook – මේකේ මාතෘකාව එන්න ඔනී “පල්ලිය විසින් අපහාසයට ලක් කල සිසුන් දෙදෙනා උසාවියේ තීරන මත පල්ලියෙන්ම නිදොස් කරයි ” කියලා නේද?
Part4 – කොහොමද මුස්ලිම් අපේ කැලෑ නීතිය -සැදැහැවත් මුසල්මානුවා
Nalin Silva – ke)i ambayonam maha mottayo
hipiya – …nodakin muslim hattha
choppe – muslim ballo okkoma ekai… marakkalayo elawala danna ona
Pravin Indranama – po))a hambayo inne lankawe…
Bad A$$ – Muslim fucktards, that father is an asshat. sorry he isn’t a father.
හෙළයා – ලංකාව හම්බ රටක් නෙවෙ ජනාධිපතිතුමා මෙවා විසදුවෙ නැත්තන් ඉලග ලේ හෑලිම වෙයි. තම්බියො හිතන් ඉන්නෙ සිංන්හලයො හැම දෙම ඉවසන ජාතියක් කියලා පල්ලි සිය ගනනක් අටවගෙන සිංහලයන්ගෙ ඉඩම් ටික කොල්ල කාල. මෙක පකිස්තානයක් කරන හිනෙ උන් අයින් කරගන්නෙ නැත්තන් හමබයො ටිකත් ප්‍ර්බාකරන් ගියෙ පාරෙම යවන්න වෙයි . පල්ලි වලින් අල්කයිඩා කාරයො ගෙන්නලා මුස්ලිම් කොල්ලොන්ට පුහුනුව දෙන එක අපි නොදන්නවා කියලද හිතන්නෙ . හොද්ට හොයල බලන්න මෙවා බොරුනම් මෙවට සල්ලි එන්නෙ කොහොමද පෙට්ටි කඩ ව්අගෙ පල්ලි තට්ටු පිටින් ගහන්නෙ කොහොමද කියලා
jhothishalanka – මරක්කල මිනිස්සු මේ වගේ මහා මෝඩ තකතීරු මිනිස්සු.හොද වෙලාවට සිංහල බෞද්ධ අපි මේ රටේ මහ ජාතිය වෙච්චි
සුදු පුතා – අපෝ තම්බි හැත්ත
kacy – තම්බ්යනි මෙක අපෙ රට තොපිට ඕනෙ ඕනෙ විදිහට රට කරන්ඩ ඉඩ තියන්නෙ නෑ…
guest – තම්බියො ඔහොමම තමා…
Anonymous – ඔය කැ) තම්බියෝ කට ඇරියොත් කියන්නේ බොරු !!රටේ තියන හැම ජරා වැඩේම කරලා පල්ලිය පිටින් දාල ශේපේ වෙන්න තම උන් දන්නේ ! පර බල්ලෝ !!.

මේ ආකාරයේ comments විශාල ප්‍රමාණයක් ඉහත ලිපිය සදහා ඉදිරිපත්ව තිබුණි. එහි සමහරක් අදහස් දැක්වීම් මෙහි සදහන් කිරීමට පවා නොහැකි ආකාරයේ අසභ්‍ය වචනවලින් සමන්විත විය. මෙම ප්‍රතිචාර පිරිසකට විනෝදයක් වන්නට පුළුවන. තවත් පිරිසකට පිලිකුල් සහගත වන්නට පුළුවන. තවති සුළු පිරිසකට මෙය මා කෙරෙහි වෛරයක් නොසතුටක් ඇති කිරීමට හේතු වන්නට පුළුවන. එයින් කුමක් සිදුවුවද ඒ සියල්ල තුලින් පිළිඹිබු කරන්නේ මෙම ලිපියෙහි අරමුණ සාර්ථක බවයි. එනම් මෙවැනි ප්‍රතිචාර දැක්වීම තුලින් එක් පසෙකින් ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජය පිලිබදව ඔවුන් දරණ ආකල්පය මනාව පිලිඹිබු කර ඇත. තවත් පසෙකින් මෙවන් අනුවනකාරී මෙන්ම ඉස්ලාම් විරෝධි ක්‍රියාවක් සිදුකිරීම තුලින් මුස්ලීම් සමාජයට පමණක් නොව ශුද්ධ වූ දහමට නින්දාවක් ලබාදීම පිලිබදව මුස්ලීම් සමාජය වරක් නොව දෙවරක් සිතා බලා මෙවැනි වැරදි ඉදිරියට සිදුනොවීමට වගබලා ගතයුතුය.

එසේම මෙහි සදහන් කලයුතු තවත් සුවිශේෂි කාරණයක් ඇත. මේ දිනවල බුදුදහමට එරෙහිව අන්තර්ජලය තුල ක්‍රියාත්මක විවිධ වෙබ් අඩවීන් පිලිබදව හා එය තහනම් කිරීම පිලිබදව නිතර ජනමාධ්‍යන් තුල සාකච්චා වේ. නමුත් එම ආගම නියෝජනය කරන සමහරක් පිරිසක් අතින් ඉස්ලාම් දහම කිසිදු පදනමකින් තොරව නින්දිත ආකාරයට විවේචනය වීම කොතරම් අවාසනාවක්ද?. අද අන්තර්ජාලයේ සිංහල භාෂාවෙන් ඉස්ලාමීය වචනයක් සෙවූ විට මුලින්ම පෙන්වන්නේ ඉස්ලාම් විරෝධි වෙබ් අඩවීන්ය. එසේනම් ඔවුන්ගේ මඩ ව්‍යාපාරී මෙහෙවර කොතරම් සංවිධානාත්මකද? පුළුල්ද? යන්න අවබෝධ කරගැනීම අපහසු නොවේ. ඉහත සිදුවීම වැනි සිදුවීමක් පදනම් කරගෙන සමස්ථ මුස්ලිම් ජාතියම හෝ ඉස්ලාම් ආගම විවේචනය කිරීම තම සැඟවුණු න්‍යාය පත්‍රය මනාව පිළිඹිබු කිරීමක් නොවේද?. එසේ නොවේ නම් මෙවැනි විටෙක මීටත් වඩා අනුවනකාරී තකතීරු ක්‍රියාවන් අපේ රටේ දිනපතා ඕනෑතරම් සිදුවෙද්දී එවන් සිදුවීම් ඉහත ආකාරයට ජාතිකත්වය හෝ ආගමික පසුබිම පදනම් කරගෙන සංවාදයන් ගොඩ නොනැඟෙන්නේ මන්ද?. එවැනි සිදුවීම් තනිපුද්ගල වුවද, සාමූහික ක්‍රියාකාරකම් වුවද එය කිසිදු ආකාරයක සංවාදයකට බදුන් නොවන අතර එලෙස සංවාදයට බඳුන් වුවද එය කිසිසේත් ජාතිවාදී හෝ ආගම්වාදී මුහුණුවරක් නොගනී. නමුත් එවැනි සිදුවීමක් මුස්ලීම් සමාජයේ සිදුවන විට එහි සංවාදයට ගැනෙන්නේ ඉස්ලාම් ආගම හා මුස්ලීම් ජාතිකත්වයයි. ශිෂ්ඨසම්පන්න සමාජයක් බව ලෝකයාටම අඩම්භරයෙන් පවසාගන්නා ශ්‍රී ලාංකීය ජාතීය මෙලෙස කටයුතු කිරීම තුලින් ලෝකයාට කියාපාන්නේ කුමක්ද?

මුස්ලීම් සමාජයේ කිසියම් පුද්ලගයකු හෝ කිහිපදෙනෙකු සිදුකරන පහත් ක්‍රියාවකට ආගම්වාදී හෝ ජාතිවාදී මුහුණූවරක් ලබාදී “බොරදියේ මාළු බාන” පිරිසගේ අවධානයට ඔවුන් නියෝජනය කරන සමාජයෙන්ම මෑතකාලීන මාතෘකා කිහිපයක් පහතින් ගෙනහැර දක්වමි. ඒ “මේවාත් ජාතිකත්වය හා ආගම පදනම් කරගෙන ප්‍රතිචාරයන් ඔබ ඉදිරිපත් කරන්න” යන්න පැවසීමට නොව මෙවැනි මාතෘකාවන් සම්බන්ධයෙන් ඔබේ හඳවත ඔබට කුමක් කියනවාද? යන්න ඔබ ඔබගෙන්ම අසා දැනගැනීමටය.

මුස්ලිම් සමාජයේ ආගමික විනයක් දැනුමක් නැති අනුවනකාරී පුද්ගලයෙකුගේ හෝ කිසියම් සුළු පිරිසකගේ ක්‍රියාකලාපයන් ඉහත ආකාරයට විවේචනය කරන පිරිසට රටේ තොටේ සිදුවන ඉහත ආකාරයේ වැරදි හා අනිකුත් අපරාදයන් අතපසු වන්නේ කෙසේද? යන්න මහත් ගැටළුවකි. රටේ අනිකුත් ජාතීන් අතර තනිපුද්ගල වශයෙන් ගත්ව්ට දිනපතා සිදුවන හොර, වංචා, අපචාර, මිනීමැරීම්… යනාදීයට අමතරව දේශපාලනමය වශයෙන් හා වෙනයම් ආකාරයේ සංවිධානාත්මකව සිදුවන සමාජ විරෝධි ක්‍රියාවන් මෙලෙස ඔවුන් නියෝජනය වන ජාතීය හෝ ආගම පදනම් කරගෙන විවේචනයන් සිදුනොවන්නේ මන්ද? මේවාද ඉහත ආකාරයට පහත් විවේචනයන් සිදු වියයුතුයි යන්න යහමඟ අපේක්ෂාව නොවේ. මෙවැනි ප්‍රශ්න මතුකිරීම තුලින් මා අපේක්ෂා කරන්නේ රටේ සුළු ජාතිය වන මුස්ලීම්වරුන්ට එරෙහිව ශ්‍රී ලාංකීය සමාජය තුල කොතරම් ජාතිවාදී හා ඉස්ලාම් විරෝධි පිරිස් ක්‍රියාත්මක වනවාද? යන්නයි. කුරිරු යුධගිනි නිවී නිවී ගොස් රටක් ලෙස නැඟීසිටීමට වෙරදරන මේ මොහොතේ ජාතියක් ලෙස අනිකුත් ආගමික මතවාද ගරු කරමින් එකින් එකා අවබෝධයෙන් හා සහයෝගයෙන් කටයුතු කිරීම කාලීන අවශ්‍යතාවයකි. එම පරිසරය රට තුල උදාකල හැක්කේ සියළු ජාතීන් අනිකුත් මතවාද ගරුකරමින් සුහඳව ක්‍රියා කිරීමෙන් පමණක් යන්න මාගේ විශ්වාසයයි. එම මෙහෙවරේ නිරතව සිටින යහමඟ මෙම ලිපිය අවසන් කරන්නේ ශුද්ධ වූ කුර්ආනය අවධාරණය කරන පාඨයක් ඔබගේ බුද්ධිමත් අවධානයට යොමු කරමිණි. එනම්,

“කිසියම් ජන සමාජයක් කෙරෙහි ඔබට තිබෙන නොසතුට ඔවුනට අසාධාරණයක් සිදුකරන තැනට ඔබව පත්නොකරත්වා!”

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/13

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම