ඉස්ලාම් දහ‍‍මේ මූලාශ්‍ර

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ඉස්ලාම් දහ‍‍මේ මූලාශ්‍ර
ඉස්ලාම් දහ‍‍මේ මූලාශ්‍ර

ඉස්ලාම් දහ‍‍මේ මූලාශ්‍රය වන්‍‍නේ දේව පණිවිඩය පමණි. මෙම ‍‍දේව පණිවිඩයට අරාබි භාෂා‍නේ කියන්‍නේ 'වහී' කියා ය. ඉස්ලාම් දහමට අනුව මිනිසා තම සියළු ක්‍රිය වහී නම් දේව පණිවිඩයට අනුවම සකසා ගත යුතු බව සදහන් කළෙමු. මෙම දේව පණිවිඩය කොටස් දෙකකි. එනම්

දෙවියන් වහන්සේ ජිබ්රීල් නම් තම සුර දූතයා මාර්ගයෙන් දේව වකෘවරයාට සෘජුවම පාරායනය කර පෙන්වන ලද ශුද්ධ වූ කුර්ආනයයි. මෙම ශුද්ධ වූ කුර්ආනය අවසාන දේව වක්තෘ මුහම්මද් තුමානන්ට අවුරුදු විසිතුනක වක්තෘ මෙහ‍යේ දී ඒකක සර්වබලධාරී දෙවියන් වහන්සේ වන අල්ලාහ්ගෙන් ලැබුනු අවවාද හා අනුශාසනා ඇතුලත් මගයෙන් වීමයි. එතුමාණන්ගේ අභාවයන් පසු සයමසක් ඇතුළත එතුමාව ලගින්ම ඇසුරු කළ එතුමාණන්ගේ සගයින් විසින් ග්‍රන්ථාරූඩ කරල ලදි. මෙම ශුද්ධ වූ කුර්ආනය ගැන ඇතැම් කරුනු ඉහත අප සදහන් කර ඇති අතර මුස්ලිම් අයට මෙන්ම මුස්ලිම් නොවන අයට ද මේ ගැන යම් දැනුමක් ඇත. වහී හි දෙවන කොටස වන්නේ දේව වක්තෘ මුහම්මද් තුමාණන් ගේ මගපෙන්වීමයි. මෙය ශුද්ධ වූ කුර්ආනයේ ප්‍රායෝගික විග්‍රහයයි. ඉස්ලාමීය ව්‍යවහාරයෙන් මෙය හදීස් කියාද සුන්නා කියාද හදුන්වනු ලැබේ.ශුද්ධ වූ කුර්ආනය මගින් අල්ලාහ් විසින් කරන ලද අණුශාසනා හා අවවාදයන් අල්පමාත්‍රයක් හෝ උල්ලංඝනය නොකර ප්‍රා‍යෝගිකව තම ජීවිතයහි ක්‍රියාත්මක කරමින් සකළ ලෝවැසියාටම පූර්වාදර්ශය සැපයූ ආකාරය මෙම හදීස් මගින් විස්තර කෙරේ. දේව වක්තෘ තුමන්ව ලගින්ම ආශ්‍රය කරමින් එතුමාගේ අනුශාසනාවට අනුව සිය ජීවිත හැඩගස්වා ගත් සහාභාවරු නැමැති එතුමාගේ අනුගාමිකයින් විසින් පසු සියවස් වල් ජීවත් වූ සැදැහැවත් ඥානවන්තයින්ට ප්‍රකාශ කරන විට ඔවුන් විසින් ග්‍රන්ථාරූඩ කර හදීස් ග්‍රන්ථ ලෙස ලොවට ඉදිරිපත් කරන ලදි. එවැනි ග්‍රන්ථ කිහිපයක නම් පහත ඉදිරිපත් කරමු.

*සහීහුල් බුහාරී

*සහීහ් මුස්ලිම්

*සුනන් අබූ දාවූද්

*සුනන් තිර්මිදී

*සුනන් නසාඊ

*සුනන් ඉබ්නු මා‍ජා

*මුස්නද් අහ්මද්

*මුඅත්තා

*දාරමී

*දෛයිලමී

*හාකිම්

*ඉබ්නු හිබ්බාන්

*ඉබ්නු හුසෛමා

*බෛහකී

*තබ්රානී

*මුස්නද් අල් බස්සාර්

මෙවැනි ග්‍රන්ථ වල සැදැහැවත් දැනුම් දෙන්නන්ගේ දම්වැලෙන් ඉදිරිපත් කෙරෙන හදීස් සහීහ් (නිවැරදි) හදීස් (දේව වකෘතුමාගේ වදන්) වේ. ඒවාට අවනත වීම හා පිළිපැදීම මුස්ලිම් වරයෙකුගේ අනිවාර්ය යුතුකමයි. ඔහු ශුද්ධ වූ කුර්ආනය පිළිගන්නාක් මෙන්ම මෙයද දේව වදන් ලෙස පිළිගත යුතුය. කුර්ආනය හා සහීහ් හදීස් කාසියක දෙපැත්තක් මෙනී. මෙයින් එකක් පිළිගෙන එකක් ප්‍රති‍කෂේප කළ නොහැකිය. මේ දෙකම පිළිගෙන ජීවිතයේ සෑම අංශයක්ම මෙම මූලාශ්‍රයන් දෙකට අනුවම පමනක් හැඩගස්වා ගන්නා පුද්ගලයා පරිපූර්ණ මුස්ලිම්වරයෙකි.

ඒකක දේවියන් වහන්සේගේ දේව පණිවිඩය වන මෙම කුර්ආනයත් සහීහ් හදීසයත් මිනිස් ජීවිතයේ සෑම ප්‍රශ්නයකටම පිළිතුරු සපයයි. උපතේ සිට මරණය දක්වා වූ ලෞකික ජීවිය අධ්‍යාත්මිකව හැඩගස්වාගත යුතු ආකාරය මෙම දේව මූලාශ්‍රයන් දෙක මගින් මනාවටම පැහැදිලි කර ඇත. කෙල ගැසීම වැන සුළු කරණක සිට පාලනය කිරීම වැනි සංකීර්ණ කරුණක් දක්වාම මෙම මූලාශ්‍රයන් දෙ‍කෙන් ඉදිරිපත් ‍කෙරෙන කරුණු දේව වක්තෘ මුහම්මද් (සල්) තුමාණන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර එහි සාර්ථකතාවයද ඔප්පු කර ඇති නිසා ලොව දැනට ඇති එකම සහ කදිම යහමග මේ දෙක පමණි.

මෙම කුර්ආනය හා සහීහ් හදීස් යන මූලාශ්‍රයන්ට පරිබාහිරව, මෙ දෙකෙහි කිසිදු සාක්ෂියක් නොමැති යම් දෙයක් ඉස්ලාම් යන නමින් යමෙක් පිළිපැද්දහොත් එය මංමුළාවකි. මෙවැනි මංමුලාවන්ට ඉස්ලාමීය ව්‍යවහාරයෙන් බිද්අත් යැයි කියනු ලැබේ. බිද්අත් යනු නිරයෙන් කෙළවර වන මහා පාපයක් බවට දේව වක්තෘ මුහම්මද් නබි තුමානෝ අවවාද කර ඇත.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/02/11

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම