ඉස්ලාම් හි මූලික ප්‍රතිපත්ති

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


අල්ලාහ් (දෙවි)
අල්ලාහ් (දෙවි)

වර්තමාන මුස්ලිම්වරුන්ගෙන් බහුතරයක් හුදෙක්ම නාමික මුස්ලිම්වරුන් පමණි. ඔවුන් ඉස්ලාම්හි මූලික ප‍්‍රතිපත්ති නිවැරදිව වටහාගෙන නොමැත. අල්ලාහ් යනු කවුරුන් ද? අපි ඊමාන් (විශ්වාස) කළ යුතු කරුණු මොනවා ද? යන මූලික කරුණු පවා මුස්ලිම්වරුන්ගෙන් බහුතරයක් නොදනිති. එම මූලික විශ්වාසයන් පූර්ණ ලෙස පිලිගන්නා ඕනෑම කෙනෙකු ‘මුස්ලීම්’ වීමට සුදුසකම් ලබයි. මෙය ඉස්ලාම් දහමේ මූලික ප්‍රතිපත්ති ලෙස හැදින්වේ. මේ ආකාරයේ මූලික විශ්වාසයන් නොහොත් ප්‍රතිපත්ති 06ක් ඉස්ලාම් දහම පවසන බව මීට ඉහත 'හදීස් ජිබ්රීල්' නම් හදීසය තුලින් කෙටියෙන් විමසා බැලුවෙමි. එම විෂය මෙතැන් සිට සවිස්තරව විමසා බලමු.

දෙවියන් පිලිබදව වූ විශ්වාස

ඉස්ලාම් දහම තුල සෑම මුස්ලීම්වරයෙකුම විශ්වාස කලයුතු මූලික කරුණූ 06 අතුරින් ප්‍රධාන හා එහි පලමු තැන මිහි වන්නේ ‘අල්ලාහ්’ දෙවියන් පිලිබදව වූ විශ්වාසයටයි. ඉස්ලාම් පවසන දේව සංකල්පය ලොව අනිකුත් ආගම් හා සමාජ සම්ප්‍රදායන් තුල පවතින දේව සංකල්පයන්ට වඩා සහමුලින් වෙනස් වූ ආකාරයක් ගන්නා එකකි. අන්තර්ජාලය තුල පවා සමහරක් පිරිස් ඉස්ලාම් පවසන දේව සංකල්පය විවේචනය කිරීම සදහා පදනම් කරගන්නේ තමන් පිලිපදින දහමේ පවතින දේව විශ්වාසයන්ය. තවත් අවස්ථාවල දකින සුලභ කාරණයක් වන්නේ මිනිසාට සාපේක්ෂව දෙවියන් පිලිබදව කථා කිරීමයි. මෙවැනි දේව සංකල්ප සමහරක් ආගම්වල පවතින බව සැබෑවකි. නමුත් ඉස්ලාමීය දේව සංකල්ප තුල එවැනි විශ්වාසයන් දක්නට නැත. මේ හේතුව නිසා ඉස්ලාම් පවසන දේව සංකල්පය ලොව අනිකුත් ආගමිත දේව සංකල්පය සමඟ සංසන්ධනාත්මක ලෙස කවුරුන් විසින් හෝ කථා කරන්නේ එය ඔවුන්ගේ අනවබෝධය පමණි. මෙම අනවබෝධය දුරු කිරීම පිණිසත්, ඉස්ලාම් දහම පවසන දේව සංකල්පය කුමක්ද? යන්න සමාජයට අණාවර්නය කිරීම පිණිසත්, මේ යටතේ ඉස්ලාම් පවසන දේව විශ්වාසය සම්බන්ධ ලිපි පහත Link එක යටතේ ගොනු කෙරේ.

මලාඉකාවරුන් හෙවත් දේවදූතයන් විශ්වාස කිරීම

ඉස්ලාම් දහමේ මූලික ප්‍රතිපත්ති අතර දෙවැනි තැන හිමි වන ප්‍රතිපත්තිය නොහොත් විශ්වාසය වන්නේ 'දේවදූතයන් (මලාඉකාවරුන්)' හෙවත් දෙවියන්ගේ පණිවුඩ මනුෂ්‍යා වෙත ගෙන එන දූතයන් පිලිබදව වූ විශ්වාසයයි. මෙම දේවදුතයන් යන විෂය ඉස්ලාම් දහමට පමණක් ආවේනික විශ්වාසයක් නොවේ. ලොව සෑම දහමකම පාහේ මෙම කාරණය දක්සනට ලැබේ. ඉස්ලාම් දහම තුල දේවදූතයන් පිලිබදව බොහෝ කරුණූ සාකච්චා වන අතර එම දේවදූතයන් පිලිබදව මුස්ලීම්වරුන් විශ්වාස කිරීම ද ඉස්ලාම් දහමේ මූලික අංගයක් වේ. ඔවුන් ‘මලාඉකාවරුන්’ යනුවෙන් ඉස්ලාම් හදුන්වන අතර ඔවුන් පිලිබදව වූ ඉස්ලාමීය විශ්වාසය කුමණ ආකාරයේ එකක්විද? මෙම දේවදූතයන්ය පිලිබදව ඉස්ලාම් පවසන කරුණු මොනවාද? යන්නත් මෙහි පහත link එක යටතේ ගොනු කෙරේ.

පුස්තකය හෙවත් අල්කුර්ආනය විශ්වාස කිරීම

අල්ලාහ් දෙවියන් පිලිබදව හා ඔහුගේ දේවදූතයන් පිලිබදව විශ්වාස කරන මුස්ලීම්වරුන් මිළඟට විශ්වාස කලයුතු ප්‍රධාන කාරණය නම්, එම දූතයන් මඟින් ප්‍රකාශ වූ 'දේවපුස්තකය' විශ්වාස කිරීමයි. ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව ලොව අවසාන වක්තෘවරයා වන මුහම්මද් (සල්) තුමාණන් හට 'අල්කුර්ආනය' ප්‍රකාශ වුවද එතුමාණන්ට පෙර පැමිණි වක්තෘවරුන් හටද එවැනි දේව පණිවුඩ ප්‍රකාශ වී ඇත. මෙය ඉස්ලාම් දහම තම මූලාශ්‍රයන් තුල සවිස්තරාත්මක ලෙස පවසයි. මේ පිලිබදව මෙම අඩවිය තුල මීට ඉහත විවිධ පැතිකඩ ඔස්සේ සාකච්චා කර ඇත. එවැනි ලිපි මෙහි පහත link එක යටතේ පෙලගැසේ

ඉස්ලාම් පවසන නබිවරුන් හෙවත් වක්තෘවරුන්

ඈත අතීතයේ සිටම ලොව ඉදිරිපත් වු ආගම් හා දර්ශණයන් සදහා ශාස්තෘවරුන්, උපදේශකයින් හා දාර්ශණිකයන් දක්නට ලැබුණි. උදාහර්ණයක් ලෙස බුදුදහමේ ගෞතම බුදුන්, ක‍්‍රිස්තුස් දහමේ යේසුස් තුමා, මාක්ස් වාදයේ කාල්මාක්ස්, යුදෙව් ආගමේ මෝසස් තුමා. ඉස්ලාම් දහමේ මුහම්මද් තුමා එවැනි කිහිපදෙනෙකි. මෙවැනි ශාස්තෘවරුන් පිලිබදව ඉස්ලාම් දහම තුල ද සදහන් වන අතර ඒ අතුරින් වක්තෘවරුන් හෙවත් නබිවරුන්ට ප්‍රධාන තැනක් හිමි වේ. මේ පිලිබදව මීට ඉහත මෙම අඩවිය තුල දීර්ඝ ලෙස සාකච්චා කොට ඇත. ඉස්ලාම් දහමේ මූලික විශ්වාසයන් නොහොත් ප්‍රතිපත්ති අතර එකක් වන මෙම වක්තෘවරුන් පිලිබදව වූ විශ්වාසය එනම්, ඔවුන් කවිරුන්ද?, ඉස්ලාමි දහම තුල ඔවුන්ගේ භූමිකාව කුමක්ද?, ඔවුන් පිලිබදව වූ විශෟවාසය කවර ආකාර වියයුතුද වැනි කරුණු මෙහි පහත Link එක තුලින් පිවිස එම පෙගැස්ම කියවන්න

අවසාන දිනය විශ්වාස කිරීම

අහස, පොළොව, ඉර, ග‍්‍රහ වසතුන්, මහ පොළොව හා ඒ මත ජීවත් වන මිනිසුන් ඇතුළු සියළු ජීවීන්, ගස් කොළන්… ඇතුළු සියළු දේ කිසියම් දිනක දෙවියන් විසින් විනාශ කරනු ලැබේ. එදින විනාශ නොවී පවතින්නේ දෙවියන් පමණි යනුවෙන් විශ්වාස කිරීම ඉස්ලාමීය තවත් විශ්වාසයකි. මෙසේ සියල්ලෙ හි විනාශය විශ්වාස කරන මුස්ලීම්වරයා ඒ සමඟම විශ්වාස කලයුතු තවත් කාරණයක් ඇත. ඒ සියල්ල විනාශ වීමෙන් පසුව යලිත් වරක් මිනිස්සුන් නැගිට්ටුවා ඔවුන් (මෙලොව දී කල දෑ වෙනුවෙන්) විනිශ්චය කරන බවයි. ඒ විනිශ්චයට අනුව යහපත් පුද්ගලයන් හට ඉමහත් සතුට භුක්ති විඳිය හැකි ස්වර්ගය ද, අයහපත් පුද්ගලයන් හට විවිධාකාර වද වේදනාවලින් පිරි නිරයද ලබාදීම සිදුවන බව විශ්වාස කිරීම තවත් මූලික විශ්වාසය නොහොත් ප්‍රතිපත්තියකි. එම විෂය පිලිබදව කරන සාකච්චා සහ විග්‍රහ මෙහි පහත link එක තුලින් පිවිස කියවීමට හැක.

කද්ර් හෙවත් පෙර නියමය විශ්වාස කිරීම

මෙම විෂය ඉහත ප්‍රතිපත්ති 05 ට වඩා තරමක් සංකීර්ණ මිනිස් බුද්ධියට පහසුවෙන් අවබෝධ කරගත නොහැකි කාරණයකි. එය සරලව පවසනවා නම්, ‘අපට සිදුවන යහපත් හා අයහපත් දේ සියල්ල අල්ලාහ්ගේ පෙර සැලැස්මට අනුව සිදුවන බව විශ්වාස කිරීම‘ යයි සදහන් කල හැක. දෛවය විශ්වාස කිරීම ඉස්ලාමීය විශ්වාසයෙහි ප‍්‍රධාන අංගයකි. ඉස්ලාම් දහම තුල බොහෝ කරුණූ සදහා තර්කානුකූල විග‍්‍රහ ලබාදීමේ හැකියාව පැවතුණ ද එවැනි විග්‍රහ ලබාදිය නොහැකි කරුණූ කිහිපයක්ද? ඇත. එවැනි එක් විෂයක් වන්නේ 'දෛවය' පිලිබදව ඉස්ලාමීය විග්‍රාහයයි. එය එක් කෝණයකින් බලන විට දෛවයක් ඇති බවක් හැඟෙන අතර තවත් කෝණයකින් බලන විට දෛවයක් නැති බවක් හැඟේ. මෙම විෂය සම්බන්ධයෙන් මුස්ලීම්වරයෙකුගේ ස්ථාවරය වියයුත්තේ එම සංකීර්ණ විෂය අවබෝධ කරගන්න තරම් මිනිස් බුද්ධීය තවම දියුණූ නොවන බවයි. එම සංකීර්ණ විෂය පිලිබදව විශ්වාස කිරීම ඉස්ලාමයේ මූලික ප්‍රතිපත්තියක් වන අතර එම විෂය පිලිබදව කරන ලද සාකච්චා මෙහි පහත link එක යටතේ ඉදිරිපත් කොට ඇති ලිපියෙහි පෙලෙගැසේ.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/02/16

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම