ඉස්ලාම් හි මූලික වගකීම්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


අල්ලාහ් (දෙවි)
අල්ලාහ් (දෙවි)
සාරාංශය - ඉස්ලාම් දහමෙහි මූලික වගකීම් 05 අතුරින් පළමුවැන්න වන ‘කලිමාව පිලිගැනීම’ හා පැවසීමයි. ඒ සමඟ ඔහු ‘මුස්ලීම්’ බවට පත්වේ. එසේ මූස්ලීම් වීමත් සමඟ (මූලික සුදුසකම් සපුරා ඇත්නම්) ඔහුට තවත් වගකීම් 04ක් පැවරේ. එනම් සලාතය, උපවාසය, සzකාතය සහ හජ් යන ක්‍රියා ඉටුකිරීමයි.

ඉස්ලාම් දහම මූලික විශ්වාසයන් 06 මත පදනම්ව ගොඩනැඟී ඇත. එම මූලික විශ්වාසයන් පූර්ණ ලෙස පිලිගන්නා ඕනෑම කෙනෙකු ‘මුස්ලීම්’ වීමට සුදුසකම් ලබයි. මෙය ඉස්ලාම් දහමේ මූලික ප්‍රතිපත්ති ලෙස හැදින්වේ. එම විශ්වාසයන් පිලිගෙන ‘ඉස්ලාම්’ පවසන අනිවාර්‍ය හා මූලික වගකීම් 05 අතුරින් පළමුවැන්න වන ‘කලිමාව’ හඳවතින්ම පිලිගෙන පැවසීමත් සමඟ ඔහු ‘මුස්ලීම්’ බවට පත්වේ. එසේ මූස්ලීම් වීමත් සමඟ (මූලික සුදුසකම් සපුරා ඇත්නම්) ඔහුට ඉස්ලාමයේ අනිකුත් වගකීම් 04 ද අනිවාර්‍ය වේ. (මෙම කාරණය මෙම යහමග අඩවිය තුල මීට ඉහත 'හදීස් ජිබ්රීල්' නම් හදීසය තුලින්ද සාකච්චා කොට ඇත.) මේ විෂය පිලිබදව වැඩි දුර පැහැදිලි කිරීමන් පහත Link එක තුලින් පිවිස කියවන්න.

කලිමාව

ඉස්ලාම්’ පවසන අනිවාර්‍ය හා මූලික වගකීම් 05 අතුරින් පළමුවැන්න ‘කලිමාව’ යන්නයි. මෙය හඳවතින්ම පිලිගෙන මුවින් පැවසීමත් සමඟ ඔහු හෝ ඇය ‘මුස්ලීම්’ බවට පත්වේ. එම කලිමාව කුමක්ද? යන්නත්, ඒ පිලිබදව වූ ඉස්ලාම් දහමේ කොන්දේසි හි පැහැදිලි කිරීමන් මොනවාද යන්නත් පහත link එක තුලින් පිවිස කියවන්න

සලාතය

ඉස්ලාම්’ පවසන අනිවාර්‍ය හා මූලික වගකීම් 05 අතුරින් පළමුවැන්න වන ‘කලිමාව’ පිලිගෙන පැවසීමත් සමඟ තවත් වගකීම් 04 ක් මුස්ලීම්වරයෙකු කෙරෙහි අනිවාර්‍ය වේ. එයින් ප්‍රධාන එක වන්නේ 'සලාතය' නම් 'දෛනික පස්වේල් දේව නැමදුමයි'. මෙම සලාතාය යනු කුමක්ද?, එය ඉටු කරන්නේ කෙසේද? ඒ සම්බන්ධයෙන් නීති-රීති හා කොන්දේසි මොනවාද?... යන්න මේ යටතේ සාකච්චා කෙරෙන අතර එම සාකච්චා පිටුවට පහත link එක තුලින් පිවිසෙන්න.

උපවාසය

ඉස්ලාම්’ පවසන අනිවාර්‍ය හා මූලික වගකීම් 05 අතුරින් තෙවැන්න ‘උපවාසය’ යන්නයි. ‘කලිමාව’ පිලිගෙන දෛනිකව පස්වේලක් අනිවර්‍යයෙන් 'සලාතය' ඉටු කරන මුස්ලීම්වරයෙකු වාර්ෂික උදාවන උපවාස මාසයේ මාසය පුරාවට උපවාසයේ නිරතවීම අනිවාර්‍ය වගකීම වේ. මෙම උපවාසය සම්බන්ධ නීති-රීති මොනවාද?, එය ඉටු කරන්නේ කෙසේද? ඒ සම්බන්ධයෙන් ඇති කොන්දේසි මොනවාද?... වැනි කරුණු මේ යටතේ සාකච්චා කෙරෙන අතර එම සාකච්චා පිටුවට පහත link එක තුලින් පිවිසෙන්න.

සzකාතය

ඉස්ලාම්’ පවසන අනිවාර්‍ය හා මූලික වගකීම් 05 අතුරින් හතරවැන්න ‘සzකාතය’ යන්නයි. ‘කලිමාව’ පිලිගෙන දෛනිකව පස්වේලක් අනිවර්‍යයෙන් 'සලාතය' ඉටු කරන මුස්ලීම්වරයෙකු තමන් උපයන මුදල සදහා බද්ධ ගෙවීම ඉස්ලාම් දහම අනිවාර්‍ය කරයි. එම බද්ධ ඉස්ලාම් දහම ‘සzකාත්' බද්ධ යනුවෙන් හදුන්වන අතර එය මුස්ලීම්වරයෙකු කෙරෙහි අනිවාර්‍ය වගකීම වේ. මේ අනුව එම බද්ධ නිසි ලෙස ඉටු කරන්නේ කෙසේද?, එම බදු මුදල් බෙදාදෙන්නේ කවර අනුපාතයකින් කාටද?, වැනි නීති-රීති සහ කොන්දේසි මේ යටතේ සාකච්චා කෙරෙන අතර එම සාකච්චා පිටුවට පහත link එක තුලින් පිවිසෙන්න.

හජ්

ඉස්ලාම්’ පවසන අනිවාර්‍ය හා මූලික වගකීම් 05 අතුරින් පස්වැන්න නොහොත් අවසාන වගකීම වන්නේ ‘හජ්’ නැමදුමයි. ‘කලිමාව’ පිලිගෙන දෛනිකව පස්වේලක් අනිවර්‍යයෙන් 'සලාතය' ඉටු කරන මුස්ලීම්වරයෙකු උපවාස මාසයේ 'උපවාසයේ නිරත වී තමන් උපයන මුදල සදහා 'සzකාතය' ද නිසි ලෙස ගෙවා තමන්ට මක්කාවට ගොසින් 'හජ්' නැමදුම ඉටු කිරීමට හැකියාව ඇත්නම් එම 'හජ්' වගකීම ඉටු කිරීම අනිවර්‍ය වේ. මෙම 'හජ්' වන්දනය සම්බන්ධයෙන් නීති-රීති සහ කොන්දේසි මේ යටතේ සාකච්චා කෙරෙන අතර එම සාකච්චා පිටුවට පහත link එක තුලින් පිවිසෙන්න.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/02/11

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම