ඉස්ලාමීය නව මසක උදාව හා අල්ප දැනුමේ අදෝනාව

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


යහමග අඩවිය තුල අවස්ථා ගණනාවකදීම නව සඳ උදාව හා මාසයක ඇරඹූම යන විෂය පිලිබදව දීර්ඝ ලෙස කරුණු සාකච්චා කොට ඇත. මුස්ලීම් ලෝකය තුල තරමක මතභේදාත්මක විෂයක් වන මේ පිලිබදව තවදුරටත් කරුණූ කිහිපයක් සාකච්චා කිරීමේ අවශ්‍යතාවය කාලීනව පැනනැඟී ඇත. එනම් ශුද්ධ වූ කුර්ආනය හා‍ හදීසය (ඉස්ලාමීය මූලාශ්‍රයන්) අනුව කටයුතු කරන බව පවසා ගන්නා අප රටේ ජනප්‍රිය එක්තරා මුස්ලීම් සංවිධානයක් මෙවර උපවාසය මාසයේ ආරම්භය සම්බන්ධයෙන් වැරදි ක්‍රමවේදයක් පදනම් කරගෙන මුස්ලීම් සමාජය නොමඟ යවන දැනුම්දීමක් (2013/03/07 දින) කර තිබීම හේතුවෙනි. එනම්,

(2013) මෙවර රමලාන් (උපවාසය) අප ආරම්භ කොට ඇත්තේ දිනක් ප්‍රමාද වී බැවින් හෙට එනම්, 2013/08/08 දිනට (රමලාන් මාසය දින 30ක් ලෙස සම්පූර්ණ වන නිසා) අවුරුද්ද සැමරිය යුතු බවත්, උත්සව දිනය නිමා කොට ඉන් අනතුරුව අතපසු වූ එම උපවාසය සම්පූර්ණ (‘කලා‘) කලයුතු බවත්ය.

ඉස්ලාමීය දින දර්ශනයට අනුව මාසයක් සදහා උපරිම දින ගණන 30 ක් වන අතර අවම දින ගණන 29 ක් වේ. (මේ පිලිබදව වැඩි විස්තර ‘නව සඳ උදාව හා ඉස්ලාමීය දින දර්ශනය’ යන ලිපිය තුලින් දැනගත හැක) ඒ අනුව 2013 අ‌ගෝස්තු මස 7 වැනි දිනට මේ ර‍ටේ පමණක් නොව ලොවපුරා බහුතර මුස්ලීම් ප්‍රජාව රමලාන් මාසයේ 29 දිනය පසු කරමින් සිටින අතර අදින් මාසය නිමා වනවාද? නොඑසේ නම් මාසය දින 30 දක්වා දීර්ඝ වනවාද? යන්න තවම නිශ්චිතව මේ මොහොතේ පැවසිය නොහැකි තත්වය ඇත. මක්නිසාදයත් ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව එය තීර්ණය වන්නේ නව සඳ උදාව අනුව බැවිණි. එසේ තිබිය දී ඉහතින් සදහන් කල ආකාරයේ අර්බුදකාරී තත්වයක් සමාජය තුල ප්‍රකාශ වන්නේ ඇයිද? එයත් මාසයක අවසානයේ නිර්මාණය වන්නේ ඇයිද?. යන්න මුස්ලීම් සමාජය බුද්ධිමත්ව විමසා බැලිය යුතු කාරණයකි. මුස්ලීම් සමාජය පමණක් නොව මේ රටේ අතිබහුතරය මුස්ලීම් නොවන ප්‍රජාව වන නිසාත්, මේ අර්බුදකාරී තත්වය ඔවුන්ගේ දෛනික දිවියට ද වක්‍ර ආකාරයට හා සෘජුවම බලපාන කාරණයක් වන නිසාත් ඔවුන්ගේ දැනගැනීම පිණිස ද මේ මාතෘකාව පිලබදව කථා කිරීම කාලීන අවශ්‍යතාවයකි. (මෙම අර්බුදකාරී තත්වයට නිදසුනක් 26 නිවාඩුවට මොකද වුණේ? යන ලිපිය සදහන් කලහැක.)

වර්ථමාන මුස්ලීම් ලෝකය ‘නව සඳ’ බැලීම යන්න රමලාන් (උපවාස) මාසයටත්, ශව්වාල් (රමලාන් අවුරුදු උත්සව) මාසයටත්, දුල්හජ් (හජ් අවුරුදු) මාසයටත් පමණක් සීමා කොට ඇතත් මෙය වර්ෂය පුරා සෑම මාසයකම ආරම්භ මෙන්ම නිමාව තහවුරු කිරීම සදහා මුස්ලීම් සමාජය උනන්දු වියයුතු බවට ඉස්ලාම් දහම අවදාරණය කරන ප්‍රධාන වගකීමකි. කෙසේ වෙතත් මුස්ලීම් ලෝකය එම වගකීම මාස කිහිපයකට පමණක් සීමා කර ඇතුවා පමණක් නොව එම නව සඳ නිර්ණය කිරීම සදහා ඉස්ලාමීය මඟපෙන්වීමෙන් බැහැරව පරස්පර ක්‍රමවේදයන් රාශියක්ද අනුගමනය කිරීම ඉතා අවාසනාවන්ත තත්වයක් මෙන්ම ඉහතින් සදහන් ආකාරයේ අර්බුදකාරී තත්වයන් සමාජය තුල නිර්මාණය වීමට ද හේතු වී ඇත. අද අප සමාජය තුල දක්නට ලැබෙන ජනප්‍රිය එවැනි ක්‍රමවේදයන් කිහිපයක් මෙහි පවසනවා නම්,

  • ගනනය කිරීම මඟින් (නක්‍ෂත්‍ර විද්‍යා මගින්) නව මාසය නිර්ණය කිරීම,
  • ලොකයේ කුමන රටක සඳ දුටුවත් එය පදනම් කරගෙන නව මාසය නිර්ණය කිරීම,
  • කිසියම් රටක දකින සඳ පදනම් කරගෙන එම රටට පමණක් නව සඳ සීමා කිරීම,
  • එකම රටක වුවත් විවිධ ප්‍රදේශයන් සදහා සඳ වෙන වෙනම නිර්ණය කිරීම,
  • කිසියම් රටක් පදනම් කරගෙන නව මාසය නිර්ණය කිරීම,

දැන් මෙහි මතුවන ප්‍රධාන ගැටළුන් වන්නේ මේ සියලු ක්‍රම ඉස්ලාම් ද?. නොඑසේ නම් මේ අතුරින් ඉස්ලාම් වන්නේ කුමක්ද? ඉස්ලාම් පවසන නිවරුදි ක්‍රමවේදය කුමක්ද?… යන්නයි. මේ කාරණය පිලිබදව මුස්ලීම් සමාජය දැන්වත් පැහැදිලිව අවබෝධයක් ලබා ගන්නේ නම්, මා ඉහතින් සදහන් ආකාරයේ අර්බුදකාරී තත්වයන් මුස්ලීම් සමාජය තුල ඉදිරිපත්වීමක් හෝ වර්ධනය වීමක් කිසිකල සිදු නොවනු ඇත. ඒ අනුව මේ ‘නව මාසය’ නිර්ණය කරන්නේ කෙසේද? යන්න ඉස්ලාමීය ඉගෙන්වීමන් තුලින් විමසා බලමු. එහිදී මේ විෂය පිලිබදව කථා කරන පැහැදිලි නබිවදන් තුනක් අපට දැකගත හැකි වේ. එනම්,

නව සඳ දකින තුරු නුඔලා උපවාසය ආරම්භ නොකරන්න. (යලිත්) නව සඳ දකින තුරු උපවාසය අත් නොහරින්න. නුඔලාට, වලාකුළු හේතුවෙන් (එදින) සඳ නොපෙනුනේ නම්, (මාසය දින 30 ලෙස) පූර්ණය කරගන්න

ග්‍රන්ථය  : බුහාරී

රමලාන් (නව) සඳ දකින තුරු නුඔලා උපවාසය ආරම්භ නොකරන්න. (යලිත්) සඳ දකින තුරු උපවාසය අත් නොහරින්න. නුඔලාට වලාකුළු හේතුවෙන් එදා සඳ නොපෙනුනේ නම්, එම මාසය දින 30 සේ සලකන්න එසේත්  නැත්නම් (සඳ දුටු බවට) සාක්‍ෂි 02 ලැබුනේ නම් ඒ අනුව කටයුතු කරන්න

ග්‍රන්ථය  : නසායි

’’ඉබුනු උමර් හා ඉබුනු අබිබාස් (රලි) කාලයේ දිනක් මදීනාවේ එක්තරා කෙනෙකු පැමිණ රමලානයේ මුල්සඳ දුටු සාක්‍ෂි පවසන ලදී. එවිට ඉබුනු උමර් හා ඉබුනු අබිබාස් (රලි) තුමාණන් මෙය භාරගත හැක. යනුවෙන් ඒ දෙදෙනාම පවසන ලදී. අනතුරුව මෙසේද පවසන ලදී  “රසුල් (සල්) තුමාණන් අපට එක සාක්‍ෂියෙන්උපවාසය අරම්භ කරන්න අවසර ලබාදුන් අතර අවුරුදු උත්සවය ගැනීමට නම් සාක්‍ෂි දෙකක් අවශ්‍ය බව පවසන ලදී.

ග්‍රන්ථය – බයිහකි

ඉහත ඉස්ලාමීය ඉගෙන්වීමන් (හදීසයන්) 03 හොදින් අධ්‍යනය කරන්නේ නම්, ඒ තුල මූලික නිගමන කිහිපයකට අපට එළඹිය හැකි වේ. එනම්,

  • නව සද බැලීම සෑම මුස්ලීම්වරයෙකුටම අනිවාර්‍ය බව,
  • එම නව සඳ පදනම් කර‍ගෙන පමණක් ක්‍රියා කලයුතු බව,
  • සියළු දෙනා සඳ බැලුවත් එය සියළු දෙනා දැකීම ප්‍රායෝග නොවන බව,
  • එම නිසා සාක්ෂි පදනම් කරගෙන ක්‍රියා කලහැකි බව,
  • හඳ නොදුටුවේ නම් දින 30 ක් ලෙස මාසය පූර්ණ කලයුතු බව,

ඉහත හදීසය තුලින් හා එය පදනම් කරගෙන ලබාගත් නිගමන අනුව තහවුරු වන ප්‍රබලම කාරණයක් ඇත. එනම්, ‘නව මාසය’ නිර්ණය කිරීම සම්බන්ධයෙන් මුස්ලීම් සමාජය තුල පවතින් ඉහතින් සදහන් පිලිගැනීමන් 05 අතුරින්,

  • ගනනය කිරීම මඟින් (නක්‍ෂත්‍ර විද්‍යා මගින්) නව මාසය නිර්ණය කිරීම,
  • කිසියම් රටක් පදනම් කරගෙන නව මාසය නිර්ණය කිරීම,

යන පලමු හා පස්වන කාරණය කිසිදු පදනමක් නොමැති වැරදි ක්‍රමවේදයන් යන්න පැහැදිලි වේ. නමුත් අවාසනාවකට ඉහත මතවාදයන් දෙක පදනම් කරගෙන ‘නව මාසය’ නිර්ණය කරන මුස්ලීම් සමාජයක් ලොවපුරා පමණක් නොව අපේ ර‍ටේ ද සැලකිය යුතු ප්‍රමාණයකින් දකින්නට ඇත. ඉස්ලාමීය ඉගෙන්වීමන්වලින් බැහැරව බුද්ධිය මූලික කරගෙන නොඑසේ නම් ආගමික ඉගෙන්වීමන් පිලිබදව අනවබෝධයෙන් තීන්දු තීරණවලට එළඹීම එවැනි මතවාද ලොව තුල පැවතීමට ප්‍රධාන හේතුවයි.

මෙහි පලමු කාරණය වන ‘ගනනය කිරීම මඟින් (නක්‍ෂත්‍ර විද්‍යා මගින්) නව මාසය නිර්ණය කිරීම’ යන්න ඉස්ලාමීය ඉගෙන්වීමන්ට කොතරම් පරස්පර වූ ක්‍රමවේදයක් ද? යන්න මීට ඉහත ද විවිධ අවස්ථාවල මෙම අඩවිය තුල සාකච්චා කොට ඇත. නමුත් මෑතක සිට වර්ධනය වෙමින් තිබෙන අලුත් අර්බුදකාරී තත්වයක් වන ‘කිසියම් රටක් පදනම් කරගෙන නව මාසය නිර්ණය කිරීම’ යන්න ‘යහමග’ තුල සාකච්චා කරන අලුත් විෂයකි. මේ හේතුව නිසා ඒ පිලිබදව ද කෙටි විමසුමක් මෙහි සිදු කිරීම සුදුසු යයි සිතමි. එනම්,

අද මුස්ලීම් ලෝකයේ සමහරක් රටවල් හා එකම රට තුල විවිධ ආගමික සංවිධාන (නිකාය හා කල්ලි) ‘නව මාසය’ නිර්ණය කිරීම සදහා පදනම් කරගන්නා අලුත් ක්‍රමවේදයක් වන්නේ ‘කිසියම් රටක් හෝ රාජ්‍යක් පදනම් කරගෙන ඔවුන්ට සාපේක්ෂව තම රටේ ‘නව මාසය’ තීන්දු කිරීමයි. මෙය ආකාර දෙකකට සිදුවිය හැක. එනම්,

  • කිසියම් රටක් ‘නව සඳ’ දැක එය ලොවපුරා දැනුම්දීම තුලින් එය පදනම් කරගෙන ලොව අනිකුත් රටවල් ඔවුන් අනුගමනය කිරීම,
  • ‘නව සඳ’ නොදැක වෙනත් කුමක් හෝ පදනමක් මත නව මාසය උදාවන බව දැනුම් ‍දෙන පණිවුඩය පදනම් කරගෙන ලොව අනිකුත් රටවල් ඔවුන් අනුගමනය කිරීම,

ඉහත ආකාර දෙකින් පලමු ආකාරයේ වරදක් නොවන බවත්, එය ඉස්ලාමීය ඉගෙන්වීමන්ට අනුකූල බවත් ඉහත හදීසයන් තුලින් මෙන්ම මීට ඉහත මෙම අඩවිය තුල මේ විෂය පිලිබදව සාකච්චා කල ලිපි තුලින් ද ඔබට පැහැදිලි වී තිබෙනු ඇත. නමුත් දෙවන කාරණය සැලකූවිට ඒ සදහා ඉස්ලාම් දහම තුල කිසිදු පදනමක් නැත. අද වනවිට ලොව බොහෝ රටවල් ‘සවුදි අරාබිය’ හා ‘තුර්කිය’ වැනි රටවල් පදනම් කරගෙන මෙවැනි තීන්දු තීරණවලට එළඹිම සුලභ දසුනක් වී ඇත. නිදසුනක් ලෙස මෙවර (2013 වර්ෂයේ) රමලාන් (උපවාස) මාසය ලොවපුරා රටවල් නිර්ණය කල ආකාරය උපුටා දැක්විය හැක.

Wednesday, 10 July 2013:

Afghanistan (Follow Saudi) Albania (Follow Saudi) Algeria (Follow Saudi) Armenia (Follow Saudi) Austria (Follow Saudi) Azerbaijan (Follow Saudi) Bahrian (Follow Saudi) Bangladesh (Majority follow local sighting) Bangladesh (Some areas follow Saudi) Barbados (30 days completion) Belgium (Follow Saudi) Bolivia (Follow Saudi) Brunei (Local Sighting) Bulgaria (Follow Saudi) Canada (Toronto Hilal Committee) Chechnia (Follow Saudi) Chile (Local Sighting) China (Some groups – 30 days completion) Denmark (Follow Saudi) Egypt – Moon Born before sunset & moon sets at least 5 minutes after sunset Finland (Follow Saudi) Georgia (Follow Saudi) Guyana (Local Sighting} Hungary (Follow Saudi) Iceland (Follow Saudi) Indonesia (30 days completion – Official Announcement) Iran (Local Sighting) Iraq (Follow Saudi) Ireland (Follow Saudi) Italy (Follow Saudi) Jordan (Follow Saudi) Kazakhstan (Follow Saudi) Kenya (Local Sighting) Kuwait (Follow Saudi) Kyrgizstan (Follow Saudi) Lebanon (Follow Saudi) Libya (Follow Saudi) Luxembourg (Follow Saudi) Madagascer (Local Sighting) Malawi (Local Sighting) Malaysia (30 days completion – Official Announcement) Mauritania (Follow Saudi) Mauritius (Local Sighting) Morocco (30 days completion) Mozambique (Local Sighting) Namibia (30 days completion) Netherlands (Follow Saudi) Nigeria (Announced) Norway (Some follow Saudi) Oman (30 days completion) Palestine (Follow Saudi) Philippines (Follow Saudi) Poland (Calculation) Qatar (Follow Saudi) Romania (Follow Saudi) Russia (Follow Saudi) Saudi Arabia (30 days completion – Official Announcement) Serbia (Follow Turkey) South Africa (30 days completion) Spain (Follow Saudi) Sri Lanka (Local Sighting) Sudan (Follow Saudi) Suriname (News from Guyana if not seen in Suriname) Sweden (Follow Saudi) Switzerland (Follow Saudi) Syria (Follow Saudi) Taiwan (Follow Saudi) Tajikistan (Follow Saudi) Tanzania (Local sighting) Tatarstan (Follow Saudi) Trinidad & Tobago (Local Sighting) Turkmenistan (Follow Saudi) U.A.E. (Follow Saudi) UK (Follow Saudi) Chicago Hilal Committee] Uzbekistan (Follow Saudi) Yemen (Follow Saudi) Zambia (Local Sighting) Zimbabwe (30 days completion)

වැඩි විස්තර සදහා මෙහි click කොට අදාල වෙබ් පිටුව නරඹන්න

ඉහත ආකාරයට කිසියම් රටක් හෝ රටවල් කිහිපයක් පදනම් කරගෙන ලොව අනිකුත් රටවල් ‘නව මාසයේ’ උදාව නිර්ණය කිරීම ඉස්ලාම් දහම කිසිදු තැනක පෙන්වා නොදෙන වැරදි පූර්වාදර්ශයකි. ශුද්ධ වූ කුර්ආනය හෝ මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශය තුල තවත් රටක්, රාජ්‍යයක් පදනම් කරගෙන ආගමික තීන්දු ලබාගන්නා වැරදි පූර්වාදර්ශයක් කිසිදු තැනක පෙන්වා දී නැත. එපමණක් නොව මුස්ලීම් සමාජයට ලොව කිසිදු රටක් ‘ඉස්ලාම් දහම’ සදහා ආදර්ශයක් ලෙස පෙන්වාදී ද නැත. එපමණක් නොව අද සවුදි අරාබිය වැනි රටවල් කිහිපයක් ඉස්ලාමීය නීතිරීති තරමක් දුරකට ක්‍රියාත්මක කල ද එය පූර්ණ ලෙස ඉස්ලාමීය නීති ක්‍රියාත්මක රටක් ලෙස හෝ මුස්ලීම් ලෝකයට ආදර්ශමත් රටක් ලෙස කිසිසේත් සැලකිය නොහැක. ඒ අනුව කිසිවකු ආගමික නීතිරීතිවලින් බැහැරව කිසියම් රටක් පදනම් කරගෙන ආගමික කරුණූවල තීන්දු තීරණ ගන්නේ නම් එය අනවබෝධය මිස ඉස්ලාම් ද නොවනු ඇත.

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ ඉස්ලාම් යනු කිසියම් ‘නිකායක්’ හෝ ‘කල්ලියක්’ තම ස්වමත අනුව ගොඩනඟාගත් ක්‍රමවේදයන් නොව දිව්‍යමය මඟපෙන්වීම මත ගොඩනැඟුණු ආදර්ශයන්ය. එසේනම් ඒ තුල සෑම තීන්දු තීරණයක්ම ගතයුත්තේ දිව්‍යමය මඟපෙන්වීමට අනුව ම පමණි. මේ සදහා අවශ්‍ය වන්නේ ආගමික නිකායවාදයට හෝ කල්ලිවාදයට නැඹූරු නොවූ නිදහස් මනසක් හා විෂය පිලිබදව ඉස්ලාමීය ඉගෙන්වීම පිලිබදව අවබෝධය පමණි. එසේනම්, යාඅල්ලා‍හ් (දෙවියණේ) !, මේ සදහා අපගේ මනස විවෘත කරදෙත්වා ! යනුවෙන් ප්‍රාර්ථනා කරමින් මේ ලිපිය අවසන් කරමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/02/19

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම