උපවාසය ලෞකික දිවිය සදහා නොවේ

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


උපවාසය
උපවාසය

උපවසාය යන විෂය සැලකූ විට එහි අරමුණු ප්‍රධාන කොටස් දෙකක් වන බව මීට ඉහත උපවාසය කුමක් සදහාද? යන ලිපිය හා අනිකුත් උපවාසය පිලිබදව ලියවුණූ ලිපි තුලින් සාකච්චා කලෙමු. එපමණක් නොව මෙම උපවාසය රැකීම තුල ලෞකිකව ඇති යහපත පිලිබදව ද මෙම වෙබ් අඩවිය හරහා මීට පෙර සාකච්ඡා කලෙමු. ඒ අනුව මෙහි දී අවධානය යොමු කරන්නේ ඉස්ලාම් පවසන මෙම උපවාසයේ ලෝකොත්තර අරමුණු කුමක්ද? යන කාරණය පිලිබදවයි.

ඉස්ලාම් පවසන ඇදහිලි හා වතාවත්වල මූලික අරමුණු බොහෝ විට ලෞකික කාරණයන් නොවේ. ඉස්ලාම් ලෞකික දිවිය දකින්නේ මරණින් මතුවට උදාවන සධාතනික දිවිය සදහා තම තමන්ව පෙර සූදානම් කරන ස්ථානයක් ලෙසයි. මෙය බොහෝ ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් මෙන්ම මුහම්මද් (සල්) තුමාණන්ගේ දේශනවලින් ද පැහැදිලිව පෙන්වා දී ඇත. මෙය වරක් මුහම්මද් (සල්) තුමාණන් අලංකාර නිදසුනක් මඟින් මෙසේ පැහැදිලි කරන ලදී. එනම්,

“මේ ලෝකය යනු මා යන දිරීඝ ගමනක විඩාව නිවා ගැනීමට නතර වූ ගස් සෙවනක් බදුය. මාගේ අරමුණ මෙතන නතර වීම නොවේ. යනුවෙන් පවසන ලදී.”

ඒ අනුව උපවාසය තුලින් සැම මුස්ලීම්වරයෙකුම බලාපොරොත්තු වන්නේ ලෞකිකව දේව අනපනත්වලට අවනතව යහපත් දිවියක් ගතකොට ඒ තුලින් මරණින් මතු සාර්ථක සුන්දර දිවියක් උදාකර ගැනීමයි. එසේ නම් මේ උපවාසයෙ හි නිරතවීම තුලින් දිනාගත හැකි ලෝකොත්තර දිවිය පිලිබදව ඉස්ලාම් කුමක් පවසනවාද? යන්න පිලිබදව දැන් කෙටි අවධානයක් යොමු කරමු.


“උපවාස මාසයේ ආදම්ගේ දරුවා (මිනිසුන්) සිදුකරන කුසල් ක්‍රියාවන් සදහා (සාමාන්‍ය දිනයේ) එක් පිනක් වෙනුවට දහ ගුණය සිට හත්සිය ගුණය දක්වා ප‍්‍රගුණ කෙරේ.”

මූලාශ‍්‍රය: මුස්ලිම්

“කව්රුන් රමලාන් මස තුළ කුසල් අපේක්‍ෂා කරමින් (දෙවියන් කෙරෙහි) විශ්වාසයෙන් යුක්තව උපවාසය ඉටු කරයිද ඔහුගේ පෙර සියළු පාපයන් සමාකරනු ලබයි. යනුවෙන් මුහම්මද් (සල්) තුමාණන් පවසන ලදී.”

මූලාශ‍්‍රයන්: බුහාරි, මුස්ලිම්

“වරක් සහාභිවරයෙක් (ඉස්ලාම් අනුගාමිකයෙක්) මුහම්මද් (සල්) තුමානන් හමුවට පැමිණ ‘අල්ලාහ් ඉදිරියේ යහපත ගෙන දෙන කි‍්‍රයාවක් නියෝග කරන්න යනුවෙන් ඉල්ලා සිටියෙය’ එයට එතුමන් ඔබට මා උපවාසයන් කිරීමට උපදෙස් දෙමි, එයට සමාන වෙනත් යාඥාවක් නැත. යනුවෙන් ද පැවසූන ලදී.”

මූලාශ‍්‍රය: නසායි

“ජාබිර් (රලි) තුමාණන් මෙසේ පවසයි. එනම්, ‘උපාවසය දාසයා නිරයෙන් මුදවන පළිහකි’ යනුවෙන් මුහම්මද් (සල්) තුමානන් පැවසූ බව පවසයි.”මූලාශ‍්‍රය: අත්තබරානිවරක් මුහම්මද් (සල්) තුමානන් මෙසේ පවසන ලදී. “කව්රුන් අල්ලාහ් (දෙවියන්)ගේ මාර්ගයෙහි දවසක් උපවාස ශීලය ඉටු කරයිද ඔහුගේ රුව නිරයෙන් අවුරුදු හැත්තෑවක දුරකට අල්ලාහ් (දෙවියන්) ඈත් කරන්නේය”

මූලාශ‍්‍රයන්: බුහාරි, මුස්ලිම්.

“උපවාසයෙහි නිරතවන්නා හට දෙආකාරයේ සතුටක් ඇත, එකක් ඔහු උපවාසයෙන් මිදෙන විට ඇති වන සතුටයි. අන් එක විනිශ්ච දිනයෙහි ඔහුගේ හිමියන් වන අල්ලාහ් හමුවන විට ඇති වන සතුටයි, යනුවෙන් මුහම්මද් (සල්) තුමානන් පවසන ලදී.”

මූලාශ‍්‍රයන්: බුහාරි, මුස්ලිම්

“රමලාන් මස උදාවූයේ නම් ස්වර්ගයෙහි දොරටු විවර කරනු ලබයි, නිරයෙහි දොරටු වසනු ලබයි, යනුවෙන් මුහම්මද් (සල්) තුමානන් පවසන ලදි.”

මූලාශ‍්‍රයන්: බුහාරි, මුස්ලීම්.

මේ ආකාරයට ඉස්ලාම් පවසන උපවාසය රැකීම හේතුකොටගෙන මරණින් මතු දිවියෙ හි විශාල වූ වරප්‍රසාදයන් දෙවියන්ගෙන් හිමිවීමට නියමිතව තිබෙන බව ඉස්ලාමීය ඉගෙන්වීමයි. මෙය උපවාසය තුලින් ඉස්ලාම් භක්තිකයන් අල්ලාහ් (දෙවියන්)ගෙන් අපේක්ෂා කරන අහිංසක බලාපොරොත්තුව ද වේ.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/02/19

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම