ඔබේ නායකයින් හට ඔබ ආදරය කරනවාද? ශාප කරනවාද?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


මේ දිනවල රටේ සිදුවන දේශපාලන වෙනස සමඟ සමාජය තුල විවිධ වූ මතවාද අදහස් ද ප්‍රකාශ වෙමින් ඇත. පිරිසත් මෙම වෙනස රටේ සුළු ජනයාට එතරම් හිතකර නොවන බව පවසන විට තවත් පිරිසක් මේ නව වෙනස රටේ සියළු ජනයාට යහපතක් ගෙනදෙනු ඇති බවට පවසයි. නමුත් සැබෑව කුමක්ද? යන්න කාලය විසින් තීර්ණය කරණු ඇත. නමුත් එක් කාරණයක් අත්දැකීමෙන් ම පැහැදිලිව පැවසිය හැක. එනම්, කවුරුන් කුමන තීන්දු තීරණ ගත්තත් රටේ සුළුතරය වන අපට එයින් යහපතක් සිදුවෙනු ඇතැයි කිසිදු විටෙක අපේකෂා කල නොහැක.

  • බොහෝමයක් මුස්ලීම් මන්ත්‍රීවරුන් රටේ මුස්ලීම් ජනයා ලංසුවට තබා ඇමති, නියෝජ්‍ය ඇමති තනතුරු ලබාගනු ඇත.
  •  බොහෝමයක් මුස්ලීම් ව්‍යාපාරිකයන් හා ජනතා නායකයින් මුස්ලීම් ජනතාව ලංසුවට තබා තම ව්‍යාපාර හා පවුල් පසුබිම ශක්තිමත් කරගනු ඇත.
  •  බොහෝමයක් මුස්ලීම් ආගමික පූජනවරුන් හා ප්‍රභූවරුන් තම ජනයා ලංසුවට තබා තම ආර්ථිකය තරකරගන්නා ගමන් පුහු ආඩම්භරයක් ගෞරවයක් සමාජයෙන් දිනාගනු ඇත.
  •  බොහෝමයක් මුස්ලීම් ජනයා දේශපාලන පිල්බෙදී එක් එක් පක්ෂවලට ආවඩා අවසානයේ පසුතැවෙනු ඇත.

  මෑත ඉතිහාසයේ මේ මා පවසන වෙනසට වඩා වෙනසක් ශ්‍රී ලාංකීය දේශපාලනය තුල අප දැක නොමැත. තවත් සරලව පවසනවා නම්, මේ රටේ මුස්ලීම් ජනතාව සම්බන්ධයෙන් ප්‍රධාන පක්ෂ දෙකේ න්‍යයපත්‍රයේ හා මුස්ලීම් ජන නායකයින්ගේ ක්‍රියා කලාපයේ කිසිදු වෙනසක් අපේක්ෂා කල නොහැක. ඒ අනුව මේ රටේ දේශපාලන ප්‍රවාහය තුල සුළු ජනතාව වන මට ඔබට අවසානයේ ඉතිරි වන්නේ රටේ පාලකයින් හා නායකයින් පිලිබදව නොසතුටක් කලකිරීමක් පමණි. මෙම තත්වය මුහම්මද් (සල්) තුමාණන් ඉතා සරලව ‘යහපත් හා අයහපත් නායකයින්’ හදුනගන්නේ කෙසේද යන්න පිලිබදව විස්තර කිරීමේ දී මෙසේ පවසන ලදී.

නබි (සල්) තුමාණන් වරක් මෙසේ පවසන ලදී. ‘නුඹලාගේ නායකයන් අතුරින් යහපත් පිරිස වන්නේ නුඹලා ඔවුන්ට ආදරය කරන ඔවුන් නුඹලාට ආදරය කරන, ඔවුන්ට නුඹලා (යහපත)ප්‍රාර්ථනා කරන නුඹලාට ඔවුන් (යහපත)ප්‍රාර්ථනා කරන තත්වයේ නායකයින්ය. එසේම, නුඹලාගේ නායකයින් අතුරින් නරක පිරිස වන්නේ නුඹලා ඔවුන් ප්‍රිය නොකරන ඔවුන් නුඹලාව ද ප්‍රියා නොකරන, නුඹලා ඔවුන්ට ශාප කරන ඔවුන් නුඹලාට ශාප කරන තත්වයේ නායකයින්ය.

මූලාශ්‍ර ග්‍රන්ථය :- මුස්ලිම්

එසේනම් අපේ නායකයින් සිටින්නේ කොතැනද? යන්න තීන්දු කිරීමේ අයිතියත්, මේ දේශපාලන ප්‍රවාහය තුල ඔබ නියෝජනය කරන්නේ කොතැනද? යන්න තීන්දු කිරීමේ අයිතියත් ඔබට ම ලබාදෙමින් මේ ලිපිය අවසන් කරන්නේ ‘දෙවියනි!, මේ රටේ මුස්ලීම් ජනයාට නිදහසේ ජීවත් විය හැකි ඔවුන්ගේ ව්‍යාපාර නිදහසේ කලහැකි පරිසරයක් මේ රටතුල උදාකරදෙන්න’ යන ප්‍රාර්ථනයෙනි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/5

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම