කද්ර් හෙවත් පෙර නියමය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


කද්ර් හෙවත් පෙර නියමය
කද්ර් හෙවත් පෙර නියමය

ඉස්ලාම් දහමේ දිව්‍ය වදන් පෙලගැස්ම වන අල්කුර්ආනය සහ අල්හදීස් ඇසුරෙන් 'කද්ර් හෙවත් පෙර නියමය' විමසා බැලීම මෙම ලිපියෙහි මූලික අරමුණයි. ඒ අනුව විවිධ වූ අනුමාතෘකාවන් ඔස්සේ එම කාරණය වෙත මෙම ලිපිය තුලින් දැන් අවදානය යොමු කරමු.

කද්ර් නොහොත් පෙර නියමය පිලිබදව වූ විශ්වාස දිව්‍යමය පුස්තකය ඇසුරෙන්

දෛවය විශ්වාස කිරීම යන්නෙන් අදහස් කරනුයේ අපට සිදුවන යහපත් හා අයහපත් දේ සියල්ල අල්ලාහ්ගේ නියමයට අනුව සිදුවන බව විශ්වාස කිරීම යි. දෛවය විශ්වාස කිරීම ඉස්ලාමීය විශ්වාසයෙහි ප‍්‍රධාන අංගයකි. සියලු විශ්වාසයන්ට තර්කානුකූල ව විග‍්‍රහ ලබා දීමේ හැකියවෙ තිබුන ද, දෛවය පිළිබඳ ව තර්ක කිරීම මුහම්මද් (සල්) තුමාණන් විසින් තහනම් කර ඇත. එක් කෝණයකින් බලන විට දෛවයක් ඇති බව හැඟේ. තවත් කෝණයකින් බලන විට දෛවයක් නැති බව හැඟේ. මෙසේ උභතෝකෝටික තත්වයකට මුහුණ පෑමට සිදු වන නිසා මුහම්මද් (සල්) තුමාණන් දෛවය පිළිබඳ වාද විවාද කිරීම තහනම් කර ඇත.

  • දෛවයක් ඇත්නම් - යහපත් හා අයහපත් පුද්ගලයෙක් වීම පිළිබඳව මම වගකීම් දරන්නේ කෙසේ ද? යන ප‍්‍රශ්නය එහි මතු වේ.  
  • දෛවයක් නැත්නම් - මම කරන්නට යන දේ ගැන දෙවි නොදනී යන තත්වයක් උද්ගත වෙයි. හෙට මම කරන්නට යන දේ ගැන නො දන්නා කෙනෙක් දෙවි වන්නේ කෙසේ ද? යන ප‍්‍රශ්නය මෙහි මතු වෙයි.  

දෛවයක් නැතැ යි කීමද තර්කානුකූල නො වේ. දෛවයක් ඇතැයි කීමද තර්කානුකූල නො වේ. එබැවින් අපි දෛවය විශ්වාස කළ යුතු ය. නමුත් අපගේ ක‍්‍රියාවන් දෛවයට භාර කර නිදහස් නොවී කටයුතු කළ යුතු ය. මෙය වටහා ගැනීමේ දැනුම අල්ලාහ් අප හට ලබා දී නොමැත යන සත්‍ය ද පිළිගත යුතු යැයි ඉස්ලාම් ආගම අපට අවධාරනය කරයි. එසේ ම දෛවය විශ්වාස කිරීම නිසා ඇති වන යහපත ද ඉස්ලාමයෙහි අපට පහදා දී ඇත. දෛවය විශ්වාස නොකරන පුද්ගලයෙකුට දරා ගත නොහැකි විපතක් සිදු වුවහොත් ඒ ගැන පසු තැවී ඔහු මරණයට පත් වනු ඇත. දෛවය විශ්වාස කරන පුද්ගලයෙක් හට විපතක් සිදුවුවහොත් “අපේ අතෙහි කිසිදෙයක් නොමැත, සියල්ල ඇත්තේ දෙවිගේ අතේ ය” කියා විඳ දරා ගනී. මෙවැනි අවස්ථාවල දෛවය පිළිබඳ විශ්වාසය දුක් නිවාරකයක් ලෙස කි‍්‍රයා කර ඔහුගේ දුක මගහරවා ගැනීමට උපකාරී වේ.අවශ්‍ය ප‍්‍රමාණයට වඩා ධනයක්, ප‍්‍රසංශාවක්, ගෞරවයක්, කෙනෙකුට ලැබුනු විට එමගින් ඔහු ආඩම්බර වෙයි. එවැනි අවස්ථාවක මේ සියල්ල දෙවිගේ නියමයයි කියා සිතන්නෙහි නම් ඔහුට තමාව පාලනය කර ශාන්තිමත් බවක් ඇති කරගත හැකි වේ. මෙවැනි අවස්ථාවක කෙනෙක් සියල්ල දෛවයට භාර කර සිය දුක මගහරවා ගත යුතු ය; ආඩම්බරය මැඩ පවත්වා ගත යුතු ය.  

لِكَيْلَا تَأْسَوْا عَلَى مَا فَاتَكُمْ وَلَا تَفْرَحُوا بِمَا آتَاكُمْ وَاللَّهُ لَا يُحِبُّ كُلَّ مُخْتَالٍ فَخُورٍ :23* سورة الحديد    

ඔබලා හට මඟ හැරුනු දෑ පිළිබඳව දුක් නොවීමටත්, උන්වහන්සේ ඔබලා හට ලබා දුන් දෑ කෙරෙහි ප‍්‍රීතියෙන් ඉපිලී නොයෑමටත් (දෛවය නියම කර ඇත) උඩඟු කමින් හා ආඩම්බරයෙන් යුත් කිසිවෙකු ව අල්ලාහ් ප‍්‍රිය නොකරන සේක.   

අල් කුර්ආන් 57:23

සිදු වී අවසන් වූ සියල්ල අපි දෛවයට භාර කළ යුතු ය. සිදු නොවු කටයුතු වල දී දෛවය කුමක් ද කියා අප නොදන්නා නිසා දෛවයක් නොමැති ආකාරයට අපගේ කටයුතු පවත්වාගෙන යා යුතුය යන මූලධර්මය මෙම වාක්‍ය තුලින් අපට වටහා ගත හැක. සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/30

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම