කවුද දිනුවේ - ශ්‍රී ලාංකීය දේශපාලනය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


පළාත් පාලන ඡන්ද වීමසීම් තෙවන අදියර මැතිවර්ණ ප්‍රථිපල නිකුත්ව ඇති මේ මොහොතේ එම ප්‍රතිපල පදනම් කරගෙන යහමඟ කියන්න යන්නේ කුමක්ද? යන කුතුහලය බොහෝ පාඨක පිරිසට ඇති බව මා දනිමි. එවන් වූ අපේක්ෂාවක් යහමඟ පාඨක ඔබට ඇති වීමට හේතූන් ද ඇත. ඒ ගෙවීගිය මෙම ඡන්දයට පෙර සිටම විවිධ බ්ලොග්කරුවන් විශේෂයෙන් ජාතිවාදී බ්ලොග්කරුවන් මෙම මැතිවර්ණයේ ප්‍රතිපලය පිලිබදව පූර්ව නිගමනවල හිද විවිධ වූ ලිපි ඉදිරිපත් කරමින් ශ්‍රී ලාංකීය සමාජය තුල කිසියම් ආකාරයක ජාතිවාදී මානසිකත්වයක් නිර්මාණය කරන්නට ගත් උත්සාහයන්ය. (එවැනි ලිපි යහමඟ තුල ද සාකච්චාවට ගැනුණි) මැතිවර්ණයට පෙර එහි ප්‍රතිපලය පිලිබදව පූර්ව නිගමනවල හිද ක්‍රියාකල එම බ්ලොග්කරුවන් හට මෙම ඡන්ද ප්‍රථිපලය සමඟ තවත් බොහෝ දෑ කථා කිරීමට ඉතිරිව තිබෙන්නට පුළුවන. ඔවුන්ගේ ජාතිවාදී මතය මුදුන්පත් කර ගැනීමටත්, සුළු ජාතීන් හට සියුම් ප්‍රහාරයන් එල්ල කිරීමටත් මෙම ඡන්ද ප්‍රතිපලය අවස්ථාවක් කරගන්නට පුළුවන. නමුත් යහමඟ අඩවියට මෙම මැතිවර්ණ ප්‍රථිපලය සම්බන්ධයෙන් පවසන්නට ඇත්තේ “මෙය තවත් ඡන්ද ප්‍රතිපලයක්” යන්න පමණි. කෙසේ වෙතත් මෙවැනි මැතිවර්ණ අවස්ථාවන් පදනම් කරගෙන මීට ඉහත යහමඟ අඩවිය තුල බොහෝ කරුණු කාරණා සාකච්චා කලා ඔබට දැන් මතකයේ නොතිබෙන්නට පුළුවන. එම නිසා නැවතත් ඔබගේ අවධානයට එම ලිපි පහතින් ඉදිරිපත් කරමි. මෙම ලිපි පෙල කියවීම තුලින් අප රටේ දේශපාලනය පිලිබදව යහමඟ අඩවියේ ස්ථාවරය ද ඔබට වටහාගත හැකි වන නිසා ඒ සදහා ඔබට ආරාධනා කරමි. එනම්,

අප රටේ දේශපාලනය පිලිබදව යහමඟ අඩවියට ඇත්තේ උදාසීන වූ මතවාදයක් යන්න ඉහත ලිපිය තුලින් ඔබට පැහැදිලි වනු ඇත. අප රටේ සමහරක් පිරිස් ජාතිවාදය, ආගම්වාදය මුලික පදනම කරගෙන ජනතාවට ඒ ඔස්සේ විවිධ පොරොන්දු දෙමින් විවිධ පක්ෂ හා දේශපාලඥයින් මැතිවර්ණ ව්‍යාපාරවල නිරත වනවා ඔබට අළුත් කාරණයක් නොවනු ඇත. එවන් ව්‍යාපාරවල මුස්ලීම් ජනතාවද නිරත වී සිටීම කණගාටුවෙන් වුවද මෙහි සදහන් කලයුතුම කාරණයකි. මෙවන් වූ ව්‍යාපාර කිසිවක් කිසිවිටෙක යහමඟ අනුමත කරන්නේ නැත. සමහරක් අවස්ථාවල දී යහමග අඩවියට පවා ජාතිවාදී මුහුණුවරයන් ආරූඩ කිරීමටත්, ඒ තුලින් පහත් වාසි ලබන්නටත් විවිධ පිරිස් උත්සාහ කල අවස්ථාවන් නැතුවා නොවේ. මෙහිදී පැහැදිලි ලෙස සදහන් කලයුතු කාරණය නම් “කෙනෙකු එසේත් නැත්නම් කිසිවක් ජාතිවාදී යයි පැවසූ පමණින්” එය ජාතිවාදී ක්‍රියාවක් බවට පත්නොවේ. එසේම මෙම අඩවිය ජාතිවාදී මුහුණූවරයකින් බලා “මේ කියන්නේ අප ගැන තමා” යයි පවසු පමණින් එය එසේ ද නොවේ. අප රටේ මුස්ලීම් ජාතික අපේක්ෂකයෙකු ප්‍රධාන පක්ෂයකින් මැතිවර්ණයට පෙනී සිටී පමණින් ඔහු “මුස්ලීම් ජාතිවාදීයෙකු” යයි හංවඩුගැසීම කොතරම් ශිෂ්ඨසම්පන්න ක්‍රියාවක්ද? යන්න බුද්ධිමත් ජනතාව හොදින් විමසා බැලිය යුතුය. මෙතැන දී යහමඟ අඩවිය පුලපුලා පවසන කාරණයක් නැවතත් අවධාරණය කිරීමට කැමැත්තෙමි. එනම් (මාගේ දේශපාලන දැනුමට අනුව – නිවරුදි කිරීමට යටත්ව) “ශ්‍රී ලාංකීය ඉතිහාසය තුල මෙතෙක් මුස්ලීම් ජනතාවගේ අයිතීන් වෙනුවෙන් අවංක ලෙස පෙනීසිටී කිසිදු මුස්ලීම් දේශපාලඥයෙක් නැත. එලෙස පෙනීසිටින බව පැවසූ සෑම දේශපාලඥයෙකුම කලේ ඉස්ලාම් දහමත්, මුස්ලීම් ජනතාවත් ලංසුවට තබා දේශපාලනය තුල වැජඹුනා පමණි”. මේ කාරණය පිලිබදව මුස්ලීම් ජනතාව බුද්ධිමත් ලෙස විමසා බැලිය යුතුය.

මෙහිදී රටේ මහා ජාතිය අවබෝධ කර ගතයුතු කාරණයක් ද ඇත. වර්ථමාන මුස්ලීම් සමාජය වෙන කවරදාකටත් වඩා උග්‍ර ලෙස විවිධ ජාතාවාදී පිරිසගේ දැඩි ආක්‍රමණයන්ට ගොදුරු වෙමින් සිටී. (මේ පිලිබදව කරුණූ සහිතව මෙම අඩවිය තුල සාකච්චා කොට ඇත) රටේ නීතිය පවා අභිබවා ජාතිවාදී පිරිස් ක්‍රියාකරන ආකාරය පවා මෑතක යහමඟ අනාවර්ණය කලා ඔබට මතක ඇති. මෙවැනි සමාජ පසුබිම් ජාතිවාදී කල්ලීන් සදහා තෝතැන්නක් යන්න මා අමුතුවෙන් සදහන් කලයුතු නොවේ. මැතිවර්ණ වාසි සදහා ඕනෑම පහත් වැඩක නිරතවන වර්ථමාන දේශපාලඥයින් නිවරුදි ලෙස හදුනාගැනීම අත්‍යඅවශ්‍යය. මෙහි දී රටේ සුළුතරය වන අපට වැදගත් වන්නේ අපව නියෝජනය කරන දේශපාලඥයා කුමණ ජාතිය, ආගම නියෝජනය කරනවාද? යන්න නොව අපගේ අයිතීන් කොතරම් දුරකට ආරක්ෂා කර දෙනවාද? යන්නයි. තවත් සරලව පවසනවා නම් “තොරා පත්වනනේ බෞද්ධයෙකුද? ඉස්ලාම් භක්තිකයෙකුද? යන්න නොව ඔවුන් තම රටේ පුරවැසි අයිතීන් කොතරම් දුරකට ආරක්ෂා කරනවාද? යන්නයි වැදගත් වන්නේ.” ඒ අනුව මෙවර (2011/10/08 දිනට) අවසන් වූ පලාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සැබෑ මුස්ලීම්වරයෙකු හට එම ඡන්දය සදහා ඉදිරිපත් වූ මුස්ලීම් අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය හෝ පරාජය හමුවේ සතුටුවීමට හෝ දුක්වීමට කිසිවක් නැත. එසේම සමස්ථ ප්‍රථිපලය සම්බන්ධයෙන් ජාතිවාදී හෝ ආගම්වාදී මුහුණූවරින් බැලීමට ද අවශ්‍ය නැත. කලයුතුව ඇත්තේ ජනතා මෙහෙවර වෙනුවෙන් ඉදිරිපත් වූ ඒ පිරිස් හෙට දවසේ අප වෙනුවෙන් කොතරම් සාධාර්ණ ලෙස ක්‍රියාකරාවිද? යන්න බලාහිදීම පමණි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/6

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම