කළයුත්තක් වූවත් නොකලයුතු යුගයක් – උපාධි ප්‍රධානෝත්සවය සම්බන්ධවයි

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


පසුගිය දිනක ‘කොළඹ විශ්ව විද්‍යාලයේදී පැවති උපාධි ප්‍රධානෝත්සවයේදී එම සරසවි කුලපති මුරුත්තෙට්ටුවේ හිමි අතින් උපාධි ලබාගැනීම සමහරක් සිසුන් ප්‍රතික්ෂේප කරද්දී මුස්ලිම් දරුවන් කිහිපදෙනෙකු උපාධිය එම හිමි අතින් ලබාගැනීම පිලිබදව ප්‍රශංසාත්මක හා විවේචනාත්මක සංවාද සමාජ මාධ්‍යයන් තුල සිදුවෙමින් පැවතීම මේ දිනවල දකින්නට ඇත. මේ හේතුව නිසාම ‘යහමග’ තුලින් ඒ පිලිබදව කෙටි සටහනක් තබන්නට අදහස් කරමි.

අපේ රටේ අවාසනාව, වත්මන් අප සමාජය තුල සිදුවන කිසියම් ක්‍රියාකාරකමකදී සමාජයේ අති බහුතරයක් අවදානය යොමු කරන්නේ එම ක්‍රියාව හරිද? වැරදිද? යන්න විමසා බලනවාට වඩා එය කරන පුද්ගලයා කවර ජාතිකයෙක්ද? කුමන පක්ෂයක් නියෝජනය කරන්නෙක්ද? වැනි ගෝත්‍රවාදී කාරණයන්ටය.

එවන් සමාජ පසුබිමක් තුල…

කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ හිමි අතින් ලබාදෙන උපාධිය ගන්නවාද? නැද්ද? යන්න සිංහල බෞද්ධ දරුවෙකුට පහසුවෙන් තීන්දු තීරණ ගෙන එය මේ රටේ ක්‍රියාවට නැංවීම අපහසු කාර්ය‍යයක් නොවේ. එමනිසයි එලෙස මෙම උපාධිය ප්‍රතික්ෂේප කිරීම ‘අතිශයින්ම ආදර්ශවත් ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්’ යනුවෙන් දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝණායක ආචාර්යය ඕමල්පේ සෝබිත හිමියන් පවා පවසා සිටියේ. නමුත් එම තීන්දුව මුස්ලීම් හෝ දමිළ ජාතික දරුවෙකුට එතරම් පහසුවෙන් ගතහැකි තීරණයක් නොවේ. එය අප රටේ සමාජ තත්වයන් පිලිබදව අවබෝධයක් ඇති මේ රටේ සියළු පුරවැසියන් හොදින් දන්නා සත්‍යයකි. එදා කිසියම් අයුරකින් මුස්ලීම් දරුවන් එලෙස උපාධිය කුලපති හිමි අතින් ලබාගැනීම ප්‍රතික්ෂේප කරමින් එම ස්ථානයේ කටයුතු කලේනම්,

එය…

  • එදා සිංහල දරුවන් කිහිපදෙනෙකු එක් වී රටට දුන් ඒ වටිනා පණිවුඩය ‘කිරි බඳුනට වැටුනු ගොම බිඳක් සේ’ සියල්ල උඩු යටිකුරු වන්නටත්,
  • රටේ ජාතිවාදය වපුරන්න බලාසිටින ගෝත්‍රවාදීන්ට අවස්ථාවක් වන්නටත්,
  • මාධ්‍ය කඩකාරයන්ට Breaking news ගණනාවකට මඟපාදන්නටත්,
  • ජාතිවාදය මත දේශපාලනය කරන දේශපාලයින්ට මාතෘකාවක් වන්නටත්,

…ඉඩතිබුණි. එම මොහොතේ කලයුතු ක්‍රියාවක් වූවත් එය නොකොට බුද්ධිමත්ව කටයුතු කරන්න එම මුස්ලීම් දරුවන් බුද්ධිමත් වුවා යන්නත්, ඉහත පාර්ශවයන්ට අවස්ථාවක් නොදි කටයුතු කිරීම පිලිබදවත් සමස්ථ ජාතියේම ගෞරවය ඔවුනට හිමි වියයුතුයි.

මේ රටේ බුද්ධිමත් සමාජය දන්නවා අධ්‍යාපනයේ උත්තරීතර තැනක් වන විශ්ව විද්‍යාලයේ කුලපති තනතුරට මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ තිබෙන සුදුසුකම මොනවාද යන්න හා පත්වීමේ ආකාරය කුමක්ද? යන්න. එය මුළු රටම දන්නා ප්‍රසිද්ධ රහසක්. එසේ තිබියදී උන්වහන්සේගේ අතින් උපාධිය ලබා ගත්තු හා නොගත්තු සියළුදෙනාගේ හඳවතේ ගැස්ම කුමක්ද? යන්න. අවබෝධ කරගන්න බැරි තරම් මේ සමාජය බොළදයයි මා නොසිතමි.

අවසාන වශයෙන් කිවයුතු කාරණය නම්, එතැනදී සිංහල දරුවනුත් බුද්ධිමත්, මුස්ලීම් දරුවනුත් බුද්ධිමත්. දෙපාර්ශවයම තම උගත්කම හා තැනට සුදුසු නුවණ විශිෂ්ඨ අයුරින් වේදිකාව මත ප්‍රදර්ශනය කලා යන්න මගේ හැඟීම. මෙවැනි දරුවනුයි මේ රටේ කාලීන අවශ්‍යතාවය. එමනිසා, මෙම සිද්ධිය එක එක පාට කණ්ණාඩිවලින් බලා විග්‍රාහ නොදී ඔවුන් මේ තුලින් රටට දුන් පණිවුඩය කුමක්ද? යන්න හැකි නම් තේරුම් ගැනීමට උත්සාහ කිරීමයි වටින්නේ. එසේ තේරුම් ගැනීමට නොහැකි නම් එම ව්‍යායාමය විකෘති නොකොට නිහඩව බලා සිටිමයි කලයුතු වන්නේ. මන්ද, ‘මේ ඔවුන්ගේ ව්‍යායාමය තවදුරටත් ඔවුන් සදහා නොව ඔබේ මගේ තුරුලේ ආදරයෙන් හැදෙන වැඩෙන අපගේම දරුවන් සදහාමය’ යන්න අවදාරනය කරමින් මෙම ලිපිය අවසන් කරන්නේ අප රටේ සමාජ තත්වය පිලිබදව අවබෝධයෙන් යුතුව නුවණක්කාර අන්දමින් කටයුතු කල එම මුස්ලීම් දරුවන්ට ‘යහමග’ ස්තූතිය පුද කරමිනි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යයන් තුල පලවු වීඩියෝ කිහිපයක් මෙහි පහතින් ඉදිරිපත් කරමි.


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/30

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම