කළු ජූනිය තුල උගතයුතු පාඩම්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


2014/06/16 අද වගේ දවසක බේරුවල අලුත්ගම ප්‍රදේශයේ මුස්ලීම් ජනතාව හා ඔවුන්ගේ දේපල ඉලක්ක කොට දියත් වූ ජාතිවාදී ප්‍රහාරයෙන් මිනිස් ජීවිත මෙන්ම විශාල දේපල හානියක් ද සිදුවිය. එහි රූපරාමු කිහිපයක් පහතින් ඉදිරිපත් කොට ඇත. ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ඉතා සැලසුම්ගතව සිදුකල මෙම ජාතිවාදී අවාසනාවන්ත ප්‍රහාරයට මූලික වූ පිරිසට නීතිය ක්‍රියාත්මක වූවාද යන්නත් එම විනාශයට ගොදුරු වූ මුස්ලීම් ජනතාව සාධාර්ණයක් ඉටු වූවාද යන්නත් වසර 08 ගෙවීගොස් ඇති අදටත් ඉතිරි වී ඇති නොවිසඳුනු පැනයකි.

මෙම ප්‍රහාරය හා එහි සිදුවූ කුමණ්ත්‍රන මෙන්ම එම ජනතාවට සිදුවූ හානිය පිලිබදව ලියවුණූ ලිපි කිහිපයක් ඔබගේ වැඩිදුර අවදානය පිණිස පහතින් ඉදිරිපත් කරමි.

මෙම ලිපිය තුලින් ඉහත අවාසනාවන්ත සිදුවීම නැවත මෙලෙස ආවර්ජනය කරන්නේ කාරණා කිහිපයක් ඔබේ බුද්ධිමත් අවදානය පිණිස තැබීම අරමුණු කොටගෙනය.

එනම්…

  • කුමන ප්‍රශ්න කවර මුහුණුවරකින් ආවත් ඉස්ලාම් පෙන්වාදෙන ආගමික සීමවන් තුල හිඳ කටයුතු කිරීමට අප පුරුදු වියයුතුය. ජාතිවාදයට-ජාතිවාදය, වෛරයට-වෛරය කිසිසේත් උත්තරයක් නොවන අතර එය ඉස්ලාම් පෙන්වාදුන් ආදර්ශයක් ද නොවේ.
  • මෙවැනි ඕනෑම අවස්ථාවක අල්ලාහ් (දෙවි)ගේ ආරක්ෂාව හා උපකාරය මත පූර්ණ විශ්වාසය තබා බුද්ධිමත්ව කටයුතු කිරීමට පුරුදු වියයුතුය.
  • මෙරට දේශපාලන පක්ෂ හා දේශපාලඥයින් මෙම සිද්ධිය හමුවේ කටයුතු කල ආකාරය අප දුටුවෙමු. ඒ පිලිබදව හොද අවබෝධයකින් කටයුතු කිරීමට ඉදිරියේ දී අප පරිස්සම් වියයුතුය.
  • කලින් කලට මේ ආකාරයට කුමක් හෝ මුහුණූවරකින් මේ රටේ මුස්ලීම් ජනතාවට එරෙහිව විවිධ කුමණ්ත්‍රන සිදුවීම හා ඔවුන්ගේ දේපල ගිනිබත් කිරීම ඉතිහාසය දෙස හැරී බලනවිට දකින්නට ඇත. ඒ සම්බන්ධයෙන් අවදානයෙන් පසුවීම හා එවැනි අවස්ථාවන්ට මුහුණදිය හැකි ආකාරයේ සැලැස්මන් පිලිබදව අවදානය යොමු කිරීම කලයුතුව ඇත.
  • විශේෂයෙන් මෙරට මුස්ලීම් ජනයාගේ ආර්ථික ශක්තිය ඉලක්ක කොට කරන ප්‍රහාරයන්ට මුහුණුදිය හැකි ආකාරයට ඉතා ශක්තිමත් සාමුහික ආර්ථික සැලැස්මයන්ට යොමු වියයුතුව ඇත. (උදාහර්ණයක් ලෙස සාමුහික අරමුදලක් ගොඩනැඟීම, ඉස්ලාම් දහමට අනුකූල රක්ෂණ ක්‍රමයක් පිලිබදව අවදානය යොමුකිරීම එවැනි කිහිපයකි)

අවසාන වශයෙන්…

  • ලොව කොතැනක වෙසෙන මුස්ලීම්වරයෙකුට කුමන ආකාරයේ ප්‍රශ්නයක් ඇති වූවත් එය තවත් සිද්ධියකට හෝ පුවතකට සීමා නොකොට තම තමන්ට හැකි පමණින් තම සහෝදරත්වයේ දෑත් ඔවුන් වෙත දිගු කිරීම ඉස්ලාම් මුස්ලීම්වරයෙකුගෙන් අපේකෂා කරන ප්‍රධාන ගුණාංගයකි. ඒ සදහා මුස්ලීම් උම්මාවට නුවණැස පෑදේවා!, ඔවුනට ශක්තිය ධෛර්‍ය ලැබේවා!, යන ප්‍රාර්ථනාව කරමින් ද, එසේම ඉස්ලාමයට හා මුස්ලීම්වරුන්ට එරෙහිව කුමන්ත්‍රණ කරන පිරිසගේ කුමන්ත්‍රණ ඔවුන් වෙතම යොමු වේවා! යන පැතුමින් ද මෙම සටහන අවසන් කරමි.

2014/06/16 එදා ගෝත්‍රවාදී ජාතිවාදීන්ගේ වියරුවේ තරම පහත රූපරාමු තුලින් යම්තාක් දුරකට ඔබට අවබෝධ කරගත හැක.


































සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/26

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම