කාන්තාවට හිමිවිය යුත්තේ සමතැනද? නිසිතැනද?

From යහමග

        Home       Articles       Categorys       Updates       Gallery       About Us      


අතීතයේ පටන් මිනිස් සමාජය තුල වැඩි වශයෙන් කථාබහට ලක්වන මාතෘකාවක් ලෙස “කාන්තාව” යන්න සදහන් කලහැක. මෙම මාතෘකාව විටෙක සුන්දර මාතෘකාවකි. තවත් විටෙක එය උත්තරීතර මාතෘකාවකි. විටෙක එය සෝචනීය මාතෘකාවකි. තවත් විටෙක එය විප්ලවීය හා සංවාදාත්මක මාතෘකාවකි. මේ ආකාරයට විවිධ පැතිකඩ ඔස්සේ සමාජය තුල දෝලනය වන මෙම කාන්තාව පිලිබදව පුළුල් ලෙස කථා කිරීමේ අනිවාර්‍ය වගකීමක් මුස්ලීම් සමාජයට ද පැවරී ඇත. ඒ කාන්තා නිදහස හා අයිතිය පිලිබදව කථා කිරීමේ දී ඉස්ලාම් දහමට ප්‍රබලව ඇඟිලි දිගු කිරීමක් සිදුවන බැවිණි.

එම කාරණයට අවදානය යොමු කිරීමට මත්තෙන් අතීතයේ පටන් සමාජය තුල හා විවිධ ආගමික පසුබිම් තුල කාන්තාවගේ භූමිකාව පිලිබදව අවදානය යොමු කිරීම මෙම මාතෘකාවට වඩාත් හොදින් පිවිසුමක් මෙන්ම එය හොදින් වටහා ගැනීමට පහසු වනු ඇත. “කාන්තාව” යනු මිනිසුන් හට විවිධත්වයෙන් පිරුනු සුන්දර මාතෘකාවකි. ඒ ඇයගේ තිබෙන ආකර්ශණීය ගුණාංගයන් හේතුවෙනි. මෙවන් කාන්තාව පිලිබදව වර්ථමානයේ කථා කිරීමට ඇත්තේ මොනවාද?. එයට ජාත්‍යන්තර දිනයක් ප්‍රමාණවත්ද? ඇයට අද සමායේ හිමි වී ඇති තැන කොතනද? යන්න සියල්ල පසෙක තැබුවත් බුදුන්ගේ දේශය යයි ආඩම්බරයෙන් පවසාගන්නා ලාංකීය සමාජය තුල ඇය සිටින්නේ කොතැනද? යන්න ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප විමසා බැලිය යුතුය. එහි අවශ්‍යතාවය රජයේ මැදිහත්වීමෙන් සංවිධානය වු “හික්කා 2009” වෙරළ සංදර්ශනය මනාව කියාපායි. 2009 අගොස්තු මස 1/2/3 තෙදින පුරා පැවැත් වු ප‍්‍රදර්ශණයේ කාන්තාවගේ භූමිකාව වුයේ කුමක්ද? බටහිර රටවලට මෙය තවත් සිදුවීමක් වන්නට පුළුවනි. නමුත් වසර 2500 ක බෞද්ධ සංස්කෘතියකට උරුමකම් කියන බවට ආඩම්බරයෙන් පවසාගන්නා අපට මෙය තවත් සිද්ධියක් යයි බැහැර කල හැකිද? එදා කාන්තාවගේ මහිමයත් උත්තරීතරත්වයත් අපට පැවසු ඒ බෞද්ධ සංස්කෘතිය දැන් අවලංගු වී ගොසින්ද? එදා බෞද්ධ සංස්තෘතිය තුල සදහන් වූ මේ පද 04 ඔබට මතකද? එනම්,

පෙකනිය නොදක්වා සළුපට ඇද බොළට දක්වා
නොපා තන සක්වා සිනා නොමසෙන් දසන් දක්වා
නොකියා සිය හිමිට නැතුවද උතුරු සළුපට
ගමන් ඉක්මන් කොට නොයන් නුඹ වසන ගෙයින් පිටතට

මෙම සංස්කෘතිය අපහට අමතකවීද? නොඑසේ නම් මේවා යල්පැන ගොසින්ද? අද වන විට එක් කාරණයක් ලාංකීය සමාජය ඔප්පුකොට පෙන්වා ඇත. ඒ කාන්තා හිංසනය අයිතිය පිලිබදව හඩ නගන එන්.ජී. ඕ (NGO) කාක්කන් සහා ලාංකීය සමාජයේ ජනප‍්‍රිය ආගමික විද්වතුන් ඉහත “හික්කා” වැනි සැණකෙලි සම්බන්ධයෙන් නිහඩව සිටීම තුල ඔවුන් ද මේවායින් “ත‍්‍රිලක්” ලබමින් අනුමත කරනවා යන්නයි. ජාත්‍යන්තරයට දෙවැනි නොවී අප ද වෙරළ සංදර්ශනයක් කලායයි සතුටින් ඔවුන් අමන්දානන්ද වී සිටිනවාද? යන්නත් සිතන්නට හැගේ. කෙසේ වෙතත් කාන්තා හිංසනය හා අයිතිය වෙනුවෙන් පෙනීසිටිමින් හා හඩ නගමින් මේ ආකාරයට කාලකන්නි සතුටක් ලබන පිරිසගේ අවදානයට කාන්තා අයිතිය යනු කුමක්ද? යන්නත් එහි සීමාවන් කුමක්ද? යන්නත් අවධානය යොමු කිරීම කාලෝචිතයයි හැගේ. විශේෂයෙන් මෙම කාරණයේ දී එනම් කාන්තා අයිතිය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට දෙවැනි නොවී ලාංකීය සමාජයෙත් විවිධ කාටූන් චිත්‍ර පවා ඉදිරිපත් කරමින් ප‍්‍රබල ලෙස ඉස්ලාම් දහමත් මුස්ලීම් සමාජයත් විවේචනයන්ට ලක්කරන නිසා මෙම කාරණයේ දී ඉස්ලාමීය ස්ථාවරය කුමක්ද? යන්නත් පැහැදිලි කිරීමට මුස්ලීම්වරුන් වන අපගේ අනිවාර්ය වගකීමක් ද වේ. ඒ අනුව ඉහත හික්කා 2009 සැණකෙලිය ලාංකීය සමාජයේ තවත් එක් සිදුවීමක් වුවත් මෙම ලිපිය සදහා එම සිදුවීම ඌනපූරණයක් කරගනිමින් කවදත් කාලීන මාතෘකාවන් කථාකරන යහමඟ වෙබ් අඩවිය “කාන්තාවට හිමිවිය යුත්තේ සමතැනද? නිසිතැනද?” යන මාතෘකාව පදනම් කරගෙන විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මාතෘකාවට අදාලව ඔබගේ අවධානය යොමු කිරීමට අදහස් කරමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

 
මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/10

* යහමග ඉදිරිපත් කිරීම - අබූ අර්ශද්



Home       Blog       Updates       Gallery       About Us


යහමග ආ ගමන් දුර...

 


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම