කාන්තාවන්ට වඩාත් ආරක්ෂිත රටවල් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය

(මෙම පුවත BBC සිංහල භාෂා වෙබ් අඩවියෙන් උපුටාගෙන යහමග පාඨක ඔබේ බුද්ධිමත් විමසුමට ඉදිරිපත් කරමි.) කාන්තාවන්ගේ පාසල් අධ්‍යාපනය සහ මූල්‍ය අන්තර්ග්‍රහණය අතින් මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාව තුළ WPS දර්ශකයේ වැඩිම ලකුණු ලබා ගනිමින්, එක්සත් අරාබි එමීර් රාජ්‍ය පුද්ගල සමාජභාවයේ සමානාත්මතාව අතින් කලාපයේ නියමුවා බවට දිගට ම පත් වී සිටින අතර මෑතක දී එහි පාර්ලිමේන්තුව පුද්ගල සමාජභාවයේ සමත්වය ළඟා කරගත්තේ ය. වයස අවුරුදු 15 හෝ ඊට වැඩි කාන්තාවන්ගෙන් 98.5%ක් "[ඔවුන්] ජීවත් වන නගරයේ හෝ ප්‍රදේශයේ රාත්‍රියේ තනිව ම ඇවිද යාමට ආරක්ෂිතබව දැනෙන," බවට වාර්තා කරන අතර මහජන ආරක්ෂාව පිළිබඳ ශ්‍රේණිගත කිරීමේ සියලු රටවල් අතරින් ඉහළින් ද සිටියි.
සංචාරක රක්ෂණ සමාගමක් වන 'Insure My Trip'හි ශ්‍රේණිගතකිරීමට අනුව, තනි කාන්තා සංචාරකයන් සඳහා විශේෂයෙන් ම ඩුබායි නගරය ආරක්ෂිත ම නගරය ලෙස ශ්‍රේණිගතකර තිබේ.
පැරිස් හි සහ ඩුබායි හි සිය කාලය බෙදාගෙන ජීවත්වන බලපෑම්සහගත පුද්ගලයෙකු වන සැන්ඩි අවාඩ් පවසන්නේ නගරයේ, නගරයෙන් පිටත පවා ඇවිද යාමේ දී නිතර ම ඇයට ආරක්ෂිත හැඟීමක් දැනුණු බවයි. "එකපාරක් මගේ ටයර් එකේ හුළං ගියා. යතුරුවලින් ඇතුළේ දොරවල් ඇරලා කාන්තාරෙ මැද්දෙ මම කාර් එක දාලා ආවා," ඇය පැවසුවා ය. "මම හොඳට ම දැනගෙන සිටියා මාව ගන්න එන ටැක්සිය මට විශ්වාස කරන්න පුළුවන් සහ මගේ කාර් එකත් ආරක්ෂිත ව තියේවි කියලා."
තනි ව සංචාරය කරන්නන් සඳහා, කාන්තාරයේ සෆාරි චාරිකා යාම වෙන්කරගැනීමට ඇය නිර්දේශ කරන්නේ, විවිධාකාරයේ සිත් ඇදගන්නාසුළු පුද්ගලයන් මුණ ගැසීමට එය ඉතා පහසු මාර්ගයක් වන නිසා ය. නමුත් ඔබට වඩා නිර්භීත බවක් දැනෙන්නේ නම්, ඇය පාම් ඩ්‍රොප්සෝන් හි ස්කයිඩයිවින් කිරීමට පුද්ගලික ව කැමති වූවා ය.
මෙහි සම්පූර්ණ ලිපිය පහත Link එක හරහා පිවිස කියවන්න
Link - https://www.bbc.com/sinhala/articles/cxwjw1zv4meo
සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න
* යහමග ඉදිරිපත් කිරීම - අබූ අර්ශද්
- ඔබේ වැඩිදුර දැනුම සදහා පහත ලිපි වෙත පිවිසෙන්න...