කිතුනු ලොව මවිතයට පත්කළ මළ මුහුදේ සන්නස

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


“…ගුහා වැසියන් වන එම සන්නසට හිමිකරුවන් අපගේ ප්‍රතිහාරයන්ගෙන් ආශ්චර්යමත් අය යැයි ඔබ සිතන්නෙහි ද?”

(අල්-කුර්ආන් 18-9)

මෙම වාක්‍යයේ ගුහාවේ සිටී අය ගැන සඳහන් කරන විට අල්ලාහ් දෙවියන් පාරිශුද්ධ කුර්ආනයේ “ගුහා වැසියන්” යනුවෙන් ආමන්ත්‍රණ්‍ය කිරීම වෙනුවට “ගුහා වැසියන් වන සන්නසයේ හිමිකරුවන්” යයි ආමන්ත්‍රණය කරන සේක. මෙම වාක්‍යයට අනුව ඉතා වැදගත් ලේඛනයක් ද මෙම ගුහා වැසියන්ගේ ඉතිහාසය හා බැඳී පවතින බව මෙයින් වටහාගත හැකිය. මෙහි දී කිසිවෙක් නොදන්නා ලේඛනයක් (සන්නසක්) මොවුන් සතුව තිබුණා යැයි වටහාගත යුතු නොවේ. ඉහත වාක්‍යයෙන් “එම සන්නස” කියා මෙම සන්නසට වැදගත් කමක් දී ඇති බැවින් මෙය ඉතා වැදගත් ලියවිල්ලක් විය යුතුය. “එම සන්නසට හිමිකරුවන්” යනුවෙන් අල්ලාහ් සඳහන් කර ඇත්තේ එම ලියවිල්ල පසුකාලීනව ලෝකයා අතට පත්වී එහි සඳහන් සත්‍ය කරුණු හෙලිදරව් වියයුතු නිසාමය. එම ලියවිල්ල කිසිවෙකුටත් කිසිදාක හමු නොවන එකක් නම් දෙවියන් “එම සන්නස” කියා මෙම ලියවිල්ලට වැදගත්කමක් දී සඳහන් නොකරනු ඇත.

එම සන්නස කුමක් ද?

එම ඉපැරණි ලියවිල්ල කුමක්ද? යන්න අවුරුදු ගනනාවක් තිස්සේ ලෝකයාට කුතුහලයක් විය. නමුත් මෑතකදී එම සන්නස හෙලිදරව් වීමත් සමඟ එහි සදහන් කරුණු ලෝකයාව මවිතයට පත්කරවීය.


1998 වර්ෂයේ දී “මළ මුහුදේ ආගමික සන්නස්” යන මැයෙන් මසක් තුළ කිහිප වතාවක්ම බී.බී.සී (BBC) රූපවාහිනී සේවයේ මේ සම්බන්ධව වැඩසටහනක් විකාශනය කෙරිණි. එම වැඩසටහන නැරඹු සියළු දෙනා මවිතයට පත්වූහ. මෙම වැඩසටහනේ ප්‍රථම විකාශනය 1993 දී විකාශයට පත්කෙරුනු බවද එහිදී ප්‍රකාශ විය. එහි විස්තර පහත සඳහන් පරිදි වේ.

1947 වර්ෂයේ දිනක අරාබි ජාතික එඬේර දරුවකු නැති වූ තම එළු පැටියෙක්ව සොයමින් මළ මුහුදට යාබදව පිහිටා ඇති ජෝර්දානයේ කඳු ප්‍රදේශයේ සැරි සරන්නට විය. එම කඳු වැටිය “කුම්රාන් කඳු වැටිය”යයි හඳුන්වනු ලැබේ. එම දරුවා එහි වූ ගුහාවකට එළු පැටියා සෙවීම පිණිස ඇතුළු වූ විට, එහි පස් හා එකට කැටි වී තිබූ හම්වලින් වූ ලියවිලි කිහිපයක් දුටුවේය. එම ලියවිලිවලින් කිහිපයක් ඔහු රැගෙනවිත් පාවහන් සෑදීමේ වෘත්තියේ නියලෙන සිය පියාට බාර දුන්නේය. පසුදින පියා පුත්‍රයා සමඟ එම ගුහාවට ගොස් එහි තිබූ හම් ලියවිලි සියල්ල ඔවුන් දෙදෙනා විසින් නිවසට රැගෙන එන ලදී. එම පැරණි හම් පාවහන් සෑදීම සඳහා යෙදවීමට එම පියා අදහස් කල නමුත් එහි හීබ්රු බසින් යමක් ලියා තිබීම දුටූ ඔහු එම හීබ්රු වාක්‍යවල අර්ථය නො වැටහුණු නිසා එම වකවානුවේ ජෝර්දාන රජුගේ පාලනය යටතේ පැවතී නැගෙනහිර ජේරූසලමයට අයත්ව තිබූ පැරණි පොත්සල් හිමියෙකුට එවා පෙන්විය. තරමක් දුරට හීබ්රු බස වටහා ගැනීමේ හැකියාවක් තිබූ එම පොත් සල් හිමියා එම ලේඛන ඉපැරණි තොරතුරු අන්තර්ගත ලියවිලි බව වටාගෙන සු`ඵ මුදලකට එම ලේඛන සියල්ල එම පාවහන් සාදන්නාගෙන් මිලට ගත්තේය.

කිතුනු භක්තිකයෙක් වූ පොත් සල් හිමියා එම ලේඛන සියල්ල එම නගරයේ පිහිටා තිබූ ක‍්‍රිස්තියාණි දේවස්ථානයට භාර දුන්නේය. මේ අවස්ථාව වන විට සන්නස් හමු වූ පුවත ප‍්‍රචලිත විය. එම සන්නස්වල සඳහන් කරුණු දැනගැනීමට යුදෙව්වන් හා මුස්ලිම්වරු දැඩි ආශාවක් හා උනන්දුවක් දැක්වූහ. එවිට ජෝර්දානය පාලනය කළ හුසෙයින් රජු “එම ආගමික සන්නස් මුස්ලිම්වරුන්, යුදෙව්වන් හා ක‍්‍රිස්තියාණිවරුන්ගෙන් සමන්විත කණ්ඩායමකට පොදුවේ භාර දී ගවේශණයට ලක් කළයුතු යැයි ඉල්ලා සිටියේය. නමුත් කි‍්‍රස්තියාණි පූජකවරුන් “එය පෞද්ගලික දේපළක්” යයි පවසමින් එය පොදුවේ භාර කිරීම ප්‍රතික්ෂේප කළහ. බොහෝ කිතුනු විශාරදයින්ට පවා එම සන්නස් අධ්‍යනය කිරීමේ අවස්ථාව නොලබුණි.

මෙය සිදුවී අවුරුදු පහක පමණ කාලයක් තුළ ජෙරූසලමයේ සිටී පූජකවරුන් කුම්රාන් කඳු ප‍්‍රදේශයේ පිහිටා තිබූ ගුහාවල තවදුරටත් සන්නස් සෙවීමට කන්ඩායම් පත් කොට එහි තිබූ සියළුම ආගමික සන්සන් තම භාරයට ගත්හ. වර්ෂ 1952 සැප්තැම්බර් මස වන විට එහි තිබූ සියළු ආගමික සන්නස් ක‍්‍රිස්තියාණි පූජකවරුන් අතට පත්විය. මේ ආකාරයට ලබාගත් manuscripts (සන්නස්පත්) පහලොස්දහසක් ඇති බවට දැන් ගනන් බලා ඇත.

පසුගිය අවුරුදු පනහකටත් අධික කාලයක් තිස්සේ ක‍්‍රිස්තියාණි පූජකවරුන්ගෙන් සමන්විත එක් කණ්ඩායමක් එම ආගමික සන්නස්වල සඳහන් කරුණු වසන් කරමින් සිටියහ. බොහෝ කිතුනු විශාරදයින් හා ගවේශකයින් එම ලියවිලි අධ්‍යනය කිරීමට දැඩි ආශාවක් හා උනන්දුවක් දැක්වුව ද ඒ සඳහා ඔවුන්ට අවසර නොලැබිණි. එම සන්නස් භාරව සිටී කණ්ඩායමේ කෙනෙකු මරණයට පත්වන විට, එම කණ්ඩායමේ සිටින අනික් අය විසින් තවත් පූජකවරයෙකු තෝරා පත්කොට ඔහුට පමණක් එවා අධ්‍යනය කිරීමේ අවස්ථාව හිමිකර දෙනු ලදී.

මේ ආකාරයට මෑතක් වන තුරුම එම ආගමික සන්නස්වල තොරතුරු රහසක් විය. මේවායේ රහස්භාවය ආරක්‍ෂා කිරීමෙහිලා පාප්වහන්සේගේ වත්තිකානු සභාව මුල්තැන ගත්තේ ය. මෙම ඉපැරණි සන්නස් නිසි ආරක්‍ෂාවක් නොමැතිව විනාශ වනු දුටු එහි භාරකාරයින් එම සන්නස් නූතන තාක්‍ෂණය උපයෝගි කරගෙන පසජරදසෙකප (සූක්‍ෂම විත‍්‍රපට) ගත කළහ. එවායේ ඡායා පිටපත් කට්ටලයක් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ පිහිටි පුස්තකාලයකට සංරක්‍ෂණය කිරීම සඳහා යවන ලදී.

වර්ෂ 1990 දී එම පුස්තකාලයට මහාචාර්‍ය රොබට් අයිස්මන් “Dr.Robert Eisenman” නැමැති විද්වතා පුස්තකාලාධිපති වශයෙන් පත්විය. ඔහු මෙම තනතුර සඳහා පත්වීමට පෙර සිටම එම ආගමික සන්නස් අධ්‍යනය කිරීම සඳහා දැඩි ආශාවක් හා උනන්දුවක් දැක් වූව ද ඒ සඳහා අවසරයක් නො ලද කෙනෙකි. ඔහු මෙම තනතුරට පත්වීමෙන් පසු තම භාරයේ ඇති ආගමික සන්නස් පත‍්‍රවල සූක්‍ෂම චිත‍්‍රපට “microfilm” විශාල ප‍්‍රමාණයට ඡුායා පිටපත් කර ඒවා අධ්‍යනය කළේය. ඒවා අධ්‍යනය කරන විට තමා විමතියට පත් වූ බවත්, මෙපමණ කළක් ක‍්‍රිස්තියාණි සභාව එම ආගමික සන්නස් වෙනත් අයට නොපෙන්වා සැඟවීමට හේතුව කුමක් ද යන්න තමාට වැටහුනු බවත් ඔහු ප‍්‍රකාශ කළේය.

චිකාගෝ විශ්ව විද්‍යාලයේ හීබ්රු භාෂාව පිලිබදව මහාචාර්‍යවරයෙක් වන මයිකල් වයිස් “Dr.Michael Wise” නැමැත්තාගේ සහාය ඇතිව, එම ආගමික සන්නස්වලින් වැදගත් යැයි ඔහුට හැගුනු (Manuscripts) සන්නස්පත් සියයක් ඉංග‍්‍රීසි භාෂාවට පරිවර්ථනය කර ඔවුන් විසින් ග‍්‍රන්ථයක් ලෙස ප‍්‍රකාශයට පත්කරන ලදී. එම ග‍්‍රන්ථය ප‍්‍රකාශයට පත්වීම නිසා කිතුනු ලොව කම්පා වූ බවත්, කි‍්‍රස්තියාණි පූජකවරුන් මවිත වූ බවත් වාර්තාමය චිත‍්‍රපටයෙන් නිවේදකයා ප‍්‍රකාශ කලේය. එම ග‍්‍රන්ථය බටහිර ජාතීන්ගේ ආගමික විශ්වාසයට අභියෝගයක් වන බවට ද � එම නිසා එම විශාරදයින් දෙදෙනාට එරෙහිව නීතිමය ක‍්‍රියා මාර්ග ගනු ඇති බවට බියක් ඇතැයි ද එම නිවේදකයා එහි වැඩිදුරටත් සඳහන් කරයි. එසේ කුමක් සිදු වූවත් එයට මුහුණ දීමට තමන් සූදානම් බවත්, එයට බිය වී පරම සත්‍යයක් ලෝකයෙන් වසන් කිරීමට තමන් සූදානම් නොමැති බවත් එම විශාරදයින් දෙදෙනා ප‍්‍රසිද්ධියේම ප‍්‍රකාශ කිරීම එම රූපවාහිනී වාර්තාමය චිත‍්‍රපටය මගින් ඉදිරිපත් කෙරුණි.

“ක්‍රිස්තියාණි දේවස්ථානවල යේසුස් වහන්සේගේ නාමයෙන් සිදුවන ආගමික සම්ප‍්‍රදායන් හා වත්පිළිවෙත් මුල් කාලයේ ක‍්‍රිතුනු සමාජයේ නොපැවති බව එම ආගමික සන්නස සනාථ කරයි. මෙම සම්ප‍්‍රදායන්ටත් යේසුස් වහන්සේ ප‍්‍රචාරය කළ උන්වහන්සේගේ ප‍්‍රතිපත්තිවලටත් කිසිඳු සම්බන්ධයක් නොමැත. ඒවා සියල්ල පසුකලක පාවුල් නැමැත්තා විසින් ඇති කරන ලද ඒවා ය. දැන් යේසුස් වහන්සේගේ නාමයෙන් දේශනා කරනු ලබන සියළු කිතුනු ප‍්‍රතිපත්ති ව්‍යාජ ඒවා ය. ඒවා යේසුස් වහන්සේට පසු පරම්පරාවේ ජීවත් වූ සැදැහැවතුන්ගේ ජීවිතයේ දැකිය නොහැකි විය.” විශාරද අයිස්මන් ඉහත ආකාරයට ප‍්‍රකාශ කරමින් ඒ පිළිබඳ යුදෙව් ජාතිකයෙක් හා වාද කරන විට, “It confirms Qur’an”,”එය කුර්ආනය (සත්‍ය යැයි) සනාථ කරයි” යනුවෙන් ස්ථිරවම ප‍්‍රකාශ කලේය. එම වාරතාමය චිත‍්‍රපටයේ ඉහත වාක්‍ය ප‍්‍රකාශවීමත් සමගම එම දෙබස නරත කොට වෙනත් ජවනිකාවක් එනම් මයිකල් වයිස් නැමැති විශාරදවරයාගේ කථා ඉදිරිපත් කෙරේ. එහි දී ඔහු ද මේ ආකාරයටම “It confirms Islam”, “එය ඉස්ලාම් දහම (සත්‍ය යැයි) සනාථ කරයි” යනුවෙන් ප‍්‍රකාශ කලේය. මෙහිදී ද ජවනිකාව නැවතත් මාරුකරනු ලැබේ. මේ නිසා මෙම ආගමික සන්නස් කුර්ආනය හා ඉස්ලාම් දහම සත්‍ය යැයි සනාථ කරන ආකාරය ඔවුන් කෙසේ විග‍්‍රහ කරනවාද යන්න පේ‍්‍රක්‍ෂකයින්ට දැන ගත නොහැකි විය.

මෙම ප‍්‍රවෘත්තියෙන් අපට ඉතා වැදගත් සත්‍යයක් දැනගත හැකි වේ.

ඊසා (යේසුස්) (අලෙයි) තුමාණන්ට දෙවියන් ඉන්ජීල් නැමැති පුස්තකය ලබාදුන් බව පාරිශුද්ධ කුර්ආනයේ බොහෝ තැන්වල ප‍්‍රකාශ කරයි. නමුත් එම පුස්තකය කිතුනුවන් සතුව නොමැති බව අපට නියත වශයෙන්ම ප‍්‍රකාශ කළ හැකිය. මක්නිසාදයත් බයිබලයේ අලූත් ගිවිසුම යනු යේසුස් වහන්සේ හට දෙවියන් ලබාදුන් එකක් නොවන අතර යේසුස් වහන්සේ ගැන වෙනත් අය විසින් ලියන ලද ලියවිල්ලකි. යේසුස් වහන්සේ ස්වර්ග රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කළ බව බයිබලයේ බොහෝ තැන්වල සඳහන් වේ. (පාවුල් වැනි අය විසින්) සගවන ලද පුස්තකය යේසුස් වහන්සේ දේශනා කල යහමගෙහි ගමන් කළ සැදැහවතුන් රැගෙන ගොස් ගුහාවේ නැවතුනු බව තීරණය කිරීමට ප‍්‍රමාණවත් සාක්‍ෂි ඇත.

එනම් එම ආගමික ලේඛන අධ්‍යනය කළ විශාරදයින්ගේ අදහස වූයේ එවා කුර්ආනය හා එකග වන බවයි. කුර්ආනය ඉන්ජීල් නැමැති පුස්තකය සත්‍ය යැයි තහවුරු කරන බව කුර්ආනයේම බොහෝ ස්ථානවල සඳහන් වේ. එම සන්නස්වල අඩංගු කරුණු පූජකවරුන් විසින් ඕනෑකමින්ම සගවීමෙන් ද මෙය තවත් සනාථ වේ.

මේ සම්බන්ධ බී බී සී නාලිකාවේ විකාශනය වූ වැඩසටහන මෙහි Click කොට නරඹන්න. තවදුරටත් කරුණු දැනගැනීමට පහත දැක්වෙන වීඩියෝ හි විස්තර බලන්න.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/9

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම