කිසිම බැංකුවකින් ගිණුම් ඉවත්කර ගන්නැයි අපි කාටවත්ම කියා නැහැ

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


මේ දිනවල සමාජ මාධ්‍ය අඩවීන් හොදින් නිරීක්ෂණය කරන විට එහි තවම දක්නට ඇත්තේ ‘දෙහිවල සම්පත් බැංකු‘ සිද්ධිය වඩා ගොඩනැඟෙන දේශපාලන කථාබහයන්ය. ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාවට එරෙහිව ගෙනආ හැකි තවත් හොද මාතෘකාවක් ලැබෙන තුරු මේ ජාතිවාදීන් මෙම ප්‍රශ්නය උපරිමයෙන් වවන් කන එකනම් නොඅනුමානය.

අවාසනාව කියන්නේ, මුලාව හා මුසාව එකම පදනම කරගෙන ශ්‍රී ලාංකීය සමාජය නොමඟ යැවීමට වෙහෙසෙන පිරිසට ලැබෙන ප්‍රචාරය සහ සහය සත්‍යයේ හඩට මේ සමාජය තුල ලැබෙන්නේ නැත. එමනිසා ඉහත සදහන් සම්පත් බැංකු සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාව පිලිබදව සමාජගත වන්නේ සත්‍ය වෙනුවට විකෘතියයි. එමනිසා සත්‍ය හඬට අවස්ථාවක් ලබාදීමේ අරමුණින් ‘අරුණ’ පුවත්පතේ පලවූ පුවත හා ‘උලමා සභාව’ නිකුත් කල නිල නිවේදනය ‘යහමග’ අඩවිය තුලින් මෙලෙස පහතින් ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලාංකීය සමාජය මේ පිලිබදව සත්‍ය තත්වය අවබෝධ කරගැනීම පිණිසය

‘ජම්මියතුල් උලමා සභාව ඉහත සිද්ධිය සම්බන්ධයෙන් නිකුත් කල නිළ නිවේදනය (උපුටා ගැනීම www.acju.lk වෙබ් අඩවියෙන්)

(මෙම ප්‍රවෘත්තිය අරුණ වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී)


කිසිම බැංකුවකින් ගිණුම් ඉවත්කර ගන්නැයි අපි කාටවත්ම කියා නැහැ

ශ්‍රී ලංකාවේ කිසිදු පෞද්ගලික බැංකුවක ඇති ගිණුම් ඉවත් කරගන්නා ලෙස තමන් මුස්ලිම් ජනතාවට දැනුම්දී නැතැයි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය ප්‍රකාශ කරයි.

ප්‍රසිද්ධ පෞද්ගලික බැංකුවක මුස්ලිම් ජාතිකයන් සතු ගිණුම් ඉවත්කර ගන්නා ලෙස ජම්ඉයියතුල් සංවිධානය විසින් අනුබල දෙන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මාධ්‍ය හමුවකදී කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී එම සංවිධානයේ මාධ්‍ය ලේකම් ෆසිල් ෆාරුක් මේ බව සඳහන් කළේය. හෙතෙම ඒ පිළිබඳ මෙසේද සඳහන් කළේය.

‘‘රතන හාමුදුරුවො කරල තියෙන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම බොරුවක්. අපි ජම්ඉයියතුල් උලමා සංවිධානය විදිහට කිසිම බැංකුවක ගිණුම් ඉවත් කරගන්න උපදෙස් ලබා දීලා නැහැ. මේක ජාතීන් අතර භේද ඇතිකරන ප්‍රකාශයක්. ශ්‍රී ලංකාවේ සියලුම ජාතීන් සහයෝගයෙන් වාසය කළ යුතුයි කියන එකයි අපේ ස්ථාවරය. ඔය කියන බැංකුවේ සිදුවුණු දෙය අදාළ බැංකුවත් ඊට සම්බන්ධ අයත් පෞද්ගලිකව විසඳා ගත යුතු ගැටලුවක්.’’

මෙම චෝදනාව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් එල්ල කරන ලද්දේ ඊයේ (06 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී උන්වහන්සේ

‘‘අපි සිංහල බැංකුවලට යන්නේ නැහැ. අපි වෙනම බැංකුවලට යනව කියල මේ ගොල්ලො ප්‍රකාශ කරනවා. මේ විදිහට ප්‍රකාශ කරනවා නම් අපිටත් ප්‍රකාශයක් කරන්න වෙනවා. ජම්ඉයියතුල් උලමාව මේ සියලු දේටම උඩගෙඩි දෙමින් ගොළුවො වගේ ඉන්නවා. සහරාන්ගේ බෝම්බ පිපිරීමටත්, රටපුරා මද්‍රසා පාසල් ඇති කිරීමටත්, සිංහල, දෙමළ සහ මුස්ලිම් වශයෙන් සමාජය ආකාරවලින් බෙදීමටත් වැඩකළේ ජම්ඉයියතුල්ලා උලමාවයි. යනුවෙන්ද පැවසීය.

නයන තරංග ගමගේ

පුවත් උපුටාගැනීම – අරුණ වෙබ් අඩවිය


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/3

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම