කොරෝනාව ගෝලීය වසංගතයක් දක්වා ගිය ඇයි ?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මීට සියවස් 14කට පෙර මැදපෙරදිග කාන්තාරයක ජීවත් වූ නූගත් එක්තරා මනුෂ්‍යයකු වසංගත රෝගයක දී මිනිසුන් වන අප ක්‍රියා කලයුතු ආකාරය පිලිබදව අවවාදයක් කරන ලදී. එම අවවාදය මෙසේය.

‘එක් ස්ථානයක වසංගත රෝගයක් බෝවෙමින් තිබෙන බවට ඔබලාට සැලවුයේ නම්, එම ස්ථානය කරා කිසිවිටෙකත් ඔබලා නොයන්න. එසේම ඔබලා සිටින තැනක කිසියම් වසංගත රෝගයක් බෝ වෙමින් තිබෙන බව ඔබට තහවුරු වුයේ නම්, එම ස්ථානයෙන් කිසිවිටෙකත් ඔබලා පලා නොයන්න.’

මේ අවවාදය වසර 1400කට වඩා පැරණිය. නමුත් එහි ගැබ්ව තිබූ සත්‍ය හා ප්‍රායෝගික බව මේ මොහොත වනතුරුත් අවබෝධ කරගත හැකි වූයේ කීයෙන් කීදෙනාටද?. එම මඟපෙන්වීම අවබෝධ කර නොගැනීමත්, ප්‍රතික්ෂේප කිරීමත් හේතුවෙන් අද චීනයේ වුහාන් ගමේ ඇති වූ වසංගතය අද ගොලීය වසංගතයක් දක්වා ව්‍යාප්ත වී මුළු ලෝකයම අවදානමකට හා භීතියකට පත්කොට හමාරය.

මීට මාස කිහිපයකට පෙර චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ඇරඹූ ‘කොවිඩ්19’ හෙවත් කොරෝනා වසංගතය අද (එනම් 2020/03/19) තත්වය බුද්ධිමත්ව විමසා බලන්න… (මෙම වසංගතය ලෝකයට කල බලපෑම් හි නව යාවත්කාලීනය [[1]] යන link එක හරහා පිවිස නරඹන්න)

  • මෙම වසංගතය මේ වනවිට රටවල් 170 කට පමණ ව්‍යාප්ත වී ඇත.
  • මෙම වසංගතය නිසා මේ වනවිට සිදුව ඇති මරණ සංඛ්‍යාව 8000 ත් ඉක්මවා ඇත.
  • මෙම වසංගතයට ගොදුරු වූ රෝගීන් සංඛ්‍යාව 200000 ත් ඉක්මවා ඇත.
  • චීනයේ වුහාන් ගමින් ඇරඹු මෙම වසංගතය අද මෙම වසංගතයේ කේන්ද්‍රස්ථානය ඉතාලිය වන තරමට එය ව්‍යාප්ත වී ඇත.
  • ලොවපුරා වෙසෙන ජනතාව නගරවල් වසාදැමීම හේතුවෙන් තම නිවැස්වල කොටු වී ඇත.
  • ඔවුන්ගේ දෛනික ජීවිතය අක්‍රිය වී ඇත.
  • රට රටවල දේශසීමා වසා දැමීම මෙන්ම ගුවන් ගමන් ද අත්හිටුවීමට කටයුතු කොට ඇත.
  •  ලොව බලගත් රටවල් කියා හදුන්වාගන්නා රටවල් ඩොලර් බිලියන ගණනින් සහන පැකේජයන් ක්‍රියාත්මක කරන බවට නිවේදනය කරමින් ඇත.
  •  ලෝක මුල්‍ය වෙළදපොළවල් ඇතුළුව කොටස් වෙළදපොළවල් දැවැන්ත කඩා වැටීමකට ලක්ව ඇත.
  • ලෝක බොරතෙල් මිලද සීඝ්‍රයෙන් පහත වැටෙමින් ඇත.
  • අවසානයේ ගෝලීය ආර්ථිකය කඩා වැටී ඇත.
  •  මේ හේතුවෙන් ගෝලීය ආර්ථික පසුබැසීමක් ඇතිවීමේ අවදානමක් උද්ගත වී ඇත.

මෙය වසංගතයක් බව හදුනාගත් මොහොතේ පටන් ජනතාව විශේෂයෙන් චීන ජනතාව එම ප්‍රදේශවලින් බැහැරවීම නතර කරන්න තිබුණි. එසේම එහි පාලකයින්ට එය පාලනය කරන්න තිබුණි. එසේ වූවානම් මෙතරම් ලොකු විනාශයකට ලොව මුහුණ නොපාන්නට තිබුණි. සමහරක් රටවලට එය කොතරම් බලපා ඇත්ද යයි පවසනවා නම්. ‘‘දෙවැනි ලෝක යුද්ධයෙන්’’ පසු ජර්මනිය මුහුණ දෙන විශාලතම අභියෝගය යැයි ජාතිය අමතමින් එරට චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් මහත්මිය අද ප්‍රකාශ කොට ඇත. බලධාරීන්ගේ සහ පාලකයින්ගේ අනුවණක්කාර අදූරදර්ශි තීන්දු තීරණ නිසා මෙය සමස්ථ ලෝකයටම අද ඛේදවාචකයක් වී ඇත.

සරල නිදසුනක් ලෙස ශ්‍රී ලංකාව තුල රෝගය ව්‍යාප්ත වූ ආකාරය මොහොතක් බුද්ධිමත්ව සිතා බලන්න. මුලින්ම චීන රෝගියකු මෙරට තුල වාර්ථා වෙනවා. ඇය දැන දැන මෙරට ට ආවාත්, නොදැන ආවාත්, ඇයව ආරක්ෂිත තැනක රඳවා ප්‍රතිකාර කොට ඇය සුවය ලබනවා. ඒ සමගම මේ රටට කවදත් කොඩිවිනයක් වී තිබෙන පුහු ජාතිආල කීබෝඩ් වීරයන් ඉතාලියේ රුකියා කරන ශ්‍රී ලාංකිය සහෝදරයන් පදනම් කරගෙන තම facebook ගිණුමට Like වැඩි කරගන්න විවිධ ඉල්ලීම් හා සටන්පාට ඉදිරිපත් කරනවා. එවැනි කිහිපයක් මෙහි සදහන් කරන්නේ නම්,

  •  උන් මේ රටේ ඉපදුනු උන්, උන් එක්ක මැරෙන්න අපිත් සූදානම් ඔවුන්ව මේ රටට ගෙන්වන්න,
  • ගොඨාභේ ජනාධිපති තුමණි, ඔවුන් ඔබතුමාට ඡන්දේ දාන්න මේ රටට ආවානම් ඇයි මේ වෙලාවේ ඔවුන් මෙ රටට ගෙන්නන්න බැරි,
  • ඒ අපේ ලේ ඔවුන් මෙරට ට ගෙන ආයුතුමයි,

මෙවැනි සටන් පාඨ හමුවේ අදූරදර්ශිව කටයුතු කල සමහරක් පිරිස් නිසා ඔවුන් සියගානක් මෙරටට ගෙන එනවා. එම සිද්ධිය කොතරම් සුවිශේෂි වනවාද කියනවා නම්, එම ගමනට සම්බන්ධ වූ ගුවන් නියමුවන් සහ රටේ ජනාධිපත් ජාතික වීරයන් තරමට සමාජ ජාලවල පෝස්ට් (Post) ඉදිරිපත් වෙනවා.

ඒ අතර තුර ඉතාලියේ සිට පැමිණි සම+හරක් සමස්ථ ජාතියම අවදානමකට ලක්කරමින් ගුවන්තොටුපලේ සිටම පිස්සු නටනවා. එතැන් සිට මෙරට තුල රෝගීන් වාර්ථාවීම පටන් ගන්නවා. අන්න ඒ සමඟ ඊලඟ කණ්ඩායම Facebook සෙල්ලම පටන්ගන්නවා. එනම්, ජනාධිපති තුමාටත් ඉතාලියෙන් පැමිණි පිරිසටත් බනින්න.

අප රටේ කාලකන්නි කීබෝඩ් වීරයන් තම facebook හි Like වැඩිකර ගැනීමට හිතපු තරම් මේ රට ගැන හිතුවේ නම්, මේ රටේ දේශපලඥයින් සංවේදී නොවී බුද්ධිමත් තීන්දුවකට පැමිණියේ නම්, අද අප රටේ තත්වය මීට වඩා යහපත් වන්නට තිබුණි. (මෙතැනදී රටේ පාලකයෙකු ලෙස පකිස්තානු අගමැති මේ සම්බන්ධයෙන් ක්‍රියාකල ආකාරය බුද්ධිමත් ඔබේ අවදානයට ගෙන එන්නට කැමැත්තෙමි.

“චීනයේ වූහාන් සිටි සිය ගණනක් සිසුන් වහාම අපේ රටට ගෙන්වා නොගන්නේ ඇයි කියන චෝදනාව දසඅතින් මාහට එල්ල වුණා.. ඒක මගේ හදවතට දැඩි පීඩනයක් වුණා..” “ඒත් මාගේ බුද්ධිය මට අවබෝධ කළා, ඔවුන් එහි ආරක්ෂිත බව.. කිසිදු හේතුවක් නිසා මෙම රෝගයෙන් ඔවුන් එහි මිය නොයන බව. විශේෂයෙන්ම ආහාර නොමැතිව හෝ වෙනත් එවැනි හේතුවක් නිසා එහිදී මිය නොයන බව..” “මා එදා ගත් තීරණය නිසා, ඔවුන් මෙම ආසාදනය සඳහා ලොව ආරක්ෂිතම රටේ අද ජීවත් වෙනවා. ඒ වගේම මගේ රටේ මිලියන ගණනක් අහිංසක දුප්පත් මිනිසුන්ගේ ආරක්ෂාව තහවුරු වෙලා තියෙනවා.. චීනය මේ ගැටලුව විසඳන බව මට ලොකු විශ්වාසයක් තිබුණා.. වෙන කිසිදු රාජ්‍යයකට නොදෙවෙනි විදියට..” “අපේ මිනිසුන් ලෝකයේ හැම තැනම ඉන්නවා. කොටසකට විතරක් විශේෂ වෙන්න අපට බෑ.. අපේ රටට ආවා කියලා මේ රෝගයට විශේෂ විසඳුමක් ලැබෙන්නේ නෑ.. ඒකයි යථාර්ථය.. මම ලොව පුරා වෙසෙන අපේ මිනිසුන්ට එම රටවලට වී ආරක්ෂිතව සිටින ලෙස අපගේ නියෝජිතයන් හරහා දැනුවත් කළා.. මේ තීරණය ආකර්ෂණීය නෑ.. සාමාන්‍ය මිනිසුන්ට දැනෙන්නේ නෑ.. නමුත් ප්‍රතිඵලය අපි හැමෝටම යහපතක් අත්වීමයි..” “අද බොහෝ රටවලට රෝගය පතුරුවා තිබෙන්නේ තමන්ගේම මිනිසුන්.. මෙය වැළැක්වීමට අප එදා බුද්ධිමත්ව ගත් තීරණය හේතු වෙලා..” ලෝක සෞඛ්‍ය සංවිධානය අද අපට ඒ පිළිබඳ ප්‍රශංසා කරනවා..
පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්)

බුද්ධිමත් නායකයින් කටයුතු කරන්නේ ඒ ආකාරයටය. කෙසේ වෙතත් දැන් වියයුතු සියල්ල සිදුවී හමාරය. මා ඉහතින් සදහන් කල මුහම්මද් (සල්) තුමාණන්ගේ දිව්‍යමය මඟපෙන්වීම වන

‘එක් ස්ථානයක වසංගත රෝගයක් ව්‍යාප්ත වන බව ඔබලාට සැලවුයේ නම්, එම ස්ථානය කරා කිසිවිටෙක නොයන්න. එසේම ඔබලා සිටින ස්ථානයක වසංගත රෝගයක් පවතින බවට තහවුරු වූයේ නම්, එතැනින් කිසිවිටෙක පලා නොයන්න.’ යනුවෙන් මුහම්මද් (සල්) තුමාණන් අවවාද කරන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී 3473, 5728, 6974

යන ඉහත අවවාදය ප්‍රතික්ෂේප කිරීම හො නොසලකා හැරීමේ විපාකයත්, අනුවණක්කාර හා අදූරදර්ශි ජනතාව, නිලධාරීන් හා පාලකයින්ගේ තීන්දු තීරණ නිසා ඇති වූ විනාශයත් අද මේ ගොලීය වසංගතයක් ලෙස සෑම සියළුදෙනාම මුහුණදීමට සිදුවී ඇත. සියල්ල මෙලෙස සිදු වූවායින් පසු අද ලෝකයා…

  • රට රටවල් තම නගරවල් වසාදැමීම දැන් සිදුකොට ඇත.
  • තම නිවැස්වලම රුදී සිටින ලෙස නිවේදන නිකුත් කොට ඇත.
  •  ඇදිරි නීතිය මඟින් ජනතාව පාලනය කිරීම දැන් සිදුකොට ඇත.
  •  රට රටවල දේශසීමා වසා දැමීම දැන් සිදුකොට ඇත.
  •  ගුවන් තොටුපලවල් වසා දැමීම දැන් සිදුකොට ඇත.
  • රොගීන් සමාජය තුල සැරි සැරීම වැලැක්වීමට දැන් දැඩි නීති ක්‍රියාත්මක වෙමින් ඇත.

සුපුරුදු පරිධි මෙවරත් ‘අශ්වයා පැන ගියාට පසුව අස්තාලය වැසීම’ දැන් සිදුකොට ඇත. කෙසේ වෙතත් මේ ගෝලීය වසංගතය හමුවේ. වැරදුනු තැන් සහා එයින් උගතයුතු පාඩම් බොහෝමයක් ඇත. ඒ සියල්ල අනිවාර්‍යයෙන් බුද්ධිමත්ව විමසා බැලිය යුතුව ද ඇත. නමුත් ඊට ප්‍රථම ඉහත නබිවදන ප්‍රකාරව දැන්වත් කටයුතු කරමින් මේ වසංගතයෙන් මිදීම හා හානිය අවමකිරීමට අවශ්‍ය පියවරයන් ගතයුතුව ඇත. ඒ සදහා සෑම සියළුදෙනාටම ශක්තිය දෛර්‍යය ලැබේවා!, කියා දෙවියන් හමුවේ ප්‍රාර්ථනා කරමින් මේ ලිපිය අවසන් කරමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/4

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම