කොරෝනා වෛරසය පිලිබදව විද්‍යාත්මක විමසුම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


සමස්ථ ලෝකයම අද අක්‍රියවීමට පටන්ගෙනය. රට රටවල්වල ආර්ථිකය කඩාවැටෙමින් ඇත. අද වනවිට අප රටේ රුපියලේ අගයද පහල වැටී ඇත. එපමණක් නෙව කොටස් වෙළද පොලවල් ද අක්‍රිය වී ඇත. සියළු පාසැල් වසා දමා ඇත. අනිකුත් කේෂත්‍රයන් තුලද සැලකියයුතු කඩා වැටීමක් දක්නට ඇත. පොදු ජනයා තුල ද මරණ බිය වර්ධනය වෙමින් ඇත. මේ අන් කිසිවක් නිසා නොව ‘කොරෝනා’ වෛරසය හෙවත් ‘කොවිඞ් 19’ රෝගි තත්වය නිසාය.

කාලීන වශයෙන් වැදගත් වූ මෙම විෂය සම්බන්ධයෙන් ආගමික හා විද්‍යාත්මක වශයෙන් වැදගත් කරුණූ කිහපයක් බුද්ධිමත් සමාජයේ අවදානයට ගෙන ආයුතුව ඇත. කවදත් බොරදියේ මාළු බාන ශ්‍රී ලාංකීය ඉස්ලාම් විරෝධීන් මෙම කොරෝනාව ද ආශිර්වාදයක් කොට ඉස්ලාමයට නොයෙක් විවේචන එල්ල කරමින් සිටී. ඔවුනට ද පිලිතුරු දීම අත්‍ය අවශ්‍ය වූවත් මෙම රෝගයේ ස්වභාවය හා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන එයට ප්‍රමුඛතාවය ලබාදී මෙම වෛරසයේ ස්වභාවය, ක්‍රියාකාරීත්වය හා එයින් වැලකීමට ගතහැකි පියවර යන විද්‍යාත්මක කරුණු කාරණා මෙම ලිපියේ පලමු කොටස ලෙස මෙතැන් සිට ඔබේ බුද්ධිමත් අවදානයට ගෙන එන්නට අදහස් කරමි.

වෛරසය පිලිබදව හැදින්වීමක්

කොරෝනා යනු රෝගයක් හෝ රෝගී තත්වයක නමක් නොවේ. එය වෛරස් පවුලක නමකි. මෙම කොරෝනා පවුලේ වෛරස් ගණනාවක් තිබුණත් එයින් මෙතෙක් මිනිසාට ආසාදනය වී තිබුණේ වෛරස් 06ක් පමණි. නමුත් මෙවර වාර්ථාවන මෙම වෛරසයත් සමඟ එය 07 දක්වා ඉහල යයි. විෂ්කම්භය මයික්‍රෝ 400 ක් 500 ක් පමණ විශාල එම 07 වන වෛරසය ‘කොවිඞ් 19’ (Coronavirus Disease 2019 (COVID-19)) ලෙස නම් කර ඇත. එම ‘කොවිඩ් 19’ අසාදානයයි අද කොරෝනා අසාදනය ලෙස ලොවපුරා ජනතාව අතර ප්‍රචලිත වෙමින් පවතින්නේ.

මෙය සතුන් මඟින් අසාදනය වන වෛරසයක් වන අතර මීට ඉහත ද මෙවැනි වෛරස් අසාදාන ලොව තුල වාර්ථා වී ඇත. එවැනි කිහිපයක් ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

  • 2002 වසරේදී චීනයෙන් ඇරඹුණු කොරෝනා වෛරසයක් හේතුවෙන් ඇති වූ ‘සාර්ස්’ (Severe acute respiratory syndrome) රෝග කාරකය ආසාදානය වූ 8098 දෙනෙකුගෙන් 774 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.මෙම වෛරසය මිනිසුන්ට ආසාදනය වූයේ බළලුන් විශේෂයකිනි.
  • 2012 වසරේදී ආසාදනය වූ පුද්ගලයින් 2494 දෙනෙකු අතරින් පුද්ගලයින් 858 දෙනෙකු ජීවිතක්ෂයට පත්කළ ‘මර්ස්’ හෙවත් Middle East respiratory syndrome වෛරසය මිනිසුන්ට ආසාදනය වූයේ, ඔටු විශේෂයකිනි.

එලෙසම මෙම ‘කොවිඩ් 19’ හෙවත් ‘කොරෝනා’ වෛරසය ද වවුලන් හෝ සර්පයින්ගෙන් ආසාදනය වන්නට ඇතැයි විශ්වාස කෙරේ.

වෛරසයේ ක්‍රියාකාරීත්වය හා ව්‍යාප්තිය

මෙම වෛරසය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට ආසාදනය වන බව දැන් තහවුරු කොටගෙන ඇත. විශේෂයෙන් කැස්ස, කිවිසුම් යාම ආදිය හේතුවෙන් මෙම නව වෛරසය ව්‍යාප්ත වීමේ වැඩි ඉඩකඩක් පවතින බවත් ස්පර්ශ මගින් ව්‍යාප්ත වන බවත් තහවුරු වී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට මෙම වෛරසය බරින් වැඩි නිසා වාතය මඟින් ව්‍යෘප්තවීමක් සිදු නොවන බවත්, එය පොළොවට පතිතවීම සිදුවන බවත් පවසයි. කෙසේවෙතත් එය ස්පර්ශ මඟින් ව්‍යාප්තවීමේ සම්භාවිතාවය වැඩි අතර එය තැනින් තැනට පහත ආකාරයට වෙනස් වන බවද සෞඛ්‍ය සංවිධානය පවසයි.

  • වෛරසය ලෝහ මතුපිටක් මත වැටුණු විට ජීව කාලය පැය 12 කි. එබැවින් සබන් යොදා අත්සේදීම ප්‍රමාණවත්ය.
  • වෛරසය රෙදි මත වැටුණු විට ජීව කාලය පැය 09 කි. ඇඳුම් සේදීම හෝ පැය දෙකක් හිරුට නිරාවරණය කිරීම මගින් වෛරසය විනාශ කළ හැකිය.
  • වෛරසය අත්ලේ රැඳුණ විට ජීව කාලය මිනිත්තු 10 කි. විෂබීජ නාශකයක් මගින් විෂබීජහරණය කළ හැකිය.
  • වෛරසය සෙල්සියස් අංශක 26 ත් 27 ත් අතර උෂ්ණත්වයකට නිරාවරණය වුවහොත් එහි ජීවකාලය අවසන් වේ. නිතර උණු වතුර පානය කිරීම, හිරු එළියට නිරාවරණය වීම, සීතල ආහාර නොගැනීම වැදගත් වේ.

කෙසේ වෙතත් මෙම වෛරසය පිලිබදව අදහස් දක්වන එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මාර්ක් වූල්හවුස් පවසන්නේ.

‘මේ වෛරසය සුළු සෙම්ප්‍රතිශ්‍යාවකට වඩා බරපතළයි, ඒත් සාර්ස් තරම් නම් දරුණු නොවේ,’

වෛරසය නිසා ඇතිවන රෝග ලක්ෂණ

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට මෙම වෛරසය මඟින් පෙනහල්ලේ නියුමෝනියා තත්වයක් ඇති කොට රෝගය දරුණු අතකට හරවයි. සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට මෙම වෛරසය මඟින් ඇති කරන රෝග ලක්ෂණ පහත ආකාරයට වේ.

  • පළමුව උගුරට ආසාදනය වේ. උගුරේ වියළි ගතියක් දින 3-4 ක් පවතී.
  • එවිට වෛරසය නාසික තරලයට එකතු වී හුස්ම හිරවී පෙණහලුවලට ඇතුළු වී නියුමෝනියාව ඇති කරයි. මේ සඳහා දින 5-6 කාලයක් ගතවේ.
  • නියුමෝනියාව සමග අධික උණ සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවේ. නාසයේ අධික තදබද ගතියක් දැනේ. ජලයේ ගිලී යන ආකාරයක් දැනේ.
  • සෙම්ප්‍රතිශ්‍යාව ඇති විට නාසය බරව, දියර ගලන තත්ත්වයක් ඇත්නම් එය කොරෝනා වෛරස් නියුමෝනියාව විය නොහැකිය. එම නියුමෝනියාවෙන් වියළි කැස්සක් ඇතිවේ. නාසය තුළින් දියර නොගලයි.

වෛරසයෙන් ආරක්ෂා වීමට අනුගමනය කලයුතු පියවර

මේ පිලිබදව අප රටේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් දැනුවත් කිරීමක් කර තිබේ. එය මෙසේය…

  • කහින විට හෝ කිවිසුම් යන විට අන් අයගෙන් ඉවතට හැරීම.
  • නාසය හෝ මුඛය ටිෂූ කඩදාසියකින් හෝ නැවූ වැළමිටේ ඇතුළු පැත්තෙන් ආවරණය කරගැනීම.
  • භාවිත කළ ටිෂූ කඩදාසි වැසිය හැකි කසළ බඳුනකට දැමීම.
  • තැන තැන කෙළ නොගැසීම.
  • සබන් යොදා නිතර දෑත් සේදීම.
  • ජනතාව එක් රැස්වන ස්ථානයන්ට නොයා සිටීම.
  • එවන් ස්ථානවලදී කිට්ටු වී කතාබස් කිරීමෙන් වැළකීම හා කතාබහ කරන අවස්ථාවල මීටර 1ත් 2ත් අතර දුරකින් සිටීම.
  • නිකරුණේ බිත්ති, අත්වැටවල් ආදී මතුපිටවල් ඇල්ලීමෙන් වැළකීම.
  • සංචාරවලින් වැළකී සිටීම.
  • ඇස්, කට, නාසය හා මුඛය ඇල්ලීමෙන් වැළකීම.
  • සිප වැළඳගැනීමෙන් හා අතට අත දී ආචාර කිරීමෙන් වැළකීම.
  • උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව හෝ හුස්ම ගැනීමේ අපහසුතා පවතින්නේ නම් හැකිතාක් ජනතාව ගැවසෙන ස්ථානවලින් ඉවත් වී සිටීම.
  • එවන් අවස්ථාවක වෛද්‍ය උපදෙස් ලබාගැනීම හා දින 14ක් ඇතුළත කළ විදෙස් සංචාර වේ නම් ඒ පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කිරීම.

මෙම ‘කොරෝනා’ හෙවත් ‘කොවිඞ් 19’ රෝගය පිලිබදව සවිස්තර වාර්ථාවන් මොහොතින් මොහොත යාවත්කාලීන කරන වෙබ් අඩවි ගණනාවක් ඇත. එවැනි එක් සාර්ථක වෙබ් අඩවියක් ලෙස worldometers අඩවිය සදහන් කලහැක. එම අඩවියේ සදහන් යාවත්කාලීනයේ සාරාංශය අද දිනයට (එනම් 2020/03/14 ට) අදාලව විමසා බලමු.

ජාත්‍යන්තරයේ…

  • ලොවපුරා වාර්ථා වූ මුළු රෝගීන් සංඛ්‍යාව – 145,810
  • වාර්ථා වී ඇති මරණ සංඛ්‍යාව – 5,436
  • පූර්ණ වශයෙන් සුව වී ඇති සංඛ්‍යාව – 72,530

ශ්‍රී ලංකාව තුල…

  • වාර්ථා වූ මුළු රෝගීන් සංඛ්‍යාව – 06
  • වාර්ථා වී ඇති මරණ සංඛ්‍යාව – 00
  • පූර්ණ වශයෙන් සුව වී ඇති සංඛ්‍යාව – 01
කොරෝනා රෝගීන් පිලිබදව නව යාවත්කාලීනය මෙහි Click කොට නරඹන්න

එසේනම් ඉහත දැනුවත් කිරීමත් මාධ්‍යයන් හරහා කරනු ලබන අනිකුත් දැනුවත් කිරීමනුත් සැලකිල්ලට ගෙන මෙම ‘කොරෝනා’ හෙවත් ‘කොවිඞ් 19’ රෝගය පිලිබදව වූ නිසි දැනුම ලබාගෙන එයින් ආරක්ෂා වීමට අවශ්‍ය නිසි පියවරයන් අනුගමනය කරමින් තමන්ට හැකි පමණින් අනිකුත් ප්‍රජාවන්ට ද මේ පිලිබදව දැනුවත් කිරීමන් ලබාදෙමින් ඔවුන්ද, සමාජය ද, රට ද ආරක්ෂා කිරීමට සෑම සියළුදෙනාටම ශක්තිය ධෛර්‍ය ලැබේවා! කියා දෙවියන් ඉදිරියේ ප්‍රාර්ථනා කරමින් මෙම ලිපියේ පලමු කොටසට විරාම තබමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/4

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම