කොහෙන් පටන් ගත්තත් ඉවරවෙන් අපෙන්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


‘යහමග‘ අඩවිය ආරම්භ කල දා පටන් නිතර නිතර විවිධ ලිපි තුල පැවසෙන කථාවක් ඇත. ඒ ‘පොඩි එකාගේ පොල් ගස ගැන වූ රචනාව වගේ‘ යන්නයි. නොයෙක් අවස්ථාවල ඉහත කථාව පැවසුවත් එම කථාවට පසුබිම් වූ සිද්ධිය කුමක් ද? යන්න මෙම අඩවිය තුල පැවසූ මතකයක් නම් මාහට නැත. පසුගිය දිනක අප රටේ සිදුවූ එක්තරා සිදුවීමක් මුල් කරගෙන පොල් ගස පිලිබදව වූ එම රචනාව නැවත මගේ සිහියට නැඟුණි. මේ හේතුව නිසා එම සිදුවීම පිලිබදව අවධානය යොමු කිරීමට මත්තෙන් ඒ ‘පොල් ගස ගැන වූ රචනාව‘ පිලිබදව වූ කථාව ඔබේ විමසුමට ඉදිරිපත් කිරීමට අදහස් කරමි.

එක්තරා පාසැලක ප්‍රාථමික පන්තියේ ඉගෙනුම ලබන ළමුන් හට එහි විෂය බාර ගුරුතුමිය විසින් රචනාවක් ලියන්න කියූ සෑම විටම එම පන්තියේ එක්තරා දරුවකු ලියන්නේ ‘පොල් ගස‘ ගැන වූ රචනාවකි. මන්ද එම දරුවා දන්නේ පොල් ගස ගැන පමණක් වන නිසාය. මෙම කාරණය අවබෝධ කරගත් ගුරුතුමිය දිනක් එම පන්තියේ දරුවන් හට ‘එළදෙන‘ ගැන රචනාවක් ලියන ලෙස පවසන ලදී. එවිට ඉහතින් සදහන් දරුවා රචනාව ලියා තිබුණේ ‘අපේ ගෙදර එළදෙනෙක් සිටියාය. තාත්තා එම එළදෙන ගෙන ගොස් ගෙවත්තේ තිබූ පොල් ගසේ බැන්දේය. එම පොල් ගස උසය. එහි ගෙඩි ගොඩාක් තිබේ. එම පොල් ගසින් ගන්නා පොල් අතුවලින්…‘ යනුවෙන් සුපුරුදු පරිධී එළදෙනගෙන් ආරම්භ කොට ‘පොල් ගස‘ ගැනම ලියා ඇත.

එම දරුවා කුඩා අවධියක නොදන්නාකමට කල එම කාරණය මෙහිදී අපට පවසන්නේ කුමකට ද? යන කුතුහලය සමහර විට ඔබට ඇතිවීමට පුළුවන. ඒ නොදරුවා එදා නොදන්නාකරමට එසේ කිරීම වරදක් ද? නොවේද? යන්න මෙහි කථා කිරීමට මා උත්සාහ කරන්නේ නැත. නමුත් මෑතක සිට අපේ රටේ සමහරක් පිරිස් ඉහත නොදරුවාගේ තත්වයට වැටී ක්‍රියා කිරීම නොදන්නාකමක්ද?, නොඑසේ නම් වියරුව හේතු කොටගෙන බුද්ධිය නොදරුවෙකුගේ තත්වයට වැටීද? යන්න තවම සිතාගත නොහැකිව ඇත. ඒ පිලිබදව නිදසුනක් මඟින් කරුණූ කිහිපයක් පාඨක ඔබේ අවධානයට ගෙන ඒමට අදහස් කරන අතර ඒ සදහා සමීපතම නිදසුනක් ලෙස පහත වීඩියෝ ඉදිරිපත් කරමි.

ඉහතින් ඔබට නැරඹීමට සලසා දී ඇත්තේ දකුණු අධිවේගි මාර්ගයේ සිදුවූ එක්තරා සිදුවීමක කිරුළපන නන්ද හිමි නම් ස්වාමින්වහන්සේ නමක් හැසිරුණූ ආකාරය සංස්කරණය නොකල විඩියෝ දර්ශනයකි. මෙහි සංස්කරණය කල විඩියෝ දර්ශනය පසුගිය 2012.06.11 දින ස්වර්ණවාහිනී නාලිකාවේ live@8 ප්‍රවෘත්ති මඟින් ප්‍රථමවරට විකාශනය විය. මා එම විඩියෝ දර්ශනය එහිදී නැරඹු අතර ‘ධර්ම ද්වීපයට දෙවියන්ගේම පිහිටයි‘ යනුවෙන් සිතා එම සිදුවීම එතැනින් අමතක කර දමන ලදී. නමුත් ඉහත (සංස්කරණය නොකල) විඩියෝ දර්ශනය එක්තරා වෙබ් අඩවියක පලකොට ඇති බවත්, එහි මුස්ලීම්වරුන් සම්බන්ධයෙන් යම් යම් කරුණු පැවසෙන බවත් ‘යහමඟ‘ පාඨකයෙකු විසින් මා දැනුවත් කිරීමේන් අනතුරුව එම වීඩියෝව මා විසින් නැවත නරඹූ අතර එහිදී එම ස්වාමින්වහන්සේ ගේ කථාව අසා මා මවිතයට පත්වූ අතර එම අවස්ථාවේ මට සිතුණේ ‘බුදුන්ගේ දේශය අනුරාධපුර සොහොනක් බිඳීමතුල සුළු ජාතීන්ට දෙවියන්ගේම පිහිටයි‘ යනුවෙනි. අප රටේ ස්වාමින්වහන්සේලා මේ ආකාරයට හැසිරුණූ පලමු අවස්ථාව මෙය නොවේ. මෙවැනි අමිහිරි අත්දැකීම් බොහෝමයක් ශ්‍රී ලාංකීකයන් හට ඇත. එම නිසා ‘යහමග‘ එම සිද්ධිය පිලිබදව මෙතැන දී කථා කිරීමට අදහස් නොකරන අතර එය ‘යහමඟ‘ විෂය පථයට අදාල කාරණයක් ද නොවේ. නමුත් ඉහතින් සදහන් පොඩි එකාගේ රචනාව මෙන් සිද්ධියට කොහෙත්ම සම්බන්ධ නැති මුස්ලීම් ජනතාව සම්බන්ධ කරගෙන (ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක මුස්ලීම් විරෝධි ජාතිවාදීන් හා ආගම්වාදීන් මුස්ලීම් ජනතාව හදුන්වන නම) ‘හම්බයන්‘ යයි මෙතැන දී බැන වැදීම ඉතා පහත් ක්‍රියාවකි. එපමණක් නොව ඉහතින් සදහන් ජාතිවාදීන් මෑතක සිට නීතිය ඉදිරියේ නීතිය අතට ගෙන ක්‍රියාකරන ආකාරය පිලිබදව අමිහිරි මෙන්ම සදා නොමැකෙන මතකයන් රාශියක් මේ රටේ මුස්ලීම් ජනතාවට ඇත. විශේෂයෙන් අනුරාධපුර සොහොනක් බිද දැමීමේ දී පොලිසියේ නිලධාරීන් ක්‍රියා කල ආකාරය එයට හොද නිදසුනකි. එසේ තිබිය දී ඉහත (විඩියෝ දර්ශනයේ) ආකාරයට පොලිසියට දෝශාරෝපන නඟමින් කියන්නේ කුමක්ද?. සමස්ථ රටේ නීතියම මෙවැනි ජාතිවාදී වියරුවෙන් විකාර කරන නොදරුවන් සමඟ අත්වැල් බැදගතයුතු යන්නද?.

අවසාන වශයෙන් බුද්ධිමත් ප්‍රජාවගේ අවධානයට ගෙන ආයුතු කාරණයක් ඇත. එනම්, රටේ මහා ජාතිය මෙන්ම පූජ්‍ය පක්ෂය නියෝනය කරන ස්වාමින්වහන්සේලා රටේ සුළු ජාතීන්ට එරෙහිව මෙවැනි ජාතිවාදී ප්‍රකාශ නිකුත් කල පලමු අවස්ථාව මෙය නොවේ. මෙවැනි සිදුවීම් විශාල සංඛ්‍යාවක් විටින් විට ‘යහමඟ‘ පාඨක අවධානයට ගෙන ආ බව ඔබ දන්නවා ඇති. සමීපතම සිදුවීමන් ලෙස ‘දඹුල්ලින් රටටම වැරදි ආදර්ශයක්‘ (මෙම සිදුවීම මුල්කරගෙන ඉදිරිපත් කල ධර්ම ද්වීපය තුල සුළුජාතීන්ගේ ඉරණම)යන ලිපිය සදහන් කල හැක. මෙවැනි සිද්ධීන් තුලින් ජාතිවාදී පිරිස් කාලකන්නි සතුටක් ලබනවා යන්නේහි සැකයක් නැත. නමුත් රටේ සාමය හා ජාතියේ එකමුතුව සදහා ක්‍රියා කලයුතු පාර්ශවයන් මෙලෙස වියරු වැටී ක්‍රියා කිරීම බුද්ධිමත් ප්‍රජාව බුද්ධිමත් ලෙස විමසා බැලිය කාලීන අවශ්‍යතාවයකි. ජාතිය ආගම මුල්කරගෙන ඕනෑම පහත් ක්‍රියාවකට ආවඩනවාට වඩා සාධාර්ණය හා අසාධාර්ණය මත තීන්දු තීරණ ගෙන මෙවැනි තත්වයන් ඉදිරියට රට තුල නිර්මාණය නොවීමට හඬක් නැඟීම මේ රටේ සුභ අනාගතය වෙනුවෙන් දැවෙන අවශ්‍යතාවයකි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/18

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම