කෝප නොවන්න
ශරීරය හොදින් වැසෙන සේ දිගට ඇදුමක් ඇඳ, පිරිමියෙකු නම් යටිරුවුල දිගට වවා හිස් වැස්මක් ද පැලද, කාන්තාවක් නම් මුහුණු ආවර්ණය කොට නොඑසේ නම් මුහුණ පමණක් විවෘතව තබා ශරීරයේ අනිකුත් සියළුතැන් හොදින් වැසෙන ලෙස ඇදුම් ඇඳ, නමත් ‘මුහම්මද්’ ‘ෆාතිමා’… යනාදී ලෙස අරාබි සංස්කෘතියට අනුව තබා ජීවත් වන පිරිස් ‘මුස්ලීම්වරුන්’ යන්න මුස්ලීම් නොවන බහුතර සමාජ පිලිගැනීමයි. නමුත් මුස්ලීම්වරයෙකු යනු කවුරුන්ද? යන විග්‍රහය මීට වඩා බොහෝ සේ සංකීර්ණය. ඉස්ලාමයේ ඉගෙන්වීම අනුව නමත්, පෙනුමත් මුස්ලීම් වූ පමණින් ඔහු මුස්ලීම් හෝ ඔහුගේ දහම ඉස්ලාම් නොවේ. ඒ පිලිබදව කරණ විමසා බැලීමයි මෙම ලිපියෙන් මෙලෙස ආරම්භ කරන්නේ.
කෝපය පාලනය කරගන්න
වත්මන් සමාජය තුල සිදුවන විනාශකාරී බොහෝ සිදුවීමන්ට මූලික හේතුව වී ඇත්තේ මිනිසා තම කෝපය පාලනය කරගැනීමට අසමත්වීමයි. ඉතාම ඉතා සුළු කාරණාවන් සදහා පවා මිනිස් ජීවිත නැති කරගන්නා සිද්ධීන් දවසගානේ විශාල වශයෙන් සමාජය තුල අසන්නෙමු දකින්නෙමු. එවන් වූ මෙම කෝපය පාලනය කිරීමේ අවශ්‍යතාවය මුස්ලීම්වරයෙකු කෙරෙහි ඉස්ලාම් දැඩිව අවදාරණ කරන ගුණාංගයක් යන්න මෙහි පහතින් දැනගත හැක.
(මුස්ලීම්) ඔවුන් කවුරුන්දයත්, තම දෙවියන්ගේ කැමැත්ත අපේක්ෂාවෙන් (සෑම විටම කෝපය පාලනය කොට) ‘ඉවසීමෙන්’ කටයුතු කරන්නන් වේ.
අල්කුර්ආනය – 13-22
ඔවුන් සැපේදීත්, දුකේදීත් (දානධර්ම සදහා) වියදම් කරන්නේය. (ඔවුන්) කෝපය පාලනය කරගන්නේය. මනුෂ්‍යයන් (වශයෙන්) කරන වැරදි සදහා සමා කරන්නේය. (මේ ආකාරයට) සත්ක්‍රියාවල නියලෙන පිරිස් අල්ලාහ් (දෙවියන්) ප්‍රිය කරන්නේය.”
අල්කුර්ආනය – 3-134
ඉහත අල්කුර්ආන් වාක්‍යයන් දෙක හොදින් විශ්ලේෂණය කලේනම්, කෝපය පාලනය කිරීම ඉස්ලාම් කොතරම් උතුම් ගුණාංගක් ලෙස දකින්නේද? යන්න පැහැදිලි වනු ඇත. එය තවදුරටත් අවබෝධ කරගැනීම පිණිස අල්හදීස් (හෙවත් මුහම්මද් තුමාණන්ගේ මඟපෙන්වීමන්) කිහිපයක් වෙත අවදානය යොමු කරන්නේ නම්,
එක්තරා අවස්ථාවක කෙනෙකු නබිතුමාණන් හමුවට පැමිණ ‘මාහට උපදේශයක් කරන්න?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් ‘නුඹ කෝප නොවන්න!’ යනුවෙන් පවසන ලදී. එයට එම මිනිසා නැවතත් ‘මට උපදේශයක් කරන්න?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් ‘නුඹ කෝප නොවන්න’ යනුවෙන් නැවතත් පවසන ලදී. එයට ඔහු යලත් ‘මට උපදේශයක් කරන්න?’ යනුවෙන් නැවත නැවතත් නබිතුමාණන්ගෙන් විමසූ නමුත් එයට ‘නූඹ කෝප නොවන්න!’ යනුවෙන්ම පවසන ලදී.
මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී
එක්තරා අවස්ථාවක කෙනෙකු නබිතුමාණන් හමුවට පැමිණ ‘මාව ස්වර්ගයට ඇතුල් කරවන සත්ක්‍රියාවක් මට පවසන්න’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් ‘නුඹ කෝප නොවන්න! නුඹට ස්වර්ගය ඇත!’ යනුවෙන් පවසන ලදී.
මූලාශ්‍ර ග්‍රන්ථය – තබරානි
ඉහත ඉස්ලාමයේ ඉගෙන්වීමන් වන අල්කුර්ආන් පාඨයන් හා අල්හදීස් පාඨයන් හොදින් විශ්ලේෂනය කලේනම්, ඉස්ලාම් දහම කෝපය පාලනය කිරීම හා ඉවසීම යන ගුණාංගය කොතරම් දුරකට අවදාරණය කරනවාද යන්න පැහැදිලි වේ. එසේනම් මෙම ගුණාංගයන් අප තුල ප්‍රගුණ නොකොට හුදෙක් නම හා භාහිර ස්වරූපය පමණක් මුස්ලීම්වරුන් ලෙස සරසාගෙන ‘මම මුස්ලීම්’ යයි සමාජය ඉදිරියේ වහසිබස් දෙඩවීම සමාජය ඉදිරියේ තමන් මුස්ලීම් යයි පෙන්වා ගැනීමට හේතුවක් කරගත්තද ඔහු සැබෑ මුස්ලීම්වරයෙකු යන්නට එය පදනමක් හෝ සාක්ෂියක් නොවේ. ඔහු ඉස්ලාම් පවසන සැබෑම මුස්ලීම්වරයෙකු වන්නට නම්, ඔහු තුල ඉවසීම ප්‍රගුණ කොට කෝපය පාලනය කරගැනීම අත්‍ය අවශ්‍යවේ.
සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න