ජාතියක් ලෙස අප සිටින තැන

'පෙරදිග මුතු ඇටය' මේ අපේ රටට අතීතයේ හිමිව තිබූ සුන්දර හැදින්වීමකි. පාසැල් පෙලපොත් තුලින් ද අපට අපේ රට හදුන්වා දුන්නේ එලෙසිනි. අප එදා එලෙසින්ම ලෝකයට ආදර්ශමත් ජාතියක් විය. නමුත් එදා එලෙස හැදිනූ අප අද ජාතියක් ලෙස සිටින්නේ කොතැනද?. මෙය ශ්‍රී ලාංකීය සියළුදෙනා බුද්ධිමත්ව විමසා බැලිය යුතු කාලීන පැනයකි.
මේ රට අද සෑම ක්ෂේත්‍රයකින්ම පරිහානියට ගොස් ඇති බව කණගාටුවෙන් වූවද පිලිගතයුතු සත්‍යයකි. විශේෂයෙන් ප්‍රතිපත්තියක් නැති දේශපාලඥයින්ගේ ක්‍රියාකලාපයන් නිසා එක් පසකින් රට ආර්ථිකමය වශයෙන් ප්‍රපාතයකට ගමන් කරමින් තිබෙන අතර තවත් පසෙකින් පටු දේශපාලන ක්‍රියාදාමයන් නිසා ජාතීන් අතර ජාතිවාදය ඔඩුදුවමින් තිබේ. එසේම සමහරක් ආගමික නායකයින් ද මිනිස් සිතු තුල යහපත් ගතිගුණ වර්ධනය කරනවා වෙනුවට වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පලිගැනීම... වැනි නරක සිතුවිලිවලින් පෝෂණය කරමින් විකෘති සමාජයක් නිර්මාණය කරමින් සිටී. රටේ කොදුනාරුටිය වූ තරුණ ජවය අද මත්ද්‍රව්‍යවලට හා පටු කාමුක විකෘති ආශාවන්ට ඇබ්බැහි වී රටම ඛේදනීය ඉසව්වකට ගෙනයමින් සිටී.
එවැනි සිද්ධීන් පෙලගැසීම මෙම මණ්ඩපයේ අරමුණයි. මෙහි ඉදිරිපත් කරන සිද්ධීන් මේ රටේ සමාජ පරිහානිය පිලිඹිබු කරනවා යන්න මාගේ විශ්වාසයයි. නමුත් කෙනෙකුට එම සිද්ධීන් හුදෙකලා සිද්ධීන් ලෙස ද අර්ථකතනය ද කලහැක. නමුත් සමස්ථ හුදෙකලා සිද්ධීන්වල එකතුව හා එයින් සමාජයට සිදුව ඇති හානිය බුද්ධිමත්ව විමසා බලන්නේ නම් එයින් මේ රට ගමන් කරන ඉසව්ව තීන්දු කිරීම අපහසු නොවනු ඇතැයි යන්න මාගේ දැඩි විශ්වාසයයි.
ලොරියකට නංවා තරුණිය වනසලා
නිවසට ඇරලවීමට ලොරි රථයක නංවාගෙන ගෙලට කිනිස්සක් තබා ලොරි රථයක් තුළ දී 18 හැවිරිදි තරුණියක් සමූහ දුෂණයකට ලක්කර ඇතැයි පොලිසිය කියයි
පානදුර, ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණියක මෙසේ දූෂණයට ලක්ව ඇති අතර ඇය මේ වන විට කළුතර ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
පානදුර ප්‍රදේශයේ වෙළදසලක සේවය කරන මෙම තරුණය සේවය නිමවා රාත්‍රි නිවසට යමින් සිටියදී කුඩා ලොරි රථයක සිටී දෙදෙනකු හැදුනුම්කමක් පෙන්වා නිවසට ඇරලවීම සදහා ලොරි රථයට නංවාගෙන ඇත.
ලොරි රථය පින්වත්ත දෙසට ගමන් කිරීමේදී තමන්ට බැසීමට අවශ්‍ය බව දැනුම් දීමෙන් පසු වාද්දුව ප්‍රදේශයේ පාළු වත්තකට ලොරි රථය දමා ඉදිරිපස අසුනේ තබාගෙන රියදුරු සහ අනෙක් පුද්ගලයා වරින් වර දූෂණයට ලක්කර ඇතැයි පොලිසිය පවසයි.
අසාධ්‍ය තත්වයේ පසුවූ තරුණිය කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවත්, අතවර සිදුකළ පුද්ගලයන් නැවත දුටුව හොත් හදුනාගත හැකි බවත් තරුණියගේ ප්‍රකාශයේ සටහන්ව ඇති බවද පැවසේ.
Link - https://www.lankadeepa.lk/news/%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7-%E0%B6%B1%E0%B6%82%E0%B7%80%E0%B7%8F-%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA-%E0%B7%80%E0%B6%B1%E0%B7%83%E0%B6%BD%E0%B7%8F/101-629896
පනාගොඩ ගිනි අවිය පැහැර ගැනිමට භික්ෂුවක් ඇතුළු දෙකක් සැකපිට
පනාගොඩ යුද හමුදා කදවුරට යාබද මුරපලකින් ටී 56 ගිනි අවිය සොරාගැනීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක පිට හිමිනමක සහ තවත් පුද්ගලයකු රී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මගින් සැකපිට අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම ගොඩගම ප්‍රදේශයේ විහාරස්ථානයක රැඳී සිටි හිමි නමක සහ පුද්ගලයෙකු බව පැවසේ.
පනාගොඩ යුද හමුදා කදවුරට යාබදව පිහිටි යුදහමුදා නිවාස සංකීර්ණයේ ආරක්ෂාවට යොදවා හිටි සෙබළුකු රවටා ඔහු සන්තකයේ තිබූ ටී 56 ගිනි අවියක් , මැගසින් 4 , එහි බහා තිබූ උන්ඩ එකසිය විස්සක් සහ ආරක්ෂිත බෑගයක් ඉකුත් 3 දා රාත්‍රී සොරාගෙන ගොස් තිබුණි .
පසුව සිද්ධිය සම්බන්ධයෙන් අවට සෝදිසි කිරීමේ දී සිද්ධිය වූ ස්ථානයේ සිට මීටර් 100 පමණ දුරින් පිහිටි අතුරු මාර්ගයක බෝක්කුවක් යට තිබී සොරාගත් උණ්ඩ 30 බහා තිබූ මැගසීනයක් පොලිසිය සොයා ගෙන තිබුණි .
එම අවස්ථාවේදී යාබද වෙළඳසැලක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවකින් සිද්ධියට සම්බන්ධ පුද්ගලයා හඳුනාගෙන ඉදිරි විමර්ශන සදහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරුණි .
Link - https://www.lankadeepa.lk/news/%E0%B6%B4%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9-%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92-%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B6%BA-%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B6%A7-%E0%B6%B7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A-%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94-%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A-%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7/101-629854
පනාගොඩින් නැති වූ ගිනි අවිය හෝමාගමින් අල්ලයි
පනාගොඩ හමුදා කඳවුරේ පිටිපන මුරකුටියේ සෙබළකුගේ ටී 56 ගිනි අවිය සහ ජීව උණ්ඩ එකසිය විස්සක් සොරාගත් බව කියන යුද හමුදා සෙබළකු සහ හිටපු සෙබළකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය කියයි.
සැකකරුවන් සොරා ගෙන තිබූ ටී 56 ගිනි අවිය සහ ජීව උණ්ඩ තොගයද පොලිස් බාරයට ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා හෝමාගම මාගම්මන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරුවන් අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.
Link - https://www.lankadeepa.lk/news/%E0%B6%B4%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92-%E0%B7%80%E0%B7%96-%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92-%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B6%BA-%E0%B7%84%E0%B7%9D%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92/101-630222
ලොකුම කුඩු සිද්ධියේ සැකකරුවෝ නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවට මහත් තර්ජනයක්ව පවතින මත් කුඩු කිලෝ 196 ක් ලංකාවට රැගෙන එද්දී මහමුහුදේදී අත්අඩංගුවට ගන්නා ලද කුඩු ජාවාරම්කරුවන් පස්දෙනාට එරෙහි චෝදනාවල පැමිණීල්ල දෙදරා ගොස් ඇතැයි ඒකමතිකව තීන්දු කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවෝ 05 දෙනාම අද (06) නිදොස් කොට නිදහස් කළේය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ අධීක්ෂණය යටතේ මෙම සිද්ධියට අදාළ විමර්ශන සිදුකළත් එම විමර්ශන කළ ආකාරය පිළිබඳ මවිතය පළකරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවෝ නිදොස් කොට නිදහස් කළේය.
ශ්‍රී ලංකාවට මහත් තර්ජනයක්ව පවතින මත් ජාවාරම්කරුවන්ට එරෙහි නඩුව විශේෂ නඩු කටයුත්තක් ලෙස සලකා විභාග කිරීම සඳහා ඉතිහාසයේ ප්‍රථම වතාවට පත්කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මාස 06ක කාලයක් තුළ පැවැත්වු දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විනිසුරු මඩුල්ල මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ මෙලෙස චෝදනා ලැබ සිටින්නේ අනුර චමින්ද අප්පුහාමි” තවරාසා සුදාකරන්” අග්ලේස පිල්ලේ තවරාසා” ලසන්ත ප්‍රියලාල් අප්පුහාමි සහ කන්දයියා චන්ද්‍රකුමාර් නමැත්තන්ය.
මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා (සභාපති) මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් යන මහත්වරුන් විසින් එලෙස නියම කරන ලදී.
ශ්‍රී ලංකාවට මහත් තර්ජනයක්ව පවතින මත් ජාවාරම්කරුවන්ට එරෙහි නඩුව විශේෂ නඩු කටයුත්තක් ලෙස සලකා විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපති සංජය රාජරත්නම් මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් පත් කරන ලද මෙම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල 2021 සැප්තැම්බර් 27 වැනිදා නඩු විභභාගය ආරම්භ කරන ලදී.
2019 අප්‍රේල් මස 21 වනිදා හෝ ඊට ආසන්න දිනයක පේදුරුතුව සහ කන්කසන්තුරය අතර ජාත්‍යයන්තර මුහුදේදී ජාවාරම් කිරීම සඳහා කුඩු කිලෝ 196 ලංකාවට ආනයනය කිරීම” එම හෙරොයින් කිලෝ 196 ලඟ තබා ගැනීම සහ ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම යන චෝදනා මත අනුර චමින්ද අප්පුහාමි” තවරාසා සුදාකරන්” අග්ලේස පිල්ලේ තවරාසා” ලසන්ත ප්‍රියලාල් අප්පුහාමි සහ කන්දයියා චන්ද්‍රකුමාර් නමැති විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා චෝදනා ගොනු කොට තිබිණී.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ලැබුණු තොරතුරකට අනුව නාවික හමුදාව විසින් පේදුරුතුව සහ කන්කසන්තුරය අතර ත්‍රීකුණාමලයට කිලෝමීටර් 400ක් දුරින් ජාත්‍යයන්තර මුහුදේදී “ශාන්ත අන්තෝනි” නමැති ධීවර යාත්‍රාවකින් උර 13ක බහාලු පාර්සල් 248ක් තුළ සඟවා හෙරොයින් කිලෝ ග්රෑම් 263ක්ද සමඟ මෙම විත්තිකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව නීතීපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.
අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් කිලෝ ග්රෑම් 263 තුළ ශුද්ධ හෙරොයින් කිලෝ 196 ග්රෑම් 986ක් ඇත බව රජයේ රස පරීක්‍ෂකවරයා අධිකරණයට වාර්තා කළේය.
කුඩු නඩුවක් විභාග කිරීම සඳහා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පත්කරන ලද ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී සභාපති විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා අධිකරණය අමතමින් ඒකමතික තීන්දුවක් ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන් අතර තීන්දුවේ නිගමන සහ හේතූ විවෘත අධිකරණයේ දක්වන බව දැනුම් දුන්නේය.
ඒ අනුව මුලින්ම මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතාද පසුව මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතාද අනතුරුව සභාපති විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතාද තීන්දුවේ නිගමන සහ හේතූ විවෘත අධිකරණයේ පැහැදිලි කළේය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ඇතැම් නිලධාරීන් අධිකරණයේ ෂත්‍ය සාක්කි දුන්නේද යන්න සැකමතුවන බවත් ඇතැම් සාක්කි විශ්වාෂනීයත්වයෙන් තොර ඒවා බවත් තීන්දු කළ විනිසුරු මඩුල්ල මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් සිද්ධිය පිළිබඳ විමර්ශන කළ ආකාරය පිළිබඳ මවිතයට පත් වන බවත් සඳහන් කළේය.
සිද්ධියේදී ගත් ඡායාරූප සහ වීඩීයා් පට අධිකරණයට ඉදිරිපත් කොට නැති බවත් නාවික හමුදාව විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාට පෙන්වන ලද පොලිසැක් උර ඔහුට හඳුනාගැනීමට නොහැකිවීම පුදුම සහගත බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අවධධාරණය කළේය.
පැමිණීල්ලෙන් කියන ආකාරයට මෙවැනි වැටලීමක් සිදුවුවාද යන්න සැක සහිත බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ සාක්කි කෙරෙහහි විශ්වාෂය තැබිය නොහැකි බවත් විත්තිකරුවනන්ගෙන් අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් පිළිබඳ නඩු භාන්ඩ දාමය ඔප්පු කිරීමටට පැමිණීල්ලට හැකියාව ලැබී නැතැයිද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීන්දු කළේය.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධධාරණ සැකයකින් තෙතාරව ඔප්පු කොට නැතැයී තීන්දු කළ විනිසුරු මඩුල්ල විත්තිකරුවන් සිය`ථ දෙනාම සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කළේය.
විනිසුරු මඩුල්ලේ නියෝගය මත අධිකරණ භාෂා පරිවර්ථන නිලධාරිනියන් වන මල්ෂී ප්‍රනාන්දු සහ සෆායා අරූෂ් මෙනවියන් විසින් අධිකරණ නියෝගය අධිකරණයට දැනුම් දුන්හ.
විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥවරුන් වන ගාමිණී අල්විස්” ජගත් අබේනායක” අමිලා උදයංගනී” දීපීකා හෙට්ටිමුල්ල” අරණ්‍ය දේවනාරායන” චානුක දිසානායක යන මහත්ම මහත්මීන් ඇතු`ථ නීතීඥ මඩුල්ලක් පෙනී සිටියහ.
https://www.lankadeepa.lk/latest_news/%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%94%E0%B6%B8-%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94-%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A-%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9D-%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7-%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A/1-631352
රට නිගාවට පත්කළ අමන පුරවැසියෙක්
රට වැටී ඇති අගාධයෙන් ගොඩගැනීමට දායකවීම සෑම පුරවැසියකුගේම වගකීමකි. ඒකාන්ත වශයෙන්ම ඔප්පු වී ඇති සත්‍ය නම් තනි තනි පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම්වලට හෝ ඉන්ද්‍රජාල හා හාස්කම්වලට හෝ මේ රට ගොඩනැගිය නොහැකි බවය. සිවු කොනේ වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයන් එක මිටට එකතු වූ සාමූහික ප්‍රයත්නයක් මගින් පමණක් රට ගොඩගත හැකිය. මෙම පරම සත්‍ය ඇස් පනාපිට පැහැදිලිව තිබියදීත් ඒ බව නොතකා ඊට හතුරුව දුෂ්ට ලෙස ක්‍රියා කරන අමන පුරවැසියෝ අප රටෙහි වෙසෙති. එබඳු එක් පුරවැසියකුට අදාළ පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.
“රුසියන් තරුණියකට ලිංගික අතවර කර දහ දාහකුත් අරන් පැනලා” දුෂ්ට පුරවැසියාට අදාළ සිදුවීම අප පුවත්පත වාර්තාකර තිබුණේ එම සිරස්තලයෙනි. එම සිරස්තලය අද රටේ ඉරණම සමග ගැට ගැසූවිට පුරවැසියා රටට කර තිබෙන්නේ කෙතරම් සාපරාධයක් ද යන්න ඉඳුරාම ප්‍රත්‍යක්ෂය.
රටේ පවතින්නේ ආර්ථික අර්බුදයකි. අපගේ සංචිතවල තිබූ ඩොලර් වාෂ්ප වී ගියේය. එම නිසාම රටට අවශ්‍ය ඉන්ධන, ඖෂධ හා ගෑස් ඇතුළු වෙනත් අත්‍යවශ්‍ය දෑ මිලදී ගැනීමට නොහැකිව රට හතරගාතෙන් වැටුණේය. හතරගාතෙන් වැටුණු රට තුළ ජීවත් වූ ජනයාට අනාගතය සම්බන්ධ සුබ සිහින වෙනුවට පෙනුණේ සතර අපාය පමණි. උත්තරය වශයෙන් ආදේශ වූයේ ඩොලර් ඉපැයීමය. ඒ සඳහා වන ප්‍රධාන මාර්ගයක් වන්නේ සංචාරක ව්‍යාපාරය වේ.
මෙරටට ඩොලර් උල්පතක් බඳු වූ සංචාරක ව්‍යාපාරය බිංදුවටම හිඳී ගියේය. එය ආරම්භ වූයේ පාස්කු ඉරුදින ප්‍රහාරයෙනි. කොවිඩ් මාරාන්තික වසංගතය හමුවේ සංචාරක ව්‍යාපාරය බිංදුවටම වැටුණේය. කොවිඩ් අඳුරු සෙවණැලි කෙමෙන් තුනීවී යනවිට ආර්ථික අර්බුදය ගංවතුරක් මෙන් ගලා ගියේය. රටට පැමිණෙන සංචාරකයාට රතු පළස් එළා මල් කළඹක් දී පිළිගෙන “ඉඹ” රට ඇතුළට ගැනීමට තරම් තත්ත්වය වර්ධනය විය. එහෙත් සංචාරකයන්ගේ පැමිණීම හැර වෙනත් උත්තරයක් රට හමුවේ නැත. එබඳු පරිසරයක නිවාඩුව විවේකයෙන් ගත කර රටතොට අසිරිසිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයා ඉහළම ආගන්තුක සත්කාරයෙන් පිළිගත යුතුය. එහෙත් අප ප්‍රවෘත්තියෙන් කියැවෙන්නේ එසේ මෙරටට පැමිණි රුසියානු තරුණියකට ලිංගික අතවර කර ඇය අත රැඳි රුපියල් දහදාහක මුදලක් ද රැගෙන පලාගිය අමන පුරවැසියකු පිළිබඳවය.
සිද්ධිය වාර්තාවන්නේ මාතර ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයකිනි. රුසියානු ජාතික 26 හැවිරිදි තරුණිය මෙම හෝටලයේ නැවතී සිට ඇත. එම කාමරයට හොර රහසේ ඇතුළු වූ අයකු ඇයට ලිංගික අතවර කර රුපියල් දහදාහක් ද කොල්ලකා පලාගොස් ඇති බව මාතර මූලස්ථාන පොලිසියට ඇය කළ පැමිණිල්ලේ සඳහන්ය.
මෙරටට පැමිණෙන සංචාරකයන්ට නිසි ගෞරවයෙන් සැලකීම හා අවශ්‍ය ආරක්ෂාව සැපයීම ජාතික වගකීමකි. එහෙත් එම වගකීම නිසි රිසි පරිදි ඉටුවන බවක් නොපෙනේ. මෙරටට පැමිණෙන සංචාරකයන්ට ඔවුන් නවාතැන්ගත් හෝටලය තුළදීම නොයෙක් ආකාරයේ හිරිහැර අතවරවලට ලක්වීමේ පුවත් සුලභව වාර්තාවේ. ඔවුන් සතු මිල මුදල් මෙන්ම අනෙකුත් වටිනා භාණ්ඩ සොරාකෑම් සම්බන්ධ චෝදනා එල්ලවන්නේ එම හෝටලයේම කාර්ය මණ්ඩලවලටය. එක් අවස්ථාවක දී වාර්තා වූයේ හෝටලයේ හිමිකරුම සංචාරකයන්ගේ මුදල් සේප්පු පිටින් සොරකම් කළ බවය. ඇතැම් සංචාරකයන්ට නිදහසේ හා ආරක්ෂිතව මහමග ගමන් කිරීමට හෝ මුහුදු වෙරළක නිස්කාංසුවේ ගත කිරීමට හෝ අවකාශ අහිමිවීමේ සිදුවීම් ද ඉතා සුලභය. ඊට අමතරව ත්‍රීරෝද රියැදුරාගේ සිට තැඹිලි වෙළෙන්දා හා සංචාරක මගපෙන්වන්නාගේ අනවරත සූරාකෑමට ලක්වීමට ද සංචාරකයන් ලක්වීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වී තිබේ.
මෙරට අසිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයන් මෙසේ නිමක් නැති අතවරවලට හිරිහැරවලට ලක්වීමේ දී අප රට සම්බන්ධයෙන් ඔවුන් කවර තොරතුරු ලෝකය හමුවේ අනාවරණය කරනු ඇද්ද යන්න සිතා ගැනීම අසීරු නැත. එම තොරතුරු අසා කියවා මෙරටට පැමිණීමට යමකු ඉදිරිපත් වේයැයි සිතිය නොහැක. මෙබඳු පරිසරයක සංචාරක ව්‍යාපාරය නව වටයකින් පණගසා පෙරට එනු ඇතැයි සිතීම යථාර්ථයෙන් එපිටය. එහෙයින් මෙබඳු දුෂ්ඨ අශිෂ්ට පුරවැසියන්ට ඉහළම දඬුවම් පැමිණවිය යුතුය.
https://www.lankadeepa.lk/features/%E0%B6%BB%E0%B6%A7-%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%85-%E0%B6%85%E0%B6%B8%E0%B6%B1-%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A/2-631396
වරෙන්තුවක් මඟහරින්න ලක්ෂ තුනහමාරක් අල්ලස් ගත් සාජන් මාට්ටු
ස්ත්‍රී දූෂණ නඩුවක් සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයක් සමථයකට පත් කිරීමට සහ වරෙන්තුවක් ක්‍රියාත්මක නොකර සිටීමට පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ තුන හමාරක අල්ලසක් ලබාගත් බවට සැකපිට මැදවච්චිය පොලීසියේ සැරයන්වරයෙක් අල්ලස් හා දූෂණ විමර්ශන නිලධාරීන් විසින් අද (31) දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.
මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකරුගෙ නිවසට පැමිණ මුදල් ලබා ගැනීමට යාමේදී අදාළ සැරයන්වරයා අල්ලස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පැමිණිලිකරුට එරෙහිව පවතින ස්ත්‍රී දුෂණ නඩුවකට අදාළ අනෙක් පාර්ශවය සමථයකට පත් කිරීමත් තවත් නඩු කිහිපයක් වෙනුවෙන් පැවති වරෙන්තුවක් ක්‍රියාත්මක නොකර සිටීමටත් මෙම සැරෙන්වරයා පැමිණිලිකරුගෙන් මෙම ලක්ෂ තුනහමාරක මුදල අල්ලස් වශයෙන් ඉල්ලා තිබෙන බව නිලධාරීහු කියති.
සැකකරු ඊයේ (31) මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව තිබිණ.
Link - https://www.lankadeepa.lk/latest_news/%E0%B7%80%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B8%E0%B6%9F%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82-%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%84%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A-%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A-%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B7%83%E0%B7%8F%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94/1-627885
හමුදා සෙබළාගේ සාක්කුවට විද්ද කොස්තාපල් දැලේ
කොළඹ නුවර පාරේ ධාවනය වෙමින් තිබූ මගී බස් රථයක ගමන් ගත් යුද යුධ හමුදා සෙබලෙකු කලිසම්සාක්කුවේ දමාගෙන සිටි රුපියල් 1500 ක් සහිත මුදල් පසුම්බිය සහ ඔහුගේ ජංගම දුරකථනය සොරාගත් බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි පෑලියගොඩ මූලස්ථාන පොලිසිය පවසයි.
මේවා සොරා සොරාගන්නා ලද අවස්ථාවේ ම ඒවායේ අයිතිකාර යුධ හමුදා සෙබලා සැකකරුඅල්ලාගෙන පසුව පෑලියගොඩ මූලස්ථාන පොලිසියට භාරදී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට අද 31 වෙනිදා පැවසීය.
පොලීසියට භාරදුන් සැකකරු පසුව අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය කීය.
මෙම කොස්තාපල්වරයා සාමාන්‍ය ඇඳුමෙන් සැරසී ගොස් මෙම සොරකම සිදුකර ඇතැයි පොලීසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරයා කොළඹ ප්‍රදේශයේ පොලිස් ස්ථානයක රාජකාරි කරන අයෙකි.
පිටකොටුවේ සිට කඩවත දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක පසුගිය 15 වැනිදා ගමන් කරන අවස්ථාවේකොළඹ සුගතදාස ක්‍රීඩාංගණය අසලදී තමා සතු ජංගම දුරකථනය පැහැරගෙන පලා ගියේ ද මෙම සැකකාර කොස්තාපල්වරයා බව වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්පැමිණිල්ලක් කර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේය.
පෑලියගොඩ පොලිසිය විසින් මෙම සැකකාර කොස්තාපල්වරයා බැලුව පරීක්ෂණ සඳහ වැඩිදුර පරීක්ෂණ සඳහා ග්‍රෑන්පාස් පොලිසියට භාර දී ඇත.
මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා ගේ වැඩ තහනම් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව පොලිස් ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත.
රාජකාරී වේලාවේ ‘ස්පා‘ ගිය පී.සීලා ගෙදර
පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකට ගොස් එහි කාන්තාවන් දෙනෙකුගේ සේවය ලබාගත් බව කියන පෑලියගොඩ මුලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනපොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට අද 7 වැනිදා පැවසීය.
මෙම පොලිස් කොස්තාපල් ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් මූලික මූලික විමර්ශනයක් පවත්වා ඔවුන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇත්තේ කැලණිය සහකාර පොලිස් අධිකාරී 1 විසිනි.
මෙම පොලිස් කොස්තාපල් දෙදෙනා අනවසරෙන් පොලිස් ස්ථානයෙන් පිටව ගොස් මෙම සම්බාහන මධ්‍යස්ථානයට ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
පොලිස් 119 හදිසි ඇමතුම් අංශයේ මගින් ලබාදුන් තොරතුරක් මත පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ නිලධාරින් කණ්ඩායමක්මෙම සම්භාහන මධ්‍යස්ථානය වැටලූ අවස්ථාවේ කාන්තාවන් දෙදෙනෙකුගේ සේවය ලබා ගනිමින් සිටියේ යැයි කියන කොස්තාපල් දෙදෙනා පලාගොස් ඇති බව එම උසස් පොලිස් නිලධාරියා කීය.
පලා ගිය පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා පසුව පොලිස් ස්ථානයට පැමිණ ඇතැයිද පොලිස් ආරංචිමාර්ග වලින් දැන ගැනීමට ඇත
Link - https://www.lankadeepa.lk/latest_news/%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93-%E0%B7%80%E0%B7%9A%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A-%E2%80%98%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E2%80%98-%E0%B6%9C%E0%B7%92%E0%B6%BA-%E2%80%8C%E0%B6%B4%E0%B7%93-%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B7%8F-%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB/1-628277
සුව සහායිකාවගේ ලෝකරයෙන් අති විශේෂ මතුවේ
කොළඹ ජාතික රෝහලේ පිහිටි වාට්ටුවක සෞඛ්‍ය කාර්යය සහායිකා වකට අයත් කබඩයක තිබී අති විශේෂ ලේබලය සහිත රජයේ අරක්කු බෝතල් හතක් සොයාගත් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ලැබුණු තොරතුරක් මත මෙම අරක්කු බෝතල් තොගය සොයා ගනු ලැබුවේ රෝහලේ පරිපාලන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.
අරක්කු බෝතල් කබඩයක් තුළ සඟවාගෙන සිටි බව කියන එම සෞඛ්‍ය සහායිකා ව ද මේ සමග අල්ලාගත් බව ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.
රෝහලේ ඇතැම් සේවකයන්ට විකිණීමට මෙම අරක්කු බෝතල් ඇයගේ කබඩ් එක තුළ සඟවා තබාගෙන සිටින්නට ඇතැයි සැක කරන බව එම රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් කීය
මේ බව සෞඛ්‍ය බලධාරීන්ට ද දැනුම් දී ඇති අතර මෙම සෞඛ්‍ය කාර්ය සහායිකාවට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
Link - https://www.lankadeepa.lk/news/%E0%B7%83%E0%B7%94%E0%B7%80-%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9C%E0%B7%9A-%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%85%E0%B6%AD%E0%B7%92-%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82-%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A/101-628335
ඉගෙන ගන්න සල්ලි හොයන්න පැරැණි රැකියාවට බැහැලා
උසස් අධ්‍යාපනය ලැබීමට මුදල් සොයා ගැනීම සඳහා ගණිකා වෘත්තියේ යෙදී සිටි රූමත් තරුණියන් 14 දෙනකු ඇතුළු 18 දෙනකු තලංගම දී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි.
තරුණියන් සමග අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් එම ස්ථානවල කළමනාකරුවන් ලෙස සිටි පුද්ගලයන් බව පොලිසිය කියයි.
කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ මධ්‍යස්ථාන තලංගම පොලිස් බල ප්‍රදේශයේ දිනෙන් දින හතු පිපෙන්නාක් මෙන් බිහිවන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදයකුමාර මහතා ට ලද තොරතුරකට අනුව වැටලීම කළ බව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා පැවසීය.
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව පොලිස් සැරයන් 1445 බටුවත්ත,පොලිස් කොස්තාපල්වරුන් වන 77090 බාලසූරිය 31867 රාජගුරු ,92896 අකිල යන නිලධාරීන් තරුනියන් මිලදී ගන්නා පුද්ගලයන් සේ වෙස් වලාගෙන තරුණියන් විකුණන මධ්‍යස්ථාන හතරක් වෙත ගොස් ඉතා සූක්ෂම අයුරින් ලබා දුන් රහසිගත සංඥාවක් අනුව වැටලීම කළ බව පොලිසිය කියයි.
එම ස්ථාන හතර වටලා අත්අඩංගුවට ගත් තරුණියන් ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී පවතින ආර්ථික අපහසුකම් හේතුවෙන් උසස් අධ්‍යාපනය සිදුකර ගැනීමට නොහැකි බැවින් ඒ සඳහා මුදල් උපයා උපයා ගැනීමේ අරමුණින් අකමැත්තෙන් වුණත් මෙම රැකියාව තෝරා ගත් බව හඬා වැටෙමින් පැවසීයැයි වැටලීම සිදුකල පොලිස් නිලධාරියකු පැවැසීය.
Link - https://www.lankadeepa.lk/news/%E0%B6%89%E0%B6%9C%E0%B7%99%E0%B6%B1-%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92-%E0%B7%84%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B7%90%E0%B6%AB%E0%B7%92-%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BD%E0%B7%8F/101-628328
දින 7ක් වයස බිළිඳිය තුන්වරක් පොලොවේ ගහලා
දින හතක් වයසැති බිළිඳියක් තුන්වරක් පොලොවේ ගසා ඝාතනය කල 28 හැවිරිදි සැකකාර මවක් ලද තොරතුරක් මත අද (17) අත්අඩංගුවට ගත් බව පයාගල පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පයාගල,හල්කඳවිල , කැන්දගහවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි කාන්තාවකට දාව නාගොඩ ශික්ෂණ රෝහලේදී පසුගිය 9 දා උපත ලද නිවුන් බිළිඳියන් දෙදෙනාගේන් බාල දියණිය බව පොලිසිය සදහන් කරයි.
මව්පිය දෙදෙනා බිළිදියන්හට නම් තැබීම සදහා ඉකුත් 15 දා ජෝතීර් වේදියෙකු හමුවීම සඳහා ගොස් නිවසට පැමිණීමෙන් පසු මෙම ඝාතනය සිදුවන්නට ඇති බවට සැකපලකරන බව පොලිසිය කීය.
එදින පස්වරුවේ බිළිඳිය ඇඳෙන් වැටුණු බව සඳහන් කරමින් කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර, මරණය සම්බන්ධයෙන් සැක සිතී කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී දැරිය ඝාතනයට ලක්ව ඇති බවට හෙළි වීමෙන් පසු බිළිඳියගේ මව අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.
දැරියගේ මව බිළිඳියගේ නහය අවස්ථා තුනකදී මිරිකා ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද අනාවරණය වේ.
අඹුසැමි යුවළ මීට වසර තුනකට පෙර විවාහ වී ඇති බවත්, ඔවුන්ගේ කුළුදුල් දරු උපත මෙය බවත් සඳහන් වේ.
සැකකාර මව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
ජේෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස , සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බණ්ඩාර (වැබ) මහතාගේ උපදෙස් පරිදි අපරාධ සහ ළමා කාර්‍යාංශ නිළධාරීනියන් පරීක්ෂණ පවත්වති.
Link - https://www.lankadeepa.lk/news/%E0%B6%AF%E0%B7%92%E0%B6%B1-7%E0%B6%9A%E0%B7%8A-%E0%B7%80%E0%B6%BA%E0%B7%83-%E0%B6%B6%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B7%92%E0%B6%BA-%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B7%9A-%E0%B6%9C%E0%B7%84%E0%B6%BD%E0%B7%8F/101-628847
දෙවොල කැත කළ කපුවා වසර 15කට හිරේට
විවාහය සාර්ථක කර ගැනීම සඳහා දේව කන්නලව්වක් කර ගැනීමට දේවාලයට පැමිණි තරුණිය දූෂණය කිරීමේ චෝදනාවට වැදකරුවු පූජකයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා වසර 15ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් අද (20) නියම කළේය.
වසර 10කට පෙර විත්තිකරු මෙම අපරාධය කරන අයුරූ ඇසින් දුටු සාක්ෂි නොමැති වුවත් සිය නීත්‍යානුකූල බිරිඳට හෝ බලහත්කාර කමක් කිරීම නීතිය ඉදිරියේ වරදක් බවට පෙන්වා දුන් විනිසුරුවරයා විත්තිකරුට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොටට ඇතැයි තීරණය කරමින් ඔහුට අදාළ දඬුවම නියම කළේය.
චෝදනාවන්ටට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන ගිය සනූන් බදුර් මොහොමඩ් නමැති කපු මහතෙකුටය.
2012 ජූනි මස 28 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ඇගේ කැමැත්තකින් තොරව තරුණීයක දුෂණය කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී දුෂණයට ලක් වු තරුණීය ඇගේ විවාහය සාර්ථක කර ගැනීම සඳහා දේව කන්නලව්වක් කර පුජාවක් පැවැත්වවීමට ඇගේ පෙම්වතාද සමඟ විත්තිකරු පවත්වාගෙන ගිය දේවාලයට ගොස් ඇති බවත් ඒ අවස්ථාවේදී විත්තිකරු පෙම්වතා දේවාලයෙන් බැහැරට යවා ඇති බවත් හෙළි විය.
පසුව නිවසේ සිටි විත්තිකරුගේ බිරිඳට කතා කොට පූජාවට බිත්තරයක් අවශ්‍ය බව පවසා ඇයද නිවසින් පිටතට යැවීමෙන් අනතුරුව දේවාලයේ දොර වසා පුජාව කර ගැනීමට පැමිණී තරුණීය දූෂණය කර ඇති බව නඩු විභාගයේදී හෙළි විය.
සිද්ධිය ඇසින් දුටු කිසිවකු නොමැති බව විත්තියෙන් තර්ක කළ අතර දූෂණය කළ බවට ඇසින් දුටු සාක්ෂි නොමැති වුවත් තරුණීයගේ ඇගේ තිබී සොයාගත් සම්පල සමඟ විත්තිකරුගේ ඩී එන් ඒ සාම්පල සැසඳෙන බවට පැමිණිල්ල මගින් සනාථ කර ඇතැයි තීන්දු කළ විනිසුරුවරයා සිය නීත්‍යානුකූල බිරිඳට හෝ බලහත්කාරකමක් කිරීම නීතිය ඉදිරියේ වරදක් බව අවධාරණය කළේය.
විවාහය සාර්ථක කරගැනීම සඳහා විත්තිකරුගේ දේවාලයට ගිය තරුණීය විත්තිකරු විසින් දූෂණය කර ඇති බව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා අදාළ චෝදනාවන්ට විත්තිකරු වරදකරු කරමින් විත්තිකරුට වසර 15ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.
සිර දඬුවමට අමතරව රුපියල් 10000/-ක දඩයක් නියම කළ විනිසුරුවරයා දඩ මුදල නොගෙවුවහොත් අමතර මාස 06ක සිරදඬුවමකට ඔහු යටත් කළේය.
link - https://www.lankadeepa.lk/latest_news/%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%9C%E0%B6%BD-%E0%B6%9A%E0%B7%90%E0%B6%AD-%E0%B6%9A%E0%B7%85-%E0%B6%9A%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B7%8F-%E0%B7%80%E0%B7%83%E0%B6%BB-15%E0%B6%9A%E0%B6%A7-%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%9A%E0%B6%A7/1-628990
කටුනායක පොලිසියේදී පාතාල වෙඩික්කරු බේරාගත් හිමිවරු මාට්ටු
කටුනායක ගුවන්තොටුපල පොලීසියේ අත්අඩංගුවේ සිටියදී මනුෂ්‍ය ඝාතන රැසකට සම්බන්ධ අපරාධකරු මුදාගෙන රැගෙන ගිය බව කියන හිමිවරුන් දෙදෙනා හා මෝටර් රථ රියදුරු හෙට්ටිපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසය කියයි.
සැකකාර හිමිවරුන් එම සිද්ධියට පැමිණි බව කියන මෝටර් රථය ද පොලිස් බාරයට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙට්ටිපොල රිට්ටාදෙනිය විහාරයක විහාරාධිපති හිමි නමක ඇතුළු තිදෙනෙකි.
වයස අවුරුදු 11ක සාමණේර හිමි තම ආරක්ෂාව සඳහා පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මෝටර් රථය තුළ තිබී ඩුබායි රටට පලා යාම සඳහා පැමිණි සැකකරුට අයත් ගමන් මලු දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත.
link - https://www.lankadeepa.lk/news/%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A-%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93-%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD-%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94-%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94-%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94/101-629386
ගුවන්තොටේදී අපරාධකරුට පැනයන්න අනුබල දුන් හිමිවරු දෙදෙනාත් රියැදුරාත් රිමාන්ඩ්
මනුස්ස ඝාතන රැසකට සම්බන්ධ අපරාධකරුවෙකු කටුනායක ගුවන්තොටුපල පොලිසියේ රඳවා සිටියදී එම සැකකරුට පලායාමට ආධාර අනුබලදීම, ඒ සම්බන්ධව කුමන්ත්ර ණය කිරීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු හිමිවරුන් දෙදෙනකු සහ මෝටර් රථයේ රියදුරුව ලබන 10 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසට මීගමුව මහේස්ත්රාිත් (අංක 01 ) චම්පික රාජපක්ෂ මහතා අද (28) පස්වරුවේ දී නියම කළේය.
බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන කටුනායක පොලීසිය වෙත සැකකාර හිමිවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් තිදෙනාව භාරදී තිබූ අතර කටුනායක පොලිසිය මගින් සැකකරුවන් තිදෙනාව මීගමුව මහේස්ත්රාතත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
හෙට්ටිපොළ, රිට්ටා දෙනිය ශ්රීි ජය ලංකාරාම විහාරස්ථානයේ විහාරාධිපති 38 හැවිරිදි පොත්තේවෙල ඉන්ද්ර්සාර හිමි , 41 හැවිරිදි දිවුල්වැවේ දීපානන්ද හිමි සහ වාහනයේ රියදුරු ලෙස කටයුතු කළ කලුබෝවිටියන, අඹේවෙල ප්රදදේශයේ පදිංචිකරුවෙකු වන දිලාන් පැතුම් ප්රතභාත් යන සැකකරුවන් තිදෙනාව මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි.
රිමාන්ඩ් භාරයට පත් විහාරාධිපති හිමියන් සමග ඩුබායි රටට පලායාම සඳහා පැමිණි සැකකරුට අයත් ගමන් මලු දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇති බව අධිකරණයේදී සඳහන් විය.
හංවැල්ල ප්ර්දේශයේ දී ආපනශාලා හිමිකරුවෙකුට ඉකුත් දෙසැම්බර් මස 18 වැනි දා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හඳුනාගෙන සිටි සැකකරු විදේශගත වීමට සූදානම්ව සිටින බවට ලද තොරතුරක් මත බස්නාහිර පලාත් දකුණු අපරාධ කොට්ඨාසය විසින් එම සැකකරුට විදේශගත වීම වළක්වාලමින් අවිස්සාවේල්ල මහේස්ත්රාරත් අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන ආගමන විගමන පාලක වෙත භාර දී තිබූ බවට අධිකරණයේදී සඳහන් විය.
ඩුබායි රටට යෑම සඳහා ඉකුත් 24 වෙනිදා කටුනායක ගුවන්තොටුපළට පැමිණ සිටි සැකකරුව ආගමන විගමන නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළ පොලිසියට භාර දෙනු ලැබූ අතර එම සැකකරු පොලිස් අත්අඩංගුවේ සිටියදී හිමිවරුන් දෙදෙනා සැකකරුව පොලිස් සිරමැදිරියෙන් බේරා ගැනීම සඳහා කුමන්ත්රමණයකර ගුවන් තොටුපල පොලීසිය වෙත පැමිණ සූක්ෂම ලෙස සැකකරුව මුදා ගෙන ඇති බව කටුනායක පොලිසිය අධිකරණය හමුවේ පැවසීය .
සැකකරුට පොලිස් සිර මැදිරියෙන් පලායාම සදහා ආධාර අනුබලදීම සම්බන්ධයෙන් ගුවන්තොටුපළ පොලිසියේ ස්ථානාධිපති ප්ර ධාන පොලිස් පරීක්ෂක ජනක කුමාර සේනාධීර සහ එදින (24) පොලිස් ස්ථානයේ උප සේවා රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ඇතුළු තිදෙනාව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇති අතර පොලිස් ස්ථානයේ කාර්යභාර නිලධාරී ලෙස කටයුතු කළ සැරයන් ඩබ්.කේ . සේනාරත්න නිලධාරියාව මීගමුව මහේස්ත්රාෙත් අධිකරණය මඟින් 03 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කර තිබේ .
කටුනායක පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජිනප්රි්ය මුදන්නායක මහතා පැමිණිල්ල මෙහෙය විය. ඇප නියම වී සිටින පොලිස් නිලධාරීන් තිදෙනාට 03 වෙනිදාට මීගමුව මහෙස්ත්රානත් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත.
Link - https://www.lankadeepa.lk/news/%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%C2%A0%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%A7-%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B6%E0%B6%BD-%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94-%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A-%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A-%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A/101-629474
2023/04/10 වූ අද දවසේ වාර්ථා වූ පුවත් තුනක්
සැමියාගේ මුගුරෙන් බිරිය මරුට
පවුල් ආරවුලක් දුර දිග යෑමෙන් 22 හැවිරිදි එක්දරු මවකට ස්වාමියා මුගුරකින් පහරදී ඝාතනය කර ඇතයි අරණායක පොලිසිය පැවසීය.
ඝාතනයට ලක්ව ඇත්තේ ලඹුටුව, මිල්ලංගොඩ පදිංච් මොහොට්ටාලලාගේ කුමුදුනි දේශානි රණසිංහ නැමති 23 හැවිරිදි කාන්තාවක බවද පැවසීය .
පොලිසියට ලද තොරතුරක් මත සිද්දිය වූ ස්ථානයට යනවිටත් ලේ විලක් මැද කුස්සියේ උළුවැස්ස මත ඇදවැටි මරණයට පත්ව සිට ඇති බවද පොලිසිය පැවසීය .
සිද්දිය සම්බන්ධයෙන් අරණායක පොලිසිය අධිකරණය හමුවට කරුනු වාර්තා කිරිමෙන් අනතුරුව පශ්චාත් මරණය පරික්ෂක කටයුතු සිදුකිරීමට නියමිතව ඇතිබවද පොලිසිය පැවසීය .
මිය ගිය කාන්තාව ආසන්නයේ තිබි පහරදීම සඳහා යොදාගත් බාවට සක කෙරෙන මුගුරද හමුවි ඇති බව ද පොලිසිය පැවසීය .
ඝාතනය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ ස්වාමියා පොලිසියට භාරවිමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇතිබවද පොලිසිය පැවසීය .
https://www.lankadeepa.lk/news/%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA-%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7/101-631462
බිරියගේ කැති පහරින් සැමියා මරුට
පොලොන්නරුව,පුලස්තිගම,කෑගලුගම ප්‍රදේශයේදී අද පස්වරුවේ අඹු සැමියන් අතර ඇතිවූ ආරවලක් දුරදිගයාමෙන් බිරියගේ තියුණු ආයුධ පහරකට ලක් වූ සැමියා මියගොස් ඇතැයි පුලස්තිපුර පොලීසිය කියයි. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පුලස්තිපුර,කෑගලුගම පදිංචිව සිටි නිලන්ත නන්දන කුමාර නැමැති 29 හැවිරිදි එක්දරු පියෙකි. හෙතෙම ජීවිකාව ලෙස කුලීවැඩ සහ පොල් කැඩීම කරමින් සිටි බවද කියති. මොහු දිනපතාම පාහේ බීමත්ව පැමිණ සිය බිරිඳ සමඟ ආරවුල් ඇතිකර ගන්නා බවත් මෙදිනද එසේ ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පසුව බිරිඳ විසින් සැමියා ඝාතනය කර තිබෙන බව පොලීසිය සිදුකල මූලික පරීක්‍ෂණවලදී අනාවරණයවී ඇත.
https://www.lankadeepa.lk/latest_news/%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A-%E0%B6%9A%E0%B7%90%E0%B6%AD%E0%B7%92-%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F-%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7/1-631467
බෑණා නැන්දම්මා ඝාතනය කරයි
අමනාපව නිවසින් පිටව ගිය බිරිය ගැන තොරතුරක් නොකීවැයි බෑනා නැන්නදම්මාට මොට්ට ආයුධයකින් පහර දී ගෙල පාගා ඝාතනය කර ඇතැයි පොල්පිතිගම පොලීසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ පොල්පිතිගම තල්පත්වැව මැණිකේ විජේපාල නැමැති විවාහක කාන්තාවක් බව පොලීසිය සදහන් කරයි.
සිද්ධියෙන් තුවාල ලබා සිටි පොල්පිතිගම මුලික රෝහලට ඇතුලත් කරනවිටත් මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
බිරිය අමනාප වී ඇය නිවසින් බැහැරව සිටින නිසා සැමියා බාල වයස්කාර දරුවන් හතර දෙනකු කැටුව ඔහුගේ නිවසේ වාසය කරයි.
දරුවන් රැක බලා ගැනීමට බිරිය සොයා දෙන නැන්දම්මාගේ නිවසට ගොස් බෑණා කරුණු විමසීමේ දී ඇති වු බහින් බස්වීමක දී ඔහු එහි තිබු මොට්ට ආයුධයකින් නැන්දම්මාගේ හිසට පහර දී බෙල්ල පාගා ඇති බවත්, ඒ අවස්ථාවේ දී ඇය බේරිමට ගිය ඇයගේ සැමියාට ද මොහු පහර දීමෙන් සැමියාත් තුවාල ලබා දැනට පොල්පිතිගම මුලික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන බව පොලීසිය සදහන් කරයි.
https://www.lankadeepa.lk/latest_news/%E0%B6%B6%E0%B7%91%E0%B6%AB%E0%B7%8F-%E0%B6%B1%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F-%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92/1-631461
රිය අනතුරුවලින් මාස හතරට 564ක් මිය ගිහින්
2023 වසරේ මේ දක්වා දිවයිනපුරා සිදු වු මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 564 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
ජනවාරි මස 01 දින සිට අප්‍රේල් 09 දක්වා කාලය තුළ සිදු වු මාරක රිය අනතුරු 534 න් මෙම පිරිස මියගොස් ඇති බවද හෙතෙම පැවසීය.
මෙම අනතුරු වලින් ඉහත පිරිස මියයාමට අමතරව 1345 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවත්, තවත් 2446 දෙනකු සුළු තුවාල ලබා ඇති බවත් පොලිස් මධ්‍ය ප්‍රකාශකවරයා කීය.
ගත වු දින 5 ක කාලය තුළ පමණක් සිදු වු මාරක රිය අනතුරු 21 න් පුද්ගලයන් 25 දෙනෙකු මියගොස් සිටි බවද හෙතෙම කීය.
රිය අනතුරු වලින් සිදු වු මරණ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශයේ දී රිය අනතුරු වලින් දිනකට පුද්ගලයන් 10-5 අතර පිරිසක් මිය යන බවද හෙතෙම කියා සිටියේය.
මෙය ඉතාමත් අවසනාවන්ත තත්ත්වයක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
බොහොයමක් අනතුරු වලින් සියයට 90 සිදුව ඇත්තේ රියදුරාගේ සහ පදිකයාගේ නොසැලකිල්ලෙන් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකතවරයා කීය.
නොසැකිලිමත්කම, බීමත් කම,අධික වේගය, මාර්ග නීති උල්ලංඝනය කිරීම හා පදිකයන් නොසැලකිලිමත් කමින් පාර හරහා ගමන් කිරීම හේතුවෙන් මෙම බොහොමයක් අනතුරු සිදුව ඇති බවද හෙතෙම කීය.
බීමත්ව වාහන පැදවීම් , වේගයෙන් රථ පැදවීම, සිදු නොකළ යුතු බවත්,, වාහන පැදවීමේ රථවාහන නීති ආරක්ෂා කරමින් මාර්ගයේ ගමන් ගන්නා වාහන හා පදිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවදානයෙන් යුතුව කරන ලෙසට සියලු රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
https://www.lankadeepa.lk/news/%E0%B6%BB%E0%B7%92%E0%B6%BA-%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B7%8F%E0%B7%83-%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%A7-564%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B8%E0%B7%92%E0%B6%BA-%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A/101-631501
ගබ්සා කරන කොස්තාපල් මාට්ටු
කාන්තාවන්ට ගබ්සා කිරීමේ මුවාවෙන් ලිංගික අතවර ද කරමින් ගබ්සා කිරීම කළ පොලිස් කොස්තාපල්වරයකු අද (11) අත්අඩංගුවට ගත් බව වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයකු බවත්, ඔහු පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ රාජකාරි කරන රියදුරු කොස්තාපල්වරයකු බවත් පැවසේ.
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරක් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා ඇතුළු නිළධාරීන් පිරිසක් පොලිස් කාන්තාවක සහ සැරයන් වරයකු ප්‍රේමවන්තයන් අන්දමින් උපාය දූතයන් ලෙස යොදා වැටලීම සිදුකර තිබේ.
සැකකරු වෙස්ගැන්වුන පොලිස් ප්‍රේමවන්ත යුවල ගබ්සා කිරීම සදහා හොරණ පොකුණුවිට ප්‍රදේශයේ හෝටලයක ගෙන්වා කාමරයක් වෙන්කර ගැනීමේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වැටලීමට එක්වූ නිළධාරීයෙක් කීය.
රුපියල් තිස්දහසක මුදලක් අයකර කාන්තාවගේ ශරීරයට බෙහෙත් පෙති තුනක් ඇතුල්කර ගබ්සා කිරීම සිදුකරන බවට සැකකරු ප්‍රකාශ කර ඇතැයිද පොලිසිය පැවසීය
https://www.lankadeepa.lk/latest_news/%E0%B6%9C%E0%B6%B6%E0%B7%8A%E0%B7%83%E0%B7%8F-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1-%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94/1-631545
රන් පැහැති මාලය කොල්ල කෑ පොලිස් සැරයන්ට වැඩ වරදී
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කළමනාකාර නිලධාරිනියගේ කර පැළඳ රන් පැහැති මාලය කොල්ලකා පළා යමින් සිටි පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුඳුවත්ත පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකි.
ප්‍රධාන කළමනාකාර නිලධාරීනිය ඊයේ (11) පෙරවරුවේ රාජකාරිය සඳහා බස් රථයෙන් පැමිණ සුහුරුපාය සුපිරි වෙළඳ සංකීර්ණය අසල බස් රථ නැවතුමෙන් බැස මද දුරක් ඉදිරියට යාමත් සමගම ඒ අසල සිටි පුද්ගලයකු එකවරම ඇය වෙත කඩා වැදී ගෙල පැලඳි රන් පැහැති මාලය කොල්ලකා පලා යාමේදී ඇයගේ කෑ ගැසීම ඇසී අවට සිටි පුද්ගලයන් එම පුද්ගලයා පසුපස හඹා යාමේදී රථ වාහන රාජකාරිය යෙදී සිටි තලංගම පොලිසියේ නිලධාරීයෙකු සැකකරු පසුපස හඹා ගොස් අල්ලා ගෙන තිබූ බව පොලිසිය කියයි.
අනතුරුව එම පුද්ගලයා සුහුරුපාය පොලිස් මුරපොල වෙත රැගෙන ගොස් තලංගම පොලිසිය වෙත භාරදී ඇත .
අනතුරුව සැකකරු ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී ආර්ථික අපහසුකම් මැද නැන්දම්මාගේ රන්මාලය උකස් තැබූ බවත් එය බේරා දෙන ලෙස ඇය නිතරම ඇවිටිලි කරන බැවින් කොල්ල කෑම සිදුකළ බව අනාවරණය කළ බව පොලිස් නිලධාරියකු පැවැසීය.
සැකකරු සිදුකරන ලද ප්‍රකාශය පිළිගත නොහැකි බවත් කොල්ල කෑම සඳහා තවත් පුද්ගලයෙකු සමග යතුරුපැදියකින් හෝ පැමිණෙන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
රන් පැහැති මාලය හිමි ප්‍රධාන කළමනාකාර නිලධාරිනිය පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ එම මාලය රුපියල් පන්දහසක් පමණ වටිනා එකක් බවත් කොල්ලකරුවන් සිටින බැවින් තමන් පුරුද්දක් ලෙස රන් ආභරණ නොපලදින බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ ලබා දී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු හම්බන්තොට පදිංචිකරුවෙකි .සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
https://www.lankadeepa.lk/latest_news/%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AD%E0%B7%92-%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA-%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD-%E0%B6%9A%E0%B7%91-%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B7%80%E0%B7%90%E0%B6%A9-%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93/1-631558
60 විදුහල්පති 23 ටීචට හාදුවක් දීලා
අවුරුද්දට සුභපත්න බැරි වූවා යැයි කියමින් මිනුවන්ගොඩ පෞද්ගලික පාසලක ගුරුවරියක බලහත්කාරයෙන් සිප වැළඳගත්තේ යැයි කියන එම පාසලේ විදුහල්පතිවරයාව අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
කඩවත ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි දෙදරු පියකු වු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
එම පුද්ගලික පාසලේ ඉංග්‍රීසි ඉගැන්වීම් භාරව කටයුතු කරන 23 හැවිරිදි ගුරුවරියක කළ පැමිණිල්ලක් මත සැකකාර විදුහල්පතිවරයාව මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පැමිණිලිකාර ගුරුවරියට විදුහල්පතිවරයා පවරා තිබූ වැඩ කොටස අවසන් කර පිටව යාමට සූදානම් වන අවස්ථාවේ අවුරුද්දට විස් කරන්න බැරි වුණා යැයි කියා සැකකාර විදුහල්පති පැමිණිලිකාර ගුරුවරිය බලාත්කාරයෙන් සිප වැළඳගෙන ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වෙමින් පවතින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
https://www.lankadeepa.lk/news/60-%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-23-%E0%B6%A7%E0%B7%93%E0%B6%A0%E0%B6%A7-%E0%B7%84%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A-%E0%B6%AF%E0%B7%93%E0%B6%BD%E0%B7%8F/101-631751
ගාථාව අමතක පොඩි සාදුට ලොකු සාදුලා දුන් දඬුවම
බුද්ධ පූජාව තැබීමේදී ගාථා වැරැද්දුවා යැයි පවසා හිමිවරුන් තිදෙනකු අට හැවිරිදි සාමනණේර හිමිනමකගේ වධ හිංසාවට ලක් වූ සාමනේර හිමි නමක පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පුස්සැල්ලාව පොලිසිය කියයි.
මෙම කුඩා හිමියන්ට කොසු කැඩෙන තුරු පහර දී මුත්‍රා පොවා ඇති අතර මුහුණේ සහ පහරදී දත් හා නහය කඩා, තොල් පුපුරන තුරුත් තට්ටම් සහ ශරීරය පුරා තුවාල පැල්ලම් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
ගම්පොල පුස්සැල්ලාව පාරදෙක ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටි මෙම කුඩා හිමිනමක මෙසේ පහර කෑමට ලක් ව තිබේ. ගුටි කෑ සාමනේර හිමියන් පැවිදි දිවියට තවමත් දින 45ක් බව කියයි.
මෙම පොඩි හාමුදුරුවන්ගේ නිවස ගම්පොල අටබාගේ උඩගම සොගමා ජනපදයේ අක්කර 20 ප්‍රදේශයේ පිහිටි අතර උන්වහන්සේ ගේ සීයා හා ආත්තම්මා මෙම විහාරස්ථානයට ගිය වෙලාවේ උන්වහන්සේ තුවාල වී ඇවිදීමට අපහසු තාවයෙන් සිටින බව දැක ඒ පිළිබඳව සොයා බැලීමේ දී මෙම තොරතුරු අනාවරණය වී ඇත
https://www.lankadeepa.lk/latest_news/%E0%B6%9C%E0%B7%8F%E0%B6%AE%E0%B7%8F%E0%B7%80-%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%9A-%E0%B6%B4%E0%B7%9C%E0%B6%A9%E0%B7%92-%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B6%A7-%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%94-%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8F-%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8/1-632067 ---------
ඉහත ලිපියට එක්කොට තිබූ comments ද මෙහි පහතින් ඉදිරිපත් කරන්නේ නම්,
අදහස් (3) ගාථාව අමතක පොඩි සාදුට ලොකු සාදුලා දුන් දඬුවම
- පිටිගල මිලානෝ Monday, 24 April 2023 04:52 PM
ඇවිදින්නට අපහසු නම් ටිකක් ගැඹුරු පරීක්ෂාවකට භාජනය කරන්න වෙනවා. දන්නැද්ද ඉතිං?
- හේරත් Monday, 24 April 2023 05:34 PM
ගාථා අමතක කථාව බොරු. මේක අතවරයක්... දායකයින්ගෙන් අහන්න ඇත්ත විස්තරේ.
- Bamunuarachchi Monday, 24 April 2023 06:09 PM
අනේ ඔයවිදිහට, පල්ලිවල කරන වැඩවල ගොස් පාදිලියන් සමග හිටගෙන රටේ බෞද්ධ නායකයින්ට විරුද්ධව වැඩකරන.., අනිකුත් ආගම්වලට විරුද්ධ ඉස්ලාම් ආගමේ පූජකයින් සමග කරටකර හිටගෙන උද්ඝෝෂණ කරන, දේශපාලකයින් සමග එකතුවී කරන අමන ගොන් වැඩ වලට එකතුවෙන ලොකු සාදුලාට ඔබ වහන්සේලාම ඔය විදිහටම දඬුවම් දෙන්නකෝ. එහෙම වුණොත් අපේ ප්‍රණාමය ලැබෙනවා ස්ථීරයි...
ලොකු සාදුලා දෙනමක් පොඩි සාදුට කළ අපරාදය
අරණායක ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක වැඩ වාසය කරන 16 හැවිරිදි සාමනේර සාමනේර හිමිනමක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන එම විහාරස්ථානයේ ම වැඩ වාසය කරන 58 හැවිරිදි හිමිනමක් සැකපිට අත්අඩංගුවට ගත් බව අරණායක පොලිසිය පවසයි.
මෙම සාමණේර හිමි නම බරපතල ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන එම විහාරස්ථානයේ ම වැඩ වාසය කරන තවත් හිමිනමක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
අවස්ථා දෙකකදී මෙම සාමනේර හිමිනම බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කර ඇති බව ද කියති.
බරපතළ ලිංගික අපයෝජනයකට ලක් වූ බව කියන සාමණේර හිමි නම වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇත.
කෑගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතාගේ උපදෙස් මත අරණායක පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
https://www.lankadeepa.lk/news/%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%94-%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8F-%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B4%E0%B7%9C%E0%B6%A9%E0%B7%92-%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B6%A7-%E0%B6%9A%E0%B7%85-%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA/101-632263
ළමා නිවාසයේ සිටි දැරියකට අතවර කළ පුද්ගලයෙකු අත්තඩංගොඩුවට

මෙවැනි සිද්ධීන් කොතරම් නම් අපේ රටේ වාර්ථා වෙනවාද?
දික්කසාද වීම්වල වැඩිවීමක්
"මගේ කලින් මහත්තයා තීන්ත බාස් කෙනෙක්. එයා හැමදාම හවසට බීලා ඇවිත් මට ගහනවා. අපි දෙන්නා කාලයක් ආදරෙන් හිටියා. පළවෙනි බබා ලැබුණාට පස්සේ ඒ වගකීම බෙදා ගන්න බැරුව සෑහෙන්න රණ්ඩු වෙන්න ගත්තා."
"පසුව ඒ ප්‍රශ්න වැඩි වෙලා අවුරුද්දක් විතර උසාවි ගිහින් අපි දික්කසාද වුණා. මටයි දරුවටයි නඩත්තු ලැබෙනවා. වෙන මොනවා නැතත් අද මට මරණ බය දැනෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්," මානෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක වන සජිනි අධිකාරි පැවසුවාය.
වර්තමාන ශ්‍රී ලාංකේය සමාජයේ බොහෝ දෙනෙකු තමන් අදහන ආගම අනුව සියලු චාරිත්‍ර ඉටු කර අති උත්කර්ෂවත් මංගල උත්සව පවත්වා විවාහ දිවියට ඇතුළු වුවද දික්කසාද වීම් විශාල ලෙස වැඩි වෙමින් පවතින බව දත්ත, වාර්තා සහ අදාළ කරුණ සම්බන්ධයෙන් පළ වන විශේෂඥ මත අනුව පෙනී යයි.
සමාජීය සාරධර්ම, සංස්කෘතිය මෙන්ම පවුල් සබඳතා පිළිබඳ තැකීමේ දී දික්කසාද වීම් වැඩි වීම එතරම් සුභදායී නොවන බව සමහරෙක් පවසති. නමුත් විවාහ දිවියේ අතිශය කටුක අත්දැකීම්වලට මුහුණ දී මේ වන විට දික්කසාද වී සිටින පුද්ගලයන්ගෙන් බීබීසී සිංහල සේවය කළ විමසුමක දී බොහෝ දෙනෙක් සිය දුෂ්කර දිවි පෙවතින් මිදීම ගැන සතුට පළ කළහ.
https://www.bbc.com/sinhala/sri-lanka-49434718
තුවාලකරු පාරේ දඟලද්දී ඌරා අරන් පැනලා
ඔහු මහනුවර නගරයේ සිට තම ගම් ප්‍රදේශය බලා රැකියාව නිම වී පිටත් වූ පුද්ගලයෙකි. එදින රාජකාරි බහුල වූයෙන් රාත්‍රී වනතෙක් රාජකාරියේ නිරතවන්නට සිදු වූ දවසක් විය. එමෙන්ම එදින වැහිබර කාලගුණයක් පැවතුන නිසා වැස්ස පායන තෙක් තවදුරටත් කාර්යාලයේම රැඳී සිටින්නට විය. ඒ ඔහු යතුරුපැදියෙන් ගමන් කරන බැවිනි. පැය කිහිපයක් ගත වූ අතර වැස්ස තුරල් වූ බැවින්, නිවස කරා යන්නට පිටත් වූ ඔහුට අතරමග දී කැලෑව සහිත පාළු ප්‍රදේශයක පාර හරහා ගමන් කළ ඌරෙකු තම යතුරුපැදියේ ගැටිණි.
ඌරා ගැටීමත් සමග ඔහු විසි වී පසෙකට වැටී සිහි විසඥ වූ අතර ඌරා ද යතුරුපැදියේ ගැටී පසෙකට විසි වී තිබුණි.
ඒ සමගම ඒ ආසන්නයේ ත්‍රීරෝද රථයක ගමන්ගත් තරුණයන් තිදෙනෙක් අනතුර සිදු වූ ස්ථානයට පැමිණ යතුරුපැදිකරු දෙසට ගමන් කරන්නට වූ අතර, යතුරුපැදිය මාර්ගයේ ආසන්නයේ ස්ථානයක තබන්නට පියවරගෙන තිබුණි. ඒ සමගම යතුරුපැදිකරුගේ තත්ත්වය ඔවුන් විසින් පරීක්ෂා කර බලා ඔහු සිහි මඳ තත්ත්වයේ පවතින බව ද අවබෝධ කරගෙන තිබුණි.
ඒත් සමග තරුණයන් තිදෙනා යම් කතාබහක් සිදු කරන අයුරු සිහි එළවාගත් යතුරුපැදිකරු සිහිනෙන් මෙන් දකින්නට වූ අතර ඒ සමගම තමන් රෝහල් ගත කරන්න යැයි ඉල්ලීමක් කර තිබුණි. ඒ දෙස තරුණයන්ගේ අවධානය යොමු නොවූ අතර වහා ක්‍රියාත්මක වූ ඔවුන් වැටී සිටි ඌරා ද ත්‍රිරෝද රථයට පටවාගෙන වේගයෙන් ඉඟිල ගියේ තුවාලකරු මවිතයට පත් කරමිනි.
දක්ෂිණ අධිවේගයේ දැල් වැට කපා යකඩ වලට විකුණලා
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල හේවාගම පිවිසුම් සිට කොතලාවල පිවිසුම දක්වා ආරක්ෂිත වැටෙහි කිලෝ මිටර් දෙකකට ආසන්න ප්‍රමාණයක් සොරෙන් කපා විකුණා තිබූ බව කියන පස් දෙනකු ඊයේ (26) දින අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි. දකීර්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් නිළාධාරින්ගෙන් ලද පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනයේදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීම හැකි වූ බවද පොලිසිය පවසයි.
සැකකරුවන් පස්දෙනා විසින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටෙහි මීටර් 1800ක ප්‍රමාණයක තිබු ආරක්ෂිත දැල හා ජී.අයි බට සොරාගෙන ගොස් යකඩ මිලට ගන්නා මාලබේ හා කඩුවෙල වෙළඳසල් දෙකකට විකුණා තිබිය දී සොයා ගැනීමට හැකි වී ඇත. මෙලෙස අත්අඩංගුවට පත්ව අත්තේ කඩුවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30-37 ත් අතර වන පස් දෙනෙකි. අත්අඩංගුවට ගත් සැකකරුවන් කඩවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
https://www.gossiplankanews.com/2019/08/expressway-iron-theft.html
සිසුන් 13ක් අපයෝජනය කළ ගුරුවරයාගේ වැඩ තහනම්
හාලිඇල, ගලඋඩ ප්‍රදේශයේ මුස්ලිම් පාසලක ඉගෙනුම ලබන බාල වයස්කාර ශිෂ්‍යාවක් සහ ශිෂ්‍යයන් 13දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්කළ බවට චෝදනා ලැබූ එම පාසැලේම සැකකාර ක්‍රීඩා ගුරුවරයාගේ වැඩ තහනමට ලක් කළ බව ඌව පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වෙළ මහත්මිය පැවසුවාය.
වියලුව අධ්‍යාපන කළාපයට අයත් ගලඋඩ අල් නුරානියා විදුහලේ ක්‍රීඩා ගුරුවරයා වන රාමචන්ද්‍රන් රමේෂ් (44) නැමති පුද්ගලයාගේ වැඩ තහනම් කර තිබේ.
සිද්ධිය සම්බන්දයෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමියගේ උපදෙස් මත අමාත්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායම කළ මූලික පරීක්ෂණයේදී ළමා අපචාරයක් සිදුවී ඇති බවට තොරතුරු අනාවරණය වීමත් සමග වියලුව කලාප අධ්‍යාපන අධ්‍යෂකවරයාගේ නිර්දේශය මත අමාත්‍යාංශ ලේකම් විසින් ගුරුවරයාගේ වැඩ තහනමට ලක්කර තිබේ.
අපයෝජනයට ලක්වූ මෙම සිසුන් වයස අවුරුදු 15 සහ 16 යන වයස් කාණ්ඩවලට අයත් බවද, ශිෂ්‍යාවක්සහ ශිෂ්‍යයන් 5 දෙනෙකු බරපතළ ලිංගික අපයෝජනය ලක් කලැයි මුලදී පැමිණිලි ලැබී තිබූ අතර මේ වනවිට එම පැමිණිලි සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් ඇතැයි බදුල්ල පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතා පැවසීය.
අපයෝජනයට ලක්වු සිසුවිය සහ සිසුන්ව බදුල්ල මහ රෝහලට පරීක්ෂණ කටයුතු සඳහා ඇතුළත් කර ඇති බව පොලීසිය කියයි.
https://www.lankadeepa.lk/latest_news/%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-13%E0%B6%9A%E0%B7%8A-%E0%B6%85%E0%B6%B4%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA-%E0%B6%9A%E0%B7%85-%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B7%80%E0%B7%90%E0%B6%A9-%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A/1-556056
දරු දෙදෙනකු මරාදැමූ වයික්කාලේ ඛේදවාචකය
“අනේ, දෙවියනේ මගේ දරුවෝ දෙන්න මට නැතිවුණා. ඒ අහිංසක දරුවො මොන වරදක් කළාට ද මෙහෙම අපරාධයක් කළේ. එයාලගෙන් කාටවත් කරදරයක් නැහැ. තමන්ගේ පාඩුවෙ ඉගෙන ගත්තා” යැයි පාපතරයකුගේ කඩු පහරට ලක්ව මියගිය දරුවන් දෙදෙනාගේ මව වූ නිල්මිණි ප්‍රනාන්දු මහත්මිය හඬා වැලපෙමින් පැවැසුවාය.
තම දරුවන් දෙදෙනා සදහටම වෙන්වීමෙන් ඇතිවූ කම්පනයෙන් මවගේ මුවින් පිටවන අඳෝනාව කිසිවකුටත් අසාගෙන සිටිය නොහැකිය.
මෙම ඛේදජනක සිදුවීම අපට වාර්තා වූයේ වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයෙනි.
නිවසේ සෙල්ලම් කරමින් සිටි මල්ලී සහ අක්කා පාපතර මිනිසකුගේ තියුණු කඩුපහරකට ගොදුරු වූයේ මුඵ ප්‍රදේශයම එකම ශෝඛාන්තයකට ඇද දමමිනි. මොවුන් පදිංචි වී සිටින නිවෙස අසල පිහිටි වෙළඳසලකින් ගලා එන ජල පහරක් සම්බන්ධයෙන් කාලයක සිට ඇතිවූ ගැටලුවක් මෙම ඝාතන සිද්ධියට මුල්වී ඇතැයි පොලිසිය සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි පොලිසිය කීය.
මෙලෙස අකාලයේ මිලින වූයේ දංකොටුව බාලිකා මහා විද්‍යාලයේ ගණිත අංශයෙන් මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි ජී.පී. ගිම්හාරි නිෂෙලි රූපසිංහ (19) සහ ඇගේ එකම සොහොයුරා වූ නයිනමඩම ශාන්ත මරියා ප්‍රාථමික විදුහලෙහි දෙවන වසරෙහි ඉගෙනුම ලබන සහන් මෙත්සර රූපසිංහ (8) නම් දරුවන් දෙදෙනෙකි.
2016 වසරේ අ.පො.ස. සා. පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ 08ක් හා බී සාමාර්ථයක් ලබාගත් නිෂෙලි විද්‍යාලයේ කැපීපෙනෙන දක්ෂ සිසුවියක් වූවාය. ඇය 2017-18 වසරවල විද්‍යාලයේ ශිෂ්‍ය නායිකා කණ්ඩායමේ සාමාජිකාවක ලෙස ද කටයුතු කළාය.
මියගිය සහන් මෙත්සර දරුවා ද හොඳින් අධ්‍යාපන කටයුතුවල නිරතවෙන දක්ෂ දරුවෙකි. ඔවුන් දෙදෙනාට තවත් එක් සොයුරියක් සිටියි. ඇය ද දංකොටුව බාලිකා මහා විද්‍යාලයේ 10 වන වසරේ ඉගෙනුම ලබයි. මෙම සිද්ධිය නිසා දැඩි ලෙස කම්පාවට පත්වී සිටින මියගිය දරුවන් දෙදෙනාගේ මව වන නිල්මිණි ප්‍රනාන්දු මහත්මිය හඬා වැළපෙමින් මෙසේ ද පැවසුවාය.
මගේ පුතා ගේ ඇතුළේ පොඩි කාර් එකක් බිම යව යව හිටියේ. මම රෙදි වනන්න උඩට ගියා. පොඩි දුව කෑගහගෙන උඩට දිව්වා මල්ලිට කඩුවෙන් කෙටුවා කියාගෙන. මම ඇවිත් බලන කොට පුතා ලේ පෙරාගෙන වැටී සිටියා. අත්දෙකට අරගෙන කෑගහගෙන පාරට අරගෙන දිව්වා. විනාඩි 10ක් විතර වාහනයක් නතර කරගන්න කෑ ගැහුවා. විනාඩි 10කින් පසුව වාහනයක දාගෙන මීගමුව රෝහලට රැගෙන ගියා. කොච්චිකඬේ හරියෙදි පුතාගෙ බෙල්ල පාත් වුණා ඒත් මම පුතා ඉස්පිරිතාලෙට අරගෙන ගියා. එයාව ඇඳට දාලා දොස්තර මහත්වරු ඊ.සී.ජී හෙම ගහලා බැලුවා වැඩක් වුණේ නැහැ.
එයා මැරිලා කියලා කිව්වා. මම විලාප තියලා ඇඬුවා. එතකොටමයි ලොකු දුවවත් අරගෙන ගියේ. මම දැනගෙන හිටියේ නැහැ. අර නරුමයා දුවටත් කඩුවෙන් කොටලා කියලා. පොඩි දුවට අක්කයි මල්ලියි නැති වුණා යැයි ඇය විලාප නගමින් පැවසුවාය. මෙම ඛේදජනක සිදුවීම පිළිබඳ තොරතුරු සෙවීමට අප එම නිවසට ගිය අවස්ථාවේ අපට මුණගැසුණේ මියගිය නිෂෙලිගේ පියා වූ හේමන්ත රූපසිංහ මහතායි. වෘත්තියෙන් විදුලිකාර්මිකයකු වන හේමන්ත මහතා තම දරුවන්ගේ අභාවය හේතුවෙන් දැඩි කම්පනයකින් යුතුව හඬමින් අප සමග මෙසේ පැවසීය.
මට දියණියන් දෙදෙනෙක් සහ පුතෙක් ඉන්නවා. මිය ගිහින් ඉන්නේ මගේ ලොකු දුවයි, පුතයි. අනූනවයෙන් තමයි අනෙක් දුව බේරිලා තියෙන්නේ. නැත්නම් තව ටිකෙන් මට දරුවෝ තුන්දෙනාම නැතිවෙනවා. දරුවෝ දෙන්නව මට අහිමි කරපු ඔය තිරිසනා මහ හිතක් පපුවක් නැති මිනිහෙක්. ඌටත් දරුවෙක් ඉන්නවා. මොන හිතකින් ද ගේ ඇතුළෙ සෙල්ලම් කර කර හිටපු මගෙ පුතාට කඩුවෙන් කෙටුවේ. මට වාවන්නෙ නැහැ.
පුතාට කඩුවෙන් කොටලා අනෙක් අයව හොයලා. අපේ අම්මා කෑම කාලා සිංක් එක ළඟ අත සෝද සෝද ඉඳලා. ලොකු දුව නිවස පිටුපස දත් මැද මැද ඉඳලා තියෙන්නේ. එයා තල්ලු කරලා දුවටත් කඩුවෙන් කොටලා. අනෙක් දුව දැකලා කෑගහගෙන දුවලා. මගේ බිරිඳ නිවසේ උඩ කොටසේ රෙදි වනන්න ගිහිල්ලා. ඔය සිදුවීම වෙනකොට උදේ 9.40ට විතර ඇති. මම ගෙදර හිටියේ නැහැ. මේ ළඟම වතුර මෝටරයක් හදන්න ගිහින් හිටියේ. අපේ නිවස අසල එක්කෙනෙක් ඇවිත් කිව්වා දුවටයි පුතාටයි කඩුවෙන් කොටලා කියලා. මම දුවගෙන ආවා. බිරිය පුතා උස්සගෙන වාහනයක් හොය හොය පාරෙ ඉන්නවා. එයා කිව්වා අම්මා වැටිලා ඉන්නවා දුවලා ගිහින් බලන්න කියලා. ගෙදරට ඇවිත් බලනකොට අම්මා වැටිලා හිටියා. අනෙක් දරුවෝ දෙන්නා හොයනකොට ලොකු දුව පිටුපස වැටී සිටියා. මම එයාව අරගෙන මීගමුව රෝහලට ගෙනිච්චා. ගෙනියන කොටත් දුව නැතිවෙලා. කොහොමද මම මේ දුක උහුලන්නේ. ඔය කඬේ දානකොට එය එතැනින් ඉවත් කරන්න කියලා ප්‍රාදේශීය සභාවෙනුත් කිව්වා. ඒත් මම කිව්වා හම්බකරගෙන කන දේනේ අයින් කරන්න එපා වතුර එන එක නවත්වන්න කියලා. පොලීසියෙත් පැමිණිල්ලක් තිබුණා.
මම කියන්නේ සභාවෙනුයි පොලීසියෙනුයි හරියට නීතිය කළා නම් මගේ දරුවෝ දෙන්නා මට ඉන්නවා. අද කවුරු මොනවා කළත් වැඩක් නැහැ. දැන් වෙන්න ඕන දේ වෙලා ඉවරයි. මට දරුවෝ දෙන්නා නැති වුණා. අපි මේ ලෝකේ තනි වුණා.
මියගිය නිෂෙලිගේ සහ සහන් මෙත්සර යන දරු දෙදෙනාගේ සමකාලීන පාසල් මිතුරියන් සහ මිතුරන් පංතිභාර ගුරුතුමිය, කන්‍යා සොහොයුරියන් ඇතුඵ ආචාර්ය මණ්ඩලය මෙම පුවත සැලවීමත් සමග ඇයගේ නිවෙසට පැමිණියේ මහත් කම්පාවෙන් යුතුවයි. අසල්වාසීන් සහ නන්දෙසින් පැමිණි නෑ සිය මිතුරන් ඔවුන්ගේ නිසල සිරුරු දෙස බලමින් හඬන්නට වූවේ දුටුවන්ගේ නෙත්වලට ද කඳුළක් එක්කරමිනි.
මේවන විට දරුවන් දෙදෙනාගේ දේහයන් නො 61 - බී හලාවත පාර වයික්කාල ලිපිනයෙහි පිහිටි නිවසේ තැන්පත්කර ඇති අතර අවසන් කටයුතු වයික්කාල නූරානි පොදු සුසාන භූමියේ දී අද (29) 4.00ට සිදුකෙරේ.
https://www.lankadeepa.lk/features/%E0%B6%AF%E0%B6%BB%E0%B7%94-%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B6%9A%E0%B7%94-%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96-%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%9A-%E0%B6%9B%E0%B7%9A%E0%B6%AF%E0%B7%80%E0%B7%8F%E0%B6%A0%E0%B6%9A%E0%B6%BA/2-556041
පුතුගේ පහරින් පියා මරුට
තම පුතු විසින් එල්ල කළ පහරදීමකින් 54 වන වියේ පසුවන පියෙකු ඔවුන් පදිංචි නිවස තුළදීම ඊයේ (30) රාත්‍රි මිය ගොස් ඇති බව පල්ලම පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ ආඩිගම පෙරියමඩුව ප්‍රදේශයේ විසු මිරියාගම කංකානමලාගේ ධර්මසිරි (54) නමැති දෙදරු පියෙකි.
මෙම මරණ සම්බන්ධයෙන් ඔහුගේ 31 වන වියේ පසුවන පුතෙකු අත් අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.
සැකකාර පුතා මෙයට මාසයකට පමණ පෙර විවාහ ජිවිතයකට ඇතුළත්ව ඇති බවත් ඔවුන් සියළු දෙනාම එකම නිවසකට වාසය කර ඇති අතර ඊයේ (30) රාත්‍රි පිය පුතු අතර ඇති වු බහින්බස් වීමකින් අනතුරුව කෝපයට පත් පුතා තම ඉන බදින පටියකින් තම පියාට අමානුෂික ලෙසින් පහර දුන් අතර එම පහරවැදි බිම වැටුණ පියා එම ස්ථානයේදීම මිය ගොස් ඇතිබව පොලිස් පරික්ෂණවලදී හෙළි වු බවත් කියයි.
ආනමඩුව අධිකරණය මගින් සිදු කරණු ලබන මහේස්ත්‍රාත් පරික්ෂණයකින් පසු සිරුර පශ්චාත් වෛද්‍ය පරික්ෂණයක් සදහා අද (31) ගෙන යාමට පියවර ගෙන ඇති බවත් කියයි. ආනමඩුව පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.
https://www.lankadeepa.lk/news/%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F-%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7/101-556147
රාජ්‍ය නිලධාරීන් 70 ක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට කැඳවීමට යයි
ලිංගික අපයෝජන, නීතිවිරෝධී ලෙස බලපත්‍රදීම ආදී චෝදනා ලැබූ දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් 70 දෙනකු ඉදිරි දිනකදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට කැඳවීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
අදාළ නිලධාරීන්ට එරෙහිව දැනටමත් විමර්ශන පවත්වා ඇති බවත් ඔවුන් දැනට දරන ධුරවලින් ඉවත්කර ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගනු ඇති බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අදාළ නිලධාරීන්ට එරෙහිව විමර්ශනවලට අනුමැතිය දී ඇති බව ද වාර්තා වේ.
ඇතැම් නිලධාරීන්ට එරෙහිව මීට පෙර චෝදනා එල්ලවී තිබී ඇති බවත් ඇතැම් නිලධාරීන් ඇතැම් චෝදනාවලට වරදකරුවන් වී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙන අතර එසේ වුවත් ඔවුන්ට එරෙහිව කිසිදු පියවරක් නොගැනීම නිසා ඔවුන් දිගටම සිය ධුරවල කටයුතු කර ඇති බවත් එහිදී අනාවරණය වී තිබේ.
ඉහත කී නිලධාරීන් 70 දෙනා අතර ප්‍රාදේශීය ලේකම්වරුන් 30 දෙනකුට ආසන්න පිරිසක් සිටින බවත් එයින් ඇතැම් නිලධාරීන්ට ළමා අපයෝජන චෝදනා සහ නිල රාජකාරී ඉටුකිරීම සඳහා කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා ඇති බවටත් අනාවරණය වී ඇත. ඇතැම් දිස්ත්‍රික් ලේකම්වරුන් නීතිවිරෝධී ලෙස වැලි කැණීම් බලපත්‍ර ලබා දී ඇති බවටත් ඇතැම් නිලධාරීන් ඒවා විකුණා ඇති බවටත් විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඊට අමතරව ඉහත කී නිලධාරීන්ගෙන් ඇතැම් නිලධාරීන් නීතිවිරෝධී අයුරින් බලපත්‍ර නිකුත්කර ඇති බව ද පැවසේ. ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පෞද්ගලික කරුණු සහ තරහ පිරිමහ ගැනීම සඳහා ඔවුන් යටතේ සිටින නිලධාරීන් ක්‍රියාපටිපාටිවලට පටහැණිව යමින් මාරුකර ඇති බව ද අනාවරණය වී තිබේ.
කොළඹ, අනුරාධපුර, බදුල්ල, රත්නපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලින් වැඩි වශයෙන් මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවැසීය.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අදාළ පැමිණිලි ලැබීමෙන් පසුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙනමම විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් චෝදනා එල්ල වී තිබෙන නිලධාරීන් ඒවාට වරදකරුවන් වුවහොත් ඔවුන් දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම් හා අදාළ තනතුරුවලින් ඉවත්කිරීමට පියවර ගන්නා බවත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පැවැසීය.
ඒ සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ විමර්ශන වාර්තාව ද සැලකිල්ලට ගන්නා බව ඔහු කීවේය. විනය ක්‍රියාමාර්ග ගතහොත් එසේ කරන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ උපදෙස් මත යැයි ද හෙතෙම කීවේය.
https://www.lankadeepa.lk/news/%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A-70-%E0%B6%9A%E0%B7%8A-%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1-%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B6%A7-%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7-%E0%B6%BA%E0%B6%BA%E0%B7%92/101-556183
ලොව වස විස ආහාර ආහාර ගන්නා රටවල් අතරින් ලංකාව - 01

කෘෂි රසායන භාවිතය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවට අනතුරු අඟවයිආසියානු කලාපයේ ඉහළම තැන ඉන්නේ ශ්‍රී ලංකාව අන් රටවලට වඩා අට ගුණයක් වැඩියි වකුගඩු රෝගීන් වැඩිවීමටත් හේතුවක් පිළිකා-දියවැඩියාවටත් බලපානවා රට පුරාම රෝග පැතිරීමේ අවදානමක්
සාමනේර හිමිවරුන්ට පහරදුන් සිද්ධියේ සැකකරුට අත්හිටවූ සිර දඬුවම්
හොරෙව්පොතාන ශ‍්‍රී ස්වර්ණතිලකාරාම මහ පිරිවෙනෙහි සාමනේර හිමිවරුන් දෙදෙනකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ රිමාන්ඩ් ගත කර සිටි සැකකරුට වසර එකහමාරක සිර දඬුවමක් නියම කළ කැබිතිගොල්ලෑව දිසා විනිසුරු, මහේස්ත‍්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා එම සිර දඬුවම වසර 5කට අත්හිටුවීමටද නියෝග කළේය.
ඊට අමතරව සැකකරුට රුපියල් 1,000ක දඩයක්ද නියම කෙරිණ.
මෙසේ දඬුවම් නියම වූයේ හොරොව්පොතාන මැදගම පදිංචි චමින්ද ගලබොඩ හෙවත් උටියා නැමැත්තෙකුටය.
මෙම සිද්ධියට අදාළ නඩුව කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ අද (24) යළි කැඳවූ අවස්ථාවේ තමන් වරද පිළිගන්නා බව පැමිණිලිකාර සාමනේරු හිමිවරුන්ට විවෘත අධිකරණය්දී වැඳ නමස්කාර කරමින් සැකකරු ප‍්‍රකාශ කිරීමෙන් පසුව ඔහුට මෙලෙස දඬුවම් නියම කරනු ලැබීය.
සුළු සිද්ධියක් පදනම් කර ගනිමින් වයස අවුරුදු 10 සහ 14 වියෙහි පසුවන සාමනේර හිමිවරුන් දෙනමකට අමානුෂික පහරදීම සම්බන්ධයෙන් සැකකරු ලැජ්ජාවට පත් විය යුතු බව ඔහුට දඬුවම් නියම කරමින් ප‍්‍රකාශ කළ විනිසුරු අල්විස් මහතා සැකකරු සම්බන්ධයෙන් යළි මෙවැනි සිද්ධීන් වාර්තා වුවහොත් ඔහුට උපරිම දඩුවම් ලබාදීමට අධිකරණය පසුබට නොවන බවටද දැන්වීය.
උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප‍්‍රතාප් සෙනරත් සදුන්ගහවත්ත මහතාගේ උපදෙස් මත පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයට කරුනු දක්වමින් කැබිතිගොගල්ලෑව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කීර්ති ජයන්ත මහතා සදහන් කළේ මෙම සිද්ධිය පිලිබදව උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති සදුන්ගහවත්ත මහතාගේ නියෝග මත පොලිස් කන්ඩායම් තුනක් මගින් විමර්ශන මෙහෙයවූ බවයි.
අදාල සියලු විමර්ශන මේ වන විට අවසන්ව ඇති බවද අධිකරණයට සැලකළ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත මහතා සැකකරු මෙම පරදීම සිදු කර ඇත්තේ ආගමික ගැටුමක් නිර්මාණය කිරීමේ අරමුණින් නොවන බවට එම විමර්ශනවලදී තහවුරු වී ඇතැයිද කීවේය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් මෙම සිද්ධිය පිළිබඳව මුල් බී වාර්තාව මගින් ප‍්‍රධාන පොලිස් පරික්ෂක කීර්ති ජයන්ත මහතා සඳහන් කළේ සැකකරුට අයත් කුඩා වෙළෙදසැලක් හොරොව්පොතාන මැදගම ප‍්‍රදේශයේ පිහිටා ඇති බවයි.
එම වෙළෙද සැලෙන් දියර කිරි පැකට් මිලදී ගැනීමට මෙම සාමනේර හිමිවරුන් ෙඉකුත් 10 වන දින පැමිණි අවස්ථාවේ සැකකරු මෙම පරදීම සිදු කර ඇති බවද ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට දැන්වීය. රුපියල් 10 ක් වටිනා චොක්ලට් දෙකක් මුදල් නොගෙවා හොරෙන් ලබා ගත් බවට චෝදනා කරමින් සැකකරු සාමනේර දෙනමට මෙලෙස අමානුෂික ලෙස පහරදී ඇති බව දැනට සිදු කර ඇති මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණ වූ බව අධිකරණයට සැලකළ ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සාමනේර දෙනම මුදල් නොගෙවා හොරෙන් සැකකරුට අයත් වෙළෙඳ සැලෙන් චොක්ලට් ලබා ගෙන නැති බව පොලිස් විමර්ශනවලදි තවදුරටත් හෙළි වී ඇතැයිද අවධාරණය කළේය.
සැකකරු සාමනේර හිමිවරුන්ගේ පහර දෙන අයුරු සිද්ධිය වූ ස්ථානය අසළ සීසීටීවී කැමරාවක පැහැදිලිව සටහන්ව ඇති බවද අධිකරණයට කියා සිටි ප‍්‍රධාන පොලිස් පරික්ෂක ජයන්ත මහතා සැකකරුට ඇප ලබා දුනහොත් මහජන කැළඹීමක් ඇති වීමේ දැඩි අවදානමක් පවතින බවද කීවේය. සැකකරුගේ පහරකෑමට ලක් වූ සාමනේර දෙනම හොරොව්පොතාන මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප‍්‍රතිකාර සදහා මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බවද ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත මහතා තවදුරටත් අධිකරණයට දැන්වීය.
කැබිතිගොල්ලෑව සහකාර පොලිස් අධිකාරි කොඩිසිංහ මහතා ලබා දුන් විශේෂ නියෝගයකට අනුව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කීර්ති ජයන්ත මහතා විසින් සැකකරු සම්බන්ධයෙන් මූලික නීතිමය කටයුතු සිදු කර ඔහු අධිකරණයට ඉදිරිපත් කළේය..
https://www.lankadeepa.lk/news/%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B6%B1%E0%B7%9A%E0%B6%BB--%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A-%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%A7-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%80%E0%B7%96-%E0%B7%83%E0%B7%92%E0%B6%BB-%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A/101-557535
දැරියන් දෙදෙනෙකුට ලිංගික අතවර කළ ඉංග්‍රීසි ගුරුවරයා රිමාන්ඩ්
ඉංග්‍රීසි ඉගෙන ගැනීමට පානදුර ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයාගේ නිවසට ගිය දැරියන් දෙදෙනෙකුට එම ගුරුවරයා ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගත් හෙයින් මේ මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා අද (18) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ පානදුර කුරුස හන්දිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පිරිවෙන් ගුරුවරයෙකි.
එදිනට චෝදනා පත්‍ර ගොනු කරන ලෙසද දැරියන් දෙදෙනා වෛද්‍යවරයෙකු හමුවට යොමු කර එදිනම වාර්තාව ඉදිරිපත් කරන ලෙසද වැඩිදුරටත් නියෝග කළේය.
පැය දෙකක කාලයක් ඉංග්‍රීසි ඉගෙන ගැනීම සඳහා සැකකාර ගුරුවරයාගේ නිවසට දැරියන් ඉකුත් 16 වැනිදා ගොස් තිබූ අතර එම අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ ගුරුවරයා පමණක් බවද එම දැරියන්ගෙන් ප්‍රකාශ වලින් හෙළි වූ බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
සුනකයෙක් දූෂණය කළ අයෙක් අත් අඩංගොඩුවට

මාස තුනක් පමණ වයසැති සුනඛයෙකු දූෂණය කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දැරියක් ඇඳුම් මාරු කරන අයුරු රූගත කළ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට
දහතුන් හැවිරිදි දැරියක් නාන කාමරයේ සිට ඇඳුම් මාරු කරන අයුරු ජංගම දුරකතනයෙන් වීඩියෝ ගතකරන ලද පොලිස් කොස්තාපල්වරයෙකු අද (23) වරාය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
කොස්තාපල්වරයාගේ බිරිඳට අයත් වරාය පොලිස් වසමේ පිහිටි නිවසේ කොටසක් බදුදී ඇති අතර එහි මෙම දැරිය සහ ඇයගේ දෙමව්පියන් පදිංචිව සිට ඇත.
තම සොහොයුරිය නාන කාමරයේ ඇඳුම් මාරු කරන අයුරු වීඩියෝ කර ඇති බව දැනගැනීමෙන් පසු ඇයගේ සහෝදරයා විසින් වරාය පොලිසියට පැමිණිලි කර ඇත.
ඒ අනුව අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාර පොලිස් කොස්තාපල්වරයා හෙට (24) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ලක්ෂ 10ක ගබ්සා පෙති තොගයක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 10 ට අධික වටිනාකමින් යුතු, නීති විරෝධී ගබ්සා පෙති තොගයක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් බම්බලපිටියේ ඖෂධ අලෙවිහලකින් අද (30) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව එම අධිකාරිය පවසයි.
මෙම ස්ථානය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් හා පොලිසිය එක්ව මෙම වැටලීම කර තිබුණි.
මෙය බලපත්‍රලාභී ඖෂධ අලෙවිසැලක් බවත්, සැකකරු සෙසු ඖෂධ අලෙවි කරන අතර ගබ්සා පෙති අලෙවි කර ඇති බවත් එම අධිකාරිය පවසයි.
මෙම ගබ්සා පෙති රුපියල් 8,000- - 10,000ත් අතර මුදලකට අලෙවි කර ඇතැයිද අනාවරණය වී තිබේ.
https://www.lankadeepa.lk/latest_news/%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82-10%E0%B6%9A-%E0%B6%9C%E0%B6%B6%E0%B7%8A%E0%B7%83%E0%B7%8F-%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%92-%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7/1-557930
කොල්ලුපිටියේ ගණිකා මධ්‍යස්ථානයක් වටලයි
තායි කාන්තාවන් 23 දෙනෙකු යොදාගෙන ලාංකික කාන්තාවක් කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් අද (04) වටලා ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
කොල්ලුපිටිය පොලිසියේ දූෂණ මර්දන අංශයට ලද තොරතුරක් අනුව පොලිස් කොස්තාපල්වරයෙකු උපාය දූතයෙකු ලෙස යොදවා ගෙන මෙම ස්ථානය වටලනු ලැබුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව බව පොලිසිය පැවසීය.
ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථායක් ලෙස නාම පුවරු ප්‍රදර්ශනය කර මෙම ගණිකා මධ්‍යස්ථානය රහසිගතව කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.
අත් අඩංගුවට ගත් තායි කාන්තාවන් අතර සංචාරක වීසා මත මෙරටට පැමිණි අයද සිටින බවත් ඔවුන් සියලු දෙනාම වයස අවුරුදු 20 ත් - 40 ත් අතර පසුවන්නන් බවත් පොලිසිය පැවසීය.
සෙරෙප්පුවේ සවිකළ දුරකතනයෙන් කතුන් වීඩියෝ කළ තරුණයා රිමාන්ඩ්
ජංගම දුරකතනයක් තම සෙරෙප්පුවේ රහසිගත ව සඟවා බලන්ගොඩ නගරයේ කාන්තාවන් වීඩියෝ කළ තරුණයෙකු ඔක්තෝබර් (10) දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (07) නියෝග කළේය.
බලන්ගොඩ පුවක්ගහවෙල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරැණයෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
ඊයේ (06) බලන්ගොඩ නගරයේ ඉරිදා සතිපොළට එළවළු මිලදී ගැනීමට පැමිණි කාන්තාවන් මෙසේ වීඩියෝ කරමින් සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
මොහු සතුව තිබූ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී එවැනි වීඩියෝ විශාල ප්‍රමාණයක් හමුවී ඇති බවද පොලිසිය කියයි.
සැකකරු බලන්ගොඩ පොලිසිය අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.
වන්දනාවේ යන බව පවසා දේශපාලන රැස්වීමකට ගෙන ගියා යැයි පැමිණිල්ලක්
වන්දනාවක රැගෙන යන බව කියමින් අනුරාධපුරයට කැඳවාගෙන ගොස් එක්සත් ජාතික පෙරමුණේ රැස්වීමකට සහභාගි කරගත්තේ යැයි කියමින් ඇල්පිටියේ වැඩිහිටි සමිතියක සාමාජික පිරිසක් මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා මධ්‍යස්ථානයට පැමිණිලි කර ඇත.
ඇල්පිටිය ප‍්‍රදේශයේ වැඩිහිටි සමිති කිහිපයකට අයත් සාමාජික සාමාජිකාවන් මෙසේ අනුරාධපුරයට ගෙන ගොස් ඇතැයි ද දෙදින වන්දනා ගමනක් බව කියමින් ඉකුත් පළමු වැනිදා බස්රථ 12 කින් අනුරාධපුරයට කැඳවාගෙන ගෙන ගිය බව ද ඔවුන්ගේ පැමිණිල්ලේ සඳහන් ව ඇතැයි මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා පැවැසීය.
පළමු වැනිදා පෙරවරුවේ රුවන්වැලි සෑය වන්දනා කිරීමට අවස්ථාව ලබා දුන් බවත් පසුව දේශපාලන රැස්වීමකට සහභාගි කරවූ බවත් ඔවුන් විසින් කළ පැමිණිල්ලේ සදහන්ව ඇති බවත් ඒ පිළිබදව සොයා බලා සිද්ධිය සත්‍ය යැයි තහවුරු කර ගත් බවත් ගජනායක මහතා කීය.
එම වන්දනා ගමනේ අනුරාධපුරයට ගිය පසු රෝගාතුර වූ 73 හැවිරිදි මවක් එහි දී රෝහල් ගත කර දින පහකට පසු යළි ඇල්පිටිය නිවසට පැමිණි බවත් ඇය ද මෙම වන්දනාගමනට සහභාගි වූ අයෙකු බවට ඇගේ දියණිය දිවුරුම් පෙත්සමක් මගින් සනාථ කර ඇති අතර අදාල රෝහල් ඇද හිස්පත් වාර්තා ගෙන්වාගෙන එය තහවුරු කර ගත් බවත් හෙතෙම සදහන් කළේය.
තම රෝගී මව අනුරාධපුර රෝහලේ සිට ඇල්පිටිය නිවසට යළි කැදවාගෙන ආවේ එම ගමන සංවිධානය කළ පිරිස් විසින් යැයි ද ඇගේ දිවුරුම් පෙත්සමෙහි සදහන් ව ඇතැයි ද ඔහු කියා සිටියේය.
ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයේ අපේක්ෂකයෙක් විසින් මෙම වන්දනාගමන සංවිධානය කර ඇතැයි නිරික්ෂණය කළ බව ද ගජනායක මහතා කියා සිටියේය.
තණබද්දේගම, කැටපොල, හිඹුටුගොඩ අල්පිටිය හා කුරුදුගහ හැතැප්ම යන වැඩිහිටි සමිතිවල සාමාජික සාමාජිකාවෝ මෙසේ වන්දනාවේ ගෙන ගොස් ඇති අතර කුරුදුගහ හැතැප්ම වැඩිහිටි සමිතියේ සාමාජික සාමාජිකාවෝ මේ පිළිබදව මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරික්ෂණ මධයස්ථානයට පැමිණිලි කර ඇත.
මේ අතර වැලිපැන්න ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයකු විසින් කලූතර අපේක්ෂා වැඩිහිටි සමිතියේ සාමාජිකයන් 50 දෙනෙකු වන්දනාවේ ගෙන ගිය සිද්ධියක් පිළිබදව පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඒ සදහා වැය කර ඇති ලක්ෂ එක හමාරක පමණ මුදල රජයේ මුදල් බවට සැක කරන අතර ඒ පිළිබද තහවුරු කර ගැනීමට කටයුතු කරමින් සිටින බවත් හෙතෙම සදහන් කළේය.
මෙසේ තහවරු කරගත් සිද්ධීන් පිළිබදව මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කළ බව ද ගජනායක මහතා කියා සිටියේය.
සිසුවියක් අපයෝජනය කළ සාම විනිසුරු අත්අඩංගුවට
දෙවිනුවර පොදු වැසිකිලිය වෙත ගිය 15 හැවිරිදි පාසල් සිසුවියක් බලහත්කාරයෙන් අපයෝජනයට ලක්කළ බව කියන සාම විනිසුරුවරයෙකු අද (16) සැකපිට අත්අඩංගුවට ගත් බව ගන්දර පොලිසිය පවසයි.
මාතර නගරයේ පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම සිසුවිය පාසල වෙත එන අතරතුරදී මෙම සිද්ධියට මුහුණ දී තිබේ. පොදු වැසිකිලිය අසල රැකසිට ඇති සැකකරු එක්වරම ඇගේ කට වසා ගෙන අපයෝජනයට ලක් කර තිබෙන අතර ඒ සමඟම ඇය ඔහුගේ ග්‍රහණයෙන් මිදී පලා ගොස් ඇති බව පොලිසිය කියයි.
ඒ පිළිබඳව පොලිසිය වෙත පැමිණිලි කිරීමෙන් පසු 55 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. ව්‍යාපාරිකයෙකු වන ඔහු සාම විනිසුරුවරයෙකු ලෙසද කටයුතු කරන බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
https://www.lankadeepa.lk/pagenotfound
තම දියණිය ගැබිණියක් කළ තිදරු පියා රිමාන්ඩ්
තම බාලවයස්කාර 14 වියැති දියණිය බලහත්කාරයෙන් දූෂණය කිරීමේ චෝදනාව සැකපිට මස්කෙළිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් එම දැරියගේ පියා හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ජෙයරාමන් ට්‍රොස්කි මහතා හමුවට පමුණුවනු ලැබීමෙන් අනතුරුව මෙම මස 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.
මෙසේ රක්ෂිත බාරයට පමුණුවනු ලැබුවේ, මස්කෙළිය, බ්‍රවුන්ලෝ තේ වතුයායේ පදිංචි 43 හැවිරිදි තිදරු වතු කම්කරුවෙකි.
දින කිපයක් තිස්සේ තමන්ට උදරා බාධයක් පවතින බවත්, මාසික ඔසප්වීම සිදු නොවුණ බවත්, මෙම දැරිය තම මවට ඉකුත් 14 වන දා පැවසීමෙන් අනතුරුව දැරියගේ මව විසින් දැරියට ප්‍රථිකාර ගැනීම සඳහා දික්ඔය මූලික රෝහල වෙත ගොස් තිබේ.
එහිදී සිදු කරන ලද වෛද්‍ය පරීක්ෂණවලදී මෙම දැරිය දෙමස් ගැබිණියක් බවට අනාවරණය වි ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මස්කෙළිය පොලීසිය පවසයි.
දික්ඔය රෝහල මගින් මෙම සිද්ධිය මස්කෙළිය පොලිසියට වාර්තා කිරීමෙන් අනතුරුව කළ පරීක්ෂණවලදී මෙම දැරිය පොලීසියට පවසා ඇත්තේ, තම පියා නිවසේ කිසිවෙකු නොසිටි අවස්ථාවේ දැනට මාස 03 කට පමණ පෙර අවස්ථා කිපයකදී තමන් බලහත්කාරයෙන් දුෂණය කළ බවයි.
ඒ අනුව මස්කෙළිය පොලීසිය මඟින් දැරියගේ පියා සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා ඇත.
දැරිය දනට දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබමින් පසු වන්නීය.
මෙම දැරිය 09 වන වසරේ ඉගෙණුම ලබමින් සිටින අතර ඇයට පාසල් වයසේ පසුවන බාල සොහොයුරෙක් හා සොහොයුරියක් සිටිති.
හැටන් කොට්ඨාශ බාර පොලිස් අධිකාරි රවීන්ද්‍ර අඹේපිටිය මහතාගේ උපදෙස් මත මස්කෙළිය පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජී.කේ.ඒ.ප්‍රේමසිරි මහතාගේ මෙහෙයවීමෙන් කාන්තා පොලිස් කොස්තාපල් නිර්මලා (5228) මහත්මිය ඇතුලු නිලධාරීන් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
https://sinhala.adaderana.lk/news.php?nid=121688
ළමයි මරපු නාවික හමුදා කල්ලියට දඩුවම් දිය යුතුයි - Victor Ivan
හොරු අල්ලන්න ගොස් හොරුන්ට හසුවූ පොලිස් ලොක්කා
දැරියකට අතවර කළ සීයා - සහෝදරයෙකු අත්අඩංගුවට
පස් හැවිරිදි දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් ඇගේ 82 හැවිරිදි සීයා සහ 16 හැවිරිදි ඥාති සොහොයුරා අද (29) අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි.
මෙම දැරියගේ පියා මවගෙන් නීත්‍යානුකුලව වෙන්වී වෙනත් කාන්තාවක් සමඟ විවාහ වී සිටින අතර දැරිය පියාගේ සොහොයුරියගේ නිවසේ පදිංචිව සිට ඇත.
ඇගේ පියාගේ පියාද මෙම නිවසේ පදිංචිව සිට ඇත. එහිදී සීයා සහ නැන්දාගේ පුතා තමාට අතවර කරන බව දැරියගේ පියා සහ කුඩම්මා එම නිවසට පැමිණි විටක ඔවුන් දෙදෙනාට පවසා තිබේ.
ඒ අනුව පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව දැරියගේ සීයා සහ නැන්දාගේ පුතා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් දෙදෙනා හෙට (30 ) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
කල් ඉකුත් වූ හාල් කිලෝ ලක්ෂ 35ක් හිඟුරක්ගොඩ ගබඩාවක
වසර දෙකකට පමණ පෙර පිටරටින් ගෙන්වූ සහල් කිලෝ 350,000කට අධික තොගයක් වෙළඳපොළට නිකුත් නොකර හිඟුරක්ගොඩ සතොසට අයත් ගබඩා සංකීර්ණයක කල්ඉකුත්වීම සඳහා ගොඩගසා ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අද(30) ප‍්‍රකාශ කළේය.
එම සම්මේලනයේ ලේකම් ටී.බී.සරත්මහතා ඇතුළු පිරිසක් අද ඒ සහල් ගබඩා පරීක්ෂා කරබැලීමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් එසේ පැවැසීය.
මේ වනවිට එම සහල් සත්ව ආහාර ලේබලය යටතේ කුණුකොල්ලයට විකුණා දමමින් තිබෙන බව පැවැසූ කරුණාරත්න මහතා මෝල්හිමියන් ඒ සහල් නැවත වෙළඳපොළට නිකුත් කරන්නේද යන්න සැකයක් මතුවන බව කීය.
“මේ හාල් ගෙනත් තියෙන්නේ 2017 සැප්තැම්බර් මාසයේ. 2019 අගොස්තු පළමුවෙනිදා වෙනකම් මේ හාල් පරිභෝජනය කරන්න පුළුවන් කියලා නිර්දේශ කරලා තිබුණා. හැබැයි අවුරුදු දෙකක කාලයක් ගියා. අවුරුදු දෙකක් යනකම් මේ හාල් ගොඩ ගහලා සත්ව ආහාර දක්වා කල් ඉකුත් වෙනකල් තියාගෙන හිටියේ ඇයි?
2017 අවුරුද්දේ අපිට හාල් ඇටයක්වත් පිටරටින් ගේන්න උවමනාවක් තිබුණේ නෑ. දැවැන්ත වී නිෂ්පානයක් තිබුනා. අපට වී මෙට්‍රික් ටොන් 36ක් තමයි අවුරුද්දටම අවශ්‍ය වෙන්නේ. නමුත් ලක්‍ෂ 45ත් 50ත් අතර අපි වාර්ෂිකව නිෂ්පාදනය කරනවා. හැම අවුරුද්දක්ම අපි පටන් ගන්නේ වී මෙට්‍රික් ටොන් ලක්‍ෂ 10කට වැඩි ප‍්‍රමාණයක් එක්ක. මේ තත්වය තුළ හාල් පිටරටින් ගේන්න උවමනාවක් නැතුව තිබියදී සල්ලි වියදම් කරලා මේවගේ හාල් තොගයක් ගෙනාවේ මොකටද? ඒ හාල් ගොඩගහලා තියාගෙන සත්ව ආහාර දක්වා කුණුකොල්ලයට විකුණන තැනට පත්කෙරුවේ ඇයි?
මේ හාල් සත්ව ආහාර ලේබල් එක යටතේ ගිහිල්ලා ඊටපස්සේ මෝල්වලින් නැවත මේවා පොලිෂ් වෙලා නැවතත් එනවා ජනතාවගේ පරිභෝජනයට එනවා කියලා අපි සැකකරනවා.
මේ ආණ්ඩුව ආවට පස්සේ රජයේ වී තොග ගත්ත මිලට, රුපියල් 38ක් වාගේ ගත්ත මිලට මෝල් හිමියන්ට නිකුත් කරලා තිබෙනවා. ඒ වී මෝල් හිමියෝ කොමිස් තියාගෙන නැවත විකුණලා තියෙනවා. ඒ අනුව එම හිලව්වට මේ හාල්ම නැවත පොලිෂ්වෙලා එන්නත් ඉඩ තියෙනවා. කොහොම නමුත් සත්ව ආහාරයට මේවා ගියාට නැවතත් මහජනයාගේ පරිභෝජනයට එන ඉඩකඩ වැඩියි.
කන්න නැතුව දරුවෝ බඩගින්නේ අඬනවා රූපවාහිනී නාලිකාවල පෙන්නවා. බඩඉරිඟු ඇටකනවා. සමහර දරුවෝ කියනවා වේල් දෙකකින් කෑවේ නෑ කියලා. ඊයේ ඉඳලා අද වෙනකල් කන්න මොකුත් නෑ කියනවා. බඩගෙඩිය පිටපැත්තට ඇලිච්ච මන්දපෝෂණයෙන් පෙලෙන දරු පැටව් ඉන්න ජනතාවක් ඉන්න රටක ජනතාවගේ බදු මුදල්වලින් මේ විදියට හාල් ගෙනැල්ලා පිස්සු නටන්න පාලකයින්ට ඉඩදෙන්න බෑ.
මේකේ මූලික වග උත්තරකරු පහුගිය ආණ්ඩුවයි. පහුගිය ආණ්ඩුව යටතේ තමයි මේ හාල් තොග ගෙනාවේ. ගෝඨාභය ජනාධිපතිතුමාට අපි කියනවා මේ ගැන නිසික‍්‍රියා මාර්ගය ගන්න කියලා. මේ හාල් තොග තිබෙන්නේ ඔබතුමාලගේ රජයේ ආයතනයක් යටතේ. මේක සතොසේ වැරැද්දක් නෙවෙයි. තැන් තැන්වල තිබුණු හාල් තොග තමයි මේ ගෙනැල්ලා ගොඩ ගහලා තියෙන්නේ. මේකට අදාල වගඋත්තරකරුවන්ට වහාම ක‍්‍රියා මාර්ග ගන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා” යැයිද නාමල් කරුණාරත්න මහතා ප්රකාශ කළේය.
https://www.lankadeepa.lk/news/%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A-%E0%B6%89%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A-%E0%B7%80%E0%B7%96-%E0%B7%84%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D-%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82-35%E0%B6%9A%E0%B7%8A-%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9-%E0%B6%9C%E0%B6%B6%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%9A/101-563179
කුඩා සාමනේර දෙනමකට බරපතල ලිංගික අපයෝජනයක් කළ හිමි නමක් අත්අඩංගුවට…

මාදුරුඔයේ ධම්මිස්සර ස්වාමීන්වහන්සේ සමග එම පිරිවෙනේම වැඩ විසූ හීනපහුවේ සුමන හිමිද මෙම බරපතල අපරාධය සිදු කිරීම සම්බන්ධයෙන් පසුගිය 11 වනදා සහ 12 වනදා අත්අඩංගුවට ගෙන තිබූ අතර හිමිවරු දෙනම කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
මෙම සිද්ධියට අදාළ නඩුව ලබන 25වනදා බී 28233/19 යටතේ යළි කැඳවීමට නියමිතය.
මේව ගැන කියන්න කිසිවක් නැහැ බුද්ධියෙන් බලන්න
මෙවැනි තවත් වීඩියෝ...
බාලවයස්කාර දැරියකට අමානුෂිකව පහර දුන් තිදෙනෙකු අත්අඩංගොඩුවට

දහතුන් වියැති බාලවයස් දැරියකට අමානුෂික ලෙස පහර දුන් බවට ග්‍රාම නිලධාරිනියක් සහ දැරියගේ පියා සහ ගැබිණි සුලු මව කොටවෙහෙර. අලුත්ගම ප්‍රදේශයේදී ඊයේ (03) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව කොටවෙහෙර පොලීසිය පවසයි.
ග්‍රාම නිලධාරිනිය කොටවෙහෙර අලුත්ගම පදිංචි තැනැත්තියක් වන අතර ඇගේ සහෝදරිය සහ ඇගේ ස්වාමියාද ඔහුගේ දියණියද මෙම නිවසේ පදිංචියට පැමිණ සිටියදී මෙලෙස පහර කෑමට ලක්ව ඇති බවද, පොලීසිය සඳහන් කරයි.
රට යන අත

මේ රටට මොකක්ද වෙලා තියෙන්නේ රටේ සුළුජාතීන් මඩවන්නම කාලය යොදවනවා මිස තම ජාතියට වෙන්නේ මොකක්ද කියලා බලන්න කිසිවෙකුටත් වෙලාව නැහැවගේ. මෙහෙම ගියොත් පෙරුම්පුරපු කන කැස්බෑවට වෙච්ච දේ තමයි රටේ මහා ජාතියට වෙන්නේ. (අනතුරු ඇඟවීමක් නොවේ අවවාදයක් පමණි)
උපුටා ගැනීමකි. ..... (රංග ජයවර්ධන )නිදහස් මාධ්‍යවේදී

රංජන් අත්අඩංගුවට ගන්නා මොහොතේ මමත් ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සමන් වගආරච්චිත් තවත් මාධ්‍ය මිතුරන් පිරිසකුත් එම ස්ථානයට ගොස් සිටියෙමු. පළමුව රංජන් ගේ නිවස සෝදිසි කිරීම සිදු කරන ලද්දේ ලියකියවිලි වගයක් පරීක්ෂා කිරීමට යයි පවසා බව දැන ගන්නට ලැබුණි. එහෙත් පසුව රංජන් ලීඩර් සිනමාපටයේ සිනමා කටයුත්තකට රැගෙන විත් තිබූ සෙල්ලම් පිස්තෝලයක් නීති විරෝධී ගිනි අවියක් බව පවසා පොලිසිය විසින් පරීක්ෂාවකට ලක් කෙරිණි. එහෙත් රංජන්ගේ ආරක්ෂකයින් විසින් එය සෙල්ලම් පිස්තෝලයක් බව ඔප්පු කොට පෙන්වීමෙන් පසුව එය ඉවත් කෙරිණි. ඉන් පසුව නිල ගිනි අවියේ බලපත්‍ර පරීක්ෂාවකට ලක් කෙරුණු අතර එහිදී බලපත්‍රය අලුත් කිරීමට නියමිත කාලය ප්‍රමාදවී ඇති බව අනාවරණය විය. ඒ හැරෙන්නට අසභ්‍ය සීඩී තැටියක් හෝ ලිංගික උපකරණයක් පිළිබඳව හෝ අනාවරණය වීමක් එතැනින් අප පිටත් වන විටත් සිදු නොවිණි. පරීක්ෂාව හමාර කරන ලද පොලිසිය අත්අඩංගුවට ගැනීම සඳහා ඉහලින් අණ ලැබෙන තෙක් කල් මරන මොහොත වෙනකම්ම අප ඒ ස්ථානයේ (මාදිවෙල මන්ත්‍රී නිවාස) රැඳී සිටියෙමු. ඒ මොහොතේ අනාවරණය නොවු සීඩී කතාවක් හෝ ලිංගික උපකරණ කතාවක් කරලියට පැමිනියේ කෙසේද? ජඩමාධ්‍යකරණය සඳහා මෙයට වඩා තවත් උදාහරණ අවැසි නොවන බව මගේ විශ්වාසයයි. එසේ සීඩී හෝ උපකරණ තිබුණ ද එය තබා ගැනීම වරදක් නොවේ. රංජන් යනු වැඩිහිටියෙකි. නමුත් එසේ එම මොහොතේ එතන අනාවරණය නොවූ දෙයක් මාධ්‍ය ඔස්සෙ අනාවරණය වන්නේම අධිපති දෘෂ්ටිවාදයේ ප්‍රකාශනයක් ලෙස බව විශ්වාස කල හැකිය. අප ජීවත්වන්නේ කවර නම් රටක ද? අධිපති දෘෂ්ටිවාදය හසුරුවන්නන්ට හෝ එහි ප්‍රකාශනාත්මක බලවේගය වන මාධ්‍ය මුදලාලිලාට මිනිහෙක් ඇති කරන්නත් නැති කරන්නත් යන්නෙ තප්පර ගණනකි. රංජන් මම කැමති මිනිසෙකු නොවේ. එහෙත් ඔහු අවංකයෙකි. මේ මජර දේශපාලන හෙළුව අමු අමුවේම නිරාවරණය කෙරුවෙකි. ඔහුව මේ ලෙස පෙළීම ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් අගයන්නෙක් ලෙස මට කම්පනයකි. අප මේ සමාජ රටාවට නොගැලපෙන මිනිසුන් ලෙස මට හැගී යයි. එක්කො අප මේ මජර ක්‍රමය හා ගැටිය යුතුය. නැතිනම් මෙයින් මිදී වෙනතකට යා යුතුය.
දැරියට පහරදීමේ පැමිණිල්ල බාර නොගත් ස්ථානාධිපතිවරියන්ගේ වැඩ අත්හිටුවයි
නිකවැරටිය සහ කොටවෙහෙර පොලිස් ස්ථාන දෙකෙහි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරියන් දෙදෙනාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ. නිකවැරටිය කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතා මෙම අත්හිටුවීම කර තිබේ.
නිකවැරටිය කොටවෙහෙර ප්‍රදේශයේ 13 හැවිරිදි බාලවයස්කාර දැරියකට මොන්නෑකුලම ග්‍රාම නිලධාරිනියක සහ දැරියගේ සුළු මව බව කියන කාන්තාවක විසින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ මිත්තණිය මෙම පොලිස් ස්ථානවලට පැමිණිලි කිරීමට ගොස් තිබිණි. එහිදී එම පැමිණිලි බාරනොගෙන ඇය ආපසු හරවා යැවීම හේතුවෙන් රාජකාරිය බරපතල ලෙස පැහැර හැරීම මත මෙම ස්ථානාධිපතිවරියන් දෙදෙනාගේ සේවය අත්හිටුවා ඇත.
මෙලෙස සේවය අත්හිටුවා ඇත්තේ, නිකවැරටිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනී, උප පොලිස් පරීක්ෂිකා ඉමාලි ලක්ෂි හේමචන්ද්‍ර සහ කොටවෙහෙර පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනී උප පොලිස් පරීක්ෂිකා සඳරේඛා අත්තනායක වන මහත්මීන්ය
https://www.lankadeepa.lk/latest_news/%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7-%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%9A-%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD-%E0%B6%B6%E0%B7%8F%E0%B6%BB-%E0%B6%B1%E0%B7%9C%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B7%80%E0%B7%90%E0%B6%A9-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92/1-563574
සිසුවියන් 4ක් අපයෝජනය කළ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට
මැයි දින රැලි කොළඹ සහ මහනුවර නගරය පුරා පැවැත්වීමට නියමිතය.
හෙට 137 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය සනිටුහන් කරන අතර, ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් සංවිධානය කරන මැයි දින රැලි කොළඹ සහ මහනුවර නගරය පුරා පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැලිය හෙට සවස බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වෙන බව එහි ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලිය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
සමගි ජන බලවේගයේ මැයි දින රැලිය කොළඹ ඒ.ඊ.ගුණසිංහ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර නිදහස් පොදුජන පෙරමුණේ රැළිය මහනුවරදී පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැලිය කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදීත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැලිය මහනුවරදීත් පැවැත්වේ.
කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් සමඟින් හෙට කොළඹ සහ මහනුවර ප්‍රදේශවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්රකාශ කළේය.
137 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් විවිධ දේශපාලන පක්ෂ විසින් සංවිධානය කරනු ලබන මැයි දින රැලි සමඟින් ශ්‍රී ලංකාවාසී ජනතාවට සිදුවීම් සහිත දිනයක් අපේක්ෂා කළ හැකිය.
https://english.newsfirst.lk/2023/4/30/may-day-rallies-planned-ahead-of-127th-international-labour-day
මත් වී ශ්‍රී පාද වන්දනාවට ආ අයට වැඩ වරදී
මෙය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු, 2020/1/21 දින පාර්ලිමේන්තු සභාව ඉදිරියේ කල ප්‍රකාශයකි...

ලංකාවේ වැඩිම මනුෂ්‍ය ගාතනය ඉඩම් ආරවුල් නිසා
https://www.ada.lk/breaking_news/%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A-%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8-%E0%B6%B8%E0%B6%B1%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA--%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1-%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A-%E0%B6%86%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F/11-356668
දෙවිනුවර පොදු වැසිකිලිය වෙත ගිය 15 හැවිරිදි පාසල් සිසුවියක් බලහත්කාරයෙන් අපයෝජනය කර
දෙවිනුවර පොදු වැසිකිලිය වෙත ගිය 15 හැවිරිදි පාසල් සිසුවියක් බලහත්කාරයෙන් අපයෝජනයට ලක්කළ බව කියන සාම විනිසුරුවරයෙකු අද (16) සැකපිට අත්අඩංගුවට ගත් බව ගන්දර පොලිසිය පවසයි.
මාතර නගරයේ පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම සිසුවිය පාසල වෙත එන අතරතුරදී මෙම සිද්ධියට මුහුණ දී තිබේ. පොදු වැසිකිලිය අසල රැකසිට ඇති සැකකරු එක්වරම ඇගේ කට වසා ගෙන අපයෝජනයට ලක් කර තිබෙන අතර ඒ සමඟම ඇය ඔහුගේ ග්‍රහණයෙන් මිදී පලා ගොස් ඇති බව පොලිසිය කියයි.
ඒ පිළිබඳව පොලිසිය වෙත පැමිණිලි කිරීමෙන් පසු 55 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. ව්‍යාපාරිකයෙකු වන ඔහු සාම විනිසුරුවරයෙකු ලෙසද කටයුතු කරන බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
https://www.lankadeepa.lk/pagenotfound
සිසුවියන් දෙදෙනෙකු සමග නවාතැන් ගෙන සිටි ගුරුවරයා අත්අඩංගුවට
පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙකු සමග නල්ලතන්නිය නගරයේ නවාතැන්පලක නවාතැන් ගෙන සිටි බාහිර පන්ති ගුරුවරයෙකු ඊයේ (03) රාත්‍රී සැකපිට අත්අඩංගුවට ගත්බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසීය.
වත්තේගම පන්නිල ප්‍රදේශයේ පදිංචි සැකකාර බාහිර පන්ති ගුරුවරයා වයස අවුරුදු 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙකුද සමග ඊයේ (03) රාත්‍රී ශ්‍රීපාද වන්දනාවේ පැමිණ නල්ලතන්නියේ සිට ශ්‍රී පාද වන්දනාවේ මඳදුරක් ගොස් තමන්ට යාමට නොහැකි බව පවසමින් එම පාසල් ශිෂ්‍යාවන් දෙදෙනා සමග නල්ලතන්නිය නගරයට ආපසු පැමිණ නල්ලත්නිය පොලිසිය ඉදිරිපිට පිහිටි නවාතැන්පොලකට ගොස් පියා සහ දියණියන් දෙදෙනා වශයෙන් එම නවාතැන්පලේ කලමණාකරුට පවසා කාමරයක් කුලී පදනම මත ලබාගෙන තිදෙනාම එම නවාතැන් පොලේ කාමරයේ රැඳී සිටියදි පොලිසිය වෙත ලද තොරතුරක් මත සැකකාර බාහිර පන්ති ගුරුවරයා අත්අඩංගුවට ගත් බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.
අවුරුදු 45 පමණ වයසැති සැකකාර බාහිර පන්ති ගුරුවරයා විවාහක අයෙකු බවත්, පාසල් ශිෂ්‍යාවන් දෙදෙනාද තවත් ශීෂ්‍යාවන් පිරිසක් සමග ශ්‍රී පාද වන්දනාවේ යන බව පවසා නිවසින් ඊයේ (03) උදෑසන පිටවී ඇත.
සැකකාර බාහිර පන්ති ගුරුවරයා ආගමික කටයුතු වල නියැලෙන අයෙකු බවත්, මිට ප්‍රථමද මෙම ශිෂ්‍යාවන් දෙදෙනා රැගෙන මෙම බාහිර පන්ති ගුරුවරයා සිගිරිය නැරඹීමට ගොස් ඇති බව නල්ලතන්නිය පොලිසිය විසින් කරන ලද මූලික පරික්ෂණ වලදී අනාවරණය වි ඇත.
නල්ලතන්නිය පොලිසිය භාරයේ සිටින ශිෂ්‍යාවන් දෙදෙනා මෙවර අපොස සාපෙල විභාගයට පෙනීසිටි ශිෂ්‍යාවන් දෙදෙනෙකු බවත්, එම සිසුවියන් දෙදෙනා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් ගැනීමෙන් පසු එම සිසුවියන් දෙදෙනා දෙමව්පියන් වෙත බාරදී සැකකාර බාහිර පන්ති ගුරුවරයා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නල්ලතන්නිය පොලිසිය පැවසීය.
බාහිර පන්ති ගුරුවරයා වත්තේගම පන්නිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, ඔහු කාලයක් තිස්සේ ඉංග්‍රීසි උගන්වන බාහිර පන්ති ගුරුවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටින අයෙකු බව පොලිසිය පැවසීය.
සිසුවියන් 7 කට අතවර කළ බව කියන නි:විදුහල්පති අත්අඩංගුවට
වඳුරඹ ප්‍රදේශයේ විදුහලක 11ශ්‍රේණියේ සිසුවියන් හත් දෙනෙකුට ලිංගික අතවර කළ බව කියන නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු අද(29)සවස වඳුරඹ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි දෙදරු පියෙකු වන නියෝජ්‍ය විදුහල්පතිවරයෙකි.
මාස කිහිපයක් තිස්සේ මෙම සිසුවියන්ට අතවර කරන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුන පැමිණිල්ලක් අනුව පොලිස් නිලධාරින් විදුහලට ගොස් සිසුවියන්ගේ සහ පන්ති භාර ගුරුවරියගේ ප්‍රකාශ සටහන් කරගැනිමෙන් පසු සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා අත් අඩංගුවට ගෙන ඇත. සැකකරු හෙට අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
මත්පැන් බෝතල් විසිකෝටි දොළොස් ලක්ෂයක් ඉකුත් වසරේ බීලා
මෙරට මත්පැන් පාවිච්චි කරනු ලබන පිරිස වැඩි වශයෙන් පාවිච්චි කර ඇත්තේ මිලි ලීටර් 180 ක (කාලෙ) බෝතල් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සම්මන්ත්‍රණයක දී අනාවරණය වී ඇත.
ගිය වසරේ මෙරට ජනතාව පාවිච්චි කර තිබෙන මුළු මත්පැන් බෝතල් ප්‍රමාණය විසිකෝටි දොළොස් ලක්ෂ විසිඑක්දහස් එකසිය අසූ එකකි. (20,12,21,181) එයින් දසකෝටි පනස්පන් ලක්ෂ තිස්හත්දහස් එකසිය හැට නවයක (10,55,37,169) ප්‍රමාණය කාලෙ බෝතල් බව සඳහන් වේ.
ගිය වසරේ මත්පැන් බෝතල් හාරකෝටි තිස්එක්ලක්ෂ පහළොස් දහස් නවසිය විස්සක භාගයේ බෝතල් (4,31,15,920) ක ප්‍රමාණයක් ද සම්පූර්ණ මි.ලී. 750 බෝතල් පන්කෝටි විසිපන් ලක්ෂ හැටඅටදහස් අනූදෙකක (5,25,68,092) ක ප්‍රමාණයක් ද පාවිච්චි කර ඇති බව වාර්තා වේ.
මත්පැන් පාවිච්චි කරනු ලබන අයගෙන් සියයට 52 ක ප්‍රමාණයක් කාලේ බෝතල් පාවිච්චි කර ඇත.
වර්ෂ 2017 සමග සැසඳීමේදී 2018 වර්ෂයේ මත්පැන් පාවිච්චිය යම් අඩුවීමක් පෙන්නුම් කරන බව ද එම සම්මන්ත්‍රණයේ දී අනාවරණය වී ඇත.
ගෝලීය වශයෙන් සැසඳීමේ දී මෙරට සියයට 85 ක ප්‍රමාණයක් සැර ස්ප්‍රීතු පාවිච්චි කරනු ලබන අතර නේපාලයේ එම ප්‍රමාණය සියයට 46 ක් ද ඕස්ට්‍රේලියාවේ සියයට 12 ක් ද වී ඇත.
විහාරාධිපති හාමුදුරුවන් අතින් බරපතළ ලිංගික අපයෝජනයට ලක් වූ මහව දරුවාගේ කතාව

https://janayugaya.lk/archives/10291?fbclid=IwAR3npBNefCH0Ta4P5mShAdWdn90h3l7cpDlpKf2lVfIqgnn133vbgzdfi18
මහව ගලයාය රජමහා විහාරධිපතිගේ අපචාර කෙරුවාව මෙන්න
සුප්‍රකට මැණික් ව්‍යාපාරිකයා ලිංගික අපයෝජනය කල දැරිය සොයාගන්නට නැතිලු..! ළමාරක්ෂක අධිකාරිය නිහඩයි..! මැණික් ව්‍යාපාරිකයා තවමත් නිදැල්ලේ..!
පසුගියදා අන්තර්ජාලය ඔස්සේ සංසරණය වූ ළමා අපචාර වීඩියෝව පිළිබඳව පැමිණිළි ලැබී තිබියදීත්, ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම ගැන තොරතුරු ඉල්ලා සිටීම සඳහා අද (24) දින ‘අලුත් පියාපත්‘ සංවිධානය විසින් ජාතික ළමාරක්ෂක අධිකාරිය වෙත තොරතුරු අයදුම්පතක් ගොනු කරන ලදී.
ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයා හමුවීමට අවස්ථාව ඉල්ලා සිටි නමුත්, අද දින ඒ සඳහා අවස්ථාවක් ලැබුණේ නැත.
කෙසේ වුවද, අපරාධකරු නීතිය හමුවට ගෙන එන තෙක් මෙම අරගලය දිගින් දිගටම ගෙන යන බව ප්‍රකාශ කළ අලුත් පියාපත් සංවිධානය, මුදල් බලයට යට නොවී ඒ සඳහා විශේෂයෙන් මැදිහත් වන ලෙස ජනාධිපතිවරයාගෙන් ද ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයාගෙන් ද ඉල්ලා සිටී.
එමෙන්ම, වගකිව යුතු පුරවැසියන් ලෙස එම දැරියට යුක්තිය ඉටු කර දීමට මැදිහත් වන ලෙස ඔවුහු ප්‍රධාන මාධ්‍යවලින් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් ද ඉල්ලා සිටිති.
මේ වන විට ඉවත් කර ඇති බව සැලකෙන එම අන්තර්ජාල වීඩියෝව මාස එකහමාරකට අධික කාලයක් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වූ අතර, එයට එරෙහිව හඬ නැගූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුගේම ගිණුම් අත්හිටුවා ඇති බව ද දැකගත හැකි විය.
මෙම වීඩියෝවේ අදාළ දැරියගේ මුහුණ පැහැදිලිව දිස්වූ අතර, අපයෝජකයා ලංකාවේ සුප්‍රකට මැණික් ව්‍යාපාරිකයෙකු බවට බොහෝ දෙනා අදහස් පළ කරති. පොදුජන පෙරමුණට සම්බන්දව පසුගිය කාලයේ මෙම ව්‍යාපාරිකයා කටයුතු කල අතර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් විශාල මැදිහත්වීමක් සිදු කරන ලදි. පොහොට්ටුවේ සමාජජාල ක්‍රියාකාරීන් සදහා සංවිධානය කල සාදයටද සියලු වියදම් දරණ ලද්දේ මෙම මැණික් ව්‍යාපාරිකයායි.
කෙසේ නමුත් මෙම අපරාධය සඳහා සැක කරන තැනැත්තා මෙන්ම එම දැරිය ද සොයා ගත නොහැකි යයි ළමාරක්ෂක අධිකාරියේ නිලධාරියකු මාධ්‍ය වෙත පවසා තිබේ.
හය හැවිරිදි දැරියකට ලිංගික අපයෝජන කිරීම ගැන 'පරීක්ෂණ යටපත් වෙලා' - එක්සත් ජාතීන්ට පෙත්සමක්
සය හැවිරිදි බව විශ්වාස කෙරෙන කුඩා දැරියකට ලිංගික අපයෝජනයක් කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වීමත් සමඟ පසුගිය දා ඒ පිළිබඳව මහත් ආන්දෝලනයක් හටගත්තේය.
විශේෂයෙන් ම එයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පමුණුවන මෙන් සමාජ ජාල ඔස්සේ ප්‍රබල හඬක් මතුවිය.
එහෙත් ඒ සම්බන්ධයෙන් හඬ නගන ක්‍රියාධරයන් සහ නීතිවේදීන් පවසන්නේ එම දැරිය අපයෝජනයට ලක් කළ පුද්ගලයා හෝ කණ්ඩායම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීමේ මන්දගාමී ස්වභාවයක් හෝ කිසිසේත්ම නීතිය ක්‍රියාත්මක නොවීමේ ස්වභාවයක් දක්නට ලැබෙන බවය.
විශේෂයෙන්ම 'බලපෑම්වලට යට වී පරීක්ෂණ යට ගසන' බවට ඔවුහු පොලිසියට සහ ළමා ආරක්ෂක අධිකාරියට චෝදනා කරති. ඒ අතර අපයෝජනයට එරෙහිව හඬ නැගූ පුද්ගලයන්ගේ ෆේස්බුක් ගිණුම් අත්හිටුවා ඇති බව තවත් චෝදනාවකි.
පොලිසියට සහ ළමා ආරක්ෂක අධිකාරියට කළ පැමිණිලි සම්බන්ධයෙන් නිසි පියවර නොගෙන ඇති බැවින් එයට මැදිහත් වන මෙන් ඉල්ලා සිටිමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් යුනිසෙෆ් හෙවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල වෙත ද ලිපියක් භාර දී තිබේ.
ළමා ආරක්ෂක අධිකාරිය පවසන්නේ අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන බවය.
චෝදනාව
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව යුනිසෙෆ් සංවිධානය වෙත භාර දුන් ලිපිය ඡායාරූප ශීර්ෂ වැකිය, සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව යුනිසෙෆ් සංවිධානය වෙත භාර දුන් ලිපිය
බාල වියේ දැරියක අපයෝජනයට ලක්වීම සම්බන්ධයෙන් තමන් මීට සති කිහිපයකට ඉහතදී පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශයට සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ද පැමිණිලි කළ බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ, නීතිඥ සේනක පෙරේරා බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
ඔහු සඳහන් කළේ, සිය පැමිණිල්ල භාරගෙන ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන බවට ඒ දෙපාර්ශවයම සඳහන් කළ නමුත් 'සතුටුදායක මට්ටමින්' පරීක්ෂණ පැවැත්වෙන හැඩක් දකින්නට නොමැති බවය.
"මේ වෙනකොට ඒ අදාළ දුරකතන අංක සහ වීඩියෝ පටය ඔස්සේ ගිහිල්ල කටයුතු කරන බවක් අපි නම් දකින්නේ නැහැ. විශේෂයෙන්ම ඒ සඳහා අධිකරණයෙන් නියෝග අරගෙන විමර්ශන ආරම්භ කරන බවක් අපිට පේන්නේ නැහැ."
දැරිය අපයෝජනය කිරීම සම්බන්ධයෙන් තමන් කිසිවෙකුට චෝදනා නොකරන නමුත් කිසියම් පුද්ගලයෙක් සම්බන්ධයෙන් තමන්ට 'යම් යම් තොරතුරු' ලැබී තිබෙන බව පවසන නීතිවේදී සේනක පෙරේරා, එසේ චෝදනා ලබන පුද්ගලයා සිය සංවිධානය සමඟ අදහස් හුවමාරු කරගැනීමට උත්සහයක් දරමින් සිටින බවත් සඳහන් කළේය.
"අපිට ලැබිල තියෙන තොරතුරු අනුව මේක යම්කිසි බලපෑමක් මත වහගෙන ඉන්න තත්ත්වයක් තමයි පේන්න තියෙන්නේ."
දරුවාගේ ආරක්ෂාව
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය සමග සමීපව ක්‍රියා කරන නීතිවේදිනී අචලා සෙනෙවිරත්න බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් කියා සිටියේ, අදාළ අපයෝජනය සිදු වී මාසයකටත් වැඩි කාලයක් ගත වී ඇති බැවින් මූලික විමර්ශන සඳහා මෙතරම් ප්‍රමාද වීම කිසිසේත් ම පිළිගත නොහැකි බවය.
පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ දැන්වීමක් ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES ඡායාරූප ශීර්ෂ වැකිය, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ දැනුවත් කිරීමක්
"වීඩියෝ එකේ තියන විදියට මේ දරුවා අවුරුදු හයක පොඩි දරුවෙක්. මුලින්ම ඒ දරුවා මේ වෙලාවේ ඉන්නේ මොන තත්ත්වයකද කියන එක හොයන්න ඕන. ඒක ලොකු කාලයක් ගන්න පුලුවන් දෙයක් නෙවෙයි," ඇය පැහැදිලි කළාය.
"එකක් කාලය ගත වීමත් එක්ක සිදුවෙච්ච දේ ගැන ඒ දරුවා කියන්න පුළුවන් තත්ත්වයක ඉන්න්නව ද, නැද්ද කියන එක. අනිත් එක අධිකරණය තමා දරුවාගේ ඉස්සෙල්ලම භාරකාරය වෙන්නේ."
එබැවින් සිය දියණියට සිදු වූ අපචාරය සම්බන්ධයෙන් දෙමව්පියන් නීතියේ පිහිට නොපතන්නේ නම් අධිකරණය, නොඑසේනම් නීතිය, දරුවාගේ වගකීම භාරගෙන නීතිය ක්‍රියාවට නැගිය යුතු බව නීතිවේදිනී අචලා සෙනෙවිරත්න අවධාරණය කරන්නීය.
විශේෂයෙන් ම ළමා අපචාරයක් සම්බන්ධයෙන් පියවර ගැනීම පිණිස ළමා ආරක්ෂක අධිකාරිය පැමිණිල්ලක් ලැබෙන තුරු බලා සිටිය යුතු නැති බව පෙන්වා දෙන ඇය වැඩිදුරටත් කියා සිටියේ, එබැවින් දැරියට නිසි රැකවරණ සැපයීම, මානසික සෞඛ්‍ය පහසුකම් ලබාදීම සහ නීතිය ක්‍රියාවට නැගීම පිණිස අපචාරය සිදු වී මාසයකටත් වැඩි කලක් ගතවන තුරු බලා සිටීම ගැන කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බවය.
"මුලින්ම දරුවාගේ පැත්තෙන් පියවර ගන්න ඕන. මේ දරුව ඉන්නේ මොන ශාරීරික, මානසික තත්ත්වයකද වගේ ඒ ළමය වෙනුවෙන් කරන්න ඕන දේ ඉස්සෙල්ල මැදිහත් වෙලා කරන්න ඕන."
ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රතිචාරය
තමන්ට එල්ල වන චෝදනා ගැන ප්‍රතිචාර දක්වමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ පවසන්නේ එසේ චෝදනා මතුවීම ගැන තමන් 'ආඩම්බර වන' බවය.
"මොකද, එයින් අදහස් වන්නේ ළමයින් පිළිබඳව තියන කැපවීම මහජනතාවගේ සහ සංවිධානවල," ඔහු පැවසීය.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඡායාරූප මූලාශ්‍රය,CHILDPROTECTION.GOV.LK අදාළ චෝදනාව සම්බන්ධයෙන් සිය ආයතනයේ පොලිස් නිලධාරීන් යොදවා "ඉතා ම විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති" බව පවසන මහාචාර්ය මුදිත විදානපතිරණ, අදාළ වීඩියෝ පට රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකරන බව ද කියා සිටියේය.
"ඊට අමතරව ඒ සම්බන්ධ බවට සැක කෙරෙන කිහිප දෙනාට අපි නියෝග ලබාගෙන තිබෙනවා පැමිණ සාක්ෂි දෙන්නයි කියල."
අදාළ අපචාරයන්ට සම්බන්ධ කිසිවෙකුට නීතියෙන් පලා යාමට ඉඩ නොතබන බවට ද සභාපතිවරයා ප්‍රතිඥා දුන්නේය.
සේව් ද චිල්ඩ්රන්
ට්විටර් පණිවුඩයක් නිකුත්කරන සේව් ද චිල්ඩ්රන් ශ්‍රී ලංකා ආයතනය, අපයෝජනවලින් සහ ප්‍රචණ්ඩත්වයෙන් සෑම දරුවෙකුම ආරක්ෂා කිරීමේ වැදගත්කම අවධාරණය කර තිබුණි.
දරුවන් ආරක්ෂා කිරීම සඳහා පවතින ක්‍රමවේද සහ ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම පිණිස ආණ්ඩුවට සහය දෙන අතරවාරයේ, ළමා අපයෝජන පිළිබඳ නිරන්තර විමසිල්ලෙන් සිටින මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද එහි දැක්වේ.
ළමා අපයෝජනයක් පිළිබඳ වාර්තා වූ සැනින් 1929 ශ්‍රී ලංකා ළමා දුරකතන සේවය අමතා ඒ පිළිබඳ දැනුම්දෙන ලෙස සේව් ද චිල්ඩ්රන් ශ්‍රී ලංකා ආයතනය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය උපදෙස් දෙති.
Skip Twitter post, 1 Twitter අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද? මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
ළමා අපචාර 'ඉහළ ගිහින්'
2020 වසරේ පළමු දින 15 ඇතුළත පමණක් ළමා ලිංගික අපයෝජන 54 ක් වාර්තා වී ඇති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය දා පාර්ලිමේන්තුව හමුවේ හෙළිදරවු කළේය.
ඒ අතරින් ළමා අපයෝජන 34 ක් සම්බන්ධ විමර්ශන අවසන් වී තිබෙන බව ද ඇමතිවරයා කියා සිටියේය.
2012 සිට 2020 දක්වා කලාය තුළ ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වලින් ළමා අපයෝජන සිදුවීම් 5891 ක් වාර්තා වී තිබේ.
දිගින් දිගටම වාර්තාවන ළමා අපචාර පිළිබඳව කරුණු දක්වමින් මහාචාර්ය මුදිත විදානපතිරණ කියා සිටියේ පසුගිය සමයේ ළමා අපයෝජන වාර්තාවීම ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණ බවය.
"මා හිතන්නේ ජාතික ළමාරක්ෂක අධිකාරිය ගැන විශ්වාසය වැඩිවීමක් වෙලා තියෙනවා. ඒ නිසාම පැමිණිලි කිරීම් වැඩිවීමකුයි අපි දකින්නේ."
කෙසේ වුවත් එසේ වාර්තා වන්නේ සමස්ත අපචාර අතරින් ඉතා සුළු ප්‍රතිශතයක් පමණක් බව ද ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා පෙන්වා දුන්නේය.
ළමා අපයෝජකයන් 'දිරිමත් කිරීමක්'
මෙවැනි අපචාරවලට ලක්වීම මගින් දරුවන්ගේ ළමා විය පමණක් නොව සමස්ත අනාගතය ද විනාශවන බව පෙන්වාදෙන ළමා ආරක්ෂක ක්‍රියාධරයන් අවධාරණය කරන්නේ අපයෝජකයන්ට එරෙහිව නීතිය ක්‍රියාවට නොනැගීම අපයෝජකයන් දිරිමත් කරන්නක් ද වන බවය.
ළමා අපචාරවලට වැට බැඳීම සහ අපයෝජනයට ලක් වන දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම පිණිස ළමා අපචාර විභාග කිරීමේ අධිකරණ ක්‍රියාදාමයේ පැහැදිලි වෙනසක් විය යුතු බව ඇතැම් නීති විශාරදයන්ගේ ස්ථාවරය වී තිබේ.
විශේෂයෙන්ම අපයෝජනයට ලක් වූ දරුවන් අධිකරණය ඉදිරියට කැඳවා ඔවුන් "නැවත නැවතත් අතවරයට ලක් කරනු" වෙනුවට ඔවුන්ට නිර්නාමිකව සාක්ෂි දීමේ අවස්ථාව සලසා දීම මෙන්ම විශේෂ ළමා අධිකරණ පිහිටුවීම කෙරෙහිද බලධාරීන්ගේ ප්‍රමුඛත්වය හිමි විය යුතු බව එවක නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වූ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මීට වසර කිහිපයකට ඉහතදී බීබීසී සිංහල සේවය සමඟ පැවසීය.
ඒ වෙනුවෙන් අලුත් නීතියක් කෙටුම්පත් කෙරෙමින් පවතින බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා 2013 ජුලි මාසයේ සඳහන් කළ නමුත් ළමා අපචාර විභාග කිරීම පිණිස ශ්‍රී ලංකාව තුළ මෙතෙක් එවැනි විශේෂ ළමා අධිකරණ පිහිටුවා නැත.
https://www.bbc.com/sinhala/sri-lanka-51477649
ගලගොඩඅත්තේ හිමිට - බොදු බල සේනාවට නෝර්වේ ආධාර දුන්නා
රී ලංකාව තුළ බෞද්ධ අන්තවාදය ක්‍රියාත්මක කරවීම උදෙසා නෝර්වේ රාජ්‍යය, ගලගොඩඅත්තේ ඥනසාර හිමි ප්‍රමුඛ බොදු බල සේනා සංවිධානයට මුදල් ලබාදී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද (28) පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේය.
බෞද්ධ අන්තවාදයට අදාළ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා බොදුබල සේනාවේ භික්ෂූන් කණ්ඩායමක් නෝර්වේ රාජ්‍යයට ගෙන්වාගෙන මාර්ගෝපදේශනයක් ලබා දීමට එම රාජ්‍යයේ පිරිසක් කටයුතු කර ඇති බවද විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කළේය.
තමා පසුගිය යහපාලන ආණ්ඩුවේ අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍ය ධූරය දැරූ සමයේ කළ සොයා බැලීමකදී මෙම කරුණු අනාවරණය කර ගැනීමට හැකි වූ බවද ඒ මහතා පැවසීය.
කුලියාපිටියේදී සහ කුරගල දී බොදුබල සේනාවේ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ ගලගොඩඅත්තේ ඥානසාර හිමි මුස්ලිම් ජනතාව සමග ගැටුම් ඇතිකරගෙන ජාතිවාදී කෝලාහලයක් දක්වා එය වර්ධනය කිරීමට උත්සාහ කළ ද අධිකරණ අමාත්‍යවරයා ලෙස තමාගේ මැදිහත්වීම මත ආරක්ෂක අංශ යොදවා එම තත්ත්වය මැඩ පැවැත්වීමට හැකිවූ බවද විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේය.
පැය හතරකට ආසන්න කාලයක් විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේය.
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කර තිබෙන විශේෂ කාර්යාලයේ දී අද රැස්විය.
සීසීටීවී කැමරා ගැලවූ හිමිනම ඇතුළු සිසුහු සිව්දෙනා රිමාන්ඩ්
කැලණිය සරසවියේ සීසීටීවී කැමරා පද්ධතිය ගලවා ඉවත් කළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිමිනමක ඇතුළු සරසවි සිසුන් සිව්දෙනකු ලබන 3 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මහර මහේස්ත්‍රාත් රුවන් පතිරණ මහතා අද(28) නියම කළේය.
මෙසේ රිමාන්ඩ් ගතකිරීමට නියෝග ලැබූවේ, මහනගේ දිල්ෂාන් හර්ෂණ විජේසිරි, විජ්ජාපතිලාගේ ධනුෂ්ක කැළුම් ප්‍රබෝධන මුදන්නායක, මඩවල ලේඛම්ලාගේ ජනිත් ජනජය විශ්ව කීර්තිධර හා කොබෙයිතුඩුවේ සමිත හිමි නැමති අය ය.
විශ්වවිද්‍යාල භූමිය තුළ සීසීටීවි කැමරා සවිකිරීම සම්බන්ධයෙන් සිසුන් පැවැත්වූ උද්ඝෝෂණයක් අතරතුරදී කැමරා පද්ධතියට රුපියල් 2,654,836 කට අධික අලාභයක් කරමින් ගලවා දැමීමට මුල් වූ බව කියන සිසුන් 16දෙනෙකු කිරිබත්ගොඩ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි. ඔවුන් අතරින් 12 දෙනෙකු ඊයේ(27)පොලිස් ඇප මත මුදා හැරතිබිණි.
පොදු දේපල පනත යටතේ සැකකරුවන් මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණ.
තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඇති බවත් වැඩිදුර විමර්ශන කරමින් පවතින බවත් කිරිබත්ගොඩ පොලිසිය අධිකරණය වෙත පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා කිරිබත්ගොඩ පොලිසිය වෙත නියෝග කළේය.
නුවන් බෝගගේ,අස්තික දේවේන්ද්‍ර හා අරුණ මදුසංඛ ඇතුළු නීතිඥවරු කිහිපදෙනෙක් විත්තිය වෙනුවෙන් පෙනී සිටියේය.
කිරිබත්ගොඩ පොලිසියේ පොලිස් සැරයන් 27909 අරුණ කුමාර නිලධාරියා හා පොලිස් කොස්තාපල් 90071 රත්නායක යන නිලධාරීහු පැමිණිල්ල මෙහෙය වුහ.
මීගමුව, පෙරියමුල්ලේ හෝටලයක ගැටුමකින් සේවකයකු මරුට.. තවත් සේවකයින් දෙදෙනෙකුට බරපතලයි
මීගමුව, පෙරියමුල්ලේ අන්සාර් හෝටලයට ආහාර ගැනීමට පැමිණි පිරිසක් සහ එහි සේවකයින් අතර ඇතිවූ ගැටුමක් දුරදිග යාමෙන් එහි එක් සේවකයකු මරුමුවට පත්ව තවත් සේවකයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වේ.
ඊයේ (09) රාත්‍රී 09.30ට පමණ ආහාර ගැනීමට අන්සාර් හෝටලයට පැමිණි 6 දෙනෙකුගෙන් යුත් පිරිසක් එතැන මත්පැන් පානය කිරීමට උත්සාහ දරා ඇති අතර හෝටලයේ හිමිකරු සහ සේවකයින් ඊට විරෝධය පළ කර ඇත. ඒ අවස්ථාවේදී අදාළ පිරිස සහ හෝටල් සේවකයින් අතර බහින් බස්වීම දුරදිග යාමෙන් පසු එම පිරිස විසින් හෝටල් හිමිකරුට සහ සේවකයින්ට තියුණු ආයුධවලින් පහරදී ඇති බව සඳහන්.
ප්‍රහාරය එල්ල කර, මනුෂ්‍ය ඝාතනයක් කළ පිරිස පළාගොස් ඇති අතර මීගමුව පොලිසිය විසින් පරීක්ෂණ පවත්වන බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ හෝටලයේ ආප්ප හදමින් සිටි “අසීස්” නමැති පුද්ගලයකු බවත් වාර්තා විය.
මැතිවරණයක් ද ආසන්න වී ඇති මොහොතක කිසියම් පිරිසක් විසින් සංවිධානාත්මකව මෙය කළේද යන්න පිළිබඳ ප්‍රදේශවාසී ජනතාව ප්‍රශ්න කරති.
ධර්මදීපයට අත්ව ඇති ඉරණම...

අද අප ඉන්නා තැන...

වැල්ලම්පිටියේ කුණුගොඩකට දමා ගිය අම්මටයි තාත්තටයි කොරෝනා
කිසියම් අයකු විසින් වැල්ලම්පිටිය හන්දියේ කඩපිලකට ගෙනැවිත් දමා සිටි වයෝවෘද්ධ යුවලට කොවිඩ් ආසාදනය වී ඇති බව සිදුකළ පී.සී.ආර් පරීක්‍ෂණවලදී තහවුරු විණි යැයි වැල්ලම්පිටිය මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සරත් මල්ලවආරච්චි මහතා පවසයි.
ඉතා අසරණ තත්වයේ සිටි මෙම වයෝවෘද්ධ යුවල සමාජ සේවා දෙපාර්තමේන්තුවට භාරදීම සඳහා ඔවුන්ගේ පී.සී.ආර් පරීක්‍ෂණයක් කළ යුතු බවට වැල්ලම්පිටිය පොලීසියෙන් කළ දැනුම්දීමක් මත ඔවුන් දෙදෙනාට පී.සී.ආර් පරීක්‍ෂණයක් සිදුකළ බවත්, එහි ප්‍රතිඵල අනුව ඔවුන් කොවිඩ් ආසාදිතයින් බව තහවුරු වූ බවත් ඔහු සඳහන් කරයි.
මෙම යුවල රාත්‍රී කාලයේදී මෙහි ගෙනැවිත් දමා ඇති බවත්, ඔවුන් කතා කරගැනීමට ද නොහැකි තරම් දුර්වල බවත් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා කියයි.
මෙම දෙදෙනාට අවට ජනතාව විසින් ආහාර පාන පවා ලබා දී ඇති බවත්, ඔවුන් සම්බන්ධයෙන් ද සොයා බලා නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇති බවත් සරත් මල්ලවආරච්චි මහතා කීවේය.
කාන්තා බූරු පිටියක් වටලා හයක් අල්ලයි
පානදුර ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය කාන්තා බූරු පිටියක් වටලා කාන්තාවන් 06 දෙනකු සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය කියයි.
මොරවින්න මාදුපිටිය ගොළු කොටුව වත්ත සහ දිබ්බැද්ද ප්‍රදේශවල පදිංචි අවුරුදු 30 සග 48 අතර වයසේ පසුවන බව ද පොලිසිය පවසයි .
පොලිස් කණ්ඩායම නිවස වටලන විට සැකකාරියන් පැනයාමට උත්සාහ දරා ඇති අතර , කාන්තා පොලිස් කොස්තාපල්වරියන් ලවා සැකකාරියන් හයදෙනා සහ සුදු ක්‍රීඩා වේ නියැලී සිටි පුද්ගලයකු පොලිස් නිලධාරීන් අත්තඩංගුවට ගෙන ඇත.
ඔවුන් සන්තකයේ තිබූ ජංගම දුරකථන හයක් සහ බූරු ගැසීම සඳහා භාවිතා කළ බූරු කුට්ටමක් සම මුදල් පොලිස් භාරයට ගෙන තිබේ.
මුදල් ඔට්ටුවට කැට ගැසූ මව දියණිය ඇතුළු පහක් අල්ලයි
බේරුවල,වලතර,අකුරැස්ස ප්‍රදේශයේ නිවසක නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මුදල් ඔට්ටුවට කැට ගැසූ බව කියන කාන්තාවන් තිදෙනකු ඇතුළු පස් දෙනකු කැට සූදුවට යොදාගත් රුපියල් 26000 ක මුදලකුත් සමඟ බේරුවල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් අත්අංගුවට ගත් බව කියයි.
එම නිවසේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු කරන සිසුවකුගේ කාමරය මෙම සූදුවට යොදාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් කාන්තාවන් අතර එම නිවසේ 55 වියැති මව , දියණිය ,(35) ඥාති දියණියක් (37)ද සමග පිටස්තර (34)සහ (32) වයස් වල පිරිමින් දෙදෙනකු ද සැකකරුවන් අතර වන බව පොලිසිය කියයි.
https://www.lankadeepa.lk/provincial_news/%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A-%E0%B6%94%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%A7-%E0%B6%9A%E0%B7%90%E0%B6%A7-%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%96-%E0%B6%B8%E0%B7%80-%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA-%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94-%E0%B6%B4%E0%B7%84%E0%B6%9A%E0%B7%8A-%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92/59-590933
සතුන් මැරීමේ ආදීනව පෙන්නා දුන් හිමිනමට පහරදී මරලා
ඇළේ සිටින මාලුන් ඇල්ලීම පාප ක්‍රියාවක් බවට අවවාදයක් කළැයි උරණ වී 85 හැවිරිදි හිමි නමකට පොලු වලින් පහර දී ඝාතනය කර ඇතැයි වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි.
මෙම පහර දීම ඉකුත් 29 වැනි දින සිදු කර ඇති අතර දින 16 ක් මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වැලිගම ගොවියාපාන කපුවත්ත ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී තිත්තගල්ලේ දේවානන්ද හිමියෝ එසේ අපවත් වූහ.
පහරදුන් බව කියන තරුණයන් 05 දෙනකු සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
දේවානන්ද හිමියන් පුරුද්දක් ලෙස විහාරස්ථානය පිටුපස ඇලේ මාළුන්ට බත් දැමීම කාලයක සිට සිදු කර ඇත.
පසුගිය 29 වැනි දා එම ස්ථානයේ රැදී සිටි තරුණයෙකු මාලු ඇල්ලීමට පටන් ගෙන තිබෙන අතර උන්වහන්සේ එය දැක එහි ආදීනව පෙන්වා දී තිබේ.
ඒ පිළිබඳව උරණ වු සැකකාර තරුණයා තවත් පස් දෙනකු සමග පැමිණ හිමිනමට පහර දී තිබෙන බව පොලීසිය කියයි.
https://www.lankadeepa.lk/latest_news/%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A-%E0%B6%86%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%80-%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F-%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B6%A7-%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93-%E0%B6%B8%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F/1-590741
අම්මයි දරුවන් දෙන්නයි එළියට ඇද දමා නිවස බිමට සමතලා කරලා
හම්බන්තොට,මයුරපුර ප්‍රදේශයේ නිවසකට කඩා වැඳුණු මැර පිරිසක් එහි පදිංචිව සිටි මවට පහර දී දරු දෙදෙනා සමග ඇය එලියට ඇද දමා නිවෙස කඩා බිඳ විනාශ කර ඇතැයි හම්බන්තොට වරාය පොලිසිය කියයි.
පනස් දෙනකුට අධික මැරයන් පිරිසක් නිවෙසට කඩා වැදී පහරදී දරුවන් දෙදෙනා සමග තමා එළියට ඇද දමා නිවෙස කඩා බිඳ දැමූ බව පොලිසිය කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.
කුඩා නිවසක් සදාගත් එම ඉඩම වෙනත් පාර්ශවයකට අයත් බව පවසමින් එම ඉඩමෙන් ඉවත්වෙන ලෙස අවස්ථා කීපයකදී බලපෑම් කර ඇති බවද ඒ සම්බන්දව අම්බලන්තොට පොලිසිය විමර්ශන සිදු කොට ඉඩම් ගැටලුව නිරාකරණය කිරීම සදහා මයුරපුර මහවැලි අධිකාරී කාර්යාලයටද යොමු කර ඇත.
සංචරණ සීමා ලිහිල් කෙරුණු පසු ඉඩම් ගැටලුව නිරාකරණය කර දෙන බවට මහවැලි කාර්යාලය දෙපාර්ශවයටම දැනුම් දී තිබියදී තර්ජනය කර,පහරදී නිවස කඩා දැමීමේ සිද්දිය සම්බන්ධයෙන් හම්බන්තොට වරාය පොලිස් ඒකකය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැත.
https://www.lankadeepa.lk/latest_news/%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%BA%E0%B7%92-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B7%92-%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7-%E0%B6%87%E0%B6%AF-%E0%B6%AF%E0%B6%B8%E0%B7%8F-%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83-%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%A7-%E0%B7%83%E0%B6%B8%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F/1-592186
රසායනික පොහොර නිසා වසරකට 230,000ක් මරු කටට
රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතය නිසා මෙරටේ පිළිකා සහ වකුගඩු රෝගීන් වසරකට දෙලක්ෂ තිස් නව දහසක් බිහිවන බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියන්නීය.
එම පිරිසට පිළිකා රෝගීන් 75,000ක්ද වකුගඩු රෝගීන් 1,64,000ක්ද ඇතුළත්වන බව ඇමතිවරිය සඳහන් කළාය.
වකුගඩු රෝගීන් වසරකදී 6000ක්ද පිළිකා රෝගීන් දිනකට පනස් හතර දෙනෙකුද මියයන බව පැවැසූ වන්නිආරච්චි මහත්මිය පිළිකා රෝගීන්ගේ තිස් දහසක පමණ වැඩිවීමක් වසරකදී පෙන්නුම් කරන බවද කීවාය .
රසායනික පොහොර සහ විස කෘෂි රසායන ද්‍රව්‍ය මෙම පිළිකා සහ වකුගඩු රෝගවලට ප්‍රධාන හේතුවක් බවට වෛද්‍ය විශේෂඥයන් සනාථ කර ඇතැයිද මෙය බරපතළ තත්වයක් යැයිද ඇය පැවසුවාය .
සෞඛ්‍ය ඇමැතිවරිය මෙසේ පැවසුවේ රටේ වත්මන් තත්වය පිළිබඳව සභාව කල්තබන අවස්ථාවේ විවාදයේ දී ය.
සිව් හැවිරිදි දරුවාට බියර් පෙවූ අයකු මාට්ටු
වයස අවුරුදු 4 ක කුඩා දරුවකුට බීර පෙවූ බව කියන 25 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලිසිය කියයි.
මෙම දරුවාට පානය කිරීම සඳහා බියර් දෙන අන්දම දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යජාල ඔස්සේ ප්‍රචාරය වූ අතර ඒ අනව පරීක්ෂණ පැවැත්වූ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගත්තේය.
මෙම සිද්ධිය පෑලියගොඩ නුගේ පාර ප්‍රදේශයේ දී සිදුව ඇති අතර සැකකරු ද එම ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. .
සැකකරු අද (11) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
https://www.lankadeepa.lk/news/%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A-%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%A7-%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A-%E0%B6%B4%E0%B7%99%E0%B7%80%E0%B7%96-%E0%B6%85%E0%B6%BA%E0%B6%9A%E0%B7%94-%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94/101-592279
අවශ්‍යතාව දැන දැනම නිරෝධායන නීති කඩන අමනයෝ

කැස්බෑව හල්පිට ප්‍රදේශයේ මංගල උත්සව ශාලාවක් සහිත හෝටලයක නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උපන්දින සාදයක් පැවැත්වූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම හෝටලයේ හිමිකරු ඇතුළු දස දෙනකු කැස්බෑව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන කැස්බෑව මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතාට ඉදිරිපත් කිරීමෙන් පසුව චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගැනීම නිසා අයකුට රුපියල් හාරදහසක් බැගින් පොදුවේ රුපියල් 40,000ක දඩ මුදලක් නියම කරනු ලැබීමේ පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.
පණ්ඩිතයන් සිය දෙනකු සමග කතා කිරීම පහසු වුවත් එක් මෝඩයකු සමග සාකච්ඡා කිරීම පහසු නොවන බව ඒකාන්ත සත්‍යයකි. මරණ තුනක් ඇති මිනිසකු පැණි කෑ බවට පුවතක් ද වහරෙහි වෙයි.
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සංචරණ සීමා අතික්‍රමණය කරමින් බාල් නටන රස්තියාදුකාර පුරවැසියන් පැවැත එන්නේ ඒ පරම්පරාවෙනි. කැස්බෑවේදී පමණක් නොව රටේ නන් දෙසින් දිනපතා නීතියේ රැහැනට හසුවන්නේ ඒ පරම්පරාවේ ලාබාල ඥාති පුත්‍රයෝ වෙති.
මේ මොහොත යනු මේ රටේ පුරවැසියාට තමන් සම්බන්ධයෙන් නිවැරැදිවූත් සාර්ථකවූත් අංගසම්පූර්ණවූත් පරීක්ෂණයක් කරගත හැකි මොහොතකි. කොරෝනා මේ රට අාක්‍රමණය කර වසර එක හමාරක් කල් ඉක්ම ගොසිනි. මෙම කාලය තුළ මෙම මාරක වසංගතය තුරන් කිරීම සඳහා පුරවැසියකු වශයෙන් තමන් අවංකවම කැප වූයේ ද නැද්ද යන්න විනිශ්චය කරගැනීමට ඒ සම්බන්ධයෙන් අවංක පිළිතුරක් තම හෘදය සාක්ෂියෙන් ලබාගැනීමට මෙම පැය කදිමට යොදාගත හැකිය.
සංචරණ සීමා පමුණුවනු ලබන්නේ කවර අරමුණක් මුදුන් පමුණුවා ගැනීමට ද යන්න යළි යළිත් මෙහි සටහන් කළ යුතු නොවේ. එම අරමුණු මොනවා ද යන්න සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවබෝධයක් ජනයා සතුව තිබිය යුතුය. එබඳු අවබෝධයක් නොමැති පුරවැසියකු වේ නම් ඔහුට මේ සමාජයේ තවදුරටත් පැවැතීමට අයිතියක් නැත. මන්දයත් එබන්දකු යනු දැන හෝ නොදැන සමූහ මිනී වළක් කණිනු ලබන්නකු වන හෙයිනි.
අයිතිවාසිකම් සම්බන්ධයෙන් මරාගෙන මැරෙන්නට පෙරට එන මෙරට ඇතැම් ජනයා යුතුකම් සම්බන්ධයෙන් විමතිය දනවන තරමින් මුනිවත රකිති. මෙය වූ කලී චිරාත් කාලයක් පුරා දක්නට ලැබෙන කසඩ ගතියකි. කොරෝනා මාරාන්තික වයිරසය ඉදිරිපටදී ද ඇතැමුන්ගෙන් ප්‍රදර්ශනය වන්නේ එම කසඩ ගති ලක්ෂණයන්මය. ගමක් හුදෙකලා කළ පසු අවශ්‍ය කෑම බීම හා වෙනත් අත්‍යවශ්‍ය දෑ නිසි පරිදි නොලැබුණේ යැයි උද්ඝෝෂණය කරන පිරිස් තම ගම ඒ මහා ව්‍යසනයට ගොදුරු වීම වැළැක්වීම සඳහා අබ මල් රේණුවක තරමින් හෝ මැදිහත් වූයේ ද? ඇතැම් විට එම ගම එම රුදුරු ව්‍යසනයට ගොදුරු වීමේ ප්‍රධාන පංගුකාරයන් බවට ඇතැම් උද්ඝෝෂකයන් පත්වීමට ද ඉඩ තිබේ.
එළැඹ ඇත්තේ අයිතිවාසිකම් මෙන්ම යුතුකම් සම්බන්ධයෙන් ද වගකීම් සම්බන්ධයෙන් ද ප්‍රමාණවත් ලෙස වගවිය යුතු මොහොතකි. මෙලෙස රට වසාගෙන අප තව කොතෙක් කලක් ජීවත් වන්න ද යන ප්‍රශ්නය මගහැර යා යුතු නැත. පවුලක සාම්ප්‍රදායික ජීවන රටාව මුළුමනින්ම බිඳවැටී තිබේ. දරුවන්ගේ අධ්‍යාපනයට අත් වී ඇති ඉරණම පරම්පරා ගණනාවකට ඉදිරියේදී බලපෑමට යටත්ය. රටේ ආර්ථිකයට සිදුව ඇති හානිය ගණනය කළ හොහැකිය. මෙම පරිසරය තුළ කුණු බක්කි අවුස්සා කෑමට යමක් සොයන මිනිසුන් සුලභ වනු ඇත.
තැන තැන උපන්දින සාද දමන පිරිස් අමතක කර තිබෙන්නේ මෙම බිහිසුණු ඉරණමය. සාද දමන්නන් අධිකරණය ඉදිරියට පමුණුවා නිරෝධායනයට යොමු කිරීමට පෙර ඔවුන්ට යම් පමණක හෝ මොළයක් තිබේදැයි පරීක්ෂා කළ යුතුය. සැබැවින්ම මෙතැන තිබෙන්නේ මොළය සම්බන්ධ ප්‍රශ්නයක් නොවේ. පුරවැසි වගකීම් සහ යුතුකම් සම්බන්ධ ප්‍රශ්නයකි.
සොබා දහම ද නොතකමින් ආත්මාර්ථකාමීත්වයෙ පතුළේ ගිලෙමින් පැමිණි ගමනේ තර්කානුකූල අන්තය කොරෝනා මාරාන්තික වසංගතය වේ. එය අවබෝධ කරගැනීමට මේ මොහොතේදී යමකු අසමත් වන්නේ නම් එය අවබෝධ කරගැනීමට ඔවුන්ට තවත් අවස්ථාවක් නොලැබෙනු ඇත. තක්කඩි ලෙස හැසිරෙන සියල්ලන් වටහාගත යුත්තේ එයයි.
බුද්ධිමත් විමසුමට අන්තර්ජාලෙයන්...


මෙවැනි ක්‍රියාවන් තුලින් අප ලෝකයාට කියාපාන්නේ කුමක්ද? (අන්තර්ජාලෙයන්)

උප පොලිස් පරික්ෂක ඇතුළු තිදෙනා රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර
රුපියල් කෝටි 51ක් පමණ වීදි වටිනාකමක් ඇති හෙරොයින් කිලෝ ග්‍රෑම් 52 ග්‍රෑම් 728ක් තම මෝටර් රථයෙන් ප්‍රවාහනය කරමින් සිටියදි අත් අඩංගුවට ගත් දකුණු කලුතර පොලිසියේ උප පොලිස් පරික්ෂකවරයා ඇතුලු සැකකරුවන් තිදෙනා වැඩි දුර පරික්ෂණ පැවැත්විම සඳහා 24 දින දක්වා රැඳවුම් බාරයේ තබා ගැනිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(19) සවස පොලිසියට අවසර ලබා දුන්නේය.
මහේස්ත්‍රාත්වරයා මෙසේ අවසර ලබා දුන්නේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය විසින් කරන ලද කරුණු දැක්විම සළකා බැලිමෙන් පසුවය.
මෙසේ රැඳවුම් බාරයට පත් කරනු ලැබුවේ දකුණු කලුතර පොලිසියේ අධිකරණ අංශය බාරව කටයුතු කරන ලද වාද්දුව පොතුපිටිය උතුර පදිංචි 52 හැවිරිදි උප පොලිස් පරික්ෂක ටි .සනත් කුමාර ද සිල්වා,කොළඹ 15 අලුත් මාවත පදංචි රාමයියා සම්මුගනාදන්,සහ ජාඇල ඒකල පාර පදිංචි යෝගරාජා අරුල්නාත් යන සැකකරුවෝ තිදෙනා වෙති.
https://www.lankadeepa.lk/latest_news/%E0%B6%8B%E0%B6%B4-%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A-%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94-%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F-%E0%B6%BB%E0%B6%B3%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB/1-592939
අවුරුදු 16 ක දරුවෙකු අලෙවි කිරීමට ගෙන ගිය 26 හැවරිදි කාන්තාවක් අත්අඩංගොඩුවට

මවගේ තුරුලේ කිරි බොමින් සිටි බිළිඳා කපා කොටා මරලා
ත්‍රිකුණාමලය චීන වරාය පොලිස් බල ප්‍රදේශයේ නිවෙසක 15 හැවිරිදි මවගේ තුරුලේ කිරි බොමින් සිටි සය මස් බිළිඳකුට තියුණු ආයුධයකින් කොටා මරා දමා ඇතැයි පොලිසිය කියයි.
15 හැවිරිදි මවට අනතුරක් සිදු ව නොමැති අතර ඇගේ මවට සහ පියාට පහරදී තුවාල සිදු කර ඇතැයි පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් බිළිඳාගේ පියා අත්අඩංගුවට ගැනීමට සොයයි.
https://www.lankadeepa.lk/latest_news/%E0%B6%B8%E0%B7%80%E0%B6%9C%E0%B7%9A-%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%BD%E0%B7%9A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92-%E0%B6%B6%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92-%E0%B6%B6%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B7%8F--%E0%B6%9A%E0%B6%B4%E0%B7%8F-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8F-%E0%B6%B8%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F/1-592950
බාලවයස්කාර දැරිය ලිංගික කටයුතු සඳහා මිලට ගත් හා අනුබල දුන් 17ක් අත්අඩංගුවට

ගල්කිස්සේදී 15 හැවිරිදි දැරියක අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතුවලට මිලදී ගත් හා ඊට අනුබල දුන් පුද්ගලයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
15 දැරියට හදිකළ ප්‍රා.උප සභාපති ඇතුළු තුනක් සැකපිට
15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සදහා අලෙවි කිරීමේ සිද්ධියට අදාළව එම දැරිය ලිංගික කටයුතු සඳහා යොදා ගත් බව කියන මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු තිදෙනකු පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහාණ මහතා පවසයි.
මෙම සැකකරුවන් තිදෙනා අතර ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු සහ එම සිද්ධියට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් පානදුර ප්‍රදේශයේ පුද්ගලයකු ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
සැකකරුවන් තිදෙනා සමඟ ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 21 අත්අඩංගුවට ගෙන ඇති බව ද හෙතෙම කීය.
එම පිරිස අතර දැරියගේ මව සහ මවගේ අනියම් සැමියා ද සිටින බව පැවසේ .
https://www.lankadeepa.lk/news/101-593755)
සේසතම උදුරා ගත් දියණිය මහළු මව,පියා මහ පාරට තල්ලු කරයි
තම එකම දියණිය විසින් නිවසින් පන්නා දැමීම නිසා අසරණ වූ මා පිය යුවළක් සතියක් තිස්සේ මැදිරිගිරිය බස් නැවතුමේ රැඳී සිටිති.
අව්වට වැස්සට ආවරණයක් පවා නොමැතිව මැසි මදුරු පීඩාවන්ට ද ගොදුරු වෙමින් බස් නැවතුමේ ජීවත්වන මෙම යුවළ කෑම මෙන්ම ලබාගත යුතු බෙහෙත් ද නොමැතිව දැඩි ලෙස අසරණව සිටිති.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි තමන් දියණියගේ කීම විශ්වාස කර ජිවත් වූ නිවෙස විකුණා දමා දියණියගේ නිවෙසට පැමිණි බවත්, දියණිය හා ඇගේ සැමියා නිවස විකුණීමෙන් ලැබුණු මුදල ද ලබාගෙන ඔවුන්ගේ නිවසින් පන්නා දැමූ බවත් එම මව පැවසුවාය.
ජේ.ඒ. සීලවති නැමති ඇය 69හැවිරිදි වියෙහි පසුවන අතර ඇගේ සැමියා වකුගඩු රෝගයෙන් පෙළෙන නිසා කුලියක් හෝ කර ගත නොහැකි බව ද ඇය සඳහන් කළාය.
තමන්ට අත්වූ ඉරණම සම්බන්ධයෙන් ඇය මෙසේ පැවසුවාය.
අපේ දුව අම්මවයි තාත්තවයි අපි බලා ගන්නම් මුල් ඉඩම විකුණලා සල්ලි ටික දෙන්න කියලා 2019 අවුරුද්දේ පෙබරවාරි 4 වන දින කිව්වා. මට ඉන්න ඒකම දරුවා ඇය නිසා මම ඒ ඉඩම විකුණලා රුපියල් ලක්ෂ 6 දුන්නා.අපිත් දුවව විශ්වාස කරලා මැදිරිගිරියට ආවා. ඒ ආපු හැටියේම දුව අම්මයි තාත්තයි දැනට ගෙයක් කුලියට අරගෙන යන්න කිව්වා. ඉතිං අපි කුලියට ගෙවල් ගණනාවකම හිටියා. හිටි හැටියේම මගේ මහත්තයා වකුගඩු රෝගියෙක් වුනා. ඊට පස්සේ අපිට කුලී ගෙවා ගන්න මාරු වුණා.
කර කියා ගන්න දෙයක් නැති තැන අපි මැදිරිගිරිය පොලිසයට ගියා. පොලිසියෙන් අපිව දුවගේ ගෙදරට ගෙනිහින් දැම්මා. ඒ ගිහින් දාපු දවසට පහුවදාම මගේ දුවයි දුවගේ මහත්තයයි දෙන්නා අපිට 'බැහැපියව් දොට්ට' කියලා පන්නා දැමුවා. පිටිපස්සේ දොරෙන් අපේ බඩු එළියට වීසි කළා. අපි දෙන්නා පහුගිය 4 වෙනිදා අපේ රෙදි කඩමළුත් අරගෙන යන ඒන මං නැතිව ඒ ගෙදරින් එළියට බැස්සා. යන්න තැනක් තිබුනේ නැති නිසා අපි මැදිරිගිරියේ බස් නැවතුමේ නතර වුනා.
කුස ගින්න දැනුනත් කන්න දෙයක් ගන්නවත් අතේ සතේ තිබුනේ නෑ. මගේ කුසින් වදපු දුවට වඩා ගුණයහපත් මිනිස්සු මේ නගරේ හිටිය නිසා ඔවුන් අපිට කන්න බත් පැකට් ගෙනත් දුන්නා. මමයි මගේ මහත්තයයි දුව ලැබුනට පස්සේ ගොඩක් සතුටු වුනා. දුව මගේ සල්ලිත් අරගෙන සැපපහසුවට ගෙයක් හදාගෙන ඒයාගේ දරුවොත් ඒක්ක සතුටින් කාලය ගතකරනවා. පවු නෑ පුතේ මගේ කිරි ටික දීලා උස් මහත් කරපු මගේ දරුවට කවදාවත් වරදින්න ඒපා. අම්මෙක් විදිහට මම කවදාවත් අපිට කරපු දේට සාප කරන්නේ නෑ." ඇය කියන්නීය.
අපේ මහ ඉඩම තිබුනේ මීගමුවේ මිනුවන්ගොඩ ගුවන් හමුදා කදවුර ඉස්සරහයි. දුවට සල්ලි හදිස්සි කිව්ව නිසා ගොඩාක් අඩුවට තමයි ඒ ගේ විකුණන්න වුනේ. ගේ විකුණපු සල්ලි ටිකත් අරගෙන බඩුත් පටවාගෙන අපි මැදිරිගිරියේ දුව බලන්න ආවා. දුව අපිට කුලියට ඉන්න කිව්වත් අපි එදාවත් දුවට වචනයක්වත් කිව්වේ නෑ. මම අද රටේ ඉන්න සියළුම දෙමවුපියන්ට කියන්නේ වැදුව දරවටවත් ජීවිත බුක්තිය නොතියා ඉඩ කඩම් දේපල වස්තුව ලියලා දෙන්න එපා. එහෙම වුනොත් ඒදාට අම්මා තාත්තට යන ඒනමං නැතුව මහ මගට බහින්න වෙනවා." යැයි ද ඇය කීවාය.
https://www.lankadeepa.lk/news/%E0%B7%83%E0%B7%9A%E0%B7%83%E0%B6%AD%E0%B6%B8-%E0%B6%8B%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8F-%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA-%E0%B6%B8%E0%B7%84%E0%B7%85%E0%B7%94-%E0%B6%B8%E0%B7%80-%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F-%E0%B6%B8%E0%B7%84-%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%A7-%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%94-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92/101-593894
මාස 18කට ළමා අපයෝජන දොළොස් දහසක්
ළමා අපයෝජන සම්බන්ධයෙන්වු පැමිණිලි දොළොස් දහස් එකසිය හැට පහක්(12,165) පසුගිය වසර එක හමාරේදී ලැබී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පවසයි.
එම අධිකාරිය පවසන අන්දමට ළමා අපයෝජන සම්බන්ධයෙන් මේ වසරේ මුල් මාස පහේදී ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 4000 කි.
දරුවන් සම්බන්ධයෙන් දුරකථන ඇමතුම් හතළිස් අට දහසක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට මේ වසරේ මේ දක්වා ලැබී ඇතැයිද සභාපතිවරයා කීය .
මේ අතර දරුවන් සම්බන්ධ අපචාර ,අපයෝජන හා හිංසන වැනි කටයුතු පිළිබඳව නොපමාව තමා අධිකාරියට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටින සභාපතිවරයා ලැබෙන සෑම පැමිණිල්ලක් පිළිබඳවම විමර්ශන පවත්වන බව සඳහන් කළේය.
https://www.lankadeepa.lk/latest_news/%E0%B6%B8%E0%B7%8F%E0%B7%83-18%E0%B6%9A%E0%B6%A7-%E0%B7%85%E0%B6%B8%E0%B7%8F-%E0%B6%85%E0%B6%B4%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1-%E0%B6%AF%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B7%83%E0%B7%8A-%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A/1-594105
නිමා නොවන ළමා අපයෝජන...
අපි මීට පෙර මෙය විමසා බලා ඇත්තෙමු.එනම් නිමා නොවන ළමා හිංසන හා අපචාර
පී.සී.ආර් කරද්දී රිදුනැයි හිමිනමක් හෙදියකට පිඟානකින් ගහලා
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ ආණමඩුව මූලික රෝහලේ කෝවිඩ් ඒකකයේ රාජකාරි වල නිරතවි සිටි හෙදියක් බව කියයි.
උණ හා සෙම් රෝගයක් හේතුවෙන් ආණමඩුව මුලික රෝහලට ඇතුළත් කර සිටි ආණමඩුව කුමාරගම විහාරස්ථානයක හිමිනමකගේ පි.සි.ආර් පරික්ෂණයක් සිදුකිරිමට අදාල පි.සි.ආර් සාම්පල ලබා ගන්නා ස්ථානයට කැදවා එම ස්ථානයේදි අදාල පරික්ෂණය සිදුකරමින් සිටියදි එම හිමිනමගේ කේඨ ලබා ගැනිමේදී වේදනාවක් ඇතිවු බව පවසමින් අසල තිබු විදුරු පිගානින් හෙදියට පහර දි ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවර්ණය වි ඇති බව පොලිසිය පවසයි.
හිමිනම විසින් විදුරු පිගානින් හෙදියගේ හිසට පහර දිමත් සමග හෙදිය එකවර විලාප දෙමින් බිම ඇද වැටි ඇති බව කියයි.
පසුව රෝහල් කාර්ය මණ්ඩලය කඩිනමින් පැමිණ හෙදියට ප්‍රථිකාර ලබා දිම සදහා රෝහල් ප්‍රාථමික වෛද්‍ය ඒකකය වෙත යොමු කර ඇත.
ඒ සමගම සිද්දියට සම්බන්ධ සැකකාර හිමිනම රෝහල් කාර්ය මණ්ඩලය විසින් අල්ලා පොලිස් නිළධාරින්ට බාර දිමට කටයුතු කර ඇත.
පහරදීමට යොදා ගත්පි ගාන කුඩා කැබලිවලට කැඩි ගොස් ඇති ආකාරය දැක ගත හැකි විය.
ආණමඩුව රෝහලේ වෛද්‍ය අධිකාරි පද්මිනි අබේරත්න මහත්මිය පැවසුවේ විදුරු පිගානින් පහර කෑ හෙදියගේ හිසට දරුණු තුවාල සිදුව ඇති බවත් ඇය ආණමඩුව රෝහලින් ප්‍රථිකාර ලබා දි කඩිනමින් වැඩි දුර ප්‍රථිකාර සදහා කුරුණෑගල ශික්ෂණ රෝහලට යැවිමට කටයුතු කළ බවය.
https://www.lankadeepa.lk/news/%E0%B6%B4%E0%B7%93-%E0%B7%83%E0%B7%93-%E0%B6%86%E0%B6%BB%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%C2%A0%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92-%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A-%E0%B7%84%E0%B7%99%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7-%E0%B6%B4%E0%B7%92%E0%B6%9F%E0%B7%8F%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9C%E0%B7%84%E0%B6%BD%E0%B7%8F/101-595635
24ක තරුණියක් 14ක දරුවෙකු අතින් දූෂණය වෙයි! මෙරට හෙට දවස කොයිබටද?
වයස අවුරුදු 24ක තරුණියක් දූෂණයට ලක්ව ඇති අවාසනාවන්ත පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
වඩාත් කණගාටුදායක කරුණ වන්නේ මෙලෙස දූෂණයට ලක්ව ඇත්තේ විශේෂ අවශ්‍යතා සහිත ආබාධිත තරුණියක් වීම යි.
එමෙන්ම ඇයව දූෂණය කර ඇත්තේ වයස අවුරුදු 14ක පාසල් සිසුවෙකු විසින් වීම ද විශේෂත්වයක්.
මෙම අපරාධයට මුහුණ දී ඇති ප්‍රබෝධා සෙව්වන්දී නමැති තරුණිය උපතින්ම ආබාධිත තැනැත්තියක්වන අතර ඇය ජීවත්වන්නේ ඇගේ පියා සමග යි.
ඔහු වෘත්තියෙන් බස් කොන්දොස්තරවරයෙක්.
ප්‍රබෝදාගේ මව ඇය කුඩා කාලයේම ඇයත් ඇගේ පියාත් හැරගොස් ඇති අතර ප්‍රබෝදාගේ සියළු කටයුතු සිදුවන්නේ ඇගේ පියා අතින්.
ඇයව නිවසේ තනිව තබා ඇගේ පියා රැකියාව සඳහා පිටත්ව යන අතර ඔහු එලෙස රැකියාවට ගොස් යළි නිවසට ආ විට දැක ඇත්තේ අදාළ පාසල් සිසුවා සිය දියණිය සමග ලිංගිකව හැසිරෙමින් සිටින ආකාරය යි.
එම සිසුවා අසල්වැසි නිවසක පදිංචිකරුවෙකු බවට තරුණියගේ පියා හඳුනාගෙන තිබෙනවා.
තමන් මුහුණ දුන් සිදුවීම පිළිබඳව ඔහු මෙලෙස අදහස් පළ කළා.
“පල්ලෙහා ගෙදර අවුරුදු 14ක පිරිමි ළමයෙක් මගේ දරුවා දූෂණය කළා. මං වැඩට ගිහිල්ලා එනකොට මගෙ අතටම අහුවුණා. මම ඇස් දෙකටම දැක්කා. ඊට පස්සෙ මම එළවගෙන දිව්වා. අල්ලගත්තා. අල්ලගෙන කඹයකින් ගැටගහන්න හැදුවා. ගැට ගහන්න හදනකොට ගැටගහගන්න බැරි වුණා”
තම දියණියට මෙම අපරාධය සිදුකළ දරුවා අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියා කර ඇතත් ඔහු මේවන විට ඇප මත නිදහස් වී ඇති බවත්, එලෙස ඇප හිමිවීමට හේතුවක් තමන් නොදන්නා බවත් තරුණියගේ පියා පවසනවා.
“ඉස්පිරිතාලෙට යොමු කළා පොලීසියෙන්ම. ඊට පස්සේ වෛද්‍ය වාර්තා ගත්තා දරුවාගේ. ටිකට් කපාගෙන එනකොටත් අල්ලලා නෑ. අත්අඩංගුවට අරගෙන නෑ. ආවට පස්සේ අත්අඩංගුවට අරගෙන මට පොලීසියෙන් කතා කරලා කිව්වා ඇල්ලුවා කියලා. මම ගියා බලන්න. එයා අධිකරණයට අරගෙන ගිහිල්ලා. ඇපදීලා තියෙනවා. ඇප දීපු හේතුව දැනගන්න තමයි ඕනේ”
https://am.lk/local-news/item/62485-ambalangoda-crime
කොරෝනා අස්සේ වියපත් මව්පියන් රෝහල්වල දමා යති
කොරෝනා වසංගතය රටපුරා ව්‍යාප්ත වෙද්දී , වයෝවෘද්ධ පුද්ගලයින් කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙනවිත් , ඔවුන් මුළා කොට , අතහැර දමා යාමේ ප්‍රවණතාවක් දක්නට ඇතැයි , කළුබෝවිල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.
එලෙස රැගෙන ආ වයෝවෘද්ධ කාන්තාවන් හා පුද්ගලයන් හයදෙනෙකු ඉකුත් 12 සහ 13 දෙදින වාර්තා වූ බව වෛද්‍යවරයා වැඩිදුරටත් කීය.
මෙම කාන්තාවන් හා පුද්ගලයින් අතර විවිධ රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයන් සිටින බවත් ,ඇතැමුන්ට සිහිකල්පනාව හෝ නොමැති බවත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කියා සිටී.
කොරෝනා වසංගත තත්ත්වයක් රට පුරා ව්‍යාප්ත වී ඇති මෙම අවස්ථාවේදී වයෝවෘද්ධ වැඩිහිටියන් නිවස තුළම රඳවා ගනිමින් රැකබලාගත යුතු අවස්ථාවක , මෙසේ රැගෙන විත් අතහැර දමා යාම , බරපතළ වරදක් බවත් , එය සදාචාරසම්පන්න නොවන ක්‍රියාවක් බවත් වෛද්‍ය බෙල්ලන මහතා පෙන්වා දෙයි.
අති සුඛෝපභෝගී වාහනවලින් වයෝවෘද්ධ පුද්ගලයන් මෙසේ රෝහලට රැගෙනවිත් බාහිර ප්‍රතිකාර ඒකකයේ රඳවා , වෛද්‍යවරයා හමුවීමට යැයි පවසා මුලාකොට , මෙසේ , අතහැර දමා යාමට පුරුදුව ඇතැයි පැවසේ .
ඉන් සමහර පුද්ගලයිගේ පවතින රෝගී තත්වයන් හේතුවෙන් ප්‍රතිකාර සඳහා වාට්ටු වලට යොමු කර ඇති අතර , සෙසු පුද්ගලයන් රෝහල් පරිශ්‍රයේ රැදී සිටින බව කියා සිටී.
මිනිස් නරුමයෝ වන සතුන්ට කොරෝනා බෝකරයිද
මළසිරුරුවලින් ඉවත් කරන විවිධ කොටස් සහ සත්ත්ව අපද්‍රව්‍ය විශාල වශයෙන් මින්නේරිය ජාතික වනෝද්‍යාන පරිශ්‍රයට මුදාහැරිම නිසා වනෝද්‍යානයේ සිටින සතුන්ගේ ජීවිතවලට දැඩි අවදානමක් පවතින බව වනෝද්‍යාන බාරකරුවෝ පවසති.
කොරෝනාවෙන් ආරක්ෂා වීම සඳහා පාවිච්චිකරන මුව ආවරණ විශාල වශයෙන් වනෝද්‍යානයේ දෙපාසට විසිකර දමා ඇති අතර වඳුරන් මෙන්ම රිලවුන්ද ඒවා අතපත ගෑම සිදු කරයි. අලි ඇතුන් පවා ඒව හෙඬෙන් ස්පර්ශ කළහොත් එම සතුනට ද වයිරසය ආසාදනය විය හැකි බව ප්‍රදේශවාසීහු පවසති.
කිලෝමීටර 14ක පමණ දුරක් හබරණ කැලෑව මැදින් හබරණ සිට පොලොන්නරුව දෙසට දිවෙන මෙම මාර්ගය දෙපසට නිරන්තරයෙන් සත්ත්ව අපද්‍රව්‍යසේම මළ සිරුරු එම්බාම් කිරීමේදී ඉවත් කරන විවිධ කොටස් මෙම රක්ෂිතයට මුදාහැර තිබියදී හමු වූ බව මින්නේරිය ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු භාතිය මඩුගල්ල මහතා කියයි.
මින්නේරිය බටුඔය ප්‍රදේශයට යාබදව මීට මසකට පමණ ඉහතදී ඉස්සන්ගේ ඉවත දමන ලද හිස කොටස් ලොරියක පමණ ප්‍රමාණයක් මාර්ගය ආසන්නයේ දමා ගොස් තිබී හමු වූ බව ජාතික වනෝද්‍යානයේ නිළධාරියෙක් කියා සිටියේය.
මාළු අපද්‍රව්‍ය සහ ගොවිපල අපද්‍රව්‍ය නිරන්තරයෙන් මෙම හබරණ කැලෑ ප්‍රදේශයට බැහැර කරන බව ඒ මහතා වැඩිදුරටත් කීය.
https://www.lankadeepa.lk/news/%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA%E0%B7%9D-%E0%B7%80%E0%B6%B1-%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F-%E0%B6%B6%E0%B7%9D%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%AF/101-596879
මාස අටක කිරිසප්පයා ගහක් යට තියලා අම්මා සූදු කෙළලා
කාන්තාවක් අටමස් බිලිදා යාබද නිවස ඉදිරිපිට මිදුලේ ගසක් යට තබා මුදල් ඔට්ටුවට බූරු ගසමින් සිටියදී තවත් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයකු සමඟ අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය කියයි
අත්අඩංගුවට සියලුම සැකකරුවන් අතර කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයකු වන බව පොලිසිය කියයි
පිරිස බූරු ගසමින් සිටි ස්ථානයේ තිබී රුපියල් 240 ක මුදලක් සහ බූරු කුට්ටමක් පොලිස් භාරයට ගෙන ඇත
මිල්ලනිය, මානාන ,කටුගහ දෙනිය ප්‍රදේශයේ නිවසක් තුළ මුදල් ඔට්ටුවට පිරිසක් බූරු ගසමින් සිටින බවට මිල්ලනිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් ඒ ජි එන් විජේතුංග මහතාට ලද තොරතුරක් අනුව වැටලීම සිදු කර ඇත
පොලිස් නිලධාරීන් එම නිවස වටලන අවස්ථාවේ දී එහි සිටි කාන්තාවන් තිදෙනා ඇතුළු පිරිමි පුද්ගලයා නිවසින් පිටතට පලාගොස් හිස් ලූ ලූ අත වැට මායින් ද කඩාගෙන දිව යන්නට වූ අතර පසුපස හඹා ගිය පොලිස් නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරා එම පිරිස අත්අඩංගුවට ගත් බව වැටලීම සිදුකළ පොලිස් නිලධාරියෙක් පැවැසීය
සැකකාරියන් තිදෙනා සහ සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මුව ආවරණ පැළඳ නොසිටි බව පොලිසිය කියයි
සැකකාරියන් සහ සැකකරු පොලිසි වෙත ගෙන ඒම සඳහා ජීප් රථය අසලට රැගෙන යන අවස්ථා ද එක් සැකකාරියක්" අනේ සර් මගේ චූටි පුතා" යැයි පැවසීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් ඒ පිළිබඳ විමසිලිමත් වීමේ දී යාබද නිවසේ මිදුලේ ගසක් යට තබා සිටි බිලිදා දැකගත හැකිවූ බව පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරියන් ට එරෙහිව මුදල් ඔට්ටුවට බූරු ගැසීම හා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ආදී චෝදනා කිහිපයක් යටතේ නඩු පැවරීමට නියමිතය
පාණදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරී සේනාරත්න මහත්වරුන්ගේ උපදෙස් මත මිල්ලනිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් ඒ ජි එන් විජේතුංග පොලිස් පරීක්ෂක සංජීව පොලිස් කොස්තාපල්වරුන් වන 71332 ශාන්ත ,ජනිත් හා ප්‍රදීප් මහත්වරු වැටලීම සිදුකළහ
https://www.lankadeepa.lk/latest_news/%E0%B6%B8%E0%B7%8F%E0%B7%83-%E0%B6%85%E0%B6%A7%E0%B6%9A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B6%BA%E0%B7%8F-%E0%B6%9C%E0%B7%84%E0%B6%9A%E0%B7%8A-%E0%B6%BA%E0%B6%A7-%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8F-%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F-%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%94-%E0%B6%9A%E0%B7%99%E0%B7%85%E0%B6%BD%E0%B7%8F/1-598063
මහළු මව සතිපොළට ගෙනත් දමලා
නුවරඑලිය පොලිසියට යාබදව පිහිටි සතිපොලට අවුරුදු 75 පමණ වයසැති මහළු මවක් ගෙනත් දමා අතරමං කර ඇතැයි නුවරඑළිය පොලිසිය කියයි.
එම මවගේ භාරකරුවන් පිලිබදව කිසිවක් නොකියන එම මව නුවරඑලිය මාගස්තොට ප්‍රදේශයේ සිටි බවත්, තවත් විටක නුවරඑලිය ලබුකැලේ පදිංචිව සිටි බවට පොලිසිය වෙත පවසයි.
නුවරඑලිය සතිපොල භුමියේ භාරකරුවෙක් නොමැති මහළු මවක් සිටින බවට ප්‍රදේශවාසින් විසින් පොලිසිය වෙත ලබාදුන් තොරතුරක් මක නුවරඑලිය පොලිසිය විමර්ෂණයක් ආරම්භ කර ඇත.
සිය අනන්‍යතාවය තහවුරු නොකරන එම මව පිලිබදව නුවරඑලිය පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ ආරම්භ කර ඇත.
https://www.lankadeepa.lk/news/%E0%B6%B8%E0%B7%84%E0%B7%85%E0%B7%94-%E0%B6%B8%E0%B7%80-%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B6%A7-%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A-%E0%B6%AF%E0%B6%B8%E0%B6%BD%E0%B7%8F/101-598098
එවැනි තවත් වීඩියයා්වන්
බිරියගේ අතපය බැද මුහුණට ගිනි තැබූ සැමියා අල්ලයි
අයිස් ගැසීමට මුදල් ලබා නොදුන්නේ දරුවාගෙනැප්කිනයකින් බිරිඳගේ අත පය බැඳ ඇගේ මුහුණ ගිනි තැබූ බව කියන ඇගේ සැමියකු අද අත්අඩංගුවට ගත් බව මොරටුව එගොඩඋයන පොලිසිය පවසයි.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මුහුණ සහ අත් දෙක දැඩි ලෙස පිළිස්සුම් තුවාල ලැබූ බිරිය පානදුර මූලික රෝහට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇය කොළඹ ජාතික රෝහලට මාරුකර යැවීමට රෝහල් බලධාරින් කටයුතු කර ඇති බව පොලිසිය කියයි.
සැකකරු අයිස් භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වූ පුද්ගලයකු බව සඳහන් කරන පොලිසිය ඔහු නිතරම පවුලේ ආරවුල් ඇති කරගෙන ඇති බවද පවසයි
මෙම ගිනි තැබීම සිදු වූ අවස්ථාවේ මාස හතරක බිළිදා ද බිරිඳගේ උකුල මත සිට ඇති අතර දරුවා බේරා ගැනීම සඳහා ඇදෙන් පැන ඇති අතර ඒ හේතුවෙන් බිළිඳා බේරී ඇති බව පොලිසිය පවසයි.
2021/09/17 දින රටපුරා LOCKDOWN ක්‍රියාත්මකව තිබිය දී මිනිසුන් අත්‍යඅවශ්‍ය ආහාර පවා හොර රහසේ කඩවල්වල පස්ස දොරොන් ලබා ගනිද්දී කෝවිඩ් වසංගතය ඉදිරියේ පිලිපැදිය යුතු අවම නීතීන් පවා පිලිනොපැද ඉදිරිපස දොරටුවෙන් මත්පැන් අලෙවි වූ ආකාරය හා ලබාගත් ආකාරය...
(මෙහි සියළු රූපරාමු අන්තර්ජාලයෙන් ලබාගන්නා ලදී)









අනතුරින් පසු තුවාලකරු කැලේ දමා යයි
ආණමඩුව කොට්ටුකච්චිය ප්‍රදේශයෙදී වෑන් රථයක ගැටි අනතුරට ලක්වු පුද්ගලයකු රෝහලට රැගෙන යන මුවාවෙන් රැගෙන ගොස් කැලයක දමා ගොස් තිබියදි පැය හයකට පසු සොයාගත් බව ආණමඩුව පොලිසිය කියයි.
ඒ වන විට තුවාලකරු දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් සිටි බවත් පුත්තල රෝහලට ඇතුළත් කළ තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත.
අනතුර සිදු කළ බව කියන වෑන් රථයේ හිමිකරු සමග තවත් සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කොට්ටුකච්චිය වාරිමාර්ග හංදිය ආසන්නයේ පදිංචි 53 හැවිරිදි තුන් දරු පියකු වු සරත් බණ්ඩාර අතපත්තු නැමති යුද හමුදා විශ්‍රාමිකයකු බව පොලිසිය කියයි.
කුඹුරට ගොස් ආපසු නිවෙස බලා ගමන් කරමින් සිටියදී ආණමඩුව සිට පුත්තලම දෙසට ගමන් කරමින් තිබු වෑන් රථයක ගැටි ඇති බව කියයි.
අනතුරත් සමග ප්‍රදේශවාසින් එම ස්ථානයට එක්විමේන් පසු කලබලයට පත්වු වෑන් රථයේ පිරීස තුවාල කරු පුත්තලම මූලික රෝහලට කඩිනමින් භාර දෙන බව පවසා වෑන් රථයෙ දමා පැමින ඇති බව කියයි.
පවුලේ ඥාතින් පුත්තලම රෝහලට පැමිණ තම ඥාතියා පිළිබඳ සොයා බලන විට තුවාල කරු රෝහලට භාර නොදිම හේතුවෙන් පුත්තලම හා ආණමඩුව රෝහල් දැනුවත් කිරීමට කටයුතු කර තිබුනී.
පසුව අනතුර සිදුවු ස්ථානයේ සිටි කාන්තාවක් මෙම වෑන් රථයේ ඡායාරූපයක් තම ජංගම දුරකථනයට ලබා ගෙන තිබි ඇති අතර එය පරික්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් වෙත ලබා දීමෙන් පසු ක්‍රීයාත්මක වු ආණමඩුව හා පුත්තලම පොලිස්ථාන දෙක අදාල අනතුරට සම්බන්ධ වාහන පිළිබදව තොරතුරු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයෙන් විමසා අදලා වාහන හිමිකරු පවසා ඇත්තේ තමන් මෙම වාහනය කුලි පදනමට පුත්තලමේ අයකුට ලබා දුන් බවත් එම පුද්ගලයා අනතුරක් සිදුවු බවට දන්වා වාහනය පසු දින අලුත් වැඩියා කර දිමේ පොරෝන්දු මත පිටව ගිය බවයි.
කෙසේ නමුත් පොලිස් කණ්ඩායම් කඩිනමින් අදාල සැකකරුවන් අත් අඩංගුවට ගෙන තුවාලකරු දමා ගිය ස්ථාන සොයා ගොස් තිබේ .
පොලිස් නිළධාරින් අදාල ස්ථානයට යන විටත් තුවාල කරු දැඩි ලෙස අසාධ්‍යව මෙම සැකකරුවන් දමා ගිය ස්ථානයෙම අසරණව පැය හයකට ආසන්න කාලයක් සිටි බව පොලිස් නිළධාරින් පවසයි.
අනතුර සම්බන්ධව පුත්තලම මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක පී .කුමාරදාස හා ආණමඩුව පොලිස්ථානයේ ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රසන්න කුමාර යන මහත්වරුන්ගේ මෙහෙයවිමේන් ආණමඩුව පොලිස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජගත් කුමාර රථවාහ අංශ ස්ථානාධිපති සමන් කුමාර යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
දෙවියන්ගේ නාමයෙන් කතකට කැත වැඩක් කළ කපුවා මාට්ටු
මාදම්පේ සෙම්බුකට්ටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය දේවාලයක ශාන්ති කර්මයක් සිදු කිරීමට පැමිණි කාන්තාවකට ලිංගික අතවර කිරීමට උත්සහා කළ බව කියන කපුවකු ගත් බව මාදම්පේ පොලිසිය කියයි.
අත් අඩංගුවට ගත් කපුවා දුම්මලසුරිය යගන්වෙල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර වයස අවුරුදු 8 හා 10 සිමාවල දරුවන් දෙදෙනකු සිටින විවාහකයකු බව කියයි.
සෙම්බුකට්ටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් තම මව සමග ශාන්තිකර්මයක් කර ගැනිමට පැමිනි අවස්ථාවේදි මෙම අකරතැබ්බයට මුහුණ දි ඇති බව පොලිස් පරික්ෂණ වලදි සනාථ වි ඇත.
පොලිසිය අත් අඩංගුවට ගත් කපුවා තම මාදම්පේ සෙම්බුකට්ටිය ප්‍රදේශයේ හිතවතකුගේ නිවසක කලක සිට මෙම දේවාලය පවත්වාගෙන ගොස් ඇති බව කියයි.
ශාන්තිකර්මය සිදු කිරීමට කිසියම් දෙයක් අවශ්‍ය බව පවසා එම දේවාලය පිහිටි නිවසේ මුළුතැන්ගෙට ගොස් එය රැගෙන එන ලෙසට කාන්තාවගේ මවට කපුවා පවසා තිබේ.
ඒ අතර අතතුරු මෙම කාන්තාවට ලිංගික අතවර කිරීමට කපුවා උත්සාහ කළ බව සිද්ධියට මුහුණදුන් කාන්තාව පොලිසිය හමුවේ පවසා තිබේ .
මෙම අත්අඩංගුවට ගැනීම සිදුවීමෙන් පසුව අනාවරණය වි ඇත්තේ මෙම කපුවා ප්‍රදේශයේ කාන්තාවන් මෙන්ම කුඩා ළමුන් කීපදෙනකුට ලිංගික අතවර කිරීමට කටයුතු කිරීටම උත්සාහ කර ඇති බවටද වාර්තා වෙයි.
ව්‍යාපාරිකයා කොවිඩ් ආසාදිත බිරිය ‘මරා දැමීමට පෙර’ මල් ශාලාවකට මුදල් ගෙවලා
සිය බිරිය සතු දේපළ අත්පත් කර ගැනීම හා අනියම් ඇසුරක් පැවැත්වූ කාන්තාව විවාහ කර ගැනීමේ අරමුණ ඇතිව කොවිඩ් ආසාදිත සිය බිරියගේ හුස්ම හිරකර ඝාතනය කළ බව කියන බොරලැස්ගමුවේ ව්‍යාපාරිකයා මෙම මස 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ කොරෝනා රෝගී තත්ත්වයෙන් පෙළෙමින් නිවෙසේ ප්‍රතිකාර ලබමින් සිටි 45 හැවිරිදි දෙදරු මවකි.
ඉහත සඳහන් කාන්තාව කොරෝනා රෝගය වැළඳී සිය නිවෙසේ් ප්‍රතිකාර ලබමින් ඇඳ මත වැතිර සිටින අතරතුර ඉකුත් 15 වැනිදා රාත්‍රි 10ට පමණ සැකකාර ව්‍යාපාරිකයා එහි තිබූ කොට්ටයක් ගෙන ඇගේ මුඛය හා නාසය වැසීමට සලසා හුස්ම හිරකර එසේ ඝාතනය කර ඇති බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
සිය සහෝදරියගේ මියයෑම සැක සහිත බවට ඇගේ සහෝදරයකු විසින් බොරලැස්ගමුව පොලිසියට කළ පැමිණිල්ලකින් පසුව සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු ඇයව ඝාතනය කර ඇති බව කරුණු අනාවරණය වූ බවද පොලිසිය අධිකරණයට සඳහන් කළා.
සිය බිරිය ඝාතනය කිරීමට පෙර සැකකාර ව්‍යාපාරිකයා ඇගේ අවසන් කටයුතු කිරීම සඳහා එම ප්‍රදේශයේ මල් ශාලාවකට මුදල් පවා ගෙවා ඇති බවට කරුණු අනාවරණය කරගත් බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසිය දැක්වූ කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය සැකකාර ව්‍යාපාරිකයා ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.
පැය හතෙන් ‘ඖෂධ නියාමන අධිකාරියේ’ දත්ත ලක්ෂ 11ක් මැකූ හැටි
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ සංයුතිය අඩංගු දත්ත මීට පෙර අවස්ථා කිහිපයකදී ද ඖෂධ මාෆියාවේ පුද්ගලයන් විසින් එපික් ලංකා ටෙක්නොලොජීස් පෞද්ගලික සමාගමේ සහායක ඉන්ජිනේරුවරයා හරහා මැකීම හා සැඟවීම කර ඇති බවට අනාවරණය වන බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (06) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා හමුවේ කරුණු වාර්තා කරනු ලැබුවා.
මේ සම්බන්ධයෙන් අද (07) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් ද කරුණු සඳහන් කළා.
රට තුළට ගුණාත්මකභාවයෙන් උසස් ඖෂධ ගෙන ඒමට ඉඩ නොදීමට පැරණි ඖෂධ ජාවාරම්කරුවන් ගෙන යන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළට රාජ්‍ය සේවකයන්, කූට ව්‍යාපාරිකයන් මෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ද සම්බන්ධ බව රජයේ ජේයෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියට අයුතු ලෙස ඇතුළු වී එහි ලක්ෂ 11ක් පමණ දත්ත මකා දැමූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එපික් ලංකා ටෙක්නොලොජීස් පෞද්ගලික සමාගමේ සහායක ඉන්ජිනේරුවරයා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙලෙස කරුණු අනාවරණය වුණා.
නඩුව කැඳවනු ලැබූ මුල් අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ පෙනී සිටිමින් සැකකරු සම්බන්ධයෙන් ඇප ඉල්ලීමක් කර සිටියා.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ ඇප ඉල්ලීම සඳහා කරුණු දක්වමින්:
“ස්වාමිනී, මෙම සැකකරු සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 29 වැනි දින අධිකරණයට ඉදිරිපත් කර අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සැකකරු විසින් ජූලි 09 වැනි දින පාන්දර 3.47 සිට උදෑසන 10.29 වන තෙක් පැය 7 කාලය තුළ ඔහුගේ පෞද්ගලික දුරකථන මාර්ගයෙන් දත්ත ගබඩාවට පිවිස ඇති බවට අනාවරණය වුණා. ලක්ෂ 11 පමණ ඔෟෂධවල දත්ත ඇතුළත් අංශයම මොහු විසින් මකා දමා තියෙනවා. මේ සැකකරු විසින් ඒ සඳහා ලබා ගත් ප්‍රවේශය ඇතුළත් ඉතිහාසය මකා දමා තියෙනවා.”යි සඳහන් කර තිබෙනවා.
“සැකකරුගෙන් කරනු ලැබූ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසන්නේ මෙය අත්වැරදීමකින් සිදු වූවක් බවය. මෙම දත්ත ගබඩාවේ දත්ත හා ආකෘති කියා අංශ දෙකක් පවතිනවා. මේ දත්ත මැකීම එකවර කළ දෙයක් නොවේ ස්වාමිනී, අත්වැරදීමකින් වුණත් ලේඛන 50 හෝ 60 මැකෙන්න පුළුවන්. හැබැයි ලක්ෂ 11 එහෙම අත්වැරදීමකින් මැකෙන්න විධියක් නෑ. මොහු පොඩි බබෙක් නෙමේ. මොහු පරිගණක මෘදුකාංග ඉන්ජිනේරුවරයෙක්. සැකකරු විසින් මේ සියලු දත්තයන් එකට එක් කර ගොනුවක් සාදා අනතුරුව කිහිපවරක් පරිගණකයට නියෝගයන් ලබාදී දත්ත මකා දමා තියෙන්නේ.”
“මේ සැකකරු මෙම ආයතනයේ රැකියාවට ඒමට පෙර නාවික හමුදාවේ නිලධාරියෙක් වශයෙන් වසර 03ක් සේවය කර තියෙනවා. එවැනි වගකිවයුතු නිලධාරියෙක් අතින් මෙවැනි වැරදීමක් වෙන්න පුළුවන්කමක් නැහැ. මෙම සැකකරු මෙම ආයතනයෙන් ඉවත් වී වෙනත් ආයතනයකට යන්න පත්වීම අතේ තියන් තමයි මෙලෙස දත්ත විනාශ කර තියෙන්නේ.”
“මේ කාලය ඖෂධ සම්බන්ධයෙන් විශාල ඉල්ලුමක් පවතින කාලයක්. බෙහෙත් නිකන් ගෙනෙන්නේ නෑ. අවශ්‍යතාවක් මතු වුණොත් ටෙන්ඩරය ඉදිරිපත් කරනවා. ස්වාමිනී, අපි විමර්ශන කරන්නේ ජූලි මාසේ 09 වැනිදා ජාතික ඔෟෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ දත්ත මැකීම ගැන පමණක්ම නෙමේ. මේක මහා කුමන්ත්‍රණයක්. මීට පෙරත් මෙම දත්ත පද්ධතියේ දත්ත මැකීම්, සැඟවීම් වෙලා තියෙනවා.”
“ඖෂධමාෆියාවේ පුද්ගලයන් මේ පුද්ගලයා හරහායි සියලු සම්බන්ධීකරණය කර තියෙන්නේ. ඔෟෂධ නියාමන අධිකාරියට දත්ත නියාමනය කරන්න බැහැ. අලුත් ඉල්ලුම්පත් සැඟවීම කරන විට ඖෂධ නියාමන අධිකාරියට පෙන්වන්නේ පරණ ටෙන්ඩර් ඉල්ලුම්පත්.”
“මේක වෙන්නේ මෙහෙමයි ස්වාමිනී. ගුණාත්මක බවින් යුත් ඖෂධ මෙරටට ගෙන්වන්න නවක සමාගමක් ටෙන්ඩර් ඉල්ලුම්පතක් ඉදිරිපත් කරපුවාම ඒ ලේඛන ගැන තොරතුරු ඖෂධනියාමන අධිකාරියේ ඇතැම් නිලධාරීන්ගෙන් ජාවාරම්කරුවන්ට යනවා. එවිට ඖෂධ මාෆියාවේ ජාවාරම්කරුවන් මෙම සැකකරු හරහා අලුත් ටෙන්ඩර් ඉල්ලුම්පත් මකා දමනවා. එවිට ඖෂධ නියාමන අධිකාරියට පෙන්වන්නේ පරණ ජාවාරම්කරුවන්ගේ ටෙන්ඩර් අයැදුම්පත් විතරයි.
ඒ කියන්නේ පරණ ජාවාරම්කරුවන්ටම ටෙන්ඩරය යනවා. හොඳ ගුණාත්මක බවින් යුත් බෙහෙත් මේ රටට ගෙන්වන්න අලුත් සමාගම්වලට පැරණි ජාවාරම්කරුවන් ඉඩදෙන්නේ නැහැ ස්වාමිනී, මේ රෝගී ජීවිත සම්බන්ධයෙන් වූ කාරණාවක්. අපි දැනට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරලා තියෙන්නේ මෙම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා සහ සහකාර ඉන්ජිනේරුවරයා විතරයි. නමුත් මේකට රාජ්‍ය සේවකයෝ, කූට ව්‍යාපාරිකයෝ වගේම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අභ්‍යන්තර නිලධාරීන්ගේත් සහාය ලැබී තිබෙනවා.”
“මේ සැකකරු ඇයි මේ දත්ත විශාල ප්‍රමාණයක් මැකුවේ. ලක්ෂ 11ක් වැනි විශාල දත්ත ප්‍රමාණයක් එකවර මකන්න මේ සැකකරුට විශාල උත්තේජනයක් ලැබෙන්න ඕනේ. මෙම අධිකරණ ශාලාව පුරවන්න පුළුවන් තරම් ලේඛන ප්‍රමාණයක් පරිගණකය ප්‍රතික්ෂේප කරමින් තුන් වරක් මැකීමට විධාන ලබාදීම වැරදීමකින් වුණ දෙයක් නොවේ ස්වාමිනී. අපි ඒ ගැන සොයනවා.”
“මෙම සැකකරු එපික් ලංකා සමාගමෙන් ඉල්ලා අස්වී වැල්ලවත්ත ප්‍රදේශයේ ඩිජිටල් සොලියුෂන් නමැති පෞද්ගලික සමාගමකට එක්වීමට සූදානම්ව සිටියදීත් එපික් ලංකා සමාගම ජාතික ඖෂධ අධිකාරියේ දත්ත පද්ධතියේ පරිපාලන වගකීම මෙම සැකකරු වෙතම පවරා තිබීම බරපතළ සැකයකට තුඩු දී තිබෙනවා. ඒ වගේම මේ කුමන්ත්‍රණයට සම්බන්ධ ජාතික ඖෂධ අධිකාරියේ අභ්‍යන්තර නිලධාරීන් ගැනත් අපි විමර්ශනයක් ආරම්භ කරලා තියෙන්නේ.”
“තවම දින හතයි පසු වුණේ. මෙම දත්ත ලක්ෂ 11 මිල කළ නොහැකියි. මේ වන විට දත්තවල වටිනාකම ගැන විධිමත් ගණනය කිරීමක් සිදු වෙනවා. සැකකරුට ඇප ලබා දීමේදී මෙම අවස්ථාවේ සාක්ෂිවලට බාධා ඇති විය හැකියි ස්වාමිනී. එම නිසා සැකකරුට ඇප ලබාදීම සම්බන්ධයෙන් පැමිණිල්ල විරුද්ධ වෙනවා.”
කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදාහැරියහොත් සාක්ෂිවලට බලපෑම් ඇති විය හැකි බව සලකා සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර සැකකරු ලබන 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.වෙලා තියෙනවා.”
https://liveat8.lk/%e0%b6%b4%e0%b7%90%e0%b6%ba-%e0%b7%84%e0%b6%ad%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%96%e0%b7%82%e0%b6%b0-%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b8%e0%b6%b1-%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b6%9a/
පැය දෙකකට වරක් දරුවෙක් අපයෝජනයකට ලක් වෙන ලංකාවේ ලෝක ළමා දිනය සමරන්නේ කෙසේ ද ?
ලෝක ළමා දිනයේ ඉතිහාසය
ඔක්තොම්බර් පළමු වැනිදා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් තුනක් ලෝක ළමා දිනය සමරන දිනයයි, එල්සල්වදෝර් සහ ග්වාතමාලාව අනිත් රටවල් දෙකයි. ලොව පුරා රටවල් ලෝක ළමා දිනය සමරන දිනයන් කීපයක් ඒ ඒ රටට අනුගතව වෙන වෙනම තෝරාගෙන ඇත. 1925 වර්ෂයේ ස්විස්ටර්ලන්තයේ ජිනීවාහි නුවර පැවති ළමා සුභසාධනය පිළිබඳ ලෝක සමුළුවේදී දී ජාත්‍යන්තර ළමා දිනය ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලදී. 1950 දී බොහෝ වාමාංශික රටවල් හා ඉන් පසුව එම දේශපාලන ධාරාව අනුගමනය කළ රටවල් ජුනි 01 වෙනදා සිය දරුවන්ගේ දිනය ලෙස සමරනු ලබන අතර පසුව 1989 නොවැම්බර් 20 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ළමා අයිතිවාසිකම් සම්මුතියක් ප්‍රකාශ කිරීම සැමරීම සඳහා ලෝක ළමා දිනය නොවැම්බර් 20 වන දින සමරනු ලබයි.
මෙවර එය 30 වැනි සැමරුම ලෙස සටහන් වෙයි.ලොව පුරා රටවල් අතරින් ජුනි 01 වැනිදා ලෝක ළමා දිනය ලෙස සමරන රටවල් ගණන 51 කි. නොවැම්බර් 20 ලෝක ළමා දිනය ලෙස සමරන රටවල් ගණන 26කි. අසල්වැසි ඉන්දියාව නොවැම්බර් 14 ලෝක ළමා දිනය සමරයි. මීට අමතරව දෙසැම්බර් 25 තවත් රටවල් හතක් ලෝක ළමා දිනය සමරයි. ජනවාරි සිට දෙසැම්බර් දක්වා විවිධ දිනයන් යොදාගනිමින් ළමයින් වෙනුවෙන් විශේෂ ලෙස සිතන පතන දිනයක් ලොව සියලු රටවල් විසින් තමන්ට ගැලපෙන පරිදි ළමා දිනය ලෙස යොදාගෙන ඇත. කෙසේ වෙතත් 1989 නොවැම්බර් 20 වැනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානය ළමා අතිවාසිකම් පිලිබඳ විදිවිධාන ඇතුලත් සම්මුතියක් ප්‍රකාශයට පත් කළ අතර එයට අත්සන් කළ රටවල් ඊට අදාළ කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුය.
ඒ අනුව
- කුසගින්නෙන් පෙළෙන දරුවා පෝෂණය කළ යුතුය,
- අසනීප වූ දරුවාට පහසුකම් සැලසිය යුතුය,
- පසුගාමී දරුවාට උපකාර කළ යුතුය,
- වැරදිකරු වූ දරුවා නැවත ගොඩ ගත යුතුය,
- අනාථ වූ දරුවාට රැකවරණය ලබා දිය යුතුය.
- විපත්තියේදී සහන ලබා ගන්නා පළමු තැනැත්තා දරුවා විය යුතුය.
- දරුවාට ජීවනෝපායකින් උපයා ගත හැකි තත්වයකට පත්වන තුරු සරිලන අධ්‍යාපන මට්ටමක් ලබා දිය යුතුය,
- දරුවා සෑම ආකාරයකම සූරාකෑමෙන් ආරක්ෂා විය යුතුය.
යනාදී වශයෙන් මුලික කරුණු සහිතව තවත් අයිතවාසිකම් රැසක් ඇතුලත් මෙකි ලියවිල්ලට ලොව පුරා රටවල් 194ක් අත්සන් තබා ඇත.
මීට අමතරව දෙවන ලෝක යුධ සමයේ පීඩාවට පත් ළමුන්ගේ ආරක්ෂාව සහ සහන සැලසීම පිණිස 1946 දෙසැම්බර් 11 දින හිටුවන ලද ජාත්‍යන්තර ළමා හදිසි අරමුදල (ICEF) ලෙස නම් කළ, වර්තමානය වන විට එය එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ( UNISEF) ලෙස නම් කර ඇති අතර ලොව පුරා ළමුන්ගේ සහන කටයුතු වෙනුවෙන් අරමුදල් සම්පාදනය කරයි.
ළමා අතිවාසිකම් පිලිබඳ ශ්‍රී ලංකාවේ තත්වය
අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාව දියුණු හර පද්ධතියක් හා සදාචාරාත්මක සමාජයකින් යුක්ත වූවකි.එසේ වුවද ආක්‍රමණික විදේශීය බලවේග සහ වෙනත් සාධක නිසා ඇති වු සදාචාරාත්මක පිරිහීම තුළ අද වන විට ළමුන්ගේ යහපැවැත්ම දෙමාපියන්ටද සමාජයටද බරපතල ගැටළුවක් බවට පත් වී ඇත.මෙවන් වූ සමාජ තත්වයක් මත ළමා අපයෝජන,සියවස් ගණනාවක් පුරා රහසේ ව්‍යාප්ත වෙමින් පැවති උවදුරක් වුවද එය බරපතල සමාජ පිළිලයක් බව හදුනාගෙන ඊට එරෙහි වීමට තරම් අවධානයක් යොමු වූයේ මෑත දශක කිහිපයක සිටය.
80 දශකයේ මැද භාගය වන විට ශ්‍රී ලංකාව තුළ ළමා කායික දණ්ඩනය වරදක් බවත්,90 දශකයේ මුල් භාගයේ ළමා ලිංගික අපයෝජනය බරපතල වරදක් බවටත් හදුනා ගනිණි.එතැන් සිට ළමා අපයෝජන වලින් සිදුවන කෙටි කාලීන මෙන්ම දිගු කාලීන අයහපත් බලපෑම් පිළිබඳව කටයුතු කිරීම පිණිසත් ළමුන්ට සිදුකරන විවිධාකාර ප්‍රචණ්ඩ ක්‍රියා සහ කෲරත්වයන්ට එරෙහිව පියවර ගැනීම සදහාත් ශ්‍රී ලංකාවද එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය සමග අත්වැල් බැදගනු ලැබිණි.මෙතුලින් ඉහත කී පරිදි ආපදාවන් සමුදායකින් දරුවන් ආරක්ෂා කරලීම සදහා පවත්නා වු නීතිමය රාමුව විදහා දැක්වීම අරමුණයි.
ළමයා යනු කවරෙක් ද?
"අව්‍යාජත්වයේ හා සුන්දරත්වයේ විශ්වමය සංකේතය ඔහුය."
"මානව ශිෂ්ටාචාරයේ තීරණාත්මක සාධකය ඔහුය"
"විශ්වයේ ශේෂ්ඨතම නිර්මාණය ඔහුය."
මෙවන් සාහිත්‍යමය නිර්වචනයන්ට පාත්‍ර වු ළමයා නිර්වචනයකට හසුකළ නොහැකි තරම්ය. 1989 නොවැම්බර් මස 20 වන දිනදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අනුමත කරගන්නා ලද ළමා අයිතිවාසිකම් පිළිබද ප්‍රඥප්තියට අනුව ඉතාමත් සරලම අදහස නම් "නීතිය මගින් අඩු වයසකදී පූර්ණත්වය ලබන්නේ නම් මිස වයස අවුරුදු 18ට අඩු සියලු මනුෂ්‍යයන් ළමුන්ය".
අපේ රටේ ළමුන්ට අරාක්ෂාව තිබේ ද?
ළමා අයිතිවාසිකම් පිළිබඳව අණ පනත් පැනවීම යටත් විජිත යුගයේ සිටම දක්නට ලැබුණු අතර වර්ෂ 1883 දී මුල් වරට සංග්‍රහ කරන ලද දණ්ඩනීති සංග්‍රහයේ ළමුන්ගේ ආරක්ෂාව පිළිබදව ප්‍රතිපාදන දැක්වේ. දණ්ඩ නීති සංග්‍රහයේ 75 සහ 76 වගන්ති අනුව වයස අවු:8ට අඩු දරුවකු විසින් කරනු ලබන ඕනෑම ක්‍රියාවක් හෝ ප්‍රමාණවත් ලෙස පැසුණු බුද්ධියක් නොලත් වයස අවු: 8 ට වැඩි නමුත් 12 ට අඩු දරුවකු විසින් කරනු ලබන කිසිදු ක්‍රියාවක් නීතිය අනුව අපරාධයක් ලෙස නොසැලකේ. එමෙන්ම වයස අවු:12ට අඩු දරුවකු දෙමාපියන්ගෙන් කෙනෙකු හෝ භාරකරුවකු විසින් අතහැර දැමිම දඬුවම් ලැබිය හැකි වරදක් වේ. ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් වන තවත් පනත් වන අතර ,1939 දී පනවන ලද ළමුන් හා තරුණයන් පිළිබදව ආඥා පනතද, 1956 අංක 47 දරණ ස්ත්‍රීන්, තරුණ හා ළමුන්ගේ ශ්‍රමය ලබා ගැනීම වැලැක්වීම සදහා වන පනතද වැදගත් පනත් වේ.
මේ පනත අනුව යම් පුද්ගලයකු විසින් අවුරුදු 14 ට අඩු දරුවකු සේවයෙහි යෙදවීම දඩුවම් ලැබිය හැකි වරදකි.එසේ වුවද වර්තමාන සමාජයේ බරපතල සමාජ උවදුරක්ව ඇති ළමා අපචාරයන් වැලැක්වීම සදහා පැවති නීතිමය රාමුව කිසිසේත් ප්‍රමාණවත් නොවීය. මේ නිසා ළමුන් සම්බන්ධව සම්මත කරන ලද ඉතා වැදගත් මෑත කාලීන පණත් 05ක් පිළිබදව අවධානය යොමු කර ඇත.
1995 අංක 22 දරණ දණ්ඩනීති සංග්‍රහය (සංශෝධන) පනත
මෙහි විශේෂත්වය වනුයේ ළමා අපචාර පිළිබද වැරදි සම්බන්ධයෙන් පැනවිය හැකි උපරිම දඩුවම පමණක් නොව අවම දඩුවමද නියම කිරීමය. මෙම පනත මගින් අපරාධ වරදවල් ලෙස නිර්වචනය කර ඇති දේ:
- ළමයින් කෲර වධහිංසා වලට භාජනය කිරීම.
- ළමයින්ගේ අයුතු ලිංගික ප්‍රයෝජන ගැනීම.
- ලිංගික අපචාරයන් සදහා ළමුන් සැපයීම.
- අසත්‍යය හෝ අශ්ලීල දර්ශනයකට හෝ ප්‍රකාශනයකට ළමයකු යොදා ගැනීම හෝ ඒ සදහා අනුබල ලබා දීම.
- එවැනි ප්‍රකාශනයක් සන්තකයේ තබා ගැනීම, විකිණීම බෙදා හැරීම හෝ ඒ සදහා අනුබල දීම.
1998 අංක 29 දරණ දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත
මෙම පනත මගින් පහත සදහන් කාරණ සම්බන්ධයෙන් වයස අවු :18ට අඩු ළමයින් යොදවා ගැනීම ඉතා බරපතල අපරාදයක් ලෙස නිර්වචනය කර,දඩුවම්ද නියම කොට ඇත.
- ළමුන් සිඟා කෑම සදහා යෙදවීම.
- ලිංගික සංසර්ගය සදහා ළමුන් කුලියට ගැනීම, සේවයේ යෙදවීම.
- සීමිත භාණ්ඩ, එනම් විෂ ද්‍රව්‍ය, අබිං හා වෙනත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සදහා ළමුන් යොදවා ගැනීම.
අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත
මෙම පනත මගින් ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳව කටයුතු කරනු ලබන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නම් ආයතනය පිහිටුවා ඇත. මෙහි අරමුණු:
- ළමා අපචාර වැලැක්වීම.
- අපයෝජනයට ගොදුරු වු ළමයින් ආරක්ෂා කිරීම හා ඔවුන්ට ප්‍රතිකාර කිරීම.
- ළමා අපයෝජනය පිටු දැකීම සදහා වන ප්‍රතිපත්ති හා ක්‍රියා මාර්ග සකස් කිරීම .
- සම්බන්ධීකරණය හා කළමණාකාරීත්වය.
2005 අංක 34 දරණ ගෘහස්ත ප්‍රචණ්ඩ ක්‍රියා වැලැක්වීමේ පනත
මෙම පනත පැනවීමේ මුඛ්‍ය පරමාර්ථය නම් ගෘහස්ත ප්‍රචණ්ඩත්වය පිටු දැකීමයි. ශාරීරික හෝ මානසිකව සිදුවන හෝ සිදුවීමට ඉඩ ඇති ගෘහස්ත ප්‍රචණ්ඩ ක්‍රියාවකටම එරෙහිව පියවර ගැනීම සදහා මෙම පනත යටතේ ප්‍රතිපාදන සලසා ඇත.
මෙම පනතෙහි නියම කර ඇති ආකාරයට අයදුම් පත්‍රයක් පුරවා අදාළ ප්‍රදේශයේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් ප්‍රචණ්ඩත්වයට එරෙහිව තහනම් නියෝගයක් අයැද සිටිය හැක.ළමුන්ට කාන්තාවන්ට පමණක් නොව ගෘහස්ත ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවට පත්වන ඕනෑම පාර්ශවයකට මෙමගින් සහනයක් අයැද සිටිය හැක."ආරක්ෂක ආඥාවක්" ලෙස හදුන්වන ලබන ඉහත කී තහනම් බන්ධනය කඩකිරීම නීතියට අනුව දඩුවම් ලැබිය හැකි වරදකි.
ලංකාවේ ළමුන්ට උපරිම නීතිමය ආරක්ෂාවක්? එසේනම් මෙසේ වන්නේ ඇයි?
ඉහත අනපනත් කියවා බලන්නෙකුට ලංකාව තරම් ළමා අයිතිවාසිකම් ගැන ලොකුවට හිතන රටක් ලොව නැති තරම් යැයි සිතෙයි. නමුත් ලොව බොහෝ රටවල් නීතිය, නීතිය ලෙස ක්‍රියාත්මක කලද ලංකාවේ නීතියේ “හිල්” ඇත. යන්න මීට දිය හැකි කෙටිම පිළිතුරයි. ලෝක ආර්ථික සංසදය මගින් එළිදැක්වූ 2020 ගෝලීය ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ වාර්තාවට අනුව ළමයින් සඳහා සේවා සැපයීම අතින් ශ්‍රී ලංකාව සිටින්නේ දුර්වල ස්ථානයකය. පසුගිය කාලය තුළ ගෘහස්ථ හිංසන හා ළමා අපයෝජන සිදුවීම් වාර්තා වීම 33%කින් ඉහළ ගොස් ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිවේදනය කළේය. "පසුගිය මාස හයට ලංකාවේ ළමා අපයෝජන වාර්තාගත විදිහට දරුණු වෙලා තියෙනවා. මේ විදිහට අපයෝජන වාර්තා වෙලා නැහැ කවදාවත්. පැය දෙකකට වරක් දරුවෙක් අපයෝජනයකට ලක් වෙනවා," ළමා හිංසනයට තිත සංවිධානයේ සභාපති වෛද්‍ය තුෂ් වික්‍රමනායක වරක් BBC වත සඳහන් කළාය. කුඩා බිලිදන් මහමග දමා යන තත්වයට වර්තමානයේ සමාජය සාමාන්‍යකරණය වෙමින් පැවතීම අනාදිමත් කාලයක සිට අප රැකගත් ගුණදහමින් පිරි දේශීය හර පද්ධතියේ කඩාවැටීමකි.
දිවා සුරැකුම් මධ්‍යස්ථානය හෝ පෙරපාසලේ සිදුවන්නේ කුමක් ද?
ශ්‍රී ලංකාවේ ළමුන් පාසල් අධ්‍යාපනය වයස අවුරුදු 3 පමණ වන විට ආරම්භ කරන බව කියතොත් එය පුදුමයක් නොවේ. මුල් ළමාවිය සංවර්ධනය නමින් දරුවාගේ සමාජ ක්‍රියාකාරීත්වය ගොඩනැංවීම අරමුණු කරගනිමින් පෙරපාසල් ක්‍රියාත්මක වෙයි. එය එසේ වුවත් වයස 3 පමණ වන දරුවා අකුරු ඉගනීමට හුරුකරවන පරිසරයක් බොහෝ පෙරපාසල් තුල නිර්මාණය වී ඇත. රජය මගින් පෙරපාසල් වෙත නීතිමය රෙගුලාසි රැසක් පනවා ඇත.එහි මුලික කරුණක් නම් දරුවාට අකුරු ලිවීම හෝ කියවීම පෙරපාසලට අදාළ කටයුත්තක් නොවන බවයි. නීතිය හෝ රෙගුලාසිය එසේ වුවද අකුරු හුරු නොවූ දරුවෙකු බාරගැනීමට පාසල සූදානම් ද ?යන්න ගැටලුවකි. සහෝදර සිසුන් හා තරගකාරීව කටයුතු කිරීමට පොළඹවන ප්‍රාථමික අධ්‍යාපන ක්‍රමය හමුවේ අකුරු නොදත් දරුවාගේ ඉරණම සෝචනීය තත්වයකට ඇද වැටීම සාමාන්‍ය දෙයක් විය හැකිය. එම නිසාම බොහෝ පෙරපාසල් අකුරු ලිවීම හා කියවීම වයස අවුරුදු 3 සම්පුර්න වූ දරුවාට හුරු කරවීම ආරම්භ කරයි. මෙය ජාත්‍යන්තර නීති රීති අනුව ළමා අපයෝජන ක්‍රියාවක් බවටද අර්ථ දැක්විය හැකිය. ඇතැම් දිවා සුරැකුම් මධ්‍යස්ථාන පාලිකාවන් ළමුන්ට නිදිපෙති ලබා දී නින්දට යොමුකරන ලද අවස්ථා ද පුවත්පත් වල වාර්තා විය. මෙවැනි වාතාවරණයක් තුල පෙරපාසල් හා දිවා සුරැකුම් මධස්ඨාන රජය මගින් නියාමනයට හා පරීක්ෂාවට ලක් කිරීම සඳහා වෙනමම ඒකක ඒ ඒ අධ්‍යාපන කාර්යාල තුල ස්ථාපිත කර ඇත. ඉන් අපේක්ෂිත ප්‍රතිපල අත්වන්නේ දැයි ගැටලුවකි.
ළමා අපයෝජන සහ අපේ වගකීම
ළමා ලිංගික අපයෝජනය පිළිබඳ වැරදි වැටහීම් කිහිපයක් තිබේ.
වරදවා වටහාගැනීම් වලින් කරුණු වෙන් කොට හදුනා ගැනීම සහ මිථ්‍යාවන්ගේ අගතියෙන් මිදීම සැබවින්ම අපේ දරුවන් ආරක්ෂා කිරීමේදී සැලකිය යුතු වෙනසක් ඇති කරයි.
තරුණ ගැහැණු ළමයින් හා පිරිමි ළමයින් ලිංගික සූරාකෑමට සමානව ගොදුරු වේ.
ඕනෑම ගැහැණු ළමයෙකුගේ රෑප ලක්ෂන නොසළකා ලිංගික අපයෝජනයට ලක්විය හැකිය
පුරුෂයින් බහුතරයක් අපරාධකරුවන් වුවද ලිංගික අපයෝජනයට ලක්වූ තැනැත්තා පිරිමියෙකු හෝ කාන්තාවක් විය හැකිය.
ඕනෑම නැඹුරුවක් ඇති පුද්ගලයෙකු ලිංගික අපයෝජකයෙකු විය හැකි ය.
අපයෝජකයින් වන්නේ නාඳුනන අය පමණක් නොවේ. ඥාතියෙකු, පවුලේ මිතුරෙකු, ගුරුවරයෙකු, අතිරේක ගුරුවරයෙකු (සති අන්ත පන්ති), අසල්වැසියන් හෝ ඔබ විශ්වාස කරන සිටින සහ ඔවුන්ගෙන් කිසිවෙකු අපයෝජනයක් කරනු ඇතැයි අපේක්ෂා නොකරන යනාදී ඕනෑම අයෙකු වැනි සහ ඔබ විශ්වාස කරන හෝ ඔබේ පවුලට සමීප පුද්ගලයින් ද ලිංගික අපයෝජකයෙකු විය හැකිය.
ලිංගික අපයෝජකයෙකු හුදෙක් ඔහු හෝ ඇය දෙස බැලීමෙන් ඔබට පහසුවෙන් හඳුනාගත නොහැකිය. ඉහළ ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයෙකු හෝ ඉහළ රැකියාවක් කරන අයෙකු හෝ ප්‍රජාව තුළ හොඳින් ක්‍රියා කරන අයෙකු වුවද අපයෝජකයෙකු විය හැකිය.
ළමා අපයෝජනය සමාජයේ ඕනෑම මට්ටමක සිදුවිය හැකිය. වයස, ස්ත්‍රී පුරුෂ භාවය, පවුල් ආදායම, සංස්කෘතිය, නළු නිළියන්, ජාතිය, ශාරීරික පෙනුම, ලිංගිකත්වය, බුද්ධිය, ආබාධිතභාවය නොසලකා එය ඕනෑම දරුවෙකුට බලපායි.
ළමා ලිංගික අපයෝජනයේ අවදානම සැමවිටම පවතී. මෙය මගේ දරුවාට සිදු නොවනු ඇතැයි සිතීමක් සමාජයේ පවතින අතර, එය කිසිසේත් අවදානම අවලංගු නොකරනු ඇත. එබැවින් දරුවා ගැන ප්‍රමාණවත් සැලකිල්ලක් දැක්වීම අවදානම මග හැරීමට ප්‍රයෝජනයක් වනු ඇත.
තමන්ට සිදුවිය හැකි අන්තරාය පිළිබඳව දරුවන් දැනුවත් කිරීමෙන් ඔවුන්ට අපයෝජනයන් ගැන අවදියෙන් සිටීමටත් එවැනි අවදානම් තත්වයන් වළක්වා ගැනීමටත් හැකි බව අධ්‍යයනවලින් හෙළි වී තිබේ.
ඔහුගේ දෙමව්පියන්ගේ හා සමාජයේ ප්‍රතිචාරයට ඔහු හෝ ඇය ලැජ්ජා විය හැකිය
දරුවෙකු මෙම සිදුවීම හෙළි කර ඇත්නම් සහ රැකවරණය සහ සැනසීම සඳහා නිසි පියවර ගනු ලැබුවහොත්, ඔහු හෝ ඇය අපයෝජකයෙකු බවට පත්වීමට ඇති ඉඩ ඉතා අඩුය.
අපයෝජනයක් සිදුවී ඇති බව දන්නා සෑම කෙනෙකුම, එය ඔවුන්ගේම දරුවන් වේවා හෝ වෙනත් කෙනෙකුගේ වේවා, කාරණය වාර්තා කිරීම යුතුකමක් සේ සැළකිය යුතු ය.
ළමයින්ට විශේෂත වූ කැබිනට් අමාත්‍යංශයක් නැත්තේ ඇයි?
ලෝකයේ බොහෝ රටවල් ළමුන් ගැන දක්වන ආකල්පමය වෙනස එක්සත් ජාතීන්ගේ සංවිධානය වසරින් වසර අවධානයට ලක් කරමින් ඒ ඒ වසරට අදාලව වෙන් වෙන් වූ වාර්තා එළිදක්වයි. ඒ අනුව යමින් බොහෝ රටවල් තම අධ්‍යාපන ක්‍රමය වෙනසකට ලක් කරමින් සිටින බව දකින්නට ඇත. එවන් පසුබිමක ලංකාවේ අධ්‍යාප ක්‍රමය ද වෙනස් විය යුතු බවට කතිකාවතක් නිර්මාණය වෙමින් ඇත.එය සියලු පාර්ශව එක් කරගත් ජාතික ප්‍රතිපත්තියක් වන්නේ නම් ඉතා සතුටු දායක විය හැකිය. දේශපාලනයේ වෙනස්වීම මත දරුවාගේ අධ්‍යාපනය කාලෙන් කාලෙට වෙනස් කරවීම ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස යමෙකුට අර්ථ දැක්වීමට ද බාධාවක් නැත. මෙවර අමාත්‍යංශ බෙදීමේදී වසර 40ක් පුරා පැවති ළමා හා කාන්තා කටයුතු කැබිනට් අමාත්‍යංශය අහෝසි කරමින් පාසල් යටිතල පහසුකම් කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන හා අධ්‍යාපන සේවා ලෙස කැබිනට් නොවන රාජ්‍ය අමාත්‍යාංශයක් නම් කරමින් තවත් අමාත්‍යංශයක් යටතට පත් කලේ කුමන හේතුවක් නිසා දැයි ළමා දිනය වෙනුවෙන් හෝ රජය විසින් පිළිතුරු දිය යුතු කරුණකි. ගැලරිය පිනවන කතාවෙන් ඔබ්බට ගොස් මගතොට දෙස බලන්නෙකුට “හොදම දේ දරුවන්ට “ යැයි පුරසාරම් දොඩවන සමාජයේ ක්‍රියාවන් දැකගත හැකිය.
ළමුන්ගේ පාසල් වැන් රථය හොදම උදාහරණයයි. වැස්සට තෙමෙන මග යෑමට පවා නුසුදුසු නිතර නිතර අතරමග නතරවෙන,අනාරක්ෂිත ව මරණයට ගෙනියන කුකුලන් මෙන් පැක් කර ළමුන් රැගෙන යන දර්ශනය ලංකාවේ අගනගරයේ ද සුලභ දසුනකි. කුඩා ළමුන්ගෙන් පිළිකා රෝහල පිරෙමින් ඇති වකවානුවක දේශපාලන අධිකාරිය ඒ වෙනුවෙන් කරන්නේ කුමක් ද ? කිරිපිටි ප්‍රමිතිය හා එහි අඩංගු දෑ පිලිබඳ දැනුවත් ද ? එය නියාමනයට ලක් නොකරන්නේ මන්ද ? පලතුරු ගෙඩියේ සිට මුන් ඇටය දක්වා කෘමිනාශක ඉසිමින් අනාගත පරම්පරාව මේ ගෙනියන්න කොයිබට ද ? ක්ෂණික ආහාර හා නුසුදුසු අහාර සඳහා ළමුන් පෙළඹවීමේ වෙළඳ දැන්වීම් හමුවේ බලධාරීන් මුනිවත රකින්නේ මන්ද ? ළමා රෝහල සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් වසර කීපයක සිට මහජනතාව මුදල් එකතු කරන පසුබිමක රෝහලට යන මාර්ගය පමණක් වසරකට කිහිප වරක් කාපට් කරමින් නැවත බට එලමින්, නැවත බට ගලවමින් ළමුන්ගේ ගොඩනැගිල්ල මෙන් දෙගුණයක මුදල් විනාශ කිරීම සාධාරණ ද ? ළමා දිනය වෙනුවෙන් හෝ රජය මෙකී ගැටළු සඳහා වහ වහා පිළිතුරු සෙවිය යුතුය.
https://sannasa.org/item/2189-2020
පුද්ගල මානසික සෞඛ්‍යය
යහපත් මානසික සෞඛ්‍ය යනු කුමක් ද? බොහෝ කාලයක පටන් යහපත් මානසික සෞඛ්‍ය අර්ථ දැක් වූයේ මානසික රෝගවලට භාජනය නොවී සිටීම ලෙසය. එහෙත් මේ වනවිට එම අර්ථ දැක්වීම වෙනස් වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයත්, වෙනත් පිළිගත් සංවිධානත් මානසික සෞඛ්‍යය යන්න අර්ථ කථනය කරන්නේ දෛනික ජීවිතයේ ඇතිවන පීඩනය ඉතා මැනවින් සමතුලිත ලෙස හසුරුවා ගැනීමට පුද්ගලයකුට ඇති හැකියාව සහ තමන්ගේ හැකියාවන් හා සීමා හඳුනාගෙන කටයුතු කිරීමත්, යහපත් සමාජ සම්බන්ධතා පවත්වා ගැනීම සහ සමාජයට වැඩදායී පුද්ගලයකු වීමට පුද්ගලයකුට ඇති හැකියාවත් ලෙසයි.
ශ්‍රී ලාංකීය ජනයා තුළ යහපත් මානසික සෞඛ්‍ය යනු කුමක්ද යන්න සම්බන්ධයෙන් පවතින අවබෝධය කෙබඳුද යන්න මැන බලා ගැනීමට කරන සමීක්ෂණයක් කල්‍යාණ ආයතනයෙන් පවත්වනු ලැබුවේය.
මේ සඳහා රටපුරා වෙසෙන ජනයා නියෝජනය වන පරිදි සංඛ්‍යානු විද්‍යාත්මක ක්‍රම උපයෝගී කරගෙන පුද්ගලයන් 444 කගෙන් සමන්විත නියැදියක් තෝරා ගැනිණි. කල්‍යාණ ආයතනය පැවැත්වූ ඊට අදාළ මුලික සමීක්ෂණයේ ප්‍රශ්න මාලාවට දුන් පිළිතුරු ඇසුරින් 75% දෙනකු ලෝක සෞඛ්‍ය සංවිධානයේ අර්ථ දැක්වීමට සමාන මත දැරූහ. එසේ වුවද 14%ක් දෙනා ගේ මතය වුයේ යහපත් මානසික සෞඛ්‍ය යනු සැමවිට සතුටින් සිටීම බවය. එම නිසා සමාජයේ 14% දෙනා හට මානසික යහ පැවැත්ම හා අපගේ ජීවිතයේ ගුණාත්මක භාවය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති බව එයින් අනාවරණය වේ. සමස්ත මානසික යහ පැවැත්ම වැඩිදියුණු කර ගැනීමට පියවර ගන්නා විට සතුට සහ සතුට පමණක් යන කරුණු ඉලක්ක කරගත යුතු නැත.
මත්පැන් කෙරෙහි පමණට වඩා ඇබ්බැහිවීම සහ හානිකර අන්දමින් භාවිතය ශ්‍රී ලංකාව තුළ බොහෝ කලක පටන් තිබෙන ගැටලුවකි. 1996 සිට 2013 දක්වා කාලය තුළ මානසික රෝග උදෙසා රජයේ රෝහල්වල සංඛ්‍යාත්මක දත්ත ඇසුරින් කරුණු පරීක්ෂා කරන ලදී. එහිදී 1998 වසර ආසන්නයේ 13000ක් දෙනා අධික මත්පැන් පානය හේතුවෙන් රෝහල් ගත වී ඇති බව පැහැදිලිය. මෙම සංඛ්‍යාව 2013 වසර වනවිට 6000 දක්වා අඩුවී ඇත. මත්පැන් අවභාවිත කරන පුද්ගලයන්ගෙන් වැඩි ප්‍රතිශතයකගේ හැසිරීම් අන්‍යයන්ට කරදරයක් වී ඇති බව පෙනී යයි. ඔවුහු තමන්ට සමීප වූවන්ට පවා දක්වා ඇත්තේ හිතකර නොවන බලපෑම්ය. ඒ හේතුව පිළිගෙන වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවී ඇත්තේද ටික දෙනෙකි. එම නිසා ඉහත සඳහන් සංඛ්‍යා ලේඛනවලට ඇතුළත් නොවූ බවත් වැඩපිරිසක් ඉන්නා බවද සැලකිල්ලට ගත යුතුය. එම නිසා මත්පැන් අධික ලෙස පානය කරන පුද්ගලයන්ගේ මානසික යහ පැවැත්මත් ඔවුන්ගේ පවුල්වල උදවියගේ මානසික යහපැවැත්මත් සලකා බලා ඔවුන් කෙරේ ඇතිවන හානිකර බලපෑම අවම කළ හැකි උපාය මං සොයා බැලීම වැදගත්ය. එම අවශ්‍යතාවේ තීව්‍රතාව කෙතෙක් දැයි ඉහත දැක්වූ දත්ත මගින් පැහැදිලිවේ. මත්පැන් භාවිතය අවම කළ හැකි උපාය මාර්ග කිහිපයකි.
- මත්පැන් අවභාවිතයෙන් ඇතිවන අහතිකර බලපෑම් පිළිබඳ අවබෝධයක් ලබාදීම
- ජීවිතයේ ඇතිවන ගැටලු සාර්ථකව හසුරවා ගැනීමට මත්පැන් මත යැපීම වෙනුවට සෞඛ්‍ය සම්පන්න විකල්ප උයාය මාර්ග හඳුන්වාදීම සහ දිරිමත් කිරිම
- මත්පැන්වලට ඇබ්බැහි වූවන්ට ප්‍රතිකාර කිරීම සහ ඔවුන්ගේ පවුලේ අයට සහාය වීමට සෞඛ්‍ය සේවා පද්ධතියේ ධාරිතාව වැඩි කිරීම
- මත්පැන් ඇබ්බැහි වීමෙන් ගැලවී සාර්ථකව ජීවත් වන්නන් හට සහාය දීමට ඇල්කොහොල් ඇනොනිමස් වැනි ප්‍රජා ආධාරක කණ්ඩායම් වෙත ප්‍රවේශය වැඩි කිරීම
- බීමතින් රිය පැදවීමට එරෙහිව දැඩි රෙගුලාසි හඳුන්වාදීම
2019 වර්ෂයේ මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳ ජාතික මානසික වෛද්‍ය විද්‍යා ආයතනයේ රෝහල් ගත වූ 59 53ක් රොගීන්ගෙන් 52%ක් ස්කිට්සෝෆ්‍රීනියා, ස්කිට්සෝටිපිකල් සහ මායාමය ගැටලුවලින් පෙළෙන අය වූහ.
29% මනෝභාවමය ගැටලු වලින් පෙළෙන අයවූහ. 9%ක් පමණ මනෝ ක්‍රියාකාරී මත්ද්‍රව්‍ය අවභාවිතයෙන් ඇතිවන මානසික හා චර්යාමය ගැටලු සහිත අය වූහ. 0.08%ක් නියුරෙටික් සොමටෝෆ්රොම් සහ මානසික ආතතිය පිළිබඳ ගැටලු ඇති අය වූ අතර වෙනත් ගැටලු ඇති අයගේ ප්‍රතිශතය 8%ක් පමණ විය.
ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම දිවි නසා ගන්නා අනුපාතය සහිත රටක් බව මෑත දී හෙළි වූ දත්ත මගින් සනාථ විය. ඒ ගැන බොහෝ සෙයින් කතා බහට ලක්විය. 2016 වසරේදී ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 3025ක් දිවිනසාගෙන ඇති බව වර්තා විය. ඉන් 2339 ක්ම පිරිමිය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයන් ලක්ෂයකට දිවි නසා ගැනීමේ පුද්ගල අනුපාතය 14.6 වශයෙන් 2017 වර්ෂය උදෙසා වාර්තා විය. කල්‍යාණ ආයතනය විසින් කළ සමීක්ෂණයක දී ඔබ ජීවිතයේ කවර හෝ දිනයක දිවි නසා ගැනීමට තැත් කර තිබේද? ඔබට කවරදා හෝ දිවි නසා ගැනීමේ සිතිවිලි පහළවී තිබේ යන්න ඇසු පුද්ගලයින් සියයකින් 22ක්ම දුන්නේ ඔව් යන පිළිතුරයි.
මානසික සෞඛ්‍ය යහ පැවැත්ම පිළිබඳව තොරතුරු ලබාගත හැකි තැන් ගැන තමන් දැනුවත් නැති බව සමීක්ෂණයකට සහභාගි වූ 193ක පිරිසකගෙන් 43%ක් පැවසීය.
අනාවරණය වන සමීරීක්ෂණ තොරතුරු වලින් මානසික සෞඛ්‍ය පිළිබඳ ගැටලු වලින් පීඩා විඳින බොහෝ දෙනෙකු ඒ සඳහා උපකාර නොලබා නිහඬව පීඩා විඳින බව පෙනී යයි. මේ නිසා සමාජය තුළ මානසික සෞඛ්‍ය ගැටලුවලට ප්‍රතිකාර ලබා ගැනීමේදී දක්වන කුලෑටිකම දුරලීම උදෙසා ඒ ගැන සමාජ සංවාදයක් ඇතිවිය යුතුවේ. එවිට පීඩා විඳින්නේ තම ගැටලු ඉදිරිපත් කිරිමට පෙළමේ.
යම් අයෙකු සමග ඔබට ඇති මානසික ගැටලු ගැන කතා කිරීමේදී නැතහොත් එසේ කතා කරන්නට සිතෙන විට ඔබට ඇතිවෙන අර්බුද මොනවද? යන ප්‍රශ්නය 444ක පුද්ගල නියැඳියකින් විමසු විට 67%ක්ම පවසා ඇත්තේ අන් අයට කරදරයක් වෙන නිසා නැතහොත් තමාගේ ගැටලු නිසා අන් අය ආතතියට ලක්වන නිසා එසේ නොකරන බවයි. 28% පමණ දෙනා පවසා ඇත්තේ කිසිවකු මාව තේරුම් ගන්නේ නැති වේවි කියාය. 7% කියා ඇත්තේ කිසිවකු තමා විශ්වාස නොකරාවි කියා සිතෙන බවය. 6.3%ක් මිනිස්සු මට පිස්සු යයි සිතා බය වේවි යයි සිතා ගැටලු නොකියා ඉන්නා බව පැවසුහ.
ශාරීරික සෞඛ්‍ය සහ මානසික සෞඛ්‍ය අතර දැඩි සම්බන්ධතාවයක් ඇති බව පර්යේෂණ මගින් අනාවරණය වී තිබේ. මානසික රෝග වලින් පෙළෙන්නන් තම හෘද වාහිනී පිළිබඳ ගැටලු මතුව තිබෙන බව සායනික පරික්ෂණ මගින්ද සනාථවී ඇත.
නිතිපතා කරන ව්‍යායාම වලින් මානසික සෞඛ්‍ය සම්පන්න භාවය ඇති කරගත හැකිය. ව්‍යායාම මගින් එන්ඩොර්ෆින් නම් රසායනය ශරීරයෙන් නිකුත් කරනු ලැබේ. එමගින් ආතතිය හා සිත් වේදනා සමනය වේ. මනෝභාවය, නින්දේ රටාවන් ආත්ම විශ්වාසය හා ඵලදායිතාව නිතිපතා ව්‍යායාම කිරීමෙන් වර්ධනය කරගත හැකිය.
සමබර ආහාර වේලක් ලබා ගැනීමෙන් ශරීරය ශක්ති ජනකව, නිරෝගීව තබාගත හැකිය. එමගින් අවධානයත් ඵලදායීතාවත් වර්ධනය වේ.
මානසික රෝග යනු සියලු මිනිසුන්ට බලපාන්නක් බව අප සිත්හි තබාගත යුතුය. අනෙකුත් සෑම ආබාධයකට සේම මානසික සෞඛ්‍යයටද අප ප්‍රමුඛතාව දිය යුතුය.
කල්‍යාණ ආයතනය විශ්වාස කරන්නේ මනා දැනුවත් කිරීම්වලින් සහ නිසි සැලකිල්ලක් දැක්වීමෙන් මානසික ගැටලු වලින් පීඩා විඳින ඕනෑම කෙනෙකුට ප්‍රීතිමත් හා තෘප්තිමත් ජීවිතයක් ගත කළ හැකි බවයි. කල්‍යාණ යනු අධ්‍යාපන, උපදේශනය, සහයෝගීතාව ප්‍රජා ගොඩ ගැනීම මගින් ශ්‍රී ලංකාව තුළ පුද්ගල මානසික මට්ටම වැඩිදියුණු කිරීමට කැපවු ආයතනයකි. www.kalyanasl.ory වෙබ් අඩවිය තුලින් කල්‍යාණ ආයතනය සමග සම්බන්ධව විය හැකිය.
https://www.lankadeepa.lk/features/%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD-%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%83%E0%B7%92%E0%B6%9A-%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA/2-600691
මහ මග ගුටිබැට හුවමාරුවක්
නාවලපිටිය ජයතිලක ක්‍රිඩාංගණයේ ඉදි වන ඇවිදින මංතීරුවක් සම්බන්ධයෙන් සොයා බැලීමට (12) දින ක්‍රිඩාංගණය වෙත පැමිණි විපක්ෂයේ සහ පාලන පක්ෂයේ මන්ත්‍රිවරුන් අතර ගුටිබැට හුවමාරුවක් සිදු වී තිබෙනවා.
නාවලපිටිය නගර සභාවේ හිටපු සභාපති , ජාතික සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සහ නාවලපිටිය නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රිවරුන් දෙදෙනෙකු සහ ආධාරකරුවන් පිරිසක් ක්‍රිඩාංගණයේ පිවිසුම වෙත පැමිණෙන අවස්තාවේ ක්‍රිඩාංගණයේ ප්‍රධාන ගේට්ටුව නගර සභාව විසින් වසා දමා තිබී ඇති බව සඳහන්.
ඔවුන් ක්‍රිඩාංගණය අසල රැඳී සිටියදි එම ස්ථානයට පැමිණි නාවලපිටිය නගර සභාවේ වත්මන් සභාපතිවරයා සහ නාගරික මන්ත්‍රිවරුන් පිරිසක් , එම ස්ථානයේ රැඳී සිටි ආධාරකරුවන් පිරිස සමග ඇති වූ උණුසුම් තත්ත්වයකින් අනතුරුව දෙපාර්ශවය අතර ගුටිබැට හුවමාරුවක් සිදු වී තිබෙනවා.
තත්ත්වය පාලනය කිරීමට නාවලපිටිය පොලිසියේ නිලධාරින්ද එම ස්ථානයට පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ගැටුම සම්බන්ධයෙන් දෙපාර්ශවය විසින්ම නාවලපිටිය පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
ගැටුමට මැදි වු ජාතික සමගි ජන බලවේගයේ ආධාරකරුවන් තිදෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් වී ඇති බවද සඳහන්.
https://liveat8.lk/%e0%b6%b8%e0%b7%84-%e0%b6%b8%e0%b6%9c-%e0%b6%9c%e0%b7%94%e0%b6%a7%e0%b7%92%e0%b6%b6%e0%b7%90%e0%b6%a7-%e0%b7%84%e0%b7%94%e0%b7%80%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a-photo/
මන්ත්‍රී නිල නිවාසවල ඥාතීන් පදිංචි කරලා
කෝට්ටේ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන ඇති මන්ත්‍රීවරුන් එකසිය දොළොස් දෙනාගෙන් 60 කට වැඩි පිරිසක් එම නිවාසවල පදිංචි නොවී තම කිට්ටුවන්ත ඥාතීන්, හිතවතුන් හා තමන්ට ආරක්ෂාව ලබා දෙන ආරක්ෂක අංශ නිලධාරීන් ඒවායේ පදිංචි කරවා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග මාර්ගවලින් පැවසේ.
මාදිවෙලින් තමන්ට ලැබුණු නිල නිවාස කිසි දිනෙක සියැසින් නොදුටු අය පවා මේ මන්ත්‍රීවරුන් අතර සිටින බව පාර්ලිමේන්තුවේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
ඇතැම් මන්ත්‍රීවරුන් තම නිල නිවාස පරාජිත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුටද ලබාදී ඇති බව තොරතුරු දැන ගනීමට ඇතැයි එම නිලධාරියා ප්‍රකාශ කළේය.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයක් වෙනුවෙන් මාසිකව අය කෙරෙන්නේ රුපියල් දහසක පමණ අවම ගාස්තුවකි. මේ හේතුවෙන් කොළඹ සහ ඒ අවට නිවෙස් ඇති මන්ත්‍රීවරුන් බොහෝ දෙනකුද මෙම නිවාස ලබාගෙන මෙලෙස ඥාතීන්ට හිතවතුන්ට හෝ වෙනත් අයට ලබාදීම පුරුද්දක් කරගෙන සිටින බව කියති.
මේ අතර "සමිට්" නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන මාදිවෙල මන්ත්‍රී නිල නිවාසද පාවිච්චි කරන ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් කිහිපදෙනෙකු සිටින බවට තොරතුරු හෙළිවී ඇත. මේ අනුව එම සමිට් නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන ඇති ඇමැතිවරුන්ගේ ලැයිස්තුවක් වහාම එවන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට දැනුම්දී ඇති බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
මහැදුරු නාලිකා අවසන් වරට යළි මතක් කරයි
චීනයෙන් ගෙන්වා ඇති කාබනික පොහොර තොගය මෙරටට ගොඩබානවාද නැද්ද යන තීරණය මත මෙරට කෘෂිකර්මයේ සහ පාරිසරික අනන්‍යතාවයේ ඉදිරිය තීරණය වනු ඇතැයි රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂි ජීව විද්‍යා පීඨයේ මහාචාර්ය නාලිකා රණතුංග පවසයි.
තුන්වන වතාවටත් නිරෝධායන පරීක්ෂණයෙන් අසමත් වූ එම පොහොර තොගයේ අන්තර්ගත ක්‍ෂුද්‍ර ජීවීන් අපේ පසට, බෝගයන්ට, සතුන්ට හා මිනිසුන්ට කවරාකාර බලපෑමක් එල්ල කරයි දැයි පුරෝකථනය කිරීමට සමත් කිසිවකු නැතැයි ද මහාචාර්යවරිය සඳහන් කරයි.
මහාචාර්ය නාලිකා රණතුංග මහත්මිය ඊයේ (23) මධ්‍යම රාත්‍රී 12.09 ට සිය මුහුණු පොතෙහි සටහනක් තබමින් මේ බව පවසා ඇත.
ඇය එහි මෙසේ ද සටහන් කර තිබේ.
අවසන් වරට නැවතත් මතක් කරමි.
තුන්වන වතාවටත් නිරෝධායන පරීක්ෂණයෙන් අසමත් වූ, ශාක රෝගකාරක බැක්ටීරියා ඇතුළු තවත් ක්‍ෂුද්‍රජීවීන් සිටින බව හොඳාකාරවම දන්නා, නයිට්‍රජන් ප්‍රභවය නොදන්නා චීන කාබනික පොහොර තොගය ශ්‍රී ලංකාවට අද රාත්‍රියේ පැමිණීමට නියමිතය.
එය ලංකාවට ගොඩබානවාද නැද්ද යන තීරණය අතර ඇත්තේ අත්සන් කිහිපයක් පමණි. එසේ ගසනු ලබන අත්සන් කිහිපය මඟින් මේ රටේ කෘෂිකර්මයේ සහ පාරිසරික අනන්‍යතාවයේ ඉදිරිය තීරණය කරනු ඇත.
මෙසේ ගෙනෙන ලද ක්‍ෂුද්‍ර ජීවීන් අපේ පසට, අපේ බෝගයන්ට, සතුන්ට හා මිනිසුන්ට කවරාකාර බලපෑමක් එල්ල කරතිදැයි පුරෝකථනය කිරීමට සමත් කිසිවෙකු නැත. මිනිසුන් මෙන්ම කාර්මීකරණය වූ ප්‍රදේශ බහුල චීන පසෙහි ඇති ක්‍ෂුද්‍රජීවීන්ද වඩාත් ආක්‍රමනශීලී වේ යැයි නිකමට මට සිතේ.
මේ වැරැද්ද මතු කිසිම දිනක නැවත හැරවිය හැකි එකක් නොවේ. යම් හෙයකින් රට සුරකින නිරෝධායන ආරක්ෂිත වලල්ල බිඳ හෙලුවහොත්, අනාගතයේ තව තවත් මෙවැනි ව්‍යසන අපේ මව්බිම කරා ඉතා පහසුවෙන් ලඟා වෙනු නොඅනුමානය.
කෙතරම් පොරොන්දු දුන්නද, මෙය අපගේ රට තුළට ඇතුලු නොකර සිටීමට තරම් බලය ඇත්තෝ සංවේදී වේ යැයි සිතීමට තරම් කිසිදු සාක්ශියක් මා සතුව නොමැත.
බලවත් සිත් තැවුලෙන් මෙසේ ලියා තබමි 23/10/2021 මධ්‍යම රාත්‍රී 12.09
මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්‍ෂණික පීඨයේ ආචාර්ය ප්‍රදීප් ගජනායක මහතා ද සිය ෆේස් බුක් ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබිණි. “චීන කාබනික පොහොර රැගත් නැව ශ්‍රී ලංකාවට ලගා වූ බවට වාර්තා ලැබේ” එම නිසා මා හට අවසන් වශයෙන් පැවසීමට ඇත්තේ ශ්‍රී ලංකාව බොහෝ දුක් විඳිනවා, එය නරක මිනිසුන්ගේ හිංසනය නිසා නොව, යහපත් මිනිසුන්ගේ නිශ්ශබ්දතාව නිසාය. තීරණය ඔබේ අතේ.”
ලිංගික අල්ලස් ගන්න ගිය පොලීස් ස්ථානාධිපති මාට්ටු
පොලීසියට ඉදිරිපත් කළ පැමිණීල්ලට සාධාරණයක් ඉෂ්ට කර දීම සදහා කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ වනාතවිල්ලුව පොලීසියේ ස්ථානාධිපතිවරයා අද (28) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවේ (විමර්ශන) අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක විතානගේ මහතා පැවසීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වනාතවිල්ලුව පොලීසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරන පනස් හැවිරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකි.
අල්ලස් කොමිසම මෙම සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම හෝටල් කාමරයක දී අද (28) දහවල් කාලයේදීය.
https://www.lankadeepa.lk/latest_news/%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%9A-%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A--%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9C%E0%B7%92%E0%B6%BA-%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%8A-%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94/1-601916
ගමන් බෑගයක කාන්තා මළ සිරුරක්

සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානය මාර්ගය අසල කසල ගොඩක තිබූ ගමන් බෑගයකින් කාන්තා මළ සිරුරක් හමුවී ඇතැයි පොලීසිය පවසයි.
මෙම ස්ථානයෙන් දුඟදක් හමන බවට ප්‍රජා පොලිස් කොට්ඨාසයට ලැබුණු තෙරතුක්මත පොලිසිය පැමිණ සොයාබැලීමේදී එහි සැකකටයුතු ගමන් මල්ලක් තිබී ඇත. පසුව එය විවෘත කර බැලීමේදී එය තුළ කාන්තා මළ සිරුරුක් ඇති බවට දැක ඇත.
මෙම මල සිරුරේ අත්පා ගැටගසා ඇති අතර ඝාතනය ලක් වූ කාන්තාව වයස අවුරුදු 35 - 40 අයකුගේ බවට පොලිසිය සැකකරයි.
නීතිවිරෝධීව සූර්වෙන අය සියයට 300කින් ඉහළ ගිහින්
ශ්‍රීලංකාවේ තුළ නීතිවිරෝධී මත්වතුර වර්ධනය වේගය සියයට 300න් පමණ ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ
ශ්‍රී ලංකාවේ සමස්ත මත්වතුර පරිභෝජනයෙන් සියයට 37 පමණ නීතිවිරෝධී මත්වතුර වන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත්කර ඇති ගෝලීය තත්ත්ව වාර්තාවේ සඳහන් කර ඇත.
ලොව රටවල මත්පැන් පරිභෝජනය සහ සෞඛ්‍ය පිළිබඳ මෑත කාලීන තොරතුරු ඇතුළත් කර නිකුත් කළ එම වාර්තාව 2010 වසරේ සිට 2018 වසර දක්වා ශ්‍රී ලංකාවේ මත්පැන් පරිභෝජනය පිළිබ දත්ත ඇතුළත් කර තිබේ.
කතක් මරා කසළ ගොඩකට දමූ සිද්ධියේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්

මාලිගාවත්ත ප්‍රදේශයේ ‘පාතුමා මුම්තාස්’ නැමැත්තිය මෝල්ගසකින් ගසා ඝාතනය කළැයි සපුගස්කන්ද පොලිසිය අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහර මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (10) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නො. 47/ඒ,/එම්/44, සමිට්පුර, මට්ටක්කුලිය පදිංචි මෙහොමඩ් නියාස් මොහොමඩ් නවුෂාඩ් (34) නමැත්තාය.
මෙම සැකකරු ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 296 වගන්ති ප්‍රකාරව සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇති බවට කරුණු අනාවරණය වන බව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරපිත් කර තිබිණී.
හිඟුරක්ගොඩ දරුවන්ගේ පෝෂණ මල්ලෙන් ලක්ෂ 18ක් ගසා කාලා
හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් ප්‍රාථමික පාසල්වල අධ්‍යාපනය ලබන දරු දැරියන්ගේ සෞඛ්‍ය හා පෝෂණය නැවීම සඳහා ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනෙන් මුදල් රුපියල් ලක්ෂ 18කට වැඩි මුදලක් කලාප අධ්‍යාපන කාර්යාලයේ විෂය බාර නිලධාරියෙකු වංචා සහගත ලෙස ලබාගෙන ඇතැයි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය පොලොන්නරුව විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. පාසල් දරුවන්ගේ පෝෂණ ආහාර සැපයුම්කරුවන් වෙත මුදල් ගෙවීමේදී නියමිත මුදලට වඩා විශාල වශයෙන් වැඩිපුර ගෙවීම්කර මෙම මුදල් වංචාකර ඇති බව කලාප කාර්යාලය මට්ටමින් සිදුකල පරීක්‍ෂාවකදී හෙළිදරව්වූ බව කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරිය කර ඇති පැමිණිල්ලේ සඳහන්වේ. උතුරු මැද පලාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරාගේ නියමයෙන් උතුරු මැද පලාත් විගණන හා විමර්ශන දෙපාර්තමේන්තුව මගින් මේ වනවිට විගණන පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති අතර මාස දෙකක් වැනි කෙටි කාලයකට අදාලව සිදුකල විමර්ශන වලදී ගෙවීම් කරන ලද චෙක් පත් දෙකකින් පමණක් රුපියල් ලක්ෂ 18කට වැඩි මුදලක් මෙම නිලධාරියා වංචාකර ඇතිබවට එම විගණනයේදී තොරතුරු අනාවරණයවී තිබේ. මෙම නිලධාරියා 2017 වසරේ සිට 2021 වසරේ අප්‍රියෙල් මාසය අවසානය දක්වා හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ මෙම විෂය බාරව අඛණ්ඩව රාජකාරී කර ඇති බව කියති.
පසුව පොලාන්නරුව අධ්‍යාපන කලාප කාර්යාලය වෙත ස්ථාන මාරුවක් ලබා ගෙන ගොස් ඇත. මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
සාම්ප්‍රදායෙන් පිට පැන මරණ දඬුවමක් නියම කරයි
මරණීය දණ්ඩනය නියම කිරිමේදී සාම්ප්‍රදායිකව අනුගමනය කරන විදුහි පහන නිමාදැමීම, විනිශ්චය ආසනයෙන් ගැනී සිටිම සහ තීන්දුව අත්සන් කළ පෑන කඩා දැමිම වැනි ක්‍රියා තමා අද දිනයේ සිදු නොකරන බවත්, මෙම දඬුවම සාමාන්‍ය නඩු තීන්දුවක් ස්වරූපයෙන් නියම කිරීමට කටයුතු කරන බවත් තංගල්ල පූර්වගාමී මහාධිකරණ විනිසුරු ආර්.ඒ.එස්. සපුවිද මහතා විත්තිකරුවකුට මරණීය දණ්ඩනය නියම කරමින් විවෘත අධිකරණයේදි ප්‍රකාශ කළේය.
වලස්මුල්ල හෙරේවෙල ප්‍රදේශයේ දී ඉකුත් 2006 .10.16 හෝ ඊට ආසන්ද දිනකදී සුබසිංහ කට්ටඬිගේ සයින්දරා නමැති කාන්තාවකගේ මරණය සිදු කිරීමේ චෝදනාවට වරදකරු වූ වලස්මුල්ල පදිංචි රාජපක්ෂලාගේ ලාල් රංජන් නමැත්තට මරණීය දණ්ඩනය නියම කරමින් මහාධිකරණ විනිසුරුවරයා එසේ ප්‍රකාශ කළේය.
මෙම මරණීය දණ්ඩය නියම කිරීමේ නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහාධිකරණ විනිසුරු මෙසේද ප්‍රකාශ කළේය.
මහාධිකරණයකදී චුදිතයෙකුට එරෙහිව මරණීය දණ්ඩනයක් නියම කිරීමේදී විවෘත අධිකරණයේ විදුලි පහන් නිවා දැමීම,විදුලි පංකා නිවා දැමීම,විනිශ්චය ආසනයෙන් නැගී සිටීම හා අදාල තින්දුව අත්සන් කරන ලද පෑන කඩා දැමිම සිදු කරන නමුත් අද දිනයේ මා එම සාම්ප්‍රධායික ක්‍රියා කිසිවක් විවෘත අධිකරණයේදී සිදු නොකරමි.
එයට හේතුව වන්නේ ගරු ශ්‍රේෂ්ඨ මහාධිකරණ විනිසුරු වරයෙකු වු සරත් අඹේපිටිය මහතා ඝාතනය කර ඒ සදහා මිනී මැරීමේ චෝදනාවට වරදකරු වු චූදිතයින්ට ද මෙරට ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද එම තීන්දුව ස්ථිර කිරීමෙන් පසුවද අද වන තෙක් මෙරටෙහි මරණීය දණ්ඩණය ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක නොවීම මෙන්ම ඇතැම් තවත් මරණීය දණ්ඩනය නියම කරන ලද අවස්ථාවල දී ඒ ආකාරයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පවා එකී මරණීය දණ්ඩනය ස්ථිර කර තිබියදීත් ඇතැම් එවැනි චුදිතයින් පවතිනා නිති රාමුව තුළ සමාවන් මත නිදහස් වී යාම යනාදී ක්‍රියා කලාපයන් තුළ මරණීය දණ්ඩනයක් මේ ආකාරයෙන් සාමාන්‍ය පුද්ගලයකු සම්බන්ධයෙන් නියම කිරීමේදී සාම්ප්‍රධායිකව එසේ කරනු ලබන පෙර කී ක්‍රියාවන්හි අදාළතාවයක්,ප්‍රායෝගිකතාවයක් නොමැතිය.
ඒ අනුව මා විනිශ්චය ආසනයේ නියමිත සෙසු නඩුවල තින්දු ප්‍රකාශ කරන ආකාරයෙන් ඉඳ මරණීය දණ්ඩනයේ නියමය චුදිතට කියවා දී මරණ දණ්ඩනය නියම කරමි යැයි මහාධිකරණ විනිසුරු වරයා වැඩි දුරටත් පැවසීය.
මාතර රෝහලේ මිනි කාමරය විෂ ඝෝර සතුන්ගේ රජ දහනක්
මාතර මහ රෝහලේ මෘත ශරීරාගාරය තුළට රිංගා සිටින නයි, ගැරඩි, මීයන්, කැරපොත්තන්, තලගොයි හා කබරුන් ආදී සතුන් මළ සිරුරු කා දැමීම නිසා මල් ශාලා සේවකයන් හා මිය ගිය පුද්ගලයන්ගේ ඥාතීහු දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටිති.
විශේෂයෙන්ම මෘත ශරීරාගාරයේ යකඩ දොරක් කැඩී අබලන් වීම ඊට හේතුව බව රෝහල් සේවකයෝ පවසති.
මළ සිරුරු රැක ඉකුත් දිනවල කන්, නාසය, ඇතුළු අවයව මීයන් හා කබරුන් ඇතුළු සතුන් සපා කා තිබු බව මල් ශාලා සේවකයින් පැවසීය.
මේ පිළිබඳව මාතර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ ඉහල නිලධාරීයෙක්ගෙන් විමසූ විට කියා සිටියේ යකඩ දොර අබලන් වීම ඊට හේතු වී තිබෙන බවත් රෝහල් බලධාරීන් අවස්ථා කිහිපයක දී ඒ පිළිබඳව දැනුවත් කර තිබෙන බවත්ය.
https://www.lankadeepa.lk/latest_news/%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB-%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A-%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92-%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA-%E0%B7%80%E0%B7%92%E0%B7%82-%E0%B6%9D%E0%B7%9C%E0%B7%8A%E0%B6%BB-%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%BB%E0%B6%A2-%E0%B6%AF%E0%B7%84%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A/1-603245
සමාගමක් මුතු රාජවෙල පර්චස් 65.000 බූදලයට ලියාගෙන

පරිසර සංවේදී කලාපයක්වන මුතුරාජවෙල වගුරු බිමෙහි පර්චස් හැට පන් දහස් එකසිය දෙකක (65,102) භූමි ප්‍රමාණයක් පර්චසය රුපියල් 500 බැගින් මිලදීගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා ) ඉහළ අවධානය යොමුවී ඇත.
කට්ට පැන්න මෛත්‍රී ගස් බදියි

ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව කොහු ලණු කැරලි කීපයක් ගෙන අසල ඇති විදුලි කණුවක බැඳ දමා පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබා දුන් ලබාදුන් තොරතුරකට අනුව සැකකාර මන්ත්‍රීවරයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ගෑස් ටැංකි පුපුරන්නේ ඇයි.
සපුගස්කන්ද පිරිපහදු රසායනාගාර හිටපු ප්‍රධානි සිරිල් සුදුවැල්ල සහ පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන චමුදිත සමරවික්‍රම සමග
ආයුර්වේදයට මුවා වි ඇඟ විකුණලා
මීගමුව කටුව ප්‍රදේශයේ ආයුර්වේද සම්බහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවෙසක් වටලා එහි කළමනාකරු ඇතුළු කාන්තාවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
වයස අවුරුදු 30,31 සහ 37 යන වයස්වල පසුවන සැකකාරියන් අම්බලන්තොට, කොලොන්නාව සහ පැපොල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියන් බව ද පොලිසිය සඳහන් කරයි.
මීගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
රඹුක්කන ප්‍රා මන්ත්‍රි කොට අදිද්දී මාට්ටු
රඹුක්කන ප්‍රාදේශීය සභාව නියෝජනය කරන පොදූජන පෙරමුණේ මන්ත්‍රීවරයකු බව කියන පුද්ගලයෙක් බලපත්‍ර නොමැතිව මහෝගනී කොටන් ලොරියක පටවා ගෙන යද්දි කැගල්ල කලුගල්ල මාවතේ දි නාරම්බැද්ද විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් අද අලුයම අත්අඩංගූවට ගනු ලැබීය.
ඔහුටම අයත් ලොරියක් මෙම කොට තොගය ප්‍රවාහනය කර ඇති අතර ඔහුම එම ලොරිය පදවා ගෙන ගොස් ඇත.
සැකකාර මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් පසූ පොලිස් ඇපමත මුදාහැර කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ලබන 8 වැනි දා වෙත පෙනී සිටින ලෙස දන්වා ඇත.
මස් කඩයට හරක් ඇද්ද රාජ්‍ය ඇමැති සම්බන්ධීකරණ ලේකම් මාට්ටු
රාජ්‍ය අමාත්‍යවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව කියන පුද්ගලයකු මත්තල ප්‍රදේශයෙන් සොරකම් කරන ලද ගවයන් 22 බණ්ඩාරවෙල මස් කඩයකට රැගෙන යමින් සිටියදී ලුණුගම්වෙහෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය
ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමය විසින් ප්‍රධාන සැකකරුට 2020 වර්ෂයේ වන සත්ව සංවිධානයේ සභාපති ලෙස සහතික පත්‍රයක් නිකුත් කර ඇති අතර එම සහතික පත්‍රය ප්‍රයෝජනයට ගෙන ගවයින් ප්‍රවාහන කටයුතු නීතිමය අවසරයකින් තොරව සිදුකර ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
ප්‍රදේශයේ ගවපට්ටිවලින් මිලදී ගන්නා ගවයින් මෙලෙස ප්‍රවාහනය කරන බව පෙන්වා සැකකරු මෙම හරක් ප්‍රවාහනය කර ඇත.
ගවයින නිදහස් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා ලබාදී ඇති ස්තුති ලිපියක් පෙන්නා සැකකරු පැන යාමට උත්සහා කළ ද එය අසාර්ථක වී ඇත.
https://www.lankadeepa.lk/news/%E0%B6%B8%E0%B7%83%E0%B7%8A-%E0%B6%9A%E0%B6%A9%E0%B6%BA%E0%B6%A7-%E0%B7%84%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A-%E0%B6%87%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF-%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%87%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92-%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%93%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB-%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A-%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94/101-604051
ගංජා ජාවාරමේ ගිය කොස්තාපල් මාට්ටු
රුපියල් ලක්ෂ 10 ක ට අධික වටිනා කේරළ ගංජා තොගයක් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයකු ඇතුළු දෙදෙනෙක් විශේෂ කාර්ය බළකාය මඟින් පුලියම්කුලම් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබූහ.
පුලියන්කුලම ශ්‍රී මුත්තුකුමාර නගර ප්‍රදේශයේදීයි කේරල ගංජා කිලෝ 7කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත .
ඔහු ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඔහුට මෙම ගංජා ලබා දුන් බව කියන ඕමන්ත පොලිස් මුරපොලට අනුයුක්ත රාජකාරි කරමින් සිටි පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.
අත්අඩංගුවට ගත් දෙදෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා වව්නියාව පොලිසියට භාර දී ඇත.
https://www.lankadeepa.lk/news/%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F-%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%9A-%E0%B6%9C%E0%B7%92%E0%B6%BA-%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94/101-604655
මාතලේ අක්කර 20ක රජයේ ඉඩමක් අක්කරය රුපියල් 830ට දීලා
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් පලාපත්වල ප්‍රදේශයේ ඉඩම් 20ක් අක්කරයක් රුපියල් 830 බැගින්වු මුදලකට ව්‍යාපාරියකුයට ලබා දී ඇතැයි මාතලේ ප්‍රදේශීය සභා සභාපති කපිල බණ්ඩාර හන්දෙනිය මහතා පවසයි
ඒ මහතා මේ බව කියා සිටියේ පැවැති මාසික සභා රැස්වීමේදිය.
2013 වසරේ පරිසර වැඩසටහනක් සිදු කිරිම සදහා අක්කර 5ක් ඉල්ලුවත් මේ දක්වා එය ලබා නොදුන් බව ද සභාපතිවරයා මෙහිදී කියා සිටියේය. අපි අවුරුදු ගණානාවක් තිස්සේ රජයේ වැඩකට ඉඩමක් ඉල්ලුවාම එක එක නිති දානවා.
නමුත් වෙනත් අයට මාසයක් ඇතුළත සියලු ලිපි ලේඛන හදලා දෙනවා. අපි ළගට එන්නේ වෙළඳ බලපත්‍රය ගන්න විතරයි. සියලු දේ කොළඹින් කරගෙන තියෙන්නේ. පසුගිය ආණ්ඩුව කාලයේදිත් සිදු වුණා. මේ ආණ්ඩුවෙත් මේ දේ වෙනවා.
මහා පරිමාණ ඉඩම් විකිණිමේ මාෆිායවක් සිදු වෙනවා. මේක මාතලේ ප්‍රදේශයට පමණක් නොව දිස්ත්‍රික්කය පුරාම ඉඩම් මංකොල්ලයක් සිදු වෙනවා. අහිංසක මිනිස්සු ජිවත්වෙන්න පර්චස් 10ක් ඉල්ලා ගියාම රටේ නැති නිති කියනවා. නමුත් දේශපාලන හයිය, මුදල් යහමින් තියන අයට මේ නිති මොකවත් නැහැ.අපේ තියෙන වටිනාම ඉඩම් ලබා දෙනවා.යැයිද සභාපතිවරයා පැවසිය.
විපක්ෂ නායක ගාමිණි කොස්තා මහතා කියා සිටියේ මේ සිදුවන ඉඩම් විනාශය වහා නැවතිය යුතුයි. අපට ඉඩම් කිහිපයක් ගන්නා අවස්ථා ගණනාවකදි කතා කළා. නමුත් එය සිද්ධ වුණේ නැහැ.දැන් වෙනත් ක්‍රම මගින් ඉඩම් ලබා දිම් සිදුවෙනවා.අපි මේවාට එරෙහිව හඩ නැගිය යුතුයි.මේ දේවල් සිද්ධවෙන්න දෙන්න බැහැ.
https://www.lankadeepa.lk/latest_news/%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A-%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB-20%E0%B6%9A-%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A-%E0%B6%89%E0%B6%A9%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A-%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA-%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A-830%E0%B6%A7-%E0%B6%AF%E0%B7%93%E0%B6%BD%E0%B7%8F/1-604636
අම්මයි තාත්තයි මාස තුනේ දුව විකුණා කුඩු ගහලා
තෙමසක් වයසැති කුඩා බිළිඳියක රුපියල් ලක්ෂ 7කට අලෙවි කළ එම මුදල්වලින් මත්කුඩු පානය කළ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය කියයි.
කුරුණෑගල නගරයේ නීතිඥවරයකු මගින් ලියුමක් ලියා එම සිඟිතිය අනුරාධපුර ප්‍රදේශයේ යුවළකට අලෙවි කර ඇති බවට අනාවරණ වී ඇත.
කුඩු සමග අත්අඩංගුවට ගත් මෙම කතගේ බෑගයේ කුඩා දරුවකුගේ ගවුමක් තිබී ඒ පිළිබඳව සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම ජාවාරම අසු වී ඇත.
දරුවා අලෙවි කළ මුදලින් සැකකාර අඹුසැමි යුවළ රුපියල් 30,000 කුඩු මිලට ගෙන ඉතිරි 6,70,000 මුදල බැංකුවේ තැන්පත් කර ඇති බවට මූලිකර පරික්ෂණවලින් අනාවරණය වි ඇත.
https://www.lankadeepa.lk/news/%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%BA%E0%B7%92-%E0%B6%AD%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%92-%E0%B6%B8%E0%B7%8F%E0%B7%83-%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%9A-%E0%B6%AF%E0%B7%94%E0%B7%80-%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F-%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94-%E0%B6%9C%E0%B7%84%E0%B6%BD%E0%B7%8F/101-605121
බිරිය මුදලට විකුණුවැයි සැමියා හෝටලයක යකා නටලා
රූමත් දෙදරු මවක වේයන්ගොඩ හිග්ගොල්ලවත්ත ප්‍රදේශයේ හෝටලයක තබා ගෙන ගණිකා වෘත්තියේ යෙදවූ බව කියන සිද්ධියක් සම්බන්ධව එම හෝටලයේ සේවකයකුට සහ දෙදරු මවට පහර දුන් බව කියන ඇයගේ සැමියා අත් අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලීසිය අද (20) පැවසීය.
දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් වන රූමත් විවාහක කාන්තාවක් සමග කිසියම් පුද්ගලයෙකු ප්රේාම සම්බන්ධයක් පවත්වා ඇයව වේයන්ගොඩ හිග්ගොල්ලවත්ත ප්ර්දේශයේ හෝටලයකට රැගෙන විත් මුදල් ඉපයීම සඳහා ගණිකා වෘත්තියේ යෙදවූ බව කියමින් ඊයේ (19) පස්වරුවේ පහර දීම සිදු කොට ඇති බවද පොලීසිය කීය.
එම කාන්තාවගේ සැමියා හෝටලයට කඩා වැදී පළමුව එම කාන්තාවට පහරදී ඇති බවත් ඒ අවස්ථාවේ එහි සේවකයෙකු පහරදීම වීඩියෝ ගත කළා යැයි කියමින් ඔහුටද පහර දීමෙන් අනතුරුව හෝටලයටද පහරදී අලාභ හානි සිදු කොට පලා ගොස් සිටියදී අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියා සිටියේය.
එම හෝටලය තුල කාන්තාවන් මුදලට අලෙවි කරනවාද යන්න පිළිබඳව වෙනම පරීක්ෂණයක් පවත්වා ගෙන යන බවත් මෙයට පෙරද එම කාන්තාව මෙම හෝටලය තුල තබා ගෙන සිටි බවට තොරතුරු ලැබී ඇති බවද පොලීසිය කීය.
අත් අඩංගුවට ගෙන සිටින සැකකරු රැකියාව සදහා නිවසින් පිටව යාමෙන් පසුව බිරිය හෝටලයට කැදවා ගණිකා වෘත්තියේ යොදවන බවද පරීක්ෂණවලදී හෙළි වී ඇත.
පහර දීම සම්බන්ධව අත් අඩංගුවට ගෙන සිටින සැකකරු අත්තනගල්ල මහේස්ත්රාතත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික සිල්වා හා අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරි ප්‍රභාත් දයානන්ද යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්රතධාන පොලිස් පරීක්ෂක චන්න වෑත්තෑව මහතා ප්රනමුඛ එහි පොලිස් නිලධාරීහු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.
https://www.lankadeepa.lk/news/%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA-%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B6%A7-%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B7%92-%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F-%E0%B7%84%E0%B7%9D%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A-%E0%B6%BA%E0%B6%9A%E0%B7%8F-%E0%B6%B1%E0%B6%A7%E0%B6%BD%E0%B7%8F/101-605197
කොස්තාපල්වරියකට කැත වැඩක් කළ ඕ.අයි.සී මාට්ටු
ආධුනික පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර සිදු කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැක පිට ගන්දර පොලිස් ස්ථානයේ ස්ථානාධිපති වරයා ඊයේ (24) රාත්‍රී සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
පොලිස් ස්ථානය තුලදී ආධුනික පොලිස් කොස්තාපල්වරියට ඔහු මෙම අතවරය සිදු කර තිබෙන බව කියති.
මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතාගේ උපදෙස් මත ඒ පිළිබඳව විශේෂ විමරශනයක් සිදු කල පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් පොලිස් ස්ථානාධිපතිවරයා අත් අඩංගුවට ගනු ලැබීය.
ඔහු අද දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
කොස්තාපල් කුඩු සමග මාට්ටු
පොලිස් කොස්තාපල්වරයකු රුපියල් ලක්ෂයක් පමණ වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමග අද රාත්‍රි අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අහුන්ගල්ල පොලිසියේ රාජකාරි කරන කොස්තාපල්වරයකු බව පොලිසිය කියයි .
ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම කළුතර ගල්අස්සේන ප්‍රදේශයේ දී සැකකරු පරීක්ෂා කොට හෙරොයින් ග්‍රෑම් 6 යි මිලිග්රැම් 570 ක් සොයාගෙන , ජාවාරම සඳහා යොදා ගත් බැව් කියන ජංගම දුරකථනය ද පොලිස් භාරයට ගෙන තිබේ .
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .
කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර මහතාගේ උපදෙස් පරිදි විමර්ශන කණ්ඩායම් 2 ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වීරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වැටලීම සිදුකර තිබේ.
ශිවන්‍යා සොයාගිය දැරියන් මවුපියන් බාරයට
රූපවාහිනි නාලිකාවක දිනපතා විකාශය වන ප්‍රසිද්ධ ඉන්දියානු ටෙලි නාට්‍යයක චරිත දෙකක් වන ශිවන්යා සහ ෂේෂා සියසින් දැක බලා ගැනීම සදහා ඉන්දියාවට යාමට නිවසෙන් පැන ගිය ගැහැණු දරුවන් තිදෙනකු හොරොව්පොතාන නගරයේ දී අද (31) දහවල් සොයාගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.
දරුවන්ගේ දෙමාපියන් විසින් පොලිසියට සිදුකරණ ලද පැමිණිල්ලකට අනුව සිදුකරන ලද විමර්ශනයකදී එලෙස පොලිස් භාරයට ගනු ලැබුවේ හොරොව්පොතාන, පහල කුබුගොල්ලෑව,ඉදිපිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 8, 12, සහ 13 යන වයස් සීමාවන්වල පසුවන ගැහැනු දරුවන් තිදෙනෙකි.
අද (31) අලුයම 4:30 ට පමණ මෙම දරුවන් දෙමව්පියන්ට හොරෙන් නිවසින් පැන ගොස් ඇති බව පොලිසිය කියයි.
නිවසේ සිට කිලෝමීටර් දෙකක් පමණ වල් අලි ගහන කැලෑවක් මැදින් දිවෙන මාර්ගයක වැලිමුවපොතාන හන්දිය දක්වා පාගමනින් පැමිණ ඇති දරුවන් එතනදී ත්‍රිකුණාමලය සිට යාපනය බලා ගමන් කළ ලංගම බස් රථයකට අළුයම පහයි හතළිස් පහට පමණ ගොඩ වී ඇති බව පොලීසිය කියයි.
පසුව එම බස් රථයෙන් කැබිතිගොල්ලෑව නගරයට පැමිණි ඇති දරුවන් යළි කැබිතිගොල්ලෑවේ සිට කහටගස්දිගිලිය නගරය දක්වා දිවෙන බස් රථයකින් කහටගස්දිගිලිය නගරයට පැමිණ තිබේ. මාර්ගය වැරදුනු බව දැනගත් ඔවුන් යළිත් කාහටගස්දිගිලිය නගරයෙන් හොරොව්පොතාන බලා දිවෙන බස් රථයකය නැග හොරොව්පොතාන නගරයට පැමිණ යාපනයට යෑම සදහ යාපනය බස් නවත්වන ස්ථානයෙ සිටියදී අද (31) දහවල් 10:30 ට පමණ පොලීසිය විසින් සොයාගෙන තිබේ.
කලක සිට ශිවන්යා බැලීමට තමන් සැලසුම් කර තිබුණ බවත් ඔවුන් සිටින්නේ ඉන්දියාවේ බැවින් ඉන්දියාවට යෑමට ආසන්නම නගරය යාපනය බව යහලුවෙකු පැවසූ නිසා මුලින්ම යාපනය නගරයට ගොස් බෝට්ටුවකින් ඉන්දියාවට යාම තම අරමුණ වූ බවත් පොලිස් භාරයට ගත් දරුවන් ප්‍රශ්න කිරීමේ දී පවසා ඇත. ඊට පෙර දෙමවුපියන්ගේ ඡංගම දුරකතන භාවිත කර ඉන්දියාව පිහිටි ස්ථානය පිළිබඳ අවබෝධයක් තමන් ලබා සිටි බවද පවසා ඇති ඔවුන් ඒ සඳහා දීර්ඝ කාලයක සිට මුදල් එකතු කර ලග තාබාගෙන සිටි බවද පොලිසියට පවසා තිබේ.
පොලිස් භාරයට ගත් දරුවන් ඔවුන්ගේ දෙමව්පියන් ගෙන්වා දැඩිව අවවාද කිරීමෙන් පසු යලි භාර දිමට කටයුතු කර තිබූ අතර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නවීන් ඉන්ද්‍රජිත් දායානන්ද මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගාමිණී ජයවර්ධන, ළමා හා කාන්තා කාර්යාංශයෙ ස්ථානාධිපතිනි සැරයන් (1801) රංජනී,(35911) පුෂ්පකුමාර,(55687) රාජපක්ෂ,කාන්තා පොලිස්(8595) සංජීවනී යන නිලධාරීහු සිද්ධියට අදාළ පරීක්ෂණ සිදු කළහ.
සිසුවියන්ට අමුතු පාඩමක් කියා දුන් කොස්තාපල් මාට්ටු
පානදුර ප්‍රධාන බාලිකා පාසලක පාසල් සිසුවියකට නිරුවත පෙන්වූ පොලිස් කොස්තාපල්වරයකු අද (12) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
සිසුවියන් දෙදෙනකු පාසලට එමින් සිටියදී මෝටර් රථයක සිටී පුද්ගලයකු ඇඳසිටි කලිසම පහත් කර ඔවුන් දෙදෙනාට නිරුවත පෙන්වා ඇති බවට විදුහල්පතිනිය ලබාදුන් තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රදේශයේ සීසීටීවී දර්ශන පරික්ෂා කිරීමෙන් අනතුරුව අදාළ මෝටර් රථය පිළිබඳ සොයා සොයා බැලීමේදී ,එය කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ගණකාධිකාරීවරිය ගේ නිළ රථය බවට හඳුනාගෙන ඇත .
අදාල රථයේ රියදුරු වන මොරගහහේන මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයකු මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ .
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .
මූලස්ථාන පොලිස් පරීක්ෂක චාමින්ද පින්තු මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝහණ ද සිල්වා ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.
යාන්ත්‍රික කියතකින් බාප්පා ඥාති පුතාගේ කකුල කපලා
ගස් කැපීම සඳහා උපයෝගී කරගන්නා යාන්ත්‍රික කියතකින් පුද්ගලයකුගේ කකුලක් කපාදමා ඝාතනය කිරීමේ සිද්ධියක් කටුගස්තොට පොලිසිය කියයි.
පුද්ගලයන් දෙදෙනෙකු අතර වැටක මායිමක් සම්බන්ධයෙන් පෙරේදා (30) සවස ඇතිව තිබෙන බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් එක් අයකු ඔහු සතුව තිබූ යාන්ත්‍රික කියත පණගන්වා මියගිය අයගේ කකුල වෙන්වෙන ලෙස එල්ල කොට ඇති අතර ඉන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ .
එසේ මියගොස් ඇත්තේ ප්‍රදීප් ප්‍රසන්න (28) නැමැති අවිවාහක පුද්ගලයෙකි .
ප්‍රහාරය සඳහා යොදාගත් බව කියන යාන්ත්‍රික කියත සහ සැකකරු කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර එසේ අත්අඩංගුවට ගත් පුද්ගලයා මියගිය අයගේ බාප්පා බව ද ඔහු වෘත්තියෙන් ගස් කපන්නකු බවද පොලීසිය කියයි .
මියගිය පුද්ගලයා සහ අත්අඩංගුවට ගත් සැකකරු හමංගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවන් බවද පොලිසිය කියයි .
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සී. කේ. රත්නායක මහතාගේ සහ සහකාර පොලිස් අධිකාරී දයාල් ඉලංකොන් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ මෙහෙයවීමෙන් එහි අපරාධ අංශය වැඩිදුර විමර්ශන සිදු කරයි .
හිමිනමක් වෙනුවෙන් විභාගය ලියූ හිමිනමක් අල්ලයි
කොක්මාදුව වැලිගම ප්‍රදේශයේ විහාස්ථානයක හිමිනමක් වෙනුවෙන් ව්‍යාජ ජාතික හැදුනම්පතක් භාවිතා කර 2021 අ.පො.ස/උසස් පෙළ විභාගයට පෙනී සිටි බව කියන තවත් හිමිනමක් පුත්තලම ශාන්ත මරියා දෙමළ විද්‍යාලයේ විභාග ශාලාවේ දී සැක පිට අද (15) අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසය කියයි.
පුත්තලම ශාන්ත මරියා දෙමළ විද්‍යාලයේ විභාග ශාලාවේ හතර වන දිනට අ.පො.ස/උසස් පෙළ සිංහල විෂයේ දෙවන කොටස ප්‍රශ්න පත්‍රයට පෙනී සිටියදී මෙම හිමිනම පිළිබදව සැකසිතී විභාග ශාලාදීපති භාරයට ගෙන ඇත.
ඉන් අනතුරුව සිදු කල මූලික විමර්ෂණ වලින් පසුව මෙම සැකකාර හිමි නම පොලීසියට භාරදී තිබේ.
මෙලෙස පොලිස් අත් අඩංගුවට ගෙන ඇත්තේ මහහීල්ල ඉසුරුපුර බෙලිඅත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකි.
සිද්ධිය පිළිබදව අත් අඩංගුවට ගත් හිමිනම පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය පිළිබදව පුත්තලම පොලීසය පරීක්ෂණ පවත්වනු ලබයි.
නඩු භාණ්ඩ බාරකරු කොස්තාපල් එක්ක කුඩු ජාවාරමක
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කොට තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 750 ක් පොලිස් කොස්තාපල්වරයකු සමග විකුණූ බව කියන එම අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ භාරකරු සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තාකර ඇත.
මෙම සිද්ධියට අදාළව ගොතටුව පොලිසියේ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. ප්‍රභාකරන් මහතා හමුවට ඉකුත් 22 වැනිදා ඉදිරිපත් කළ අවස්ථාවේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මෙම කරුණු ඉදිරිපත් කළේය.
හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 48 ක් සහ මුදලින් රුපියල් ලක්ෂ 12 ක් සමඟ වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී සැකකරුවෙකු ඉකුත් 21 වැනි දා අත්අඩංගුවට ගත් බවත්, ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී ඔහුට එම මත්ද්‍රව්‍ය ලබාදී ඇත්තේ ගොතටුව පොලිසියේ පොලිස් කොස්තාපල් වරයෙකු බවට කරුණු අනාවරණය වූ බවත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව එම සැකකරු මාර්ගයෙන් දුරකථන ඇමතුමක් දී තවත් හෙරොයින් මිලදී ගැනීමට යැයි පවසා පොලිස් කොස්තාපල්වරයා ගොතටුව ප්‍රදේශයේ උද්‍යානයක් අසලට ගෙන්නූ බවත් එහිදී ත්‍රිරෝද රථයක සිවිල් ඇඳුමෙන් පැමිණි සැකකාර පොලිස් කොස්තාපල්වරයා සතුව තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 750 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
එම පොලිස් කොස්තාපල්වරයාගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදි ඔහුට මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය ලබාදී ඇත්තේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ නඩු භාණ්ඩ භාරකරු විසින් බවට කරුණු අනාවරණය කරනු ලැබූ බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේය.
https://www.lankadeepa.lk/latest_news/%E0%B6%B1%E0%B6%A9%E0%B7%94-%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9-%E0%B6%B6%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB%E0%B7%94-%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A-%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94-%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A/1-611983
බාල බෙහෙත් කෝටි ගණනක් මව්වරුන්ට පොවලා

ගර්භනී මවුවරුන්ට සහ ඇතැම් රෝගීන්ට ලබාදෙන ෆෝලික් ඇසිඩ් පෙති( folic acid tablets BP1mg) කෝටි 55,245 කට වැඩි ප්‍රමාණයක් (මිලියන 552,452) තත්වයෙන් අසමත්වීම හේතුවෙන් ඉවත් කර ඇතත් ඒවා ඒ වනවිටත් රෝගීන්ගෙන් සියයට 98 කට ලබාදී තිබූ බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අලුත්ම වාර්තාවේ සඳහන් වේ.
එම වාර්තාවේ දැක්වෙන අන්දමට මෙම පෙති මිලදී ගෙන ඇත්තේ 2013,2014 සහ 2015 යන වර්ෂ සඳහාය.
ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටියකට ආසන්නය.
මාස නවයේ දරුවාට වස දී මව පැන යයි
තම සැමියා රැකියාවක් සොයා ගැනීම සදහා ගිය අතරතුර දී බිරිය තම නම මස් බිළිදාට විෂ ද්‍රව්‍යක් පොවා මරා දමා නිවසින් පැන යාමේ පුවතක් මාලිම්බඩ පොලීසියෙන් වාර්තා වෙයි.
එසේ මරුමුවට පත්ව ඇත්තේ තෙලිජ්ජවිල ඇල්ගිරිය කන්දහේනේ පදිංචිව සිටි වීරතුංග ආරච්චිගේ පසිදු ප්‍රභාත් (09) නැමැති බිලිදෙකි.
එම බිළිදා හා අවුරුදු තුනක් වයසැති දරුවා නිවස තුළ අඩන ශබ්දය අසල්වැසි නිවසේ පදිංචි ලොකු අම්මාට ඇසී පැමිණ බලන විට මෙම අපරාධය පිළිබඳව තොරතුරු හෙලි වී ඇත.
ඒ වන විටත් කෙදිරිගාමින් සිටි නව මස් බිලිදා ඉතා ඉක්මණින් ත්‍රීරෝද රථයක් ගෙන්වා අකුරැස්ස රජයේ රෝහල වෙත රැගෙන යාමට ඇය කටයුතු කර තිබේ.
කෙසේ වෙතත් රෝහල් ගත කරන විටත් එම බිලිදා මිය ගොස් සිටි බව වෛද්‍යවරු තහවුරු කළහ.
කිසියම් විෂ සහිත යමක් පොවා එම දරුවා ඝාතනය කර මව පැන යන්නට ඇති බවට පොලීසිය සැක කරයි.
ඇය විසින් ලියා තබන ලද ලිපියක් ද පොලීසිය සොයා ගෙන ඇත.එහි සඳහන්ව ඇත්තේ වැඩිමල් දරුවාට තමා ආදරය කරන බවත් මේ කළ දෙයට සමාවක් නොදෙන ලෙසත්ය.
22 හැවිරිදි සැකකාර මව සැක පිට අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
මිය ගිය බීළිදාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබේ.
මහේස්ත්‍රාත් නියෝගයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මරණයට නිශ්චිත හේතුව සොයා ගන්නා බව පොලීසිය කියයි.
https://www.lankadeepa.lk/latest_news/%E0%B6%B8%E0%B7%8F%E0%B7%83-%E0%B6%B1%E0%B7%80%E0%B6%BA%E0%B7%9A-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%A7-%E0%B7%80%E0%B7%83-%E0%B6%AF%E0%B7%93%C2%A0%E0%B6%B8%E0%B7%80-%E0%B6%B4%E0%B7%90%E0%B6%B1-%E0%B6%BA%E0%B6%BA%E0%B7%92/1-614937
දරුවා ඇකයේ සිටියදී මවගේ ගෙල කපා රන් මාලය පැහැර ගනී
අත දරුවෙකු රැගෙන නිවසට යමින් සිටි එක් දරු මවකගේ ගෙල තියුණු ආයුදයකින් කපා ඇය ඝාතනය කර ගෙල බැදි රන් මාලය කඩාගෙන යාමේ දුක්මුසු පුවතක් පොල්පිතිගම පොලිසියෙන් වාර්තා වෙයි.
මෙලෙස ඝාතනයට පත්ව ඇත්තේ ඉරුදෙණියාය, තොළඹුඇල ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 35 හැවිරිදි කාන්තාවක බව පොලීසිය කියයි.
ඝාතනයට ලක් වූ තැනැත්තියගේ සැමියා වයඹ ඇළ ව්‍යාපෘතියේ සේවය කරන අතර අද පෙරවරු කාලයේ දී පොල්පිතිගම නගරයට ගොස් නිවෙසට අවශ්‍ය බඩු රැගෙන ආපසු නිවෙසට යන අතර තුර මෙම අබැද්දියට මුහුණ දී ඇත.
ඝාතනය ලක්වන අවස්ථාවේ අගේ අවුරුදු එක හමාරක් පමණ වයසැති දරුවා වඩාගෙන සිට ඇතැයි පොලීසිය සදහන් කරයි.
ඉරුදෙණියාය තොළඹුඇළ ප්‍රදේශයේ දී ඇයගේ ගෙල බැදි මාලය කඩා ගන්නා අවස්ථාවේදී වෙස් වලා සිටි සැකකරු ඇය හදුනා ගත් බවත්, එම සොරකමෙන් බේරෙන්නට සැකකරු මෙලෙස ගෙල කපා පලාගොස් ඇති බවට තොරතුරු අනාවරණය වන බවත් පොලීසිය පවසයි.
මෙම සිද්ධියත් සමග අත දරුවා කෑ ගසා ඇති අතර ඒ ශබ්දය ඇසී අවට කතක් දරුවා වඩාගෙන තුවාලකරු රෝහල් ගත කර කොට ඇතත් ඇය ඒ වනවිටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම අපරාධය සිදු කොට රන් මාලය කඩාගෙන පලා ගොස් ඇති සැකකරු මේ වනවිට හදුනා ගෙන සිටින බැවින් ඔහු අත් අඩංගුවට ගැනීම සදහා මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.
https://www.lankadeepa.lk/news/%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F-%E0%B6%87%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A-%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%93-%E0%B6%B8%E0%B7%80%E0%B6%9C%E0%B7%9A-%E0%B6%9C%E0%B7%99%E0%B6%BD-%E0%B6%9A%E0%B6%B4%E0%B7%8F-%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA-%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB-%E0%B6%9C%E0%B6%B1%E0%B7%93/101-615853
හදාගන්න බැරි බබාලා බාර ගන්න කවුළුවක්
මවුපියන් දරුවන් මහමග අතහැර යාමේ සිද්ධීන් හැටක් පසුගිය වසර හයේදී වාර්තාවී ඇතැයි පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ කොමසාරිස් එන්.අයි ලියනගේ මහතා පැවසීය.
මේ අනුව හදාවඩා ගැනීමට නොහැකි මාස 3 ට අඩු දරුවන් බාරදීම සඳහා පළාත් මට්ටමින් කවුළු පිහිටුවීමට තීරණය කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
මේ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කරන බව දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ගවලින් පැවසෙයි.
මේ අතර දරුවන් 80 දෙනකු විවිධ හේතු මත එම කාලයේදී ඝාතනයට ලක්ව ඇතැයි පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස්වරයා කීවේය.
දරුවන් බාර ගැනීමේ කවුළුවලට සිය දරුවන් බාරදෙන මවුපියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා බව පවසන ලියනගේ මහතා මේ සඳහා වන නව නීති පාර්ලිමේන්තුවට නුදුරේදීම ඉදිරිපත් කිරීමට නියමිත බවද ප්‍රකාශ කළේය.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය අධිකරණ අමාත්‍යාංශය මාර්ගයෙන් මෙම නව නීති පාර්ලිමේන්තුවට නුදුරේම ඉදිරිපත් කෙරෙනු ඇත.
https://www.lankadeepa.lk/latest_news/%E0%B7%84%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%B6%E0%B7%90%E0%B6%BB%E0%B7%92-%E0%B6%B6%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F-%E0%B6%B6%E0%B7%8F%E0%B6%BB-%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A/1-632539
දරුවාගේ ජීවිතය අනතුරේ හෙලූ පියා මාට්ටු
විදෙස් ගතව සිටින බිරිය ගෙන්වා ගැනීමට පස් හැවිරිදි දරුවාගේ ජීවිතයට තර්ජනයක් වන අන්දමින් වීඩියෝ පටයක් නිර්මාණය කළ පියකු අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය කියයි.
එසේ අත්අඩංගුවට ගැනුණේ කුලියාපිටිය පහලපිදුම ප‍්‍රදේශයේ දෙදරු පියෙකි.
සැකකාර පියා ඉකුත් 11 දින ඉඩමේ පාළු නිවෙසකට දරුවා රැගෙන ගොස් තියුණු පිහියක් ගෙන වයස අවුරුදු 5ක පිරිමි දරුවාගේ ජීවිතය අනාරක්ෂිත වන අයුරින් එම වීඩියෝව නිර්මාණය කර දරුවාගේ ජීවිතය බේරීමටනම් බිරිය පැමිණිය යුතුයැයි කියමින් වීඩියෝවක් නිපදවා බිරියට හා ඇය විදෙස් ගතවීමට සහය දැක්වූ විදේස් රැකියා ආයතනයටද වට්ස්ඇප් තාක්‍ෂණයෙන් යොමුකර තිබිණ.
කෙසේහෝ අදාළ විදෙස් රැකියා සමාගම මාර්ගයෙන් කුලියාපිටිය මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයවීර රාජපක්‍ෂ මහතාගේ අවධානයට අදාළ වීඩියෝව ලබාදීමෙන් අනතුරුව දරුවා සිටින දැඩි අවදානම් තත්වය පිළිබඳව සලකා වහාම ක‍්‍රියාත්මක කර පොලිස් උපායක් මගින් සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබිණ.
පියාගේ පොලු පහරින් පුතා නොඑන ගමන් යයි
පිටිගල අමුගොඩ සිත්තරගොඩ ප්‍රදේශයේදී පිය - පුතු අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස්අ පියා විසින් එල්ල කරන ලද පොලු පහරවලින් පුතකු මිය ගොස් ඇති බව පිටිගල පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ 40 හැවිරිදි අයෙකි.
පියා සහ පුතා අතර ඇතිවූ බහින් බස්වීමක් මේ ඝාතනයට හේතුව වී ඇතැයි පොලීසිය කියයි.
පිටිගල පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
https://www.lankadeepa.lk/news/%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%94-%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8F-%E0%B6%B1%E0%B7%9C%E0%B6%91%E0%B6%B1-%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BA%E0%B6%BA%E0%B7%92/101-618503
ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රමක්‍රමයෙන් විනාශ කරනවා

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන නීති භාවිතා කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රමක්‍රමයෙන් විනාශ කර දමන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවාය.
දෙව්දත් පුතු පියා මරා මවට ගහලා
47 හැවිරිදි අවිවාහක පුතු එල්ල කළ පොලු පහරකින් පියා මියගොස් මව තුවාල ලබා ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගල්කිස්ස ගාලුපාර පදිංචිව සිටි වැලිගොඩ නොඑල් ද සිල්වා 70 හැවිරිදි දෙදරු පියෙකි.
පහරදුන් බව කියන සැකකාර පුතු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
ඝාතනයට ලක් වූ පුද්ගලයා අංශභාගය රෝගය වැළඳී ඇඳ මත සිට ඇති අතර සැකකාර පුද්ගලයා ඔහුගේ හිසට පහරදී ඇති අතර ඔහු ඇඳ මතම මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු දීර්ඝ කාලයක සිට මානසික ආබාධයකට ප්‍රතිකාර ගන්නා අයෙක් බවද විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය
තියුණු අවි රැගෙන ආ පිරිසක් මහ දවල් අයියයි - නංගි කපා කොට දමයි
දෙමටගොඩ ලක්හිරු සෙවන මහල් නිවාස සංකීර්ණයේ මෛත්‍රී විහාර පාරේ දී දෙනෝ දහසක් දෙනා බලා සිටියදී කඩු පොලු අතැතිව ත්‍රීරෝද රථ දෙකකින් කඩා වැදුණු 6 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පුද්ගලයකුට සහ ඔහුගේ නැගණියට තියුණු ආයුධවලින් හා පොලුවලින් පහරදී බරපතළ තුවාල සිදුකර පලායමින් සිටි කණ්ඩායමක් ඒ මොහොතේම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
එම සැකකරුවන් සමග ඔවුන් පැමිණි තීරෝද රථ දෙක, කඩු හතරක්, මන්නා තුනක් හා පොලු මුගුරු දෙකක් පොලිසියේ භාරයට ගෙන ඇත
සිද්ධියෙන් බරපතළ තුවාල ලද 52 පුද්ගලයා සහ ඔහුගේ නැගණිය වන 47 හැවිරිදි කාන්තාවක් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත
https://www.lankadeepa.lk/latest_news/%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AB%E0%B7%94-%E0%B6%85%E0%B7%80%E0%B7%92-%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1-%E0%B6%86-%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B8%E0%B7%84-%E0%B6%AF%E0%B7%80%E0%B6%BD%E0%B7%8A-%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92---%E0%B6%B1%E0%B6%82%E0%B6%9C%E0%B7%92-%E0%B6%9A%E0%B6%B4%E0%B7%8F-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7-%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92/1-619533
සිසුවිය දූෂණය කළැයි පෙම්වතා ඇතුළු පහක් අත්අඩංගුවට
පාදුක්ක ප්‍රදේශයේ දාහතර හැවිරිදි පාසල් දැරියක් සමූහ දූෂණයට ලක් කළ බව පැවසෙන ඇයගේ පෙම්වතා ඇතුළු තරුණයන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 19,20,22 සහ 27 වයසේ පසුවන පස් දෙනෙකු බව පොලීසිය කියයි .
මෙම බාල වයස්කාර දැරිය සිය මව සහ සහෝදරයා සමග නිවසේ ජීවත්ව ඇති අතර පෙම්වතා බව පැවසෙන පුද්ගලයාගේ ආරාධනයෙන් ඉකුත් 3 දා පාදුක්ක වවුල්කැලේ ප්‍රදේශයට ගොස් ඇති ඇති බව පොලිසිය කියයි ඉන් මද වේලාවක් පසුව එම ස්ථානයට පෙම්වතාගේ මිතුරන් සිව් දෙනෙකු ද පැමිණ ඇති බවත් එම අවස්ථාවේදී පෙම්වතා ඇතුළු තරුණයන් පස් දෙනකු විසින් මෙම දැරිය අවස්ථා කිහිපයකදී සමූහ දූෂණයට ලක් කර ඇති බව පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්ය .
මේ බව දැරිය සිය මව සමඟ පොලීසියට පැමිණ කල පාපොච්චාරණය කින් අනතුරුව පාදුක්ක පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශය විසින් සිදු කළ විමර්ශනයකදී දැරියගේ පෙම්වතා බව පැවසෙන පුද්ගලයා පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි .
පසුව ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී සිද්ධියට සම්බන්ධ පාදුක්ක ප්‍රෙද්ශයේ පදිංචි ඔහුගේ මිතුරන් සිව් දෙනකු ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
රැකියාවකට යන නිසා මව නිරන්තරයෙන් නිවසේ නොමැති නිසා දැරිය ඥාති නිවසක සිට ඇති අතර සිද්ධිය වූ දින එම නිවසටද නොපැමිණි ඇයගේ පෙම්වතා සමග මෙසේ වවුල්කැලේ ප්‍රදේශයට ගිය අවස්ථාවේදී මෙම දූෂණයට ලක්ව ඇති බව පැවසේ .
මෙම දැරිය මීට පෙර යුද හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් වූ පුද්ගලයකු සමඟ ද අඹු සැමියන් ලෙස හැසිරි ඇති බවටත් ඉන් පසුව මෙම පුද්ගලයා සමගද ප්‍රේම සම්බන්ධතාවයක් හටගෙන ඇති බවත් අවස්ථා කිහිපයකදී එම දැරිය තරුණයින් සමග අඹුසැමියන් ලෙස හැසිරී ඇති බවට කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.
වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දැරිය අවිස්සාවේල්ල රෝහලට ඇතුළත්කොට අත්අඩංගුවට ගත් තරුණයන් පස් දෙනා අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ .
සිද්ධිය සම්බන්ධයෙන් පාදුක්ක පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි .
ලෝකෙම දන්න අපේ හොරු ගැන සමන්තා පවර් කියූ කතාව | Siyatha News
ශ්‍රී ලාංකිකයන් ලක්‍ෂ 10ක් රට හැර ගිහිල්ලා
ශ්‍රී ලාංකිකයන් ලක්‍ෂ 10 කට අධික සංඛ්‍යාවක් පසුගිය මාස 20 තුළ විදේශගත වී ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකා නියෝජ්‍ය ආගමන විගමන පාලක පියුම් බණ්ඩාර මහත්මිය පැවසුවාය.
පසුගිය වසරේ (2021) ජනවාරි 1 වැනිදා සිට මෙම වසරේ අගෝස්තු මස 30 වැනිදා දක්වා කාලයේ පුද්ගලයන් 1,013,992 ක් නව විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන ඇති බවත් එම කාලය තුළ පුද්ගලයන් 1,050,024 ක් විදේශගතව ඇති බවත් පියුම් බණ්ඩාර මහත්මිය කීවාය.
ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් 4,497,122 ක් විදේශ ගමන් බලපත්‍ර හිමියන් බව ද ඇය වැඩි දුරටත් සඳහන් කළාය.
https://www.lankadeepa.lk/news/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82-10%E0%B6%9A%E0%B7%8A-%E0%B6%BB%E0%B6%A7-%E0%B7%84%E0%B7%90%E0%B6%BB-%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F/101-619806
මුහුණ-කට බැඳ දැමූ විහාරාධිපති හිමියන්ගේ දේහය ආවාසගෙයි ඇදක
සීදූව ප්‍ර දේශයේ විහාරස්ථානයක වැඩවිසූ විහාරාධිපති හිමිනමකගේ දේහයක් සීදූව පොලිසිය මගින් අද පස්වරුවේ සොයාගත් බව පොලිසිය කියයි.
50 හැවිරිදි මෙම විහාරාධිපති හිමියන්ගේ දේහය මුහුණ සහ කට බැඳ දමා ආවාසගෙයි ඇදක් මත තිබියදී පොලිසිය සොයාගෙන ඇති අතර සොයාගන්නා විට දේහයෙන් දුගද හමමින් තිබුණු බව පොලිසිය කියයි.
එම විහාරස්ථානයේ වැඩ විසූ 18 හැවිරිදි හිමිනමක් සිද්ධියෙන් අනතුරුව පලා ගොස් ඇති අතර එම හිමිනම සොයා පොලිස් පරීක්ෂණ සිදුකරන බව පොලිසිය කියයි.
https://www.lankadeepa.lk/news/%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB-%E0%B6%9A%E0%B6%A7-%E0%B6%B6%E0%B7%90%E0%B6%B3-%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96-%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%AF%E0%B7%9A%E0%B7%84%E0%B6%BA-%E0%B6%86%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%9C%E0%B7%99%E0%B6%BA%E0%B7%92-%E0%B6%87%E0%B6%AF%E0%B6%9A/101-619822
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ලක්ෂ 26ක් අතුරුදන්
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නඩු භාණ්ඩයක් ලෙස තිබූ රුපියල් ලක්ෂ 26 ක මුදලක් අස්ථානගත වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
උප සේවා නිලධාරීන් භාරයේ තිබූ මෙම මුදල් මීට සති දෙකකට ඉහත දී මෙලෙස අස්ථානගත වී ඇති බව දැනගන්නට ඇත. ඒ හේතුවෙන් එකම නිලධාරියකුටවත් චෝදනා එල්ල වී නැත
වෙනයම් වැටලීමකින් පොලිස් භාරයට ගන්නා මුදල්වලින් අස්ථාන ගත වු මුදල් තොගය පියවා මෙම සොරකම වසන් කිරීමට එහි ඇතැම් නිලධාරීන් උත්සාහයක් ගන්නා බව ද අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි
https://www.lankadeepa.lk/latest_news/%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A-%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82-26%E0%B6%9A%E0%B7%8A-%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A/1-619834
විශ්ව ශක්ති පෙන්නා දැරියන් දූෂණය කළ කපුවකු අල්ලයි
තමාගේ ජංගම දුරකථනයේ අඩංගු අසභ්‍ය දර්ශන නැරඹීම ප‍්‍රතික්‍ෂේප කළහොත් විශ්ව ශක්තියෙන් බන්ධනයක් සිදුකර කුසට දරුවකු ලබාදෙන බවට තර්ජනය කරමින් වයස අවුරුදු 12ක බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කළ විශ්ව ශක්තියෙන් ලෙඩ සුවකරන වෛද්‍යායතනයක් පවත්වාගෙන යන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය කියයි.
එසේ අත්අඩංගුවය ගෙන තිබුණේ කුලියාපිටිය පල්ලේවෙල ප‍්‍රදේශයේ වෙදමැදුරක් පවත්වාගෙන යමින් සුව මෙහෙයන් සිදුකරන විලපොල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වූ එක්දරු පියෙකි.
බාලවයස්කාර දැරියට වසර දෙකක කාලයක් එසේ අසභ්‍ය දර්ශන ජංගම දුරකථනය මගින් පෙන්වා ලිංගික අතවර සිදුකොට තිබිණ.
එමෙන්ම දැරිය ජලය රැගෙන ඒමට ගිය අවස්ථාවේ මුලූතැන්ගේ පිටුපස බලහත්කාරයෙන් බරපතල ලිංගික අතරව සිදුකර තිබූ බවද මූලික පොලිස් විමර්ශන වලදී හෙළිව තිබිණ.ෙ
එමෙන්ම සැකකරුගේ නිවස යාබදව නිවසක පදිංචිව සිටි දැරිය මෙම සිදුවීම් දා මයත් සමගින් පාසැල් යාම ප‍්‍රතික්‍ෂේප කර තිබූ බවත් සීඝ‍්‍රයෙන් වෙනස්කම් රැසකට භාජනය වී නිවසේ දිවිගෙවීම පවා ප‍්‍රතික්‍ෂේප කර ඇති නිසා වේයංගොඩ ප‍්‍රදේශයේ පාසැලකට ඇතුළත් කිරීමෙන් පසුව මවට දැරිය මුහුණ දුන් අමිහිරි අත්දැකීම් පැවසීමෙන් පසුව මව විසින් පොලිසියට පැමිණිළි කර තිබිණ.
https://www.lankadeepa.lk/news/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80-%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92-%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F-%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB%E0%B6%BA-%E0%B6%9A%E0%B7%85-%E0%B6%9A%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%94-%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92/101-619872
සමරිසි සමීක්ෂණයෙන් හෙළි වූ කරුණු
සමරිසි (LGBT+) පුද්ගලයන්ට දඬුවම් පමුණුවන, හෝ ඔවුන් අපරාධකරුවන් කරන නීතිවලට සෑම පුද්ගලයන් 04 දෙනකුගෙන් 03 දෙනකු සහාය නොදක්වන බව මෑතකදී සිදු කළ දීප ව්‍යාප්ත සමීක්ෂණයකින් හෙළිවී තිබේ.
ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ වෙස්ට්මින්ස්ටර් සංසදය (Westminster Forum for Democracy) ඉකුත් වසරේ සම්පූර්ණ කරන ලද සහ මෑතකදී ප්‍රකාශයට පත්කරන ලද මෙම සමීක්ෂණය, දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි සිදු කර තිබේ.
මහජන අදහස් සහ ඔවුන්ගේ හැඟීම් නිවැරදිව පුරෝකථනය කිරීමේ හැකියාව ඇති, ජාත්‍යන්තර තලයේ අවශ්‍යතා සපුරාලන මෙම සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් ගෙන් සියයට 51.4ක්ම සමරිසි (LGBT+) පුද්ගලයන්ගේ හිමිකම් වැඩිදියුණු කරන නීතිවලට සහාය දක්වන බව ද පවසා ඇත.
සමරිසි ලිංගික සබඳතා සාපරාධීකරණය කිරීම අවසන් කිරීමට සහ සමරිසි (LGBT+) පුද්ගලයන්ට එරෙහිව සිදුවන වෙනස්කොට සැලකීම් ආමන්ත්‍රණය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් දොලවත්ත විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ද ඉදිරිපත් කර ඇත.
ඉකුත් දින නිකුත් කළ නිවේදනයක් හරහා ජනාධිපතිවරයා තහවුරු කරනු ලැබුවේ, මෙම පෞද්ගලික මන්ත්‍රී යෝජනාව තම රජය ප්‍රතික්ෂේප නොකරන බවත්, ඊට අදාළව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිදහස ඇති බවත් ය.
https://www.lankadeepa.lk/latest_news/%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%92-%E0%B7%83%E0%B6%B8%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92-%E0%B7%80%E0%B7%96-%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94/1-619895
රටකට ගිය කල...

පියා රැක ගන්න ලක්ෂ දෙකක පගාවක් ඉල්ලූ දියණිවරු හත් කට්ටුව
තමන්ට රැක බලා ගැනීමට අවශය නම් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ඉල්ලන බව පවසමින් පිහිටක් පතා 82 හැවිරිදි පියකු පාදුක්ක පොලිසියට පැමිණියේය.
තම දියණියන් හත්දෙනාගෙන් කිසිවකු තමා රැකබලා ගන්නා බව ඔහු පොලිසියට කියා ඇත.
ඒ අනුව අදාල පියාගේ සුරූපී දියණියන් හත් දෙනාවද පොලිසියට කැදවීමට කටයුතු කර තිබූ අතර පාදුක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනානයක මහතා එම දියණියන්ගේ තොරතුරු සොයා බැලු අවස්ථාවේදී ඔවුන් සුඛෝපබෝගි ජීවිත ගත කරන අය බවට අනාවරණය වූ බවත් පොලිසිය පවසයි
දෙමාපියන්ට සැළකීමේ ගුණය පිළිබදව පියකු ලෙස දැනුවත් කර තම පියාගේ ජීවිත කාලයේ අවසන් සමය මේ වන බැවින් දියණියන් හත් දෙනා මාරුවෙන් මාරුවට හෝ සිය පියාව රැකබලා ගන්නා ලෙස ඉල්ලා සිටියද එම දියණියන් පවසා ඇත්තේ තම පියා රැක බලා ගැනිමට අවශය නම් තමන්ට ලක්ෂ දෙකක මුදලක් පියාගෙන් ලබා දිමට කටයුතු කරන ලෙස පොලිසියෙන් ඉල්ලා ඇත.
පියාගෙන් විමසූ විට පවසා ඇත්තේ තමන් සතුව මේ වන විට කිසිදු මුදලක් නොමැති බවත් මාතර රොටුඹ ප්‍රදේශයේ තිබූ ඉඩමක් විකුණා ලබා ගත් මුදලින් තමන්ට වකුගඩුවක් බද්ධ කිරීමට කටයුතු කළ බවත් ඉතිරි මුදලින් ලක්ෂ හතරක් බාල දියණියට ලබා දීමට කටයුතු කළ බවත් එම මුදල් ලබා ගත් බාල දියණියගේ රැකවරණයේ සිටි බවත් බෑනා විසින් තමාව සහ තම බිරිඳ පාදුක්ක මාවතගම ප්‍රදේශයේ කුළි නිවසකට ගෙනැවිත් පදිංචි කර දමා ගිය බව පවසා ඇත.
පොලිසියේ යෝජනාවට අකමැති වූ බැවැනි මෙම පැමිණිල්ල අධිකරණය හමුවට පැමිණවීමට කටයුතු කරන බවත් පාදුක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනානයක මහතා පැවැසීය.
පොලිසිය කළ ඉල්ලීම මත පිලියන්දල ප්‍රදේශයේ පදිංචි එක් දියණියක් තාවකාලිකව එම 82 හැවිරිදි පියා රැකබලා ගැනීමට කැමැත්ත පල කර රැගෙන යාමට කටයුතු කල බවද පොලිසිය පවසයි.
https://www.lankadeepa.lk/latest_news/%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F-%E0%B6%BB%E0%B7%90%E0%B6%9A-%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82-%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A-%E0%B6%B4%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A-%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96-%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94-%E0%B7%84%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80/1-620012
රට පුරා ත්‍රි පෝෂවල විෂ කාරකයක්
දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් ළදරුවන් සහ මවුවරුන් අතර බෙදා හැර ඇති ත්‍රී පෝෂ වල ඇල්ෆාට්රොීක්ෂීන් නම් වූ විෂ කාරකය අඩංගු වී ඇති බවට අනාවරණය වී නිසා එවා ත්‍රී පෝෂ ආයතනය විසින් එකතු කිරීමට කටයතු කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. උපුල් රෝහණ මහතා ඒ බව පැවැසූවේ මාදම්පේදී අද (20) පැවැති මාධ්‍යහමුවකදීය.
වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා:
‘ළදරුවන්ට සහ මව්වරුන්ට බෙදා හැරීම සදහා එවා තිබූ ත්‍රී පෝෂ නම්වූ පෝෂණීය ආහාරය දිවයින පුරා පිහිටි සෞඛ්යා වෛද්‍ය නිලධාරී කාර්යාල වලින් මේ දිනවල එකතු කරමින් සිටින බව දැනගන්න තිබෙනවා . ඒ අකාරයෙන් හදිසියේම ගබඩා කර ඇති ත්‍රී පෝෂ එකතු කරන්නේ කුමන හේතුවක් නිසාද යන්න සොයා බැලීමක් සිදු කලා. එවිට අනාවරණය වූයේ මේ වන විට බෙදා හැරීම් සිදු කරන ත්‍රී පෝෂ වල ඇල්ෆාට්රොරක්ෂීන් නම්වූ උග්‍ර විෂ කාරකය අඩංගු බවයි. ඉකුත් කාලය පුරා දිවයින පුරා පිහිටි සෞඛ්යර වෛද්‍ය නිලධාරී කාර්යාල වලට එවා තිබූ ත්‍රී පෝෂ බොහෝමයක් මේ වන විට බෙදා හැර අවසන් බවත් , එමෙන්ම බෙදා හැර ඇති එම ත්‍රී පෝෂ වලින් වැඩි ප්‍ර මාණයක් ළදරුවන් සහ මව්වරුන් අහාරයට ගෙන තිබෙනවා. මෙය ඉතාමත්ම අනතුරු දායක අවාසානාවන්ත තත්ත්වයක්.
ඇල්ෆාටොක්ෂීන් නම්වූ විෂ කාරයක අඩංගු ත්‍රී පෝෂ බෙදා හැරීමට අවසර ලබා දී ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් වහාම සොයා බලා කටයුතු කරන ලෙස අපි ඉල්ලීමක් කරනවා. එමෙන්ම මේ වන විට වෙළදපොළ තුළ තියන ඇතැම් ළදරු පෝෂණ ආහාර වලත් මේ ආකාරයට ඇල්ෆාටොක්ෂීන් ඇතුළු විවිධ විෂ කාරක අඩංගුවී තිබෙන බවට අපට තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී දිවයින පුරා ඇති වෙළද සැල් පරීක්ෂා කිරීමට අපි සුදානම්.
කිසියම් ආකාරයකට විෂ කාරක සහිත ආහාර අලවිය සදහා වෙළද පොළේ තිබී හමුවුනහොත් ඒවා නිෂ්පාදනය කර බෙදා හැර ඇති ආයන වලට සහ අලවිය සදහා තබා ගෙන සිටි ව්‍යාපාරිකයන්ට එරෙහිවත් නීතිමය ක්‍රි යා මාර්ග ගන්න කටයුතු කරනවා.“ යැයි රෝහණ මහතා කීය.
https://www.lankadeepa.lk/news/%E0%B6%BB%E0%B6%A7-%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F-%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92-%E0%B6%B4%E0%B7%9D%E0%B7%82%E0%B7%80%E0%B6%BD-%E0%B7%80%E0%B7%92%E0%B7%82-%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/101-620141
හලාවත සිසුවියකගෙන් සිසුවකුගේ උපන්දිනයට බියර් සාජ්ජයක්
හලාවත ප්‍රධාන පාසලක සිසුවියක් ඇගේ පන්තියේ සිසුවකුගේ උපන් දිනය සමරන්නට නිවසින් සොරා ගෙන ආ රුපියල් 20000 ක් යොදා ගනිමින් උපන් දින පාටියක් දමා ඇති බව වාර්තා වෙයි.
අදාල සිසුවා හා සිසුවිය 10 ශ්‍රේණීයෙ අධ්‍යාපන හදාරන බවත් සිසුවාගෙ උපන් දිනය වෙනුවෙන් මෙසේ නිවසින් හොර රහසින් රැගෙන ආ විසි දහසක් යොදා ගනිමින් බියර් පවා රැගෙන විත් මෙම පාටිය දමා ඇති බව කියයි.
වාර්තා වන අන්දමට මෙම සිසුවිය සමග පෙම් සම්බන්ධයක් පවත්වාගෙන ගිය සිසුවාගේ උපන් දිනයට මෙසේ සාදය සුදානම් කර තිබු බවයි.
කෙසේ වෙතත් පාසල තුළ උපන් දින සාදයක් පවත්වන බව ගුරුවරු විදුහල්පතිවරයා දැනුවත් කිරීමේන් පසු අදාල සාදය පැවති පංති කාමරයට විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් පැමිණ එය පරික්ෂා කර ඇති බවද කියයි.
එහිදි හෙළිවි ඇත්තේ අදාල සිසුවිය නිවසින් රැගෙන ආ රුපියල් 20000 ක් වැනි විශාල මුදලක් යොදා ගනිමින් විවිධ රසකැවිලි වර්ග සමග බියර් කෑන් කිපයක්ද යොදා ගනිමින් තිබි ඇති බවයි.
වහාම උපන් දින සාදය නවතා දැමු විදුහල්පතිවරයා අදාල සිසුවිය හා සිසුවා සේම එයට සම්බන්ධ වු අනෙක් සිසු සිසුවියන්ද විදුහල්පති නිළ කාමරයට කැදවා මොවුන්ගේ මව්පියන් පාසලට කැදවා පරික්ෂණ අරඹා ඇති බවයි.
https://www.lankadeepa.lk/news/%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD-%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A-%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7-%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A-%E0%B7%83%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/101-620490
පුතුගේ උදලු පහරින් පියා මරුට: මව රෝහලට
හෝකන්දර විද්‍යාරාජ මාවත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී පුතෙකු විසින් උදැල්ලකින් සහ පිහියකින් පහරදුන්නැයි තුවාල ලැබූ පියකු මියගොස් මව රෝහල් ගතකර ඇතැයි මාලබේ පොලිසිය කියයි.
එම ප්‍රහාරයෙන් පසු සැකකරු පියාගේ සිරුරට ගිනි තබා ඇතැයි ද පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 57 ක් වන රංජිත් සේනාරත්න නැමැති ත්‍රීරෝද රථ රියදුරෙකි.
තදින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිව පුනරුත්ථාපනය ව සිටි පුතු මව විසින් මෑත කාලයේ දී නිවසට ගෙන්වා ගෙන තිබූ අතර කිසියම් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම සිද්ධිය වී ඇතැයි පොලිසිය කියයි.
මෙම සිද්ධියට සැකකෙරෙන 28 හැවිරිදි සැකකාර පුතු අත්අඩංගුවට ගැනීමට මාලබේ පොලිසිය පරීක්ෂණ පවත්වයි
https://www.lankadeepa.lk/latest_news/%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%9C%E0%B7%9A-%E0%B6%8B%E0%B6%AF%E0%B6%BD%E0%B7%94-%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F-%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7:-%E0%B6%B8%E0%B7%80-%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7/1-620580
පාසල් ළමුන්ට කුඩු බෙදූ කතුන් දෙදෙනක් අඩංගුවට
පාසල්හි සිසුන්ක්ක ඉලක්ක කර කරගෙන මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ නිරත සැකකාරියක් හික්කඩුව ප්‍රධාන පාසලක භූමියක රැඳී සිටියදි ඊයේ (4) මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.
සැකකාරිය වයස අවුරුදු 29 කාන්තාවන් බවත් ඇය සතුව හෙරොයින් ග්‍රෑම් 8යි, ග්‍රෑම් 229ක් තිබූ බවද විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
විශේෂ කාර්ය බලකාය රත්ගම කඳවුරේ නිලධාරීන් වැටලීම සිදුකර ඇත
කාන්තාවක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හික්කඩුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මෙම කාන්තාව කාලාන්තරයක් තිස්සේ පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
https://www.lankadeepa.lk/news/%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A-%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94-%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%96-%E0%B6%9A%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A-%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7/101-620972
දරුවකු පැහැරගෙන පොර උරයක දමා වැව් තාවුල්ලකට විසි කරලා
ආණමඩුව දිවුල්වැව ප්‍රදේශයෙ නිවසක සිටි සිව් හැවිරිදි දරුවකු පැහැරගෙන ගොස් උරයක දමා ගැටගසා වැව් පිටියක දමා ගොස් සිටියදී සොයා ගත් බව ආණමඩුව පොලිසිය පවසයි.
දිවුල්වැව නිවසක සිටි දරුවා මවගෙ රැකවරණයෙ සිටියදීම ගම්මානයෙම පදිංචි මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුවකු හා සොරකම් රැසකට සම්බන්ධ 25 හැවිරිදි පුද්ගලයකු මෙසේ දරුවා පැහැර ගෙන ගොස් තිබු බව පොලිසිය කියයි.
එසේ පැහැර ගත් දරුවා නිවසේ සිට මීටර 200 කට ආසන්න දුරකින් පිහිටි දිවුල්වැව වැවේ කැලෑවකට රැගෙන ගොස් කිසියම් අතවරයකට ලක්කර පසුව පොහොර උරයකට දමා එය ගැට ගසා වැවේ කෑලැ රෝදක දමා සැකකරු පැන ගොස් තිබු බව ආණමඩුව පොලිසිය කියය.
මෙම දරුවාගේ මව නිවස ඉදිරිපිට වෙළද සැලේ සිටියදී සැකකරු මෙසේ පැහැර ගැනිම සිදුව ඇති බව කියයි.
දරුවා නොමැති බව දැනගත් මව නිවස හා වෙළද සැල අවට සොයා ඇති අතර පසුව ප්‍රදේශවාසින් සමග එක්වි දරුවා සොයද්දී උරයක දමා ඉතා අසිරුවෙන් සිටියදී බේරා ගෙන ඇති බව කියයි.
ඒ අතර තුර මෙම සිද්දියට සම්බන්ධ යැයි සැකකරන සැකකරු දිවුල්වැවට ඉහල කෑලැ බද ප්‍රදේශයක සිටියදී ප්‍රදේශවාසින් විසින් සොයා ගෙන ආණමඩුව පොලිසියෙ නිළධාරින්ට භාර දී තිබුනී.
ගම්වාසින්ගේ ප්‍රහාරයට ලක්වු සැකකරු පොලිස් නිළධාරින් දැඩි පරිශ්‍රමයක් දරා ආණමඩුව පොලිසිය වෙත රැගෙන යාම සිදුව තිබුනී.
මෙය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියට ද ගම්මාසින්ගෙන් බාධා එල්ල විය.
කසිප්පු ජාවාරමා දරුවන් දෙදෙනකුට කැත වැඩක් කරලා
ඔයාමඩුව, දේවාලය පිටුපස පිහිටි වැවේ වැව් බැම්ම මතදි දස හැවිරිදි හා පස් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනකුට කෝටුවක් පෙන්වා තර්ජනය කොට බලහත්කාරයෙන් කසිප්පු පෙවූ බව කියන කසිප්පු ජාවාරම් කරුවකු අත්අඩංගුවට ගත් බව ඔයාමඩුව පොලිසිය කියයි.
සැකකරු 25 හැවිරිදි වියේ පසුවන කසිප්පු ජාවාරම් කරුවෙකි.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත ඔයාමඩුවේ පොලිස් නිලධාරින් සැකකරු අත්අඩංගුවට ගෙන දරුවන් දෙදෙනාද සිය භාරයට ගෙන තිබුණි.
එම ස්ථානයට යන අවස්ථාවේදි දරුවන් දෙදෙනා කසිප්පු පානය කිරිමේ හේතුවෙන් අධික මත්ගතියෙන් පෙලෙමින් සිටි බවද පොලිසිය පැවසිය.
කසිප්පු පානය කිරිමේ හේතුවෙන් රෝගාතුරව සිටි දස හැවිරිදි දරුවා ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.
ශ්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක්
ශ්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක් ලෙසම පවතින බව රජය නිවේදනය කරයි.
ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුවෙන් (IBRD) ඉහළ ණය ප්‍රතිශත යටතේ වාණිජ ණය ලබා ගැනීමට තවදුරටත් හැකියාවක් නොමැති බව රජය පෙන්වා දෙයි.
එම නිසා ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) ලබාදෙන සහනදායී ණය පහසුකම ලබාගැනීම වෙනුවෙන් තාවකාලිකව ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක පවතින තත්ත්වයන් නොසලකා කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලා ලෝක බැංකුවට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ඊයේ (10) දිනයේ දී ලබා දී ඇත.
අවධානමට ලක්ව ඇති රටවලට සහනදායී ආධාර ලබාදෙන ලෝක බැංකුව යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් ලෙස ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) කටයුතු කරයි.
ඒ අනුව අතරමැදි සහනදායි ණය වැඩසටහන (Reverse graduation) ඉතා කෙටි කාලයකට පමණක් අනුගමනය කිරිමට රජය තීරණය කර තිබේ.
මෙම ක්‍රමවේදය “ගැප්” ලෙස හඳුන්වන අතර, ඉන්දුනිසියාව ඇතුළු රටවල් 12ක් මෙම ක්‍රමවේදය දැනටමත් උපයෝගි කරගෙන සහනදායී ණය ලබා ගෙන තිබේ.
https://www.lankadeepa.lk/news/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80-%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92-%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A-%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1-%E0%B6%BB%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A/101-621347
ලංකාව දුප්පත් කරන්න කැබිනට් අනුමැතිය

මැදි ආදායම් ලබන රටක් ලෙස නම් කර ඇති ශ්‍රී ලංකාව අඩු ආදායම් ලබන රටක් බවට වර්ගීකරණය කිරීමේ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති දැඩි අසීරු තත්වය හමුවේ ජාත්‍යන්තර ආයතන මගින් ණය ආධාර ලබාගැනීම පහසු කරගැනීමේ අපේක්‍ෂාවෙන් මෙසේ මැදි ආදායම් ලබන රටක සිට අඩු ආදායම් ලබන රටක් දක්වා පහත දැමීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (11) පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
https://www.lankadeepa.lk/news/%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80-%E0%B6%AF%E0%B7%94%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A-%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA/101-621323
සාගින්නෙන් ලංකාව 64 වැනි තැනට
මෙම වසරේ ගෝලීය සාගිනි දර්ශකයේ 64 වෙනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.
මෙවර සාගිනි දර්ශකයට රටවල් 121 ඇතුළත්ව තිබේ.
ශ්‍රී ලංකාව ලකුණු 13.6 ක් ලබා ගනිමින් 64 වෙනි ස්ථානය හිමිකරගෙන ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකාව සාගින්න අතින් මධ්‍යස්ථ මට්ටමේ පසු වෙයි.ඉකුත් වසරේ සාගිනි දර්ශකයේ ශ්‍රී ලංකාව රටවල් 116 ක් අතරින් 65 වැනි ස්ථානය හිමිකරගත්තේය.
මෙම වසරේ සාගිනි දර්ශකයේ දකුණු ආසියාතික රටවල් අතරින් ඉන්දියාව 107 වැනි ස්ථානයේ පසුවන අතර පාකිස්තානය 99 වැනි ස්ථානයේත් බංගලාදේශය 84 වැනි ස්ථානයේත් පසුවේ.
පොලිස් බාරයට ගත් යතුරු පැදිය පොලිස් කොස්තාපල් විකුණලා
රථවාහන නඩුවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නඩු භාණ්ඩයක් වශයෙන් මිරිහාන පොලිස් භූමියේ නවතා තිබු ස්කූටි වර්ගයේ යතුරු පැදියක් රුපියල් 10,000 ක මුදලකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වෙත අලෙවි කර තිබු පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි.
සැකකාර කොස්තාපල්වරයා වැඩතහනම් කර ඇති බවද පොලිසිය කියයි.
මිරිහාන මුලස්ථාන පොලිසියේ රථවාහන අංශය විසින් ඉකුත් 08 දින රථවාහන වරදක් සම්බන්ධයෙන් මෙම යතුරු පැදිය පොලිසිය බාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නඩු භාණ්ඩයක් වශයෙන් එය පොලිස් භූමියේ රඳවා සිට ඇත.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඔහුගේ හිතවතකුට රුපියල් 10,000 ට ක මුදලට මෙම යතුරු පැදිය ලබා දී ඇති බවත්, සැකකරු ලොරි රථයක් රැගෙනවත් කොස්තාපල්වරයාගේ සහයෙන් යතුරු පැදිය රැගෙන ගොස් ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සැකකරු ඉහත යතුරු පැදිය උපයෝගි කරගෙන මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවට මිරිහාන කොට්ඨාස දූෂණ මර්දන වෙත තොරතුරු ලැබී තිබු බවත්, ඔවුන් එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබු බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
පෙරේදා (14) මෙම සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40 ක් සමග අත්අඩංගුවට ගෙන ඉහත යතුරු පැදිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ දී ඉහත තොරතුරු හෙළිකරගෙන ඇත.
පොලිස් භූමියේ රැඳවා තිබු එම යතුරු පැදියද නිවසක සඟවා තිබියදී පොලිසිය සොයා ගත්තේය.
මිරිහාන මුලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
වෙඩිතියන්න ගිනි අවිය දුන් සැරයන් අත්අඩංගුවට
අහුංගල්ල හෝටලය ඉදිරිපිට දී ඉකුත් (12) දින සිදු කළ වෙඩි තැබීමට වෙඩි තැබීමට ටී 56 වර්ගයේ ගිනිඅවියක් ලබා දුන් යුද හමුදා මාණ්ඩලික සැරයන්වරයකු කිලිනොච්චි යුද හමුදා කඳවුරකදී ඊයේ (16) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු 2 කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් 41 හැවිරිදි පුද්ගලයකු බවද විශේෂ කාර්ය බලකාය පවසයි.
යුද හමුදාවට අයත් ටී-56 - 2612651 දරණ ටී-56 ගිනි අවිය සැකකරු විසින ලබා දී ඇති බවද විශේෂ කාර්ය බලකාය පවසයි.
මේ අතර මෙම ඝාතනය සිද්ධියට ආධාර අනුබල ලබා දුන් තවත් සැකකරුවෙන් ඊයේ මීගතැන්න ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
ගුරුවරියට අමුතු පාඩමක් කියා දුන් ශිෂ්‍ය හිමිට ඇප
අන්තර්ජාලයෙන් පන්ති පැවැත්වූ තම ගුරුවරියගේ හිසට වෙනත් අසභ්‍ය ඡායාරූපයක් එක්කර වට්ස්අප් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළැයි කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් අඹිලිපිටිය ප්‍රදේශයේ සාමනේර හිමිනමක රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා අද (18) නියෝග කළේය.
මෙලෙස ඇප මත මුදා හැරුණු ඇඹිලිපිටිය සූරියකන්ද ප්‍රදේශයේ විහාරස්ථානයක දාහත් හැවිරිදි සාමනේර හිමිනමකි.
මෙම සැකකාර බාලවයස්කාර සාමනේර හිමිනම අන්තර්ජාලයෙන් අමතර පන්ති මෙහෙයවන ලද ගුරුවරියක කෙරේ හිත බැදී ඇති බවත් ඒ සම්බන්ධයෙන් හිමිනම ඇයට ඒ බව ‘වට්ස්ඇප් සමූහයට‘ දැනුම් දී ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
මේ සම්බන්ධයෙන් එම වින්දිත ගුරුවරිය කරන ලද පැමිණීල්ලකට අදාළව විමර්ශනයක් සිදුකිරීමෙන් පසු සැකකාර හිමිනම අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
කතක සිරකර අතවර කළ රාලහාමිලා දෙකක් වසර 10 හිරේ
කාන්තාවක අයුතු ලෙස සිරකර තබා ගෙන ලිංගික අතවර කිරීමේ චෝදනාන්ට වරදකරුවන් වු පිටකොටුව පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙකුට බරපතල වැඩ සහිත වසර 10 බැගින් වූ සිර දඬුවම් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියම කළේය.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් අදාළ දඬුවම නියම කළ විනිසුරුවරයා මීට වසර 07කට ඉහතදී කළ වරදට රුපියල් 15000/- බැගින් දඩ මුදලකටද ඔවුන් යටත් කළේය.
චෝදනාවන්ට වරදකරු වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ පිටකොටුව පොලිසියට අනුයුක්තව කෙස්තාපල්වරුන් වශයෙන් කටයුතු කළ එම්. ජයරත්න හා එස් .විජේසිංහ නමැත්තන්ටය.
2015 වසරේදී කාන්තාවක අයුතු ලෙස සිරගත කර ගෙන ලිංගික අතවර කිරීම ඇතු`ථ චෝදනා පහක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා තිබිණී.
මේ සම්බන්ධයෙන්පැැවැති දර්ඝ නඩු විභාගයේදී විත්තිකරුවන් පිටකොටුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කර ඇති බවත් ඔවුන් කාන්තාවක අයුතු ලෙස සිරගත කර ගෙන ලිංගික අතවර කළ බවට පැමිණ’ල්ලක් ලැබී ඇති බවත් නඩු විභාගයේදී අනාවරණය විය.
මේ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් විමර්ශනයක් පවත්වා පසුව විත්තිකාර පොලිස් කොසතතාපල්වරු දෙදෙනා අත්අඩංගුවට ගේන ඇත් බවත් පසුව නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බවත් අනාවරණය විය.
මේ සම්බන්ධයෙනන් පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට වසර 10 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් හා දඩ නියම කළේය.
https://www.lankadeepa.lk/news/%E0%B6%9A%E0%B6%AD%E0%B6%9A-%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB-%E0%B6%85%E0%B6%AD%E0%B7%80%E0%B6%BB-%E0%B6%9A%E0%B7%85-%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%84%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8F-%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A-%E0%B7%80%E0%B7%83%E0%B6%BB-10-%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%9A/101-621824
දේශපාලඥයන් ඇතුළු ලොක්කන් 83කට අල්ලස් නඩු
අල්ලස් හා දූෂණ සම්බන්ධයෙන් දේශපාලඥයන්, රජයේ උසස් නිලධාරීන් ඇතුළු අසූ තුන් දෙනකුට පසුගිය වසරේදී මහාධිකරණයේ නඩු පවරා ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
මෙම පිරිසට එරෙහිව පවරා ඇති නඩු සංඛ්‍යාව 57කි.
මෙම නඩු අතර අල්ලස් නඩු 55 ක් සහ දූෂණ නඩු දෙකක් වන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ 2021 වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.
රටපුරා තුටුපඬුරු ගැනීමත් වැඩිවෙලා
ආර්ථික අහේනිය හේතුවෙන් රටපුරා අල්ලස් (තුටුපඬුරු) ගැනීමේ සිද්ධීන්ද සියයට 20 කින් 30 කින් පමණ වැඩිවී ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අප අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එවැනි තත්වයක් තිබිය හැකි බවයි.
එහෙත් අල්ලස් ගැනීමේ සිද්ධීන් සෑම එකක් පිළිබඳවම අල්ලස් කොමිසමට පැමිණිලි නොකෙරෙන බවත් සමහරුන් අල්ලස්දී තම වැඩ රාජකාරි පහසුවෙන් කර ගැනීමට පෙළඹී සිටින බවත් සඳහන් කළේය.
විවිධ ආහාර වර්ග අල්ලස් වශයෙන් ලබා ගත් සිද්ධීන් ගණනාවක්ද පසුගිය කාලයේදී වාර්තාවූ බව අල්ලස් කොමිෂන් සභා ආරංචිමාර්ගවලින් පැවසේ.
අල්ලස් ගැනීම් සහ දූෂණ සම්බන්ධයෙන් දේශපාලඥයන් සහ රජයේ උසස් නිලධාරීන් ඇතුළු 83 දෙනෙකුට එරෙහිව පසුගිය වසරේදී මහාධිකරණයේ නඩු පවරා ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
මින් වැඩි නඩු ප්‍රමාණයක් ඇත්තේ අල්ලස් ගැනීම් සම්බන්ධයෙනි. එම නඩු සංඛ්‍යාව 55කි.
මේ අතර රටපුරා විවිධ වංචනික ක්‍රියා සහ සොරකම්ද සීඝ්‍ර ලෙස වැඩිවී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
ආර්ථික අහේනිය හේතුවෙන් ක්‍රෙඩිට් කාඩ්පත්වලට ණය මුදල් පියවීමද සියයට 50කින් පමණ අඩුවී ඇතැයි බැංකු ආරංචිමාර්ග වලින් පැවසේ.
අල්ලස් ගැනීමේ ’’කප් එක’’ ප්‍රා ලේකම් කාර්යාලවලට
අල්ලස් ගැනීම් වැඩිපුරම සිදුවන ආයතන අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල මුල් තැනට පැමිණ ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
ඊට පසු අල්ලස් ගැනීම් වැඩිපුර සිදුවන ආයතන අතර පොලිසිය, අධ්‍යාපන ක්ෂේත්‍රය, ශ්‍රී ලංකා රේගුව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතන සහ සුරාබදු දෙපාර්තමේන්තුව වෙතියි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.
ජනතාව වැඩිපුර ගැටෙන ආයතනවල අල්ලස් ගැනීම් සුලබව සිදුවන බවත් විශේෂයෙන් බලපත්‍ර නිකුත් කිරීම් වැනි කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අල්ලස් ගැනීම් වැඩිවීමට ප්‍රධාන හේතුව බවත් එම නිලධාරියා ප්‍රකාශ කළේය.
මේ ආයතනවල අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ප්‍රමාණය ඉතා අල්ප බව පවසන එම කොමිසම පැමිණිලි ඉදිරිපත් නොකෙරෙන අවස්ථා ඉතා වැඩි බවද සඳහන් කරයි.
සමහර පුද්ගලයන් රස්තියාදු වීම වළක්වා ගැනීම සඳහා කුමන හෝ අල්ලස් මුදලක් ලබාදී සිය වැඩ කටයුතු කර ගැනීමට උත්සාහ දරන ප්‍රවණතාවක් ඇතිවී තිබෙන බව කොමිසමේ විමර්ශන නිලධාරීහු පවසති.
රට පුරා ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල සංඛ්‍යාව තුන්සියයකට අධිකය.
https://www.lankadeepa.lk/news/%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A-%E2%80%99%E2%80%99%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A%E2%80%99%E2%80%99-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F-%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A-%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B7%80%E0%B6%BD%E0%B6%A7/101-621972
අක්කරපත්තු පි.සී. - ඩබ්ලිව්.පී.සීලාට කැත වැඩක් කරලා
අක්කරේපත්තුව පොලිසියේ කොස්තාපල්වරියන්ට හා ආධුනික කොස්තාපල්වරියන්ට ලිංගික හිංසන සිදුකළ බව කියන පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගෙන වැඩතහනම් කළ බව පොලිසිය පවසයි.
විමර්ශනයේ දී හෙළි වු තොරතුරු අනුව සැකකාර සැරයන් අක්කරේපත්තු පොලිස් ස්ථානයේ සිට වෙනත් පොලිස් මුරපොළකට මාරුකර ඇති බවත්, විමර්ශයෙන පසුව ඔහු අත්අඩංගුවට ගෙන වැඩතහනම් කළ බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
සැකකාර පොලිස් සැරයන්ගේ මෙම ක්‍රියා කලාපය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල තොරතුරු පළවී තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකාර සැරයන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
පාසල් දරුවන් මත් කළ පියා සැකපිට මාට්ටු
පාසල් ළමුන් ඉලක්ක කරගෙන දුම්කොළ මිශ්‍ර මාවා නමින් හඳුන්වන මත්විට අලෙවි කළ පුද්ගලයකු ලක්ෂ දහයකට ආසන්න වටිනා මාවා මත්ද්‍රව්‍ය තොගයක් සමග පානදුර එළුවිල හංදිය ප්‍රදේශයේ වෙළඳසැලකදී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි.
සැකකරු වෙළඳසල තුළ සඟවා තිබූ මාවා මත්ද්‍රව්‍ය කීලෝ දහයකට ආසන්න තොගයක් පොලිස් බාරයට ගෙන ඇත.
පානදුර අවට පාසල් සිසුන් මෙන්න අමතර පන්ති කරා යන සිසුන් දුම් කොළ මිශ්‍ර මාවා විට වර්ගයට ඇබ්බැහිව සිටින බවට පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලද තොරතුරකට අනුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ උපදෙස් මත සිදුකළ පරීක්ෂණවල දී හෙළි වූ තොරතුරු අනුව මෙම වෙළඳසැල වැටලූ බව පොලීසිය කියයි.
පලතුරු වෙළෙඳ සැලක් පවත්වා ගෙන යන මුවාවෙන් පාසල් සිසුන් සහ අමතර පංති යන සිසුන් ඉලක්ක කර ගෙන ඉටි උර වල දමන ලද ගෑම් 25කින් යුත් මාවා මත්ද්‍රව්‍ය මුලක් රුපියල් 200 ක් වැනි මිලකට අලෙවි කරන බවට විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
පාසල් සිසුන් ,මෙන්න අමතර පංති අධ්‍යාපනය ලබන සිසුන් මිට ඇබ්බැහි වී ඇතැයි පොලිසිය කියයි.
සැකකාර පුද්ගලයා වයස අවුරුදු හතළිස් අටක් වන දරුවන් සිටින විවාහකයකු බව පවසන පොලිසිය සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවකු වන අතර පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
https://www.lankadeepa.lk/news/%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9A%E0%B7%85-%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F-%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7-%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94/101-622233
හොර අරක්කු නිෂ්පාදනය සියයට 300කින් වැඩිවෙලා
සුරාබදු බලපත්‍රලාභි ඇතැම් සමාගම් ද රටට බදු ආදායම් අහිමි කරමින් වංචනික ලෙන නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
මෙම වංචාව හේතුවෙන් රට පුරා මේ වන විට නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සියයට 300කින් පමණ ඉහළ ගොස් තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
ලෝක සෞඛ්‍ය සංවිධානය සිදු කළ සමීක්ෂණයකට අනුව 2004 වසරේ සිට 2016 වසර දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ මත්වතුර කර්මාන්තය සියයට 95කින් පමණ වර්ධනය වී තිබෙනවා. ඒ අතර නීත්‍යානුකූල මත්වතුරවල වර්ධනය තිබෙන්නේ සියයට 50යි. නීති විරෝධී මත්වතුර කියන්නේ අපි දන්න කැලේ කොළේ බඩවැටියේ පෙරන ඒවා නොවෙයි. සුරාබදු බලපත්‍ර හිමි අයත් නීති විරෝධී මත්වතුර නිෂ්පාදනය කරනවා. ව්‍යාපාරිකයන් විවිධ උපක්‍රම භාවිත කරමින් සුරාබදු ආදායම වසන් කරනවා.
https://www.lankadeepa.lk/news/%E0%B7%84%E0%B7%9C%E0%B6%BB-%E0%B6%85%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%94-%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA-%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7-300%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F/101-622529
ආහාර අහේනියක් දිඹුලාගල ගම් 8 ක දරුවෝ පාසල් ගමන නවත්වයි

තිළිණි ප්‍රියමාලි මුදල් වංචාව: බොරැල්ලේ සිරිසුමන හිමි අත්අඩංගුවට
තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශනවලදී අනාවරණ වූ තොරතුරු මත බොරැල්ලේ සිරිසුමන ස්වාමීන්වහන්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (1) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය.
https://www.lankadeepa.lk/top_story/%E0%B6%AD%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AB%E0%B7%92-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92-%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A-%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B7%80:-%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A-%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%B1-%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7/10-622612
ජනතාවට හදිසි මානුෂීය සහායක් අවශ්‍යයි
ශ්‍රී ලංකාවේ මිලියන 5.7 ක ජනතාවට මානුෂීය සහාය අවශ්‍ය වී ඇති බවත් එම ජනතාවට හදිසි මානුෂීය සහායක් සහ මැදිහත් වීමක් නොලැබුණහොත් මිලියන 5.7 ක සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා එක්සත් ජාතීන්ගේ කාර්යාලය පවසයි. එය ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් ප්‍රතිශතයක් ලෙස සියයට 26 බවත් මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා වූ එක්සත් ජාතීන්ගේ කාර්යාලය පෙන්වා දෙයි.
රතු කුරුස සංවිධානය සිදුකළ සමීක්ෂණයක වාර්තාව ඇසුරෙන් මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා වූ එක්සත් ජාතීන්ගේ කාර්යාලය මේ බව ප්‍රකාශ කර ඇත .
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර සුරක්ෂිතතාවයට, ජීවනෝපායන්ට සහ ජීවිතයට විශාල බලපෑමක් එල්ල වී ඇතැයි එම වාර්තාව දැක්වේ.
ආර්ථික අර්බුදයෙන් ජන ජීවිතයට එල්ල වී ඇති බලපෑම හේතුවෙන් පවුල් වල අවශ්‍යතා ඉටු කරගැනීමට නොහැකි වන විට එම පවුල් වල කාන්තාවන් සහ ළමුන් ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වීමේ වැඩි අවදානමක් නිර්මාණය විය හැකි බව එම සමීක්ෂණයට සහභාගී වූ පවුල් සැලකිය යුතු ප්‍රමාණයක් විශ්වාස කළ බව එම වාර්තාවේ සඳහන් වේ.
එසේම ශ්‍රී ලංකා ජනගහනයෙන් සියයට 85 ක ප්‍රමාණක් ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා ලබා ගන්නා ආහාර වේල් මග හැරීමට, ගන්නා අහාර ප්‍රමාණය අඩු කිරීමට සහ පෝෂ්‍යදායි ආහාර ගැනීමෙන් වැළකී සිටීමට පුරුදු වී ඇති බවත් දිළිඳුකම වැඩිවෙත්ම මන්දපෝෂණයද ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවත් එම වාර්තාව උපුටා දක්වමින් මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා එක්සත් ජාතීන්ගේ කාර්යාලය පෙන්වා දෙයි.
එපමණක් නොව ආර්ථික අර්බුදය හේතුවෙන් ළමුන්ගේ අධ්‍යාපනයටද විශාල බලපෑමක් එල්ල වී ඇති බවත් තම දෙමාපියන්ට අධ්‍යාපනය සඳහා වියදම් කිරීමට මුදල් නොමැති වීම හේතුවෙන් පාසැල් හැර යන ළමුන් ප්‍රමාණය ඉදිරියේදී ඉහළ යා හැකි බවත් ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටළු මතු විය හැකි බවත් එම වාර්තාව උපුටා දක්වමින් මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා එක්සත් ජාතීන්ගේ කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ එල්ල වී ඇති බලපෑම අනෙක් පවුල් වලට සාපේක්ෂව කාන්තා මූලික පවුල් සහ වතුකරයේ පවුල් වලට දැඩිව බලපා ඇතැයි එම වාර්තාව පෙන්වා දෙයි.
https://www.lankadeepa.lk/news/%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92-%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%82%E0%B7%93%E0%B6%BA-%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92/101-622829
ධනුෂ්ක ගැන ක්‍රිකට් ආයතනයෙන් ප්‍රකාශයක්
ඕස්ට්‍රේලියානු ජාතික තරුණියකට ලිංගික අතවර කළේ යැයි චෝදනාව මත ඕස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක පොලිස් බාරයෙන් මුදවා ගැනීමට නීතිඥවරුන් සමග කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලේකම් මොහාන් ද සිල්වා මහතා 'ලංකාදීප'යට අද (6) පෙරවරුවේ පැවැසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හැටියට ඔහු වෙනුවෙන් පෙනී සිටීමේ වගකීමක් ඇති බවත් ඒ හේතුවෙන් ඔහු පළමුවෙන්ම පොලිස් භාරයෙන් මුදවා ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බවත් මොහාන් ද සිල්වා මහතා සඳහන් කළේය.
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වෙමින් සිටියදී ආබාධයට ලක්ව ඕස්ට්‍රේලියාවේ රැඳී සිටී ධනුෂ්ක ගුණතිලක රාත්‍රී සමාජ ශාලාවකදී හඳුනාගත් තරුණියක් සමග ඇයගේ නිවසට ගොස් ඇති බවත් ඔහු එහිදී තරුණිය සමඟ ගතකර නැවත පිටව ගොස් ඇති බවත් පැවසේ.
ඔහු පසුව ඇයගේ දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ඇය සිඩ්නි පොලිසියට ධනුෂ්ක ඇයව දූෂණය කළ බවට පැමිණිලි කර ඇති බවත් ඒ අනුව සිඩ්නි පොලිසිය ඊයේ (5) රාත්‍රී ඔහුව අත්අඩංගුවට ගත් බවත් ඕස්ට්‍රේලියාවේ ලැබෙන විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් සඳහන් වේ.
සිඩ්නි පොලිසිය මේ වන විට ධනුෂ්කගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති බවත් අදාල තරුණියගෙන් ද ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බවත් ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියකු සඳහන් කළේය.
එම කටයුතු වලින් පසුව ධනුෂ්ක ගුණතිලක අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
ධනුෂ්ක ගුණතිලකට මීට පෙර ද සංචාරයක් අතරතුරදී ශ්‍රී ලංකාවේදී මෙවැනිම චෝදනාවක් එල්ල වූ අතර එම චෝදනාවට ඔහු මාස කිහිපයක තහනමකට ලක්විය.
ධනුෂ්ක ගුණතිලක මීට පෙරද විනය චෝදනා රැසක් එල්ල වූ ක්‍රීඩකයෙකි
https://www.lankadeepa.lk/news/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F-%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%94-%E0%B7%83%E0%B7%92%E0%B6%A9%E0%B7%8A%E0%B6%B1%E0%B7%92-%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7/101-622889
ගිලන් රථයෙන් මුව මස් ඇද්ද ආරක්ෂකයෝ මාට්ටු
යුද හමුදාවට අයත් ගිලන් රථයකින් මුවමස් කිලෝ තුනක් ප්‍රවාහනය කරමින් සිටි රියදුරු ඇතුළු ලාන්ස් කෝප්‍රල් සෙබළුන් දෙදෙනකු පොහොයදා දහවල් මාදුරුඔය උද්‍යානයේදී අත්අඩංගුවට ගත් බව මාදුරුඔය වනජීවිී කාර්යාලය සඳහන් කරයි.
සැකකරුවන් මාවනාගම යුධ හමුදා කඳවුරට අයත් ලාන්ස් කෝප්‍රල් වරුන දෙදෙනකු වන අතර ඔවුන් දෙදෙනා දෙහිඅත්තකණ්ඩිය පොලිසියට භාරදීමට කටයුතු කල බව මාදුරුඔය උද්‍යාන භාරකරු ඩී,එස්. ජයසෝම රත්නායක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
මාදුරුඔය හෙනන්නේගල සිට මාවනාවෙල යුද හමුදා කදවුර දක්වා මුවමස් ප්‍රවාහනය කර ඇති අතර මීට පෙරද ඔවුන් ගිලන් රථයෙන් මස් ප්‍රවාහනය කර ඇති බවට තොරතුරු ලැබී බවත්, මේ පිළිබඳ හෙනන්නේගල වනජීවි කාර්යාල තොරතුරු ලැබීමත් සමග ඔවුන් කළ මෙහෙයුමකින් ගිලන්රථය සහ මුව මස් සමග සැකකාර සෙබළුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද ජයසෝම රත්නායක මහතා කීවේය.
https://www.lankadeepa.lk/news/%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B7%94%E0%B7%80-%E0%B6%B8%E0%B7%83%E0%B7%8A-%E0%B6%87%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF-%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%9D-%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94/101-622983
ළමයින්ගේ ආරක්ෂාව ඉදිරියේදී තවත් අඩුවේවි
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ළමයින්ගේ ආරක්ෂාව පිළිබඳ, ඔවුන්ගේ මනෝවිද්‍යාත්මක සහ සමාජයීය තත්ත්වය පිළිබඳ බරපතළ ගැටලු නිර්මාණය වී ඇතැයි මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා වූ එක්සත් ජාතීන්ගේ කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.
මොණරාගල,නුවරඑළිය,මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ළමා ලිංගික හිංසන,අපයෝජන සිදුවීම්වල වැඩිවීමක් දක්නට ලැබෙන බවත් ළමයින් නොසලකා හැරි අවසථා වාර්තා වී ඇති බවත් එම වාර්තවේ සඳහන් වේ.
දැඩි මූල්‍ය සම්පත් හිඟය හේතුවෙන් වින්දිත දරුවන්ට නීතිමය, මනෝවිද්‍යාත්මක හා සමාජයීය සහ අනෙකුත් ආරක්ෂණ සහාය ලබා දීමට රාජ්‍ය ළමා ආරක්ෂණ ආයතන අසමත් වී ඇතැයි ළමා ආරක්ෂණ ආයතන, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සමග පැවති උපදේශනයකදී හඳුනාගත් බව මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා එක්සත් ජාතීන්ගේ කාර්යාලය සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය දරුණු වෙත්ම ළමා ආරක්ෂාව කඩවීම පිළිබඳ සිදුවීම් වාර්තාවීම ඉදිරියේදී වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන බව මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා එක්සත් ජාතීන්ගේ කාර්යාලය නිකුත් කළ වාර්තාවේ දැක්වේ.
පසුගිය වසරේ ළමා ආරක්ෂාව කඩවීමේ සිදුවීම් 11,187 වාර්තා වන බවත් මෙම වසරේ ජනවාරි මස සිට අගෝස්තු මස දක්වා කාලය තුළ ළමා ආරක්ෂාව කඩවීමේ සිදුවීම් 6318 වාර්තා වී ඇති බවත් එය ගිය වසරට සාපේක්ෂව සියයට 56 ක් බවත් එම එම වාර්තාවේ සඳහන් වේ.
දරුවන්ගේ දෙමාපියන් සහ රැකබලා ගන්නන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පෝලිම්වල සිටියදී දරුවන්ට රැකවරණයක් නොමැති බව එම වාර්තාව පෙන්වා දෙයි.
එසේම ළමා ආරක්ෂණ නිලධාරීන් හටද තම රාජකාරි කටයුතු කිරීමට ඉන්ධන හිඟය ගැටලුවක් වී ඇති බවත් ළමුන් 10000 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට පරිවාස භාරයේ සිටින බවත් ළමුන් එම ආයතන වලට යොමු කිරීමට දුගීභාවය ප්‍රධාන හේතුවක් වී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.
දරුවන්ගෙන් සියයට දහයකට පාසල එපා වෙලා
රටේ පාසල් දරුවන්ගෙන් සියයට දහයත් පහළොවත් අතර සංඛ්‍යාවක් ආහාර නැතිකම ඇතුළු ප්‍රධාන හේතු තුනක් හේතුවෙන් පාසල් වලට පැමිණීම අදිමදි කරන තත්වයක් සමීක්ෂණයකදී පෙනී ගිය බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවැසීය.
මේ තොරතුරු අනාවරණය වූයේ දිවයින පුරා පාසල් 350ක ගුරුවරුන් 370 ක් යොදාගෙන කරන ලද සමීක්ෂණයකදී බවද ඔහු සඳහන් කළේය
දරුවන් පාසල්වලට පැමිණීම අදිමදි කිරීමට පළමු හේතුව ලෙස හඳුනා ගත්තේ ප්‍රවාහන දුෂ්කරතා බව පැවසූ මහාචාර්යවරයා ආහාරපාන නැතිකම දෙවන හේතුව ලෙස හඳුනාගන්නා ලදැයිද ප්‍රකාශ කළේය.
පාසල් උපකරණ මිලදී ගැනීමට හැකියාවක් නොමැතිවීම දරුවන් පාසල් වලට පැමිණීමට අදිමදි කරන තුන්වෙනි හේතුව ලෙස හඳුනා ගත් බවද ඔහු පැවසීය.
මේ අතර පාසල් දරුවන් පාසලට පැමිණියත් බාහිර ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වීමේ පැහැදිලි අඩුවක් දක්නට බව එම සමීක්ෂණයේදී තොරතුරු අනාවරණය වූ බව පවසන මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ප්‍රමාණවත් පරිදි පෝෂණයක් නොලැබීම මෙයට හේතුවන්නට ඇතැයි සැක කළ හැකි බවද සඳහන් කළේය.
වයඹ සිසුවියෝ අයිස් ගසති?
වයඹ පළාතේ පාසල්වල ඉගෙනුම ලබන සිසුවියන් විශාල පිරිසක් මේවනවිට අයිස් ඇතුළු විවිධ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව මේවනවිට අනාවරණයවී තිබේ.
ප්‍රධාන පෙළේ විදුහල් රැසක ඉගෙනුම ලබන සිසුවියන් වැඩි පිරිසක් මෙසේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බවට තොරතුරු ලැබී තිබෙන අතර, අට වසරෙන් ඉහළ ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන සිසුවියන් මේ ආකාරයට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව තහවුරු වී තිබේ.
වයඹ පළාතට අයත් ප්‍රධාන නගරවල පිහිටි ප්‍රධාන යැයි සම්මත පාසල්වල සිසුවියන් මේ ආකාරයට මත්ද්‍රව්‍ය සඳහා යොමුවී තිබෙන අතර ඔවුන්ගේ පෙම්වතුන්ගේ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මාර්ගයෙන් ඔවුනට මත්ද්‍රව්‍ය ලැබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
කලකට පෙර පාසල් සිසුන් අතරේ ඉතා ජනප්‍රියව පැවති දිව යට තබා ගැනීමෙන් මත් වන තූල් නමැති මත්ද්‍රව්‍ය මේවනවිට සිසුවියන් අතර බහුලව පැතිරී තිබෙන බවද , බොහෝ විට පාසල් වේලාව තුළ වැසිකිළියට ගොස් ඔවුන් ඒවා භාවිතා කරන බවද හෙළිවී තිබේ.
එසේම සති අන්තයේ ප්‍රධාන නගරවල පැවැත්වෙන පෞද්ගලික උපකාරක පන්තිවලට සහභාගි වන මුවාවෙන් පැමිණන් සිසුවියන් තම පෙම්වතුන් සහ හිතවතුන් හිතවතියන් සමඟ එක්ව මෙම මත්ද්‍රව්‍ය පානයට පෙළඹී සිටින බවද මේවනවිට අනාවරණය කරගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කුරුණෑගල ප්‍රදේශයේ පාසලක නම සඳහන් කිරීමට අකැමැතිවූ විදුහල්පතිවරයෙකු කියා සිටියේ මෙය ඉතා බරපතළ ප්‍රශ්නයක් බැවින් මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා බලධාරීන් ඉක්මණින් පියවරක් ගත යුතු බවය.
එසේ නොවුනහොත් රටේ සමස්ත පාසල් පද්ධතියම සහ රටේ අනාගතය බාර ගැනීමට සිටින තරුණ පරපුර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමෙන් විනාශයට පත් වීම වැළැක්විය නොහැකි බවද ඔහු අවධාරණය කළේය.පාසල් වල පවතින මෙම තත්ත්වය මර්ධනය කිරීම සඳහා ආරක්ෂක අංශ වලට සම්බන්ධ බුද්ධි අංශ නිලධාරීන් යෙදවීමේ කාලය එළඹ ඇති බවද ඔමු පෙන්වා දුන්නේය.
මේ පිළිබඳව කළ විමසීමකදී වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රජිතා රත්නායක මහත්මිය ප්‍රකාශ කළේ මෙය ඉතා බරපතළ තත්ත්වයක් වන බැවින් ඒ සම්බන්ධයෙන් රජයේ වගකිව යුතු අංශ දැනුවත් කිරීමට ඉතා ඉක්මණින් පියවර ගන්නා බවය. මෙවැනිම වාතාවරණයක් පිළිබඳව හලාවත ප්‍රදේශයේ විදුහල්පතිවරුන් විසින් කළ පැමිණිලි සැලකිල්ලට ගෙන එම ප්‍රදේශයේ පාසල් සඳහා දැඩි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීමට උපදෙස් ලබා දුන් බවද ලේකම්වරිය සඳහන් කළාය.
පොලිස් කතගේ බෙල්ලෙන් ඇල්ලූ පොලිස් පරික්ෂකට වැඩ වරදීද?
විරෝධතාවේ පා ගමනක නිරත කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන ලෙසට බලකරමින් පොලිස් පරීක්ෂකවරයකු පානදුර ගොරකාපොළ ප්‍රදේශයේ දී පොලිස් කාන්තාවන් දෙදෙනකුගේ බෙල්ලෙන් අල්ලා ආවේග ශීලි ලෙස හැසිරිම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය මුලස්ථානය කියයි.
උසස් පොලිස් නිලධාරියකු පොලිස් කාන්තාවනට ප්‍රසිද්ධියේ සිදුකරන මෙම හිරිහැරය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා මෙම සිද්ධිය හෙළ දකිමින් විවිධ පුද්ගලයන් පොලිසියට දැඩි දෝෂ දර්ශනයට ලක් කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝගයෙන් පානදුර සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ මෙම විශේෂ විමර්ශනය ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
එම විමර්ශනයේ හෙළි වන කරුණු අනුව සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකරන බවද හෙතෙම කියා සිටියේය.
පානදුර ගොරකාපොළ ප්‍රදේශයේ එම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලෙසට බලකරමින් පානදුර දකුණ මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා එම කාන්තාවන් දෙදෙනා එක් කාන්තාවක් පොලිස් ජිප් රථය වෙත තල්ලු කරමින්, ඇය අත්අඩංගුවට ගන්නා ලෙසට කෑ ගසමින් අසල රාජාකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපස්වරියන් දෙදෙනාගේ ගෙලින් අල්ලා ඔවුන් ඒ දෙසට තල්ලු කරන අයුරු සාමාජ මාධ්‍යවල ප්‍රචාරය වි තිබුණි.
https://blog.yahamaga.lk/community/%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b7%93%e0%b6%b1-%e0%b7%83%e0%b7%8f%e0%b6%9a%e0%b6%a0%e0%b7%8a%e0%b6%a0%e0%b7%8f/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%bd%e0%b7%99%e0%b7%83-%e0%b6%85%e0%b6%af-%e0%b6%85%e0%b6%b4-%e0%b7%83%e0%b7%92%e0%b6%a7%e0%b7%92%e0%b6%b1-%e0%b6%ad%e0%b7%90/paged/12/
තමන්ලා හැර සියලු සත්වයෝ දුකින් පෙළෙත්වා! – ප්‍රියමාලි කතා වස්තුව
මුදල් ගන්නකොට සිරිසුමන හිමිට එන ආරූඪය - තිලිණි ප්‍රියමාලි SMS එකකුත් යවලා
තිලිණි ප්‍රියමාලි අසාද් සාලිගේ කෝටි 8කට විදලා
දැවැන්ත මූල්‍ය වංචාවකට හසුවී සිටින තිලිණි ප්‍රියමාලි නැමති කාන්තාව ළඟ රුපියල් කෝටි 8ක මුදලක් තමන් තැන්පත් කළ බව හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පුද්ගලික රේඩියෝ නාලිකාවකට ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කර සිටියා.
https://colombotoday.com/asad-sali-5634633/
තිළිණි ප්‍රියමාලි වෙනුවෙන් අධිකරණ ඇමැති විජේදාසගේ පුතා ඇතුළු නීතිඥ මණ්ඩලයම උසාවි ඇවිත්
මහා පරිමාණ මුල්‍ය වංචා සිදුකිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි වෙනුවෙන් කරුණු දක්වන්න අධිකරණ ඇමතිතුමාගේ නීතිඥ මණ්ඩලය ඔහුගේ පුත් රඛිත රාජපක්ෂ සමග අධිකරණය හමුවේ පෙනී සිටීම කැපී පෙනෙන සාදකයක් විය. ඊයේ අධිකරණය හමුවේ මෙම කාරණය පිලිබදව යම් සංවාදයක්ද මතුවිය.
තිළිණි ප්‍රියමාලි වෙනුවෙන් කරුණු දැක්වීමට නීතිඥ දසුන් නාගස්හේන මහතා නැගී සිටිමත් සමඟ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා විවෘත අධිකරණය ඉදිරියේ මෙසේ පැවසුවා.
“තිළිණි වෙනුවෙන් කරුණු දක්වන්න අධිකරණ ඇමතිතුමාගේ නීතිඥ මණ්ඩලයම ඇවිල්ලා වගේ.”
එම ප්‍රකාශයට සිනහවකින් ප්‍රතිචාර දැක්වූ නීතිඥ දසුන් නාගස්හේන මහතා සැකකාර තිළිණි ප්‍රියමාලි වෙනුවෙන් කරුණු දැක්වුවා.
දැනට බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි ගේ බැංකු ගිණුමේ තොරතුරු අනුව එම ගිණුමට 2022ක වසරේ මුල් මාස 6දී රුපියල් මිලියන 3,000ක මුදලක් තැන්පත්වී තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (19) අධිකරණයට දැනුම් දුන්නා.
නඩුව කැඳවු අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේ සැකකාර තිළිණි ප්‍රියමාලි රක්ෂිත බන්ධනාගාර ගතවී සිටියදීත් පුද්ගලයෙකුව දුරකථනයෙන් අමතා ලක්ෂ 300ක මුදලක් ඉල්ලා ඇති බවයි.
මේ අතර මහා පරිමාණ මුල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් තිළිණි ප්‍රියමාලි සහ ව්‍යාපාරික හවුල්කරු ඉසුරු බණ්ඩාර ලබන මස 02 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළා.
සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුණා.
මහා පරිමාණ මුල්‍ය වංචා සිදුකිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි සහ ඇයගේ ව්‍යාපාරික හවුල්කරු ලෙස හඳුනාගෙන ඇති ඉසුරු බණ්ඩාරට එරෙහිව ගොනුකර ඇති නඩු 04ක් අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබුවා.
කොටුව ස්ථිර මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ දින අධිකරණ කටයුතුවලට සහභාගී නොවීම හේතුවෙන් නඩු කැඳවීම සිදුවූයේ වැඩබලන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය ඉදිරියේයි.
එමෙන්ම දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකාර තිළිණි ප්‍රියමාලි සහ ඉසුරු බණ්ඩාර අද දින බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට රැගෙන විත් නොතිබු අතර ඔවුන්ව නීති කෘත්‍යය සඳහා ඉදිරිපත් කරනු ලැබුවේ ස්කයිප් තාක්ෂණය ඔස්සේයි.
මෙහිදී අගතියට පත් පැමිණිලිකරුවෙකු වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාද අධිකරණයට කරුණු දැක්වුවා.
අනතුරුව සැකකාර තිළිණි ප්‍රියමාලි වෙනුවෙන් පෙනී සිටි රඛිත රාජපක්ෂ, නීතිඥ දසුන් නාගස්හේන ඇතුළු නීතිඥ මණ්ඩලයට විත්තිය වෙනුවෙන් කරුණු දැක්වීමට අවස්ථාව හිමිවුණා.
“ස්වාමිනි, මම මාගේ සේවාදායිකාව වෙනුවෙන් ඇප ඉල්ලීමක් සිදුකරනවා. ඇයට එරෙහිව සිදුකරන සියලු චෝදනා ඇප ලබාදිය හැකි වැරදි. මොකද ඇය සිදුකළ සියලු ව්‍යාපාර කර තිබෙන්නේ නිත්‍යානුකූලව. එය ලංකා රජයට බදු ගෙවා තිබෙනවා. මේ මුදල් තැන්පත් කර තිබෙන සියලු දෙනා සාමාන්‍ය පුද්ගලයින් නෙමේ. මම අහන්න කැමති මිලියන 226ක් වැනි අතිවිශාල මුදලක් තැන්පත් කරද්දි ඇයි මාගේ සේවාදායිකාවගේ ව්‍යාපාරවල නිත්‍යානුකූලභාවය සෙව්වේ නැත්තේ කියලා. ඒ වගේම මම යෝජනා කරනවා මේ මුදල් තැන්පත් කළ පුද්ගලයිනුත් ඒ මුදල් ඉපයූ ආකාරය සොයන්න කියලා. එම මුදල් ඉපයීම් නිත්‍යානුකූලද නැතහොත් ඒවා කලු සල්ලිද කියන එක අපිත් දැනගන්න කැමති.”
අධිකරණය ඉදිරියේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ වැඩබලන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය සැකකරුවන් වෙනුවෙන් සිදු කළ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් සැකකාර තිළිණි ප්‍රියමාලි සහ ඉසුරු බණ්ඩාර යන දෙදෙනාවම නොවැම්බර් 02 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.
https://www.colomboxnews.com/2022/10/20/75318/
බොරැල්ලේ සිරිසුමන හිමි CID අත්අඩංගුවට
පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
තිළිණි ප්‍රියමාලි සිදු කළ බව කියන මූල්‍ය වංචා සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලදී හෙළිවූ කරුණු අනුව උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඇත.
https://mawbima.lk/2022/11/01/borella-sirisumana-thera-arrested/
ප්‍රියමාලිගේ විමර්ශනවලට අදාළව ඥානසාර හිමිගෙන් පැය 3 1/2ක් ප්‍රකාශ ගනී
දැවැන්ත මූල්‍ය වංචාවක් කර මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි සම්බන්ධ විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිගෙන් පෙරේදා (12) පැය තුනහමාරක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීමකට අනුව ඥානසාර හිමි පෙරේදා සවස 3.00ට පමණ එහි පෙනී සිට ඇති අතර සවස 6.30 වන තුරුම උන්වහන්සේගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.
තිළිණි ප්‍රියමාලිගේ ජංගම දුරකතනයෙන් මතු වූ හඬපට කිහිපයකම ඥානසාර හිමි සමඟ පැවැති සම්බන්ධකම් ගැන තොරතුරු හෙළිවී තිබුණි. ඒ ගැන මෙන්ම ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ පිහිටි තිළිණිගේ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වීම ගැන මෙහි දී දීර්ඝ ලෙස උන්වහන්සේගෙන් ප්‍රශ්න කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.
ඥානසාර හිමියන්ගේ මෝටර් රථයක් සම්බන්ධයෙන් වූ රුපියල් ලක්ෂ 375ක ගනුදෙනුවක් ගැනද හඬපටයක සඳහන්ව ඇති බැවින් ඒ ගැනද උන්වහන්සේගෙන් ප්‍රශ්න කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
ඥානසාර හිමියන්ගේ මෝටර් රථයක් බේරා ගැනීමට තිළිණි එම මුදල ජානකීට දුන්නේ යැයි එම හඬපටයේ සඳහන්වේ.
තිළිණි ප්‍රියමාලිගේ නඩුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජානකී සිරිවර්ධන යළි රිමාන්ඩ්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ජානකී සිරිවර්ධන නොවැම්බර් 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
රුපියල් බිලියන ගණනක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින තිකෝ ගෲප් ඔෆ් කම්පැනීස් (පුද්ගලික) සමාගමේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලිට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගනු ලැබුවේ නොවැම්බර් 04 වැනිදාය.
Siriwardhana යනු One Transworks Square (Pvt.) Limited හි ප්‍රධාන විධායක නිලධාරියා සහ අධ්‍යක්ෂවරයා වන අතර, 'The One' නමින් හැඳින්වෙන කොළඹ ත්‍රි-කුලුනු මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ දේපල සංවර්ධකයා වේ.
මේ අතර, ප්‍රියමාලි ඔක්තෝබර් මස මුලදී රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ තම ව්‍යාපාරයේ ආයෝජනය කිරීම සඳහා ඉහළ ප්‍රතිලාභ ලබා දෙන බවට පොරොන්දු වී ඔවුන් සමඟ මිත්‍ර වී ව්‍යාපාරිකයින් සහ ඉහළ පෙළේ දේශපාලන පුද්ගලයින් වංචා කිරීම සම්බන්ධයෙන් ය.
ප්‍රියමාලිට එරෙහිව ලැබී ඇති පැමිණිලි 12 සම්බන්ධයෙන් රහස් පොලිසිය අවස්ථා කිහිපයකදී සිරිවර්ධනගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.
මෙම බොහෝ පැමිණිලිවල පැමිණිලිකරුවන් සඳහන් කර ඇත්තේ සිරිවර්ධන විසින් ප්‍රියමාලිට ව්‍යාපාරිකයන් හඳුන්වා දී ඇයගේ ව්‍යාපාරයේ ආයෝජනය කිරීමට ඔවුන්ව පොළඹවාගෙන ඇති බවයි.
නයා පෙන්වා ප්‍රියමාලි ප්‍රකෝටිපතියා දමනය කළ හැටි
හිතා ගැනීමටවත් බැරි තරමේ ඉහළ පොලියක් පෙන්වා හොර මූල්‍ය ආයතන අටවා ගෙන සක්විතිගේ පටන් සෑම වංචාකරුවෙක්ම පාහේ හූරා ගෙන කෑවේ අපේ රටේ අහිංසකයන්ගේ මුදල්ය. හැබැයි ඒ අතින් බලන කල තිලිණි ප්‍රියමාලි අරුම චරිතයකි. ඒ ඇය දුප්පත් අහිංසක කිසිවකුටත් අත තබා නැති බැවිනි.
තිලිණි ප්‍රියමාලි ගේම් ගසන්නේ සක්විතිලා වගේ පොඩි පොඩි ගණන් ඉලක්ක කරගෙන නම් නොවේ. එකවර කෝටි ගණන් වලිනි. තිකෝ සමූහ ව්‍යාපාරය නම් සමූහ ව්‍යාපාරයක් අටවාගෙන ඇය ඉලක්ක කළේ අපේ රටේ අප්‍රකට ධනවතුන්වය. එසේම කළු සල්ලි ජාවාරම්කරුවන්වය. ඇගේ ගොදුරු බවට පත්වූවන් අතර කුඩු සල්ලි උණ්ඩියල් කරන ව්‍යාපාරිකයන්ද නැතුවා නොවේ. ඒ විතරක් නොව, පාතාලයේ කුඩු ජාවාරම්කරුවන්ගේ කළු සල්ලි සුදු කරන ව්‍යාපාර හිමිකරුවන්ද අහිමි කරගෙන ඇති මුදල රුපියල් කෝටි තිහ හතළිහකට වැඩිය. ඒ ගැන පැමිණිලි අදටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති බවක් නම් පෙනෙන්නට නැත. ඒ ඔවුන්ට එම මුදල් උපයාගත් ආකාරය නීතිය හමුවේ කියන්නට පුළුවන් කමක් නැති නිසාය.
යුරෝපීය රටක ජීවත්වන මෙරට අංක එකේ මත්කුඩු ජාවාරම්කරුවකුගේ මෙරට ව්‍යාපාර මෙහෙයවන පුද්ගලයෙක්ද තිලිණිගේ උගුලට හසුවී ඇත්තේ රුපියල් කෝටි 20කට වැඩි මුදලක් අහිමි කර ගෙනය. ඒ සෑම පැමිණිල්ලක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබෙන්නේ නම් තිලිණි කළ වංචාවේ ප්‍රමාණය රුපියල් කෝටි 1000 ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. හැබැයි තාමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ලැබී ඇත්තේ 11ක් පමණි. එම පැමිණිලිවල එකතුව ගත් කළ දැනට ඇය විසින් කර ඇති වංචාවේ තරම රුපියල් කෝටි 350කට කිට්ටුය. මේ ලද පැමිණිලි අතර වැඩිම මුදලක් අහිමි කරගෙන ඇත්තේ ආචාර්ය උපාධියක් හිමි ව්‍යාපාරිකයෙකි. මලයාසියාවේ පවා ව්‍යාපාර ඇතැයි කියනු ලබන එම ආචාර්ය උපාධිධාරියා විසින් අහිමි කරගෙන ඇති මුදල රුපියල් කෝටි 75කි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිලි කිරීමට මුලින් අදිමදි කළ මෙම ආචාර්යවරයා අවසානයේදී ඒ ගැන පැමිණිල්ලක් කරන්නට පවා ඉදිරිපත් වන්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ පෙරැත්ත කිරීම් මතය. එම ව්‍යාපාරිකයා තිලිණිට එරෙහිව පැමිණිලි කරන්නට අදිමදි කරනුයේ තමාට අහිමි වූ ඒ මුදල කෙසේ වෙතත් එයින් බාගයක්වත් ලැබේවි දැයි කියා විශ්වාසයක් නොමැති වූ තැනය. ඊටත් වඩා ඔහු බියක් දැක්වූයේ සිය පවුල මේ නිසා බිඳ වැටේවි යැයි කියාය. ඒ තිලිණිගේ නිළි බලකායේ උගුලට හසුවූවන් අතර මෙම ආචාර්යවරයාද සිටි බැවිනි. එසේ නොවන්නට තිලිණිට එරෙහිව මෙම ආචාර්යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලිකර බොහෝ කල්ය.
මෙම ඔහු සැලකෙන්නේ පරම්පරාගත ව්‍යාපාරික පවුලක සාමාජිකයෙක් ලෙසිනි. විදෙස් සමාගමක මෙරට නියෝජිතයා ලෙසද කටයුතු කරන බව කියන මෙම ආචාර්යවරයාව තිලිණි අන්දන්නේ හරි අපූරු විදිහකටය.
ඒ කතාව ගොඩ නැඟෙන්නේ මෙසේය.
කොළඹට නුදුරු ප්‍රදේශයක පිහිටි එම ව්‍යාපාරිකයාගේ නිවසට තිලිණි හදිසියේම ගොඩ වන්නේ සන්නද්ධ ආරක්ෂකයන් පිරිසක් පිරිවරා ගෙනය. එම ආරක්ෂකයන් ඇය යොදවා ගෙන සිටියේ මෙරට ජනප්‍රිය කතකගේ සැමියකුට අයත් ආරක්ෂක සමාගමකිනි. සන්නද්ධ ආරක්ෂකයන් යොදා ගැනීමට හැක්කේ මුදල් ප්‍රවාහනයේදී පමණක් වූවත් තිලිණිට ඒ නීතිමය බාධා කිසිවක් නොවූවාය. ඒ ඇගේ ආරක්ෂක උපදේශකයන් මෙන්ම නීති උපදේශකයන් වූයේ පොලිසියේ ඉහළ ලොක්කන් කිහිප දෙනෙක් වූ බැවිනි.
ආචාර්යවරයාගේ නිවෙසට ඇය යන්නේ නාග රාජයෙක්වද රැගෙනය. ඇය එම නාග රාජයා පෙන්වමින් ආචාර්යවරයාව අන්දවන්නේ “ මේ ඔයාගේ තාත්තා. එයා මැරිල දැන් නාගයෙක් හැටියටයි ඉපදිලා ඉන්නේ. මට ඒ ගැන දිෂ්ටියෙන් අම්මා කිව්වා. ගෙදර සල්ලි ගොඩක් තියෙනවලු. ඒ සල්ලි ගෙදර තියන්න එපා කියලත් කිව්වා. එහෙම සල්ලි ගෙදර ගොඩ ගහගෙන තිබුණොත් ඔයාව විනාශ වෙලා යයි“ කියාය.
මේ වගේ ගොඩක් දේවල් තිලිණි මේ ආචාර්යවරයාගේ ඔළුවට දමා එහෙම් පිටින්ම මනස අවුල් කළාය. ඒ ඔහු මෙවැනි අදෘශ්‍යමාන දේ විශ්වාස කරන්නෙක් වූ බැවිනි. අන්තිමට එම ආචාර්යවරයා තමාගේ මුළු සේසතම ගෝනිවලට දමා තිලිණිට දුන්නේ වෙන කරන්නට දෙයක් නොවූ තැනය. ඇය ඒ වෙනුවට ඇපයක් ලෙස ආචාර්යවරයාට ලබාදෙන්නේ රත්තරන් පොලු තොගයකි. ඒ මුදල් වලට ඇපයක් ලෙසිනි. බැලින්නම් ඒ රන් පොලු රන් ආලේප කළ පිත්තල තොගයකි.
තිලිණිට මෙම ආචාර්යවරයා ඇන්දෙන්නේත් බියක් සැකක් නොමැතිව තමා සතුව තිබුණු මුදල් තොගයම පූජා කරන්නේත් ඇය සමාජයේ ප්‍රභූ චරිතයක් ලෙස පෙනී සිටි තැනැත්තියක් වූ බැවිනි. ඇය ඇසුරු කළේ යැයි පෙන්නුවේ රටේ ඉහළම ප්‍රභූ ආර්යාවන් සහ මැති ඇමතිවරුන්ය. ඇය වටා රටේ නමගිය කලාකරුවන් රැසක්ද සිටියාය. ඇය පොලිසියේ ඉහළම නිලධාරීන් රැසක් ඉතා කිට්ටුවෙන්ම ඇසුරු කළාය. සිවිල් ආරක්ෂක කමිටු බල ගැන්වෙන ඇතැම් උත්සවවල ඇය මැති ඇමතිවරු සමඟ අසුන් ගෙන සිටියේ එකම පේළියේය. මේ දේවල් දුටු විට මෙම ආචාර්යවරයා තමා සතු මුදල් ඇගේ ව්‍යාපාරයේ ආයෝජනය කරන්නට ලබා දෙන්නේ ඔහුගේ මව ඇයට ඇවිත් කීවා යැයි කියන විනාශයෙන් බේරීමටත් එම මුදල් ගෙදර පුස් කකා තිබෙනවාට වඩා ඇයට ලබා දීමෙන් වැඩි ලාභාංශයක් පවා තමාට හිමිවනු ඇතැයි සිතාය. අන්තිමට සිදුවන්නේ ඔහුට ඒ මුළු සේසතම අහිමිව යාමය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඒ ගැන මෙම ආචාර්යවරයා පැමිණිලි කරන විට කිහිපවිටකදීම සිහිසුන් වන්නේ අහිමි වූ මුදල් කන්දරාව ගැන මතකයට නැඟී විය හැකිය.
තිලිණි මේ ගේම් හැම එකක්ම ගැසුවේ හොඳටෝම සැලසුම් කරමිනි. ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුනේ 34 වෙනි මහලම ඇය මාසයකට රුපියල් ලක්ෂ 14 බැගින් මුදලක් ගෙවා කුලියට ගත්තේද එවැනි තැනක ව්‍යාපාර කාර්යාලය පිහිටා තිබීමම ඇය දැවැන්ත ව්‍යාපාර සමූහයක හිමිකාරිනියක් බවට සමාජය හමුවේ ඒත්තු ගැන්වීමටය. 2019 වසරේ අග බාගයේදී ඇය සිය ව්‍යාපාර සමූහය එහි ස්ථාපිත කිරීමේ උත්සවයට ආරාධනා ලැබූවන් අතර රටේ නම ගිය භික්ෂූන් වහන්සේලා, දේශපාලනඥයන්, කලාකරුවන්, ඇතුළු සමාජයේ කැපී පෙනෙන චරිත රැසක්ම සිටියහ. ඇය මේ වංචාව සාර්ථකව කරගෙන යාමට මාකට් කළේ ඒ පැමිණි ආරාධිතයන්වය.
ඇය රටේ ජනප්‍රිය කලාකරුවන්ව ඇල්ලුවේ සිනමා නිෂ්පාදන සමාගමක් ද මෙම සමූහ ව්‍යාපාරයට ඈඳා ගනිමිනි. පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ඉතාම ජනප්‍රිය සිංහලෙන් හඩ කැවූ ඉන්දියානු ටෙලි නාට්‍යක ජනප්‍රිය චරිතයක් පවා ඇය මෙරටට ගෙන්වා තරු පන්තියේ ලොකු හෝටලයක උත්සවයක්ද සංවිධානය කළේය. ඒ ඇය කෙරෙහි ඉහළ සමාජයේ අවධානයක් ලබා ගැනීමටය. එය එතැනින් හමාර වන්නේ නැත. ඇය මෙරට ජනප්‍රිය කලාකරුවන්ගේ උපන් දින සාද සංවිධානය කළේ එම කලාකරුවන්වද පුදුම කරවමිනි. කෑම බීම සමඟ තරු පන්තියේ හෝටල් සංග්‍රහයක් ඇය විසින් කලාකරුවන්ට ලබා දෙන්නට වූයේ දහසින් බැඳි පියලි ඒ අය අතට පත්කරමිනි. ඒ නිසාම ඇය වඩා ජනප්‍රිය කලාකරුවන් සමූහයක්ද එක්ව සිටියහ. ඇගේ තිකෝ ව්‍යාපාරය ප්‍රවර්ධනය කළේ ඒ අයය. ඒ අතර ඇගෙන් ලාබ සත්කාර ලැබූ නිළියන් කිහිප දෙනෙකු ගණිකාවන්ටත් අන්ත තත්ත්වයකට ඇද වැටෙමින් තිලිණිගේ වංචාවට ගොදුරු වූ ව්‍යාපාරිකයන් බැලැක් මේල් කරනු ලැබුවේ සිය අඟ පසඟ විකුණා පමණක් නොව, මුළු ආත්මයම විනාශ කර ගනිමිනි. අද ඒ නිළියන් හැසිරෙන්නේ කිසිවක් නොවූ ගානටය. ඒ තිලිණිගේ වංචාවට හසුවූ ව්‍යාපාරිකයන් පමණක් නොව, එකී නිළියන්ගේද රෙදි ගැලවෙන තරමේ වීඩියෝ පට සහ හඩ පට තිලිණි සතුව ඇති බැවිනි. එයින් එළියට ඇවිත් ඇත්තේ එකක් දෙකකි. හැබැයි ඒ හඬ පට පමණි. විමර්ශන වලින් පෙනී ගොස් ඇති ආකාරයට අනුව හොඳ හොඳ වීඩියෝ පට ගොන්නක්ම තිලිණි සතුව ඇත. තිලිණිට හසුවී කෝටි ගණන් මුදල් අහිමිකරගත්තවුන් ඒ ගැන කියන්නට එළියට එන්නේ නැත්තේ ඒ නිසාය.
තිලිණි අල්ලාගත් ගමන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ආ දුරකතන ඇමතුම් ගණන බොහෝය. ඒ අය අතර වැඩිදෙනෙක්ම සිටියේ තිලිණිට හසුවී කෝටි ගණන් මුදල් අහිමි කර ගත්තවුන්ය. ඒ අතර දේශපාලනයට සම්බන්ධ කිහිප දෙනෙක්ම සිටියහ. ඒ අය අතර රුපියල් කෝටි 80ක් අහිමි කර ගත්තා යැයි කියන අයෙක්ද සිටියේය. පසුව ඔහු කියන්නට ගත්තේ කෝටි 08ක් බවය. දැන් කියන්නේ ඊටත් වඩා අඩු ගාණක් ගැනය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිලිණිට එරෙහිව පැමිණිලි කරන බව අවස්ථා කිහිපයකදීම කීවත් ඔහු මේ ලිපිය සටහන් තබන 14 වෙනි සිකුරාදා දහවල් වන තුරුම ඒ පැමිණිල්ල නම් කර තිබුණේ නැත.
තිලිණි බොහෝ ව්‍යාපාරිකයන් ඇල්ලුවේ ඇගේ සමීපතමයන් බවට පත්ව සිටි මෙරට ජනප්‍රියම නිළියන් සහ නිරූපිකාවන් දෙතුන් දෙනෙක් යොදා ගෙනය. එක් ව්‍යාපාරිකයෙක් සමඟ කෙටි ඇසුරක් පවත්වා එම ව්‍යාපාරිකයාව බිලි බා ගන්නවා වෙනුවට ඒ අයට ඇය ගෙවීම් කර ඇත්තේ ලක්ෂ පහේ දහයේ බණ්ඩල්වලිනි.
මෙසේ නිළියන් කිහිප දෙනකු මුදල් බලයෙන් ඇය ගණිකාවන් කරගෙන ඇත්තේ එම වෘත්තිය ඇයට එතරම් අලුත් දෙයක් නොවන නිසා විය හැකි බව අද වන විට සමාජයේ ලොකුවටම කතාබහ වන්නකි. ඇයට එම චෝදනාව එල්ල කරනුයේ 2012 වසරේ ඇය විසින් කුලියට මෝටර් රථයක් ලබා ගෙන කළ මුදල් වංචාවක් සමඟිනි. රුපියල් 50,000ක කුලියකට ලබා ගත් ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයකට ඇය පොල්ල තබන්නේ මෝටර් රථයේ හිමිකරුට රුපියල් 50,000ක අගරු චෙක්පතක් දෙමිනි. ඇය මෝටර් රථය ලබා ගන්නා විට ගිවිසුමකට එළඹ ඇගේ හැඳුනුම්පතද වාහනයේ හිමිකරුට ලබාදී තිබුණාය. අගරු චෙක්පතක් දී මෝටර් රථය කුලියට ගෙන අතුරුදන්වූ තිලිණිව සොයා මෝටර් රථයේ හිමිකරු හැඳුනුම්පතේ සටහන්ව තිබුණු ඇය පදිංචිව සිටින බව කියන උතුරු හෝකන්දර වානගුරු මාවතේ නිවසකටද ගියේය. ඇය ඒ නිවසේ සිට ඇත්තේ කුලීකාරියක් ලෙසිනි. මෝටර් රථයේ හිමිකරු එහි යන විටත් ඇය එම නිවසින් අතුරුදන්ව සිටියේ බඩු මුට්ටුද අකුලා ගෙනය.
අවසානයේදී ඔහු පිහිට පතා යන්නේ ගල්කිස්ස පොලිසියටය. ඒ ඇය රත්මලානේ පිහිටි ඉන්ධන පිරවුම්හලකින් මෝටර් රථයට ඉන්ධන ලබා ගෙන රුපියල් 5000ක පොල්ලක්ද තබා පළායාමක් ගැන ගැනද කියමිනි. එම පැමිණිල්ල පොලිස් පොතේ සටහන්ව වැඩි කලක් යන්නට මත්තෙන් රත්මලාන ධර්මාරාම පාරේ කුලී නිවෙසක රැඳී සිටි ඇයව කොටු කර ගන්නේද මෝටර් රථයේ හිමිකරු විසින් පොලිසියට ලබා දුන් තොරතුරකට අනුවය. ඇය වංචාවෙන්ම ජීවත්වන තැනැත්තියක් බව මෙන්ම අසම්මත වෘත්තියකට සම්බන්ධ තැනැත්තියක් බවට කියැවෙන්නට ගත්තේ ඒත් එක්කමය. ඇය ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමක් නම් මෙතෙක් කිසිදු පොලිසියකට වාර්තා වී ඇති බවක් නම් සොයා ගන්නට නැත.
තිලිණිගේ ජාතික හැඳුනුම්පතේ ඇති තොරතුරුවලට අනුව ඇය 1982 වසරේ ඔක්තෝබර් 29 වෙනිදා උපන් තැනැත්තියකි. උපත ලබා ඇති ස්ථානය ලෙස සටහන්ව ඇත්තේ කළුතරය. ඇගේ පදිංචි ස්ථානය ලෙස එහි සටහන්ව ඇත්තේ හෝකන්දර උතුරේ වානගුරු මාවතේ කුලි නිවසය.
ඇය හෝකන්දර ලිපියනයකින් පෙනී සිටියත් ඇය කළුතර උපන්නියක් යැයි සඳහන් වූවත් මවුපියන් සමඟ ජීවත්ව ඇත්තේ අතුරුගිරිය පැත්තේය. ඇය අධ්‍යාපනය ලැබුවේ යැයි කියැවෙන්නේ පන්නිපිටිය පැත්තේ පිහිටි පාසලකිනි. ඇය අට පාස් වත් නැති තැනැත්තියක් බව කීවත් අනාවරණය වන හැටියට ඇය එම පාසලේ 10 පන්තිය දක්වාම අධ්‍යාපනය ලබා ඇති තැනැත්තියකි. නමුත් ඇය සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී ඇති බවක් නම් හෙළි වන්නේ නැත.
අනාවරණය වෙමින් ඇති ආකාරයට අනුව තිලිණිගේ පවුලේ වැඩිමලා ඇයයි. ඇයට බාල සහෝදරයන් තිදෙනෙක් සිටින බවද කියැවෙයි. සාමාන්‍ය පවුලකට දාව උපන් තිලිණිගේ පියා බව කියැවෙන තැනැත්තා වෘත්තියෙන් වඩු කාර්මිකයෙකි. මව ගෘහණියකි. තිලිණි පාසල් කාලයේ සිටම චංචාවටම බරවී සිටි තැතැත්තියක් බවද කියැවෙයි. පාසල් ගමන හමාර කිරීමෙන් පසු ඇය තරුණයන් කිහිප දෙනෙක් සමඟ ඉතා කිට්ටු සම්බන්ධයක් ගොඩ නඟාගෙන සිටි බවද කියැවෙයි. ඇය මැදපෙරදිග රටක පවා රැකියාවක නිරතවූ තැනැත්තියක් බව විවිධ පාර්ශ්ව ඔස්සේ කියැවුණත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙතෙක් ඒ ගැන නිශ්චිත තොරතුරක් නම් සොයා ගැනීමට හැකියාවක් නම් ලැබී නැත. 2004 වසරේදී තිලිණිගේ වයස අවුරුදු 22කි. ඇය ඒ වසරේදී නුගේගොඩ පිහිටි ගොඩනැඟිලි ඉදිකිරීමේ සමාගමක ප්‍රවර්ධන නිලධාරිනියක් ලෙස කටයුතු කර ඇති බව කියැවෙයි. 2010 වසරේදී ඇය නාවල පිහිටි ආයතනයක ප්‍රවර්ධන නිලධාරිනියක් ලෙස රැකියාවක නිරතව ඇති බවට තොරතුරුද සොයා ගන්නට ඇත. 2012 දී ඇය කිරුලපන හැව්ලොක් සිටි හිදී තමාගේම යැයි කියා ව්‍යාපාරයක් ගොඩ නඟන්නේ ඉඩම් හා නිවාස ඉදිකිරීමේ සහ අලෙවි කිරීම සම්බන්ධයෙනි. ඇල්ටෝ රථයකට පොල්ල තැබූ බවට ඇයට එරෙහිව චෝදනාවක් එල්ල වන්නේ ඔය කාලයේදීය. ව්‍යාපාර 06ක් හිමි සමාගම් සභාපතිනියක් ලෙස තිලිණි ලෝක වෙළද මධ්‍යස්ථානයෙන් මතුවන්නේ 2019 වසරේදීය.
තිලිණි හොඳ මීටරයකි. සාමාන්‍ය පෙළවත් සමත්ව නැති ඇය හැසිරුණේ උපාධියකටත් එහා ගිය දැනුමකින් පිරිපුන් තැනැත්තියක් ලෙසිනි. ඇයට එම දැනුම ලැබී ඇත්තේ දේශපාලන පක්ෂයක දැනට ජීවතුන් අතර නොමැති දේශපාලඥයකුගේ ජාන ඇගේ ඇඟ පුරා දුවන නිසා විය හැකිය.
තිලිණිගේ ඉතිහාසය පිරික්්සීමේදී ඇය කාලයක්ම රැඳී සිට ඇත්තේ වත්තල පැත්තේ නිවසකය. එම නිවසේ හිමිකාරිනිය මෙරට ජනප්‍රිය ගායකයකුගේ සහෝදරියකි. ඇය නීතිඥවරියක් බවද කියැවෙයි. ඒ කාලයේත් තිලිණි කරන්නේ පොඩියට මෙවන් වංචාවන්ය. ඇය මෙහිදී වඩාත් කල්පනාකාරී වන්නේ හැම ගනුදෙනුවකටම චෙක්පත් දෙමිනි. තිලිණිට හසුවූ බොහෝ අය ඇයට එරෙහිව පොලීසිය යන්නේ චෙක්පත් රිටන් වන විටය. එහිදී අධිකරණය හමුවේ ඇයට එල්ල වන්නේ වංචා කිරීම් සම්බන්ධයෙන් චෝදනා නොව අගරු චෙක්පත් ලබාදීමේ චෝදනාය. ඒ සම්බන්ධයෙන් ඇති දඬුවම් ලිහිල් බැවින් ඇය මේ ගේම ගැසුවේ නීති උපදෙස්ද ඒ කාලයේ ලැබී තිබුණු බැවිනි. චෙක්පත් වංචාවන්ට තිලිණි පොලිසියට හසුවන සෑම අවස්ථාවකදීම ඇය වෙනුවෙන් ඉදිරිපත් වන්නේ යැයි කියැවෙනුයේ ගායකයාගේ සහෝදරියයි.
පොඩි පොඩි ගේම් ගසාගෙන එදා වේල සරිකර ගනිමින් සිටි තිලිණි චරිතයක් බවට පත්වන්නේ ඉසුරු බණ්ඩාර මුණ ගැසීමත් සමඟිනි. ඒ වන විට ඇය සිටියේ විවාහ කිහිපයකින්ම වෙන්වය. පළමු විවාහය ඇය සිදු කරගෙන තිබුණේ වීරසූරිය නැමැති අයෙක් සමඟිනි. දෙවැනි විවාහය සිදුව ඇත්තේ තනුක නැමැති අයෙක් සමඟිනි. එම විවාහයෙන් ඇයට එක් පුතෙක් සහ දියණිවරු දෙදෙනෙක් සිටින බවද කියති. ඒ එක් දරුවෙක් කරදඬු උස්මහත් වූයෙකි. අද ඒ දරුවා අවුරුදු 20 ක තරුණයෙක් බවද කියැවෙයි.
වත්තල ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර පාසලක වැඩිමහල් දියණිය අධ්‍යාපනය ලබමින් සිටින්නීය. තෙවැන්නා සිටින්නේ යැයි කියැවෙන්නේ වැලිමඩ එම දරුවාගේ පියා සමඟිනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම බුද්ධි අංශද කරනු ලබන විමර්ශනවලින් පෙනී යමින් ඇති ආකාරයට තිලිණිට වාසනාව ගෙන එන්නේ යැයි කියැවෙන්නේ ඇය සමඟ ඉසුරු බණ්ඩාර එක්වීමත් සමඟිනි. මේ කියන ඉසුරු බණ්ඩාර පසුගිය ආණ්ඩු කාලයේ කැලණියේ රජ කළ ඇමැතිවරයකුගේ පුද්ගලික ආරක්ෂකයෙක් ලෙස පෙනී සිටියෙකි.
එම ඇමැතිවරයා ළඟ සිටි බොහෝ අය ඇමැතිවරයාගේ කනින් රිංගමින් එම ඇමැතිවරයාගේ නමින් ගේම් ගැසූවෝය. ඇතැම් උදවිය ගැසූ ගේම් නිසා එම ඇමතිවරයාගේද පටි රෝල් වූ අවස්ථා බොහෝය. ඉසුරු බණ්ඩාර සහ තිලිණි එකට එක්වූ පසු බස් එකේ ගමන් බිමන් ගිය ඉසුරු බණ්ඩාර, තිලිණි සමඟ රට වටේ ගියේ හෙළිකොප්ටර් වල නැඟීය. ඇමැතිවරයා ළඟ සිටියදී ලබාගත් දැනුම ඉසුරු බණ්ඩාර යොදා ගත්තේ තිලිණි සමඟ එක්වීමෙන් පසුවය. තිලිණි සභාපතිධුරය දැරූ තිකෝ සමූහ ව්‍යාපාරයට ආයෝජකයන් රැගෙන ආවේ ඉසුරුය. ඉසුරුගේ ගොදුරු බවට පත්වූයේ සුදු කරපටි අපරාධකරුවන්වය.
අදාළ ඇමැතිවරයා ළඟ සිටියදී ඔහු රටේම ඉන්න සුදු කරපටි අපරාධකරුවන් කවුරුන්දැයි හඳුනා ගෙන සිටියේය. සුදු කරපටි අපරාධකරුවන් කියන්නේ සමාජයේ සුද්ධවන්තයන් ලෙස පෙනී සිටිමින් නීති විරෝධි ජාවාරම්වල නිරත වන්නන්ය. ඒ අයට තිලිණිත් එක්ක එකතු වෙමින් ඉසුරු වැඩේ දුන්නේ ඔළුව උස්සන්නම බැරි වන්නටය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට නොහැකිව කෙකර ගසමින් සිටින්නේ ඒ අයය. කලාකරුවන් කිහිප දෙනෙක් මෙන්ම දේශපාලනඥයන්ට සම්බන්ධ වූවෝද ඒ අතර නැත්තේම නැත.
අනාවරණය වෙමින් ඇති අකාරයට අනුව තිලිණි සමාජය හමුවේ බලයක් ගොඩනඟා ගන්නේ හරි අපූරු ක්‍රමයකටය. මුලින්ම ඇය කරන්නේ සිය තිකෝ සමූහ ව්‍යාපාරයේ කාර්යාල සංකීර්ණය ලෝක වෙළඳ මධ්‍යස්ථානය තුළට රැගෙන ඒමය. එම කාර්ය මණ්ඩල සාමාජිකයන් අතර සමාජයේ නම කියැවෙන චරිත කිහිපයක්ද විය. එම චරිත ඔස්සේ ඇය ඇතැම් චිත්‍රපට මුහුරත් උලෙළවලට සහභාගි වන්නේ ප්‍රකෝටිපති ව්‍යාපාරික කාන්තාවක් ලෙස පෙනී සිටිමිනි. එහිදී ඇය එම මුහුරත් උලෙළට පැමිණෙන රටේ ජනප්‍රිය කලාකරුවන් සහ දේශපාලනඥයන් සමඟ එකට රැඳී සිටිමින් ඡායාරූපද ගන්නේ සිය ඉදිරි අරමුණු වෙනුවෙනි. ඇය එතැනින් සීමා වන්නේ නැත. ඇගේ තිකෝ සමූහ ව්‍යාපාරයට චිත්‍රපට නිෂ්පාදන සමාගමක්ද ඈඳා ගත්තාය. ඇය කලාකරුවන් සමඟ සම්බන්ධකම් ගොඩනඟා ගන්නේ එතැන් සිටය. ඇය ප්‍රභූවරුන්ට බැල්ම හෙළන්නේ අනතුරුය.
එහිදී ඇය ඉහළම පෙළේ සමඟ කතාබහ කරන තැනේ සිට කන බොන තැන දක්වාම සෑම අවස්ථාවක්ම ඉතා සූක්ෂම ලෙස වීඩියෝගත කිරීමට අමතක නොකරන්නීය. ඒ අතරතුර ඇය වීඩියෝ ඇමතුම් ගෙන ඇගේ ඉලක්කය බවට පත්වන ව්‍යාපාරිකයන්ට තමා ඒ වන විට සිටින්නේ අහවල් කෙනා බිරිය සමඟ යැයි පෙන්වන්නට වූයේද එම ව්‍යාපාරිකයන් හොඳටෝම අන්දවමිනි. ඇය කළේ දේශපාලනඥයන් ඇගේ ඇන්දිලිවලට පාවිච්චි කිරීමකි. ඒ අතර මැති ඇමැතිකම් දැරුවෝද නැත්තේම නැත. ප්‍රබල දේශපාලකයන් දෙදෙනෙක්ද ඇගේ මේ ව්‍යාපාරික කටයුතුවල වරක් මුදල් ආයෝජනය කර තිබී ඇති බව සඳහන්ය. ඒ රුපියල් කෝටි ගණනින් නොව පොඩි ගාණකිනි. ඇය එම දේශපාලකයන් දෙදෙනාට මුල් මුදල සමඟ ප්‍රතිලාභ දී තිබුණේ ගාණ ඩබල් කරමිනි. එතැන් සිට තිලිණිගේ ව්‍යාපාරයේ ප්‍රවර්ධන කටයුතු සිදුවූයේ එම දේශපාලකයන් හරහාය. ඇය කෝටිපති ව්‍යාපාරිකයන් රවටන්නට වූයේ අර අහවල් ඇමැතිගෙන් අහල බලන්න, මම එයාට හරි වෙලාවට සල්ලි දුන්නද නැද්ද කියා කියමිනි. එම ව්‍යාපාරිකයන් එකී දේශපාලඥයන්ගෙන් ඒ ගැන විමසන විට ඒ අයගේ මුවින්ද පිටවන්නේ ඇය විශ්වාසවන්තියක් බවකි. ඇය හැම කෙනෙකුවම ඇන්දුවේ එසේය.
ඇගේ මේ ඇන්දිල්ලට මෙරට සුප්‍රසිද්ධ භික්ෂූන් කිහිප දෙනකු ද හසුවී තිබුණාය. එම භික්ෂූන් වහන්සේ තාමත් ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ වෙනත් අංශයකට පැමිණිලි කර ඇති බවක් නම් මෙතෙක් දැනගන්නට නැත. පන්සල්වල ඇති මුදල් අදින්නට තිලිණි මුලින්ම කිට්ටු වී ඇතැයි කියන්නේ රටේ නම ගිය ප්‍රබල භික්ෂුවකි. ඒ එම භික්ෂුවට අයිෆෝන් එකක් පූජා කරමිනි. අනතුරුව එම භික්ෂුව සතුව ගොඩ ගසාගෙන තිබුණු මුදල් ඩබල් කර දෙන්නම් යැයි දොඩා එම මුදල් එළියට අදින්නේ ඒ වෙනුවට ඇපයක් ලෙස රත්තරන් පොලු පන්සලේ තබාය. බැලින්නම් ඒ රත්තරන් පොලු යැයි කියා තිබුණේ පිත්තලවලට රන් ගල්වා සකස් කළ ව්‍යාජ රන් පොලු තොගයකටය.
මෙසේ ඇය රටේ නම ගිය භික්ෂු චරිත කිහිපයක්ම ඇන්දුවේය. ඒ අතර රහත් යැයි කියන භික්ෂුවක්ද සිටියේය. එම භික්ෂුවගේ කඩවත පිහිටි විහාරස්ථානයේද රන් පොලු තොගයක්ම ඇය ගොඩගසා තිබුණාය.
ඇය පොලු තැබූ ව්‍යාපාරිකයන් මුදල් ඉල්ලා ගෙන එන විට ඇය කළේ කඩවත පන්සලට ඒ අයව රැගෙන ගොස් පන්සලේ කුටියක ඇති රන් පොලු පෙන්වා ඒවා අලෙවි කර මුදල් ලබා දෙන්නම් යැයි කියාය. එහිදී ඇයට චරිත සහතික දුන්නේ එම රහත් භික්ෂුව බව කියති. එම රන් පොලු ඇය තැනින් තැනට රැගෙන ගියේ ද පොලිසියේ ලොක්කකුගේ ආශිර්වාදයෙනි. ඇයට රන් පොලු රැගෙන යන්නට ආරක්ෂාව ලබා දෙන්නේද එම පොලිස් ලොක්කාය.
විමර්ශනවලින් පෙනී ගොස් ඇති ආකාරයට අනුව පොඩියට කරගෙන ගිය ඇගේ මේ ව්‍යාපාරයට සමාජයේ අප්‍රකට ඉහළ ධනවතුන් ගොදුරු කර ගත්තේ මෙරට මිශ්‍ර ව්‍යාපෘතියකට සම්බන්ධ ආයෝජන සමාගමක මෙරට නිලධාරිනියකට කිට්ටු වෙමිනි. ඒ හරහා ඇය රටේ ඉහළ ධනවතුන් කිහිප දෙනකුගේ බිරින්දෑවරු සමඟ ඇසුරක් අරඹමින් ඒ සමාජයේ කොටස්කාරියක් බවට පත්වන්නේ ඇයත් ඒ සමාජයේම පුරුකක් බවට පත්වෙමිනි.
ඇය මෙරට අප්‍රකට කෝටිපතියන්ගේ සේසතට විදින්නේ ඒ ඔස්සේය. ඇගේ බොහෝ ගනුදෙනු සිදුව ඇතැයි කියැවෙන්නේ බහුජාතික සමාගමේ කාර්යාලය තුළ සහ දේශපාලඥයකුගේ කාර්යාලයක් තුළදීය. ආණ්ඩුවට සම්බන්ධකමක් නොමැති එම දේශපාලඥයා පක්ෂයකද නායකයකුද වන්නේය. කෝටි 80කට ඇය පොල්ල තබා ඇතැයි කියන්නේද එම දේශපාලනඥයාටය.
ඇය මේ දේශපාලනඥයා මගින් ද බොහෝ ව්‍යාපාරිකයන් සිය උගුලට හසුකර ගෙන තිබුණාය. ඒ ඩොලර් අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරත වෙමිනි. ඇයට විශාල වශයෙන් පසුගිය කාලයේ යම් අප්‍රකට මූලාශ්‍රයකින් ඩොලර් තොග වශයෙන් ලැබී තිබිණි. ඇය ඒවා රුපියල් වලට අලෙවි කර ඇත්තේ වෙළදපොළේ ඇති මිලට වඩා රුපියල් විස්සක් තිහක් අඩුවෙනි.
අදාළ දේශපාලඥයා කර ඇත්තේ ඔහු දන්නා කියන ව්‍යාපාරිකයන් ඇයට මුණ ගස්සවා එක ඩොලර් එකකින් රුපියල් 10ක් 15ක් කොමිස් මුදලක් තබා ගැනීමය. එසේ ගනුදෙනු කිහිපයක් කර අවසානයේදී මෙකී දේශපාලඥයාගේ කෝටි 80කටත් වැඩේ දෙන්නේ ඔහුටත් හිතා ගන්නට බැරි වන්නටය.
තිළිණි ප්‍රියමාලිගේ වංචාවට හසුවූ සුප්‍රකට පුද්ගලයින් පැමිණිලි කිරීමට මැලිකමක් දක්වන්නේ ඇයි?
තිළිණි ප්‍රියමාලිගේ මහා පරිමාණ මූල්‍ය වංචාවට හසුවූ සුප්‍රකට පුද්ගලයින් රැසක් ඇතත්, ඔවුන් ඇයට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීමට මැලිකමක් දක්වන බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (ඔක්තෝබර් 19 වැනිදා) අනාවරණය විය.
මේවනවිට ඇයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ලැබී ඇත්තේ, ඉතා සුළු පැමිණිලි සංඛ්‍යාවක් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය.
බන්ධනාගාරයේදී නොයෙකුත් ආකාරයෙන් ජංගම දුරකතන භාවිත කිරීමේ අවස්ථාව ඇයට හිමිවීම මඟින් තම දෙපාර්තමේන්තුව කරන විමර්ශනවලට බාධා මතුව ඇතැයි ද ඔවූහූ පෙන්වා දුන්හ.
ව්‍යාපාරික කටයුතු සඳහා ආයෝජනය කර වැඩි මුදලක් ලබා දෙන බව පවසා, ව්‍යාපාරිකයින්, දේශපාලනඥයින් හා හිමිවරුන් ඇතුලු විශාල පිරිසකගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් ලබා ගෙන වංචා කිරීම සහ ආධාර අනුබල දීම සම්බන්ධයෙන් තිළිණි ප්‍රියමාලිට සහ ඔහුගේ ව්‍යාපාරික හවුල්කරු යැයි කියන ඉසුරු බණ්ඩාරට චෝදනා එල්ල වී තිබේ.
යළි රිමාන්ඩ්
තිළිණි ප්‍රියමාලි සහ ඇයගේ ව්‍යාපාරික හවුල්කරු ලෙස සැළකෙන ඉසුරු බණ්ඩාර නොවැම්බර් මස 02 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව වැඩබලන මහෙස්ත්‍රාත්වරිය අද (ඔක්තෝබර් 19 වැනිදා) නියෝග කළේය.
අද දින සැකකරුවන් විවෘත අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණේ නැත.සැකකාරියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්, මුදල් වංචා කිරීම, මුදල් සාවද්‍ය පරිහරණය යන චෝදනා යටතේ වෙන් වෙන්ව නඩු තුනක් ගොනුකර තිබුණි.
ආධාර අනුබල දීම යටතේ සැකකාර ඉසුරු බණ්ඩාරට එරෙහිව කොටුව පොලිසිය විසින් එක් නඩුවක් ගොනු කරනු ලැබ තිබුණි.
සූම් ඔස්සේ සැකකරුවන් නිරීක්ෂණය කළ වැඩබලන මහේස්ත්‍රාත්වරිය තිළිණි ප්‍රියමාලි හා ඉසුරු බණ්ඩාර තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.
රුපියල් මිලියන 22කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලක් මත තිළිණි ප්‍රියමාලි පසුගිය 5 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබුණි.
ඇය විසින් සිදුකරන ලද මූල්‍ය වංචා සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 11 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබේ.
එම කටයුතුවලදී ඇයගේ ව්‍යාපාරික හවුල්කරු ලෙස කටයුතු කළේ යැයි කියන ඉසුරු බණ්ඩාර නමැත්තා ඔක්තෝබර් 17 වනදා අත්අඩංගුවට ගනු ලැබූ අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු අද (19) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙනු ලැබුවේ, සැකකාරියගේ නමින් පවතින ගිණුමක පසුගිය ජනවාරි මාසයේ සිට ජුනි මාසය දක්වා කාලය තුළ රුපියල් මිලියන 300ක පමණ මුදලක් තැම්පත් කර පසුව එවා ලබා ගෙන ඇති බවයි.
තිළිණි ප්‍රියමාලිට එරෙහිව මහාධිකරණ හා මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ, මුළ්‍ය වංචා සම්බන්ධයෙන් වෙනත් නඩු 7ක් පවතින බව අධිකරණයේදී අද අනාවරණය විය.
තිළිණි ප්‍රියමාලි කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ කාර්යාල පවත්වා ගෙන ගොස් ඇති අතර ඒවා නඩත්තු කටයුතු වෙනුවෙන් මසකට වැයකර ඇති මුදල් රුපියල් ලක්ෂ 41කි. ආයතන 7ක් ඇය පවත්වාගෙන ගොස් ඇති බවත්, ඉන් ආදායම් ලැබෙන කිසිදු ආකාරයක් අනාවරණය වී නැතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
ඇය නමින් බැංකු සහ මුල්‍ය ආයතන කිහිපයක පවතින ගිණුම් සම්බන්ධයෙන් සියලු තොරතුරු විමර්ශන නිලධාරීන්ට ලබා දෙන ලෙස අදාළ ආයතනවලට වැඩබලන මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
එමෙන්ම බන්ධනාගාරය තුළදී සැකකරුවන්ගෙන් අවශ්‍ය ප්‍රකාශ ලබා ගැනීමට ද අධිකරණය අවසර ලබා දුන්නේය.
තිලිණි ප්‍රියමාලි වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ මේ වන විට රඳවා සිටින අතර පසුගියදා ඇයගේ සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන තිබුණි.
ඒ පිළිබඳ විභාගයේදී ඇය පැවසා තිබුණේ අදාළ චෝදනාවට ඇය නිවැරිදිකාරිය බවය.
https://www.bbc.com/sinhala/sri-lanka-63321438
ප්‍රසිද්ධ නිළියක් කුලියට අරන් ප්‍රකෝටිපතියන් 'බ්ලැක්මේල්' කරලා !
කොළඹ කොටුවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් වැඩි ලාභාංශ දෙන බව කියමින් ප්‍රකෝටිපතියන්,
දේශපාලනඥයන් හා භික්ෂුන් වහන්සේගෙන් කෝටි ගණනක් වංචා කළ බවට චෝදනා එල්ල වූ කාන්තාවකගෙන් එම මුදල් ඉල්ලූ විට ඔවුන් සමග ලිංගික කාරනා කතා කර ප්‍රසිද්ධ කිරීමට නිළියක් යොදාගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
ප්‍රසිද්ධ නිළියක යොදාගෙන මෙම ප්‍රකෝටිපතියන් සමග කතා කරන ලිංගික කරුණු ඇතුළත් සංවාද පටිගත කර ඒවා මුදාහරින බවට මුදල් ඉල්ලා එන අය බියවද්දවා ඇතැයි හෙළි වී තිබේ.
මෙම ප්‍රසිද්ධ නිළියට එම ලිංගික සංවාද හඬපට රහසේ පටිගත කරදීම වෙනුවෙන් රුපියල් ලක්ෂ දහයක මුදලක් සැකකාරිය විසින් ගෙවා ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මේ හේතුවෙන් මෙම ව්‍යාපාරය හිමි කතට එරෙහිව පැමිණිලි කිරීමට වංචාවට ලක් වූ ප්‍රකෝටිපතියන් බිය වී ඇතැයි ද හෙළි වී ඇත.
මෙම කාන්තාව මෙරටට ඉන්ධන ගෙන්වීමට ඩොලර් අවශ්‍ය බව කියමින් ඇමරිකානු ඩොලර් හැටදහසක් හා ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂයක් හා රන්භාණ්ඩ වංචා කිරීමේ සිද්ධියට අදාළව කමල් හසන් නමැති ව්‍යාපාරිකයකු පැමිණිලි කර ඇති අතර තවත් මිලියන 226ක් අබ්දුල් සත්තාර් නමැති ව්‍යාපාරිකයකුට වංචා කිරීම සම්බන්ධව පමණක් පැමිණිලි ලැබී ඇතැයි විමර්ශකයන් කියයි.
මෙම ප්‍රසිද්ධ නිළිය යොදාගෙන හඬපට ප්‍රසිද්ධ කරන බවට බියවද්දා ආචාර්ය උපාධිධාරියෙක් වන කෝටිපතියකු ඇතුළු විශාල පිරිසක් බියවද්දා ඇතැයි තොරතුරු විමර්ශන කණ්ඩායම් වෙත ලැබී ඇත.
එසේම, ප්‍රකට වෛදවරයකුගෙන් ලබාගෙන ඇති රුපියල් මිලියන 750ක මුදල ගෙවීම දිගින් දිගටම පැහැරහැර තිබේ.
ප්‍රවීණ රංගන ශිල්පියකු හා හිටපු කැබිනට් ඇමැතිවරයකුගෙන් රුපියල් මිලියන 100ක් ද, ඔහුගේ බිරිඳගෙන් තවත් මිලියන ගණනාවක්ද මෙම සැකකාරිය විසින් වංචාකර ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි. එසේම, ජනප්‍රිය නිළියකට ද රුපියල් කෝටි ගණනක් වංචාවක් සිදුකර තිබේ. හිටපු ආණ්ඩුකාරවරයකුට රුපියල් කෝටි අසූවක්ද වංචා කර ඇතත් ඔවුන්ද මෙතෙක් පොලිසියට පැමිණිලි කර නොමැත.
රත්තරන් පොලු දෙන බව පවසා ප්‍රසිද්ධ හිමිවරුන් කිහිපදෙනකුද රවටා ඇති බවත්, කඩවත ප්‍රදේශයේ විහාරස්ථානයකට සැකකාරිය විසින් ව්‍යාපාරිකයකුද රැගෙන ගොස් ඇතැයිද හෙළි වී ඇත.
තිකෝ සමූහ ව්‍යාපාරයේ අධිපතිනිය වන වඩුවාරයගේ තිලිණි ප්‍රියමාලි නමැති මෙම සැකකාරියට එරෙහිව මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අධිකරණ රැසක නඩු 07ක් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඇය මීට අමතරව පිටකොටුවේ ජංගම දුරකතන ඇලෙවි සැලක හිමිකරුවකුගෙන් රුපියල් මිලියන 40ක්ද වංචා කර තිබෙන බව අනාවරණය වී තිබේ.
මෙලෙස වංචා කරන ලද රුපියල් බිලියන 03කට වැඩි මුදලට සැකාරිය කුමක් කළේද යන්න පිළිබඳව විමර්ශනයක් පවත්වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
තිලිණි ප්‍රියමාලි නමැති මෙම සැකකාරිය යටතේ සේවය කරන ලද කාර්ය මණ්ඩලයේ පිරිසක් ද සිය ප්‍රධානියාගේ (සැකකාරියගේ) වංචාවන්වලට සෘජුවම දායක වී ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ. එම පිරිස් සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
thilini with shiranthi
මෙම සැකකාරිය ත්‍රිකෝ සමූහ ව්‍යාපාරය යටතේ ව්‍යාපාර රැසක් පවත්වාගෙන ගොස් තිබෙන අතර මැණික්, ගොඩනැගිලි ඉදිකිරීම්, ස්වර්ණාභරණ, චිත්‍රපටි නිෂ්පාදන, ඉඩම් මිලදී ගැනීම් සහ වෙන්දේසි කිරීම්වලට අදාළ සමාගම් 06ක් ලියාපදිංචි කර තිබූ බවද පොලිසිය පවසයි.
මෙම සැකකාරියට ඩුබායි රාජ්‍යයේද ව්‍යාපාරික ස්ථානයක් තිබෙන බව අනාවරණය වී තිබේ. සැකකාරිය ස්ථාන 04ක පදිංචි වී සිටියද ඇයට ස්ථිර පදිංචි ස්ථානයක් නොමැති බවද පොලිසිය සඳහන් කරයි.
මෙලෙස මහා පරිමාණ අයුරින් මුදල් වංචා කරමින් සැඟවී සිටි සැකකාරිය ගිනි අවි සහිත විශේෂ ආරක්ෂකයන් පිරිසකගේ ආරක්ෂාව යටතේ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙරේදා අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම සැකකාරිය සිය ව්‍යාපාර කටයුතු සඳහා ගනුදෙනුකරුවන් තුල විශ්වසනීයත්වයක් ඇතිකිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ පමණක් නොව ආණ්ඩුවේ හා විපක්ෂයේ මැති ඇමැතිවරුන්ටද තමන්ගේ සුබසාධන ව්‍යාපෘතිවලට ආරාධනා කරමින් ඊට අදාල ජයාරූප මුදල් ගෙවා මාධ්‍යවල පළකර පුළුල් ප්‍රචාරයක් ලබා ගෙන ඇති බවද වාර්තාවේ.
https://theleader.lk/news/13664-billionaires-were-blackmailed-2022-10-07-04-38-58
මේ රටේ බහුතර දේශපාලකඥයින් කොතරම් පිරිසිදු චරිතද? යන්න මේ රටේ ජීවත් වන අප පමණක් නොව ජාත්‍යන්තර ප්‍රජාවත් දැන් හොදින් දනී. එමනිසා ඔවුන් උපයාගත් මුදල් මෙම ජාවාරම තුල ආයෝජනය කොට තිබීම අරුමයක් නොවේ. නමුත් මේ සමාජය අධ්‍යාත්මිකව ගොඩනඟන්න සහ ඔවුන් යහමග ගැන්වීමට දිවා රූ වෙහෙසෙන ධර්මදීපයේ ආගමික නායකයින් ද මෙම ජාවාරම තුල කෝටි ගණන් මුදල් හුවමාරු කරගෙන තිබීම විශ්මිත කාරණයක් නොවේද?. ‘දුකෙන් මිදෙන්න හොදම මඟ ලෞකික බැඳීම් අත්හැරීම’ යැයි සමාජයට දේශනා කල සමහරක් (තමන් බුදුබව ලබා ඇතැයි පැවසූ) හිමිවරුන් මෙම ජාවාරමෙහි කොටස්කරුවන් වී සිටීම විශ්මය දනවන්නකි. ඔවුන් සමාජයට බණ කියන ගමන් ආගම ව්‍යාපාරයක් කරගෙන ලෞකික සැප සම්පත් සොයා ගොසින් බව සිතෙන්නේ මට විතරක්ද?. ඇත්තෙන්ම මොවුන් සමාජයට දේශනා කරන දහම ඔවුනට වලංගු නැද්ද?.
මේ රටේ මෑතකාලීනව සිදු වූ සිද්ධීන් (වන ජාවාරම්, කෝලාහල, දේශපාලන පෙරලි, ගැටුම්… යනාදීන්)වල බොහෝ විට පෙරමුණ සිටියේ ආගමික නායකයින්ය. ඔවුන් සමාජය තුල කොතරම් පහත් තැනකට වැටිලාද යන්නට සරල නිදසුනකින් පවසනවා නම්, අප රටේ සමහරක් හිමිනමවරුන් නමින් ප්‍රසිද්ධ වනවාට වඩා ‘V8’, ‘අඹසරණ’, ‘නාඟලෝක’… වැනි නම්වලින් ප්‍රසිද්ධ වී සිටීම මෙම අරාජිකත්වයේ තරම මනාව පිලිඹිබු කරන්නකි. මෙවැනි ආගමක නායකයින් ඔබ හොදින් හා බුද්ධිමත්ව නිරීක්ෂණය කරනවා නම්, ඔවුන් දහමේ ඉගෙන්වීමන් හැර අන් සියල්ල හොදින් ඉටුකරන බව ඔබට ම අවබෝධ වනු ඇත.
කතුන්ගේ රන් කොල්ල කෑ පොලිසියේ හතරක් රිමාන්ඩ්
ඉන්දියාවෙන් මෙරටට තහනම් භාණ්ඩ රැගෙන එනු ලැබූ බව කියන පිරිසක් අත්අඩංගුවට ගෙන ඔවුන් සතුව තිබූ ඇමරිකන් ඩොලර් සහ රන් භාන්ඩ සොරා ගත්තැයි කියන සිද්ධියකට අදාළව අධිකරණයට භාරවූ කැළණීය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ උප පොලිස් පරික්ෂකවරයකු ඇතුලු නිලධාරීන් සිව් දෙනකු හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා අද (14) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කැළණීය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ උප පොලිස් පරික්ෂකවරයකු, පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකි.
පොලිසියේ වැඩවලින් මානව හිමිකම් කැඩිලා
පොලිස් නිලධාරීන් අතින් මේ දිනවල දිගින් දිගටම සිදුවන ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ පොලිස්පතිවරයා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා ඇතැයි එම කොමිසම පවසයි.
මෙම මස 21 වැනි දින පෙරවරු 10..00ට මෙම කර ඇතැයිද එම කොමිසම පවසයි.
පොලිස් නිලධාරීන් ගේ අත්තනෝමතික ක්‍රියාත්මක වීම් තුලින් ජනතාවගේ මානව හිමිකම් දිගින් දිගටම උල්ලංඝනය වන තත්ත්වයක් නිරීක්ෂණය වන බවත්, තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජීවගුණයට නීතියේ ආධිපත්‍යයට බලවත් තර්ජනයක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.
නීතිය ආරක්ෂා කිරීමට බැඳී සිටින පොලිස් නිලධාරීන් ගේ හැසිරිම කිසිසේත් අනුමත නොකරන බව ද මානව හිමිකම් කොමිසම් සභාව දන්වා සිටිය.
මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වැඩිදුරටත් පවසයි.
අධිකරණ ඇමති අල්ලස් කොමිසම පට්ට ගහයි
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමා පැමිණිලි හතර පහක් ඉදිරිපත් කළත් අදටත් ඒවාට වෙච්ච දෙයක් නොමැති බවත් අල්ලස් කොමිසම වැඩ කරන්නේ මෙහෙම නම් මෙවැනි කොමිසමකින් මේ රටට ඇති ඵලය කුමක්දැයි තමා ප්‍රශ්න කරන බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (15) පැවසීය.
ඒ පැමිණිලි සම්බන්ධයෙන් අල්ලස් කොමිසම තමාගෙන් පැය හතර පහ ප්‍රශ්න කිරීම් නම් හොඳට කළ බවද ඔහු සඳහන් කළේය.
රාජපක්ෂ මහතා මෙසේ පැවසූවේ අයවැය දෙවෙනි වර කියවීමේ විවාදයේදීය.
https://www.lankadeepa.lk/news/%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB-%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92-%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A-%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8-%E0%B6%B4%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7-%E0%B6%9C%E0%B7%84%E0%B6%BA%E0%B7%92/101-623472
මෙරට සැබෑ උද්ධමනය සියයට 115යි - ස්ටීව් හැන්කේ
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව උද්ධමනය පිළිබඳ ඉදිරිපත් කර ඇති දත්ත වාර්තා සම්පූර්ණ ප්‍රබන්ධයක් බව ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කේ මහතා පවසයි.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 66 ක් බව පැවසුවත් ශ්‍රී ලංකාවේ සැබෑ උද්ධමනය සියයට 115 ක් බව ස්ටීව් හැන්කේ මහතා පෙන්වා දෙයි.
https://www.lankadeepa.lk/news/%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7-%E0%B7%83%E0%B7%90%E0%B6%B6%E0%B7%91-%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA-%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7-15%E0%B6%BA%E0%B7%92---%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%93%E0%B7%80%E0%B7%8A-%E0%B7%84%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%9A/101-623711
ණය මුදලට විදේශ විනිමය
පාසල් උපකරණ මිල තුන ගුණයක් ඉහළ නගී
මන්දපෝෂණයෙන් ආසියාවෙන් ශ්‍රී ලංකාව දෙක

ඕමානයේ තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්ගේ වැඩ තහනම්
ඕමානයේ රැකියාවට ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවීමේ සිද්ධියට සම්බන්ධ යැයි චෝදනා එල්ල වී සිටින ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්වරයාගේ වැඩ තහනම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
අදාල තෙවැනි ලේකම්වරයා මිනිස් ජාවාරමට එරෙහිව කටයුතු කළ බවත් ඒ හේතුවෙන් ඔහුට ද තර්ජන එල්ල වී ඇති බවත් පවසමින් විදේශ රැකියා අමාත්‍යවරයාට ලිපියක් යොමු කර ඇති බවත් වාර්තා වේ.
ඕමානයේ මිනිස් ජාවාරමට එරෙහිව තමන් කටයුතු කළ බව කියන එම තෙවැනි ලේකම්වරයා සංවිධානාත්මක පිරිසක් තමන්ට එරෙහිව චෝදනාව සමාජගත කරන බව ද එම ලිපියේ සඳහන් කර තිබේ.
https://www.lankadeepa.lk/latest_news/%E0%B6%95%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A-%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A-%E0%B6%AD%E0%B7%99%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92-%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B7%80%E0%B7%90%E0%B6%A9-%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A/1-623785
කාන්තා ජාවාරමේ තවත් ජාවාරම්කරුවකු අල්ලයි
ඕමානය සහ ඩුබායි යන රටවල්වලට ගණිකා සේවය සඳහා මෙරට කාන්තාවන් විවිධ වීසා මත යොමු කළ බවට කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට පත්වූ ජාවාරම්කරුගේ දේශීය නියෝජිතයා ද අද (20) අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුත්ති කාර්යංශයේ නිලධාරියෙක් පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයාගෙන් මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.
https://www.lankadeepa.lk/latest_news/%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F-%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%9A-%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%94-%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92/1-623779
මෙරට දරුවන් 56000 කට උග්‍ර මන්දපෝෂණය
මෙරට ළමයින් 56,000 ක් පමණ උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවත් ඉන් වයස අවුරුදු 5 ට අඩු ළමයින් සඳහා ඉක්මනින් ප්‍රතිකාර අවශ්‍ය බවත් යුනිසෙෆ් සංවිධානයේ නවතම වාර්තාව පෙන්වා දෙයි.
එසේම ශ්‍රී ලංකාවේ ළමයින් ලක්ෂ 22 කට මානුෂීය සහාය අවශ්‍ය බව එම වාර්තාවේ දැක්වේ.
ශ්‍රී ලංකාවේ ආර්ථික සහ දේශපාලන අර්බුදය හේතුවෙන් විදේශ රැකියා සඳහා යන ශ්‍රමිකයන් ප්‍රමාණයද සියයට 286 කින් 2022 වසරේ වැඩි වී ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.
එපමණක් නොව ශ්‍රී ලංකාවේ ළමුන් මිලියන 4.8 කට අධ්‍යාපනය සඳහා ප්‍රවේශය අවශ්‍ය බව යුනිසෙෆ් සංවිධානය එම වාර්තාව මගින් පෙන්වා දී ඇත.ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ මෙම වසරේ ඔක්තෝම්බර් මස සිට ලබන වසරේ පෙබරවාරි මස දක්වා කාලය තුළ ආහාර අනාරක්ෂිත භාවය තවත් දරුණු අතට හැරෙතැයි අනුමාන කර ඇති අතර මිලියන 6.2 ක ජනතාවක් මධ්‍යස්ථ ආහාර අනාරක්ෂිත භාවයෙන් පෙළෙන බවත් 66000 ක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවත් යුනිසෙෆ් සංවිධානයේ වාර්තාවේ සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ සෑම පවුල් 5 කින් 2 දෙකක්ම තම මාසික වැටුපෙන් සියයට 75 වියදම් කරන්නේ ආහාර අවශ්‍යතා සපුරාගැනීම සඳහා බැවින් එම පවුල් වලට අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් වෙන්කළ හැක්කේ ඉතාමත් ස්වල්ප ප්‍රමාණයක් බව එම වාර්තාව පෙන්වා දී තිබේ.
උද්ධමනය හේතුවෙන් පවුල් බොහොමයක් තමන් ඉතුරු කරගත් මුදල් බොහොමයක් වියදම් කර අවසන් බවත් එම පවුල් තම මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නොහැකිව බරපතල ගැටලුවකට මුහුණ දී සිටින බවත් එම වාර්තාවේ සඳහන් වේ.
https://www.lankadeepa.lk/news/%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-56000-%E0%B6%9A%E0%B6%A7-%E0%B6%8B%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB-%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B4%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B6%BA/101-623783
රුපියල් 475 මාස්ක් 2050 අරන්
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් එකක් රුපියල් 475කට මිලදි ගත හැකිව තිබියදි රාගම ශික්ෂණ රෝහලේ කළමණාකාරිත්වය 2020 වසරේදී එකක් 2050 බැගින් එන් 95 මුහුණු ආවරණ 1080ක් මිලදී ගැනීමෙන් රුපියල් දාහත් ලක්ෂයක පාඩුවක් සිදුකිරිම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂනයක් සිදුකරන ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අමාත්‍යංශයට නිර්දේශ කර තිබේ.
මේ බව සඳහන් වන්නේ සෞඛ්‍ය අමත්‍යාංශය සම්බන්ධයෙන් 2021 වසරේ දෙසැම්බර් 31 දිනට සිදුකළ විගණන වාර්තාවේය.
මෙම මුහුණු ආවරණ මිලදි ගෙන තිබුණේ වෛද්‍ය සැපයුම් අංශය විසින් එම රෝහලට ප‍්‍රමාණවත් තරම් මුහුණ ආවරණ සපයා තිබියදි බවද එහි සඳහන් වේ.
වෛද්‍ය සැපයුම් අංශයෙන් ලබාදුන් මුහුණු ආවරණ රසායනාගාර සේවකයින්ගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවට ක්ෂුද්‍රජීව විශේෂඥ වෛද්‍යවරියගේ ඉල්ලීම පරිදි නව මිලදි ගැනීම සිදුකළ බව රෝහලේ කළමණාකාරිත්වය විගණනයට දැනුම් දි තිබේ.
මෙම භාණ්ඩ මිලදී ගැනිමේදි නිසි ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලයකට යටත්ව සිදුකළ නැති බවද එම ක‍්‍රියාවලියේ ගැටලූ රැුසක් ඇති බවද එහි සදහන් වේ.
විගණන වාර්තාවට අනුව ප‍්‍රසම්පාදනයේදි ඉදිරිපත් කර තිබු ලංසුවලින් එකක් ව්‍යාජවේ. ලංසුකරුවන් තිදෙනෙක්ම මෙම භාණ්ඩ සැපයුම සඳහා ලියාපදිංචි වුවන් නොවේ. එසේම මෙම මිලදි ගැනීම සිදුකළ සැපයුම්කරුගෙන් සිදුකළ මිල ගණන් කැඳවීම් විගණනයට ඉදිරිපත් නොකළ අතර එය සිදුකලේ ෆැක්ස් මගින් බවට කළමණාකාරිත්වය දන්වා ඇත.
එහෙත් ඒ සඳහා සාක්ෂිද ඉදිරිපත්ව නැත. පසුව රෝහල් කළමණාකාරිත්වය කරුණු දක්වමින් සඳහන් කර තිබෙන්නේ හදිසි මිලදි ගැනීමක් නිසා දුරකථනයෙන් මිල ගණන් ලබාගෙන ගනුදෙනුව සිදුකළ බවය.
විභාගය අවසන් වී බියර් ගහලා
පානදුර වෙරළ තීරයේ අද දහවල් කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී පාසල් නිළ ඇදුමෙන් බියර් පානය කරමින් සිටී පාසල් සිසුන් පස්දෙනකු පොලිස් බාරයට ගත්බව පානදුර පොලිස් අධිකාරී කාර්යාලය සදහන් කරයි.
මෙසේ පොලිස් භාරයට ගෙන ඇත්තේ පානදුර ජනප්‍රිය පාසලක 16 සහ 15 වියැති සිසුන් පිරිසක් බව පොලිසිය කීය.
ලද තොරතුරක් මත පානදුර මුහුදු වෙරළේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමේදී වැටකෙයියා පදුරක පාසල් නිළ ඇදුමෙන් බියර් පානය කරමින් සිටී සිසුන් පස් දෙනා බියර් ටින් සමග භාරයට ගත්බව උසස් පොලිස් නිලධාරීයෙක් කීය.
වාර විභාගය අවසානවී ඔවුන් පානදුර රටබීම හලකින් බියර් මිළදී ගෙන පැමිණ සිටී බවද පොලිසිය පවසයි .
දෙමාපියන් ගෙන්වා උපදෙස් දී භාරදීමට කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරීයෙක් කීය.
https://www.lankadeepa.lk/news/%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA-%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%93-%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A-%E0%B6%9C%E0%B7%84%E0%B6%BD%E0%B7%8F/101-623961
පළපුරුදු - දක්‍ෂ වෘත්තිකයන් රට හැරයෑම අනාගතයට ගැටලුවක්
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හේතුවෙන් පළපුරුදු සහ දක්‍ෂ වෘත්තිකයන් විදේශ රැකියාවලට පිටත්ව යෑම (බුද්ධිගලනය) ඉහළ ගොස් ඇති බවත් මෙම තත්වය හේතුවෙන් අනාගතයේ රටේ ප්‍රධාන ආයතනවල පරිපාලනයට දැඩි බලපෑමක් ඇතිවිය හැකි බවත් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රධාන ආයතනවල ප්‍රධානීහූ පවසති.
වෛද්‍යවරු සහ තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ දක්‍ෂ සහ පළපුරුදු වෘත්තිකයන් දහස් ගණනක් පසුගිය කාලයේ රට හැර ගොස් ඇති බවත් මේ හේතුවෙන් රටේ වඩාත් වැඳගත් ආර්ථික සහ පරිපාලන කටයුතු බිඳ වැටීමේ අවධානමක් ඇති බව ද එම ප්‍රධානීහූ කියති.
පළපුරුදු සහ දක්‍ෂ වෘත්තිකයන් රට හැරයෑමත් සමඟ දෙවැනි පෙළ වෘත්තිකයන් සමඟ කටයුතු කිරීමට සිදුවන බවත් එවිට ඵලදායිතාවයේ පහත වැටෙනු ඇති බවත් ආයතන ප්‍රධානිහූ වැඩි දුරටත් සඳහන් කරති.
රජය දවසකට කෝටි 1050 ක් ණය වේ

රජයේ මේ වසරේ දිනක ආදායම ( ලැබීම්) රුපියල් කෝටි 653 ක් වන අතර දිනක රජයේ වියදම කෝටි 1705 ක් බවද මහාචාර්යවරයා කීවේය.
මේ අතර අයවැය ලේඛනය අනුව රජයේ ලබන වසරේ දිනක ආදායම රුපියල් කෝටි 950 ක් බව පැවසූ අතුකෝරළ මහතා ලබන වසරේ රජයේ වියදම කෝටි 2160 ක් දක්වා වැඩිවන බවද ප්‍රකාශ කළේය.
රජයේ ආදායම ලබන වසරේ මෙලෙස වැඩි වන්නේ බදු අයකිරීම් වැඩිවීම නිසා බවද හෙතෙම පැවසීය.
මේ අනුව ලබන වසරේ දිනක රජයේ ණය ගැනීම් ප්‍රමාණය කෝටි 1364 දක්වා ඉහළ යනු ඇතැයි ඔහු සඳහන් කළේය.
අහේනියෙන් ලංකාව හයවැනි තැනට
ලෝක බැංකුවේ නවතම දත්තවලට අනුව ආහාර උද්ධමනය අතින් ශ්‍රී ලංකාව ලොව හයවන තැනට පැමිණ ඇතැයි වාර්තා වෙයි.
එම දත්තවලට අනුව මෙරට ආහාර උද්දමනට සියයට 86 කි.
ලෝක බැංකුවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නවතම තක්සේරු වාර්තාව මත පදනම්ව මෙම දර්ශකය සැකසී ඇත.
එම දර්ශකයේ රුවන්ඩාව සහ සුරිනාමය යන රාජ්‍යයන් ශ්‍රී ලංකාවට පහළින් සිටීම විශේෂත්වයකි. මෙම දර්ශකයේ රුවන්ඩාව සහ සුරිනාමය පිළිවෙලින් අටවෙනි සහ නවවෙනි ස්ථානය දිනාගෙන ඇති අතර එම රටවල ආහාර උද්ධමනය පිළිවෙලින් සියයට 41ක් සහ 40 ක් වේ.
ලෝක බැංකු දර්ශකයට අනුව ලෝකයේ ආහාර උද්ධමනය වැඩිම රට ලෙස පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ සිම්බාබ්වේ රාජ්‍ය වන අතර එහි ආහාර උද්ධමනය සියයට 321 කි.
එම දර්ශකයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනා ගැනීමට ලෙබනනය, වෙනිසියුලා රාජ්‍යයන් සමත්ව ඇති අතර දෙරටේ ආහාර උද්ධමනය පිළිවෙලින් සියයට 208 ක් සහ 158 ක් වේ.
ඒ නවය ගත් සිසුවාට ගිනි තියලා
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඒ සමාර්ථ නමයක් සමඟ විභාගය සමත් වූ බෙරවඩ්ස් විදුහලේ සිසුවකුගේ සිරුරට භූමිතෙල් ඉස ගිනි තැබීම නිසා එම සිසුවා බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මහනුවර මූලස්ථාන පොලීසිය කියයි.
තමා ලැබූ ජයග්‍රහණය සිය මිත්තණියට පවසා ආපසු පියා සමග ආපසු එමින් සිටියදී එම සිද්ධියට මුහුණ දී ඇති බව පොලීසිය කියයි.
අම්පිටිය පල්ලේගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන එම සිසුවා මුහුණ දුන් බිහිසුණු සිදුවීමෙන් ඔහුගේ හිස ප්‍රදේශයෙන් පහළ ප්‍රදේශයට බරපතළ තුවාල සිදුවී ඇති බවත් ඔහුට සැත්කමක්ද සිදුකර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
අම්පිටිය ප්‍රදේශයේ කාලයක සිට ක්‍රියාත්මක මැර කල්ලියක් මෙම බිහිසුණු ක්‍රියාව සිදුකොට ඇති බවට චෝදනා කරන ප්‍රදේශවාසීන් මැර කල්ලියට ඇති බිය නිසා සිසුවා ගේ පවුලේ උදවිය ඔවුන් පිළිබඳ තොරතුරු හෙළි කිරීමක් සිදු නොකරන බවට ද චෝදනා කර සිටි.
හෙරොයින් අයිස් ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම වටා ක්‍රියාත්මක මැර කල්ලියක් කාලයක සිට අම්පිටිය ප්‍රදේශයේ විවිධ අපරාධ සිදුකරමින් සිටින බවත් ඔවුන් පිළිබඳ කෙතරම් පොලිසියට තොරතුරු ලබා දුන්නත් පලක් නොවන බවත් තොරතුරු ලබා දෙන්නන් ගෙ තොරතුරු අපරාධ කරුවන්ට ලබා දීමට ඇතැම් පොලිස් නිලධාරීන් ක්‍රියා කරන බවට ද ප්‍රදේශවාසීහු චෝදනා කර සිටීති.
https://www.lankadeepa.lk/news/%E0%B6%92-%E0%B6%B1%E0%B7%80%E0%B6%BA-%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%A7-%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92-%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8F/101-624339
ලංකාව මන්දපෝෂණයෙන් ලෝකයේම 5වන තැනට
රී ලංකාව මන්දපෝෂණය අතින් ලෝකයේ ම පස් වන තැනට ද කලාපයෙන් දෙවන තැනටද පැමිණ ඇතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ආර්ථික අර්බුදය නිසා දුප්පත් ජනතාව එක වේලක් හෝ දෙවේලක් මඟ හරිමින් සිටින බව කී කාවින්ද ජයවර්ධන මහතා මෙම මන්දපෝෂණ අර්බුදයෙන් අනාගත දරු පරපුර ආරක්ෂා කර ගත යුතුව තිබෙන බවද කීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් කාවින්ද ජයවර්ධන මහතා මේ බව කීය.
https://www.lankadeepa.lk/latest_news/%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80-%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B4%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8-5%E0%B7%80%E0%B6%B1-%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B6%A7/1-624363
ටෙන්ඩරයට අනුමැතිය දෙන්න ඇමති දියණියගෙන් කප්පම් ඉල්ලලා
ඔක්සිජන් ජනන යන්ත්‍ර මිලදී ගැනීමේ ටෙන්ඩරයකට අනුමැතිය දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ඇමති දියණියකගෙන් කප්පම් ඉල්ලා ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. අදාල ටෙන්ඩරයට අනුමැතිය දීමට නම් සිය විශ්‍රාම වයස දීර්ඝ කරදෙන ලෙස අදාල අතිරේක ලේකම්වරයා ඇමති දියණියගෙන් ඉල්ලා ඇති බවත් විශ්‍රාම යෑමෙන් පසු ජීවත්වීම සඳහා වැඩිමිල ලංසුව ඉදිරිපත් කළ ආයතනයට එය ලබාදීම අත්‍යවශ්‍ය බව ද අමාත්‍යවරයාගේ දියණියට දැනුම් දී ඇතැයි කුමුදේශ් මහතා වැඩි දුරටත් කීය.
ලෝකයේ අඩුම නිෂ්පාදන පිරිවැයක් ඇති 10වැනි රට ලංකාව
ලෝකයේ අඩුම නිෂ්පාදන පිරිවැයක් ඇති රටවල් 10 අතර දස වෙනි ස්ථානය පැමිණීමට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි යූ.එස් නිව්ස් වෙබ් අඩවියේ දත්ත වාර්තා පෙන්වා දෙයි.
මෙම ශ්‍රේණිගත කිරීමට අනුව ලෝකයේ අඩුම නිෂ්පාදන පිරිවැයක් සහිත රට ලෙස ඉන්දියාව පත්ව සිටින අතර දෙවැනි ස්ථානය චීනයටත් තෙවැනි ස්ථානය වියට්නාමයටත් හිමිව ඇත.
මෙම ශ්‍රේණි ගත කිරීමට අනුව හතරවෙනි ස්ථානයේ සිට නව වෙනි ස්ථානය දක්වා පිළිවෙලින් තායිලන්තය, පිලිපීනය, බංගලාදේශය, ඉන්දුනීසියාව සහ මැලේසියාව යන රාජ්‍යයන් පත්ව ඇත.
https://www.lankadeepa.lk/news/%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A-%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B6%B8-%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1-%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%87%E0%B6%AD%E0%B7%92-10%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92-%E0%B6%BB%E0%B6%A7-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80/101-624425
බිළිඳකු පොල්පිතිගම වෙල්යායක දමා ගිහින්
පොල්පිතිගම, කොරුවාව, පුගොල්ලාගම වෙල් යායක මාර්ගය අයිනේ දමා ගොස් සිටි බිළිදකු අද පෙරවරුවේ සොයා ගත් බව පොල්පිතිගම පොලීසිය කියයි.
පොල්පිතිගම සිට හිරිපිටිය මාර්ගය දක්වා දිවෙන මාවත අයිනේ පූගොල්ලාගම වෙල්යාය සීමාවේ ගමන් ගත් තැනැත්තියකට බිළිදෙක් අඩන ශබ්දය සොයා බැලීමේදී මෙම දරුවා දැක ඇත.
ඒ පිළිබදව පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස් කණ්ඩායමක් එහි ගොස් බිළිදිය බේරාගෙන පොල්පිතිගම මුලික රෝහලේ මාතෘ වාට්ටුවට ඇතුලත් කිරීමට පියවර ගෙන තිබුණි.
රෙදි කැබැල්ලකින් ඔතා දමා ගොස් සිටි බිළිදිය නිසි ලෙසට පිරිසිදු කර නොතිබුණි. මේ නිසා රෝහල් කාර්යය මණ්ඩලය යුහුසුලූව දරුවා පිරිසිදු කිරිමීට පියවර ගත්තේය.
කිරි නොමැතිව කුස ගින්න හමුවේ හඩා වැටෙන අවස්ථාවේ දී පොල්පිතිගම පොලීසියේ කාන්තා පොලිස් කොස්තාපල් පී. සුරේකා හා දන්ත වෛද්‍ය නදීශානි නිමන්තිකා කළඹුල්ල මහත්මිය එක්ව වරින් වර මවුකිරි දීමට කටයුතු කළහ.
ඒඩ්ස් ආසාදිතයන්ගේ වැඩිවීමක්
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී වාර්තා වූ ඒඩ්ස් (එච්.අයි.වී) ආසාදිතයින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන ඒකකය පවසයි.
පසුගිය වසරේ මෙරටින් ඒඩ්ස් ආසාදිතයින් 411 ක් වාර්තා වී ඇති අතර, මෙම වසරේ ගත වූ මාස 9 ක කාලයේ දී ආසාදිතයින් 429 ක් වාර්තා වී ඇතැයි එම ඒකකය සඳහන් කරයි.
එම ආසාදිතයින් 429 දෙනාගෙන් 148 දෙනකු වයස අවුරුදු 15 - 30 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන අතර, ඉන් අට දෙනකු කාන්තාවන් වේ.
ඒඩ්ස් ආසාදිතයන් සඳහා නොමිලේ ප්‍රතිකාර හා උපදේශන සේවාවන් ලබාදීම සදහා ලිංගාශ්‍රිත රෝග සායන 42 ක් දිවයින පුරා රෝහල් වල ක්‍රියාත්මක අතර ඉන් සායන 30 ක් එච්.අයි.වී සදහා වෙන් කර ඇති බවද ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන ඒකකය පවසයි.
එමෙන්ම තමන් එච්.අයි.වී ආසාදිතයකු ද යන්න විනාඩි 20 ක කාලයක් තුලදී තනිව පරීක්‍ෂා කරගත හැකි ස්වයං පරීක්ෂණ උපකරණ ද ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන ඒකකය ඇමතීමෙන් හෝ ඔන්ලයින් මාර්ගයෙන් ඇණවුම් කර ලබාගත හැකි බව ද එම ඒකකය සදහන් කරයි.
https://www.lankadeepa.lk/news/%E0%B6%92%E0%B6%A9%E0%B7%8A%E0%B7%83%E0%B7%8A-%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A/101-624564