ජාතිවාදය සමහරක් ට ඔක්සිජන්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


ජාතිවාද, කුලවාද, ගෝත්‍රවාද වෙනුවෙන් අතීතයේ මේ මිහිමත සිදුවූ ගැටුම් අරඟල හා විනාශයන් සුළුපටු නොවේ. ඒවා ඉතිහාසය පුරාවට අප දැක ඇත්තෙමු. නමුත් මේ ජාති, කුල, ගෝත්‍ර වාදය තවදුරටත් මිහිමත වලංගු නොවන පුහු මිත්‍යා සාධක පමණක් යන්න වත්මන් බුද්ධිමත් සමාජය බොහෝ දුරට අවබෝධ කොටගෙන හමාරය. නමුත් එවන් පිරිස් අතර වුවද ‘ජාතිවාදය බංකොලොත් නායකයින්ට ඔක්සිජන්’ යන ප්‍රසිද්ධ කියමන සනාථ කරන ආකාරයට තම පටු අරමුණු හා සැඟවුණු න්‍යායපත්‍ර පෙරදැරිව මෙම ජාතිවාදය, කුලවාදය, ගෝත්‍රවදය සමාජය තුල දේශනා කරමින් සමාජය නොමඟ යවන පිරිස්ද නැතුවා නොවේ.

ශිෂ්ඨ සමාජයක් අනුමත නොකරන එසේම බුද්ධිමත් හා සාධාර්ණය අගයන සමාජය ප්‍රතික්ශේෂ කරන එම ‘ජාති, කුල, ගෝත්‍ර වාදී’ මතවාද කලින් කලට මතුවෙමින් යටපත් වෙමින් අප රටේ අදටත් පැවතීම අවාසනාවන්ත තත්වයකි. විවිධ පුද්ගල න්‍යායපත්‍රවලට අනුකූලව ඉහතින් පැවසුවා සේ විවිධ පාර්ශවයන්ට ඔක්සිජන් ලබාදීම අරමුණු කොටගෙන ක්‍රියාත්මක එම පහත් මතවාදය දැන් දැන් අප රටේ යලිත් හිස එසවීමේ සේයාවන් මතුවෙමින් තිබේ. ඒ අනුව කාලීන වශයෙන් වැදගත් වූ මෙම විෂය ඉස්ලාම් දකින්නේ කෙසේද?. මේ පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක්ද?.යන්න මෙහි කෙටියෙන් විමසා බැලීමට අදහස් කරමි.

ඉස්ලාම් මේ පිලිබදව කරන පැහැදිලි අවවාදයක් අබූදාවූද් නම් හදීස් ග්‍රන්ථයේ මෙසේ දක්නට ලැබේ.

“කෙනෙකු ‘අසාබියා’ ඉල්ලා සිටින, අසාබියා වෙනුවෙන් සටන් කරන හෝ අසාබියා වෙනුවෙන් මිය යන්නෙකු නම්, ඔහු අපෙන් (මුස්ලීම්වරුන්ගෙන්) කෙනෙකු නොවේ. ”

මුලාශ්‍ර ග්‍රන්ථය – අබුදාවූද්

(අරාබි බසින් ‘අසාබියා’ යනු ‘ජාතිවාදය හෝ ගෝත්‍රවාදය’ යන්නයි.)

මීට වසර 1400කට පෙර ජාති, කුල, ගෝත්‍ර වාද දරුණුවටම පැවතී සමාජයක් මධ්‍යයේ ප්‍රකාශ වූ ඉස්ලාම් දහමේ මෙම ඉගෙන්වීම හොදින් අධ්‍යනය කලේනම්,

එහි කිසියම් මුස්ලීම්වරයෙකු…

  • ජාතිවාදය ඉල්ලා සිටී නම්,
  • ජාතිවාදය වෙනුවෙන් අරඟල කරයි නම්,
  • ජාතිවාදය වෙනුවෙන් මිය යයි නම්,

ඔහු නියත වශයෙන්ම මුස්ලීම්වරයෙකු නොවේ යන්න ඉස්ලාම් දහමේ ඉගෙන්වීමයි.

අද අප රටේ සමහරක් පිරිස් තම ජනප්‍රියත්වය රදවාගැනීම සදහා ජාතිවාදය කථාකිරීම කලාවක් වී ඇත. එසේම තවත් සමහරක් තම දේශපාලන පැවැත්ම ආරක්ෂා කරගන්නත් මෙම ජාතිවාදය සමාජය තුල වපුරන ආකාරයන් දක්නට ඇත. මෙතැනදී විශේෂයෙන් කිවයුතු කාරණාව නම්, රටක සමාජයක සියළුදෙනා එකහා සමාන ලෙස බුද්ධිමත් හෝ සාධාර්ණ නොවේ. බුද්ධියෙන් හීන වු පිරිස් ද අවස්ථාවාදී පිරිස් ද සමාජයක් තුල සැලකිය යුතු තරමින් සිටී. මෙසේ බුද්ධියෙන් හීන හා අවස්ථාවාදී පිරිස් ඉහතින් සදහන් ‘ජාතිවාදී’ නියමුවන්ගේ පහසු ගොදුර බවට පත්වේ. සමහරක් අවස්ථාවල ‘ජාතිය අවදානමේ’යන එකම එක ප්‍රකාශයක් වුවද මේ සමාජය තුල මහා විනාශයක් ඇති කරවන්න ප්‍රමාණවත් යන්න අප රටේ මෑත ඉතිහාසය අපට ඔප්පුකොට පෙන්වා ඇත.

මේ නිසා මුස්ලීම්වරුන් වන අප ඉතා පරිස්සමින් හා බුද්ධියෙන් කටයුතු කලයුතු සමාජයකයි අපි මේ වෙසෙන්නේ. අනිකුත් සමාජයන් මෙන් ජාතිවාදී, කුලවාදී හා ගෝත්‍රවාදී වියරුවෙන් කටයුතු කිරීමට ඉස්ලාම් අපට අවසර ලබාදී නොමැත. එසේ ඉස්ලාමයේ ඉගෙන්වීමන් ඉක්මවා කිසිවකු කටයුතු කලෙන්ම්, නියත වශයෙන්ම ඉහත හදීසයෙන් පවසන ආකාරයට මෙලොවත් පරලොවත් අවාසනාවන්ත පරාජයක් ඔහුට අත්වනු ඇත.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/2

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම