තිස්තුන් කෝටි දෙවියන් අතරට තවත් දෙවියෙක් එක් වූ වගයි

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


මෙම ලිපියේ මාතෘකාව දුටු ඕනෑම කෙනෙකු මොහොතකට කලබල වෙනවා නොඅනුමානය. එසේම යහමග අඩවිය තුල මෙවැනි ලිපියක් ඉදිරිපත් කරන්නේ ඇයිද? යන පැනය ද ඔවුන්නු තුල මතු වෙනවා නොසැකය. කලබල වියයුතු නොවේ යහමග ලිපි තුලින් කවදත් සිදු කරන්නේ ඔබගේ බුද්ධිමත් විමසුමට සුවිශේෂී කරුණු ගෙන ඒමක්උ පමණි.

පහත දැක්වෙන රූපය හා එම රූපයට විග්‍රහයක් ලෙස ඉදිරිපත් කර තිබූ ලිපිය කිසිදු සංශෝධනයකින් තොරව පහතින් ඉදිරිපත් කොට ඇත. මීට කලකට පෙර ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ස්වාමිණ්වහන්සේ නමකට අයත් නිල වෙබ් අඩවියකින් උපුටාගත් පහත ලිපිය බුද්ධිමත් ජනතාවගේ අවධානයට මෙහි ඉදිරිපත් කරමි. (පසුකාලීනව මෙම ලිපිය එම වෙබ් අඩවියේ සොයා ගැනීමට මාහට නොහැකි විය) එසේම පහත දැක්වෙන එම රූපය පිලිමයක් ලෙස අඹා පසුගිය දිනක උත්සවාකාරයෙන් විවෘත කිරීම හා එයට ජනතාව වැඳ නමස්කාර කිරීම රූපවාහිණි වැඩසටහනක් තුලින් ද දුටුවෙමු. මෙම ලිපිය මෙම වෙබ් අඩවිය තුල ඉදිරිපත් කිරීමේ දී එයට මාතෘකාව ලෙස මා විසින් යොදා ඇත්තේ “‍තිස්තුන් කෝටි දෙවියන් අතරට තවත් දෙවියෙක් එක් වූ වගයි” යනුවෙනි. මෙම ලිපිය මෙහි ඉදිරිපත් කිරීමටත්, එයට ඉහත ආකාරයට මාතෘකා යෙදීමටත් ප්‍රධාන හේතුවක් ඇත. ඒ පිලිබදව කෙටි සටහනක් තබන්නේ නම්,

බහුදේව සංකල්පය හා මෙවැනි පිලිම අතර ඇත්තේ සමීපතම සම්බන්ධතාවයකි. විශේෂයෙන් පිලිම ඇඹීම හා වන්දනය ලොවට බිහිවීම පිලිබදව ඉස්ලාම් පැහැදිලි ඉතිහාසයක් පවසයි. ඒ පිලිබදව කෙටි විග්‍රහයක් කරන්නේ නම්,

මීට වසර 4200ට පමණ පෙර නූහ් (බයිබලයේ සදහන් ආකාරයට “නෝවා”) නම් දේව වක්තෘවරයෙකු මිහිමත ජීවත්වන ලදී. ඔහුගේ කාලයේ ජීවත් වූ ශ්‍රෙෂ්ඨ පුද්ගලයන් කිහිපදෙනෙකු මරණයට පත්වීම නිසා ඔවුන් කෙරෙහි ගෞරවයක් පැවතී ඒ සමාජය ඔවුන්ගේ සොහොන් සලකුණු කොට තබන ලදී. නමුත් ඊට පසු පැමිණි පරම්පරාව එම ශ්‍රෙෂ්ඨ පුද්ගලයන් නමින් විවිධ වෘත්තයන් ගොඩනඟමින් එම සොහොන් ඉදිරකරන ලදී. ඊටත් පසුකාලීනව පැමිණි පරම්පරාව එම ශ්‍රේෂ්ඨ පුද්ගලයන් නමින් තව තවත් විවිධ මිත්‍යාවන් ගොඩනඟමින් එම පුද්ගලයන් වෙනුවෙන් එම ස්ථානවල පිළිම අඹන ලදී. ඊටත් පසුකාලීන සමාජය විවිධ කාලවල ‍ෙගාතන ලද පුරාවෘත්තයන් හා මිත්‍යා විශ්වාසයන් පදනම් කරගෙන එම පිලිම හමුවේ විවිධ වූ ඇදහිලි හා භාරහාර සිදුකරන ලදී. මෙය තමා ලොව පිලිම වන්දනයේ විකාශනය. මෙම තත්වය අද අවබෝධ කරගැනීමට ගැඹුරු විමර්ශනයන් අවශ්‍ය නොවේ. ගෞතම බුදුන් මියගිහින් වසර 2500 වන අද වනවිට බුදුපිලිමවල තත්වය එයට හොදම නිදසුනකි. අද බුදුපිලිම හමුවේ කොතරම් භාරහාර පවත්වනවාද යන්න මා අමුතුවෙන් පැහැදිලි කිරීමට අවශ්‍ය නොවේ. මෙම ක්‍රියාව පිලිබදව බුදුන්ගේ දේශන මොනවාද? යන්නත් මා ශ්‍රී ලාංකීය සමාජයට පැවසීමට අවශ්‍ය නොවේ. පහත ලිපියට අන්තර්ගතව පවසනවා නම් අදවන විට මෛත්‍රී බුදුන් පිලිබදව ලාංකීය සමාජයේ ගොඩනැඟෙමින් පවතින විශ්වාසයන් කුමක්ද? යන්න බහුතර බෞද්ධ ප්‍රජාව නොදන්නවා නොවේ. එවන් වූ මොහොතක පහත ආකාරයේ පිලිමයක් හදුන්වාදීම “පනින රලවුන්ට ඉනිමං බැදීමක් නොවේද?”. කෙසේ වෙතත් මෙම ලිපිය මෙහි ඉදිරිපත් කිරීම තුලින් මා සමාජයට අවධාරනය කරන්නේ,

අද වනවිට සමාජය තුල විවිධ දේව විශ්වාසයන් නිර්මාණය වී තිබෙන්නේ මෙවැනි පුද්ගල කල්පිතයන් හා පුරාවෘතයන් පදනම් කරගෙන මිස කිසියම් පදනමක් ඇතුව නොවේ.

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ මේ හදුන්වාදෙන පිලිමය වර්ථමාන සමාජයට සාමාන්‍ය පිලිමයක් වුවත් අනාගතයේදී ජනතාව භාරහාර කරන උදව්උපකාර පතන තවත් දේව රූපයක් වනවාට කිසිදු සැකයක් නැත. ඒ අනුව දැනට පවතින දෙවිවරුන් කෝටි 33 ට තවත් එක් දෙවිවරයෙක් එක්වුවා යන්නෙහි ද සැකයක් නැත.



පිටිදුව සිරිධම්ම ස්වාමිණ්වහන්සේගේ වෙබ් අඩවියෙන් උපුටා ගැනීමක්

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/13

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම