දණ්ඩ නීති සංග්‍රහය (15) – ආගම පිළිබද වූ වැරදි

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මෙම අඩවිය සමයාන්තර විෂයන් කථා කරන වෙබ් අඩවියක් යන්න ‘යහමඟ’ පාඨක ඔබ හොදින් දන්නා කාරණයකි. ඒ අනුව ආගමික කරුණු සම්බන්ධයෙන් එහිද විශේෂයෙන් ‘ආගම පිළිබඳ වූ වැරදි’ සම්බන්ධයෙන් අප රටේ පවතින නීති එනම් ‘දණ්ඩ නීති සංග්‍රහයට’ අනුව තිබෙන විදිවිදාන හා ප්‍රතිපාදන මොනවාද? යන්න පිලිබදව ද මේ ‘යහමඟ’ අඩවිය ඔස්සේ පාඨක ඔබේ අවදානයට කරුණු ගෙන ඒමට අදහස් කරමි. අප රටේ අතීතයේ අසන්නට, දකින්නට නොවූවිරු ආකාරයට ආගමික වශයෙන් බලපෑම් කිරීම, තර්ජන කිරීම, අයිතීන් උල්ලංඝනය කිරීම හා හිංසා කිරීම… යනාදීය ආගම් නාමයෙන් සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින යුගයක අද අප ජීවත් වෙමින් සිටින්නෙමු. මෙවන් වකවානුවක මේ සම්බන්ධයෙන් රටේ නීතිය කුමක්ද? යන්න ශ්‍රී ලාංකීය පොදු ජනයා ද දැනගෙන සිටීම අත්‍යඅවශ්‍ය යන්න මාගේ දැඩි විශ්වාසයයි. ඒ අනුව කාලීන විෂයක් වූ ආගමික කරුණු සම්බන්ධයෙන් වූ වැරදි සදහා වූ රටේ පවතින නීතිය කුමක්ද? යන්න ‘ආගම පිළිබද වූ වැරදි – XV දණ්ඩනීති සංග්‍රහය’ යන මාතෘකාව යටතේ පහතින් ඉදිරිපත් කරමි.

දණ්ඩ නීති සංග්‍රහය XV (15) වන පරිච්ඡේදය,

290 වගන්තිය

යම් පංතියක ආගමට නින්දාවක් කරන අදහසින් පූජනීය ස්ථානයක් අශුද්ධ කිරීම හෝ එයට පාඩුවක් කිරීම

යම් පංතියක තැනත්තන්ගේ ආගමට නින්දාවක් කරන අදහසින් හෝ විනාශ කිරීම, හානී කිරීම හෝ අශුද්ධ කිරීම යම් පංතියක තැනැත්තන් විසින් තමන්ගේ ආගමට කරන ලද නින්දාවක් ලෙස සළකනු ලැබිය හැකි බව දනිමින්ම යම් පංතියක තැනැත්තන් විසින් ශුද්ධ ලෙස සලකනු ලබන පූජනීය ස්ථානයක් හෝ ද්‍රවයක් යමකු විනාහ කරත හොත් හෝ එ බන්ධකට හානි කරතහොත් හෝ අශුද්ධ තරතහොත් ඔහුට අවුරුදු 02 දක්වා කාලයක දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරිමකින් හෝ දඩයකින් හෝ එකී දඩුවම් දෙකින්ම දඩුවම් කළ යුතුය.

290-අ වගන්තිය

යම් පංතියක ආගමට නින්දා කිරීමේ අදහසින් පූජනීය ස්ථාන ආදිය සම්බන්ධයෙන් වන ක්‍රියා

යම් පංතියක තැනැත්තන්ගේ ආගමික හැගීම් වලට රිදවීමේ අදහසින් හෝ තම ආගමට නින්දාවක් ලෙස යම් ක්‍රියාවක් යම් පංතියක තැනැත්තන් විසින් සලකනු ලැබිය හැකි බව දනිමින්ම යම් පංතියක තැනැත්තන් විසින් ශුද්ධ ලෙස හෝ ගෞරවණීය ලෙස සලකන යම් පූජණීය ස්ථානයකට හෝ ද්‍රවයකට එය තුළ හෝ එය මත හෝ එය අසල යම් ක්‍රියාවක් කරන තැනැත්තෙකුට අවුරුද්දක් දක්වා කාලයක දෙයාකාරයන් එක් ආකාරයක බනධනාගාර ගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඩුවම් දෙකින්ම දඩුවම් කළ යුතුය.

291 වගන්තිය

ආගමික රැස්වීමකට බාධා කිරීම

ආගමික වැදුම් පිදුම් කිරීමක හෝ ආගමික පූජාවන්හී නීති ප්‍රකාර යෙදී සිටින යම් රැස්වීමකට කැමැත්තෙන්ම බාධා කරන තැනැත්තෙකුට අවුරුද්ද දක්වා කාලයක දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඩුවම් දෙකින්ම දඩුවම් කළ යුතුය.

291-අ වගන්තිය

ආගමික හැගීම් වලට රිදවීමේ ඒකාන්ත අදහසින් වචන ආදිය කීම

යම් තැනැත්තකුගේ ආගමික හැගීම් වලට රිදවීමේ ඒකාන්ත අදහසින් එකී තැනැත්තාට ඇසෙන ලෙස යමකු යම් වචනයක් කියතොත් හෝ ශබ්දයක් කළ හොත් හෝ එකී තැනැත්තාට පෙනෙන පරිදි යම් සංඥාවක් කරතොත් හෝ එකී තැනැත්තා අභිමුඛයෙහි යම් ද්‍රව්‍යයක් තබතොත් ඔහුට අවුරුද්ද දක්වා කාලයක දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඩුවම් දෙකින්ම දඩුවම් කළ යුතුය.

291-ආ වගන්තිය

යම් පංතියක ආගමට හෝ ආගමික විශ්වාස වලට නින්දා කිරීමෙන් එකී පංතියේ ආගමික හැගීම් කෙලසීම අදහස් කොට ඒකාන්තයෙන් කරනු ලැබූ ද්වේශ සහගත ක්‍රියා

මහරජ තුමානණ්ගේ යටත් වැසියන් පංතියක ආගමික හැගීම් කෙලසීම සඳහා ඒකාන්ත හා දේශ සහගත අදහසින් භාෂිත හෝ ලිඛිත වචනයෙන් හෝ දැකිය හැකි නිරූපන වලින් එකී පංතියේ ආගමට හෝ ආගමික විශ්වාස වලට නින්දා කරන හෝ නින්දා කිරීමට තැත්කරන තැනැත්තෙකුට අවුරුදු දෙක දක්වා කාලයක, දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඩුවම් දෙකින්ම දඩුවම් කළ යුතුය.

292 වගන්තිය

සොහොන් බිම් ආදියට බලෙන් ඇතුළු වීම

යම් තැනැත්තකුගේ හැගීම් වලට රිදවනු පිණිස හෝ යම් තැනැත්තකුගේ ආගමට නින්දා කිරීම පිණිස හෝ යම් තැනැත්තකුගේ හැගීම් වලට රිදවිය හැකි බව හෝ යම් තැනැත්කුගේ ආගමට නින්දා වියහැකි බව දනිමින්ම යම් වැදුම් පිදුම් කරන ස්ථානයකට හෝ සොහොන් භූමියකට හෝ අවමංගල චාරිත්‍ර පැවැත්වීම සදහා හෝ මියගිය තැනැත්තන් තැන්පත් කිරිම සදහා වෙන් කරනු ලැබූ ස්තානයකට බලෙන් යමකු ඇතුළු වෙතොත් හෝ මළ කඳට අගෞරවයක් කරතොත් හෝ අවමංගල චාරිත්‍ර ඉෂ්ඨ කිරීම සදහා රැස් වී සිටින තැනැත්තන් හට බාධා කරතොත් ඔහුට අවුරුද්ද දක්වා කාලයක දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඩුවම් දෙකින්ම දඩුවම් කළ යුතුය.

දණ්ඩ නීති සංග්‍රහය පොතින් උපුටාගත් ඡායා පිටපත පහතින් දැක්වේ. ඒ මත Click කිරීම මඟින් විශාල කර නැරඹිය හැක.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/24

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම