දරු කළලයේ විකාශනය හා තුන් තිඹිරිය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මනුෂයාගේ මරණින් මතුව නැවතත් නැගිට්ටුවා “කියාමත්” (විනිශ්චය) දිනයේ තමන් ඒ දක්වා කල හොද නරක විනිශ්චය කරන බව පවසන අල්කුර්ආනය ඒ හා සම්බන්ධකොට මිනිස් කලළයේ විකාශනය හා කළල අවස්ථාවට පෙර අවස්ථාවද ඉතා පැහැදිලිව මීට වසර 1400 කට පෙර අල්කුර්ආනය තුලින් ඉදිරිපත් කරයි. මෙසේ කරැණු ඉදිරිපත් කරන අල්කුර්ආනය ඒ තුල බුද්ධිමත් තර්කයක් ද අඩංගු කොට පවසයි. එනම්,

“නුඔව මා නැවත නැගිට්ටුවා නුඔ කල සියල්ල විනිශ්චය කරනවාමයි!, නුඔට එය විශ්වාස කල නොහැකි නම් ඔබ අද දකින තවමත් ඔබට අදහාගත නොහැකි ඔබේ උපතෙහි පියවරවල් මා පවසන කරුණූ පිලිබදව අවදානය යොමුකොට බලන්න. එවිට ඔබ මා පවසන කියාමත් දිනය අවබෝධ කරගනු ඇත. යයි පවසනවා සේ පහත අල්කුර්ආන් වාක්‍ය යෙන් මිනිස් කලළයේ විකාශනය රූප ගත කොට පෙන්වයි. ඒ ශුද්ධ වූ කුර්ආනයේ 23-12 සිට 14 දක්වා වූ වාක්‍යයන් මඟිනි.

“අප මිනිසා කිරිමැටි සාරයෙන් නිර්මාණය කලෙමු. පසුව අප එය කළලය ලෙස ස්ථාවර වු ගර්භාශයෙහි තැන්පත් කලෙමු. පසුව එම කළලය ඝන කුඩා (කූඩැල්ලෙකු ආකාරයේ) වස්තුවක් කලෙමු. පසුව එය මාංශ පිණ්ඩයක් කලෙමු. එම මාංශ පිණ්ඩය අස්ථින් බවට පත්කලෙමු. එම අස්ථින් මාංශයන් මගින් ආවර්ණය කලෙමු. පසුව එය වෙනමම නිර්මාණයක් පවට පත්කලෙමු. ඉතා ලක්‍ෂණ නිර්මාපකයා වු අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය”

ඉහත අල්කුර්ආන් වාක්‍ය යේ එක් තැනක”ස්ථිවර වු ගර්භාෂයෙහි” යනුවෙන් පවසයි. මෙම ගර්භාෂය පිලිබදව අල්කුර්ආනයේ තවත් තැනක මෙසේ පවසයි.”මිනිසා අප තුන් තිඹිරියක නිර්මාණය කලෙමු” යනුවෙන් අල්කුර්ආනයේ 39-6 හි පවසයි. මෙම තුන් තිඹිරිය කුමක්ද? යන්න අවදානය යොමු කලේ නම් ඒ ගර්භාශය බව පැහැදිල් වේ. එනම් නවීන විද්‍යාවේ සොයාගැනීම අනුව දරු කළලයක් පටල තුනකිත් ආරක්‍ෂා වී පවතින බවත් එම පටල

Abdominal Wall Wall of Uterus Amniotic Membrane යනුවෙන් හැදින්වන බවත් නූතන විද්‍යාව අනාවරණය කරගෙන ඇත.


අද මෙම කාරණය එතරම් පුදුම විය යුතු කාරණයක් නොවේ. මෙහි ඇති ගැටළුව මෙම ගර්භාෂය මේ ආකාරයට ආරක්‍ෂා වී පැවතීම මීට වසර 1400 කට පෙර අල්කුර්ආනයේ සදහන් වුයේ කෙසේද? යන්නයි. මීට සියවසයකට පෙර කළල විද්‍යාවේ තත්වය මා ඔබට අමුතුවෙන් සදහන් කලයුතු නොවේ. එසේ නම් මීට සියවසකට පෙර නොදැන සිටී සත්‍යයන් මීට වසර 1400 කට පෙර මුහම්මද් (සල්) තුමාණන් පැවසුවේ කෙසේද?. මෙම කාරණය පිලිබදව තවදුරටත් කෙටි අවධානයක් යොමු කලේ නම්,

මිනිස් කළලයේ ආරම්භක අවස්ථාව එය කුඩා (කූඩැල්ලකු ආකාරයේ) වස්තුවක් බව අල්කුර්ආනය පවසයි. මෑතක් වන තුරු බොහෝදෙනෙකු අවබෝධ කරගෙන සිටියේ මිනිස් කළලයේ ආරම්භක අවස්ථාව ඝන ලේ කැටියක් යනුවෙනි 20 වන සියවසයේ මුල්භාගයේ විද්‍යාත්මක මතය පවා වුයේ මෙයයි. නමුත් මීට වසර 1400 කට පෙර අල්කුර්ආනය පැහැදිලිවම මෙය ලේ කැටියක් නොවන බවත් එය”අලක්” යයි අරාබි භාෂාවින් පවසන කූඩැල්ලකු ආකාරය ගත් කඩා වස්තුවක් බවත් පවසයි. මෙහි ස්වභාවය සිංහල භාෂාවින් පවසනවා නම් එය හැදින්විය හැක්කේ” ආසක්ත ව්‍යුහයක්” යනුවෙයි. මෙම ආසත්ක ව්‍යුහය පසුව මාංශ පිණ්ඩයක් බවට පත්කරන බවත් එම මාංශ පිණ්ඩය අස්ථීන් බවට පත්කරන බවත් එම අස්ථීන් මාංශයන්ගෙන් ආවර්ණය කරන බවත් පියවරින් පියවර ඉතා අලංකාරව විස්තර කරන්නේ අපේ සිතේ චිත්‍රයක්ද මවමිනි. මෙලෙස ශුද්ධ වූ කුර්ආනයට මීට වසර 1400 කට පෙර කියන්නට හැකිවුයේ කෙසේද?


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/11

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම