දරු කළලය හා පිලිසිඳගැනීම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


විද්‍යාව තුලින් සියල්ල දකින්න හතිහලමින් දුවන සමාජයේ විද්‍යාඥයන් පවා මවිත කරවන බොහෝ අනාවැකි හා ඉඟි අල්කුර්ආනයේ අන්තර්ගතව ඇත. නමුත් මෙහි අවාසනාවන්ත කම වන්නේ මෙම කුර්ආනය මනුෂ්‍යයාගේ අවධානයට ලක්නොවීමයි. විශේෂයෙන් බහුතර මූස්ලීම්වරුන් හට ද මේ පිලිබදව අවබෝධයකි නොමැතිවීම මෙහි අවාසනාවන්ත තත්වය තවත් හොදින් පිළිඹිබු කරවයි. මෙවන් වූ තත්වය හි ප්‍රථිපලය වන්නේ මෙම සත්‍ය විද්‍යාඥයන් මඟින් සමාජගත වනවිට මවිතයට පත්ව පිලිගැනීමයි. නමුත් මීට සියවස් 14 කට පෙර තමා ශුද්ධත්වයෙන් ගරුකරන කුර්ආනය තුල මෙම කරුණු අන්තර්ගත යන්න බහුතර මුස්ලීම් ප්‍රජාවට අවබෝධයක් නැත. උදාහරණයක් ලෙස පවසනවා නම්,

දරු කළලය හා පිලිසිඳගැනීම

අතීතයේ පටන් මනුෂ්‍යාගේ බිහිවීම පිලිබදව මනුෂ්‍යාටම පැවතුනේ විශාල කුතුහලයන් හා ගැටළු රාශියකි. මේ පිලිබදව විවිධ වූ පරියේශණවල නිරත විද්‍යාඥයින් අතුරින් ආචාර්‍ය කීත් මුවර්, (Dr Keith Moore)හා , ආචාර්ය රොබට් එඞ්වඞ්, (Dr Robert Edward) (මොහු නල දරුවන් බිහිකිරීම ලොවට හඳුන්වා දුන් විද්‍යාඥයකි) යන දෙදෙනාගේ සොයා ගැනීම් ශුද්ධ වූ කුර්ආනයේ කළලය පිලිබදව පවසන බොහෝ වාක්‍යයන් සමඟ ගැලපෙන්නට විය. එනම්,

  • කළලයේ විවිධ අවස්ථා
  • එහි කාල පරාසයන්
  • එහි වර්ධන වේගය
  • එය පිහිටන ආකාරය
  • එය නිර්මාණය වන ආකාරය
  • එහි ස්වභාවය

යනාදී කරුණු මීට වසර 1430 කට පමණ පෙර ශුද්ධ වූ කුර්ආනය පැහැදිලිව පියවරින් පියවර පවසා තිබුණද විද්‍යාවට මෙය පැවසීමට හැකි වුයේ 1940 දී පමණය. විද්‍යාවට මෙය ඔප්පුකර පෙන්වීම‍ට හැකි වුයේ මීට වසර 30කට පමණ පෙරය.

මෙහි වැදගත්ම කාරණය වන්නේ මෙම සත්‍ය ලොවට පවසන විද්‍යාඥ කීත් මුවර්, (Dr Keith Moore) ඒ වන විටත් කිතුණු භක්තිකයෙකු වන අතර “මෙම්බර් ඔෆ් යුනයිටඞ් චර්චී” හි සාමාජිකයකු ද වේ. ඔහු මෙම විෂය පිලිබදව කිතුණු දහම තුල දීර්ඝ අධ්‍යනයක් කාලයක් මුලුල්ලේ සිදුකර ඇත. එහි පැරණි ගිවිසුම (Old Testament) හා නව ගිවිසුම (New Testament)අධ්‍යනය කල ඔහු පවසා සිටියේ,

“කුර්ආනය පවසන ආකාරයට පැහැදිලි හා නිරවුල් එමෙන්ම විස්තරාත්මක බව එහි නොමැත” යයි පවසන විද්‍යාඥ කීත් මුවර් කළලය සම්බන්ධව ඔහු කල පරියේෂණ හා කළලය පිලිබදව ශුද්ධ වූ කුර්ආනය පවසන කරුනු පදනම් කරගෙන ඔහුගේ පරියේෂණ ප්‍රථිපලය අවසානයට ලොවට හෙලික‍ලේ මෙසේය,

“18 වන සියවසය වනතුරු දරුවකු පිලිසිඳ ගැනීම සඳහා පුරුෂ ශුක්‍රණු මෙන්ම ගැහැණු ඩිම්බද අත්‍ය අවශ්‍ය බව විද්‍යාඥයින්ට ඔප්පු කිරීමට නොහැකි විය. 18 වන සියවසයේ දී ස්පෙලන් සානි, (Spallanzani) නැමැත්තා විසිනි මෙය ඔප්පු කර පෙන්වන ලද්දේ. එමනිසා ,මිශ්‍ර බිංදු මගින්, Mixed drops යයි කුර්ආනය පැවසීම වටහා ගැනීම දුෂ්කර නොවේ දල වශයෙන් 7 වන සියවසේදී කුර්ආනය මගින් පවසන ලද මෙම සත්‍යයය සියවස් 11 ට පසුවයි විද්‍යාවට ඔප්පු කිරීමට හැකිවුයේ තවද කළලයේ මුල් දවස් 28 හි කළලයේ වැඞීම සම්බන්ධයෙන් හා තුන්තිඹිරිය හෙවත් දරුවා ආරක්ෂා වී ඇති පටලයන් තුන එනම්,

  • මවගේ කුසල – Abdominal wall
  • ගර්භාෂය ආවරණය කොට ඇති පටලය – Wall of Uterus
  • බිලින්දා ආවරණය වී ඇති පටලය – Amniotic Membrane

සම්බන්ධ කුර්ආන් වාක්‍ය දැක මා මවිතයට පත්වුයෙමි. මෙතරම් පැහැදිලිව හා අවුරුදු 1400 කට ප්‍රථම මෙම කරුණු කෙසේ පැවසුවාද?”

ඉහත ආකාරයට විද්‍යාඥ කීත් මුවර් (Dr Keith Moore) මහතා මවිතයෙන් මවිතයට පත්කල ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් කුමක්ද? පටු ආකල්පවල නොහිද බුද්ධි යොදවා ඒ වාක්‍යයන් පිලිබදව මොහොතක් සිතන්න! මෙන්න ඒ වාක්‍යයන් අතුරින් කිහිපයක්,

  • “ඇත්තෙන්ම අප මිනිස් කළලය බීජ මිශ‍්‍රණයකින් නිර්මාණය කළෙමු.” – ශුද්ධ වූ කුර්ආනය 76-2
  • “පනින්නාක් මෙන් (ජවයකින්) නික්මෙන දිය බිඳකින් (මනුෂ්‍යයා) නිර්මාණය කරන ලද්දේය එය පිට කොදුනාරටිය හ‍ා ඉලඇට අතරින් නික්මෙන්නේය.” – ශුද්ධ වූ කුර්ආනය :86-6,7
  • “ඔහු නිර්මාණයෙන් පසු නිර්මාණයෙන් තුන්තිඹිරියක් තුල නුඹ නිර්මාණය කලේය.” – ශුද්ධ වූ කුර්ආනය 39-6
  • “පසුව අපි කළලය ලෙස ස්ථාවර වු ගර්භාෂයෙහි තැබුවෙමු පසුව අපි කළලය ආසක්ත ව්‍යුහයක් කලෙමු, පසුව ආසක්ත ව්‍යුහය මාංශ පිණ්ඩයක් කලෙමු, පසුව මාංශ පිණ්ධය අස්ථි කලෙමු, පසුව ඇට මාංශයෙන් වැසුවෙමු පසුව එය වෙනම නිර්මාණයක් කලෙමු.” – ශුද්ධ වූ කුර්ආනය 23-13,14,

විද්‍යාඥයන් පවා මවිත කරවන මෙවැනි සත්‍යයක් මීට වසර 1430 කට පෙර කිසිවිටෙකත් මිනිස් බුද්ධියක් පදනම් කරගෙන පැවසිය හැකි වේද? ඉහත කරුණුවලින් මනාව පැහැදිලි වන්නේ මෙම කුර්ආනය දිව්‍යමය වාක්‍ය යන්න නොවේද?

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/15

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම