දහම් ප්‍රචාරයත් දහමට අනුකූල වියයුතුයි

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


“දහම් ප්‍රචාරය” මෙය ඇසූ පමණින් සමාජයේ බොහෝ දෙනෙකුගේ සිතේ මැවෙන්නේ ඉතා අමිහිරි පිලිකුල් සහගත සිතුවිල්ලකි. ඒ අද සමාජයේ විද්වතුන් යයි පවසා ගන්නා විවිධ පාර්ශවයන් එම වචනයට ආරූඩ කොට ඇති අරුථයන් හේතුකොට ගෙනය. එය ඉතා බරපතල වරදක් ලෙසත් තහනම් ක්‍රියාවක් ලෙසත් දකින මෙම ක්‍රියාවට ලබාදෙන සරල අරුථ වන්නේ ”තවත් ආගමකට හරවා ගැනීම” යන්නයි. දහම් ප්‍රචාරය යන්න “වෙනත් ආගමකට හරවා ගැනීම” යන්න පැවසීම තුල පිලිඹිබු කරන්නේ තම ආගමික අනවබෝධය පමණක් නොව තම ආගමික මතවාදය කෙරෙහි පවතින දුර්වල බැදීමයි. මෙම විෂය බුද්ධිමත් ලෙස විශ්ලේෂණය කලේනම් සැබැවින්ම මෙහි කළඹල වීමට කිසිවක් නැත. මන්ද දහමක් ප්‍රචාරය යනු මනුෂ්‍යාගේ මනස සමඟ කරන ගනුදෙනුවකි. එය කිසියම් ආකාරයක බලපෑමකින හෝ මුදලින් දිනාගත හැකි කාර්‍යයක් නොවේ. එලෙස කිසිවකු මුදලට හෝ වෙනයම් කාරණයකට තම දහම අත්හරින්නේ නම් එයින් පැහැදිලි වන්නේ තමන් අත්හරින ලද දහම කෙරෙහි තිබෙන අනවබෝධය හෝ අවිශ්වාසය පමණි.

සැබැවින්ම දහම් ප්‍රචාරනය තුලින් සෑම ආගමක්ම බලාපොරොත්තු වන පොදු කාරණයක් ඇත. ඒ තමන් පිලිගෙන සිටින දහම පිලිබදව අන්‍ය සමාජයට කිසියම් අවබෝධයක් ලබාදීමයි. මෙහි වරදක් දැකීමට, බියවීමට හෝ කළඹල වීමට කිසිවක් නැත. ලොව ඕනෑම කෙනෙකු තමන් පිලිගෙන පිලිපදින නොඑසේනම් විශ්වාස කරන මතවාදයක්, දහමක් හෝ දර්ශනයක් මුළුමහත් මිනිස් සමාජයටම දේශනා කිරීමට උනන්දුවීමත්, තමන් අවබෝධකරගත් සත්‍යය මුළු මිනිස් සමාජයම අවබෝධකර ගතයුතුයි යනුවෙන් අපේක්ෂා කිරීමත් ඒ සදහා තම නැනපමණින් දහම් ප්‍රචාරයේ යෙදීමත් කිසිසෙත් වරදක් විය නොහැක. එවැනි ක්‍රියාවක කිසිවකු නිරත වන්නේ නම් එය සැබැවින්ම මිනිස් වර්ගයා කෙරෙහි ඔහු දක්වන අවංක හා නිහතමානි සෙනෙහසක් හා ආදරයක් යන්න තරමක් ගැඹුරින් එය විමසා බැලුවේ නම් ඔබට අවබෝධ වනු ඇත. එවන් මෙහෙවරයන් හි ප්‍රථිපලය තමා මීට සියවස් ගණනාවකට පෙර ලොව කුමක් හෝ ස්ථානයක ඉතාම සුළු පිරිසක් හමුවේ ප්‍රකාශ වූ ආගම් අද වනවිට සමස්ථ ලොකයම වෙලාගන්නට තරම් හේතුවී ඇත්තේ. එම දහම් ප්‍රචාරනයේ ආරම්භ අවධියේ එහි අරමුණ ඉහත සදහන් ආකාරයේ මුදල් හෝ වෙනයම් ලෞකික අරමුණක් වී පැවතුණේ නම් එය උපන්ගෙදර මියදෙන්නට තිබුණි. එසේ නොවී වසර දහස් ගණන් එය පැවත එන්නේ නම් එයට ප්‍රධාන හේතුව තමන් පිලිගෙන සිටින සත්‍යය අනිකුත් ප්‍රජාව හමුවේ ප්‍රකාශ කිරීමටත්, ඔවුනට එය ලබාදීමට ගත් උත්සාහයත්, ඒ සදහා එම ආගම් තම අනුගාමිකයන් හට ඇති කරවන උනන්දුවත් හේතුවෙනි. මෙම කාරණය වඩාත් හොදින් අවබෝධ කරගැනීම සදහා ශ්‍රී ලාංකීය ප්‍රධාන ආගම් කිහිපයක් පදනම් කරගෙන එවැනි ඉගෙන්වීම් කිහිපයක් විමසා බැලුවේ නම්,

  • බුදු දහමේ – ආයාචනා සූත්‍රයෙන්ද – ත්‍රිපිටකය
  • කිතු දහමේ – ශුද්ධවර මාක් 16-15 – බයිබලය
  • ඉස්ලාම් දහමේ – ශුද්ධ වූ කුර්ආනය 34-28

ඉහතින් මා ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලාංකීය ප්‍රධාන ආගම් තුනක සදහන් වාක්‍යයන් (ඉගෙන්වීමන්) තුනක් පමණි. මීට අමතරව මෙවැනි තවත් බොහෝ වාක්‍යයන් ආගමික මූලාශ්‍රයන් හි දක්නට ලැබේ. නමුත් දහම් ප්‍රචාරයේ අවශ්‍යතාවය අවබෝධ කරගැනීමට ඉහත වාක්‍යය පමණක් වුවද ප්‍රමාණවත් බව ඔබට දැන් පැහැදිලි වියයුතුය. මේ අනුව ඉහත සදහන් කිසිදු දහමක් දහම් ප්‍රචාරයේ යෙදීම වරදක් ලෙස පැවසීම අනවබෝධයක් මෙන්ම කුහකකමක් බව පැහැදිලිය. මෙහිදී සදහන් කලයුතු විශේෂ කරුණක් ඇත. එනම් ඉහත ආකාරයට තම දහම ප්‍රචාරය සදහා අවසරය ලබාදී ඇති නිසා තමන්ට සිතූ සිතූ ආකාරයට තමන්ගේ මනක්කල්පිතයන් පදනම් කරගෙන එම දහම් ප්‍රචාර මෙහෙවරේ නිරත විය හැකි බව කිසිවකු සිතයි නම් එය නිවරදි නොවේ. තමන් කිසියම් දහමක් සමාජය හමුවේ ප්‍රකාශ කිරීමේ දී එහි මුලික අවශ්‍යතාවයන් කිහිපයක් සැපිරී පැවතිය යුතුය. මේ පිලිබදව ඉස්ලාම් මිනිස් සමාජයට ලබාදෙන ආදර්ශය ඉතා අලංකාරය. එය මෙසේය,

“ඔවුනට (දහම දේශනා කරන පිරිසට) තම දහම පවසන කල් හි අල්ලාහ් (දෙවියන්) ගැන බොරුවක් ගොතා පවසන කෙනෙකුට වඩා අපරාධකරුවන් කව්රුන්ද?”

ශුද්ධ වූ කුර්ආනය 60-07

“ඉස්ලාම් හි බලකිරීමන් නොමැත ඇත්තෙන්ම දුර්මාර්ගයෙන් සන්මාර්ගය පැහැදිලිය.”

ශුද්ධ වූ කුර්ආනය 2-256

මේ අනුව දහම් ප්‍රචාරයේ දී මනක්කල්පිතයන් හෝ මිත්‍යා විශ්වාසයන් නොව එම ආගමික ඉගෙන්වීමන් පදනම් කරගෙන ක්‍රියා සිදුකිරීම අත්‍යඅවශ්‍ය සාධකයකි. එසේම දහම් ප්‍රචාරයේ දී නිරන්තරයෙන් අත්විදින කාරණයක් තමා අපහසය, එදිරිවාදිකම්, තර්ජන, ගර්ජන, බාධාකිරීම්… යනාදීය. මෙවැනි සමාජ පසුබිමක ඉවසීමෙන් කටයුතු කිරීමට අත්‍යඅවශ්‍ය අංගයකි. මීට අමතරව බොරු ගොතා පැවසීමත් දහම වෙත හරවා ගැනීමට බලකිරීමත් නිවරුදි ක්‍රමවේදයක් ලෙස නොදකින ඉස්ලාම් එවන් ක්‍රියාවන් පාපයක් ලෙස දකී. මෙහිදී සදහන් කලයුතු තවත් කාරණයක් ඇත. ඒ සැබෑ දහමකට ඉහත සදහන් වැරදි භාවිතයන් එනම් අපහසය, එදිරිවාදිකම්, තර්ජන, ගර්ජන, බාධාකිරීම්, බොරු පැවසීම්, බලකිරීමන් හෝ එවැනි වෙනයම් බාධා කිරීමන් කිසිසේත් අභියෝගයක් නොවේ. එපමණක් නොව සැබෑ දහමක් ඕනෑම අභියෝගයක් හමුවේ තව තවත් බැබලෙනවා මිස එය දුර්වලතාවයට, පරිහානියට හෝ විනාශයට පත් නොවේ. මෙය ඉස්ලාම් ඉතිහාසය පුරාවට ලොවට කියාපාන ලද සත්‍යයකි. කුමණ අවස්ථාවන් හි ඉස්ලාම් දහමට දැඩි තර්ජනයක් විරෝධතාවයක් ලොව තුල නිර්මාණය වුයේද? එහි අවසාන ප්‍රථිපලය වුයේ ඉස්ලාම් විශාල ජන කොට්ඨාශයක් එකවර දිනා ගැනීමයි. මෙයට සමීපතම නිදසුන ලෙස 2001 වර්ෂයේ ඇමරිකාවට එල්ල කලා යන ත්‍රස්ථ ප්‍රහාරය සදහන් කලහැක. මෙය ඉස්ලාම් දහමට ජාත්‍යන්තරය තුල දැඩි චෝදනාවක් එල්ල වූ සිදුවීමක් විය. නමුත් එම සිදුවීමත් සමඟ ඉස්ලාමීය ඉගෙන්වීමන් පිලිබදව අධ්‍යනය කිරීමට පෙළඹුණු ජනතාව අවසානයේ නරත වුයේ ඉස්ලාම් දහම පිලිගෙනය. මේ පිලිබදව පසුකාලීනව සමාජ ගවේෂනයන් හි නිරත වූ පිරිස් පවසා සිටියේ ඇමරිකාව තුල ඉස්ලාම් සීඝ්‍ර යෙන් වර්ධනය වීමට මෙම සිදුවීම දැඩි ලෙස බලපා ඇති බවයි. ඒ අනුව ඉහත සදහන් ආකාරයේ බාධා කිරීම් පිලිබදව මුස්ලීම්වරුන් කලබල වීමට හෝ කලකිරීමට කිසිවක් නැත. මුස්ලීම්වරුන් වශයෙන් කලයුතුව ඇත්තේ මෙම දහම මිනිස් වර්ගයා හමුවේ ඉස්ලාම් පෙන්වාදෙන ආකාරයට ප්‍රකාශ කිරීම පමණි. සත්‍ය දහම එලෙස නිරන්තරයෙන් මිනිස් සමාජය හමුවේ දිගින් දිගටම ප්‍රකාශ වනවිට මිත්‍යාවන් හා මනක්කල්පිතයන් තවදුරටත් පැවැත්මක් නැති වී යයි. මන්ද මිත්‍යාව හා මනක්කල්පිතයන්ට පැවැත්ම ඇත්තේ එය සමාජය තුල වසන්ව කුතුහලයක් ලෙස පවතිනතාක් පමණි. එසේනම් එවන් වූ මිත්‍යාවන්ගෙන් මිදුණූ බුද්ධිමත් එසේම ශිෂ්ඨසම්පන්න මිනිස් සමාජයක් වර්ථමාන ලොව තුල නිර්මාණය වේවා! යනුවෙන් ප්‍රකාශ කරමින් මෙම ලිපිය අවසන් කරන්නේ පහත වාක්‍යය ඔබගේ බුද්ධිමත් විමසුමට ලඟා කරමිනි.

“සත්‍ය වූ දහමකට එරෙහිව ඇති වන බාධක එම දහමට අශීර්වාදයක් මිස අභියෝගයක් නොව”

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/9

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම