දුප්පතුන්ට හා දුර්වලයන්ට උපකාර කරන්න – නුඹයි මුස්ලීම්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


මුළු ශරීරය හොදින් වැසෙන සේ දිගට ඇදුමක් ඇඳ, පිරිමියෙකු නම් යටිරුවුල දිගට වවා හිස් වැස්මක් ද පැලද, කාන්තාවක් නම් මුහුණු ආවර්ණය කොට නොඑසේ නම් මුහුණ පමණක් විවෘතව තබා ශරීරයේ අනිකුත් සියළුතැන් හොදින් වැසෙන ලෙස ඇදුම් ඇඳ, නමත් ‘මුහම්මද්’ ‘ෆාතිමා’… යනාදී ලෙස අරාබි සංස්කෘතියට අනුව තබා ජීවත් වන පිරිස් ‘මුස්ලීම්වරුන්’ යන්න මුස්ලීම් නොවන බහුතර සමාජ පිලිගැනීමයි. නමුත් මුස්ලීම්වරයෙකු යනු කවුරුන්ද? යන ඉස්ලාමයේ විග්‍රහය මීට වඩා බොහෝ සේ සංකීර්ණය. ඉස්ලාමයේ ඉගෙන්වීම අනුව නමත්, පෙනුමත් මුස්ලීම් වූ පමණින් ඔහු මුස්ලීම් හෝ ඔහුගේ දහම ඉස්ලාම් නොවේ. ඒ පිලිබදව කරණ විමසා බැලීමයි මෙම ලිපියෙන් මෙලෙස ආරම්භ කරන්නේ.

(ඊට ප්‍රථම ‘මුස්ලීම් යනු කවුරුන්ද?’ යන්න පිලිබදව සරල අවබෝධයක් ලබාගැනීම සදහා යහමග අඩවිය තුල මීට පෙර ඉදිරිපත් කල ‘මුස්ලීම්වරුන් යනු කවුරුන් ද? – ඉස්ලාමීය විමසුමක්’ යන ලිපිය කියවන ලෙස ඔබට ආරාධනා කරමින් අදාල මාතෘකාව වෙත දැන් යොමු වෙමි.)

දුප්පතුන්ට හා දුර්වලයන්ට උපකාර කරන්න. ඉස්ලාම් දහම යනු මුස්ලීම් සමාජයට දේව නැමදුම හා දෙවියන්ට අවනතවීම වැනි කරුණු පමණක් අවදාරණය කරන දහමක් යන්න සමාජයේ බොහෝ දෙනෙකුගේ පිලිගැනීමයි. නමුත් ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් හොදින් පරිශීලනය කරන විට එහි දහමේ සීමාවෙන් එපිට සමාජීය වශයෙන් වැදගත් කරුණු කාරණා බොහෝමයක් ඉගැන්වෙන ආකාරය දැකගත හැක. එවැනි එක් ඉගැන්වීමක් වෙතයි අද මෙම ලිපිය තුලින් අවදානය යොමු කරන්නේ.

එය මෙසේය…

වරක් මුහම්මද් (සල්) තුමාණන් හමුවට පැමිණී සහාභිවරයෙක්  ‘කාර්‍යයන් අතුරින් උතුම් වූ කාර්‍යය කුමක්ද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන්, … (දිර්ඝ හදීසයක්) ‘දුර්වලයන්ට උදව් උපකාර කිරීම එසේත් නැත්නම් උපයන මුදලින් කොටසක් ඔවුන් වෙනුවෙන් වැය කිරීම’ යයි පවසන ලදී. එයට (එතැන රුස්ව සිටී) සහාභාවරුන්  ‘නබිතුමණි!, එයත් ඉටුකිරීමට අපට හැකියාව හෝ ශක්තිය නැත්තේ නම් අප කුමක් කරන්නද?‘ යයි විමසන ලදී. එයට නබිතුමාණාන්, ‘ජනතාවට හානිදායක වන ආකාරයට කිසිවක් නොකර සිටින්න එයත් සදකාවක් (දෙවියන්ගේ මාර්ගයේ මුදල් වැය කිරීමක් හා සමාන) වේ’ යයි පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

ඉහත හදීසය බුද්ධිමත්ව විමසා බලන්නේ නම්, ඉස්ලාම් පවසන සදකාව (දෙවියන්ගේ මාර්ගයේ මුදල් වැය කිරීම) දේව නැමදුමෙන් බැහැර වූ සමාජීය කාරණයක් ලෙස ඉස්ලාම් දකිනවාද? යන්න හොදින් පැහැදිලි වේ. කාර්‍යයන්ගෙන් උතුම් කාර්‍යය පිලිබදව විමසන විට දේව නැමදුම, උපවාසය, හජ් නැමදුම… යනාදී ලෙස ආගමික වතාවත් හා ක්‍රියාවන් අවදාරනය නොකොට දුර්වලයන්ට උපකාර කිරීම ඔවුන් වෙනුවෙන් ධනය වැය කිරීම යයි ඉස්ලාම් පැවසීම තුල ඉස්ලාම් මනුෂ්‍යත්වය හා සමාජ සුභසාධනය කොතරම් දුරකට අවදාරණය කරන දහමක්ද? යන්න මනාව පැහැදිලි වනවා නොවේද?.

එසේනම්, ඉස්ලාමයේ මෙම ඉගෙන්වීමන් හොදින් අවබෝධ කොටගෙන මෙම විශ්ව දහම දේව නැමදුමට පමණක් සීමා නොකොට සමාජ සේවය ද දහමේ එක් අංගයක් යන්න තේරුම්ගෙන සමාජ සුභසාධනය සදහා ද ඇපකැපවීමට මුස්ලීම් සමාජයට ශක්තිය ධෛර්‍යය ලැබේවා! යන ප්‍රාර්ථනයෙන් මෙම ලිපිය අවසන් කරමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/3

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම