දේව පුස්තකය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


දේව පුස්තකය විශ්වාස කිරීම
දේව පුස්තකය විශ්වාස කිරීම

ඉස්ලාම් දහමේ දිව්‍ය වදන් පෙලගැස්ම වන අල්කුර්ආනය සහ අල්හදීස් ඇසුරෙන් 'දේව පුස්තකය' පිලිබදව විමසා බැලීම මෙම ලිපියෙහි මූලික අරමුණයි. ඒ අනුව විවිධ වූ අනුමාතෘකාවන් ඔස්සේ එම කාරණය වෙත මෙම ලිපිය තුලින් දැන් අවදානය යොමු කරමු.

පුස්තකය හෙවත් අල්කුර්ආනය විශ්වාස කිරීම

මිනිස් වර්ගයා මෙලොවේදී යහමග ගමන් කිරීම සඳහා ද පරලොවේදී ජය ලැබීම සඳහා ද අල්ලාහ් විසින් දේව වක්තෘ(නබි)වරුන් හට පුස්කතයන් ප‍්‍රදානය කරන ලදී.   නබි මුහම්මද් (සල්) තුමාණන් හට ශුද්ධ වූ අල් කුර්ආනය ප‍්‍රදානය කළ ආකාරයටම එතුමාණන්ට පෙර ජීවත් වූ දේව වක්තෘවරුන් හට ද ඔවුනොවුන්ගේ භාෂාවලින්ම පුස්තකයන් ප‍්‍රදානය කරන ලදී.    

وَمَا أَرْسَلْنَا مِن رَّسُولٍ إِلاَّ بِلِسَانِ قَوْمِهِ لِيُبَيِّنَ لَهُمْ فَيُضِلُّ اللّهُ مَن يَشَاء وَيَهْدِي مَن يَشَاء وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ :4* سورة إبراهيم     
කිසිදු දේව වක්තෘවරයෙක්ව ඔහු ඔවුන්(ජනතාව)ට පැහැදිලි කිරීම පිණිස   ඔහු කතා කරන භාෂාවෙන් මිස අපි නොඑව්වෙමු. අල්ලාහ් තමා කැමැති අයව මග වරද්දන සේක. තමා කැමැති අයව යහමගෙහි යවන සේක. උන්වහන්සේ අති බලවතා ය. ඥාණවන්තයා ය.   

අල් කුර්ආන් 14:4

ශුද්ධ වූ කුර්ආනයේ නම් සඳහන් පුස්තකයන්

ශුද්ධ වූ කුර්ආනයේ පුස්තකයන් හතරක නම් සඳහන් වෙයි. ඒවා පහත පරිදි ය.     1) සබූර් : දාවූද් (අලෛ) තුමාණන් හට අනාවරණය කරන ලදී. (4:163)     2). තව්රාත් : මූසා (අලෛ) තුමාණන් හට අනාවරණය කරන ලදී. (ග‍්‍රන්ථය: බුහාරී 4116, 4367)   3) ඉන්ජීල් : ඊසා (අලෛ) තුමාණන් හට අනාවරණය කරන ලදී. (5:46)     4) ශුද්ධ වූ කුර්ආනය : මුහම්මද් (සල්) තුමාණන් හට අනාවරණය කරන ලදී.    

අල්ලාහ් සියලු දේව වක්තෘවරුන් හට පුස්තකයන් අනාවරණය කළ සේක. නමුත් ඒවායේ නම් කුර්ආනයේ සඳහන් වී නැත.   كَانَ النَّاسُ أُمَّةً وَاحِدَةً فَبَعَثَ اللّهُ النَّبِيِّينَ مُبَشِّرِينَ وَمُنذِرِينَ وَأَنزَلَ مَعَهُمُ الْكِتَابَ بِالْحَقِّ لِيَحْكُمَ بَيْنَ النَّاسِ فِيمَا اخْتَلَفُواْ فِيهِ :2* سورة البقرة    

(මුල දී) මිනිස්සු (දෙවිගේ එකම ධර්මයක් පිළිගත්) සමූහයක් වශයෙන් සිටියහ. (පසුව ඔවුන් මතභේද වූ හෙයින්) එවිට අල්ලාහ් ශුභාරංචි දෙන්නන් ලෙස ද, අවවාද කරන්නන් ලෙස ද, නබි (දේව වක්තෘ) වරුන් ව එවූ සේක. (තවද) ඔවුහු මතභේද වූ ද)යහි මිනිසුන් අතර විනිශ්චය කිරීම පිණිස ඔවුන් සමග සත්‍ය පුස්තකය ද පහළ කළ සේක. 

අල් කුර්ආන් 2:213

කිතාබ් හා සුහුෆ් අතර වෙනස

මහා පරිමාණයෙන් අනාවරණය කරනු ලබන කිතාබ් නැමැති පුස්තකය ද සුළු පරිමාණයෙන් අනාවරණය කරනු ලබන සුහුෆ් නමැති කුඩා පුස්තකය ද ලෙස ඇතැම් අය දේව පුස්තකය වර්ග දෙකකට වර්ගීකරණය කරති.   නමුත් මෙසේ වර්ගීකරණය කිරීමට ශුද්ධ කුර්ආනයේ හෝ නබි තුමාණන්ගේ සහීහ්(නිවැරදී) වූ රුවන් වැකි වල හෝ කිසිදු සාක්‍ෂියක් නැත.   නබි(සල්) තුමාණන්ට කිතාබ් නමැති පුස්තකය පමණක් අනාවරණය කරන ලද බවත්, සුහුෆ් නැමැති කුඩා පුස්තකය අනාවරණය නොවූ බවත් මොවුහු පවසති.    

رَسُولٌ مِّنَ اللَّهِ يَتْلُو صُحُفًا مُّطَهَّرَةً :2* سورة البينة  

මොහු අල්ලාහ්ගේ වක්තෘවරයා වේ. පිවිතුරු සුහුෆ(පුස්තක)යන් පාරායනය කරන්නේ ය.   

අල් කුර්ආන් 98:2

මෙම වාක්‍යයෙහි නබි (සල්) තුමාණන් සුහුෆය පාරායනය කර පෙන්වන බව සඳහන් වේ. අල්ලාහ් විසින් සුහුෆ් යන්නත් කිතාබ් යන්නත් යොදවා ඇත්තේ එකම අර්ථයෙන් බව මෙයින් පැහැදිලි වේ. වෙනස් වීම් වලට ලක් වූ පුස්තකයන්  මුහම්මද් (සල්) තුමාණන්ට පෙර අනාවරණය වු පුස්තකයන් විශ්වාස කිරීම යන්නෙන් අදහස් කරනුයේ ඒවා පිළිපැඳිය යුතු බව නොවේ. ‘පුස්තකය අනාවරණය කරන ලද්දේ මුහම්මද් (සල්) තුමාණන් හට පමණි. වෙන කිසිඳු වක්තෘවරයෙකු හට පුස්තක අනාවරණය වූයේ නැත’ යි නොසිතා ‘සියලු දේව වක්තෘවරුන් හට පුස්තක අනාවරණය කරන ලද්දේ ය’ යන ඉස්ලාම් දහමේ ප‍්‍රධාන මූලධර්මය විශ්වාස කළ යුතු ය යන්න මෙහි අදහසයි. මුහම්මද් (සල්) තුමාණන්ට පෙර අනාවරණය කරන ලද පුස්තක විශ්වාස කිරීමට අණ කරන අල් කුර්ආනය එම පුස්තකවලට මිනිස් අදහස් එකතු වී ඇති බවත් විකෘති වී ඇති බවත්, එහි තිබූ සත්‍ය කරුණු සඟවන ලද බවත්, සංශෝධනයට ලක් වී ඇති බවත් බොහෝ තැන්වල සඳහන් කර ඇත.  

 

أَفَتَطْمَعُونَ أَن يُؤْمِنُواْ لَكُمْ وَقَدْ كَانَ فَرِيقٌ مِّنْهُمْ يَسْمَعُونَ كَلاَمَ اللّهِ ثُمَّ يُحَرِّفُونَهُ مِن بَعْدِ مَا عَقَلُوهُ وَهُمْ يَعْلَمُونَ :75* سورة البقرة   (විශ්වාසවන්තයිනී) අල්ලාහ්ගේ වදන්වලට සවන් දී ඒවා මැනවින් අවබෝධ කර ගෙන අනතුරුව දැනුවත්ව ම එය විකෘති කරන පිරිසක් ඔවුන් අතරෙහි සිටිය දී (ඔවුන්) නුඹලා (ගේ ධර්ම දේශනාවලට සවන් දී) විශ්වාස කරතැයි (නුඹලා) ආශා කරන්නෙහු ද?   අල් කුර්ආන් 2:75

وَإِنَّ مِنْهُمْ لَفَرِيقًا يَلْوُونَ أَلْسِنَتَهُم بِالْكِتَابِ لِتَحْسَبُوهُ مِنَ الْكِتَابِ وَمَا هُوَ مِنَ الْكِتَابِ وَيَقُولُونَ هُوَ مِنْ عِندِ اللّهِ وَمَا هُوَ مِنْ عِندِ اللّهِ وَيَقُولُونَ عَلَى اللّهِ الْكَذِبَ وَهُمْ يَعْلَمُونَ :78* سورة آل عمران     

පුස්තකයෙහි නොමැති දෙය පුස්තකය යැයි ඔබලා සිතනු පිණිස පුස්තකය කියවනවා සේ තම දිව හරවන පිරිසක් ඔවුන් අතර වෙති. මෙය අල්ලාහ්ගෙන් ලැබූ දෙය යැයි ද ඔවුහු පවසති. එය අල්ලාහ්ගෙන් ලැබූ දෙයක් නොවේ. ඔවුහු දැනගෙන ම අල්ලාහ්ගේ නාමයෙන් බොරු කියති.   අල් කුර්ආන් 3:78

අවසාන පුස්තකය

අල්කුර්ආනය හැර විකෘති වීම් වලට ලක් නොවූ පුස්තකයක් මෙලොවෙහි නොමැත. මෙම පුස්තකය අල්ලාහ් විසින් ආරක්ෂා කර ඇත. කියාමත් දිනය දක්වා ම පිළිපැදිය යුත්තේ මෙම පුස්තකය (අල්කුර්ආනය) පමණි.  

إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ :9* سورة الحجر   මෙම උපදේශය (වූ කුර්ආනය) අනාවරණය කළේ අප ම ය. අපිම මෙය ආරක්‍ෂා කරමු.   අල් කුර්ආනය 15:9

وَأُوحِيَ إِلَيَّ هَذَا الْقُرْآنُ لأُنذِرَكُم بِهِ وَمَن بَلَغَ:19*   මෙ මගින් ඔබලාටත්, කා වෙත මෙය පැමිණියේ ද ඒ අයටත්, මම අවවාද කිරීම සඳහා මෙම කුර්ආනය මා වෙත (වහී මඟින්) දැනුම් දී ඇත.   අල් කුර්ආන් 6:19

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/30

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම