දේව විශ්වාසය

From Yahamaga.LK

  Logo2020.png       Home       Articles       Gallery       About Us       -       Yahamaga Old Site


අල්ලාහ් (දෙවි)

අල්ලාහ් (දෙවි) පිලිබද ඉස්ලාමීය හැඳින්වීම ඉස්ලාම් දහම තුල සෑම මුස්ලීම්වරයෙකුම විශ්වාස කලයුතු මූලික කරුණූ 06 අතුරින් ප්‍රධාන හා එහි පලමු තැන හිමි වන්නේ ‘අල්ලාහ් (දෙවි)’ පිලිබදව වූ විශ්වාසයටයි. ඉස්ලාම් පවසන දේව සංකල්පය ලොව අනිකුත් ආගම් හා සමාජ සම්ප්‍රදායන් තුල පවතින දේව සංකල්පයන්ට වඩා සහමුලින් වෙනස් වූ ආකාරයක් ගන්නා බව මීට ඉහත ලිපි තුල පැහැදිලි කලෙමි. අන්තර්ජාලය තුල පවා සමහරක් පිරිස් ඉස්ලාම් පවසන දේව සංකල්පය විවේචනය කිරීම සදහා පදනම් කරගන්නේ තමන් පිලිපදින දහමේ පවතින දුර්වල දේව විශ්වාසයන්ය. එසේම තවත් අවස්ථාවන් හි දකින සුලභ කාරණයක් වන්නේ මිනිසාට සාපේක්ෂව දෙවියන් පිලිබදව කථා කිරීමය. මේ ආකාරයේ වූ දේව සංකල්ප සමහරක් ආගම් තුල පවතින බව සැබෑවකි. නමුත් ඉස්ලාම් දහම උගන්වන දේව සංකල්ප තුල එවැනි විශ්වාසයන් කොහෙත්ම දක්නට නැත. ඉස්ලාම් පවසන දේව විශ්වාසය සරලව අල්කුර්ආනය තුලින් උපුටා දක්වන්නේ නම්,

ඔහු ඒකීයය

ඔබලාගේ දෙවි එකම එක දෙවියෙකි. ඔහු හැර වෙනත් දෙවියෙක් නැත. ඔහු අපරමිත දයාන්විතය. අසීමිත කරුණාවන්තය. ශුද්ධ වූ තුර්ආනය 2-163

ඔහුට දුර්වලතාවයන් නැත

එහි ඥාණය මාගේ දෙවියන් හමුවේ ඇති (‘ලව්හුල් මහ්ෆූල්‘ නම්) ලේඛනයේ (සඳහන්)ය. මාගේ දෙවියන්ට වරදින්නේ නැත. අමතක වන්නේද නැත… ශුද්ධ වූ කුර්ආන්  20-52

ඔහුට අවශ්‍යතාවයන් නැත

අහස් හා පොලොවෙහි ඇති දේ (සියල්ල) ඔහුට හිමිය. අල්ලාහ් පැසසුමට සුදුස්සාය. අවශ්‍යතා නොමැත්තා ය. ශුද්ධ වූ කුර්ආනය 22-64

ඔහුට සමාන (වෙන) කිසිවෙකු නැත

ඔබලා වෙනුවෙන් මහපොළොව නවාතැනක් කළේද, අහස වියනක් කළේද අල්ලාහ්ය. ඔහු අහසින් ජලය පහළ කර(වැසි වස්සවා) එමගින් ඔබලාට ආහාර ලෙස ඵල වර්ග (පොළොවින්) හට ගැන්වුයේය. එබැවින් දැන දැන අල්ලාහ්ට කිසිවෙක් සම(යැයි උපකල්පනය)නොකරන්න. ශුද්ධ වූ කුර්ආන්  2-22

ඔහුය සැප සම්පත් ලබාදෙන්නේ

ඔබගේ දෙවි කැමැති අයහට සීමා රහිතව සම්පත් ලබාදෙනේය. සීමිතව ද ලබාදෙන්නේය. ඔහු තම ගැත්තන් ගැන යහමින් දන්නේය, බලන්නේය ශුද්ධ වූ කුර්ආන්  17-30

ඔහුය වැස්ස ලබාදෙන්නා

අහසේ සිට ජලය පහළ කරන්නේ (වැස් වස්සවන්නේ) ඔහුය. එහි පානීය ජලය ද (ඇති අතර ඔබලාගේ සිවුපාවුන්ට) තණ කැවීම සඳහා ගස් කොළන් ද වෙයි (වැවෙන්නේය). ශුද්ධ වූ කුර්ආන්  16-10

මෙහි ඉහතින් ඉදිරිපත් කොට ඇත්තේ අල්ලාහ් (දෙවි) සම්බන්ධයෙන් ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් වන අල්කුරආනයේ පැවසෙන කරුණූ කිහිපයක් පමණී. අල්ලාහ් (දෙවි) සම්බන්ධයෙන් ඉස්ලාමීය මූලාශ්‍රයන් හි සදහන් මෙම කරුණූ හා මෙහි සදහන් නොවන අනිකුත් කරුණු නිසි ලෙස අධ්‍යනය කොට, අවබෝධ කරගෙන එය නිවරුදි ලෙස පිලිගෙන පිලිපැදීම තමා ඉස්ලාම් පවසන නිවරුදි දේව විශ්වාසය වන්නේ. මේ අනුව ඉස්ලාම් පවසන දේව සංකල්පය ලොව අනිකුත් ආගමිත දේව සංකල්පය සමඟ සංසන්ධනාත්මක ලෙස කවුරුන් විසින් හෝ කථා කරන්නේ එය ඔහුගේ අනවබෝධය පමණි.

ඉස්ලාමීය දේව සංකල්පය තවත් දහමක දේව සංකල්පය සමඟ පූර්ණ වශයෙන් සංසන්ධනය කොට කථා කිරීම ප්‍රායෝගික කාරණයක් නොවන බව ඔබට දැන්වේ පැහැදිලි වියයුතුය. නමුත් එහි යම් යම් කරුණු පිලිබදව සංසන්ධනාත්මක ලෙස කථා කිරීමට නොහැකිවාද නොවේ. එවැනි තැන් හදුනාගෙන විවිධ මාතෘකාවන් ඔස්සේ මෙම දේව සංකල්පය යහමග අඩවිය තුල විටින් විට සාකච්චා කොට ද ඇත. එවැනි ලිපි කිහිපයක් ඔබගේ අවධානයට පහතින් ඉදිරිපත් කරන අතර ඒ තුලින් ඉස්ලාමීය දේව විශ්වාසය කුමණ ආකාරයේ එකක්ද යන්න තවදුරටත් පහසුවෙන් අවබෝධ කරගත හැකිවනු ඇත.

 
* යහමග ඉදිරිපත් කිරීම - අබූ අර්ශද්



Home       Blog       Forum       Gallery       About Us


යහමග ආ ඔබට ස්තූති
යහමග අඩවිය දැන් නිදහස් (සංස්කරණය කල හැකි) අඩවියක් ලෙස ඉදිරිපත් කෙරේ...
මෙහි දැනට පලකොට ඇති ලිපි ගණන 616 කි.
 


Logo2020.png - යහමග QR Code

Logo2020.png - යහමග Mobile App

Logo2020.png - අදහස් හා යෝජනා

Logo2020.png - යහමග ඉදිරිපත් කිරීම