දෛනික ප්‍රාර්ථනා

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


පරිපූර්ණ දහමක් වූ ඉස්ලාම් මනුෂ්‍යාගේ සෑම සියළු ක්ෂේත්‍රයක්ම හොදින් විමසා බලා ඔහුගේ ලෞකික මෙන්ම ලෝකොත්තර විමුක්තිය සදහා විවිධ වූ ආදර්ශයන් ද ලබාදෙයි. ශුද්ධ වූ කුර්ආනය තුලින් හා ‘හදීස්’ නම් මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශ මඟින් මෙසේ මිනිස් සමාජයට ලබාදෙන ආදර්ශ අතර මනුෂ්‍යාගේ දෛනික කටයුතුවල එනම්, දවසේ අවදි වූ මොහොතේ පටන් නැවත නින්දට යන මොහොත දක්වා විවිධ අවස්ථාවන් හි පාරායනය කලයුතු ප්‍රාර්ථනාවන් ද එකකි. දෛනික දිවිය තුල විවිධ අවස්ථාවල පාරායනය කරන ලෙස නබිතුමාණන් මුස්ලීම් සමාජයට පෙන්වාදුන් එවැනි ‍දෛනික ප්‍රාර්ථනාවන් මුස්ලීම්වරයෙකුගේ ලෞකික දිවියට මෙන්ම ලෝකොත්තර දිවියට ද ඉතා වැදගත් වන බව ඉස්ලාම් අවදාරණය කරන නිසා මෙම ලිපිය තුලින් ඔබේ පහසුවට එවැනි ප්‍රාර්ථනාවන් පෙලගසන්නට අදහස් කරමි.

ස්වර්ගය නියතව හිමි කරදෙන ප්‍රාර්ථනය

“අල්ලාහුම්ම අන්ත රබ්බී ලා ඉලාහ ඉල්ලා අන්ත හලක්තනී වඅන අබ්දුක වඅන අලා අහ්දික වවහ්දික මස්තතහ්තු අදූසු(z)බික මින් ෂර්රී මා සනහ්තු අබූඌ ලක බිනිහ්මතික අලෛය ව අබූඌ ලක බිස(z)න්බී ෆග්ෆිර්ලී ෆඉන්නහූ ලා යග්ෆිරු සු(z)නූබ ඉල්ලා අන්ත.”

اللَّهُمَّ أَنْتَ رَبِّي لاَ إِلَهَ إِلَّا أَنْتَ، خَلَقْتَنِي وَأَنَا عَبْدُكَ، وَأَنَا عَلَى عَهْدِكَ وَوَعْدِكَ مَا اسْتَطَعْتُ، أَعُوذُ بِكَ مِنْ شَرِّ مَا صَنَعْتُ، أَبُوءُ لَكَ بِنِعْمَتِكَ عَلَيَّ، وَأَبُوءُ لَكَ بِذَنْبِي فَاغْفِرْ لِي، فَإِنَّهُ لاَ يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ

තේරුම –

යා අල්ලාහ්. මාගේ පරමාධිපති ඔබය. ඔබ හැර වෙනත් දෙවි‍ කෙනෙකු නොමැත.මාව මැව්වේ ඔබමයි. මා ඔබගේ ගැත්තා ය. මට හැකි පමණින් ඔබ හා වුණු ගිවිසුම හා පොරොන්දුවට අනුව කටයුතු කරමි. මම කළ දෑහි නපුරින්  ඔබෙන් අරක්ෂාව පතමි. ඔබ මට ලබාදුන් දායාදයන් හා මා කළ පාප සමග ඔබ වෙත මා හැරෙන්නෙමි. එමනිසා මට සමාව දෙනු මැනව. නියතවශයෙන්ම ඔබ හැර පාප ක්ෂමා කරන වෙන කිසිවෙකු නැත.

මහිමය –

යමෙක් මෙය(ඉහත සඳහන් දුආව) ඒ ගැන දැඩි විශ්වාසයකින් දවල් කාලයේදී පාරායනය කර එදිනම මිය ගියේ නම් ඔහු ස්වර්ගවාසියෙකි. යමෙක් රාත්‍රීයේ මේ ගැන දැඩි විශ්වාසයකින් පාරායනය කර දවාලය උදාවීමට පෙර මිය ගියේ නම් ඔහු ස්වර්ගවාසියෙකි යැයි නබි (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ.

දැනුම් දෙන්නා – ෂද්දාද් ඉබ්නු අවුස් (රළි)

ග්‍රන්ථය- බුහාරී 6306


ලෛලතුල් කද්ර් රාත්‍රියේ කරන ප්‍රාර්ථනය

“අල්ලාහුම්ම ඉන්නක අෆුවන් තුහිබ්බුල් අෆ්ව ෆෆ්අන්නී”

اللَّهُمَّ إِنَّكَ عُفُوٌّ تُحِبُّ الْعَفْوَ فَاعْفُ عَنِّي

අර්ථය: දෙවියනී! ඔබ ක්ෂමාකරන්නා ය. ක්ෂමාකිරීමට කැමැත්ත දක්වන්නා ය. එබැවින් මාව ක්ෂමා කරනු මැනව.

ආයිෂා (රළි) තුමිය ප්‍රකාශ කළාය. මා නබි (සල්) තුමාණන්ගෙන් යම් රාත්‍රියක්  ලෛලතුල් කද්ර් රාත්‍රීය බව දැනගත් විට එහි පාරායණය කළ යුත්තේ කුමක් දැයි ඇසුවෙමි. එවිට නබි (සල්) තුමාණෝ ඉහත ප්‍රාර්ථනය පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – තිර්මිදි


රාත්‍රීයේ නින්දෙන් අවධි වූ විට කරන ප්‍රාර්ථනය

“ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීකලහූ ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂයිඉන් කදීර් අල්හම්දු ලිල්ලාහි ව සුබහානල්ලාහි ව ලා ඉලාහ ඉල්ලල්ලාහු වල්ලාහු අක්බර් ලා හව්ලා වලා කුව්වත ඉල්ලා බිල්ලාහි“
لاَ إِلهَ إِلاَّ اللهُ وَحْدَهُ لاَ شَرِيْكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيْرٌ الْحَمْدُ للهِ

وَسُبْحَانَ اللهِ وَلاَ إِلهَ إِلاَّ اللهُ وَاللهُ أَكْبَرُوَلاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللهِ

අර්ථය – අල්ලාහ් හැර වෙන දෙවි කෙනෙක් නොමැත. ඔහු ඒකකයි. ඔහුට සමාන කිසිවෙක් නොමැත. පාලනය ඔහුටම හිමි ය. ප්‍රශංසා ඔහුටම ය. ඔහු සියලු දෑ කෙරෙහි බලසම්පන්නයා ය. ප්‍රශංසා අල්ලාහ්ටම හිමිය. අල්ලාහ් සුවිශුද්ධ ය. අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙක් නොමැත. අල්ලාහ් අති ශ්‍රේෂ්ඨ ය. බලය හෝ ශක්තිය අල්ලාහ්ගෙන්ම මිස නොමැත.
මහිමය – යමෙක් රාත්‍රීයේදී නින්දෙන් අවධි වී ඉහත සඳහන් දුආව පාරායනය කර පසුව“اَللّهُمَّ اغْفِرْ لِيْ “ (අල්ලාහුම්මග්ෆිර්ලී – දෙවියනී මා ක්ෂමා කරනු මැනව! ) යැයි පවසන්නේ නම් හෝ ප්‍රාර්ථනා කරන්නේ නම් ඔහුට (අල්ලාහ්ගෙන්) පිළිතුරු දෙනු ලැබේ. ඔහු වුලූ කර සලාතය ඉටුනරන්නේ නම් ඔහුගේ සලාතය (අල්ලාහ් විසින්) පිළිගනු ලැබේ යැයි නබි (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ.

මූලාශ්‍ර ග්‍රන්ථය- බුහාරී (හදීස් අංකය – 1154)

ශෝකය වෙනුවට සතුට හිමිකර දෙන ප්‍රාර්ථනය

“අල්ලාහුම්ම ඉන්නී අබ්දුක වබ්නු අබ්දික ඉබ්නු අමතික නාසියතී බියෙදික මාලින් ෆීය හුක්මුක අද්ලුන් ෆීය කලාඋක අස්අලුක බිකුල්ලිස්මින් හුව ලක සම්මයිත බිහී නෆ්සක අවු අන්ස(z)ල්තහූ ෆී කිතාබික අවු අල්ලම්තහූ අහදන් මින් හල්කික අවිස්ත:සර්ත බිහී ෆී ඉල්මිල් ගයිබි ඉන්දක අන් තජ්අලල් කුර්ආන රබීඅ කල්බී වනූර සද්රී වජලාඅ හුස්(z)නී ව ස(z)හාබ හම්මී.”

اللهُمَّ إِنِّي عَبْدُكَ، وَابْنُ عَبْدِكَ، ابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فِيَّ حُكْمُكَ، عَدْلٌ فِيَّ قَضَاؤُكَ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ، سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ أَنْزَلْتَهُ فِي كِتَابِكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ فِي عِلْمِ الْغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ الْقُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجِلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي

අර්ථය :

යා අල්ලාහ්! මම ඔබගේ ගැත්තාය. ඔබගේ ගැත්තාගේ පුත්‍රයා ය. ඔබගේ වහලියගේ පුත්‍රයා ය. මාගේ නළල්කෙස් රොද ඇත්තේ ඔබගේ අතෙහිය. මාගේ විෂයෙහි වලංගු වන්නේ ඔබගේ තීරණයයි. මාගේ කරුණෙහි ඔබගේ තීරණය යුක්තිසහගත ය. ඔබට ඔබම තබාගත් හෝ ඔබගේ පුස්තකයෙහි ඔබ පහළ කළ හෝ ඔබගේ මැවීම් අතුරින් යමෙකුට ඔබ ඉගෙන් වූ හෝ ඔබ ලඟ වූ ගුප්ත ඥානයෙහි ඔබ තෝරාගත් ඔබගේ සියඵ නාමයන් මගින් මම ඔබගෙන් ඉල්ලමි.(දෙවියනී!) මෙම කුර්ආනය මාගේ සිතෙහි වසන්තය ලෙසත්, මාගේ ළයෙහි ආලෝකය ලෙසත් මාගේ දුක් නිවාරකය ලෙසත්,මාගේ ශෝක නිවාරකය ලෙසත් කරනු මැනව!”

මහිමය:

නබි (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ: ගැත්තෙකුට දුක හෝ ශෝකය ඇති වූ විට,

ඉහත දුආව පාරායනය කරන්නේ නම්, අල්ලාහ් ඔහුගේ ශෝකය නැති කරන්නේ ය. ඔහුගේ ශෝකය වෙනුවට සතුට ඇති කරන්නේ ය.

අල්ලාහ්ගේ වක්තෘවරයාණෙනී! මෙම වදන් ඉගෙන ගැනීම අපට අවශ්‍ය දැයි අපි ඇසුවෙමු. එයට නබි (සල්) තුමාණෝ එයට(එම වදන් වලට) සවන් දෙන පුද්ගලයා ඒය ඉගෙන ගැනීම අවශ්‍ය යැයි පිළිතුරු දුන්හ.

ග්‍රන්ථය – මුස්නද් අහ්මද්

උදේ සවස ඉසිරිය යුතු ප්‍රාර්ථනය

සවස් කාලයේ දී…

“අම්සෙයිනා අම්සල් මුල්කු ලිල්ලාහි, වල්හම්දු ලිල්ලාහි, ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීකලහූ, ලහුල් මුල්කු වලහුල් වහ්දු වහුව අලා කුල්ලි ෂයිඉන් කදීර්. රබිබි අස්අලුක හයිර මා පී හාදි(z)හිල් ලයිලති ව හයිර මා බ:දහා, වඅඌදු(z) බික මින් ෂර්රි මා ෆී හාදි(z)හිල් ලයිලති වෂර්රි මා බ:දහා, රබ්බි අඌදු(z) බික මිනල් කසලි වසූඉල් කිබර්. රබ්බි අඌදු(z) බික මින් අසා(z)බින් ෆින් නාරී ව අසා(z)බින් ෆිල් කබර්.”

أَمْسَيْنَاوَأَمْسَىالْمُلْكُلِلَّهِ،وَالْحَمْدُلِلَّهِلَاإِلَهَإِلَّااللهُ،وَحْدَهُلَاشَرِيكَلَهُلَهُالْمُلْكُوَلَهُالْحَمْدُوَهُوَعَلَىكُلِّشَيْءٍقَدِيرٌ،رَبِّأَسْأَلُكَخَيْرَمَافِيهَذِهِاللَّيْلَةِوَخَيْرَمَابَعْدَهَا،وَأَعُوذُبِكَمِنْشَرِّمَافِيهَذِهِاللَّيْلَةِوَشَرِّمَابَعْدَهَا،رَبِّأَعُوذُبِكَمِنَالْكَسَلِوَسُوءِالْكِبَرِ،رَبِّأَعُوذُبِكَمِنْعَذَابٍفِيالنَّارِوَعَذَابٍفِيالْقَبْرِ

අර්ථය: අපි සවස් කාලය ලැබුවෙමු. සවස් කාලයේදී පාලනය අල්ලාහ්ටම හිමිය. සියළු ප්‍රශංසා අල්ලාහ්ටය. අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙක් නැත. ඔහු ඒකකය. ඔහුට සමාන ‍කිසිවෙක් නැත. පාලනය ඔහුටම හිමිය. ප්‍රශංසා ද ඔහුටම හිමිය. ඔහු සියඵ දෑ කෙරෙහි බලසම්පන්නයා ය. මාගේ දෙවියනී! මෙම රාත්‍රීයේ යහපතද, එයට පසුව එන යහපතද ඔබගෙන්ම අයදිමි. මෙම රාත්‍රියේ අයහපතින්ද, එයට පසුව එන අයහපතින්ද ඔබෙන්ම ආරක්ෂාව පතමි. මාගේ දෙවියනී! කම්මැලිකමින්ද, අයහපත් වයෝවෘද්ධ භාවයෙන්ද ඔබෙන්ම ආරක්ෂාව පතමි. මාගේ දෙවියනී! නිරයේ වේදනාවෙන්ද, මිනීවලේ වේදනාවෙන්ද ඔබෙන්ම ආරක්ෂාව පතමි.

උදේ කාලයේ දී පාරායනය කළ යුතු දුආ…

“අස්බහ්නා වඅස්බහල් මුල්කු ලිල්ලාහි වල්හම්දු ලිල්ලාහි ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීකලහූ ලහුල් මුල්කු වලහුල් හම්දු වහව අලා කුල්ලි ෂයිඉන් කදීර්. රබ්බි අස්අලුක හයිර මා ෆී හාද(z)ල් යවුමි වහයිර මා බ:දහූ ව අඌදු(z)බික මින් ෂර්රි මා ෆී හාද(z)ල් යවුමි වෂර්රි මා බ:දහූ රබ්බි අඌදු(z) බික මිනල් කසලි ව සූඋල් කිබරි, රබිබි අඌදු(z) බික මින් අසා(z)බින් නාරි ව අසා(z)බිල් කබර්.”

أَصْبَحْنَاوَأَصْبَحَالْمُلْكُلِلَّهِ،وَالْحَمْدُلِلَّهِلَاإِلَهَإِلَّااللهُ،وَحْدَهُلَاشَرِيكَلَهُ،لَهُالْمُلْكُوَلَهُالْحَمْدُوَهُوَعَلَىكُلِّشَيْءٍقَدِيرٌ،رَبِّأَسْأَلُكَخَيْرَمَافِيهَذَاالْيَوْمِ وَخَيْرَمَابَعْدَهُوَأَعُوذُبِكَمِنْشَرِّمَافِيهَذَاالْيَوْمِ شَرِّمَابَعْدَهُرَبِّأَعُوذُبِكَمِنَالْكَسَلِوَسُوءِالْكِبَرِ،رَبِّأَعُوذُبِكَمِنْعَذَابٍفِيالنَّارِوَعَذَابٍفِيالْقَبْرِ

අර්ථය: අපි උදය කාලය ලැබුවෙමු. උදය කාලයේදී පාලනය අල්ලාහ්ටම හිමිය. සියළු ප්‍රශංසා අල්ලාහ්ටය. අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙක් නැත. ඔහු ඒකකය. ඔහුට සමාන ‍කිසිවෙක් නැත. පාලනය ඔහුටම හිමිය. ප්‍රශංසා ද ඔහුටම හිමිය. ඔහු සියඵ දෑ කෙරෙහි බලසම්පන්නයා ය. මාගේ දෙවියනී! මෙම දිනයේ යහපතද, එයට පසුව එන යහපතද ඔබගෙන්ම අයදිමි. මෙම දිනයේ අයහපතින්ද, එයට පසුව එන අයහපතින්ද ඔබෙන්ම ආරක්ෂාව පතමි. මාගේ දෙවියනී! කම්මැලිකමින්ද, අයහපත් වයෝවෘද්ධ භාවයෙන්ද ඔබෙන්ම ආරක්ෂාව පතමි. මාගේ දෙවියනී! නිරයේ වේදනාවෙන්ද, මිනීවලේ වේදනාවෙන්ද ඔබෙන්ම ආරක්ෂාව පතමි.

(සහීහ් මුස්ලිම් – 5269)

නිවසින් බැහැර වනවිට හා නැවත නිවසට පැමිණෙන විට කරන ප්‍රාර්ථනාව

“සුබ්හානල්ලදී(z) සහ්හර්ලනා හාදා(z) වමා කුන්නා ලහූ මුක්රිනීන්, වඉන්නා ඉලා රබ්බිනා ලමුන්කලිබූන්, අල්ලාහුම්ම ඉන්නා නස්අලුක පී සෆරිනා හාද(z)ල් බිර්ර වත්තක්වා, වමිනල් අමලි මා තර්ලා, අල්ලාහුම්ම හව්වින් අලෛනා සෆරනා හාදා(z) වත්වි අන්නා බු:දහූ, අල්ලාහුම්ම අන්තස් සාහිබු ෆිස් සෆර්, වල් හලීෆතු ෆිල් අහ්ල්, අල්ලාහුම්ම ඉන්නී අඌදු(z) බික මින් ව:සාඉස් සෆර්, වකාබතිල් මන්ලර්, වසූඉල් මුන්කලබි ෆිල් මාලි වල් අහ්ල්.”

سُبْحَانَ الَّذِي سَخَّرَ لَنَا هَذَا، وَمَا كُنَّا لَهُ مُقْرِنِينَ، وَإِنَّا إِلَى رَبِّنَا لَمُنْقَلِبُونَ، اللهُمَّ إِنَّا نَسْأَلُكَ فِي سَفَرِنَا هَذَا الْبِرَّ وَالتَّقْوَى، وَمِنَ الْعَمَلِ مَا تَرْضَى، اللهُمَّ هَوِّنْ عَلَيْنَا سَفَرَنَا هَذَا، وَاطْوِ عَنَّا بُعْدَهُ، اللهُمَّ أَنْتَ الصَّاحِبُ فِي السَّفَرِ، وَالْخَلِيفَةُ فِي الْأَهْلِ، اللهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ وَعْثَاءِ السَّفَرِ، وَكَآبَةِ الْمَنْظَرِ، وَسُوءِ الْمُنْقَلَبِ فِي الْمَالِ وَالْأَهْلِ

අර්ථය :

අපට මෙය වසඟ කර දුන් ඔහු(දෙවි) සුවිශුද්ධය. මේ කෙරෙහි අපි ශක්ති ලද්දෝ නොවූයෙමු. අපි අපගේ දෙවි වෙතම ආපසු යන්නන් වෙමු. දෙවියනී! අපගේ මෙම ගමනේදී යහපත ද බියබැතිමත් කමද, ඔබ පිළිගන්නා යහක්‍රියාවද අයදිමු. දෙවියනී! අපගේ මෙම ගමන අපට පහසු කරනු මැනව!.මෙහි දුර අපට කෙටි කරනු මැනව! දෙවියනී! මෙම ගමනේදී ගමන් සඟයා ඔබයි.අපගේ පවුලේ ආරක්ෂකයා ද ඔබයි. දෙවියනී! මෙම ගමනේ වෙහෙසෙන්ද, අසෝබන පෙනුමෙන්ද,(මාගේ) ධනයට හා පවුලට සිදුවිය හැකි හානිවලින් ද ඔබෙන් ආරක්ෂාව පතමි.

ගමන අවසන් කර ආපසු පැමිණෙන විට:-

ගමන අවසන් කර තම නිවස කර පැමිණෙ‍න විට ඉහත ප්‍රාර්ථනාවම පාරායනය කර, පහත දුආවද පාරායනය කළ යුතුය.

«آيِبُونَ تَائِبُونَ عَابِدُونَ لِرَبِّنَا حَامِدُونَ»
“ආයිබූන තාඉබූන ආබිදූන ලිරබ්බිනා හාමිදූන්”
අර්ථය : අපගේ දෙවිව නමස්කාර කරන්නන් ලෙසද, ප්‍රශංසා කරන්නන් ලෙසද, ක්ෂමාව අයදින්නන් ලෙසද හැරෙන්නෙමු.

(සහීහ් මුස්ලිම් – 2612)

නින්දට පෙර නිදියහනේ හිඳ කරන අවසාන ප්‍රාර්ථනය

“ අල්ලාහුම්ම අස්ලම්තු වජ්හී ඉලෛක, වෆව්වල්තු අම්රී ඉලෛක, ව අල්ජඅතු ලහ්රී ඉලෛක, රඅ:බතන් වරහ්බතන් ඉලෛක, ලා මල්ජඅ වලා මන්ජා මින්ක ඉල්ලා ඉලෛක, අල්ලාහුම්ම ආමන්තු බිකිතාබිකල්ලසී(z) අන්ස(z)ල්ත, වනබීයිකල්ලසී(z) අර්සල්ත,”

اللَّهُمَّ أَسْلَمْتُ وَجْهِي إِلَيْكَ، وَفَوَّضْتُ أَمْرِي إِلَيْكَ، وَأَلْجَأْتُ ظَهْرِي إِلَيْكَ، رَغْبَةً وَرَهْبَةً إِلَيْكَ، لاَ مَلْجَأَ وَلاَ مَنْجَا مِنْكَ إِلَّا إِلَيْكَ، اللَّهُمَّ آمَنْتُ بِكِتَابِكَ الَّذِي أَنْزَلْتَ، وَبِنَبِيِّكَ الَّذِي أَرْسَلْتَ،

අර්ථය:- දෙවියනී! මාගේ මුහුණ ඔබට අවනත වීමට සැලැස්සුවෙමි. මාගේ කාර්ය ඔබටම භාර කළෙමි. මාගේ පිට ඔබ වෙතම ඇල කලෙමි. (ඔබගේ දයාවෙහි) විශ්වාසය තැබුවෙමි. (ඔබගේ දඬුවට) බිය වූවෙමි. ඔබෙන් ආරක්ෂා වීමට ඔබ හැර වෙන කිසිඳු සරණස්ථානයක් නොමැත. දෙවියනී! ඔබ පහළ කළ ඔබගේ පුස්තකය මා විශ්වාස කළෙමි. ඔබ විසින් යවන ලද ඔබගේ වක්තෘවරයාව මා විශ්වාස කළෙමි.

මහිමය –

“ඔබ නිදි යහනට යන විට, සලාතයට වුළූ කරන්නාක් මෙන් වුළූ කර, දකුණු පසට ඇලවී නිදියමින් ඉහත දැක්වෙන දුආව පාරායනය කරන්න. එම රාත්‍රීයේදී ඔබ මිය ගියහොත් ඔබ ෆිත්රා තත්ත්වයේ(එනම් ඊමානයත් සමග) මිය යන්නෙහිය. ඔබ පාරායනය කරන දෑහි අවසානය බවට එය පාරායනය කරන්න” යැයි නබි (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී


දිනපතා උසුරිය යුතු ප්‍රාර්ථනාව

“ලාඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලාෂරීකලහූ ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂයිඉන් කදීර්,”

لاَ إِلَهَ إِلَّا اللَّهُ، وَحْدَهُ لاَ شَرِيكَ لَهُ، لَهُ المُلْكُ وَلَهُ الحَمْدُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ،

අර්ථය:- අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙකු නොමැත. ඔහු ඒකකයි, ඔහුට සමාන කිසිවෙක්(හෝ කිසිවක්) නොමැත. පාලනය ඔහුටම හිමිය. සියලු ප්‍රසංශ ඔහුටම හිමිය. ඔහු සියළු දෑ කෙරෙහි බලසම්පන්නයා ය.
මහිමය – ඉහත සඳහන් දුආව කෙනෙකු දවසකට සියවරක් පාරායණය කරයි නම්, වහලුන් දහ දෙනෙක් නිදහස් කළ කුසල් ඔහුට හිමි‍ වේ. තවද ඔහුට කුසල් සියයක් සටහන් කරනු ලබන අතර පාප සියයක් ඔහුගෙන් මකා දමනු ලැබේ. එදින සවස් කාලය දක්වාම ඔහුට ෂයිතාන්ගෙන් ආරක්ෂාව ලැබේ. මීට වඩා යහපත් කිසිවක් කිසිවකුටත් හිමි වන්නේ නැත. මීට වඩා කුසල් කල කෙ‍නාට හැර.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

ඇස් වහ උවදුරින් ආරක්ෂාවීමට කරන ප්‍රාර්ථනාව

බිස්මිල්ලාහි අර්කීක මින් කුල්ලි ෂියින් යුහ්සී(z)ක මින් ෂර්රි කුල්ලි නෆ්සින් අවු අයිනින් හාසිදින් අල්ලාහු යෂ්‍ෆීක බිස්මිල්ලාහි අර්කීක

بِاسْمِ اللهِ أَرْقِيكَ، مِنْ كُلِّ شَيْءٍ يُؤْذِيكَ، مِنْ شَرِّ كُلِّ نَفْسٍ أَوْ عَيْنِ حَاسِدٍ، اللهُ يَشْفِيكَ بِاسْمِ اللهِ أَرْقِيكَ

අර්ථය – අල්ලාහ්ගේ නාමයෙන් ඔබ වෙනුවෙන් පාරායණය කර බලමි. උවදුරු ඇතිකරන සියළු ක්‍රියාවලින්ද, සියළු දෙනාගේ කරදර වලින්ද, නැතහෝත් ඊර්ෂියා කාර ඇස්වල උවදුරුවලින්ද අල්ලාහ් ඔබට සුවය ලබා දෙත්වා! අල්ලාහ්ගේ නාමයෙන්ම ඔබට පාරායණය කර බලමි.


මහිමය – නබි (සල්) තුමාණෝ අසනීපයෙන් සිටින අවස්ථාවක , එතුමා හමුවට (දේවදූතයාණන් වන) ජිබ්රීල් අලෛහිස් සලාම් තුමා පැමිණ, ‘ මුහම්මද්, ඔබ අසනීපයෙන් දැයි විමසූ විට නබි (සල්) තුමාණෝ ‘ඔව්’ යැයි පිළිතුරු දුන් විට ඉහත දුආව දේවදූතයාණන් පාරායණය කරන ලදී. .

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලිම්


ඇස් වහ උවදුරින් ළමුන් ආරක්ෂා කිරීමට කරන ප්‍රාර්ථනාව

“අඌදු බිකලිමාතිල්ලාහිත් තාම්මාති, මින් කුල්ලි ෂයිතානින් වහාම්මතින් වමින් කුල්ලි අයිනින් ලාම්මා”

أَعُوذُ بِكَلِمَاتِ اللَّهِ التَّامَّةِ، مِنْ كُلِّ شَيْطَانٍ وَهَامَّةٍ، وَمِنْ كُلِّ عَيْنٍ لاَمَّةٍ

අර්ථය – අල්ලාහ්ගේ පරිපූර්ණ වූ ( සුවය ලැබෙන) වදන් මගින් සියළු ෂයිතාන්වරුන්ගේ හා විෂකූර සතුන්‍ගෙන් ද, නරක චේතනාවෙන් බලන ( ඊර්ෂියාකාර) ඇස්වලින්ද ආරක්ෂාව පතමි.
මහිමය – නබි (සල්) තුමාණෝ (කුඩා වියේ පසු වූ) හසන්(රළි) සහ හුසෛන් (රළි) යන දෙදෙනාට (ඉහත දුආව මගින් ) අල්ලාහ්ගෙන් ආරක්ෂාව පත‍න්නෙක් ලෙසද, මෙමගින් ඔබලා දෙදෙනාගේ පියා වන ඉබ්රාහීම් (අලෛ) තුමා තම පුතුන් වන ඉස්මායීල් (අලෛ) හා ඉස්හාක් (අලෛ) යන දෙදෙනාට ආරක්ෂාව පතන්නෙක් ලෙස සිටී බව ප්‍රකාශ කරන්නෙකු ලෙසද සිටියහ.

රාත්‍රී නැමදුම ආරම්භයේ දී කරන ප්‍රාර්ථනාව

‘අල්ලාහුම්ම රබ්බ ජිබ්රාඊල ව මීකාඊල‏ ව ඉස්රාෆීල ෆාතිරස්සමාවාති වල් අර්ල්, ආලිමල් ගයිබි වෂ්ෂහාදා, අන්ත තහ්කුමු බයින ඉබාදික ෆීමා කානූ ෆීහි යහ්තලිෆූන්, ඉහ්දිනී ලිමහ්තුලිෆ ෆීහි මිනල් හක්කි බිඉස්(z)නික ඉන්නක තහ්දී මන් තෂාඋ ඉලා සිරාතින් මුස්තකීම්’

اللَّهُمَّ رَبَّ جِبْرَائِيلَ وَمِيكَائِيلَ وَإِسْرَافِيلَ فَاطِرَ السَّمَوَاتِ وَالأَرْضِ عَالِمَ الْغَيْبِ وَالشَّهَادَةِ أَنْتَ تَحْكُمُ بَيْنَ عِبَادِكَ فِيمَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ اهْدِنِي لِمَا اخْتُلِفَ فِيهِ مِنَ الْحَقِّ بِإِذْنِكَ إِنَّكَ تَهْدِي مَنْ تَشَاءُ إِلَى صِرَاطٍ مُسْتَقِيمٍ ‏”‏ ‏.

අර්ථය – අල්ලාහ්! ජිබ්රීල් මීකායීල් හා ඉස්රාෆීල්ගේ දෙවියනී! අහසේ හා පොලොවේ මැවුම්කරුවානනී! ගුප්ත හා ප්‍රකට දේ ගැන ඥානය ඇත්තානනී! ඔබගේ ගැත්තන් අතර ඔවුන් මතභේද වූ ‍දෑ ගැන ඔබ තීරණය ලබාදෙන්නේ ය. සත්‍යයෙහි මතභේදයට ලක් වූ දේ ගැන ඔබගේ අවසරයෙන් අපට මගපෙන්වනු මැනව! ඔබ අභිමත අයට සෘජු මාර්ගය දෙසට (ඔබම) මගපෙන්වන්නේ ය.
මහිමය – නබි (සල්) තුමාණෝ රාත්‍රීයේ දී සලාතය ආරම්භ කරන්නේ කුමකින් දැයි මම ආයිෂා රළි තුමියගෙන් ඇසූ විට එතුමිය ඉහත දුආව ප්‍රකාශ කළා යැයි අබ්දුර්රහ්මාන් බින් අවුෆ් රළි තුමා ප්‍රකාශ කළේය.

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලිම්

තහජ්ජුද් සලාතය සඳහා අවධි වූ විට කරන ප්‍රාර්ථනය

අල්ලාහුම්ම ලකල්හම්දු අන්ත නූරුස්සමාවාති වල් අර්දි වර්දි වමන් ෆීහින්න වලකල් හම්දු , අන්ත කයියිමුස්සමාවාති වල් අර්දි වමන් ෆීහින්න වලකල් හම්දු, අන්තල් හක්කු වව:දුකල් හක්කු ව කවුලුකල් හක්කු, වලිකාඋකල් හක්කු වල් ජන්නතු හක්කුන් වන්නාරු හක්කුන් වස්සාඅතු හක්කුන් වන් නබීයූන හක්කුන් ව මුහම්මදුන් හක්කුන් අල්ලාහුම්ම ලක අස්ලම්තු වඅලෛක තවක්කල්තු වබික ආමන්තු වඉලෛක අනබ්තු වබික හාසම්තු වඉලෛක හාකම්තු ෆග්‍ෆිර්ලී මා කද්දම්තු වමා අහ්හර්තු වමා අ:ලන්තු අන්තල් මුකද්දිමු වඅන්තල් මුඅහ්හිරු ලා ඉලාහ ඉල්ලා අන්ත

اللَّهُمَّ لَكَ الْحَمْدُ، أَنْتَ نُورُ السَّمَوَاتِ وَالأَرْضِ وَمَنْ فِيهِنَّ، وَلَكَ الْحَمْدُ أَنْتَ قَيِّمُ السَّمَوَاتِ وَالأَرْضِ وَمَنْ فِيهِنَّ، وَلَكَ الْحَمْدُ، أَنْتَ الْحَقُّ وَوَعْدُكَ حَقٌّ، وَقَوْلُكَ حَقٌّ، وَلِقَاؤُكَ حَقٌّ، وَالْجَنَّةُ حَقٌّ، وَالنَّارُ حَقٌّ، وَالسَّاعَةُ حَقٌّ، وَالنَّبِيُّونَ حَقٌّ، وَمُحَمَّدٌ حَقٌّ، اللَّهُمَّ لَكَ أَسْلَمْتُ وَعَلَيْكَ تَوَكَّلْتُ وَبِكَ آمَنْتُ، وَإِلَيْكَ أَنَبْتُ، وَبِكَ خَاصَمْتُ، وَإِلَيْكَ حَاكَمْتُ، فَاغْفِرْ لِي مَا قَدَّمْتُ وَمَا أَخَّرْتُ، وَمَا أَسْرَرْتُ، وَمَا أَعْلَنْتُ، أَنْتَ الْمُقَدِّمُ وَأَنْتَ الْمُؤَخِّرُ لاَ إِلَهَ إِلاَّ أَنْتَ ـ أَوْ ـ لاَ إِلَهَ غَيْرُكَ ‏”‏‏.‏

අර්ථය – දෙවියනී! සියළු ප්‍රශංසා ඔබටම හිමිය. අහස්හි,පොළොවෙහි හා ඒවායෙහි සිටින්නන්ගේ ආලෝකය ඔබමයි. සියඵ ප්‍රශංසා ඔබටම හිමිය, අහස් හා පොලොවත් ඒවායේ සිටින්නන්වත් පරිපාලනය කරන්නා ඔබමයි! ඔබටමය සියඵ ප්‍රශංසා! ඔබ සත්‍යවන්තයාය. ඔබගේ ප්‍රතිඥාව සත්‍ය වේ. ඔබගේ ප්‍රකාශය සත්‍ය වේ. ඔබව මුණගැසීම සත්‍ය වේ. ස්වර්ගය සත්‍ය වේ. නිරය සත්‍ය වේ. අවසාන දිනය සත්‍ය වේ. නබි(වක්තෘ)වරන් සත්‍ය වේ. මුහම්මද් (සල්) තුමාණෝ සත්‍ය වේ. දෙවියනී! මම ඔබටම අවනත වූයෙමි, ඔබහමුවේ ම රඳා පවතින්නෙමි, ඔබවම විශ්වාස කළෙමි, ඔබ වෙතම හැරුණෙමි. ඔබගේ පිහිටෙන්ම වාද කරමි. ඔබගෙන්ම විනිශ්චය අයදිමි, එබැවින් මා පෙර හා පසු කළ පාපවලටත්, මා රහසිගතව හා ප්‍රසිද්ධියේ කළ පාපවලටත් ක්ෂමාව අයදිමි.ඉදිරියට පමුණුවන්නා ඔබයි, පසුකරන්නා ද ඔබයි. ඔබ හැර වෙන දෙවි කෙනෙකු නොමැත.
මහිමය – නබි (සල්) තුමා‍ණෝ රාත්‍රීයේදී තහජ්ජුද් සලාතය ඉටු කිරීම සඳහා අවධි වූ විට ඉහත දුආව පාරායණය කරන්නේ යැයි ඉබ්නු අබ්බාස් (රළි) තුමා ප්‍රකාශ කරයි

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී


පැතුමන් ඉටුවීමට හා පව්සමා කිරීමට කරන ප්‍රාර්ථනය

‘ ලාඉලාහ ඉල්ලා අන්ත සුබ්හානක ඉන්නී කුන්තු මිනල් ලාලිමීන් ‘

لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ

අර්ථය – ඔබ හැර වෙනත් දෙවිකෙනෙකු නැත. ඔබ සුවිශුද්ධයි. මම අපරාධකාරයින්ගෙන් කෙනෙකු වූයෙමි.
මහිමය – යූනුස් නබි තුමා මාත්‍යස කුස තුල  සිරවූ මොහොතේ කළ (ඉහත) ප්‍රාර්ථනාව මුස්ලිම්වරයෙක් ඕනෑම කාර්යයක් සඳහා ප්‍රාර්ථනා කරයි නම්, ඔහුගේ ප්‍රාර්ථනාව (අල්ලාහ්) දෙවි පිළිනොගෙන සිටින්නේ නැතැයි නබි (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ.

මූලාශ්‍ර ග්‍රන්ථය- බුහාරී


සියළු පාපයන් සමා කිරීමට… කරන ප්‍රාර්ථනය

‘ සුබ්හානල්ලාහි වබිහම්දිහී ‘
سُبْحَانَاللَّهِوَبِحَمْدِهِ
අර්ථය -අල්ලාහ් සුවිශුද්ධයි. සියලු ප්‍රශංසා ඔහුටම ය.
මහිමය – යමෙක් ඉහත දුආව දිනකට සියවතාවක් පාරායණය කරයි නම් ඔහුගේ පාප මුහුදේ පෙන තරම් වුවද ක්ෂමා කරනු ලැබේ යැයි නබි (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ.

මූලාශ්‍ර ග්‍රන්ථය- බුහාරි


අභාවප්‍රාප්ත වූවන් සදහා කරන ප්‍රාර්ථනය

අල්ලාහුම්මග්ෆිර් ලි ……..(මෙම ස්ථානයේ අභාවප්‍රාප්ත (මියගිය) කෙනාගේ නම සඳහන් කලයුතුයි) වර්ෆඃ දරජතහු ෆිල් මහ්දියියීන් වහල්ෆුහු ෆිල් අකිබිහි ෆිල්ඃකාබිරීන් වඃක් ෆිරලනා වලහු යා රබ්බිල් ආලමීන්. වෆ්සහ්ලහූ ෆී කබ්රිහී වනව්වර්ලහු ෆීහි.

(ඉහත දුවා හි අරාබි පාඨය පහතින් කියවන්න)

අරුථ –

දෙවියණි! (ඔහුගේ නම සදහන් කර)ගේ පව් සමාකරනු මැන. යහමග ගියවුන් සමග ඔහුගේ තත්ත්වයද උසස් කරනු මැන. ඔහුගෙන් පසුව එන අයටද එසේම ලබා දෙනු මැන. විශ්වයේ පරමාධිපතියාණෙනි. ඔහුටද අපටද පාප ක්‍ෂමාව ලබා දෙනු මැන. ඔහුගේ කබ්රයේ(මිනිවලේ) ඉඩ පහසුව ඇතිකරනු මැන. එ තුළ ආලෝකයද ලබා දෙනු මැන.

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලිම්

පහත පොස්ටරය මළගෙයක මෘතදේහය ආසන්නයේ ප්‍රදර්ශනය කිරීම මරණයට පත්වූ කෙනාට මෙන්ම එම මරණය බලන්න පැමිණෙන පිරිසට ද ප්‍රයෝජනවත් වනු ඇත.


තහජ්ජුද් සලාතය සඳහා අවධි වූ විට කරන ප්‍රාර්ථනාව

‘අල්ලාහුම්ම ලකල් හම්දු අන්ත නූරුස් සමාවාතී වල් අර්දි වමන් ෆීහින්න. වලකල් හම්දු අන්ත කයියිමුස් සමාවාතී වල් අර්දි වමන් ෆීහින්න. වලකල් හම්දු අන්තල් හක්කු, ව ව:දුක හක්කුන්, ව කෟලුක හක්කුන්, ව ලිකාඋක හක්කුන්, වල්ජන්නතු හක්කුන්, වන්නාරු හක්කුන්, වස්සාඅතු හක්කුන්, වන්නබීයූන හක්කුන්, ව මුහම්මදුන් හක්කුන්, අල්ලාහුම්ම ලක අස්ලම්තු, ව අලෛක තවක්කල්තු, වබික ආමන්තු, ව ඉලෛක අනබ්තු, වබික හාසම්තු, ව ඉලෛක හාකම්තු, ෆග්ෆිර් ලී මා කද්දම්තු, ව මා අහ්හර්තු ව මා අස්රර්තු, ව මා අ:ලන්තු, අන්තල් මුකද්දිමු, ව අන්තල් මුඅහ්හිරු, ලා ඉලාහ ඉල්ලා අන්ත.‘

اَللّهُمَّ لَكَ الْحَمْدُ أَنْتَ نُوْرُ السَّمَاوَاتِ وَالأَرْضِ وَمَنْ فِيْهِنَّ وَلَكَ الْحَمْدُ أَنْتَ قَيِّمُ السَّمَاوَاتِ وَالأَرْضِ وَمَنْ فِيهِنَّ وَلَكَ الْحَمْدُ أَنْتَ الْحَقُّ وَوَعْدُكَ حَقٌّ وَقَوْلُكَ حَقٌّ وَلِقَاؤُكَ حَقٌّ وَالْجَنَّةُ حَقٌّ وَالنَّارُ حَقٌّ وَالسَّاعَةُ حَقٌّ وَالنَّبِيُّوْنَ حَقٌّ وَمُحَمَّدٌ حَقٌّ اَللّهُمَّ لَكَ أَسْلَمْتُ وَعَلَيْكَ تَوَكَّلْتُ وَبِكَ آمَنْتُ وَإِلَيْكَ أَنَبْتُ وَبِكَ خَاصَمْتُ وَإِلَيْكَ حَاكَمْتُ فَاغْفِرْ لِيْ مَا قَدَّمْتُ وَمَا أَخَّرْتُ وَمَا أَسْرَرْتُ وَمَا أَعْلَنْتُ أَنْتَ الْمُقَدّمُ وَأَنْتَ الْمُؤَخّرُ لاَ إِلهَ إِلاَّ أَنْتَ

අර්ථය – දෙවියනී! සියලු ප්‍රසංශා ඔබටම හිමිය. අහස් හා පොලොවටත් ඒ දෙක අතර වූ දෑ වලටත් ආලෝකය ඔබම ය. සියලු ප්‍රසංශා ඔබටම හිමිය. අහස් හා පොළොවත් ඒ අතර වූ සියල්ලත් පරිපාලනය කරන්නා ඔබම ය. සියලු ප්‍රසංශා ඔබටම හිමිය. සත්‍යවන්තයා ඔබමය. ඔබගේ පොරොන්දුව සත්‍ය යි. ඔබගේ වදන සත්‍ය යි. (අපි) ඔබව මුණගැසීම සත්‍ය යි. ස්වර්ගය සත්‍ය යි. නිරය සත්‍ය යි. අවසාන දිනය ද  සත්‍ය යි.  නබිවරුන් (ගේ පැමිණීම ද) සත්‍ය යි. මුහම්මද් ද සත්‍ය යි. දෙවියනී! ඔබටම අවනත වූවෙමි. ඔබ කෙරෙහිම විශ්වාසය තැබුවෙමි. ඔබවම විශ්වාස කළෙමි. ඔබ වෙතම ආපසු හැරෙන්නෙමි. ඔබගේ උදවුවෙන්ම වාද කරන්නෙමි. ඔබගෙන්ම තීන්දු පතමි. එබැවින් මා කළ දෑ ද, කිරීමට නියමිත දෑ ද, මා රහසින් කළ දෑ ද, ප්‍රසිද්ධියේ කළ දෑ ද ක්ෂමා කරනු මැනව! ඔබමය ඉදිරියට යොමුකරන්නා. ඔබමය පසුපස්සට යොමුකරන්නා. ඔබ හැර (තවත්) දෙවිකෙනෙක් නොමැත.
මහිමය – නබි (සල්) තුමාණෝ රාත්‍රීයේ තහජ්ජුද් සලාතය ඉටුකිරීම සඳහා අවධි වූ විට ඉහත දුආව පාරායණය කරන්නෝය.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරි – 6317


...


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/27

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම