නබි යූසුෆ් (අලෛ) තුමා

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


අල්-කුර්ආනය මගින් මිනිසාට හොඳ වෘත්තාන්ත ලෝ වැසියාට ඉගැන්වීය. ඒ අතරින් නබි යූසුෆ් තුමාගේ වෘත්තාන්තයට සුවිශේෂ තැනක් ලැබේ. මෙම සිද්ධිය අල්-කුර්ආනයේ සූරා යූසුෆ් හි සවිස්තරාත්මක ව සඳහන් වේ.

යූසුෆ් නබිතුමාගේ පියා වන යඃකුබ් තුමාද නබිවරයෙකි. තවද යඃකුබ් නබිතුමාගේ පියා ඉස්හාක් නබි වන අතර නබි යූසුෆ් (අලෛ) තුමා නබි ඉබ්රාහිම් (අලෛ) තුමාගේ පරපුරෙන් පැවත එන්නකි. යූසුෆ් නබිතුමාට සහෝදරයින් එකොළහක් විය. යූසුෆ් නබි ඉතා අලංකාර ආදර්ශමත් නබිවරයෙක් විය.

යූසුෆ් (අලෛ) තුමා කුඩා කාලයෙහි සිහිනයක් දිටීය. එනම් හිරු, සඳු හා තාරකා එකොළහක් තමාට නමදින බවයි. මෙය තම පියාට (යඃකුබ් නබිට) පැවසූ විට ඔහු මේ පිළිබඳ යූසුෆ් (අලෛ)ගේ සහෝදරයින්ට නොපවසන ලෙසත් එසේ පැවසීමෙන් ඔවුහු යූසුෆ් (අලෛ) තුමාට ඊර්ෂ්‍යා කළ හැකි බවද අනතුරු ඇඟවීය. මොහුගේ සහෝදරයින් එකොළොස් දෙනා තම පියා යූසුෆ් (අලෛ) තුමාට වැඩියෙන් ආදරය කිරීම හේතු කොට ගෙන යූසුෆ් (අලෛ) තුමන් මරා දැමීමට තීරණය කළත් අවසානයේ ඔවුහු යූසුෆ් (අලෛ) තුමාව පාලු ළිඳකට දැමීමට තීරණය කළහ. එම නිසා ඔවුහු එළුවන් රැක බලා ගැනීමට යනවා යැයි පවසා එයට යූසුෆ් (අලෛ) තුමාද කැටුව යාමට ඉතා අමාරුවෙන් තම පියාගෙන් අවසර ඉල්ලා ගත්හ. පසුහු ඔවුහු යූසුෆ් (අලෛ) තුමන් මරා දැමීමට තීරණය කළහ. එම නිසා ඔවූහු එළුවන් රැක ගැනීමට යනවා යැයි පවසා එයට යූසුෆ් (අලෛ) තුමන් වෘකයකු විසින් ගිල දැමූ බවට ඒත්තු ගැන්වීය. එහෙත් යූසුෆ් (අලෛ) තුමන්ව අල්ලාහ් අත්හලේ නැත.

පාලු ළිඳ අසළින් ගමන් ගත් වෙළඳ කණ්ඩායමක් ළිඳෙන් වතුර ගැනීමට යාමේදී යූසුෆ් (අලෛ) තුමන් බේරා ගනු ලැබීය. පසුව ඔවුහු ඊජිප්තුවේ හි ඉතා සුලු මුදලකට යූසුෆ් (අලෛ) තුමන් විකුණා දැමූහ.

ඊජිප්තු ආණ්ඩුකාරවරයෙකු වන අසීස් මෙතුමාව මිළට ගෙන හැඩි දැඩි කළේ ය. මෙතුමා ක‍්‍රමයෙන් වැඩි වියට පත් වූහ. පසුව ආණ්ඩුකාරවරයාගේ බිරිඳ විසින් වැරදි ක‍්‍රියාවටකට ඇරයුම් කරන ලදි. එයට යුසුෆ් තුමා “මම අල්ලාහ්ට බිය වෙමි” යි ප‍්‍රතික්ෂේප කිරීම නිසා එතුමාට සිරෙහි ලඟින්නට සිදු විය. ඔහු සිරෙහි සිටින කාලයෙහි ඔහුට හමු වූ සිරකරුවන් දෙදෙනෙකුට දහම දේශනය කළේ ය. තවද එම සිරකරුවන්ගේ සිහිනවල ඵලාඵල ද කීවේය. ඒ අනුව එක් සිරකරුවෙක් හිරෙන් නිදහස් වී රාජ සේවයට ගියේය. .

දිනක් රජතුමා සිහිනයක් දිටීය. මේ සිහිනය පිළිබඳව අල්ලාහ් අල්-කුර්ආනයේ සුරා යූසුෆ්හි 43 වෙනි වාක්‍යයෙහි සඳහන් කරයි. එය කෙටියෙන් ගත් කළ සිහින් එළදෙනුත් සත් දෙනෙක් විසින් මහත එළදෙනුත් සත් දෙනෙක් ගිලා දමන බවද වියළි ගොයම් කරල් සතක්, නිල්ල දැමූ ගොයම් කරල් සතක් පරඟලා කරන බවත්ය. මේ පිළිබඳව රජතුමා රාජ සේවකයන්ගෙන් විමසා සිටි විට ඔවුහු ව්‍යාකූල සිහිනවල තේරුම නොදන්නා බව පැවසූහ. එවිට යුසුෆ් තුමා සමඟ සිටි සිරෙන් නිදහස්ව පැමිණි සිරකරු මෙම සිහිනය පිළිබඳව යූසුෆ් තුමාගෙන් විමසා රජුට සැළ කර සිටියේය. එය නම් ඉතා සශී‍්‍රක සත් අවුරුද්දකින් පසු, සත් අවුරුද්දක සාගතයක් එළඹෙන බවය. රජතුමා යූසුෆ් තුමා නිරපරාදේ සිරගතව සිටින බව දැනගත් පසු යූසුෆ් තුමා ව නිදහස් කළේ ය. තමන්ව භාණ්ඩාගාර පරිපාලක ලෙස පත් කළා නම් මෙම තත්වයට මුහුණ දිය හැකි බව යූසුෆ් තුමා සැල කර සිටියේ ය. එලෙස අල්ලාහ් යූසුෆ් තුමාට මිසර දේශයෙහි අධිකාරය ලබා දුන්නේ ය.

යූසුෆ් තුමා තමාගේ වගකීම නිසි ලෙස ඉටු කරමින් සශී‍්‍රක සත් අවුරුද්දෙහි ධාන්‍ය රැස් කර පසුව සාගත කාලයෙහි ඒවා ජනයා වෙත බෙදා දුන්නේ ය. මේ බව සැල වූ යූසුෆ් තුමාගේ සහෝදරයෝ ද ධාන්‍ය ලබා ගැනීමේ අරමුණින් කන්ආන් සිට මිසරයට පැමිණියහ. යූසුෆ් තුමා මොවුන්ව පහසුවෙන් හඳුනා ගත්ත ද ඒ බව නොහඟවා බාල සොහොයුරු බුන්යාමින් හා පියා ද ගෙන්වා ගනිමින් සැමට තමා කවුදැයි පෙන්වා දීය. තවද ඔහු ලිඳේ දැමීමට තැත් කළ සහෝදරවරුන්ට සමාව දී සතුටෙන් ජිවත් විය. යූසුෆ් නබිතුමා කුඩා කල ඉර සඳු තරු 11ක් තමාට සිරසනමන බවට දුටු සිහිනයෙහි ප‍්‍රතිඵලය මෙය විය.

අල්ලාහ් අල්-කුර්ආනයේ යුසුෆ් තුමාගේ ජීවිත කතාව ගැන ආයත් සියයක් පමණ වෙන් කළේ කුමක් නිසා ද? මෙය තේරුම් ගැනීමට නම් එතුමාගේ ජීවිත කතාව ගැඹුරින් අධ්‍යයනය කළ යුතු වෙමු. එහි තිබෙන පාඩම්, ආදර්ශ අපේ ජීවිතයට ද ඇතුළත් කර ගැනීමට වෙර දැරිය යුතු වෙමු.

කතෘ - මර්ජාන් මුක්රම්


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/19

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම