නව වසරක උදාව හා ඉස්ලාමීය මඟපෙන්වීම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ජාත්‍යන්තර (ක්‍රිස්තු වර්ෂ) දින දර්ශනයට අනුව නව වසර උදාව වත්මන් ලෝකය සමරන්නේ කෙසේද? යන්න පිලිබදව සෑම කෙනෙකුටම අත්දැකීම් ඇත. මධ්‍යම රාත්‍රි 12.00 තෙක් අවදියෙන් හිඳ මධ්‍යම රාත්‍රි 12.00 උදා වෙනවත් සමඟ මල්වෙඩි පත්තු කර, ලොව ජනප්‍රිය ස්ථාන වර්ණවත් විදුලි ආලෝක කරමින්, රතිඤ්ඤා පත්තු කර, තම මිතුරන්ට සුබ පැතුම් පවසමින් සහ සමාජ මාධ්‍යයන් හරහා එම සුබ පැතුම් පතුරවමින්, විවිධ වර්ගයේ ආහාර පාන සහ මත්පැන් පානය කරමින්... එම රාත්‍රිය පහන් කිරීම අප දකින්නෙමු.

නමුත් ඉස්ලාම් දහමට අනුව මෙම ජාත්‍යන්තර නව වසර උදාව යන්න ඉස්ලාම් දහම හා කිසිදු සම්බන්ධයක් නැති විටෙක ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන්ට පරස්පර වූ කරුණූ රාශියක් පදනම් කරගත් සැමරුමකි. (මේ පිලිබදව නව වසරක උදාව හා ඉස්ලාමීය දින දර්ශනය යන ලිපිය තුලින් යහමග අඩවිය තුල දීර්ඝ ලෙස මීට ඉහත කරුණු සාකච්චා කොට ඇත.) ජාත්‍යන්තර නව වසර උදාව සැමරුම යන්න යේසූස් තුමාගේ උපත පදනම් කරගත් සැමරුමකි. මෙලෙස උපන් දින සැමරුම යන්න ඉස්ලාම් දහම තුල ආදර්ශ නොමැති ක්‍රියාවක් වන නිසා මෙම සැමරුමට දහම තුල අවසරයක් නොමැත. මෙම කාරණය පිලිබදව පැහැදිලි දැනුම ඇති බහුතර මුස්ලීම්වරුන් එවැනි සැමරුම්වලින් සහ සුබ පැතුමන් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින නමුත් මුස්ලීම් සමාජයේ ඉතා සුළු පිරිසක් දහමේ ඉගෙන්වීමන් පිලිබදව නිසි දැනුමක් නොමැතිව විවිධ වූ සුබ පැතුම් පැවසීමන් එම දිනය උත්සව ආකාරයෙන් සැමරීමත් දක්නට ලැබේ. මේ ආකාරයට දෙබිඩි පිලිවෙතක් අනුගමනය කරන මුස්ලීම් සමාජය දෙස බලන මුස්ලීම් නොවන සමාජයට මේ විකෘතිය පිලිබදව ඇත්තේ මහත් කුතුහලයකි. මේ හේතුව නිසාම මෙලෙස සුබ පැතුම් ප්‍රකාශ නොකොට වැළකී සිටින පිරිසට එරෙහිව ඔවුන් විවිධ විවේචන ද ඉදිරිපත් කිරීම සමාජ මාධ්‍යයන් තුලත් සමාජය තුලත් දකින්නෙමු. මේ හේතුව නිසාම නව වසරක උදාව හා ඒ පිලිබදව ඉස්ලාම් හි ස්ථාවරය යන කාරණය පිලිබදව මෙහිදී සමාජයට කිසියම් අවබෝධයක් ලබාදීමට අදහස් කරමි.

ඉස්ලාමීය දින දර්ශකයට අනුව නව වර්ෂ උදාව සිදුවන්නේ කෙසේද? යන්න යහමග අඩවිය තුල මීට ඉහත සාකච්චා කොට එම ලිපිය කියවීම තුලින් ඒ පිලිබදව ඔබට කිසියම් අවබෝධයක් ලැබී ඇතැයි සිතමි. ඒ අනුව ජනවාරී 01 දින යන්න ජාත්‍යන්තර දින දර්ශනයට අනුව නව වසර උදාව වූවාට ඉස්ලාමීය දින දර්ශනය අනුව එය එසේ නොවන බව ඔබට පැහැදිලි වියයුතුය. එසේම ඉස්ලාම් දහම තුල "සැමරුම් දින" යන කාරණය විමසා බලන විට පැහැදිලිවම වර්ෂයක් තුල සැමරුම් දින දෙකක් පිලිබදව පමණක් ඉස්ලාම් කථා කරයි. එනම්,

  • ඊදුල් අල්හා (රමලාන් (උපවාස) මාස අවසානයේ උදාවන අවුරුදු දිනය)
  • ඊදුල් ෆිතුර් (හජ් මාසයේ උදාවන හජ් අවුරුදු දිනය)

මීට අමතරව සෑම සතියකම සිකුරාදා දිනය උත්සවාකාරයෙන් සැමරීම කලයුතු බව ඉස්ලාම් දහමේ ඉගෙන්මවීමයි. ඒ හැර ඉස්ලාමීය වර්ෂයේ මුල් මාසයේ පලමු දිනය හෝ වෙනත් දිනයක් උත්සවාකාරයෙන් සැමරීම ඉස්ලාමීය මඟපෙන්වීමක් නොවේ. එසේම මා ඉහතින් සදහන් කලාසේ උපන්දින සැමරීම ඉස්ලාම් දහමට අනූකූල කාරණයක් නොවන නිසා යේසූස් තුමාණන්ගේ උපත මුල් කරගෙන සමරන නව වසරේ උදාව ඉස්ලාම් මුස්ලීම් සමාජයට පෙන්වා නොදෙන වැරදි ආදර්ශයකි. යන්නත් අවසාන වශයෙන් ඔබේ දැඩි අවදානයට තබමින් මෙම ලිපිය අවසන් කරමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/07/17

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම