නිකාබ්යට එරෙහිව කැකිල්ලේ තීන්දු

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


කැකිල්ලේ රජතුමාගේ නඩු තීන්දු පිලිබදව ලාංකීය සමාජයට හොද අවබෝධයක් තියෙනවා. එමනිසා ඒ කැකිල්ලේ රජු ගැන විග්‍රාහයන් අවශ්‍ය නොවේ. එදා හාස්‍ය උපදවන කථා වස්තූන් මැවූ කැකිල්ලේ රජතුමා මනක්කල්පිත වුවත් වර්ථමාන ලාංකීය සමාජයේ ජීවමාන කැකිල්ලේ රජවරුන් සිටිනවා යන්නට පහත Blog පිටුව හොද සාක්ෂියක්. කවදත් ඉස්ලාමයට එරෙහිව වියරුවෙන් හා ආවේගයෙන් ක්‍රියාකරන එසේම බෞද්ධකම උතුරන වදන් පවසන රාලගේ අළුත්ම කුරුමානම තමා “ඉස්ලාමීය කාන්තාව” කවදත් කණ්ණාඩ් ගෙවල්වල ඉදන් ගල් ගසන ඉහත සදහන් බුද්ධ පුත්‍රයාගේ පහත අනාවැකිය මා උණූ උණූවේම යහමග හරහා ලාංකීය සමාජයට ඉදිරිපත් කරන්නේ එය බුද්ධිමත් මෙන්ම සාධාරණ අගයන සමාජයක අවධානය යොමු වියයුතුම බැවිණි. එපමණක් නොව පහත රාලගේ ඉස්ලාම් කෙරෙහි තිබෙන ආවේගය හා එනිසාම ඔහු නොදැනම ඔහුගේ රෙදි ගැලවෙන ආකාරයත් සමාජයේ අවධානයට යොමු වියයුතුම බැවිණි.

ඔහු තම ලිපියට මාතෘකාව යොදා ඇත්තේ “නිකාබ් ඇඳ ගත් මිනිහෙක් බැංකුවක් මංකොල්ල” යනුවෙනි. මොහු මෙයින් කියන්නට උත්සාහ කරන්නේ ඉස්ලාමීය කාන්තාව මුහුණ වැසීම ජාතියේ නිදහසට තර්ජනයක් යන්නයි. (කොතරම් බුද්ධිමත් දූරදර්ෂි දැක්මක්ද? මෙවාට comments ලියන බුද්ධිමතුන් කොතරම්ද?) එතරම් බුද්ධිමත් රාලගෙන් මෙන්ම ඔහුගේ ඕනෑම පුස් වෙඩිල්ලකට ආවඩන පරිවාරක ගෝල බාලයන්ගෙන් ප්‍රශ්න කිහිපයක් මා විමසන්නට කැමැත්තෙමි.

  • සියවස් ගනනාවක් මුළුල්ලේ ඉස්ලාමීය කාන්තාව අදින මෙම ඇදුම ජතියේ නිදහසට බාධාවක්ද? සමාජ සාමකාමීත්වයට ආදර්ශයක්ද?
  • ඉස්ලාමීය කාන්තා ඇදුම ඇදගත් කිසිවකු වරදක් කලේ නම් දඩුවම් ලබාදිය යුත්තේ වරදටද? නොඑසේ නම් ඇදගෙන සිටී ඇදුමටද?
  • ඉස්ලාමීය කාන්තාවගේ මුහුණ විවෘත වූ පමණින් සමාජ අපරාධ වැලකීයාවී යන පූර්ව නිගමනයට පදනම් වූ කාරණය ඉස්ලාමීය නීතිරීති කෙ‍රෙහි තිබෙන නොසතුටද?
  • එලෙස අපරාධ වලක්වන්නට හැකි නම් එවැනි ඇදුම් නොඅදින ස්ත්‍රී/පුරුෂ වැරදිකරුවන් සිරගෙවල්වල පිරී පවතින්නේ ඇයි?
  • පහත (කැකිල්ලේ) තීන්දුව පූර්වාදර්ශයට ගෙන එසේම කැනඩාවේ නොව ලාංකීය සමාජයේ සිදුවීමක් පදනම් කරගෙන එනම් මීට දශක කිහිපයකට පෙර ‍සිව්රු ඇදගත් ඝාතකයෙකු විසින් එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමේ සිදුවීම පදනම් කරගෙන ජාතියේ නිදහසට හා ආරක්ෂාවට ‍සිව්රු ඇදීම තර්ජනයක් යයි මා යෝජනා කලේනම් ඉහත රාලත් ඔහුට අනතුරු ඇඟවූ රාලලත් මේ රාලලාට ආවඩන ගෝලයෝ රොත්තත් පිලිගන්න සූදානම්ද?
  • අවසාන වශයෙන් අසන්නේ පසුගිය යුධ සමයේ මරාගෙන මැරෙන යුධ ඇදුම් කට්ටල අතර “යට අදුමට” පුපුරන ද්‍රව්‍ය සවිකල ඇදම් කට්ටල පවා සොයාගත් ආකාරය මාධ්‍යයන් තුලින් අප දුටුවෙමු. එසේ නම් මෙයත් ජාතියේ නිදහසට තර්ජනාත්මක අවස්ථාවක්. ඒ අනුව එසේම පහත (කැකිල්ලේ) තීන්දුව අනුව යට ඇදුම පවා නොඇදිය යුතුයයි”…නීති ගෙන ආයුතු කාලය දැන් ඇවිත්” යනුවෙන් යෝජනා නොකරන්නේ ඇයිද?

මේ ආකාරයට ප්‍රශ්න ගනනාවක් පෙලගැසීමට හැකි වුවත් ඉහත ප්‍රශ්න කිහිපයම හොදටම ප්‍රමාණවත් වනු ඇත “කවුරුන්ද මේ රාලලා ?” යන්න වටහා ගැනීමට. කෙසේ වෙතත් ආවේගයෙන්, වියරුවෙන් හා වෛරයෙන් ක්‍රියාකරන ඉහත රාලලාට නම් මේවා “බීරි අලින්ට වීනා වාදනයක්” යන්න යහමග අත්දැකීමෙන් දන්නා කාරණයක්. මේ නිසාම මේ රාලලාට පිලිතුරුදීමට බොහෝ විට යහමග උත්සාහ කරන්නේ නැත. නමුත් මොවුන්ගේ තිබෙන අනවබෝධය හා ඉස්ලාම් දහම කෙරෙහි තිබෙන වියරුව සමජායට සලකුණු කොට පෙන්වීමට මෙම ලිපිය හොද සාක්ෂියක් වන නිසාම එය මෙහි උපුටා දක්වමි. නමුත් මෙම ලිපිය කියවන බුද්ධීමත් සමාජයට අවධාරනය කරන්නට යමක් ඇත. ඒ ජාතීන් අතර සුහදත්වය අවබෝධය ගොඩනැඟිය යුත්තේ එකින් එකාට ගරු කිරීමෙන් මිස මෙවැනි ක්‍රියාදාමයන් තුලින් නොවේ. එහිදී මනුෂ්‍යයන් වශයෙන් එකඟවිය හැකි කරුණු මෙන්ම එකඟ විය නොහැකි කරුණුද පැවතිය හැකි යන්නෙහි විවාදයක් නැත. නමුත් එය එක් පාර්ශවයක් කෙරෙහි වෛරයක් අසාධාරණයක් ගොඩනැඟීමට හේතුවක් නොවිය යුතුය. මෙය ඉස්ලාම් දැඩිව කියා සිටින කාරණයකි. එය ශුද්ධ වූ කුර්ආනය මෙලෙස අවධාරණය කරයි,

කිසියම් ජන සමුහයක් කෙරෙහි තිබෙන නොසතුට එම සමූහයන්ට අසාධාරණයන් සිදුකරන තැනට නූඹලා පත් නොකෙරෙත්වා !


නිකාබ් ඇඳ ගත් මිනිහෙක් බැංකුවක් මංකොල්ල කයි

මේ ගැන රාළට කලින් බොහෝ අය අනතුරු අඟවලා තිබුණා මුහුණ වැහෙන විදියට ඇති නිකාබ් / බුර්කා යන ඇඳුම් වලින් අනන්‍යතාවය වසන් කරගෙන සමාජ විරෝධී ක්‍රියා වල යෙදෙන්නට ඇති හැකියාව බොහොමයි. මොකද වැඩේ ගැස්සිලා ගියත් මූණ පේන්නේ නැති නිසා අඳුනා ගන්නට බෑ. කැනඩාවේ අගනුවට වූ ඔටාවා හි බැංකුවකට නිකාබ් ඇඳගෙන ඇතුලු වූ හොරෙකු එහි මුදල් මංකොල්ල කෑ පුවතක් වාර්තා වෙනවා.
මේ මූලික අවස්ථාව විතරයි. ඊලඟට ආත්ම නාශක බෝම්බ කරුවන් / කාරියන් වුණත් මේ විදියට එන්නඉඩ කඩ තියෙනවා. මූණ පේන්නේ නැති නිසා කෙලින්ම අඳුනා ගන්න බෑ. වාසනාවට අපේ රටේ කොටි ප්‍රශ්නේ ඉවර නිසා ආත්ම නාශක බෝම්බ වල බයක් නම් නැතිම තරම්. නමුත් මංකොල්ල කෑම් ගැන තත්වය තවමත් එහෙමමයි.
නිකාබ් හා බුර්කා තහනම් කරන විදියට රාල ඉල්ලා සිටින්නේ ඒකයි. මොකද එයින් පුද්ගලයා අඳුනා ගැනිමේ මූලික අයිතිවාසිකම සමාජයට නැතිවෙන නිසා. කැමති කෙනෙක් ගෙදරට ඒක ඇන්දට කමක් නෑ. නමුත් පාරට බැසිය යුත්තේ මුහුණ පෙනෙන ඇදුමක් ඇඳගෙන බවට සහතික වෙන්න නීති ගෙන ආයුතු කාලය දැන් ඇවිත්.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/02/22

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම