නෙත් FM ට වැරදුනාද? වැරැද්දුවාද?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


මේ දිනවල රටේ දැඩි ආන්දෝලනයට බඳුන් වී තිබෙන “ලෝටස් බුද්ධා” මාතෘකාව පිලිබදව යහමඟ ට ද බොහෝ අදහස් පැවතුනත් කිසියම් ආගමික පිරිසක් අතර පවතින අභ්‍යන්තර ගැටළුවකට මැදිහත් වීම සදාචාර සම්පන්න නොවන ක්‍රියාවක් ලෙස සලකා ඒ පිලිබදව අදහස් කිසිවක් ප්‍රකාශ නොකර සිටියමි. නමුත් එම සිදුවීමට අදාල තොරතුරු වාර්තා කිරීමේ දී ඉස්ලාම් දහමට සිදුවී තිබෙන බලවත් අසාධාරණයක් හේතු කොටගෙන කරුණු කිහිපයක් ප්‍රකාශ කිරීමට සිදු වී ඇත.

නෙත් එෆ් එම් නාලිකාව හරහා ඉදිරිපත් කරන “බැලුම්ගල” වැඩසටහන ඉතා කාලීන මෙන්ම සමභර එසේම අත්‍යඅවශ්‍ය වැඩසටහනක් යන්නෙහි දෙවැනි මතයක් යහමඟට නැත. නමුත් මෙතෙක් පැවතී ඒ විශ්වාසයට කිසියම් පළුද්දක් ඇති වන ආකාරයේ සිදුවීමක් 2011/09/12 බැලුම්ගල වැඩසටහන වීඩියෝ ආකාරයට සැකසීමේ දි සිදුවී ඇත. එය මෙහි ඇති පිංතූරය මඟින් ඔබට වඩාත් හොදින් පැහැදිලි වන අතර ඒ පිලිබදව නෙත් එෆ් එම් නාලීකාව පහත ආකාරයට මා 2011/09/23 අද (නෙත ගැටුණූ මොහොතේම) දැනුවත් කරන ලදී. එනම්,

2011/09/12 බැලුම්ගල වැඩසටහන වීඩියෝ දර්ශන නිර්මාණය කිරීමේ දී එහි 29.04 විනාඩියේ දී (විනාඩි කිහිපයක්) මුස්ලීම්වරුන් ශුද්ධත්වයෙන් සලකන කුර්ආනය හා අල්ලාහ් (දෙවියන්)ගේ නම් සදහන් රූප රාමු පෙන්වූයේ ඇයිද? එම ලිබර්ටි කල්ලියට හා ඉස්ලාම් දහමට කිසිදු සම්බන්ධයක් නොතිබියදී එවැනි රූපරාමු එයට එක්කලේ ඇයිද?. මෙය ඔබලා දැනුවත් ලෙස සිදුකලාද? වැදගත් හා වගකීමක් ඇති මාධ්‍ය මෙහෙවරක මෙවැනි දෑ සිදුවන්නේ කෙසේද? මේ තුලින් ඉස්ලාම් දහම පිලිබදව වැරදි පණිවුඩයක් සමාජයට ලබා දෙනවා නොවේද?

වර්ථමානයේ අප රට තුල ඉස්ලාම් දහමට හා මුස්ලිම් සමාජයට එරෙහිව විවිධ මුසාවන් හා මඩ ව්‍යාපාරයන් දියත් වෙමින් පවතින සමයක ඒ සදහා සෘජුවම හා වක්‍ර ආකාරයට බොහෝ මාධ්‍යයන් සහයෝගය දක්වන වකවානුවක මෙයත් එම ව්‍යාපාරයේම අංගයක්ද? නොඑසේ නම් වැරදීමක්ද? යන කුතුහලය දිගින් දිගටම පැවතීම නිසා මේ සම්බන්ධයෙන් නෙත් එෆ් එම් දක්වන ප්‍රතිචාරය යහමඟ බලාපොරොත්තුවෙන් සිටිමි…

ඉහත කාරණය සම්බන්ධයෙන් නෙත් එෆ් එම් වෙත යැවූ ඊමේල් පණිවුඩය සදහා නෙත් එෆ් එම් අද (2011/09/26) දින ප්‍රතිචාර දක්වා තිබුණේ පහත ආකාරයටය. එනම්,

eka api nodanuwathwa sidu uwak… a gana api soya bala katayuthu kirimata wagabalagannawa…. thank ur information dear…kagewath agamakata haniyak siduwana kisima deyak api karanne na…. ehema wela thiyanawa nam a gana ape kanagatuwa prakasha karana athara a gana soya balanna katayuthu karanawa.

වගකිවයුතු මාධ්‍ය ආයතනයක් ලෙස ඉහත ආකාරයට ප්‍රතිචාර දැක්වීම රටටම ආදර්ශමත් බව ප්‍රථමයෙන් සදහන් කලයුතුය. වැරදීම් අතපසුවීම් සෑම මනුෂ්‍යයෙකු සදහාම පොදු වූ කාරණයක් යන්නත් ඒ අනුව ඔබ සදහන් කරන ආකාරයට ඉහත සිදුවීම එවැනි නොදැනුවත්ව සිදුවූ වරදක් ලෙස යහමග පිලිගන්න සුදානම් බවත්, නමුත් එම වරද නිවරදි කරනවා සේම එවැනි වැරදි ඉදිරියට සිදුනොවීමට වගබලා ගැනීම එම ආයතනයේ වගකීම බව අවධාරණය කරමි. අවසාන වශයෙන් “බැලුම්ගල” වැඩසටහන තුලින් ඉදිරියටත් රටට මහත් සේවයක් කරන්නට නෙත් කන්ඩායමට ශක්තිය දෛර්‍යය ලැබේවා යයි ප්‍රාර්ථනා කරමි.

(කිහිපදෙනෙකු ඉහත කාරණයට අදාල වීඩියෝව මෙහි ඉදිරිපත් කරන ලෙස කල ඉල්ලීමට අනුව එය පහතින් ඉදිරිපත් කර ඇත.)

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/17

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම