පරිණාමවාදය හා ශුද්ධ වූ කුර්ආනය පවසන කරුණු බුද්ධිමත් විනිශ්චයකට

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


පරිණාමවාදය හා ශුද්ධ වූ කුර්ආනය පවසන කරුණු බුද්ධිමත් විනිශ්චයකට
පරිණාමවාදය හා ශුද්ධ වූ කුර්ආනය පවසන කරුණු බුද්ධිමත් විනිශ්චයකට

මිනිස් ජානවල අන්තර්ගතවන මුලික ප්‍රෝටීන Basic Protein 30-40 අතර සංඛ්‍යාවක් සිම්පංචියාගේ ප්‍රෝටීන හා සැසදෙන නිසා මිනිසා හා සිම්පංචියා අතර ගැලපුම 98% යයි ඩාවින් වාදින් තර්ක ඉදිරිපත් කරයි. නමුත් මිනිස් ශරීරයේ ලක්‍ෂ ගනන් DNA පවතී ඒවා මගින් ලක්‍ෂ ගනන් ප්‍රෝටීන හදුනාගෙන ඇත. එයින් ප්‍රෝටීන 40ක් පමණක් ගැලපීමෙන් 98‍%ක් ගැලපෙනවා යයි තර්ක කල නොහැක. මෙම ප්‍රෝටීන සිම්පංචියා තුල පමණක් නොවේ වෙනත් ජීවින් හා අජීවින් තුලද අන්තර්ගතය. උදාහර්ණ කිහිපයක් වෙත දැන් අවධානය යොමු කරමු,

මිනිස් ශරීරයේ ඇතිවන නෙමටොන් (Namatone) පනුවන් සැලකුවේ නම්, ඔවුන්ගේ DNA හා මිනිස් DNA අතර ගැලපුම 75%ක් බව නිව් සයන්ස්ටීස් මැයි 1999 (New Sciences May 1999) පවසයි. මේ ප‍්‍රතිපලය අනුව මිනිසා පරිණාම සිදුවුයේ මෙම නෙමටෝන් පනුවාගෙන් යයි පැවසිය හැකිද?. මේ ආකාරයටම පළතුරු වල ඇතිවන පණුවන් විශේෂයක් නිරීක්‍ෂණය කිරීමේදී එය මිනිස් DNA හා 60%ක් ගැලපීය මේ අනුව තීරණය කරනවාද? මිනිස් පරිණාමය මෙම පණුවාගෙන් සිදුවු බව. එසේම කේම්බ‍්‍රිජ සරසවියේ මේ සම්බන්ධ කල පරියේෂණයකදී මිනිසා හා කුකුලා අතර ගැලපුම ඉතා කිට්ටු බව සොයාගන්නා ලදී. එසේම කුකුලාගෙන් පසු මිනිසාට බොහෝ කිට්ටුම ජීවියා කිඹුලා බවද අනාවර්ණය කරගත් ලද බව නිවි සයන්ස් (New Sciences) 1984 අගොස්තු කලාපයෙන් පෙන්වා දෙයි. එසේනම් මිනිසා පරිණාමය වුයේ කුකුලාගෙන් සහ කිඹුලාගෙන් යයි නොපවසන්නේ ඇයි?.

මිනිස් පරිණාමයේ මිනිසා හා සිමිපංචියා අතර පරිණාමයේ සමිබන්ධයක් ඇතයි පෙන්වන්න හා ගැලපීම ඇති කරන්න ඩාවින් වාදීන් තවත් ප‍්‍රධාන හේතුවක් ඉදිරිපත් කරයි. එනම් ක්‍රෝමසෝන් Chromosome ගැලපුමයි. සිමිපංචියාගේ ක්‍රෝමසෝන් 48ක් ඇති අතර මිනිසාගේ මෙහි අගය 46කි. මෙම අගයන් දෙක කිටිටු අගයන් දෙකක් වන බැවින් මිනිසා හා සිම්පංචියා අතර කිට්ටු නෑදෑකමක් පවතින බව ඩාවින්වාදීන් පවසයි. මෙසේ සැසදීම නිවැරදි නම් මිනිසාහට සිමිපංචියාට වඩා සමීපයෙක් නෑදෑයෙක් ඇත. එය වෙන කිසිවක් නොවේ අප එදිනෙදා ආහාරයට ගන්නා අර්තාපල් අලයයි. අර්තාපල් අලයේත් මිනිසාගේ මෙන්ම ක්‍රෝමසෝන් 46ක් පවතී. එසේනම් මිනිසා පරිණාමය වුයේ අර්තාපල් අලය මගින් යයි නොපවසන්නේ ඇයි?

ලොව සෑම ජීවියෙකු තුලම දක්නට තිබෙන ජීවි අනු මිනිසා ශරීරය තුල ද දක්නට තිබීම ස්වභාවිකය. මන්ද සියලූම ජීවින් වැඩෙන්නේ එකම ආකාරයේ පරිසරයක එකම ආකාරයේ ආහාරයන් අනුභව කරමින් බැවිණි. මේ නිසා සුළු සුළු වෙනස්කම් මෙම ජීවින් අතර පැවතුනත් මුලික ලක්‍ෂණවල ප‍්‍රබල වෙනස්වීම් ඇති නොවේ. මේ අනුව පෙනීයන්නේ ජාන අතර තිබෙන ගැලපුම හේතුකොටගෙන පමණක් පරිණාමවාදය පැහැදිලි කිරීම කල නොහැකි බව පැහැදිලිය. මෙසේ ජිවින් අතර මුලික ලක්‍ෂණවල ගැලපුමට තවත් ප‍්‍රධාන හේතුව පරිණාම වාදය නොව ඒ සියල්ල එකම ආකාරයේ සැලසුම් කරණයයි. මෙයට හොදම උදාහර්ණය. අද ලොව පවතින ගොඩනැගිලි ඉදිකිරීමෙහි කලාව සැලකුවිට විවිධ ආකාරයේ ගොඩනැගිලි නිර්මාණය වුවත් එහි අමුද්‍රව්‍යන්හි වෙනසක් සිදුනොවේ එනම් එම අමුද්‍රව්‍යන් ගල්, වැලි, සිමෙන්ති, යකඩ වැනි දෑ වේ. මේ නිසා එක් ගොඩනැගිල්ලකින් අනික් ගොඩනැගිල්ල් පරිණාමය වුවායයි කිසිසේත් නොපවසමු. මේවා එකම ආකාරයේ අමුද්‍රවයන් උපයෝගි කරගෙන කරනු ලබන විවිධ නිර්මාණයන් පමණි.

එසේනම් ඩාවින්වාදීන් පවසන ආකාරයට මිනිසා වදුරාගෙන් හෝ ස්වභාධර්මයේ තේරීම් හේතුවෙන් බිහිවුවාක් නොවේ. මෙය සුපිරිබලයක් මෙන්ම සර්යවඥානයක් ඇත්තෙකුගේ සුපිරි සැලැස්මකට අනුව කරන ලද නිර්මාණයකි. පරිණාම වාදය සම්බන්ධයෙන් ඉහත කුර්ආන් (සුරා අන්කබුත්හි 20 (29-20)) මෙය පැහැදිලිවම සදහන් කරන අතර එහි විශේෂ අවධානයට ලක් කලයුතු කරැණූ දෙකක් ඇත. එනම්

  • මිශ‍්‍ර තරල බිදුවකින් නිර්මාණය කල බව
  • මැටි පසින් නිරිමාණය කල බව

ඉහත මතයන් දෙක දෙස බැලීමේදී පරස්පරතාවයක් දකිනු ඇත. බැලු බැල්මට පරස්පරතාවයන් පෙනුනද දේවවාක්‍යයන් හා එවැනි පරස්පරතාවයන් පැවතිය නොහැකි යන්න ඉස්ලාම් අවධාරනය කරන මුලික කාරණයකි. එසේ නම් මේ පවතින පරස්පරතාවය කුමක්ද? මෙය සරල උදාහර්ණයක් මඟින් අවබෝධ කරගත හැක. එනම් තේ කෝප්පයක් සැලකුවේ නම්, ඒ සදහා උණුවතුර, තේකොල, සීනි හා පිටි අවශ්‍ය වේ. දැන් තේ කෝප්පයක් දෙස බලා කෙනෙකු එය පිටිවලින් සකස්කර ඇත. යනුවෙන්ද තවත් කෙනෙකු එය සීනි හා ජලයෙන් මගින් සකස්කර ඇත. යනුවේන්ද තවත් කෙනෙකු එය තේකොල මගින් සකස්කර ඇත. යනුවෙන්ද පවසයි නම්, මේවා සියල්ල එකින් එකට විරැද්ධ මත බව කිසිවිටක කිසිවකු විසින් නොපවසනු ඇත. මේ ආකාරයට මිනිස් නිර්මාණයේද පස සහා ජලබිංදු යන්න මිනිස් ශරීරයේ අන්තර්ගතයන් මිස එය පරස්පර මතවාදයක් නොවේ.

මෙය තවදුරටත් පැහැදිලි කරන්නේ නම්. දැනට ලෝකයේ කෝටි 600 ක පමණ ජනගහනයක් පවතී. මෙහි එක් පුද්ගලයකුගේ සාමාන්‍ය බර 50kg යයි සැලකුවේ නම්. වර්ථමාන ලොව මුළු ජනගහනයේ සාමාන්‍ය බර 6000000000 x 50kg වේ. එනම් 30000000000kg (ටොන් 30000000) වේ. විද්‍යාඥයින්ගේ අදහස අනුව අද පෘථිවියෙහි සාමාන්‍ය බර එදා එනම් පෘථිවියෙහි කිසිදු ජීවියෙකු නොමැති අවස්ථාවේ කොපමණ ප‍්‍රමාණයක් තිබුනේද ඒ ප‍්‍රමාණයමය. බරෙහි කිසිදු වෙනසක් සිදුවී නැත. මේ අනුව පෙනී යන්නේ පෘථිවිය තමාගේ බරින් 30000000000kg ක් මිනිසුන් බවට පත්කරගෙන ඇති බවයි. අප ආහාරයට ගන්නා ආහාර මෙම පස්වලින් නිර්මාණය වුවකි. වෙනත් ආකාරයකට පවසනවා නම් ඇත්තෙන්ම අප පස් අනුභව කරලයි ජීවත්වන්නනේ. මේ නිසයි පෘථිවියෙහි බර හි වෙනසක් සිදු නොවුයේ, එසේ නොමැතිව සෑම මනුස්සයෙක් වෙනුවෙන්ම පෘථිවියෙහි බර දළ වශයෙන් 50kg ක් වැඩිවුවා නම් මේ වනවිට පෘථිවිය බර අධික වීම නිසා පෘථිවියෙහි සමතුලිතතාවය බිදී ගොස් චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ශනයට පෘථිවියත් සුර්‍යාගේ ගුරුත්වාකර්ශනයට පෘථිවියත් හසුවීම නිසා එකින් එකට ගැටී මේ වනවිට විශාල විනාශයන් සිදුවී තිබිය යුතුය. නමුත් එසේ සිදු නොවුයේ පෘථිවියෙහි බරෙහි කිසිදු වෙනසක් සිදු නොවු බැවිනි, එසේ පෘථීවියෙහි බරෙහි කිසිදු වෙනසක් සිදුනොවීමට නම් පෘථිවියෙහි තිබෙන පස් වෙනත් ද්‍රව්‍යන් බවට පරිවර්ථනය වියයුතුය. ඒ අනුව ආරම්භ මිනිසා ඇතුළු ඔබත් මාත් සියළුදෙනාම බිහිවි ඇත්තේ පස්වලින් බව මෙම පෘථිවියෙහි බර අපට අනාවර්ණය කරයි. මෙය තවදුරටත් වටහා ගැනීමට මීට පෙර මියගිය අපේ පැරන්නන් වැලළු තැන් පරීක්‍ෂාකර බැලීම ප‍්‍රමාණවත්ය. එහි දී ආරම්භය කෙසේද? අවසානයද ඒ ආකාරයටම සිදුවී ඇති බව වටහාගත හැකිවනු ඇත.

මිනිසා මැටි පසින් මැවු බව ඉස්ලාම් දහම පවසයි එසේ නම් මිනිස් ශරීරයේ අන්තර්ගත විය යුත්තේ පස් හෙවත් පසෙහි අන්තර්ගත රසායනික මුල ද්‍රව්‍යන්ය. මිනිස් ශරීරයේ විවිධ අවයවයන් විවිධ නම්වලින් හැදින් වුවත්. එහි අවසානය ප‍්‍රතිඵලය පස සහා ජලයයි. ඉස්ලාම් දහමෙහි විශ්වාසය හා ඉගෙන්වීමට අනුව මුල් මිනිසා පසින් නිර්මාණය කලබව ශුද්ධ වූ කුර්ආනය පවසයි. මේ අනුව වක‍්‍ර ආකාරයින් පවසන්නේ සියලූ මිනිසා පසින් නිර්මාණය කලබවයි. ඉස්ලාම් දහමේ පවසන මෙම කාරනය කෙරෙහි බුද්ධිමත් ආකාරයට දැන් අවධානය යොමු කරමු.

මෙය සරල පරීක්‍ෂණයකින් තහවුරු කරගත හැක. එනම් බර 70kg වු සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ ශරීරයේ අන්තර්ගත මුලද්‍රව්‍යන් බර අනුව වගුගත කල විට එය පහසුවෙන් වටහාගත හැක. මෙම පරීක්‍ෂණය ආචාර්‍ය ජාන් නම්ස්ලේ විසින් සිදුකරන ලදී. එම පරියේෂනය “ද එමන්ට්ස්” The Amends (තෙවන මුද්‍රණය 1998) නම් ග‍්‍රන්ථයේ පහත ආකාරයට සදහන්ව තීබුණි.

70kg ක බරක් ඇති මිනිස් ශරීරයක් සැලකුවිට එහි අඩංගු මුලද්‍රව්‍යන් පහත ආකාරයට වේ.

මිනිස් ශරීරයේ පවතින ඉහත සදහන් මුලද්‍රව්‍යන්වලින් ඔක්සිජන් හා හයිට්රජන් යන වායුන් දෙක හැර අනිකුත් සියළු මුලද්‍රව්‍යන් පෘථිවිය මත පසෙහි මිශ්‍රව තිබෙන්නේය. එසේම ඔක්සිජන් හා හයිට්රජන් අනු දෙකක් එක්වී (H2O) ජලය සෑදෙන්නේය. ඒ අනුව මිනිසා මැටිපසින් (ජලය මිශ්‍ර පසින්) නිර්මාණය කලායයි පවසන ශුද්ධ වූ කුර්ආන් වාක්‍ය මෙයින් මනාව තහවුරැ කරයි. එසේම සියල්ල පසින් බිහි වී නැවත පස් බවටම පත්වේ යයි පවසන ශුද්ධ වූ කුර්ආන් වාක්‍යද සත්‍ය බව මින් තහවුරු වේ.

ඉහත කරැණුවලට අනුව පෘථිවි මිනිස් සම්භවය ශුද්ධ වූ කුර්ආනය පවසන ආකාරයටම සිදුවී ඇති බව තහවුරැ වේ. එසේ ශුද්ධ වූ කුර්ආනයේ පවසන ආකාරයටම සිදුවීම තුල මෙය සර්ව බලධාරියකුගේ සැලසුම් සහගත නිර්මාණයක් යන්න ද ශුද්ධ වූ කුර්ආනය දේව වාක්‍යයක් යන්න ද පැහැදිලි වේ. එසේම ඩාවින් පවසන ආකාරයට වදුරාගෙන් හෝ අනපේක්‍ෂිත ආකාරයට පෘථිවි මිනිස් සම්භවය සිදුනොවුවා යන්නත් එය සංකීර්ණ සැලසුම් කරණයක් යන්නත් පැහැදිලි වේ. එසේම මීට වසර 1400 කට පෙර ශුද්ධ වූ කුර්ආනය පෘථිවි මිනිස් සම්භවය ඊයේ අද පවසනවා සේ විද්‍යාවට වඩා පියවර ගනනාවක් ඉදිරියෙන් හිද නිරවුල්ව හා පැහැදිලිව සදහන් කිරීම තුල මෙම කුර්ආනය මනුෂ්‍ය බුද්ධියෙන් එහාගිය දිව්‍යමය වාක්‍යයන් බව නැවත නැවතත් අවධාරනය කරයි. එපමණක් නොවේ ඉහත ශුද්ධ වූ කුර්ආනය මෙවැනි ඉඟි ලබාදීම තුලින් නූතන විද්‍යාවට ද මඟපෙන්වයි. එය පරියේෂණ කුටි තුල පරියේෂණ සිදුකොට තහවුරැ කරගැනීම විද්‍යාඥයින්ට හා විද්වතුන්ට බාරය. මන්ද ශුද්ධ වු කුර්ආනය මිනිස් සමාජයට ජීවත්වීමේ මාර්ගය පෙන්වාදෙන දේව ග‍්‍රන්ථයක් මිස විද්‍යාත්මක කරුණු පවසන විද්‍යා ග‍්‍රන්ථයක් නොවන බැවිණී. එය විද්‍යා පරියේෂණ කෘතියක් නොවුවත් එදා වර්ථමාන ලාමාක් සහා ඩාවින් අබිබවා පරිණාමවාදය පිලිබද සැබෑ තතු ලොවට හෙලි කිරීමට සමත්ය. ඒ එය දිව්‍යමය පුස්තකයක් වූ නිසාම පමණි. ඒ අනුව විද්‍යාව ඉස්ලාම් දහමට අශිර්වාදයක් නමුත් ඉස්ලාම් දහම විද්‍යාවට අභියෝගයක්

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/13

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම