පෘථිවි මිනිස් සම්භවය හා පරිණාම වාදය ඉස්ලාමීය විමසුමක්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මිනිසාගේ මෙලොව සම්භවය තවමත් නොවිසදුනු පැනයකි. මේ පෘථිවි මිනිස් සම්භවය පිලිබදව සමාජය තුල විවිධ වූ වාදවිවාද හා මතවාද පවතී. ඒ අතුරින් මත දෙකක් ප‍්‍රධාන තැනක් ගනී. එනම්,

  • පරිණාම වාදය
  • දේව මැවුම් වාදය

මේ ප්‍රධාන වාදයන් දෙකට අමතරව මේ වාද දෙකෙහි සම්මිශ‍්‍රණයක් ලෙස වූ වාදයක් ශ්‍රී ලාංකීය බෞද්ධයින් තුල පවතී. එනම්, මිනිසා පරිණාමවාදය පවසන ආකාරයට පියවරින් පියවර පරිණාමය වුවත් මනුෂ්‍යාහට අවශ්‍ය මානසික ශක්තිය ලැබුණේ බාහිරින් යන්නයි. මේ ආකාරයේ වූ වාදයන් ලෝකයේ මෙන්ම ශ්‍රී ලාංකීය සමාජයේ සමාජගතව තිබුනත් මෑතකදී එනම් 2005 නොවැම්බරයේදී ඇමරිකාවේ ප‍්‍රාන්තයක් වන කැන්සාස් හී පාසල් මණඩල අධ්‍යාපන බලධාරීන් අධ්‍යාපන ආයතනයක් හී ඉගෙනුම් ලබන සිසුනට සම්ප‍්‍රද්‍රයික ජීව විද්‍යා විෂයන් තුල විද්‍යා විෂය ඒකකයක් ලෙස “බුද්ධිමත් නිර්මාණකරණය” Intelligent Design නම් සංකල්පය හදුන්වා දෙනු ලැබීමත් සමඟ මෙය කාගෙත් අවධානයට ලක් වූ මාතෘකාවක් බවට පත්වඇත. මෙය ඇමරිකානු ජනාධිපතිවරයාගේ පැසසුමට පවා ලක්වී තිබේ. මේ නිසා පරිණාමවාදී මත දරන්නන් හා ඊට විරැද්ධ මත ඉදිරිපත් කරන්නන් අතර විශාල කැළඹීමක් ඇතිවී තිබේ. ශ‍්‍රි ලංකාවේද පසුගිය දිනවල මේ පිලිබදව පුළුල්ව කථාබහ කෙරුණි. සමහරක් විද්වතුන් තමන්ගේ මතය ඉදිරියට ගෙනයාමට ලහිලහියේ සුදානම් වෙති. මේ මොහොතේ පෘථිවි මිනිස් සම්භවය පිලිබදව ඉස්ලාමීය දැක්ම කුමක්ද? යන්න පැහැදිලි කිරීමේ වගකීම මුස්ලීම්වරුන් වන අපටද පැවරී තිබේ.

ජීවි පරිණාමය පිලිබදව වාදයන්

ජීවියාගේ ආරම්භය පිලිබදව මුල්ම එනම් මෙලොව ජීවි සම්භවය පිලිබදව මුල්ම විද්‍යාත්මක අදහස ලොවට ඉදිරිපත් කරන ලද්දේ ඇරිස්ටෝටල් විසිනි. නමුත් ඊටත් පෙර ඉතිහාසගත සාක්ෂි නොමැති වකවානුවල පවා මේ ජීවින්ගේ සම්භවය පිලිබදව කථා කොට ඇති බව විවිධ ආගමික ඉගෙන්වීමන් අධ්‍යනය කිරීමේ දී පෙනී යයි. විශේෂයෙන් මීට වසර 2500 කට පෙර ජීවත් වූ ආගමික ශාස්තෘවරයෙකු වන ගෞතම බුදුන් විසින් ද මේ විෂය පිලිබදව අදහස් දක්වා ඇති බව ත්‍රපිටකය පරිශීලනය කිරීමේ දී පෙනීයයි. ත්‍රපිටකයේ පමණක් නොව මීට වසර 2000 කට පමණ පෙර පැමිණි ආගමික ශාස්තෘවරයෙකු වන යේසුස් වහන්සේ ද මෙම විෂය සම්බන්ධයෙන් මෙසේ පැවසූ බවට බයිබලයේ සදහන් වේ.

“අද මේ ලොව දකින ජීවින් සියල්ල කෙසේ පවතින්නේද? ඒ ආකාරයටම ආරම්භයේ ඒ සියල්ල ඇතිවිය. ”

(උත්පත්ති 1:1සිට24)

ඉහත ආකාරයට ත්‍රපිටකය හා බයිබලය මේ විෂය පිලිබදව අදහස් දක්වන විට මීට වසර 1400 කට පෙර මුහම්මද් (සල්) නම් වූ ශාස්තෘවරයෙකු මඟින් ලෝකයට අනාවර්ණය වූ ඉස්ලාම් ශුද්ධ වූ කුර්ආනය තුලින් මෙසේ පවසයි.

“මෙලොව සියලු ජීවින් ජලයෙන් නිර්මාණය කල බවයි.”

ශුද්ධ වූ කුර්ආනය තරමක වෙනස් මතයක් ඉදිරිපත් කලද ඇරිස්ටෝටල් මතය, ත්‍රපිටකය හා බයිබලය හි සදහන් කරුණු ජනයා අතරට ගිය තරම් අල්කුර්ආනයේ සදහන් කරුණු ජනතාව අතරට නොයන ලදී. එයට මූලික හේතු මෙම වකවානුවේ මුස්ලීම්වරුන් ආගම කෙරෙහි තිබු උදාසීන භාවය හා මෙම මතයට ක‍්‍රිස්තියානිවරුන් ගෙනගිය විප්ලවකාරී ක‍්‍රියා පිලිවතයි.

මෙසේ විවිධ මතවාදයන් සමාජගතව පවතින අවදියක මෙම විෂය එනම් පෘථිවි මිනිස් සම්භවය පිලිබදව ප්‍රබල විද්‍යාත්මක මතයක් සමාජයට ඉදිරිපත් විය. මෙම විද්‍යාත්මක මතය ඉදිරිපත් වුයේ 1809 දී ප‍්‍රංශ ජාතික විද්‍යාඥයකු වන ලාමාක් Lamarck නැමැත්තා විසිනි. මොහුගේ වාදය ප්‍රබල වාදයක් වූවද එය ඉතා ඉක්මනින්ම ජනතාවගෙන් ප‍්‍රතික්ෂේප විය. නමුත් ඔහුගේ අඩිපාරේ ගොස් මොහුට වඩා ප‍්‍රබල මතයක් පරිණාමවාදයේ පියා ලෙස හදුන්වන චාල්ස් ඩාවින් Charles Darwin විසින් මිනිස් සමාජයට ඉදිරිපත් කරන ලදී. මෙය ජනතා අවධානය දිනාගැනීමට සමත්විය. මොහු විසින් ඉදිරිපත් කල වාදය වුයේ,

“පෘථිවිය ජලජ අවස්ථාවේදී හෙවත් ආදී සුපයක්ව පැවතියදී ඇතිවු ප‍්‍රතික‍්‍රියාවක් හේතුවෙන් ජලජ අවස්ථාවේ පවතින් ඒක සෛලික ජීවියෙක් බිහිවු අතර එතැන් සිට සරල බහු සෛලික ජීවින් බිහිවී අනතුරුව තවදුරටත් එය වැඩිදියුණු වී පෘෂ්ඨවංශීන් හා අපෘෂ්ඨවංශීන් ලෙස පරිණාමය සිදුවී සතුන් බවටත් පක්‍ෂීන් බවටත් පත්විය.”

ඉහත වාදය ලොව ප්‍රබල දහමන් තුල විශාල කැළඹීමන් ඇති කරවීය. මන්ද මෙම ප්‍රකාශය පිලිගැනීම තුල බොහෝ ආගමි ප්‍රතික්ෂේප කරන අවාසනාවන්ත තත්වයක් ලොව උදාවිය. කෙසේ වෙතත් මෙම මතවාදය පිලිබදව ගැටළුකාරී තැන් කිහිපයක් ඇත. ඒ කෙරෙහි ප්‍රථමයෙන් අවදානය යොමු කලේ නම්,

මෙම ආරම්භක ජීවියා පසුකලෙක විවිධ හැඩරුවින් හා විවිධ ලක්‍ෂණයන්ගෙන් යුක්ත විවිධ ජීවින් බවට පරිවර්ථනය කල ශක්තිය කුමක්ද?

අප වර්ථමානයේ අනේක සතුන් දකින්නේමු. එම සතුන් ඔවුන්ට හැඩරුවින් සමාන පැටවුන් බිහිකරනවා මිස එහි පරිණාමයක් හෝ පරිණාමී ලක්ෂණයන් දක්නට නොවේ. එසේ නම් අද අප දකින පරිසරය මේ ආකාරයට ස්ථාවරව පවතින්නත් ආරම්භයේ පරිණාමයන් සිදුවන්නත් හේතුව කුමක්ද?

මෙයට ලාමාක් දෙන පිලිතුර වන්නේ “ජිවින්ගේ ජිවිත කාලයේ ඇතිවු විවිධ අවශ්‍යතාවයන්ල ඔවුන්ගේ උත්සාහයන් හා ඔවුන්ට ඇතිවු බලපෑම් හේතුවෙන් ඔවුන්ගේ පරම්පරාවට එම අවශ්‍යතාවය සැපිරුනා” යන්නයි. උදාහර්ණයක් ලෙස ජිරාෆ් නැමැති සතාගේ ගෙල මෙපමණ දික්වුයේ එම සතා ආරම්භ කාලයේ උස් ස්ථානවල ආහාර ගැනීමට වෙහෙසීමේ ප‍්‍රතිලයක් ලෙසය. මෙය “අවයව භාවිතා කරන හා නොකරන නීතිය (Law of use and Disuse) ” යනුවෙන් හදුන්වන ලදී. මෙම වාදය ආරම්භයේ ජනයාගේ සිත් දිනාගන්න සමත්වුවත් පසුකාලීනව එය ප‍්‍රතික්‍ෂ්ප වන්නට විය. ඊට බොහෝ විද්‍යාත්ඥයන්ගේ අසහස් ද සෘජුව බලපෑ අතර එය සාවද්‍ය මතයක් බව තහවුරු කිරීම පිණිස විවිධ පරීක්ෂණයන් ද සිදුකරන ලදී. ඉන් එක් පරීයේෂණයක් තමා ආචාර්ය වෛස්මන් (Weismann) විසින් මීයන් උපයෝගි කරගෙන සිදුකල පරීක්ෂණය. ඔහු එම පරීක්ෂණය තුලින් මෙම වාදය සාවද්‍ය පදනමි විරහිත එකක් බව ඔප්පුකරන ලදී. ඔහු කල පරීක්ෂණය මෙසේය, මීයන් විශාල සංඛ්‍යාවක් උපයෝගි කරගෙන මෙම පරීයේෂණය ඔහු විසින් සිදුකරන ලදී.ඔහු මීයන්ගේ වලිග ඉවත් කරමින් පරම්පරා 80 ක් පරීක්‍ෂා කරන ලදී. නමුත් කිසිදු පරම්පරාවක මීයන්ගේ වලිගයේ දිගෙහි අඩුවීමක් හෝ එහි වෙනසක් සිදුනොවුනි. ඒ අනුව ලාමාක්ගේ වාදය සත්‍ය නොවන මනක්කල්පිතයක් බව ඔහු පවසන ලදී.

ඉහත ලාමාක්ගේ වාදය සැබෑවක් යයි උපකල්පනය කලේ නම් ඉන් සතුන් හට ඇතිවන බලපෑම යහපතට මෙන්ම අයහපතටත් බලපෑයුතුයි. උදාහර්ණයක් ලෙස සතකුගේ පාදයක් අනතුරකින් කැඞීගියේ නම් එසේත් නැත්නම් අහිමි වුයේ නම් එම පරම්පරාවේ උපදින සතුන් පාදයක් අහිමිව උපදිය යුතුයි. නමුත් එය එසේ නොවේ. මේ ආකාරයට ලාමාක්ගේ මතයට විරුද්ධව ඉදිරිපත් කලහැකි ප‍්‍රබලවු ක්‍රියාවන් බොහෝමයක් අද මිනිස් සමාජයේ දක්නට ඇත. ඒවායින් කිහිපයක් ඔබේ දැනගැනීම පිණිස ඉදිරිපත් කරමි. එනම් මිනිසා ඈත කාලයේ සිටම නියපොතු කැපීම, කෙස් ඉවත්කිරීම සිදුකරයි. එසේම මුස්ලීම්වරුන් චර්මඡෙද්‍ය සිදු කරයි. මෙය අද ඊයේ නොවේ අවුරුදු දහස් ගනනක සිට පැවත එන චර්යාවන්ය. ලාමාක්ගේ වාදයට අනුව මෙය මිනිස් ප්‍රතික්ෂේප කරන අවයවයන් එසේනම් මෙය අද වනවිට මිනිසාට අහිමිවී තිබිය යුතුය. නමුත් අදටත් උපදින සියළු දරුවන්ගේ නියපොතු, කෙස් වර්ධනය වන අතර පුරුෂ ලිංගේනද්‍රයේ පෙර සම ද කිසිදු වෙනස්වීමකින් තොරව පවතී. නමුත් ලාමාක්ගේ වාදයට අනුව නම් එය එසේ විය නොහැක.

ජීවි සම්භවය පිලිබදව ඉස්ලාමීය දැක්ම

ලාමාක්ගේ වාදය සත්‍ය වී පුරැෂ ලිංගයේ පෙරසම මිනිසාට අහිමිවී ගියේ නම් ඉස්ලාම් සැමකලටම අවධාරනය කරන එම නියෝගය ක්‍රියාවට නැංවීමට නොහැකිව ඉස්ලාම් පවසන එම නියෝගය පිලිබදව ගැටළුන් ඇතිවිය හැක. එනම් ඉස්ලාම් සෑම කලටම අනකරන නියෝගයක් ක්‍රියාවට නැංවීමට නොහැකිවීම. මේ තුල එම දහම පවා ප්‍රශ්නාර්ථයක් වන්නට පුළුවන. නමුත් ඉස්ලාම් දහම චර්මෙඡ්ද්‍ය සැම කලටම අනකිරීම තුලින් ලාමාක්ගේ වාදය ඉස්ලාම් දහමද ප‍්‍රතික්‍ෂේප කරන බව තහවුරු වේ. දැන් මේ ලිපිය කියවන ඔබට ඇති වන ගැටළුව එසේ නම් මෙම ජිවින් බිහිවුයේ කෙසේද? පරිණාමවාදය ලාමාක් පැවසු ආකාරයට නොවේනම් එහි ස්වරුපය කුමක්ද? මේ පිලිබදව ඉස්ලාම් දහම කුමක් පවසනවාද? යන්නයි. දැන් ඒ පිලිබදව අවධානය යොමු කරමු.

“අල්ලාහ් නිර්මාණයන් කෙසේ ප‍්‍රථමෝත්පාදනය කෙලේද? පසුව වෙනත් උත්පාදනයන් කරන්නේදැයි භූමියෙහි සැරිසැර බලව. ඇත්තෙන්ම අල්ලාහ් සිල්ල කෙරෙහි බලසම්පන්නය.”

ශූද්ධ වු කුර්ආනය සුරා අනකබුත් 29-20

ඉහතින් මතුකල සියළු ප්‍රශ්න සදහා මෙම ශුද්ධ වූ කුර්ආන් වාක්‍ය පිලිතුරු ලබාදෙයි. ඒ පිලිබද දැන් එකින් එක අවදානය යොමු කරමු. ආරම්භයේ ජීවියකු උත්පාදනය කල දෙවියන් ඒ තුලින් වෙනත් ජීවින් මැවීම් සිදුකරන බව ඉහත වාක්‍ය පවසයි. එසේ පැවසීමෙන් නතර නොවන අල්ලාහ් (දෙවියන්) එම බිහිකිරීමේ ක‍්‍රියාවලිය අධ්‍යනය කරන ලෙසද ආරාධනා කරයි. මෙසේ අන කිරීමෙන් පෙනීයන්නේ ආරම්භ බිහිකිරීමේ ක‍්‍රියාවලියට වෙනස් ආකාරයේ ක‍්‍රියාවලියක් ඔස්සේ පසුමැවීම සිදුකරන බව නොවේද?. එනම් “විවිධ මැවුම් ක‍්‍රියාවලියෙන් විවිධ ජීවින් බිහිවනවා” යන්න පැවසීම නොවේද පරිණාම වාදය?. මෙහි දී විවිධ ආකාරයේ වූ මුල් ජීවියාගෙන් පසු ජීවින් බිහිකල බව ඉහත වාක්‍ය පවසයි. එකම අදියරකින් සියල්ල මවන්නේ නැතිව පෙර මැවීම හා පසු මැවීම යන වාක්‍යයෙන්ම පරිණාමය සිදුවීම සත්‍ය බව තහවුරු කරයි.

මෙසේ මා කරැණු ගෙනහැර දැක්වීමේදී කිසියම් කෙනෙකු හට ශුද්ධ වූ කුර්ආනය (ලාමාක් හා ඩාවින් පවසන ආකාරයේ) පරිණාමවාදය අනුමත කරනාවා යයි සිතෙන්නට පූළුවනි. (එම නිගමනයට ඔබ ඉක්මන් නොවන්න මෙම ලිපිය ඉදිරියට කියවන්න) එයට පැහැදිලි පිලිතුරක් මෙම ලිපිය තුල ඔට ලැබෙනු ඇත. ඉස්ලාම් පවසන පරිණාමය ඊට වෙනස් ආකාරයකි. මෙසේ මා පවසන විට මෙම වාදය කිසියම් කෙනෙකු හට මෙසේ තර්ක කලහැක. “ඇයි මෙය පරිණාමවාදය හා ගලපන්නේ මෙය ජිවියකු ගැබ්ගෙන කලලයේ විකාශනය පවසනවා යයි සිතන්නට බැරි?.” මෙම තර්කය සාධාර්ණ වූ තර්කයක් යයි සැලකුවේ නම් එම වාක්‍යයෙන් පවසන්නේ වස්සකුගෙන් බිහිවන වසුපැටියෙක් එසේත් නැත්නම් කිරිල්ලියක් බිහිකර වන කුරුලූ පැටියෙක් යන්න අදහස වේ. එසේනම් මෙම වාක්‍යයෙන් ආරම්භ මැවීම හා පසු මැවීම යනුවෙන් අදියර දෙකක් පැවසීම අවශ්‍ය නොවේ. එසේම වස්සකුගෙන් බිහිවන වසුපැටියෙක් එසේත් නැත්නම් කිරිල්ලියක් බිහිකරවන කුරුලූ පැටියෙක් සම්බන්ධ අධ්‍යනය කරන ලෙස පැවසීම ප‍්‍රමාණවත්ය. නමුත් මෙම වාක්‍යයෙන් ආරම්භ මැවීම කෙසේ සිදුවුනේද? යන්නත් පසුමැවීම කෙසේ සිදුවන්නේද? යන්නත් අධ්‍යනය කරන ලෙස අන කරයි. එසේම මෙහි තවත් ඉතා වැදගත් කාරණයක් පවසයි එනම් මෙම මැවීම් අධ්‍යනය කිරීම සදහා පොලොවෙහි ගවේෂණ චාරිකාවක නිරත වියයුතු බවද අවධාරනය කරයි. ඉහත වාක්‍යයෙන් පවසන්නේ කළලය සම්බන්ධයෙන් නම් මෙසේ පොළොවෙහි ගවේෂණ චාරිකාවක නිරතවීම අවශ්‍ය නොවේ. එසේනම් මෙය කළලය සම්බන්ධයෙන් නොව පරිණාමය සම්බන්ධයෙන් පවසනවා යන්න පැහැදිලිය.

එසේනම් ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයට අනුව ජීවී පරිණාමය,

  • ගවේෂණය තුලින් අවබෝධ කරගත හැකි බවත්,
  • ඒ සදහා පොලොවෙහි ගවේෂණ චාරිකාවක නිරතවීම අවශ්‍ය බවත්,
  • එසේ ගවේෂණ කිරීමේදී දැනට පවතින ජීවීන් අධීක්‍ෂණය කිරීමෙන් නතර නොවී මුල් ජීවියා පිලිබදවද ගවේෂණය සිදුකල යුතුබවත්,

පැහැදිලිව අවබෝධ වේ. මෙසේ ශුද්ධ වූ කුර්ආනය අනකිරීම තුල පැහැදිලිවන තවත් කාරණයක් වන්නේ එසේ පරියේෂණ සිදුකිරීම කිරීම තුලින් සොයාගත හැකි සාක්‍ෂි මෙම පොළොව හි පවතිනවා යන්නයි. අතීතයේ විනාශ වී ගිය එම සතුන්ගේ පොසිලයන් අදටත් පාශාණවල තැන්පත්ව පවතින බව වර්ථමානයේ විද්‍යාඥයින් ඔප්පුකොට පෙන්වා ඇති සත්‍යයකි. නමුත් අවිද්‍යාවේ හා ගිලී සිටී මීට අවුරුදු 1400 කට පෙර පැවති සමාජයේ ශුද්ධ වූ කුර්ආනය මෙය පවසන්නේ නම් එය දිව්‍යමය ආශ්චර්යක් නොවේද?.

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය අනකරන ආකාරයට ගවේෂණයේ නිරත වු කිසිදු විද්‍යාඥයෙකු අතීතයේ දක්නට නැත. යම්තාක් දුරට හෝ මෙම කර්තව්‍ය කලේ චාල්ස් ඩාවින් විසින් පමණි. ඔහු “එච්. එම්. එස්. බීගිල් (H M S Beagle)” නැමති නෞකාවක නැග පෘථිවි ජීවි සම්භවය පිලිබදව ගවේෂණයක් සදහා වසර 05ක ගවේෂණ චාරිකාවක නිරත විය. මෙය නූතන විද්‍යාත්මක මෙවලම්වලින් සමන්විත සාර්ථක පරියේෂණ චාරිකාවක් නොවන බව පැහැදිලිවම අවබෝධ කරගත යුතුය. එහිදී ඔහු විසින් යම්තාක් දුරකට පොසිල පිලිබදවද පරීක්‍ෂණ හා නීරීක්‍ෂණ කරන ලදී. මෙම ගවේෂණ චාරිකාව නිම කිරීමෙන් අනතුරුව එහිදී ලබාගත් දත්තයන් පදනම් කරගෙන ඔහු පවසා සිටියේ ලාමාක්ගේ මතය පිලිගත නොහැකි අසත්‍යක් බවයි. එසේ පැවසීමෙන් නතර නොවූ ඔහු තවදුරටත් පවසා සිටියේ “ජීවි පරිණාමයට හේතුව ස්වභාධර්මයේ අවශ්‍යතාවය හා තේරීම (Natural Selection) බවයි.

අතීතයේ පටන් ‘දේවවාදය‘ ප්‍රතික්ෂේප කරන්නට විද්‍යාත්ඥයන් හට පිහිට වුයේ මේ “ස්වභාධහමයි” මෙතැනදී ද ඩාවින්ගේ පිහිටට ගන්නේ ඒ “ස්වභාධහමයි”. (එය වෙනම ම කථා කලයුතු මාතෘකාවකි) දැන් නැවත මාතෘකාවට යොමු වෙමු. මෙහි දී ඩාවින් පවසන ස්වභාධර්මය වන්නේ යම් ප‍්‍රදේශයක පවතින උෂ්නත්වය, ජලය, වාතය යන්නෙහි රසායනික ස්වභාවය හා පොලොවෙහි ස්වභාවය යන්න වේ. මේ අනුව යම් ප‍්‍රදේශයකට ගැලපෙන ජීවියා පියවරින් පියවර පරිණාමයට ලක්කරමින් ස්වභාධර්මය තමන්ට අවශ්‍ය ජීවියා තොරාගන්නා බවත්, එසේ ස්වභාධර්මයේ වෙනස් වීමට මුහුණ දිය නොහැකි ජීවින් ස්වභාධර්මය ප‍්‍රතික්ෂේපකරදමන බවත්, ඩාවින් පවසයි. මෙවැනි නිගමනයකට හෝ පැමිණීමට ඩාවින්ට ඉවහල් වුයේ ශුද්ධ වූ කුර්ආනයේ පැවසු පොලොවෙහි සිදුකල ගවේෂණ චාරිකාවයි. මෙම චාරිකාව තුලින් ලබාගත් දත්තයන් අනුව ඩාවින්ගේ නිගමනය වුයේ “ලාමාක් පවසන ආකාරයට ජිරාෆ්ගේ ගෙල දික්වීම එම සත්වයාගේ උත්සාහයෙන් ලබාගත් ලක්‍ෂණයක් යන්න අසත්‍යක් බවත්, එසේ නම් එළුවන්ගේද ගෙල ඒ ආකාරයට දික්ව පැවතිය යුතු බවත්, එම අංග ලක්‍ෂණ එම සතාට ලබාදෙන්නේ ස්වභාධර්ම විසින් බවත්, ජිරාෆ්ට එසේ ගෙල දික්ව පැවතීම ඔරොත්තු දෙන නිසා ස්වභාධර්මය එය ලබාදුන් අතර එළුවන්ට එය නොගැලපෙන නිසා ස්වභාධර්මය එය ප‍්‍රතික්‍ෂේප කරන ලද බවත්, එසේම කකුලක් අහිමිව ජීවත්වු සිව්පාවෙකුට බිහිවන පැටවාට කකුල් 03ක් හිමිනොවුයේ කකුල් 03ට වඩා කකුල් 04 න් ඇවිදීම පහසු බව ස්වභාධර්මය වටහාගත් නිසා බවත්… යනාදී වශයෙන් පරිණාමයේ අදියර ඩාවින් විසින් ‘ස්වභාධර්මය’ පිහිට ගෙන පැහැදිලි කරන ලදී.

ඩාවින්ගේ මෙම විග්‍රහය අනුව මුස්ලීම්වරැන් වන අපට ඔහුගෙන් අසන්නට ඇත්තේ සියල්ල ස්වභාධහමේ තේරීම අනුව නම් සිදුවන්නේ චර්මෙඡ්ද්‍ය සිදුකරන පුරැෂ ලිංගේද්‍රයේ පෙරසම නැති දරුවෙක් ඇයි ස්වභාධර්මය දායාද නොකරන්නේ? මෙම පෙරසම පවතිනවාට වඩා නොපැවතීම මිනිසාට සෞඛ්‍ය අතින් වුවද යහපත් බව අද මුළු ලොවම පිලිගත් සත්‍යයකි. බයිබලය පවා දැඩිව අවධාරනය කරන මෙම යහපත් සෞඛ්‍ය කටයුත්ත ඇමරිකාව වැනි දියුණු රටවල්වල මුස්ලීම් නොවන පිරිස පවා සිදුකරයි. එවන් වූ මිනිස් සෞඛ්‍යයට යහපත් වෙනස් කිරීමක් පවා ස්වභාධහම ඉටුකිරීමට නොපෙලබුණේ මන්ද? එය එසේ සිදුවුවා නම් ඉස්ලාමීය නියෝගයක් අසත්‍යවන්නට තිබුණි. එය එසේ නොවී ආරක්‍ෂාකලේ ස්වභාධර්මයද?. එසේනම් ඩාවින්ගේ ස්වභාධර්ම තේරීමේ ඉස්ලාමයද අන්තර්ගත වුවක්ද?.

මෙහිදී ප‍්‍රථමයෙන් අවබෝධ කර ගතයුත්තක් ඇත. එනම් ලාමාක්ගේ සහා ඩාවින්ගේ වාදයන් උපකල්පනයන් මිස පරීක්‍ෂණ හා නිරීක්‍ෂණ තුලින් ලබාගත් නිගමනයන් නොවේ. මෙම ඩාවින්ගේ උපකල්පනය වු ස්වභාධර්ම වාදය සත්‍ය වුවත් අසත්‍ය වුවත් ඉන් ‘දේවවාදය‘ ප‍්‍රතික්‍ෂෙප කල නොහැක. එසේ කරන්නේ නම් එය අන්තවාදී, ආගම් විරෝධියෙකුගේ ක‍්‍රියාවක් මිස බුද්ධිමත් තර්කයක් මත සිදුකරන්නක් නොවේ. මන්ද ස්වභාවික පරිසරයක් සැලකුවිට එයතුල කුමන ආකාරයේ ශරීර අවයවයන් සහිත ජීවින් බිහිකල යුතුද? යන්න කිසිවකු විසින් තෝරා ගැනීමට අවශ්‍යනම් ඔහු එම ස්වභාධර්මයේ හා බිහිකරන ජීවියාගේ සියලූ අංගයන් පිලිබදවත්, එසේම ස්වභාධර්මය හා එම ජීවියා අතර ඇතිවන ගැටුම් පිලිබදවත්, එකකින් අනෙකට ඇතිවන බලපෑම් වැනි සියලූ අංගයන් පිලිබදව පුර්ණ අවබෝධයක් පැවතිය යුතුය. එසේ වුවොත් පමණි එහි ස්වභාධහම සුදුසු ජීවියකු බිහිකල හැකි වන්නේ. එසේනම් මෙම බුද්ධිමත් සැලසුම්කරණ ශක්තිය ස්වභාධහමට පවතිනවාද? මෙම ප‍්‍රශ්නයට දිය හැකි හොදම හා නිවරුදිම පිලිතුර ’’නැත’’ යන්න මිස අන්කවරක් හෝ තිබේද?.

එසේනම් කුමක්ද මේ පරිණාමය එය සිදුවන්නේ කෙසේද?

ඉහත කරැණුවලට අනුව මෙම පරිණාමය ස්වභාධහමෙන් බැහැර වු සුපිරි බුද්ධියකින් හා සුවිශේෂ සැලසුම්කරණයකින් යුක්ත වුවකි. එම සුවිශේෂ ශක්තිය හා සැලසුම්කරැ තමා දෙවියන් ලෙස ඉස්ලාම් හදුන්වන්නේ. ඒ අනුව ඩාවින්ගේ වාදය සත්‍ය වුවත් එය දෙවියන් වෙත මගපෙන්වනවා මිස කිසිසේත් ‘අදේවවාදයට‘ මග නොපෙන්වයි. මෙය ඇසු පමණින් ’’ඩාවින් ස්වභාධර්මය පිලිබදව කථාකලා මිස දෙවියන් පිලිබදව කිසිසේත් කථා නොකරයි. ඉතින් කෙසේද? දෙවියන් වෙත මගපෙන්වන බව පවසන්නේ’’ යන ගැටළුව කිසියම් කෙනෙකු හට ඇතිවිය හැක. මෙය බුද්ධිය උකස් තැබුවන්ගේ තර්කයන් පමණි. උදාහර්ණයකට මෙම ලිපිය සැලකුවේ නම් තීන්ත උපයෝගි කරගෙන යත්ත‍්‍රයක් මගින් මුද්‍රනය කරගත්තා යයි සිතන්න. එසේනම් මෙම ලිපිය නිර්මාණය කලේ යන්ත‍්‍රයක් මගින් නිසා මෙහි නිර්මාතෘ යන්ත‍්‍රය බව පවසනවාද? එසේත් නැත්නම් මෙය නිර්මාණය කල නිර්මාණකරුවෙක් සිටීයයි විශ්වාස කරනවාද?. අපගේ බුද්ධිය කුමක් පවසයිද?. මෙම ලිපිය තුල කොතරම් අදහස් ගැබ්ව පවතීද?. ඊටවඩා දහස් ගුණයකින් ජීවින් තුල දත්තයන් ගැබ්ව පවතී. මේ තරම් තොරතුරු සමුහයක් ස්වභාධහම කෙසේද අවබෝධ කරගත්තේ? මේවාට ඔවුන් දෙන එකම පිළිතුර “එය අනපේක්‍ෂිත ආකාරයට සිදුවුවක්” යන්නයි. මේ ආකාරයට පවසන තරම් ඩාවින් හා ඩාවින්වාදීන් චපලයින් බවට පත්වුයේ ඇයි?. බුද්ධියක් ඇති කිසිවකු මෙම වාදය ට දෙන විග්‍රහය පිලිගනීද?. කෙසේ වෙතත් මෙහිදී ඩාවින්ට ස්තුතියක් පලකලයුතුව ඇත. මන්ද සියල්ල අනපේක්‍ෂිත ආකාරයට යයි පැවසීම තුල තමාම තම වාදයේ අපැහැදිලි තත්වයක සිටී බව තහවුරු කිරීම හේතුවෙනි. එසේ නම් ඩාවින්ගේ වාදයේ ඩාවින් අපැහැදිලි තත්වයක සිටිද්දී එම වාදය පෙන්වා දේවවාදය ප‍්‍රතික්‍ෂේප කිරීම සාධාර්ණ වු බුද්ධිමත් ක‍්‍රියාවක්ද?

මෙතෙක් ලිපිය කියවූ ඔබට කරුණු කිහිපයක් තහවුරු වනු ඇත. එනම්,

  • ශුද්ධ වු කුර්ආනයේ 29-20 හි සදහන් ආකාරයට ජිවීන් සම්භවය සත්‍ය බවත්,
  • එය නිවරැදිව වටහාගැනීමට ඒ පිලිබදව වූ ගවේෂණයන් පවා ශුද්ධ වූ කුර්ආනයේ සදහන් ආකාරයට සිදුකල යුතු බවත්,
  • එසේ සිදුකිරීමට ශුද්ධ වූ කුර්ආනය මඟින් මිනිසාව පොලඹවන බවත්,
  • එසේ පෙලඹවීම තුල එහි මිනිසාට සොයාගත හැකි දත්ත පවතින බවත්,

තහවුරු කරයි. මේ අනුව මෙම දේව වාක්‍ය සත්‍ය කිරීමෙහි හා ඒ තුලින් ශුද්ධ වූ කුර්ආනය දිව්‍යමය පුස්තකයක් යන්න තහවුරැ කිරීමෙහි අකමැත්තෙන් වුවද ඩාවින්ද හවුල් වී සිටිති. පොදුවේ පරිණාමය මේ ආකාරයට ශුද්ධ වු කුර්ආනය කථාකලත් මිනිස් පරිණාමය මින් බැහැර වුවකි. ඒ පිලිබදව ද එනම් මිනිස් පරිණාමය පිලිබදව තරමක වෙනස් ආකාරයකට ශුද්ධ වු කුර්ආනය කථා කරයි.

පෘථිවි මිනිස් සම්භවය පිලිබදව වෙනත් ආගම් හි ඉගෙන්වීම

විද්‍යාවෙන් සිදු කෙරෙන හා මෙතෙක් සිදුකල කාර්යක් නම් යම් මතයක්, වාදයක් හෝ සිද්ධියක් ගෙන එය තහවුරු කිරීම සදහා සාක්‍ෂීන් සෙවීම හා නිර්මාණය කිරීමයි. මේ ආකාරයටම පෘථිවි මිනිස් සම්භවය සම්බන්ධයෙන්ද ඩාවින් වාදය පෙරදැරි කරගෙන ඩාවින් මෙසේ පවසන බව පවසමින් සතුන් පිලිබදව අධ්‍යනයෙහි යෙදුනු මිනිසා ඉක්මන් වී තමා පිලිබදව තීරණය ගැනීමේදී “මිනිසා වදුරාගෙන් පරිණාම විය” යයි පවසන ලදී. ඒ සදහා ඩාවින්ගේ තර්කය වුයේ “ලොව සියලූ ජීවින් පරිණාමය වී තිබියදී මිනිසා පමණක් එසේ නොවන්නේ කෙසේද?. මිනිසාත් වදුරාගෙන් පරිණාමය සිදුවිය” යන්නයි. මෙම ඩාවින්ගේ වාදය පිරිසක් පිලිගනිද්දී තවත් පිරිසක් එයට විරුද්ධව විප්ලව කරන ලදී. මෙම වාදයට විරුද්ධව නැගීසිටීමට ප‍්‍රධානම හේතුවක් වුයේ එදා එම සමාජයේ පැවතුනු මිත්‍යාමතයන් හා ආගම් කෙරෙහි වු අන්ධ විශ්වාසයන්ය. මෙයින් ශ‍්‍රි ලාංකිකයින් වන අපට ද බැහැරවීමට නොහැකි විය. ඒ අනුව ලාංකිකයින් වන අප ද මෙම මත පිලිබදව කෙටි අවධානයක් යොමු කලයුතු වේ.

එහි දී ශ්‍රී ලාංකීය ප්‍රධාන ආගම් දෙකක් පිලිබදව කෙටි අවධානයක් යොමු කලේනම්,

ක‍්‍රිස්තියානි දහමේ පරිණාම වාදයෙහි ස්ථාවරය

ක‍්‍රිතුනු දහම පරිණාම වාදය තරයේ ප‍්‍රතික්‍ෂෙප කරයි. මෙම දහමේ විශ්වාසයට අනුව එනම් බයිබලයේ සදහන් ආකාරයට “අද මේ ලොව දකින ජීවින් සියල්ල කෙසේ පවතින්නේද? ඒ ආකාරයටම ආරම්භයේ ඒ සියල්ල පැවතී බවයි.” (බයිබලයේ උත්පත්ති 1:1සිට24) එනම් ආරම්භයේ සියල්ල ජෝඩු වශයෙන් දෙවියන් විසින් මවන ලද බවයි. ජීවින් සම්බන්ධයෙන් පොදුවේ මෙසේ පවසන බයිබලය මිනිස් සම්භවය පිලිබදව කාලවකවානු ඉදිරිපත් කරයි. එම කාලවකවානු ගනනය කිරීමේදී ආසන්න වශයෙන් අදට (2006 වර්ෂයට වසර 8664කට පෙර මුල්මිනිසා බිහිවී ඇත. මෙම සංඛ්‍යා ලේඛන බයිබලයේ “උත්පත්ති” චේදයෙහි සදහන් වේ. එම ගනනය කිරීම් කෙටියෙන් මෙසේය

  • මුල්ම මිනිසා ආදම් සිට නෝවා දක්වා වසර ගනන – 1556
  • නෝවා සිට ආබ‍්‍රාම් (ඉබ්බ‍්‍රාහීම් තුමා) දක්වා වසර – 3032
  • ආබ‍්‍රාම් සිට යේසුස් (ඊසා තුමා) දක්වා වසර – 2070
  • යේසුස් සිට මේ දක්වා වසර ගනන – 2006
  • මුළු එකතුව වසර – 8664

වර්ථමානයේ සොයාගෙන ඇති පොසිල හා ජාන පරීක්‍ෂණයන්ට අනුව මෙම කාලය එනම් වසර 8664 යන්න කිසිසේත් විය නොහැක්කකි. ජාන පරීක්‍ෂණයන්ට අනුව ආදීතම මිනිසා ජීවත්වී ඇත්තේ මීට වසර 50000-60000 අතර කාලයේය. එසේම අද කෝටි 600 ක පමණ ජනගහනයක් ලොව පවතී. මෙවැනි විශාල ජනගහනයක් ලොව ඇතිවීමටනම් විශාල කාලපරාසයක් අවශ්‍ය වේ. ඒ අනුව සැලකුවද වසර 8664 යන්න කිසිසේත් විය නොහැක්කකි.

බුදු දහමේ පරිණාම වාදයෙහි ස්ථාවරය

බුදු දහම ජීවින් සම්භවය පිලිබදව පරිණාම වාදයට සමාන අදහසක් පවසන අතර සම්පුර්ණයෙන් පරිණාම වාදය පිලිනොගනී. බුදුදහමෙහි පවසන පරිණාමය ඩාවින්ගේ අනපේක්‍ෂීත සිදුවීමට සමාන අදහසකි. එනම් පෘථිවියට බාහිරින් ආ මානසික ශක්තියක් පිලිබදව කථා කරයි. මෙය ඩාවින්ගේ ස්වභාධහම වාදයට සමාන වු තර්කයකි. එනම්,

බුදුදහම ජීවයක් හටගන්නේ කෙසේද? යන්න පැහැදිලි කිරීමේදී “මහා තණ්හාසංඛ්‍යය සුත‍්‍රයෙහි” මෙසේ පවසය. එනම් ජීවියෙකු බිහිවීම සදහා කරුණු තුනක් සම්පුර්ණ විය යුතුය. එනම්,

  • මාපිය දෙදෙනා එකතුවීම
  • ජන්මානු සරු තත්වයේ පැවතීම
  • මානසික ශක්තියක් අවශ්‍ය වීම

ඒ අනුව බුදු දහමේ විශ්වාසයට අනුව පෘථිවියෙහි ජීවියෙකු බිහිවීමට අවශ්‍ය පදාර්ථමය සැකැස්ම තිබුනත් ජීවයට අවශ්‍ය වන මානසික ශක්තිය පෘථිවි තලයේ තිබුනේ නැත. ඒ අනුව බුදුදහමේ ඉගෙන්වීම එම මානසික ශක්තිය බාහිරින් පෘථිවියට ලැබුණා යන්නයි.

පරිණාමවාදය පිලිබදව නූතන ගවේෂණ

මේ ආකාරයට අතීතයේ පටන් විවිධ ආගම් හා දර්ශණයන් පෘථිවි මිනිස් සම්භවය පිලිබදව ඩාවින් වාදයට පක්‍ෂව හා විපක්‍ෂව විවිධ මත ඉදිරිපත් කර ඇත. ඉස්ලාම් දහම ඩාවින් වාදය ප‍්‍රතික්‍ෂේප කරන අතර එසේ ප‍්‍රතික්‍ෂේප කිරීමෙන් නතර නොවී මිනිසා තුල පරිණාමය කෙසේ සිදුවන්නේද? එය කෙසේද අවබෝධ කරගත යුත්තේද? ඒ පිලිබදව කුමන ආකාරයට ගවේෂණය කලයුතුද?. වැනි කරුණුද මීට සියවස් 14කට පෙරම පැහැදිලිව ශුද්ධ වු කුර්ආනය අවධාරනය කරයි.

වර්ථමානය සැලකූවිට මෙම විෂය පිලිබදව පුළුල් ගවේෂණයන් සිදු කෙරෙන අතර එහිදී ලොව බිහිවු මුල් මිනිසා ජීවත් වු ප‍්‍රදේශය පවා විද්‍යාඥයින් අනාවර්ණය කරගන්න සමත් වී ඇත. නුතන සොයා ගැනීමට අනුව මෙම ආදීතම මිනිසා ජීවත්වී ඇත්තේ වර්ථමාන අප‍්‍රිකානු භූමියෙහිය. මේ පිලිබදව පුළුල් ගවේශණයක නිරතවු ආචාර්‍ය ස්පෙන්සර් වෙල්ස් Spenser Wels ශුද්ධ වු කුර්ආනයේ 29-20 පැවසු ආකාරයට පෘථිවියේ බොහෝ ප‍්‍රදේශවල හා රටවල චාරිකාවේ නිරතවී මේ පිලිබදව ගවේශණයන් සිදුකරන ලදී. ඔහු ඒ සදහා විවිධ දේශයන් හි ජීවත් වූ ජන කොට්ඨාශ 50 ක ජනයින් 20000ක් පමණ තම පරීයේෂණ සදහා යොදාගන්නා ලද අතර ඔහු එහි දී ලද අත්දැකීම් අනුව පවසා සිටින්නේ අද ලොව භාෂා 6000 ක් හා ජාතීන් 6000 ක් පමණ තිබෙන බවයි. මෙම පරියේෂණ DNA තාක්‍ෂණය උපයෝගි කරගෙන සිදුකරන ලද අතර ඔහු ලබාගත් දත්තයන්ට අනුව ඔහුගේ නිගමනය වුයේ “ලොව අද ජීවත්වන සියලූ මිනිසුන්ගේ DNA මීට අවුරුදු 60000 කට පෙර අප‍්‍රිකාවේ ජීවත් වු මිනිසකු හා සැසදෙනවා” යන්නයි. වෙනත් ආකාරයකට පවසනවා නම් මිනිසාගේ ආරම්භකයා වන ආදම් ජීවත් වු බව පැවසීම සත්‍ය බවත්, ඔහු අප‍්‍රිකාවේ මුහුදු බඩ ප‍්‍රදේශයේ ජීවත් වු බවත්, ස්පෙන්සර් වෙල්ස් තම ගවේශණාත්මක කෘතිය වන THE JOURNEY OF MAN හි පවසයි.

මේ පිලිබදව තවදුරටත් අදහස් දක්වන ආචාර්‍ය ස්පෙන්සර් මෙසේ පවසයිමෙම මුල් මිනිසා ගල් යුගයත්, දඩයම් යුගයත් පසුකල මිනිසාහට ජීවත්වීම සදහා පහසුකම් හා බුද්ධිය අවශ්‍ය විය. මේ හේතුකොටගෙන මෙම මුල් මිනිසා ගමන්කරන ලදී. අප‍්‍රිකාවේ හිම යුගය අප‍්‍රිකාව කාන්තාරයක් වීමට බලපාන ලදී. මේ නිසා දඩයම් කරන සතුන් ප‍්‍රමාණය සීඝ‍්‍රයෙන් අඩුවන්නට විය. මේ නිසා ආදී මිනිසාහට දඩයම් කිරීම දුෂ්කර විය. එමනිසා ඔහු මුහුදු බඩ ජීවත්වීමට හුරුවිය. මේ ආකාරයට මිනිස් සම්බවය පැතිරෙන ලදී. මේ කාලයේ එනම් මීට අවුරුදු 50000-60000 අතර කාලයේ මුහුදු මට්ටම අද පවතින මට්ටමට වඩා මීටර් 100 ක් පමණ පහතින් පැවතුනු බවත්, අද ලොව පවතින කුඩා දුපත් බොහෝමයක් එදා මහාද්වීපයන් හා හාවී පැවතුනු බවත් ආචාර්‍ය ස්පෙන්ස් පෙන්වා දෙයි. තවදුරටත් කරුණු දක්වන ආචාර්‍ය තුමා මුහුදු මට්ටම ඉතා පහත් මට්ටමක පැවතී නිසා පහසුවෙන් ආදී මිනිසාහට විවිධ ප‍්‍රදේශවලට යාමටද හැකි වු බව පවසයි.

DNA තාක්‍ෂණය උපයෝගි කරගෙන මේ සියල්ල ඔප්පුකර පෙන්වන ආචාර්‍ය ස්පෙන්සර්. DNA සම්බන්ධ අදහස් දැක්වීමේදී මෙසේ පවසයි “මිනිස් DNA යනු සමස්ථ මනුෂ්‍ය ඉතිහාසය පවසන ග‍්‍රන්ථයක් බවට පත්ව ඇත. එම ග‍්‍රන්ථය පවසන මුල්ම පණිවුඩය වන්නේ මුල්ම මිනිසා අප‍්‍රිකාවේ ජීවත් වුවා යන්නයි” මෙම ආදී මිනිසාගේ ගමන් මාර්ගය සිතියම් ගතකල ස්පෙන්සර් අප‍්‍රිකාවේ සිට ඔස්ටෙ‍්‍රිලියාව දක්වා වු ඒ ගමන් මාර්ගය වැටීතිබුනේ ඉන්දියාව හරහා බව ද තම පරියේෂණ කෘතියේ පෙන්වාදෙයි. මේ පිලිබදව පරියේෂණ කල ඉන්දියානු පරීයේෂකයකු වන ආර්.එම්. පිච්චයිඅප්පන් R.M Pichchai Appan ඉන්දියාවෙන් ආදී මිනිසුන් 14 දෙනෙකුගේ පරම්පරාවන් DNA පරියේෂණ මගින් හදුනාගෙන තිබේ. මෙය ආචාර්‍ය ස්පෙන්සර්ගේ පරීයේෂණ ප‍්‍රථිපලය තහවුරු කිරීමකි. ආචාර්‍ය ස්පෙන්සර් තවදුරටත් මෙම මුල් මිනිසාට සමාන මිනිසුන් අදටත් ජීවත්වන බවත්, ඔවුන් නැමීබියාව බොස්වානා යන රටවල ජීවත්වන බවත්, මේ පවතින මිනිසාගේ වර්ණභේදය මීට වසර 30000 කට පෙර සිදුවු බවත් තවදුරටත් ඔහු පෙන්වා දෙයි. මෙම වර්ණභේදය නිසා විවිධ ප‍්‍රදේශවල විවිධ රටවල ජීවත් වු මිනිසුන් අතර විවිධ අංග ලක්‍ෂණ දක්නට විය. උදාහර්ණයක් ලෙස මොගෝලියානු ජාතිකයෙකු, ජපන් ජාතිකයෙකු, අප‍්‍රිකානු ජාතිකයෙකු සහා ශ‍්‍රි ලාංකිකයකු සැලකුවිට මොවුන් 04 දෙනාගේ බාහිර රූපයේ අංග ලක්‍ෂණවල විවිධ පරස්පරතාවයන් දක්නට ලැබේ. ආදී මිනිසා එනම් ආදම් තුල සිදුවී පරිණාමය හේතුවෙන් අද දකින විවිධාකාර අංග ලක්‍ෂණයන්ගෙන් යුත් විවිධ ජාතීන් ඇතිවිය. මෙය මිනිසා තුල සිදුවූ පරිණාමයයි. ඔප්පු කලහැකි පරිණාම වාදය එයයි.

මිනිසා තුල පරිණාමයන් සිදුවීම සත්‍යයකි. එයට ඉහත රූපරාමු හොදම උදාහරණයකි. ඉහතින් දක්වා ඇත්තේ ඇමරිකානු , නයිජීරියානු , ජපන් , මොන්ගෝලියානු , රතුරන්දියානු සහා ශ‍්‍රි ලංකිය ජාතීන් කිහිපදෙනෙකුගේ ඡායා රූපයයි. එකම මිනිසාගෙන් බිහිවු මිනිස් සමාජය ඉහත ආකාරයට පරිණාමයන් සිදුවීම වර්ථමාන ලොව ද දක්නට ඇති කිසිවකුටත් ප්‍රතික්ෂේප කලනොහැකි සත්‍යයකි. මෙය ශුද්ධ වු කුර්ආනයේ මෙසේ සදහන් වේ.

“මනුෂ්‍යයෙනි ඇත්තෙන්ම නුඹලා එකම පුරුෂයකුගෙන් හා ස්ත‍්‍රියකින් නිර්මාණය කලෙමු. නුඹලා එකින් එකා දැන හදුනා ගනු පිණිස අප නුඹලා ජාතීන් හා ගෝත‍්‍රයන් වශයෙන් වෙන් කලෙමු” – ශුද්ධ වූ කුර්ආනය 49-13

එකම මිනිසාගෙන් මුළු මිනිස් වර්ගයාම බිහිකලා යයි පවසන ශුද්ධ වු අල්කුර්ආනය එම මිනිස් වර්ගයා විවිධ ගෝත‍්‍ර බවට පරිවර්ථනය කල බව ඉහත වාක්‍යයෙන් පවසයි. ඉහතින් සදහන් කල ශුද්ධ වු අල්කුර්ආන් 29-20 වාක්‍යයෙන්ද අවබෝධ කරගත යුත්තේ මෙයයි. මේ ආකාරයට පරිණාම වාදය පවසන ඉස්ලාමි දහම ඩාවින්ගේ වාදය එනම් “මිනිසා වදුරාගෙන්” යන්න තරයේ ප‍්‍රතික්‍ෂේප කරයි. එසේ ප‍්‍රතික්‍ෂේප කිරීමෙන් නතර නොවී පෘථිවි මිනිස් සමිභවය කෙසේ සිදුවුනේද? යන්නත් පැහැදිලිව සදහන් කරයි. එනම්

“දෙවියන් නුඹ (මිනිසා) මැටිපසින් නිර්මාණය කරන ලදී ” – ශුද්ධවු අල්කුර්ආනය 35-11

ඉහත අල්කුර්ආන් වාක්‍යයෙන් මිනිසා මැටිපසින් නිර්මාණය වු බව පවසයි. මෙම මතය විද්‍යාවෙන් මේ වනතුරු සනාථ නොකලත් ප‍්‍රතික්‍ෂේප කිරීමට තරම් ද විද්‍යාවට සාක්ෂි නොමැත. මන්ද සත්වයින් පිලිබද පුලුල් ගවේෂණයක නිරත වු මිනිසා එවැනි කටයුත්තක මිනිස් පරිණාමය සම්බන්දයෙන් සිදු නොකෙරුනි. එය කෙසේ වෙතත් මෑතකදී විද්‍යාව මේ සම්බන්ධයෙන් යෝධ පියවරක් තබන ලදී. එනම් ජාන තාක්‍ෂණය ලොවට හදුන්වාදීමයි. මෙම ජාන තාක්‍ෂණය සොයාගත් විද්‍යාඥ ආචාර්‍ය ෆැරන්සිස් ක‍්‍රික් Francis Kirk තම නවතම සොයාගැනීම වන ඞී එන් ඒ DNA තාක්‍ෂණය ලොවට හදුන්වා දෙමින් මෙසේ පවසන ලදී. “මේ දක්වා අපට ලැබුණු දත්තයන් හා දැනුමන් අනුව මානවයාගේ පෘථිවි සම්බවය විශ්මයකි” මෙසේ ඔහු විශ්මයට පත්වුයේ මිනිසා පිලිබදව ගැඹුරු අධ්‍යනයක නිරත වී අපරිමිත වු දත්තයන් මේ DNA තුලින් අනාවර්ණය කරගත නිසාම පමණි. මෙම ඞී එන් ඒ DNA තාක්‍ෂණය අදත් ලොව විශාල පෙරලියක් කරන්න සමත්ව ඇත. මෙම ඞී එන් ඒ DNA තාක්‍ෂණය නිසා විද්‍යාවේද විශාල පෙරලියක් ඇති වු අතර ඩාවින්ගේ පරිණාම වාදයද විහිළුවක් බවට පත්කරවන්න සමත් විය.

DNA යනු කමක්ද?

මෙම DNA පිලිබදව අදහස් දක්වන විද්‍යාඥයින් පවසන්නේ මෙය දත්ත ගබඩාවක් බවයි. එහි අන්තර්ගත තොරතුරු පිලිබදව පවසනවා නම් පිටු දසලක්‍ෂයක් වන විශ්වකෝශයක් තරම් විශාල තොරතුරු එක DNA තුල අන්තර්ගතය. එසේම එක DNA තුල කෝටි 5 කටත් වඩා වාර්තාවන් අන්තර්ගතය. මෙම වාර්තා සියල්ල නොනවත්වා කියවුවද වසර 100 ටත් වඩා අවශ්‍ය වනුඇත. එතරම් සවිස්තරව හා සියුම්ව මෙම DNA තුල මෙම තොරතුරු අන්තර්ගතව ඇත. මෙම DNA පිලිබද දීර්ඝ වූ පරීයේෂණවල අදටත් නිරත වී සිටින ආචාර්‍ය ෆිරාන්සිස් කොලින් පවසන්නේ “දැනට DNA හි ඇති දත්තවලින් අනාවර්ණය කරගෙන ඇත්තේ 85% ක් පමණක් බවත්. තවදුරටත් හදුනා නොගෙන විශාල දත්ත ප‍්‍රමාණයක් ගබඩා වී ඇති බවත් තවම මෙම පරියේෂණයේ තබා ඇත්තේ පලමු පියවර පමණක් බවත්ය” මේ ආකාරයට ජාන තාක්ෂණයට අවතීරණය වී සිටින විද්‍යාව මිනිස් පරිණාමය කවර ආකාරයෙන් දකින්නේද?

මෙම ජාන පිලිබදව අධ්‍යනයේ නිරතවු විද්‍යාඥයින් පවසන්නේ මිනිස් ශරීරයක් නිර්මාණය වීමට අවශ්‍ය අත්දැකීම් බුද්ධිය සම්බන්ධ සියලූ තොරතුරු මෙම DNA තුල අන්තර්ගතව ඇති බවයි. මෙහි සැලකිය යුතු මුලිකම අංගය වන්නේ මුල් මිනිසා ලොවෙහි ඇතිවු කාලය පටන් සියලූ අංගයන්ගෙන් පරිපුර්ණ DNA මිනිස් ශරීරයේ පැවත ආ බවයි. ගොඩනැගිල්ලක් නිර්මාණයේ දී එහි ආකෘතියෙහි එම නිවස සම්බන්ද සියලූ තොරතුරු සටහන් කරනවා සේම. මිනිසාගේ කළල අවස්ථාවේ සිට මියයන මොහොත දක්වා වු සියලූ තොරතුරු මෙම DNA හි අන්තර්ගතය. මවගේ ගර්භාෂයේ ඩිම්බ සංසේචනය වු මොහොතේ පටන් බිහිවීමට යන එම දරුවාගේ සියළු විස්තර එම දරුවාගේ ගතිගුණ, අවුරුදු 30 දී එම ශරීරයේ උස, වර්ණය, ලේ වර්ගය, මුහුණෙහි පෙනුම වැනි අංගලක්‍ෂණ වයස අවුරුදු 30 මාස 09 කට පෙරම DNA හි සදහන් වී හමාරය.

DNA ජාන තාක්‍ෂණයේ තවත් යෝධ පියවරක් ලෙස මිනිස් ‍සෛලය චිත‍්‍රයකට නැඟීම සදහන් කලහැක. මෙහි දක්වා ඇත්තේ එම චිත‍්‍රයයි. එය HUMAN GENOME PROJECT නමින් හැදින්විය. මෙම ෙසෙල (Cell) චිත‍්‍රයට නැගීමෙන් ඩාවින්ගේ වාදය තවදුරටත් මිත්‍යාවක් බවට ඔප්පුවන්නේ යයි විද්‍යාඥයින් පවසයි. මේ සම්බන්ධයෙන් ගවේශණයක නිරත වු CNN රූපවාහිනිය මෑතකදී “මිනිසා සිම්පංචියාගෙන් සිතුවටත් වඩා පරස්පර වේ” යන මාතෘකාව යටතේ වැඩසටහනක් ඉදිරිපත් කරන ලදී. එහිදී මිනිසා හා සිම්පංචියා අතර ගැලපුම 98%ක් බව ඩාවින් වාදීන් පැවසුවත්, එය එසේ නොවන බවත්, එහි ගැලපුම 95% ක් බවත්, කැලිෆෝනියානු විද්‍යාඥයින් රායි බ්‍ර්ටන් ප‍්‍රමුඛ කන්ඩායම පෙන්වා දෙයි. මේ ආකාරයටම මෙම ජාන සැසැදීමෙහි නිරතවු ශිබ්ලි සහා අහල්කුයිස්ට් යන ජීව විද්‍යාඥයින් දෙදෙනා 1987 දී තම පරීයේෂණ ප‍්‍රතිඵලය Jouríl of Molecular Evolution (V26 pp212) සගරාව මගින් ප‍්‍රකාශයට පත්කොට තිබුණි. එහිදි ඔහුන් පවසා තිබුනේ මෙම ගැලපුම 95%ක් බවයි. නමුත් මොවුන්ගේ ප‍්‍රතිපලය අධ්‍යනය කල ශාරික් නැමැති විද්‍යාඥයකු පවසා සිටියේ මෙම ප‍්‍රථිපලයෙහි ගැටළු බොහෝමයක් ඇති බවයි. මේ සම්බන්ධයෙන් පරියේෂණවල නිරත වු තවත් විද්‍යාඥයකු වන ආචාර්‍ය ඩාන් බ්‍රෙටන් 1996 මේ පිලිබදව පරියේෂණ කොට මිනිසා හා සිමිපංචියා අතර ගැලපුම 98% කිසිසේත් විය නොහැකි බව පවසන ලදී. මේ ආකාරයට ඩාවින්ගේ මතයට පරස්පර මත ඉදිරිපත් වෙමින් පවතී. මෙහිදී විශේෂයෙන් සදහන් කලයුතු කරුණක් ඇත. එනම් මිනිස් ජානය මේ ආකාරයට චිත‍්‍රයට නගා ඇතත් සිම්පංචියාගේ ජානය මේ දක්වා මේ ආකාරයට චිත‍්‍රයට නගා නොමැත. එම නිසා මේ ආකාරයට මේ දෙක ගැලපීම විහිළුවක් බව බොහෝ විද්‍යාඥයන් පෙන්වාදෙයි

පරිණාමවාදය හා ශුද්ධ වූ කුර්ආනය පවසන කරුණු බුද්ධිමත් විනිශ්චයකට

මිනිස් ජානවල අන්තර්ගතවන මුලික ප්‍රෝටීන Basic Protein 30-40 අතර සංඛ්‍යාවක් සිම්පංචියාගේ ප්‍රෝටීන හා සැසදෙන නිසා මිනිසා හා සිම්පංචියා අතර ගැලපුම 98% යයි ඩාවින් වාදින් තර්ක ඉදිරිපත් කරයි. නමුත් මිනිස් ශරීරයේ ලක්‍ෂ ගනන් DNA පවතී ඒවා මගින් ලක්‍ෂ ගනන් ප්‍රෝටීන හදුනාගෙන ඇත. එයින් ප්‍රෝටීන 40ක් පමණක් ගැලපීමෙන් 98‍%ක් ගැලපෙනවා යයි තර්ක කල නොහැක. මෙම ප්‍රෝටීන සිම්පංචියා තුල පමණක් නොවේ වෙනත් ජීවින් හා අජීවින් තුලද අන්තර්ගතය. උදාහර්ණ කිහිපයක් වෙත දැන් අවධානය යොමු කරමු,

මිනිස් ශරීරයේ ඇතිවන නෙමටොන් (Namatone) පනුවන් සැලකුවේ නම්, ඔවුන්ගේ DNA හා මිනිස් DNA අතර ගැලපුම 75%ක් බව නිව් සයන්ස්ටීස් මැයි 1999 (New Sciences May 1999) පවසයි. මේ ප‍්‍රතිපලය අනුව මිනිසා පරිණාම සිදුවුයේ මෙම නෙමටෝන් පනුවාගෙන් යයි පැවසිය හැකිද?. මේ ආකාරයටම පළතුරු වල ඇතිවන පණුවන් විශේෂයක් නිරීක්‍ෂණය කිරීමේදී එය මිනිස් DNA හා 60%ක් ගැලපීය මේ අනුව තීරණය කරනවාද? මිනිස් පරිණාමය මෙම පණුවාගෙන් සිදුවු බව. එසේම කේම්බ‍්‍රිජ සරසවියේ මේ සම්බන්ධ කල පරියේෂණයකදී මිනිසා හා කුකුලා අතර ගැලපුම ඉතා කිට්ටු බව සොයාගන්නා ලදී. එසේම කුකුලාගෙන් පසු මිනිසාට බොහෝ කිට්ටුම ජීවියා කිඹුලා බවද අනාවර්ණය කරගත් ලද බව නිවි සයන්ස් (New Sciences) 1984 අගොස්තු කලාපයෙන් පෙන්වා දෙයි. එසේනම් මිනිසා පරිණාමය වුයේ කුකුලාගෙන් සහ කිඹුලාගෙන් යයි නොපවසන්නේ ඇයි?.

මිනිස් පරිණාමයේ මිනිසා හා සිමිපංචියා අතර පරිණාමයේ සමිබන්ධයක් ඇතයි පෙන්වන්න හා ගැලපීම ඇති කරන්න ඩාවින් වාදීන් තවත් ප‍්‍රධාන හේතුවක් ඉදිරිපත් කරයි. එනම් ක්‍රෝමසෝන් Chromosome ගැලපුමයි. සිමිපංචියාගේ ක්‍රෝමසෝන් 48ක් ඇති අතර මිනිසාගේ මෙහි අගය 46කි. මෙම අගයන් දෙක කිටිටු අගයන් දෙකක් වන බැවින් මිනිසා හා සිම්පංචියා අතර කිට්ටු නෑදෑකමක් පවතින බව ඩාවින්වාදීන් පවසයි. මෙසේ සැසදීම නිවැරදි නම් මිනිසාහට සිමිපංචියාට වඩා සමීපයෙක් නෑදෑයෙක් ඇත. එය වෙන කිසිවක් නොවේ අප එදිනෙදා ආහාරයට ගන්නා අර්තාපල් අලයයි. අර්තාපල් අලයේත් මිනිසාගේ මෙන්ම ක්‍රෝමසෝන් 46ක් පවතී. එසේනම් මිනිසා පරිණාමය වුයේ අර්තාපල් අලය මගින් යයි නොපවසන්නේ ඇයි?

ලොව සෑම ජීවියෙකු තුලම දක්නට තිබෙන ජීවි අනු මිනිසා ශරීරය තුල ද දක්නට තිබීම ස්වභාවිකය. මන්ද සියලූම ජීවින් වැඩෙන්නේ එකම ආකාරයේ පරිසරයක එකම ආකාරයේ ආහාරයන් අනුභව කරමින් බැවිණි. මේ නිසා සුළු සුළු වෙනස්කම් මෙම ජීවින් අතර පැවතුනත් මුලික ලක්‍ෂණවල ප‍්‍රබල වෙනස්වීම් ඇති නොවේ. මේ අනුව පෙනීයන්නේ ජාන අතර තිබෙන ගැලපුම හේතුකොටගෙන පමණක් පරිණාමවාදය පැහැදිලි කිරීම කල නොහැකි බව පැහැදිලිය. මෙසේ ජිවින් අතර මුලික ලක්‍ෂණවල ගැලපුමට තවත් ප‍්‍රධාන හේතුව පරිණාම වාදය නොව ඒ සියල්ල එකම ආකාරයේ සැලසුම් කරණයයි. මෙයට හොදම උදාහර්ණය. අද ලොව පවතින ගොඩනැගිලි ඉදිකිරීමෙහි කලාව සැලකුවිට විවිධ ආකාරයේ ගොඩනැගිලි නිර්මාණය වුවත් එහි අමුද්‍රව්‍යන්හි වෙනසක් සිදුනොවේ එනම් එම අමුද්‍රව්‍යන් ගල්, වැලි, සිමෙන්ති, යකඩ වැනි දෑ වේ. මේ නිසා එක් ගොඩනැගිල්ලකින් අනික් ගොඩනැගිල්ල් පරිණාමය වුවායයි කිසිසේත් නොපවසමු. මේවා එකම ආකාරයේ අමුද්‍රවයන් උපයෝගි කරගෙන කරනු ලබන විවිධ නිර්මාණයන් පමණි.

එසේනම් ඩාවින්වාදීන් පවසන ආකාරයට මිනිසා වදුරාගෙන් හෝ ස්වභාධර්මයේ තේරීම් හේතුවෙන් බිහිවුවාක් නොවේ. මෙය සුපිරිබලයක් මෙන්ම සර්යවඥානයක් ඇත්තෙකුගේ සුපිරි සැලැස්මකට අනුව කරන ලද නිර්මාණයකි. පරිණාම වාදය සම්බන්ධයෙන් ඉහත කුර්ආන් (සුරා අන්කබුත්හි 20 (29-20)) මෙය පැහැදිලිවම සදහන් කරන අතර එහි විශේෂ අවධානයට ලක් කලයුතු කරැණූ දෙකක් ඇත. එනම්

  • මිශ‍්‍ර තරල බිදුවකින් නිර්මාණය කල බව
  • මැටි පසින් නිරිමාණය කල බව

ඉහත මතයන් දෙක දෙස බැලීමේදී පරස්පරතාවයක් දකිනු ඇත. බැලු බැල්මට පරස්පරතාවයන් පෙනුනද දේවවාක්‍යයන් හා එවැනි පරස්පරතාවයන් පැවතිය නොහැකි යන්න ඉස්ලාම් අවධාරනය කරන මුලික කාරණයකි. එසේ නම් මේ පවතින පරස්පරතාවය කුමක්ද? මෙය සරල උදාහර්ණයක් මඟින් අවබෝධ කරගත හැක. එනම් තේ කෝප්පයක් සැලකුවේ නම්, ඒ සදහා උණුවතුර, තේකොල, සීනි හා පිටි අවශ්‍ය වේ. දැන් තේ කෝප්පයක් දෙස බලා කෙනෙකු එය පිටිවලින් සකස්කර ඇත. යනුවෙන්ද තවත් කෙනෙකු එය සීනි හා ජලයෙන් මගින් සකස්කර ඇත. යනුවේන්ද තවත් කෙනෙකු එය තේකොල මගින් සකස්කර ඇත. යනුවෙන්ද පවසයි නම්, මේවා සියල්ල එකින් එකට විරැද්ධ මත බව කිසිවිටක කිසිවකු විසින් නොපවසනු ඇත. මේ ආකාරයට මිනිස් නිර්මාණයේද පස සහා ජලබිංදු යන්න මිනිස් ශරීරයේ අන්තර්ගතයන් මිස එය පරස්පර මතවාදයක් නොවේ.

මෙය තවදුරටත් පැහැදිලි කරන්නේ නම්. දැනට ලෝකයේ කෝටි 600 ක පමණ ජනගහනයක් පවතී. මෙහි එක් පුද්ගලයකුගේ සාමාන්‍ය බර 50kg යයි සැලකුවේ නම්. වර්ථමාන ලොව මුළු ජනගහනයේ සාමාන්‍ය බර 6000000000 x 50kg වේ. එනම් 30000000000kg (ටොන් 30000000) වේ. විද්‍යාඥයින්ගේ අදහස අනුව අද පෘථිවියෙහි සාමාන්‍ය බර එදා එනම් පෘථිවියෙහි කිසිදු ජීවියෙකු නොමැති අවස්ථාවේ කොපමණ ප‍්‍රමාණයක් තිබුනේද ඒ ප‍්‍රමාණයමය. බරෙහි කිසිදු වෙනසක් සිදුවී නැත. මේ අනුව පෙනී යන්නේ පෘථිවිය තමාගේ බරින් 30000000000kg ක් මිනිසුන් බවට පත්කරගෙන ඇති බවයි. අප ආහාරයට ගන්නා ආහාර මෙම පස්වලින් නිර්මාණය වුවකි. වෙනත් ආකාරයකට පවසනවා නම් ඇත්තෙන්ම අප පස් අනුභව කරලයි ජීවත්වන්නනේ. මේ නිසයි පෘථිවියෙහි බර හි වෙනසක් සිදු නොවුයේ, එසේ නොමැතිව සෑම මනුස්සයෙක් වෙනුවෙන්ම පෘථිවියෙහි බර දළ වශයෙන් 50kg ක් වැඩිවුවා නම් මේ වනවිට පෘථිවිය බර අධික වීම නිසා පෘථිවියෙහි සමතුලිතතාවය බිදී ගොස් චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ශනයට පෘථිවියත් සුර්‍යාගේ ගුරුත්වාකර්ශනයට පෘථිවියත් හසුවීම නිසා එකින් එකට ගැටී මේ වනවිට විශාල විනාශයන් සිදුවී තිබිය යුතුය. නමුත් එසේ සිදු නොවුයේ පෘථිවියෙහි බරෙහි කිසිදු වෙනසක් සිදු නොවු බැවිනි, එසේ පෘථීවියෙහි බරෙහි කිසිදු වෙනසක් සිදුනොවීමට නම් පෘථිවියෙහි තිබෙන පස් වෙනත් ද්‍රව්‍යන් බවට පරිවර්ථනය වියයුතුය. ඒ අනුව ආරම්භ මිනිසා ඇතුළු ඔබත් මාත් සියළුදෙනාම බිහිවි ඇත්තේ පස්වලින් බව මෙම පෘථිවියෙහි බර අපට අනාවර්ණය කරයි. මෙය තවදුරටත් වටහා ගැනීමට මීට පෙර මියගිය අපේ පැරන්නන් වැලළු තැන් පරීක්‍ෂාකර බැලීම ප‍්‍රමාණවත්ය. එහි දී ආරම්භය කෙසේද? අවසානයද ඒ ආකාරයටම සිදුවී ඇති බව වටහාගත හැකිවනු ඇත.

මිනිසා මැටි පසින් මැවු බව ඉස්ලාම් දහම පවසයි එසේ නම් මිනිස් ශරීරයේ අන්තර්ගත විය යුත්තේ පස් හෙවත් පසෙහි අන්තර්ගත රසායනික මුල ද්‍රව්‍යන්ය. මිනිස් ශරීරයේ විවිධ අවයවයන් විවිධ නම්වලින් හැදින් වුවත්. එහි අවසානය ප‍්‍රතිඵලය පස සහා ජලයයි. ඉස්ලාම් දහමෙහි විශ්වාසය හා ඉගෙන්වීමට අනුව මුල් මිනිසා පසින් නිර්මාණය කලබව ශුද්ධ වූ කුර්ආනය පවසයි. මේ අනුව වක‍්‍ර ආකාරයින් පවසන්නේ සියලූ මිනිසා පසින් නිර්මාණය කලබවයි. ඉස්ලාම් දහමේ පවසන මෙම කාරනය කෙරෙහි බුද්ධිමත් ආකාරයට දැන් අවධානය යොමු කරමු.

මෙය සරල පරීක්‍ෂණයකින් තහවුරු කරගත හැක. එනම් බර 70kg වු සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ ශරීරයේ අන්තර්ගත මුලද්‍රව්‍යන් බර අනුව වගුගත කල විට එය පහසුවෙන් වටහාගත හැක. මෙම පරීක්‍ෂණය ආචාර්‍ය ජාන් නම්ස්ලේ විසින් සිදුකරන ලදී. එම පරියේෂනය “ද එමන්ට්ස්” The Amends (තෙවන මුද්‍රණය 1998) නම් ග‍්‍රන්ථයේ පහත ආකාරයට සදහන්ව තීබුණි.

70kg ක බරක් ඇති මිනිස් ශරීරයක් සැලකුවිට එහි අඩංගු මුලද්‍රව්‍යන් පහත ආකාරයට වේ.

මිනිස් ශරීරයේ පවතින ඉහත සදහන් මුලද්‍රව්‍යන්වලින් ඔක්සිජන් හා හයිට්රජන් යන වායුන් දෙක හැර අනිකුත් සියළු මුලද්‍රව්‍යන් පෘථිවිය මත පසෙහි මිශ්‍රව තිබෙන්නේය. එසේම ඔක්සිජන් හා හයිට්රජන් අනු දෙකක් එක්වී (H2O) ජලය සෑදෙන්නේය. ඒ අනුව මිනිසා මැටිපසින් (ජලය මිශ්‍ර පසින්) නිර්මාණය කලායයි පවසන ශුද්ධ වූ කුර්ආන් වාක්‍ය මෙයින් මනාව තහවුරැ කරයි. එසේම සියල්ල පසින් බිහි වී නැවත පස් බවටම පත්වේ යයි පවසන ශුද්ධ වූ කුර්ආන් වාක්‍යද සත්‍ය බව මින් තහවුරු වේ.

ඉහත කරැණුවලට අනුව පෘථිවි මිනිස් සම්භවය ශුද්ධ වූ කුර්ආනය පවසන ආකාරයටම සිදුවී ඇති බව තහවුරැ වේ. එසේ ශුද්ධ වූ කුර්ආනයේ පවසන ආකාරයටම සිදුවීම තුල මෙය සර්ව බලධාරියකුගේ සැලසුම් සහගත නිර්මාණයක් යන්න ද ශුද්ධ වූ කුර්ආනය දේව වාක්‍යයක් යන්න ද පැහැදිලි වේ. එසේම ඩාවින් පවසන ආකාරයට වදුරාගෙන් හෝ අනපේක්‍ෂිත ආකාරයට පෘථිවි මිනිස් සම්භවය සිදුනොවුවා යන්නත් එය සංකීර්ණ සැලසුම් කරණයක් යන්නත් පැහැදිලි වේ. එසේම මීට වසර 1400 කට පෙර ශුද්ධ වූ කුර්ආනය පෘථිවි මිනිස් සම්භවය ඊයේ අද පවසනවා සේ විද්‍යාවට වඩා පියවර ගනනාවක් ඉදිරියෙන් හිද නිරවුල්ව හා පැහැදිලිව සදහන් කිරීම තුල මෙම කුර්ආනය මනුෂ්‍ය බුද්ධියෙන් එහාගිය දිව්‍යමය වාක්‍යයන් බව නැවත නැවතත් අවධාරනය කරයි. එපමණක් නොවේ ඉහත ශුද්ධ වූ කුර්ආනය මෙවැනි ඉඟි ලබාදීම තුලින් නූතන විද්‍යාවට ද මඟපෙන්වයි. එය පරියේෂණ කුටි තුල පරියේෂණ සිදුකොට තහවුරැ කරගැනීම විද්‍යාඥයින්ට හා විද්වතුන්ට බාරය. මන්ද ශුද්ධ වු කුර්ආනය මිනිස් සමාජයට ජීවත්වීමේ මාර්ගය පෙන්වාදෙන දේව ග‍්‍රන්ථයක් මිස විද්‍යාත්මක කරුණු පවසන විද්‍යා ග‍්‍රන්ථයක් නොවන බැවිණී. එය විද්‍යා පරියේෂණ කෘතියක් නොවුවත් එදා වර්ථමාන ලාමාක් සහා ඩාවින් අබිබවා පරිණාමවාදය පිලිබද සැබෑ තතු ලොවට හෙලි කිරීමට සමත්ය. ඒ එය දිව්‍යමය පුස්තකයක් වූ නිසාම පමණි. ඒ අනුව විද්‍යාව ඉස්ලාම් දහමට අශිර්වාදයක් නමුත් ඉස්ලාම් දහම විද්‍යාවට අභියෝගයක්

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/10

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම