බයිබලය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


දහමක මූලාශ්‍රයකට තිබිය යුතු ගුණාංගයන්, එය ආරක්ෂා විය යුතු ආකාරය හා මුස්ලීම්වරුන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය වන “කුර්ආනය” ග්‍රන්ථාරූඨ වූ ඉතිහාසය පිළිබඳව “ආගමික මූලාශ්‍ර හා එහි වලංගුභාවය” යන මාතෘකාව ඔස්සේ මෙම වෙබ් අඩවිය තුල කතා කළෙමු. එහි තවත් පියවරක් ලෙස ශ්‍රී ලාංකීය ආගම්වල මූලාශ්‍රයන් ග්‍රන්ථාරූඨ වූ ඉතිහාසය මෙහි දී විමසා බලනු ලැබේ.

ඒ අනුව කිතුණුවන්ගේ ආගමික මූලාශ්‍රය වන බයිබලය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය මෙහි දී ඉදිරිපත් කෙරේ. බයිබලය ශුද්ධ වූ ග‍්‍රන්ථයක් බවත් එය දෙවියන්ගේ වචන යන්නත් කිතුණුවන්ගේ විශ්වාසයයි. මුස්ලීම් ජනයා ශුද්ධ වූ “කුර්ආනය” දෙවියන්ගේ වචන යයි විශ්වාස කරන ආකාරයට කිතුණුවෝ “බයිබලය” දේව වාක්‍යයන් බව විශ්වාස කරති. නමුත් බයිබලය මනුෂ්‍ය අදහස්වලින් හා ක්‍රියාකාරකම්වලින් අපවිත්‍ර වී ඇතැයි යන්න මාගේ විශ්වාසයයි. එපමණක් නොව බයිබලය තරම් දරුණු හා ඛේදනීය ඉරණමයන්ට ලොව මුහුණ දුන් වෙනත් ආගමික මූලාශ්‍රයක් නැති තරම්ය. මා එසේ පැවසීමට බොහෝ හේතු කාරණා ඇත. මෙම ලිපිය දිර්ඝ වීම සැලකිල්ලට ගෙන කරුණු කිහිපයක් පමණක් මෙහි ඉදිරිපත් කරන අතර කිසියම් කෙනෙකු හට මේ පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් විමසන මෙන් ද ඉල්ලා සිටිමි. දැන් මාතෘකාව වෙත අවධානය යොමු කරමු.

ඉහතින් මා පැවසූ ආකාරයට බයිබලය ආරම්භයේ පටන් ආරක්ෂා නොවූ ග්‍රන්ථයක් යන්නට එය ලියවුණු කාලයම ගෙන හැර දැක්විය හැක. මේ පිළිබඳව 1984.04.09 දින ලන්ඩනයේ රූපවාහිනී නාලිකාවක “JESUS THE EVIDENCE” නමින් වාර්තාමය චිත්‍රපටයක් තුලින් අවධාරනය කර තිබුනේ බයිබලයේ අඩංගු බොහෝ කරුණු සැකයට තුඩු දෙන බවයි. මෙම වාර්තාමය චිත්‍රපටය නිර්මාණය කළ අධ්‍යක්ෂක දෙපල තවදුරටත් පවසා සිටියේ,

“මෙය අපගේ පෞද්ගලික අදහස් නොවන බවත් බයිබලය හා ඉතිහාසය සම්බන්ධ දීර්ඝ පරියේෂණ කොට ලබා ගත් තොරතුරු” බවත් ය. මෙම බයබලය යේසුස් වහන්සේගේ කාලයේ නොලියූ බවත් එතුමාගෙන් පසු අවුරුදු 80-100 අතර කාලයේ නමක් පවා නොදන්නා පුද්ගලයකු විසින් ලියන ලද්දක් යන්නත් ඔවුන්ගේ නිගමනයයි.

ඉහත වාර්තාව තුලින් බයිබලය ග්‍රන්ථාරූඨ වූ ආකාරය පිළීබඳව දල අවබෝධයක් ගත හැකි වේ. මෙහි වඩාත් අවාසනාවන්ත තත්වය වන්නේ මෙහි ඇති භාෂාමය ගැටළුවයි. එනම් යේසුස් වහන්සේ සහා එවකට සමාජයේ භාවිතයේ පැවති භාෂාව වන්නේ “සුර්යානි” නම් භාෂාවකි. එතුමාණන් සමාජය දේව වාක්‍යයන් දේශනා කළේත් එම භාෂාවෙන්මය. නමුත් ප්‍රථම වතාවට බයිබලය ලියැවෙන්නේ “ග්‍රීක” භාෂාවෙනි. එසේ ලිය වූ බයිබලය ඊට වසර 200 කට පමණ පසුව නැවත “සුර්යානි” භාෂාවට පරිවර්තනය කරනු ලබයි. මේ අනුව මෙම බයිබලයේ පාරිශුද්ධභාවය කොතරම් දුරට කෙලසී පැවතිය යුතුද යන්න අවබෝධ කර ගැනීම අපහසු නොවේ. මීට අමතරව වර්තමාන සමාජයේ බයිබලයට අත් වී ඇති ඉරණම දෙස බලන කල මෙම ග්‍රන්ථය ශුද්ධත්වයෙන් බොහෝ දුරගොස් ඇති බව ඔබට ම පැහැදිලි වනු ඇත.

ඒ අද කිතුණුවන් හමුවේ බයිබල් වර්ග කීයක් නම් තිබෙනවා ද? මෙම බයිබල් එකින් එකට වෙනස් ය. සමහරක් බයිබල්වල බොහෝ කොටස් ඉවත් කර ඇත. තවත් බයිබල්වල අලුතින් කරුණු එක්කොට ඇත. කෙටියෙන්ම පවසනවා නම් මේවා සංශෝධනයන්ට ලක් වෙලා ය. දේව වාක්‍යයන් මත පදනම් වූ මෙම වාක්‍යයන් සංශෝධනය කිරීම සාමන්‍ය මනුෂ්‍යයකුට කළ හැකි දෙයක් ද? යේසුස් වහන්සේගෙන් පසු දේව වාක්‍ය පහල වූයේ කාට ද? තමන්ට අවශ්‍ය ආකාරයට දේව ග්‍රන්ථයක් සංශෝධනය කර ගත හැකි නම් එය ශුද්ධ වූ ග්‍රන්ථයක් වේ ද? ඔබගේ දැනගැනීම පිණිස වර්තමාන සමාජයේ භාවිතයේ පවතින බයිබල් වර්ග කිහිපයක් සදහන් කරන්නේ නම්,

  • The Revised Standard Version
  • New American Standard Bible
  • New World Translation Of The Holy Scriptures
  • King James Version
  • Reader’s Digest – Bible Desired to be Read as Literature (බයිබලයෙ හි පරණ ගිවිසුම 50% ක් අඩු කොට නිකුත් කළ අතර අළුත් ගිවිසුම 25% ක් පමණ සංක්ෂිප්ත කොට නිකුත් කර ඇත.)
  • Bible De-sex (කි‍්‍රස්තියානි ආගමික විද්වතුන්ට බයිබලයේ ඇති අසභ්‍ය කරුණු සියල්ල ඉවත් කොට ශුද්ධ පවිත‍්‍ර කරන ලදී.)
  • Authorized Version
  • The Good News Bible

ඉහත දක්වා ඇත්තේ අද සමාජයේ භාවිතයේ පවතින බයිබල් කිහිපයකි. මාගේ ප්‍රශ්නය වන්නේ,

  • ඉහත සියල්ලම ශුද්ධ වූ ග්‍රන්ථ ද?
  • මෙම ශුද්ධ වූ ග්‍රන්ථ සංශෝධනය කිරීමේ බලය හා දැනුම ඇත්තේ කාට ද?
  • පොදු ජනතාව නිවැරදි දේව ග්‍රන්ථය තෝරාගන්නේ කෙසේ ද?

ඉහත කරුණුවලින් පැහැදිලිවම පෙනෙන්නේ බයිබලය මනුෂ්‍ය චින්තනයන්ගෙන් සම්පූර්ණයෙන්ම විකෘති වී ඇති බව නොවේ ද? එහි මේ විකෘතිතාවයන් ඇති වුයේ අද ඊයේ නොවේ. එය බයිබලය ග්‍රන්ථාරූඪ වන විට ම සිදු වූ බවට බොහෝ සාක්ෂි බයිබලයේම සදහන් වේ. සරල නිදසුනක් පවසනවා නම්,

සංඛ්‍යාත්මක වශයෙන් සිදුවී ඇති පරස්පර ඔබගේ බුද්ධිමත් අවධානයට

  • උදාහරණ – 2 සාමුවෙල් 8, 4වන වාක්‍ය හා 1 ලේකම් 18, 4 වන වාක්‍යය
  • උදාහරණ – උත්පත්ති 5-32 හා උත්පත්ති 7-6 වාක්‍යය

මෙවැනි වැරදි දේව වාක්‍යයන් හි කිසිසේත් ඇති විය නොහැකි යන්න සෑම කිතුණුවෙකුම තරයේ පිළි ගන්නා කාරණයකි. එසේ නම් ඉහත වැරදි ඇති වූයේ කෙසේ ද? මීට අමතරව බයිබලය ශුද්ධ වූ වාක්‍යයන් නම් ද එය යේසුස් වහන්සේ මඟින් ප්‍රකාශ වු කාරණයන් නම් ද එහි යේසුස් වහන්සේගේ මරණින් පසු කාරණයන් අන්තර්ගත වුයේ කෙසේ ද? එය පැවසූ පුද්ගලයා කවුරුන්ද? මේ සියල්ල තුලින්ම මෙම බයිබලය ශුද්ධත්වයෙන් මිදී ඇති බව පැහැදිලිවම වටහ‍ාගත හැක.

(මෙම විෂය සමබ්න්ධයෙන් සවිස්තරාත්මක වත්මන් බයිබලය දේව හෙලිදරව්වක් ද? යන ලිපිය තුලින් කියවන්න.)

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/5

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම