බුද්ධිමත් හා සාධාර්ණ වු ශක්තිවන්ත නායකත්වයක අවශ්‍යතාවය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


ආර්ථික, සමාජීය හා දේශපාලනමය වශයෙන් දැඩි කඩාවැටීමකට ලක්ව ඇති ශ්‍රි ලංකාව තුල අද උණුසුම ම මාතෘකාව ‘නායකත්වය’ යන්නයි. මෙම ‘නායකත්වය’ යන්න රජ්‍ය පාලනයේ පටන් කුඩාම කුඩා ගමේ සමිතියක් දක්වා ක්‍රියාත්මක අත්‍යඅවශ්‍ය සාධකයකි. කෙසේ වෙතත් මෙම ලිපිය තුලින් කථා කිරිමට අදහස් කරන්නේ ‘රාජ්‍ය පාලනයක බුද්ධිමත් හා සාධාර්ණ වු ශක්තිවන්ත නායකත්වය’ යන විෂය පිලිබදවයි.

‘නායකත්වය’ යන විෂය ලොවපුරා විද්වතුන්, වෘත්තිකයන් සහ පාලකයන්… යනාදී බොහෝ පිරිස් විසින් විවිධ කෝණයන් ඔස්සේ විවිධ අවස්ථාවල සාකච්ඡා කරන ලද විෂයයකි. ඔවුන් එහිදී විවිධ ක්ෂේත්‍රවල අනුගමනය කළ හැකි නායකත්වයේ ශෛලීන් එහි යෝජනා කොට සිටී. මේ කවර ශෛලීන් හා න්‍යායන් යෝජනා කලත් සෑම පාලකයෙක් සතුව තිබිය යුතු මුලික කොන්දේසි කිහිපයක් ඉස්ලාම් දහම යෝජනා කරයි. එනම්,

* බුද්ධිමත් විම,
* සාධාර්ණ වීම,
* ශක්තිවන්ත විම,

ලොව ඕනැම සාර්ථක පාලනයක් හොදින් අධ්‍යනය කලේනම්, ඒ තුල ඉහතින් සදහන් ගුණාංග නොඅඩුව දක්නට ලැබේ. දේව වක්තෘ මුහම්මද් (සල්) තුමාණන් ඇතුළු අබුබක්කර් (රලි), උමර් (රලි), උස්මාන්(රලි) සහ අලි (රලි) යන ‘කුලෆා-අර්-රාශිදින්’ නම් ප්‍රධාන නායකයන් පස්දෙනාගේ පාලන සමයේද මෙම ගුණාංග පිලිඹිබු විය. මේ හේතුව නිසාම වසර 50 ක (ක්‍රි;ව; 611-661) සාර්ථක රාජ්‍ය පාලනය සිදුවිය. එවන් පාලනයක් අද සමහරක් මුස්ලිම් රටවල් නොසලකා හැරීම ඉතා අවාසනාවන්ත තත්වයකි. ‘කුලෆා-අර්-රාශිදින්’ නම් විශිෂ්ඨයන්ගේ විශිෂ්ඨ රාජ්‍ය පාලනය අදත් ලෝක ඉතිහාසය තුල කථා කරන සාර්ථකම රාජ්‍ය පාලන කාල පරිච්ඡේදයකි. එය තම රටේ පුරවැසියන් ඔවුන්ගේ නායකයින් විසින් ආරක්ෂා කරන ලද, සේවය කරන ලද, මෙහෙයවන ලද, නියෝජනය කරන ලද… සාර්ථක රාජ්‍ය පාලනයක් විය. විශේෂයෙන් මෙය ලොව පුරා සිටින සියලුම මුස්ලිම්වරුන් විසින් අනුගමනය කළ යුතු අල්-කුර්ආනයට සහ අල්-හදීසයට අනුව වු ඉස්ලාමීය නායකත්වයේ හොඳම සංකල්ප මත පදනම් වු රාජ්‍ය පාලන ක්‍රමය විය.

ඉස්ලාම් යනු නායකත්වය ඇතුළු සියලු කාරණා පාලනය කරන දහමකි. යුක්තිය සහ සාධාර්ණය මත පදනම් වූ පරමාදර්ශී සමාජයක් සාක්ෂාත් කර ගැනීමේ වැදගත්ම අංගය යහපත් හා බුද්ධිමත් නායකත්වයයි. එම සාර්ථක නායකත්වය සමාජය තුල නිර්මාණය වීම පිණිස ඉස්ලාම් දහම යෝජනා සහ කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කරයි. ඒ අතුරින් ශක්තිමත්, බුද්ධිමත් හා සාධාර්ණ වු නායකත්වය ඉතා වැදගත් ගුණාංගයක් යන්න ඉස්ලාම් අවදාරනය කරයි.

   අමානාත් (භාරයන් දැරීමට) සුදුසු වු අයට ඒවා භාර දෙන ලෙසත්, නුඹලා මිනිසුන් අතර විනිශ්චය කරන විට සාධාර්ණ ලෙස විනිශ්චය කරන ලෙසත් අල්ලාහ් නුඹලාට අණ කරයි. අල්ලාහ් නුඹලාට දෙන උපදේශය උත්තරීතරයි. අල්ලාහ් සර්වඥය, සර්ව ප්‍රඥයය.

අල්කුර්ආන් 4-58

  • අමානාත් රකින්නා යනු – තමන්ට අයිති නොවන නමුත් එය නිසි ලෙස ආරක්ෂා කරන භාරකරු යන්නයි.
   නියත වශයෙන්ම අල්ලාහ් නුඹලාට තාලුත් රජකු ලෙස පත් කළේ යැයි ඔවුන්ගේ නබිවරයා ඔවුනට කීවේය. අප රජකමට ඔහුට වඩා සුදුසුව සිටියදීත් ඔහු මහා ධන සම්පත්තියක් නොලැබ සිටියදීත් රජකම ඔහුට ලැබෙන්නේ කෙසේදැයි ඔවුහු කීහ. නියත වශයෙන්ම අල්ලාහ් ඔහුගේ කාය බලයෙහිද ප්‍රඥාවෙහිද පුළුල් බව වැඩි කොට ඔහුව නුඹලාට ඉහළින් තෝරා ගත්තේ යැයිද තවද අල්ලාහ් ඔහු අභිමත වූ කෙනකුට ඔහුගේ රාජ්‍යය පවරන්නේ යැයිද අල්ලාහ් සර්වව්‍යාපක හා සර්වඥානී යැයිද ඔහු (නබිවරයා) කීය.

අල්කුර්ආන් 2-247

රටක නායකයින් බුද්ධිමත් නොවන විටත්, එම පාලකයින් අවස්ථාවාදින් වනවිටත් ඒ රටට අත්වන්නේ අවාසනාවන්ත ඉරණමකි. මෙය ලෝක ඉතිහාසය තුල පමණක් නොව අප රට තුල ද ඕනෑවට වඩා ඔප්පු කොට පෙන්වා ඇත. එසේම රාජ්‍ය පාලනයට අවශ්‍ය ජවය නොමැති වයෝවෘද්ද මහල්ලන් නායකයන් වු විට එම තත්වය තවත් සංකිර්ණය. එම නිසයි ඉස්ලාම් දහම ශක්තිමත්, බුද්ධිමත් හා සාධාර්ණ වු නායකත්වය දැඩිව අවදාරනය කරන්නේ.

මේ අවාසනාවන්ත ඉරණ තේරුම් නොගත් ජනයා තම රටේ පාලකයන් ලෙස දුර්වල, අනුවණක්කාර, අවස්ථාවාදින් තෝරා පත්කර ගැනීමේ විපාකය අද අප ශ්‍රි ලංකිකයන් ලෙස අත්විඳිමින් සිටින්නෙමු. අද අවස්ථාවදී මහල්ලන් පිරිසක් පාලකයන් ලෙස රටට නායකත්වය දෙමින් සමස්ථ රටම අද අගාදයට ගෙන ගොස් ඇත. රටේ කොඳුනාරුටිය වන බුද්ධිමත් තරුණ ජවය නිසි ලෙස ප්‍රයෝජනයට නොගෙන අවස්ථාවාදීව මේ රටට කල විනාශය පරම්පරා ගණනකින් වන්දි ගෙවීමට සිදුව ඇත. මෙහි අවාසනාවේ තරම කියන්නේ මේ මහළු නායකයන්ට අදටත් මේ රටට අත්වෙමින් තිබෙන විනාශය තේරුම් ගන්න තරම් බුද්ධියක් ද නොමැතිවීමයි.

මෙවැන් අසාර්ථක පාලකයන් තෝරා පත්කල ජනතාවට බුද්ධිමත් හා සාධාර්ණ වු ශක්තිවන්ත නායකයන් තෝරා පත්කරන්න දැන්වත් නුවණැස පෑදේවා! යන ප්‍රාර්ථනයෙන් මෙම සටහන අවසන් කරමි.


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/28

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම