මතින් තොර හෙටක්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


යහමග අඩවිය මීට ඉහත දී කිහිප අවස්ථාවක මත්ද්‍රව්‍ය භාවිතය ආදීනයන් පැහැදිලි කරමින් මනුෂ්‍යාහට ලෞකිකව මෙන්ම ලෝකොත්තරව අත්වන භයානක ඉරණමයන් පිලිබදව විවිධ මාතෘකාවන් ඔස්සේ පාඨක ඔබට කරුණූ ඉදිරිපත් කලෙමි. එවැනි ලිපි කිහිපයක් ඔබේ මතකයට ගෙන එන්නේ නම්,

යනාදී වශයෙනි. මිනිස් සමාජය සුන්දර මුලාවකට නතුකොට ඔවුනට විනාශය ලඟාකරන මෙම මත් උවදුරින් රටත් සමස්ථ ජාතියත් මුදවා ගැනීමේ අවශ්‍යතාවය එම ලිපි තුලින් කරුණු සහිතව ගෙනහැර දැක්වුයෙමි. “මතට තිත” තබන්න පොරොන්දු දෙන වර්ථමාන දේශපාලන පසුබිම තුල “මත තිත”ට තිත තබා ඇතිදෝ යන්න සිතන්නට පොළොඹවන ආකාරයේ සිදුවීම් කිහිපයක් පසුගිය දින කිහිපයේ අපේ රට තුල විවිධ ප්‍රදේශයන් හි සිදුවීම මාධ්‍යයන් තුලින් අපට දැකගන්නට ලැබුණි. එවන් සිදුවීම් කිහිපයක් පසුබිම් කරගත් බ්ලොග් ලිපියක් ඔබගේ අවධානයට යහමග අඩවිය හරහා ඉදිරිපත් කරන්නේ එවන් වූ මෙහෙවරකට ජාති, ආගම් හෝ දේශපාලන භේදයකින් තොරව සහයෝගය දැක්වීම පිණිසත්, මෙවන් විරෝධතාවයන් රට පුරා දියත් කිරීම කාලීන අවශ්‍යතාවයක් වන නිසාත් පමණි.

මතට තිත – තිතට මත වේ


ශ්‍යාම් නුවන් ගනේවත්ත 2011.07.13 දින “දිවයින” ජාතික පුවත්පතට ලියන ලද ලිපිය

රජය විසින් “මතට තිත” ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළත් මේ වසරේ (2011) පළමු මාස පහ තුළ රටේ සැර මත්පැන් හා බීර නිෂ්පාදනය සැලකිය යුතු ලෙස ඉහළ ගොස්‌ තිබේ.

මේ අනුව සැර මත්පැන් නිෂ්පාදනය සියයට 12 කින් සහ බීර නිෂ්පාදනය සියයට 30 කින්ද වසරේ පළමු මාස පහ තුළ ඉහළ ගොස්‌ ඇති බව මුදල් අමාත්‍යාංශයේ නවතම වාර්තාවකින් හෙළිදරව් වේ.

මෙසේ මත්පැන් නිෂ්පාදනය ඉහළ යැම සහ මත්පැන් සඳහා රජය අයකරන බදු වැඩිවීම නිසා මේ වසරේ පළමු මාස පහේදී (ජනවාරි – මැයි) මත්පැන්වලින් අයකරන නිෂ්පාදන බදුවලින් රජයට ලැබුණු ආදායම ගිය වසරේ (2010) පළමු මාස පහට සාපේක්‌ෂව සියයට 59 කින් ඉහළ ගිය බවද මුදල් අමාත්‍යාංශයේ එම වාර්තාවේ සඳහන්ය. ඒ අනුව 2010 වසරේ පළමු මාස පහේදී මත්පැන් වලින් ලද රුපියල් දශ ලක්‌ෂ 14257 ක බදු ආදායම මේ වසරේ (2011) පළමු මාස පහේදී රුපියල් දශලක්‌ෂ 22725 දක්‌වා රු. දශලක්‌ෂ 8468 කින් ඉහළ ගොස්‌ තිබීම කැපී පෙනේ.


වාද්දුවේ සුරා සලක් විවෘත කලොත් ලංකාවේම දහම් පසල් වහනවා

මෙතෙක් කල් සුරාසලක් නොතිබූ වාද්දුව නගරයට සුරාසලක් විවෘතකිරිම සඳහා සුරාබදු කොමසාරිස් විසින් අවසර ලබාදී ඇති අතර එයට දැඩි විරෝධය පලකරන සමස්තලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේකඛාධිකාරී ශාස්ත්‍රපති ගොනාදුවේ ගුණානන්ද හිමියෝ ප්‍රකාශ කරන්නේ වාද්දුව නගරයේ සුරාසලක් විවෘතකළහොත් සමස්ත ලංකාවේම දහම් පාසල් වසා දැමීමට කටයුතු කරන බවයි.

පසුගිය මස 29 වනදා සමස්තලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන සභාපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවති සමස්තලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ මහා සබා රැස්වීමේදී මේ සම්බන්ධව පල කල යෝජනාව ඒකමතිකව සම්මත වී ඇත.

අදාළ සුරාසලට බලපත්‍රය ලබාදීමට මෙයට පෙර විරෝධය පලකොට තිබුනේ සුරාසැල විවෘතකිරිම නතර නොකළහොත් අගෝස්තු පලවනදායින් පසුව කළුතර දිස්ත්‍රික්කයේ සියලුම දහම් පාසල් වසා දමන බව පවසමිනි.

ඒ අනුව පසුගිය දිනවල සුරාසලට විරුද්ධව විරෝධතාවන් කිහිපයක්ද පැවැත්විය.

මෙයට පෙර මෙවන් විරෝධතාවයක් මතුවුනේ අනුරාධපුරය කඩ පනහේ සුරා සලක් විවෘත කිරීමට එරෙහිවයි.


මෙවැනි පෙලගැසීම් කාලීන අවශ්‍යතාවයක් වන අතර එය ජාති ආගම් භේදයකින් තොරව සමාජය තුල දියත් කලයුතුය. රටේ “සුභ අනාගතය” වෙනුවෙන් ඉටුකරන මෙවන් මෙහෙවරයන් සදහා යහමඟ අඩවිය ද පූර්ණ දායකත්වය නොපැකිලී ලබාදීමට ඉදිරිපත් වන බව පාඨක ඔබට සතුටින් දන්වා සිටිමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/13

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම