මත නමුත් තිත නොවූ කෝලා

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ඩ්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්… ඩ්ර්ර්… ඩ්ර්ර්… - මෙම හඩ ඇසූ පමණින් ඔබේ මතකයට කිසියම් පානයක් සිහියට නැ‍ඟෙනු ඇත. ඒ මේ දිනවල තම වෙළද පොල පැවැත්ම ජනතාව අභියස තවදුරටත් ආරක්ෂා කර ගැනීමට වෙරදරන “කොකා කෝලා” පානයයි. මා එසේ පැවසීමට හේතුවක් ඇත. එම කාරණය පිලිබදව කථා කිරීමට මත්තෙන් මෙම පානයේ රසයට අමතරව එහි ඇති සුවිශේෂි හැකියාවන් කිහිපයක් ඔබගේ දැනගැනීමට (විවිධ වෙබ් අඩවීන් තුලින් උපුටාගෙන) යොමු කිරීමට අදහස් කරමි. එනම්,

  • මළකඩ පිරිසිදු කිරීම – ක්‍රෝමියම් කාර් බම්පර්වල මළකඩ පැල්ලම් ඉවත් කිරීමට කොකා කෝලාවල පොඟවා ගත් ඇලුමිණියම් කඩදාසි කැබැල්ලක් මඟින් බම්පරය පිසදමන්න.
  • වැසිකිලි පිරිසිදු කිරීමට – කොකා කෝලාවල ඇති සිට්රික් අම්ලය නිසා වැසිකිලි ව‍ළේ ඇති පැල්ලම් ඉතා පහසුවෙන් ඉවත්කර ගතහැක.
  • (වාහනවල) බැටරි අග්‍ර පිරිසිදු කිරීමට – බැටරි අග්‍ර නිතර මළබැදෙන නිසා එහි කොකා කෝලා වත්කිරම මඟින් එය බුබුල් දමමින් ඉතා පහසුවෙන් පිරිසිදු වේ.
  • රෙදිවල ග්‍රීස් පැල්ලම් ඉවත් කිරීම – මේ සදහා පැල්ලම් ඇති තැනට කොකා කෝලා ස්වල්පයක් වත්කොට එය පෙ‍ඟෙන්නට හැර සෝදන්න
  • තද වූ බෝලිට් හා මුරිච්චි ගැලවීමට – කිසියම් මුරිච්චි තදවීමක් පහසුවෙන් ගලවාගැනීම සදහා එම ස්ථානයට කොකා කෝලා ස්වල්පයක් දමන්න.

කොකා කෝලා පානයක් ලෙස යොදාගන්නවාට අමතරව ඉහත සදහන් ආකාරයේ බොහෝ කටයුතු සදහා ද භාවිතා කලහැකි බව අන්තර්ජාල බොහෝ ලිපි මඟින් අනාවර්ණය කරයි. මෙම කොකා ‍කොලා හි සැබෑ ස්වරෑපය පහසුවෙන් අවබෝධ කරගැනීම සදහා ඉහත කරුණුවලට අමතරව මෙම පහත නිදසුන ප්‍රමණාවත් වනු ඇත. එනම්,

“සාන්ද්‍ර කොකා කෝලා දියර ප්‍රවාහනයේ දී අධි පිලිස්සුම් ද්‍රව්‍ය ප්‍රවාහනය සදහා නිකුත්කරන ‘අනතුරුදායක ද්‍රව්‍ය’ යන පුවරුව ට්‍රක් රථයේ ඉදිරිපස ප්‍රදර්ශනය කිරීම අනිවාර්‍ය වේ.”

මීට අමතරව ඇමරිකාව විසින් 2001 වර්ෂයේ ලොව දූෂිතම පානය ලෙස “කොකා කෝලා” නම් කිරීම හා CAN හෙවත් කොළොම්ඹියා ක්‍රියාකාරී ජාලය විසින් සෑම වර්ෂයකම ජූලි 22 දින “ජාත්‍යන්තර කොකා කෝලා විරෝධතා දිනය” ලෙස නම් කිරීම ද මෙහි සදහන් කලයුතුම කාරණයකි. මෙවනු වූ පානයක් පිලිබදව යහමඟ කථා කරන්නේ මන්ද? යන ගැටළුව මෙම ලිපිය කියවන බොහෝ පිරිසකට දැන් ඇති වන්නට පුළුවනි.

මෙම පානය පිලිබදව යහමඟ අඩවිය තුල කථා කිරීමට හේතූන් කිහිපයක් ඇත. ඉන් ප්‍රධාන කාරණය නම් මෙම පානය මුස්ලීම් ජනතාව අතර ජනප්‍රිය පානයක් වීමයි. අනික් කාරණය නම් මෙම පානයේ වැදගත් පැතිකඩක් වසර 125 කට පසු ලෝකයාට නිරාවර්ණය වූ බව බහුතර ලාංකීය ප්‍රජාව නොදැන සිටීමයි. මේ හේතු දෙක මූලික කරගෙන ලියනු ලබන මෙම ලිපියේ ශ්‍රී ලාංකීකයන් වශයෙන් ඔබගේ අවධානයට ගෙන එන්නට තවත් කාරණයක් ඇත. එනම් අපේ රට තරම් “මතට තිත” තබන්න කථා කරන කිසිදු රටක් ලොව නැති තරම්ය. අපේ රට තරම් දෛනිකව “මතින් වැලකෙන්නට” පොරොන්දු දෙන රටක් ද ලොව නැති තරම්ය. එවන් වූ අපේ රටේ (2006 සංඛ්‍යා ලේඛනවලට අනුව) මත්පැන් නිසා දිනකට අපේ රටේ මියෙදෙන ගනන 15කි (වර්ෂයකට 15 x 30 x 12 = 5400). අප වැනි කුඩා රටකට මෙපමණ සංඛ්‍යාවකගේ ජීවිත අහිමිවීම කිසිසේත් නොසලකා හැරීමට නොහැක. මෙහි දක්වා ඇත්තේ මියදෙන සංඛ්‍යාව පමණක් නිසා මේ මත්පැන් භාවිතය නිසා දිනපතා රොගීවන පිරිසද නොසලකා හැරිය නොහැක. මේ සියල්ලට මූලික වන මත්පැන් වර්ග පිලිබදව ද කිසිසේත් කථා නොකර සිටිය නොහැක. එම මත්පැන් අතර ජනප්‍රිය පානය වන “කෝකා කෝලා” ද අන්තර්ගත බව මා පවසන්නේ නම් එයද සුළුකොට තැකිය නොහැක.

කිසියම් පානයක් මත්පැන් බව දැන දැන කිසිවකු පානය කිරීමත්, එය මත්පැන් බව නොදැන පානය කිරීමත් අතර විශාල වෙනසක් ඇත. දෙවන ක්‍රමයෙන් පාරිභෝගික ජනතාව මුලාවට පත්කරන අතර එවැනි ක්‍රියාවක් ශිෂ්ඨසම්පන්න සමාජයක් කිසිවිටෙක අනුමත නොකරනු ඇත. එවන් පහත් ක්‍රියාවක “කොකා කෝලා” නිරත වී සිටිනා යයි මා පැවසුවේ නම් ඔබ මවිතවනු ඇත. එම තොරතුරැ මෙසේය.

1886 දී එනම් මීට වසර 125 කට පෙර මෙම “කොකා කෝලා” බීම විශේෂය ලොවට හදුනාදෙන ලදී. මෙසේ ඇරඹුනු කෝලාව අද ලොව දිනාගෙන තිබෙන ස්ථානය සදහන් කරන්නේ නම් එය අද ලොව සෑම රටකම දිනකට බෝතල් කොටි 160 ක් පරිභෝජනය වන තැනට පත්ව ඇත. මෙවැනි තැනක් එනම් ප්‍රබල ජනතා ආකර්ශනයක් කොකා කෝලා දිනාගැනීමේ රහස කුමක්ද?. මෙම ප්‍රශ්නයට විසදුම් සෙවීමට විටින් විට ලෝක විද්වතුන් උත්සාහ කලද එය ලොව කිසිදු ජගතෙකුට කරන්නට නොහැකි විය. එයට හේතුව වුයේ මෙම “කොකා කෝලා” නිෂ්පාදන වට්ටෝරුව ඇමරිකාවේ එක්තරා බැංකු ලොකරයක ඉතා ආරක්ෂිත ලෙස තබා තිබීමයි. නමුත් පසුගිය දවසක කුමන හෝ ආකාරයකට මෙම වට්ටෝරුවේ ඡායා පිටපතක් අන්තර්ජාලයට නිකුත් වී තිබූ අතර “අල්ජසීරා” මධ්‍ය ආයතනය මෙය ලොවටම නිරාවර්ණය කරන ලදී. එම රහස් වට්ටොරුව පහත ආකාරයට වේ.

  • Fluid extract of Coca: 3 drams USP
  • Citric acid: 3 oz
  • Caffeine: 1 oz
  • Sugar: 30 lbs
  • Water: 2.5 gal
  • Lime juice: 2 pints (1 quart)
  • Vanilla: 1 oz
  • Caramel: 1.5 oz or more for color

The secret 7X flavor (use 2 oz of flavor to 5 gals syrup):

  • Alcohol 8 oz
  • Orange oil: 20 drops
  • Lemon oil: 30 drops
  • Nutmeg oil: 10 drops
  • Coriander oil: 5 drops
  • Neroli oil: 10 drops
  • Cinnamon oil: 10 drops

ඉහත වට්ටෝරුවේ සදහන් Alcohol8oz යන්න මධ්‍යසාර ඝනයට අයත් වන බවත් ඒ අනුව “කොකා කෝලා” පානය මත්පැන් ඝනයට අයත් බීම වර්ගයක් යන්න තහවුරු විය. ඒ අනුව අද කුඩා දරුවන් අතර පවා ඉතා ජනප්‍රිය පානයක් වන මෙම “කොකා කෝලා” දෙමාපිය අශිර්වාදය ලත් මත්පැන් බවට පත් වී තිබෙනවා නොවේද? “මතට තිත” තබන්නට පිඹුරුපත් සකස අපේ සමාජයේ මෙවැනි දෑ වලින් අනාගත පරම්පරාව මුදවා ගැනීම වර්ථමාන වැඩිහිටි පරම්පරාවේ කාලීන වගකීමක් නොවේද?.

ඉහත ආකාරයට ශ්‍රී ලාංකීය සමස්ථ ජාතීයේම අවධානය ඉහත කාරණයට යොමු කරන ගමන් මූස්ලීම් ප්‍රජාවගේ අවධානයට ද කරුණූ කිහිපයක් සදහන් කරන්නට ඇත. මුස්ලීම් ජනතාව අතර ද ජනප්‍රිය පානයක් වන මෙම “කොකා කෝලා” සමහරක් පිරිසට ආහාර ගැනීමේදී නැතුවම බැරිය. (මෙය එක්තරා ආකාරයක ඇබ්බැහි වීමක් බව අමතක කලයුතු නොවේ) ඉහත සදහන් කරුණු තුලින් මෙම “කොකා කෝලා” පානයෙන් වැලකීසිටීමේ අවශ්‍යතාවය පිලිඹිබු වුවත්, ඉස්ලාමීය ඉගෙන්වීමන් මූලික කරගෙන පවත්වාගෙන යන වෙබ් අඩවියක් ලෙස මෙම විෂය සම්බන්ධයෙන් ද ඉස්ලාමීය ස්ථාවරය කුමක්ද? යන්න මුස්ලීම් සමාජයට අනාවර්ණය කිරීමේ වගකීම මෙම අඩවියට පැවරී ඇත.

ඒ අනුව මෙම විෂය එනම් මත්පැන් භාවිතය පිලිබදව ඉස්ලාම් දීර්ඝ වශයෙන් කථා කලත් ඉහත “කොකා කෝලා” හි තත්වය ආගමික මුහුණුවරකින් අවබෝධ කර ගැනීම පිණිස මුහම්මද් (සල්) තුමාණන්ගේ “හදීසයක්” ඔබගේ අවධානයට යොමු කරන්නට කැමැත්තෙමි.

“අල්ලාහ් (දෙවියන්)ගේ දූතයාණන් පැවසූ බවට ආයිෂා (රලි) තුමිය මෙසේ පවසයි. නබි තුමාණන් හමුවේ මී පැණිවලින් සකසන ‘අල්බීත්’ නැමැති පානය පිලිබදව විමසන ලදී. එයට නබිතුමාණන් ‘මත ගෙනදෙන සෑම පානයක්ම (හරාම්) තහනම් වේ’. යනුවෙන් පවසන ලදී.”

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්

ඉහත හදීසයට අනුව මත්ගතියක් ඇති කරවන පානයන් බාවිතා කිරීම තහනම් බව පැහැදිලි වේ. මෙසේ මා පවසන විට කෙනෙකුහට මෙවැනි සැකයක් එනම් “මත්වෙනකම් බිව්වොත් නේ තහනම් අපි මත් වෙනකම් බොනේනේ නැහැ නේ …” යනුවෙන් සිතෙන්නට පුළුවනි. නමුත් එම කාරණය ද බොහෝ හදීසයන් තුලින් නබිතුමාණන් පැහැදිලි කරන ලදී. එවැනි එක් හදීසයක් සදහන් කරන්නේ නම්,

” ‘අධික ලෙස පානය කලේනම් (එයින්) මත්ගතියක් ගෙන ඒ නම් එම පානය සුළු වශයෙන් පානය කිරීම ද (හරාම්) තහනම් වේ’ යනුවෙන් නබිතුමාණන් පැවසූ බවට ජාබිර් (රලි) තුමාණන් පවසයි.”

මූලාශ්‍ර ග්‍රන්ථය – තිර්මිදි

ඉහත හදීසයට අනුව හා මෙම ලිපිය ආරම්භයේ සිට මේ දක්වා ඉදිරිපත් කල කරුණූ හොදින් විශ්ලේෂණය කලේනම් “කොකා කෝලා” පානය කිරීම මුස්ලීම් සමාජයට හරාම් (තහනම්) බව පහසුවෙන් අවබෝධ කරගත හැක. එසේ නම් කලයුතුව ඇත්තේ අල්ප වින්දනයකට ඇබ්බහි නොවී, එසේම (වෙළද දැන්වීම් මඟින්) මුදලට විකිණෙන ජනප්‍රිය චරිත පුර්වාදර්ශයට ගෙන ඒ ඔස්සේ මුලා නොවී මෙම විෂ පානයෙන් වැලකී සමාජය ද එයින් මුදවා ගැනීමයි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/7

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම