මලාඉකාවරුන් හෙවත් දේවදූතයන්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


අල්ලාහ් (දෙවි)
අල්ලාහ් (දෙවි)

ඉස්ලාම් දහමේ දිව්‍ය වදන් පෙලගැස්ම වන අල්කුර්ආනය සහ අල්හදීස් ඇසුරෙන් 'මලාඉකාවරුන් නොහොත් දේවදූතයන්' විමසා බැලීම මෙම ලිපියෙහි මූලික අරමුණයි. ඒ අනුව විවිධ වූ අනුමාතෘකාවන් ඔස්සේ එම කාරණය වෙත මෙම ලිපිය තුලින් දැන් අවදානය යොමු කරමු.

මලාඉකාවරුන් හෙවත් දේව දූතයන් පිලිබද වූ විශ්වාස පුස්තකය ඇසුරෙන්

මලායිකාවරු දෙවිගේ ශ්‍රේෂ්ඨ ගැත්තෝ ය. ඔවුහු දෙවිට පමණක් නැමදුම් කර උන්වහන්සේට ම අවනත වෙති.

  وَلَهُ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَنْ عِندَهُ لَا يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِهِ وَلَا يَسْتَحْسِرُونَ :19* يُسَبِّحُونَ اللَّيْلَ وَالنَّهَارَ لَا يَفْتُرُونَ :20* سورة الأنبياء  

අහස් හා පොළොවෙහි සිටින සියලු දෙනා උන්වහන්සේට ම හිමි ය. උන්වහන්සේ සමඟ සිටින්නෝ (මලායිකාවරු) උන්වහන්සේ ව නැමදීමට ආඩම්බර නොවෙති. තවද ඔවුහු වෙහෙසට පත් නොවෙති. රාත‍්‍රියේ ද දවාලයේ ද (උන්වහන්සේව) සුවිශුද්ධ (තස්බීහ්) කරති. ඔවුහු ව්ඩාවට පත් නො වෙති.  

අල් කුර්ආන් 21:19,20

    لَا يَعْصُونَ اللَّهَ مَا أَمَرَهُمْ وَيَفْعَلُونَ مَا يُؤْمَرُونَ :6* سورة التحريم  

උන්වහන්සේ ඔවුනට දුන් අණ කඩ නොකරන්නෝ ය. (ඔවුන් හට) අණ කරනු ලබන දේ කරන්නෝ ය.  

අල් කුර්ආන් 66:6

මලායිකාවරුන්ට දේව ගති ගුණාංග නොමැති අතර මිනිස් ගුණාංග ද නොමැත. ඔවුහු දෙවිගේ පුතුන් ද නොවෙති.


මලායිකාවරුගේ රුව

මලායිකාවරුන්ව මවා ඇත්තේ ආලෝකයෙනි. ජින්වරුන්ව මවා ඇත්තේ අග්නියෙනි. ආදම් (අලෛ) තුමාණන්ව ‘ඔබට විග‍්‍රහ කරන ලද පසින් මවන ලදි’ යැයි නබි (සල්) තුමාණෝ වදාළහ.  

දැනුම් දෙන්නා : ආයිෂා (රලි)  

ග‍්‍රන්ථය : මුස්ලිම් (5314)

  الْحَمْدُ لِلَّهِ فَاطِرِ السَّمَاوَاتِ وَالْأَرْضِ جَاعِلِ الْمَلَائِكَةِ رُسُلًا أُولِي أَجْنِحَةٍ مَّثْنَى وَثُلَاثَ وَرُبَاعَ يَزِيدُ فِي الْخَلْقِ مَا يَشَاء إِنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ :1* سورة فاطر    

අහස් හා පොළොවේ නිර්මාතෘවරයාණන් වන අල්ලාහ්ටමය සියලු ප‍්‍රසංශා. (උන්වහන්සේ) මලායිකාවරුන්ව අත්තටු දෙක,තුන,හා හතරක් සහිත දූතයින් කළේ ය. උන්වහන්සේ කැමැති දෙය (සිය) මැවීමෙහි වැඩි කරන සේක. අල්ලාහ් සියලු දේ කෙරෙහි බලසම්පන්නයා ය.  

අල් කුර්ආන් 35:1

නබි (සල්) තුමාණෝ ජිබිරීල් (අලෛ)‍‍ තුමාණන්ව අත්තටු 600ක් සහිතව දුටූහ.  

දැන්ම් දෙන්නා : අබ්දුල්ලා බින් මස්ඌද් (රලි)  

ග‍්‍රන්ථය : බුහාරි  

ඇතැම් අවස්ථාවල මලායිකාවරු දෙවිගේ අණ පරිදි මිනිස් වෙසින් ද පැමිණෙති.


සංඛ්‍යාව

මලායිකාවරුන්ගේ සංඛ්‍යාව අල්ලාහටම හැර වෙන කිසිවෙකුටත් නිවැරදි ව ප‍්‍රකාශ කළ නොහැක.    

නබි(සල්) තුමාණෝ එතුමන්ගේ මිහ්රාජ් (පරළොව) ගමනේ දී සත් වන අහසට ගියහ. එහි සිදුවීමක් ගැන කියන විට   ”මා හට බෛතුල් ම:මූරය පෙන්වන ලදී. ඒ ගැන මම ජ්බ්රීල්ගෙන් විමසුවෙමි. එතුමාණෝ (ජිබ්රීල්) මෙය බයිතුල් ම:මූරයයි. දිනපතා මලායිකාවරු හැත්තේ දහසක් මෙහි සලාතය ඉටුකරති. ඔවුහු එයින් පිට වූ පසු ඔවුන්ගෙන් කිසිවෙක් එයට යළිත් ඇතුලු වන්නේ නැත.” යැයි පැවසූහ.  

ග‍්‍රන්ථය : බුහාරී (3207)


කුර්ආනයේ හා හදීස්වල නම් සඳහන් මලායිකාවරු

1) ජිබ්රීල් (අලෛ)  (අල් කුර්ආන් 2:28)  

2) මීකායීල් (අලෛ) : (අල් කුර්ආන් 2:98)  

3) ඉසිරාෆීල් (අලෛ) : (මුස්ලිම්   1289)  

4) මාලික් (අලෛ)   : (අල්කුර්ආන් 43:7)    


මලායිකාවරුන්වගේ කාර්‍යභාරයන් කිහිපයක්

වහී හෙවත් දේව පණිවුඩ රැගෙන පැමිණීම

يُنَزِّلُ الْمَلآئِكَةَ بِالْرُّوحِ مِنْ أَمْرِهِ عَلَى مَن يَشَاء مِنْ عِبَادِهِ أَنْ أَنذِرُواْ أَنَّهُ لاَ إِلَـهَ إِلاَّ أَنَاْ فَاتَّقُونِ :2* سورة النحل    

‘මා හැර වෙනත් දෙවි කෙනෙක් නැත, එබැවින් මටම බිය වන්න’ යි අවවාද කිරීමට උන්වහන්සේ, උන්වහන්සේගේ ගැත්තන්ගෙන් තමා කැමති අය හට මලායිකාවරුන්ව වහී සමග යවන සේක.  

අල් කුර්ආන් 16:2


පව් සහ කුසල් සටහන් කිරීම

وَإِنَّ عَلَيْكُمْ لَحَافِظِينَ :10* كِرَامًا كَاتِبِينَ :11* يَعْلَمُونَ مَا تَفْعَلُونَ :12* سورة الإنفطار    

ඔබලා කෙරෙහි කීර්තිමත් ලේඛකයින් වූ අධීක්‍ෂකයින් (පත් කර ලැබ) සිටින්නෝ ය. ඔබලා කරන දෑ (සියල්ල) ඔවුහු දනිති.  

අල් කුර්ආන් 82:10,11,12

إِذْ يَتَلَقَّى الْمُتَلَقِّيَانِ عَنِ الْيَمِينِ وَعَنِ الشِّمَالِ قَعِيدٌ :17* مَا يَلْفِظُ مِن قَوْلٍ إِلَّا لَدَيْهِ رَقِيبٌ عَتِيدٌ :18* سورة ق    

වම් පසහි හා දකුණු පසහි සටහන් කර ගන්නන් දෙදෙනෙක් සටහන් කරගන්නා විට, ඔවුහු කුමන වදන් ප‍්‍රකාශ කළත්, ඔහු කෙරෙහි අධීක්ෂණය කර සටහන් කරන්නෙකු නැත්තා නොවේ.  

අල් කුර්ආන් 50:17,18


ප‍්‍රාණය අත්පත් කිරීම

قُلْ يَتَوَفَّاكُم مَّلَكُ الْمَوْتِ الَّذِي وُكِّلَ بِكُمْ ثُمَّ إِلَى رَبِّكُمْ تُرْجَعُونَ :11* سورة السجدة    

“ඔබලා වෙනුවෙන් පත් කරන ලද මරණය සඳහා වූ සුර දූතයා (මලක්) ඔබලාව අත්පත් කරනු ඇත. පසුව ඔබලාගේ දෙවි වෙත ආපසු ඔබලාව ගෙන යනු ලැබේ” යැයි පවසනු!  

අල්කුර්ආන් 32:11


ආරක්‍ෂාව

لَهُ مُعَقِّبَاتٌ مِّن بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِ يَحْفَظُونَهُ مِنْ أَمْرِ اللّهِ ගගගගගගග :11* سورة الرعد    

අල්ලාහ්ගේ අණ පරිදි ඔහු(මිනිසා)ට ඉදිරියෙන් හා පිටුපසින් (ඔහුව) ආරක්‍ෂා කරමින් ගමන් කරන්නන් (වු මලායිකාවරු) ඔහුට සිටිති.  

අල්කුර්ආන් 13:11


අර්ෂය උසුලන්නන්

 وَالْمَلَكُ عَلَى أَرْجَائِهَا وَيَحْمِلُ عَرْشَ رَبِّكَ فَوْقَهُمْ يَوْمَئِذٍ ثَمَانِيَةٌ :17* سورة الحاقة    

එදින (මුහම්මද්) ඔබගේ දෙවිගේ අර්ෂය (මලායිකාවරු) අටදෙනෙක් ඔවුන්ට ඉහළින් ඔසවාගෙන සිටින්නෝ ය.  

අල්කුර්ආන් 69:17


නිරයේ මුරකරුවෝ

 عَلَيْهَا تِسْعَةَ عَشَرَ :30* وَمَا جَعَلْنَا أَصْحَابَ النَّارِ إِلَّا مَلَائِكَةً وَمَا جَعَلْنَا عِدَّتَهُمْ إِلَّا فِتْنَةً لِّلَّذِينَ كَفَرُوا :31* سورة المدثر  

එය (නිරය) කෙරෙහි (මලායිකාවරු) දහනව දෙනෙක් (පත්කර ලැබ) සිටිති. නිරයේ මුරකරුවන් ලෙස අපි මලායිකාවරුන්ව මිස පත් නොකළෙමු. ඔවුන්ගේ සංඛ්‍යාව (අපව) ප‍්‍රතික්ෂේප කරන්නන් හට පරීක්‍ෂණයක් බවට මිස පත් නොකළෙමු.  

අල් කුර්ආන් 74:30,31


ගර්භාෂයේ දී දෛවය සටහන් කිරීම

මවගේ ගර්භාෂයේ දරු ගැබට සතර මසක් සපිරුණු කල්හි අල්ලාහ් මලක්වරයෙකු ව යවන සේක. ඔහුගේ ජීවිතය පිළිබඳ තොරතුරු, ජීවිත කාලය, ක‍්‍රියාවන්, ඔහු (අවසන් මොහොතෙහි) භාග්‍ය වන්තයෙක් ද නැත්නම් අභාග්‍ය වන්තයෙක් ද යන වග (අල්ලාහ්ගේ අණ පරිඳි) සටහන් කරන්නේ ය.  

ග‍්‍රන්ථය : බුහාරී  (7454)

කබ්ර්(මිනී වළෙ)හි ප‍්‍රශ්න කිරීම   කබ්ර්හි මරණය තැන්පත් කළ පසු මලායිකාවරු දෙදෙනෙක් ඔහු(මරණය) වෙත පැමිණ අල්ලාහ් ගැනද, ඉස්ලම් ගැන ද, නබි කවුද? කියා ද ප‍්‍රශ්න අසන්නෝ ය.  

ග‍්‍රන්ථය : තිර්මිදී (991)

මලාඉකාවරුන් හෙවත් දේවදූතයන් විශ්වාස කිරීම

දේව දූතයන් හෙවත් දෙවියන්ගේ පණිවුඩ මනුෂ්‍යා වෙත ගෙන එන දූතයන් පිලිබදව ලොව සෑම දහමකම පාහේ සදහන් වන ආකාරය ඒ ඒ ආගමික ඉගෙන්වීමන් අධ්‍යනය කරන විට දැකගන්නට ලැබේ. ඉස්ලාම් දහම තුල ද දේව දූතයන් පිලිබදව බොහෝ කරුණූ සාකච්චා වන අතර එම දේවදූතයන් පිලිබදව මුස්ලීම්වරුන් විශ්වාස කිරීම ද ඉස්ලාම් දහමේ මූලික අංගයක් වේ. ඔවුන් ‘මලාඉකාවරුන්’ යනුවෙන් ඉස්ලාම් හදුන්වන අතර ඔවුන් පිලිබදව වූ ඉස්ලාමීය විශ්වාසය කුමණ ආකාරයේ එකක් වියයුතුද? යන්න දැන් සරලව විමසා බලමු.

ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව මිනිස් මැවීමන්ට වඩා සම්පූර්ණයෙන් වෙනස් වූ ආකාරයේ මැවීමක් තමා මේ දේවදූතයන්. මුල්ම මිනිසා පස්වලින් මැවුවාසේම දේවදූතයන් ආලෝකයෙන් මැවූ බව ඉස්ලාම් පවසයි. මේ දේවදූතයන් සදහා අල්ලාහ් (දෙවියන්) විසින් පවරන ලද සුවිශේෂි රාජකාරී ඇති බව පවසන ඉස්ලාම් ඒවා අතුරින් බොහෝමයක් පිලිබදව ඉස්ලාම් ආගමික මුලාශ්‍ර මඟින් මිනිස් සමාජයට දැනුම් දෙයි. මෙම දේවදූතයන් දෙවියන්ගේ ශ්‍රෙෂ්ඨ ගැත්තන් වන අතර ඔවුහු දෙවියන්ට පමණක් නැමදුම් කර ඔහුටම අවනතව ජීවත් වෙති. මේ පිලිබදව ශුද්ධ වූ කුර්ආනයේ අල්ලාහ් (දෙවියන්) මෙසේ පවසයි.

අහස හා පොළොවෙහි සිටින සියළුදෙනා අල්ලාහ් (දෙවියන්)ට හිමිය. දෙවියන් සමග සිටින්නන් (වන මලායිකාවරු) ඔහුට නැමදීමට ආඩම්බර නොවෙති. තවද ඔවුන් වෙහෙසට පත්නොවෙති. රාත‍්‍රියේද දවාලයේද (දෙවියන්) වන්දනා කරති. ඔවුහු විඩාවට පත් නොවෙති.

ශුද්ධ වූ කුර්ආන් 21-19

දෙවියන් ඔවුනට දුන් අණ කඩ නොකරන්නෝය. (ඔවුන් හට) අණ කරනු ලබන දේ කරන්නෝය.

ශුද්ධ වූ කුර්ආන් 66-6

මේ ආකාරයට දෙවියන් කෙරෙහි දේවදූතයන්ගේ අවනතභාවය  පිලිබදව විස්තර කියන ඉස්ලාම් ඔවුන්ගේ ස්වරූපය පිලිබදව විස්තර කරයි. ඒ පිලිබදව ශුද්ධ වූ කුර්ආනයේ 35-1 වාක්‍යය මඟින් ‘…මලායිකාවරුන් හට අත්තටු දෙක, තුන, හා හතරක් සහිතය. උන්වහන්සේ කැමැති දෙය හි මැවීමන් වැඩි කරන්නේය…‘ යනුවෙන් පවසන අතර ඔවුන්ගේ සංඛ්‍යාව ඉතා වැඩි අගයක් බව ආගමික මූලාශ්‍රයන් අධ්‍යනය කිරීමේ දී අවබෝධ වේ. මේ දේවදූතයන් සදහා දෙවියන් විසින් විවිධ රාජකාරී පවරා ඇති අතර ඒ අතුරින් ප්‍රධාන කටයුත්තක් වන්නේ දෙවියන්ගේ පණිවුඩය වක්තෘවරයෙකු (නබිවරයෙකු) මඟින් මිනිස් සමාජයට අනාවර්ණය කිරීමයි. මෙම වගකීම පැවරී තිබෙන්නේ ජිබ්රීල් (අලෛ) නම් මලාඉකාවරුන්ගේ නායකයා හටය. මේ ජිබ්රීල් (අලෛ) පිලිබදව බොහෝ ආගමික මූලාශ්‍රයන් හි සදහන් වන අතර බයිබලයේ ‘ගේබ්‍ර්රියල්‘ යනුවෙන් පැවසෙන්නේ ද මෙතුමාණන් පිලිබදවයි. මෙම දේවදූතයන්ගේ මෙහෙවර පිලිබදව ශුද්ධ වූ කුර්ආනයේ 16-2 වාක්‍යය මඟින් මෙසේ අවධාරණය කරයි.

‘මා හැර වෙනත් දෙවියෙක් නැත, එබැවින් මට ම බිය වන්න.‘ යයි අවවාද කිරීම පිණිස දෙවියන් තම ගැත්තන්ගෙන් කැමති අය (වක්තෘවරුන්) හට දේවදූතයන් (මලාඉකාවරුන්) මඟින් වහී (දේව පණිවුඩ) යවන්නේය.

මේ අනුව මිනිස් සමාජය හා දෙවියන් අතර පාලමක් බඳු වූ දේවදූතයන් පිලිබදව ඉහත සදහන් කරුණූ පමණක් නොව එම විෂයට අදාල සියළු ඉගෙන්වීමන් නිසි ලෙස අධ්‍යනය කොට එය විශ්වාසයෙන් යුතුව පිලිගෙන කටයුතු කිරීම ඉස්ලාම් පවසන දෙවන ප්‍රතිපත්ති යයි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/30

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම