මහා ජල ගැල්ම සහ නුහ් නබිගේ නැව

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මීට වසර 4200 කට පමණ පෙර ජිවත් වක්තෘවරයෙක් වන නුහ් (බයිබලයේ සදහන් ආකාරයට නෝවා) තුමා පිලිබදවත් එතුමා එම ජන සමාජයට කල අවවාද අනුශාසනා පිළිබදවත් අල්කුර්ආනය දීර්ඝ විස්තරයක් පවසයි. මෙම නුහ් තුමා ජීවත් වු සමාජය, පාපක්‍රියාවලින් අරාජික වී ගිය දේව නියෝගයන් ප්‍රතික්‍ෂෙප කල සමාජයක් වු නිසා එම සමාජය විනාශ කල බව අල්කුර්ආනය පවසයි. මේ පිලිබදව ක්‍රිස්තු බයිබලයේ ද සදහන් වේ. එනම්, මෙම නුහ් හෙවත් නෝවා ක්‍රිස්තු පුර්ව 21-22 සියවස්වල ජීවත් වී ඇති බවත්, එතුමාගේ කාලයේ ඇති වු විශාල ගංවතුර Universal Flood මුළු ලොවම විනාශ වු බවත් එහි සදහන් වේ. නමුත් මෙය නිවැරදි ප්‍රකාශණයක් නොවේ මීට වසර 4200 කට පෙර මෙවැනි ගංවතුරකින් මුළු පෘථිවියම විනාශ වු බවට කිසිදු සාක්‍ෂියක් දක්නට නොලැබේ. මෙහි වැදගත් කාරණය වන්නේ මෙම සිදුවීම පිලිබදව අල්කුර්ආනය පැවසීමේ දී මීට වසර 4200 කට පෙර එම සමාජය විශාල ගංවතුරක් මගින් විනාශකල බව පැවසීමයි. එය ශුද්ධ වූ කුර්ආනයේ 29-15 වාක්‍යය මඟින් මෙසේ පවසයි.

“අපි (නුහ්) ඔහු ද, නැවෙහි නැගගත් (ඔහුගේ) අනුගාමිකයන්ද, ආරක්‍ෂා කලෙමු. අප එය ලෝවැසියන්ට දෘෂ්ටාන්තයන් කලෙමු”

ඉහත අල්කුර්ආන් වාක්‍යයෙන් ලොව ජනයාට මෙම සිදුවීම දෘෂ්ටාන්තයක් කර ඇති බව පවසයි. එසේ නම් මෙහි ප්‍රධාන ගැටළු දෙකක් මතුවේ. එනම්,

  • මෙය කුමන හේතුවක් නිසාද දෘෂ්ටාන්තයක කරන්නේ ?
  • මෙහි තිබෙන දෘෂ්ටාන්තය කුමක්ද ?

විවිධ අනාචාරයන්ගෙන් හා මිත්‍යා විශ්වාසයන්ගෙන් පිරී පැවතුනු එදා සමාජය යහමඟ ගැන්වීම සදහාත් ඒක දේව සංකල්පය ස්ථාපනය කිරීම සදහාත් නුහ් තුමා දිවා රෑ වෙහෙසුනු බව අල්කුර්ආනය පවසයි. නමුත් නුහ් තුමාගේ බිරිද, දරුවා ද ඇතුළුව එම සමාජයේ බහුතරය නුහ් තුමා ප්‍රතික්‍ෂේප කලේය. මේ හේතු කොටගෙන දේව දඩුවම් එම සමාජයට පහල වන්නට විය. ඒ සදහා විශාල ගංවතුරක් යැවු බව අල්කුර්ආනය පවසයි. මේ පුරාවෘත්තිය අපට පැවසීමේන් දෙවියන් අවදාරණය කරන්නේ දේව වාදය ප්‍රතික්‍ෂේප කරන්නන් සදහා දැඩි දඩුවම් පහල කරන බවයි. මෙසේ පවසන දෙවියන් ඒ හා බද්ධ කොට තවත් කාරණයක් ද පවසයි. එනම් පසු කාලීන ජනයා සදහා මෙම සිදුවීම තුල දෘෂ්ටාන්තයක් තබා ඇති බවයි. එය පිලිබදව අවදානය යොමු කලේ නම්, අල්කුර්ආනයේ 11-44 හි මෙසේ සදහන් වේ.

“අහෝ පෘථිවිය නුඹ නුඹේ ජලය ගිලගන්න! අහෝ අහස නුඹ නුඹේ වැස්ස නවතාගන්න! යයි (දේව නියෝගය ලැබුණී) ඉන්පසු ගංවතුර තත්වය අඩුවී ජලය බැස ගියේය. (නුහ් තුමා විසින් නිර්මාණය කල නැව එතුමාගේ අනුගාමිකයන් සමඟ) ජුදි (නම්)කන්ද මත රුදුණි.”

ඉහත අල්කුර්ආන් වාක්‍යයට අනුව මෙම සිදුවීම ජුදී නම් කන්දක් ආසන්නයේ සිදුවු බව තහවුරු වේ. මේ පිලිබදව පුළුල් ගවේශනයක් සිදුකල පරියේශණ කන්ඩායමකට මෙම නැව සොයාගැනීමට හැකි විය. එය වර්ථමාන තුර්කි රටේ මායිමෙහි පිහිටි කන්දක් විය. මෙම නැවෙහි කොටස් තැන්පත්ව පැවතුනේ මුහුදු මට්ටමේ සිට අඩි 16000 කටත් ඉහලිනි. මේ අනුව මෙම ගංවතුරෙහි උස ප්‍රමාණය දළ වශයෙන් අවබෝධ කරගැනීමට හැකි වනු ඇත.

මෙම කාරණය තුලින් දෙවියන් අපට පවසන්නේ කුමක්ද? “නුඹලාට පෙර ජන සමුහයක් මා විනාශ කලා ඒ විශාල ගංවතුරකින් එය පිලිබදව නුඹලා සැක පහල කරනනේද?” මෙන්න නුඹලාගේ ඒ සැකය පහකර ගැනීමට එහි නටඹුන් මේ දෘෂ්ටාන්තය.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/11

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම